20 April, 2024

Blog

රතුපස්වලින් බිමට බැසීමට නම් එකාවන්ව සටන් වදිමු

අජිත් දසනයක

සිද්ධිය සිදු වී හමාරය. හැම සිදුවීමක් මෙන්ම මෙම සිද්ධියද කාලයේ වැලිතලාවෙන් වැසීයාමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් මෙම සිද්ධිය හා එම සිද්ධියේ පසුබිම තේරුම් ගැනීම අප කාගේත් යුතුකම හා වගකීමද වේ. එක් ආකාරයකින් ගලා එන තොරතුරු මගින් ජනයා වරෙක කලබමින්ද, තවත් වරෙක විෂ්මයට පත් කරමින්ද, තවත් වරෙක කුතුහලයට පත් කරමින්ද ඔබ මොබ අතර මන් කරවමින් සිටී.

එක් සිද්ධියක් පසුබිම් කර ගනිමින් එහි පසුබිම් කර ගනිමින් එහි පසුබිම පවතින අතුරු කතා රාශියක් කරලියට පැමිණෙමින් තිබෙන මොහොතක ඉඩ ඇති සෑම ප්‍රවේශයකින්ම ඇතුළු වෙමින් රතුපස්වලින් බිමට බැසීමට සිදු වී ඇත. එසේ නොවන කල සිදු වනුයේ සියල්ලන් අතරමං වන ආකාරයටම අපද අපද මාධ්‍ය ප්‍රචාරයන් තුල ගිලී යාමයි. එතුවකින් නොනවතී රතුපස්වල ලේ මාධ්‍ය පස් අතුරා නොපෙනෙන ලෙස වසා දමනු ඇත.

මේ වන විට නිර්මාණය කරමින් පවතින අතුරු කතා තුල පවතින යථාර්තය නම් රතුපස්වල සිද්ධියේ යථාර්තය සගවා තැබීමයි.මට දැනෙන ආකාරයට නම් රතුපස්වල සිද්ධිය යනු හුදෙක් අහඹු සිද්ධියක් නොවන අතර ඒ බව සනාථ කර ගැනීම සදහා පාදක කොට ගත හැකි මූලාශ්‍ර රාශියකි. එම මූලශ්‍රයන් හොදින් පරික්ෂා කොට බලන කල අදාල බලධාරීන් මේ වන තෙක් ක්‍රියා කොට ඇත්තේ හිතාමතා නොසලකා හැරීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් බව වටහා ගත හැක.  එය සනාථ කිරීම සදහා මේ වන විට උවමනාවටත් වඩා තොරතුරු පවතී . බලදාරින් පවසන ආකාරයට  ජනතාව ක්‍රියා කොට ඇත්තේ කිසි පිළිවෙලකින් තොරවය. ජනතාව මේ තෝරාගෙන ඇත්තේ උත්සාහයන් ගෙන ඵල රහිත කල හෝ අසාර්ථක වූ කල වෙනත් ක්‍රියා මාර්ගයක්  නොමැති, නොපෙනෙන කල අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයක් බව   රජයේ හා පුද්ගලික(රජයේ ) මාධ්‍ය  බැලයන් මගින් ක්‍රමිකව සමාජ ගත කරවමින් සිටී.

අප බලධාරීන් ගෙන් ඇසිය යුතු  ප්‍රධාන ප්‍රස්නය වන්නේ රතුපස්වල ජනතාව ගෙන ඇත්තේ නොගත යුතු ක්‍රියා මාර්ගයක්ද යන්නයි? මෙයට පෙර මෙම ජනතාව ඔවුනට ගත හැකි සාමකාමී ක්‍රියා මාර්ග තුලින් මෙම සිද්ධිය ගැටුමකින් තොරව සාමකාමීව විසදා ගැනීම උදෙසා කිසිදු ප්‍රවේශයක් ගෙන නොතිබුණේද යන්නයි?

