20 April, 2024

Blog

ශ‍්‍රී ලංකාව: විනිසුරන් පත්කිරීමත් අස්කිරීමත් ජනාධිපතිගේ අසහාය අයිතියකි/වරප‍්‍රසාදයකි

ආසියානු මානව හිමිකම් කොමිසම

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ සර්ටියෝරාරි රිට් ආඥා ගෙන ඒම පිළිගන්නා අභියාචනාධිකරණ තීන්දුව අහෝසි කරමින් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව වැරදි සහගත ය. විනිසුරුවරුන්් පස් දෙනොගේ සරල තර්කය වූයේ, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව මහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව මෙන්, පාර්ලිමේන්තුව කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් යම්කිසි අධිකරණ බලයක් භාවිතා කිරීමේ හැකියාව බැහැර කරමින් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය භුක්ති විඳින බව ය. අධිකරණය ඉදිරියේ තිබූ ප‍්‍රශ්නය වූයේ, සිය අස්කිරීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ නිසි කි‍්‍රයාදාමය කි‍්‍රයාත්මක නොකළ නිසා සිය අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව කියාසිටි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායකගේ අස්කිරීමේ නීත්‍යානුකූල භාවය යි. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගම්‍යාර්ථය වූයේ අගවිනිසුරුවරිය පහ කිරීම සම්බන්ධයෙන් සලකා බලන විට නීතියෙන් නියම කළ නිසි කි‍්‍රයාදාමය අනුකූල ගැටලූවක් නොවන බවයි. පාර්ලිමේන්තුව අදහස් කරයි නම්, නිසි කි‍්‍රයාදාමය ඉටු නොකර එයට අගවිනිසුරුද ඇතුළත් ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අස් කළ හැකිය. මෙම තීන්දුවෙන් අදහස් කරන්නේ, නොඑසේ නම් එය පාර්ලිමේන්තු පරමාධිපත්‍යය පිළිබඳ සිද්ධාන්තය උල්ලංඝනය කිරීමක් බව ය.

Mahinda, Mohan and Basilමේ තත්වය පහත දැක්වෙන උපමාවෙන් පැහැදිලි කළ හැක: මිනිසෙක් වෛද්‍යවරයෙක් වෙත ගොස්, හදිසි අනතුරකින් සිය පාදයක් අහිමි වූ බවත් ප‍්‍රතිකාර ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් කියයි. එවිට අරුම පුදුම ගති ඇති වෛද්‍යවරයා ඒ මිනිසා ව තර්කයෙන් සැනසීමට උත්සාහ කරයි. ඒකට කමක් නැතැයි ඔහු කියයි., රෝගියාට පාදයක් නැති වී නැත, එය තමන්ට ඔප්පු කිරීමට පුළුවන. එවිට මිනිසා සහමුලින්ම පුදුම වී එය ඔප්පු කරන ලෙස කියයි. එවිට වෛද්‍යවරයා කියනුයේ, ”නුඹ මිනිහෙක්, හැම මිනිහෙකුටම කකුල් දෙකක් තියෙනවා, ඒ නිසා නුඹටත් කකුල් දෙකක් තියෙන්න ඕනෙ” යනුවෙනි. මෙය නිවැරදි තර්කයකි. එනිසා මේ ගැන තවත් කියන්නට දෙයක් නැතැයි ද වෙදා ලෙඩාට කියයි.

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය මගින් ප‍්‍රතිඥා දෙන මූලික පූර්වානුමිතිය වන්නේ මහා බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව එහි පරමාධිපත්‍යය වැරදි ආකාරයෙන් භාවිතා නොකරන බව සහ පරමාධිපත්‍ය සංකල්පය, සෙසු එවැනි සෑම සංකල්පයක් ම පදනම් ව ඇති ප‍්‍රමිතීන්, සම්මතයන් හා මූලධර්මයන්ගේ සංවර්ධනය අපහරණය නොකරන බවය.