මෙම දීන මාධ්‍ය මගින් තැනින් තැන එකිනෙකට පරස්පරව වාර්ථාවන් හී සදහන් කරුණු වල සාරාංශයක් හා තොරතුරු වල පෙළ ගැස් වීමක් සිදු කර ගැනීමට උත්සාහ කරන්නේ නම්

* පළමුව ගත යුතු ක්‍රියා මාර්ග අනුගමනය නොකොට එක් වරම මහා මාර්ගය අවහිර කොට කලහා කාරී ලෙසත් ප්‍රකෝපකාරී ලෙසත් හැසිරුනු බවත්.

* උසාවිය පවා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබූ බවත් .

*දින 6 ක් පුරා මෙම විරෝධතා කරුවන් උද්ඝෝෂණයේ නියලී සිටි බවත්.

* මර්වින් සිල්වා ඇමති වරයා ඊට පෙර දිනෙක උද්ඝෝෂණ කරුවන් හා සාකච්ජා කිරීමට උත්සාහ කල බවත්.

* මෙම සිද්දිය වෙන අවස්ථාව වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා හා රතුපස්වල ප්‍රදේශයේ නියෝජිතයින් කීපදෙනෙකු සමග සාකච්ජා පවත් වමින් සිටියදී එම ප්‍රදේශයේ ජනතාව මෙලෙස කලහ කාරීව හැසිරී ඇති බවත්.

* මුලින් පොලීසිය ඉතා සාමකාමීව මෙම පිරිස මෙම පිරිස පාලනය කිරීමට උත්සාහ ගෙන පසුව ත්ත්වය පාලනය කර ගැනීමට නොහකි වූ විට පොලීසිය  විසින් හමුදාව කද වූ බවත්.

* හමුදා අණදෙන අයෙකු විසින් ජනතාව දැණුවත් කර විසිර යාමට ඉල්ලීම් කලද ජනතාව ජනතාව එම අවස්ථාවේදී ඔවුනට අවනත නොවීම හේතු කොට ගෙන මෙම සිද්දිය හට ගත් බවත්.

ආදී වශයෙන් එකිනෙක පරස්පර වූ ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක් සමාජ ගත කර වීමට අඛණ්ඩ මෙන්ම නොනිමි මෙහෙයක නියලී සිටී. කෙසේ වෙතහ්ට් මෙම ප්‍රයත්නය අතර තුර එම සමාජ ගත කරවන තොරතුරු තුලින්මත් යමෙකුට , යම් කණ්ඩායමකට අවැසි නම් තෝරා බේරා  ග්ගෙන මෙම සිද්දිය නිවරදිව අවබෝද කර ගැනීමට තරම් වූ කරුණුද පවතින බව අවධාරණය කල යුතුය. එහිදී මා දකින වැදගත්ම තොරතුරු කීපයක් වනුයේ .

* උසාවි කටයුත්තක් සිදු වී තිබූ බව

* මෙම අවාසනාවන්ත සිද්ධියට පෙර දිනකදී රජයේ ඇමති වරයෙකු මෙම ස්ථානයට පැමිණ තිබීම

* සිද්ධිය වන අවස්ථාවේද ආරක්ෂක අමාත්‍යංශයේ කේකම් වරයා සහ එම ප්‍රදේශයේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ජා පැවතෙමින් තිබීම

* පොලීසියේ ඉහල නිළධාරීන් පිරිසක් හා යුධ හමුදාවේ ඉහල නිළධාරීන් මෙම ජනතා සමග සාකච්ජා කර තිබීම

* උද්ඝෝෂණ ව්\උආපාරය මෙම ප්‍රදේශය ආශ්‍රිතව දින 6ක් පුරා පවත්වා තිබීම

බොහෝ කරුණු අතරින් මෙම කරුණු කීපය සලක බලුවද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය එක් වර අහඹු ලෙස සිදු වූවක් නොවූ බව පැහැදිලිය.උසාවිය වෙත යනවා යනුම සැලකිය යුතු ක්‍රියා වලියකි එහෙත් සමහරුන් තර්ක කරන්නේ මෙම මිනිසුන් මූලිකව අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග කිසිවක් අනුගමනය නොකර එක වර උද්ඝෝෂණය කල බවයි. එසේම දින 6ක් පුරාවට ප්‍රදේශය ආශ්‍රිතව විරෝධතාවයන් හී නිරත වූවා නම් ඒ අතර වාරයේ එක් දිනක් මර්වින් සිල්වා ඇමතිවරයාද එම ප්‍රදේශයේ ජනයා හා සාකච්ජවක් කිරීම සදහා උත්සාහ කලා නම් ඔවුන් කොතරම් නම් තම ප්‍රස්නය වෙනුවෙන් හඩ නගා ඇති බව තහවුරු නොවන්නේද ?

එමෙන්ම සැකයට බදුන් වන ප්‍රධනතම කාරණාව වන්නේ මෙම සිද්ධිය වන අවස්ථාව වන විටදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හා එම ප්‍රදේශයේ පනතාව නියෝජනය කරමින් පැමිණි කීපදෙනෙකු හා සාකච්ජාවක් පැවතීමයි මෙයින් හගවෙන අර්ථය කුමක්ද ?ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ යම් ප්‍රදේශයක පානීය ජල ප්‍රස්නය හා පවතින සබදතාවය කුමක්ද? මෙම නියෝජිතයින් ආරක්ෂක අමාත්‍යංශයට ගෙන්වා ගත්තේ ඇයි? එම පිරිසගේ ප්‍රස්නය විසදීම සදහා අදාල වෙනත් ආයතනයක් නොපැවතියේද ?

යමක් කමක් සිතිය හකි අයෙකුට මෙම සිද්ධිය ඉතාමත් සැලසුම් සහගතව හිතාමතා කල ප්‍රහාරයක් බව සිතීමට කිසිදු අපහසුවක් නොමැත. එලෙස සිතීමට උවමනාවටත් වඩා කරුණු කාරනා ඉහත සදහන් කර ඇත.

මෙම ප්‍රහාරය කොතරම් සූක්ෂමව සැලසුම් කොට ඇතිද යන්නත් එහි වග කීමෙන් රජයත් ජනාධිපතිවරයාත් , ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා නිදහස් වීම උදෙසාත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව උදෙසා මෙන්ම ඒ හා සමගාමීව තවත් අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන කොතෙකුත් පැවතියද එම ප්‍රහාරයෙන් තමන් ගැලවීමේ යටි අරමුණ උදෙසාම ප්‍රදේශයේ නියෝජිතයින් කීප දෙනෙකු හා ප්‍රදේශය නියෝජනය කල පිරිසක් අතර එම වේලාව තුලදීම සාකච්ජාවක් යොදා තිබීම හිතාමතා ජනතාව නොමග යැවීම උදෙසා කල කලින් සැලසුම් කිරීමකි ඒ අනුව ඔවුන් කල්තියා මෙම ප්‍රහාරය ඉතාමත් සූක්ෂමව සැලසුම් කොට ඇත.

මෙහිදී සදහන් කල යුතු අනෙක් කරුණ නම් මෙම රජය මෙම රජය කිසිදු ජනතා ප්‍රස්නයකට සංවේදී නොමැති අති දුෂ්ඨ දුර්දාන්ත රජයක් බවයි. විශාල බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් බව පැවසුවද එය කිසිසේත් විශ්වාසයක් නොමැති පාවෙන ආණ්ඩුවක් බවයි.එය පවත්වාගෙන යනු ලබන්නේ බලහත් කාරය මත බව තහවුරු කර ගත හැක්කේ ආණ්ඩුව ශක්තිමත් කිරීම උදෙසා පිල් මාරු කල විපක්ෂයේ ජනතායැයි කියා ගන්නා මංත්‍රීවරුන්ගෙනි. ඔවුන් බොහෝ විට පිල්මාරු කොට ඇත්තේ නඩු හබයන්ට බිය වීම මත හෝ මුදල් හිගකම මතයි.