දැන් අප නිශ්චය කර ගත යුතුව තිබෙන්නේ රටේ පාර්ලිමේන්තුව එහි පරමාධිපත්‍යය අපහරණය නොකරනු ඇතැයි පූර්වානුමිතියක් ශී‍්‍ර ලංකාවේ ද තිබෙන බව ය. පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවක ස්වභාවයෙන් දැන් ශ‍්‍රී ලංකාවේ නීතියක් බවට පත් ව තිබෙන්නේ එම උපකල්පනයයි. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය පරමාධිපත්‍යය වැරදි ලෙස භාවිතා නොකරන්නේ යැයි අප උපකල්පනය කළ යුතුය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සුවිශේෂී ඓතිහාසික වාතාවරණයෙන් හෙළිවන්නේ 1978 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවා ගත් බව සහ එම ආණ්ඩුක‍්‍රමය තුළ පරම විධායක බලය තිබෙන්නේ ජනාධිපතිට වන බවත් පාර්ලිමේන්තුව විසින්ම සිය අධිකාරී බලය විධායක ජනාධිපතිවරයා වෙත අප‍්‍රධාන කර තිබෙන බව ය. පාර්ලිමේන්තුව පරමාධිකාරී බවත් එය එහි පරමාධිකාරී බව අපහරණය නොකරනු ඇති බවටත් වන පූර්වානුමිතියේ ගැටලූව විමසා බැලීම මෙවිට අදාළ නොවේ. එය එසේ වුවත් 1978 ආණ්ඩුක‍්‍රමය ඉතිහාසය පිළිබඳ කාරණාවක් වන අතර අප එහි සැබෑ ඉතිහාසය වෙතට නුඋවමනා අවධානයක් යොමු නොකර ආණ්ඩුක‍්‍රමය කි‍්‍රයාවට නැංවෙන්නේ යම් පූර්වානුමිතියක් මතද ඒ ගැන සොයාබැලිය යුතුය. ශ‍්‍රී ලංකාවේ 1978 දී සහ ඉන් අනතුරුව සිදුවූ දෑ කොහෙත්ම අදාළ නැත. පාර්ලිමේන්තුව පරමාධිකාරී බවට වන ශුද්ධ වූ පූර්වානුමිතිය අනුලංඝනීය හෙවත් නොකෙළසිය යුතු එකක් වන අතර රට ට අනන්‍ය වූ ඉතිහාසය කුමක් වුවත් අප මේ අනුලංඝනීය මූලධර්මය එකලාම විශ්වාස කළ යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පදනම් වී තිබෙන දුරස්ථ පූර්වානුමිතිය වන්නේ ශ‍්‍රී ලංකාව පොදු නීති රටක් වන බව ය. පොදු නීතියේ සියලූ මූලධර්මයන්ට එරෙහිව යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් 1978 වසරේදී පනවාගැනීම මගින් ශ‍්‍රී ලංකාව පොදු නීති රටක් බවට ඌනනය වූයේද? තවද එනිසා මෙය අදාළ නැති කරුණක් ලෙස සැලකිය යුතුද? පූර්ව නිගමනය වන්නේ ශ‍්‍රී ලංකාව පොදු නීති රටක් වී පැවති බව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් එය කෙසේ පාලනය වුවත් එය පොදු නීති රටක් ලෙස ඉදිරියටත් පවතිනු ඇති බව ය. පොදු නීතිය බිඳීම සහ, ඇත්ත වශයෙන්ම ඒකාධිපති ආණ්ඩුක‍්‍රමයක් පනවා ගැනීම මගින් පොදු නීතිය සහමුලින්ම නොසලකා හැරීම, ඉතිහාසයට එක්වූ හුදු ගැටලූවක් පමණි. ආණ්ඩු කළ යුත්තේ කුමන රටක්ද යන්න පිළිබඳ බි‍්‍රතාන්‍ය ක‍්‍රමයේ පූර්වානුමිතිය මත පදනම් ව තිබෙන්නේ සහ බි‍්‍රතාන්‍ය ක‍්‍රමය ද පදනම් ව තිබෙන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය මත ය. මේ අනුව සෑම කල්හිම ශ‍්‍රී ලංකාව මෙම මූලධර්මයෙන් බැඳී සිටිනු ඇත. යම්කිසි ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් පොදු නීතියට එරෙහි නීති පනවා ගැනීම මගින් පමණක් නොව පොදු නීතියට එරෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනවා ගැනීම මගින් පවා තීරණය කරන්නේ මොනවාද ශ‍්‍රී ලංකාව එම මූලධර්මයෙන් බැඳී සිටිනු ඇත.