මම පිල් මාරු කල අයට හෝ ආණ්ඩුපක්ශයේ පැරණි ජනතා නියෝජිතයන්ටද කිසිදු අවස්ථාවක පවුල් පාලනය විසින් වගකිවයුතු අමාත්‍යංශයක් හෝ තණතුරක් පවරා නොදෙන්නේ තව දුරටත් ඉදිරියට තම පවුල් පාලනය ආරක්ෂා කර ගැනීම උදෙසායි. තම පවුල් පාලනයෙන් බලය ගිලිහී යනු ඇතයි පවතින බිය නිසාම රාජපක්ෂ පවුලේ  ඥාතී සම්බන්ධතාවයක් නොමති බොහෝ ජනතා නියෝජිතයින්ට සිදු වී ඇත්තේ ජනතා බදු මුදලින් යැපෙමින් නාමමාත්‍රිකව පෙනී සිටීමට වන අතර සියලුම බලය රාජපක්ෂ පවුල කරා කේන්ද්‍ර කොටගෙන ඇත. එසේ නොමැති වූයේ නම් මෙම සිද්ධියට අදාල රජයේ ආයතනයන් ආශ්‍රිතවම මෙම සිද්දිය මෙතරම් දුර දිග නොයවාම, මෙතරම් ඛේදවාචකයකින් තොරවම ඉතාමත් සාමකාමීවම අවසන් කර ගැනීමට ඉඩ තිබිණ.

එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කලේ නම් ඒ කුමක් අරභයාද යන්නත් වටහා ගැනීමට උත්සාහ ගැනීම වැදගත්ය. මාගේ ගණනයට අනුව නම් මෙම ප්‍රහාරය ඉතාමත් සැලසුම් සහගතව කල් යල් බලා සිදු කල එකකි මෙලෙස මිනිසුන් කීපදෙනෙකු මරා දමා බොහෝ දෙනෙකුට මාරාන්තික ප්‍රහාර එල්ල කොට ජනතාව තුල භීතියක් වැපිර වීම මෙහි අරමුණයි. මෙමගින් රජය විසින් ඉටුකර ගැනීමට  බලාපොරොත්තු වන කරුණු මොනවාදයි කල්පනා කරන කල අපට එය කොටස් කීපයක් ඔස්සේ සම්පිණ්ඩනය කර ගත හැක.

* ජන්ද ජයග්‍රහණයේ උපක්‍රමයක් ලෙස

සියළු පලාත්සභා එකවර විසුරවා හැර ජන්දයක් පැවැත්වීමට බියෙන් පසු වන ගණන් මිණුම් පෙන්වීමෙන් ශක්තිය ප්‍රදර්ශණය කරන දිනෙන් දින පිරිහීමට පත් වෙමින් ජන්ද පදනම ක්ෂය වී යන ආණ්ඩුව දැන් සූදානම් වන්නේ බලහත් කාරයෙන් හෝ මෙම පවුල් පාලනය පවත්වා ගැනීමටයි.ඒ සදහා මිනිසුන් බිය කර ගත යුතුය. මිනිසුන් සංවිධානය වීම වලක්වා ගත යුතුය. එහිදී තම සියළු වැර සහ සම්පත්  යොදා තනින් තැන මැතිවරණ පවත්වමින් බලෙන් ජන්ද පෙට්ටි පුරවා ගනිමින් සහ විපක්ෂ ජන්ද දායකයා මන්දෝත්සාහ කරමින් ඊලග මහ මතිවරණය හෝ ජනාධිපතිවරණය තෙක් තැනින් තන තම බලය පෙන්වා මහ මතිවරණය සහ ජනාධිපතිවරනය කෙලෙසක හෝ ජයග්‍රහණය කිරීම මෙහි මූලික අරමුනයි.

මන්ද ඔවුන් දන්නවා මෙම ආන්ඩුවේ ජන්ද පදනම පවතිනුයේ ග්‍රාමීයව බව දැන් එම ග්‍රාමීය ජන්ද පදනම රදවා ගත යුත්තේ බලහත් කාරයෙනි ඒ සදහා ජනයා සාමූහික වීම එම ජන්ද පදනම බිදවටීමට හේතු වන්නකි. එලෙසම එලෙස සංවිධානය වීම ජ.වි.පෙ. වැනි පක්ෂයන් හී තොරතුරු සම්ප්‍රේෂණය වීමට ගොදුරු වීමකි එමගින් රජයේ ජනමාධ්‍ය තොරතුරුද අභියෝගයට ලක් වීමට ලක් විය හැක මන්ද ආණ්ඩුව වඩාත් සතුටු වන්නේ හැකි තරම් ජනයා රජයේ මාධ්‍ය මගින් සම්ප්‍රේක්ෂණය කරනු ලබන තොරතුරු තුලම රදවා තබා ගැනීම උදෙසායි .

* ජනතාව තුල වහල් මනසක් ගොඩණැන්වීම සදහා

මෙහිදී රටතුල විසිරී සිටින ජනතාව තුල වහල් මනසක් ගොඩණැන්වීමද මෙම ප්‍රහාරයේ තවත් එක් අරමුණකි. එම අරමුණ මූලික කොට සිදු කල පළමු ප්‍රහාරය මෙය නොවන බවද අවධාරණය කල යුතුය.මීට පෙර සිදුකල සියළු බන්ධනාගාරයන්ට සිදු කල ප්‍රහාරයන්ද ඒ තුලදී සිදු කල ඝාතනයන් සහ තුවාල සිදු කිරීම්ද , සීයළු ජනතා සහ ශිෂ්‍ය උද්ඝෝෂණයන්ට සිදු කල ප්‍රහාරයන්ද එහිදී සිදු කල ඝාතනයන් සහ තුවාල සිදු කිරිම්ද,ප්‍රාදේශීය සහ ජාතිකවශයෙන් සංවිධානය කරන ලද මැර කල්ලි රාශියක් මේ වන විට මෙම වහල් මනසක් සහිත මිනිසුන් ගොඩණැන්වීම සදහා වහල් මෙහෙයේ දිවා රාත්‍රී නොතකා යෙදී සිටී ඔවුන් එක් වරෙක් ආගමික ස්වරූපයකින්ද තවත් විටෙක පාතාල ස්වරූපයකින්ද තවත් විටෙක නිළ රාජ්‍ය හමුදා හෝ පොලිස් ලෙස මහජන ආරක්ෂක අංශ ස්වරූපයකින්ද තවත් විටෙක නොනිල හමුදා ( පැරා මිලිටරි ) ස්වරූපයකින්ද එම මෙහෙවර ඉටු කරණු ඇත.