විනිසුරුවරුන් සේවයෙන් පහ කරන ක‍්‍රමවේදය කුමක්ද, එම ක‍්‍රමවේදයේ නීත්‍යානුකූල භාවය සලකා බැලීමේදී එවැනි ක‍්‍රමවේදයක් අදාළ නැති බව, අද පටන් නීතිය බවට පත්වන මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මූලධර්මයක් ලෙස සංස්ථාපනය කර තිබේ. මේ අතර විනිසුරුවරයෙකු පහ කළ යුතු ක‍්‍රමය යැයි පාර්ලිමේන්තුව තීරණය කරන ඕනෑම දෙයක්, පාර්ලිමේන්තු පරමාධිපත්‍යය පිළිබඳ මේ ශුද්ධ වූ මූලධර්මය නිසා වලංගු වේ. 11 වැනි සහ 12 වැනි වගඋත්තරකරුවන් විසින් ඉන්දියාවේ නඩු තීන්දු ගණනාවක් උපුටා දැක්වූයේ, නම් යම් යම් තීරණ ගැනීමේදී ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යූහය උල්ලංඝනය කර ඇති බවට වන මතයේ ඉන්දීය අධිකරණ සිටි අවස්ථාවල ඇත්ත වශයෙන්ම ඉන්දීය අධිකරණය පාර්ලිමේන්තු තීරණවලට බාධා කළ බවයි. එහිදී ඉන්දීය නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් උපුටා දැක්වූ නමුත් ශ‍්‍රී ලංකා අධිකරණය මේවා ගණන් නොගෙන සිටීමට සිතූ අතර සිය නඩු තීන්දුවේ ද ඒ ගැන අදහස් දැක්වූයේ නැත. තමන් මෙහිදී ලබාදුන් තීන්දුව, ඉන්දීය නඩු තීන්දුවලින් විභේදනය කර දැක්වීමට ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කළේ නැත. අරුණාන්ද බාර්තී එ. කේරළ ප‍්‍රාන්ත රජය සහ තවත් අයෙක් (1973* නඩු තීන්දුව සම්බන්ධයෙන් 11 සහ 12 වැනි වගඋත්තරකරුවන් සිදුකළ කරුණු කියාපෑම වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යූහය සුරැුකීම අධිකරණයේ කාර්යය වේ යන්න අවධානයට ගෙන ඇත. කෙසේ නමුත් මෙයට ව්‍යංගයෙන් ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේදී මේ ස්ථාවරය සමග එක`ග නොවෙයි. පාර්ලිමේන්තු පරමාධිපත්‍යයේ පදනම මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යූහය අනනුකූල කරයි.

දැන් පටන් නීති ශිෂ්‍යයන්ට උගන්වන්නට වෙන්නේ මොනවාද?

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හට ඉගැන්වීමේ යෙදෙන ඕනෑම පුද්ගලයෙකු හට පැන නගින ගැටලූව වන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සුරැුකීමේ පූර්ව අවශ්‍යතාවක් වශයෙන් විනිසුරන් පත්කිරීමේදීත් අස්කිරීමේදීත් සුවිශේෂී සුරක්ෂණයන් අනුගමනය කරන බව තවදුරටත් ඉගැන්විය නොහැකි වීමයි. අධිකරණයේ ඕනෑම සාමාජිකයෙක්, තෝරාගන්නා ඕනෑම ක‍්‍රමයකට අස් කර දැමීමට පාර්ලිමේන්තුවට පරම බලය තිබෙන විට එබඳු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සුරක්ෂණයන් තිබිය නොහැක.

ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන්ට උගන්වන්නට සිදුවන අලූත්ම සිද්ධාන්තය වන්නේ පාර්ලිමේන්තුවට තමන් කැමති ඕනෑම ක‍්‍රමයකින්, තමන් තෝරාගන්නා ඕනෑම ආකාරයකට ඕනෑම විනිසුරුවරයෙක් අස්කිරීමට පරම බලය තිබෙන නිසා විනිසුරුවරුන් පත්කිරීමේදී සහ අස්කිරීමේදී සුවිශේෂී සුරක්ෂණයන් අනුගමනය කළ යුතු බවට වන පරණ සිද්ධාන්තය තවදුරටත් වලංගු නැති බවයි. විනිසුරුවරුන් සේවයෙන් පහ කිරීමේදී පාර්ලිමේන්තුවපනවා ගන්නා කිසිදු ක‍්‍රමයකට අභියෝග කිරීමට විනිසුරුවරුන්ට බලයක් නැත්තේ, පාර්ලිමේන් පරමාධිපත්‍යය අනුලංඝනීය සහ උත්තරීතර බවට සංකේතයක් ලෙසිනි.

සාමාන්‍යයෙන් අධිකරණ, ව්‍යාජ චෝදනා හෝ දෝෂාරෝපණ ගැන පරීක්ෂා කර දේශපාලන කියාපෑම්වලට පිටුපස තිබෙන කාරණත්ව සහ ඓතිහාසික යථාර්ථය හෙළිදරව් කරතැයි අපේක්ෂා කෙරේ. නමුත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් කියා සිටින්නේ කුමක්ද, එය ඇත්ත ලෙස දැන් පිළිගනු ලැබේ.

*ආසියානු මානව හිමිකම් කොමිසම : ආසියානු කලාපයේ මානව හිමිකම් අධීක්ෂණයේ යෙදී සිටින කලාපීය රාජ්‍ය නොවන සංවිධානයක් වන ආසියානු මානව හිමිකම් කොමිසම, හිමිකම් කඩවීම් ලේඛනගත කිරීම සහ එකී අයිතිවාසිකම් සුරක්ෂණය හා ප‍්‍රවර්ධන කිරීම සඳහා යුක්තිය හා ආයතනයික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශනය සිදුකරයි. හොංකොං හි සිට කි‍්‍රයාත්මක වන මෙම සංවිධානය 1984 වසරේ පිහිටුවා ගැනිණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.