* රතුපස්වල ප්‍රහාරය රාජපක්ෂ පවුල් අර්බුදයේ දිගුවක් ලෙස

මෙම රතු පස්වල ප්‍රහාරය තුල කැපී පෙනෙන අනෙක් අංගය වනුයේ රාජපක්ෂ පවුල් පාලනය තුල තිබෙන බල අරගලය මත එක ගලින් කුරුල්ලන් කීප දෙනෙකු බිම හෙලීම සදහා යොදාගත් අවස්ථාවක් වීමයි. මෙහිදී බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින මීලග ජනාධිපති අපේක්ෂක බල තරගය අහිංසක ජනයාගේ රුධිරය මතින් කරලියට පැමිණීමකි. කලාපයේ ආසන්න බලවතාවන ඉංදියාවේ හොදහිත යම් ආකාරයකින් දිනා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සමත් වී සිටීම ගෝඨාභය රාජපක්ශ මහතාට මේ වන විට යම් තරමක අවාසි සහගත තත්වයක් උද්ගත කොට ඇති අතර මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට නම් බැසිල් රාජපක්ෂ මහතාගේ ජන්ද පදනම බිද දැමිය යුතුය. මෙහිදී මෙම ජල ප්‍රස්නය විසදීමට බැසිල් රාජපක්ෂ මහතාගේ මදිහත් වීඅ ජනාධිපතිවරයා හරහා පමා කරවා එයට කලි ඒ තුලට ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වන අතර ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා සූක්ෂම ලෙස නිදහස් වීම සැලසුම් සකස් කොට මෙම ප්‍රහාරය සැලසුම් කොට ඇති බව පැහැදිලිය. දිස්ත්‍රික් සංවිධායකයා හා පලාත් බලවතා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අසීරුතාවයකට පත් කොට ඇත. ඉන් සෙල වෙන්නේ බැසිල් රාජපක්ශ මහතාගේ ජන්ද පදනමයි නමුත් එය ඊලග මතිවරණ්යේදී අදාල වනුයේ බැසිල් රාජපක්ශ මහතාට පමණි. මන්ද යත් මේ වන විට විපක්ශය ඉතා සියුම් ලෙස බිද දමමින් පවතින අතර සුළුජාතික ජන්දපදනමද බෙදා වෙන් කිරීමට සමත්ව ඇත. රාජපක්ෂ පවුලේ මීලග ජන්ද අපේක්ෂාව වනුයේ සිංහල බෞද්ද ජන්ද පදනමයි ඒ සදහා මේවන විට බොදු බල සේනා , සිංහල රාවය ආදී නම් වලින් යුතු කල්ලි කීපයක් ඔවුන් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරමින් එම ජන්ද පදනම එක් පිලකට ගොනු කරමින් සිටී. ඒ අනුව මින් ඉදිරියට ලාංකීය හොදම බෞද්ධයා බිහිවනුයේ රාජපක්ෂ පවුලෙන් පමණි. ඒ අනුව එක්සත් ජාතික පක්ශයේ ජන්ද පදනම දෙපිලකට බෙදීමෙන් පසුව ඔවුන්ගේ ඉලක්කය පහසුවනු ඇත. ආණ්ඩු විරෝධී අනෙක් ජන්ද සරත්ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී ගිය පසු සුලු ජාතික අපේක්ශකයින් ජනාදිපති වරනට ඉදිරිපත් කරවා සඉංහල බෞද්ධ ජන්ද පදනම තුලින් රාජපක්ෂ පවුලේ මීලග ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කර වීමට පිඹුරුපත් සකසා මේ වන විටත් එම කටයුතු යටි තලයේ ක්‍රියාවට නංවා ඇත.

* රතුපස්වල පරීක්ෂණ ඉදිරි ජන්දය තෙක් පැවැත්වෙනු ඇත ඉන් පසු?

මේ වන වන විටත් රතුපස්වල ප්‍රහාරය යටපත් කිරීම සදහා වෙනත් ප්‍රහාරයන් දියත් කොට ඇත. ඒ අනුව ආගමික යුද්ධය මුල් කරමින් නාගරික ප්‍රදේශයන් හී ගැටුම් ආරම්භව ඇත හෙට සිට රතුපස් වල වෙනුවට වෙනත් තොරතුරු වලින් ජනමනස පුරවා ලනු ඇත. එතෙක් පරීක්ෂණ නමින් එම සිද්ධිය යටපත් වනු ඇත. ඒ වෙනුවට අනෙක් ගැටුම් කරලියට පැමිණී පවතිණු ඇත ඉදිරි පලාත් මැතිවරණයෙන් පසු නැවත රතුපස්වල සිද්ධිය කේන්ද්‍ර කොට ප්‍රවෘත්ති මැවෙනු ඇති අතර. කඩා කප්පල් කාරීන් පිරිසක්ද අත් අඩංගුවට පත් වෙනු ඇත. ( සමහර යුධ සෙබළුන් කීප දෙනෙකුද තාවකාලිකව සිර ගෙයට නියම වනු ඇත.) ඒ අනුව මරා දැමූවන් සහ කඩාපල් කාරීන් එකම සිර ගෙයක් තුලදී මුණ ගසීමටද ඉඩ ඇත.  යථාර්තයට මුහුණ දෙන මිනිසුන් බැසිල් රාජපක්ශ මංත්‍රීවරයාගේ ජන්ද පදනම බීද දමනු ඇති අතර ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පානීය ජල ව්‍යාපෘතිය විවෘත්ත වනු ඇත.

ඔබ තුල වහල් මනසක් ගොඩ නැංවීම සදහා මේ වන විට විශාල පිරිසක් පැය විසිහතර පුරාවට නොනවතින යන්ත්‍ර ලෙස ඔබ අතර කියාත්මක වෙමින් පවතින අතර ඔවුන් විවිධ ස්වරූපයන් තුලින් ඔබ වෙත පමිණෙමින් සිටී පිරිසක් ශබ්ද සහ රූප තරංගයන් ඔස්සේ ඔබට සමීප වන අතර පිරිසක් අති නවීන අවි වලින් සන්නද්ධව නිල සහ නොනිල ලෙස  ඔබ කරා පමිණෙමින් සිටී තවත් කොටසක් වටාපතට මුවා වී අරථයෙන් ධර්මයෙන් ජාති ආලය ස්මතු කරවමින්ද ඔබට සමීප වනු අත එහි රූකඩයන් අන්තර්ජාලය තුලින්ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර නා නා වේශයන්ගෙන් ඔබ කාරා එන ඔබ තුල වහල් මනසක් ගොඩ නැන්වීමට වෙර දරන වහල් දූතයන් හද්හුනා ගන්න

ඔබ තුල  වහල් මනසක් ගොඩ නැංවීමට බල කරන වංශාධිපතියන් නැතහොත් වහල් හිමියන් පරාජය කිරීමට නම් අප මෙම සියළු සිද්ධීන් වටහා ගත යුතුව ඇත. ඒ අනුව රතුපස්වල සිද්ධිය හුදු අහම්භයක් නොවන බවත් එය හිතා මතා සැලසුම් සහගතව එල්ල කල ප්‍රහාරයන් මාලාවේ තවත් එක් දිගුවක් බවත් ඒ තුලින් ඔවුන් උත්සාහ කලේද ජන මනස තුල වහල් මනසක් ගොඩනැංවීමේ තවත් එක් ප්‍රයත්නයක් බවත්

මෙම සියලු කූටෝපායන් කල්තබා හදුනා ගනිමින් ඒවා පරාජය කිරීම සදහා මූලිකත්වය ගනිමින්ජනතා විරෝධී පාලකයින් බලයෙන් පහ කිරීම ලංකා දේශපාලනය තුල මේ මොහොතේ ප්‍රමුඛ කාර්ය බවට පත් වී ඇතෑඉ වෙනුවෙන් සියළු ලංකාවාසී ජනතාවනි ජාති , ආගම් , කුල භේදයන් පසකලා

උතුරෙන්

දකුණෙන්

වයඹින්

නැගෙණහිරින්

ඌව වෙල්ලස්සෙන්

උතුරු මදින්

මධ්‍යම පලාතෙන්

සඹරගමුවෙන් එකාවන්ව එක්ව පෙරට ආ යුතුව ඇත. ප්‍රමාදය පසු තැවීමට හේතුවනු ඇත.

අහෝසි කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදය , සාමය , නිදහස නැවත ස්ථාපිත කර ගත යුතුව ඇත. හෙට දවසේ අප අනාගත පරපුර වෙනුවෙන් අද දවසේ අපට පැවරී ඇති කාර්ය එයයි

අප එක්වෙමු උස් නිදහස උදෙසා එකාවන්ව සටන් වදිමු.

 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Any one other than CRIMINALS safe here? Any one proud to be from this…..???

  • 0
    0

    ජේ.වී.පී. එකේ පරණ වැඩ ආයිත් පුරුදු කරන්න වගේ හදන්නෙ

  • 0
    0

    මල්ලි හරි මල්ලි ..

  • 0
    0

    Rthu Pasvala siddiyath JVP ,UNP ayata mal

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.