11 December, 2025

Blog

කථානායකගේ ඉල්ලා අස්වීම; නව දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී ජයග්‍රහණයකි

අමිල මුතුකුට්ටි –

අමිල මුතුකුට්ටි

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාව සිටි අශෝක රංවලගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දෘෂ්ටිකෝණ දෙකකින් බැලිය හැකි බව මගේ අදහසයි. එනම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට හෝ කථානායක ධූරයට පත් වීමට නියම වූ අධ්‍යාපනික සුදුසුකම් නැතත් තමන්ට ඔප්පු කිරීමට අසමත් වූ අධ්‍යාපනික සුදුසුකම් නම ඉදිරියෙන් යොදා ගැනීමෙන් ඔහුගේ අවංකබාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වන බව පැහැදිලිය. එය පොදුවේ වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි වෙයි. එනිසා අශෝක රංවලගේ ඉල්ලා අස්වීම අගය කළ යුතුය.

මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කළ යුතු අනෙක් කරුණ වන්නේ ඉහත කී ඉල්ලා අස්වීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කරමින් ශ්‍රී ලාංකේය පුරවැසියන් බලාපොරොත්තු වූ නව දේශපාලන සංස්කෘතියේ ඉදිරි පියවරක් ලෙස ද අර්ථකථනය කළ හැකි බවයි. එය පොදු ජනතාව ලබා ගත් ජයග්‍රහණයකි. මෙපමණ කලක් අප මෙවැනි ආකාරයේ ඉල්ලා අස්වීම් පිළිබඳව වන ප්‍රවෘත්ති ඇසුවේ දුටුවේ ලෝකයේ දියුණු දේශපාලන සංස්කෘතියක් හිමි සංවර්ධිත රටවල පමණි. ඒ අනුව මෙම ඉල්ලා අස්වීමේ පුවත ඇසුණු සැණින් මගේ මතකයට ආවේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ සිදුවීමකිඒ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැතිවරයා ඕස්ට්‍රේලියන් ඩොලර් 3000 ක් වටිනා වයින් බෝතලයක් අල්ලස් ලෙස ලබා ගනිමින් දුෂණ විමර්ශනයක් නොමග යැවීමට කටයුතු කළේය යන චෝදනාව හමුවේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමයිමෙපමණ කලක් එවැනි ප්‍රවෘත්ති ඇසූ අප කියන්නට පුරුදුව සිටියේඕස්ට්‍රේලියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑයනුවෙනි. එහෙත් එය දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ද දකින්නට තරම් අපි වාසනාවන්තයෝ වී ඇත්තෙමු.

නව දේශපාලන සංස්කෘතියේ රීතින් වලට අනුගත විය යුත්තේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ සාමාජිකයන් පමණක් නොවේ. ලබාගත් සංස්කෘතිකමය ජයග්‍රහණය තිරසාර එකක් වන්නේ එම රීතින් සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ පවා අනුගත වනවිට දී පමණි. එනිසා ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ගේ පමණක් අවංකබාවය සියයට සියයක්ම පිරික්සීමට මේ දිනවල වෙහෙසෙන බොහෝ දෙනෙකුට මතක් කිරීමට යම් යම් සිදුවීම් ගණනාවක්ම තිබේ.

 අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස් විය යුතු බවට ප්‍රකාශ කොට ඇත්තේ නීතිඥ නාමල් රාජපක්‍ෂයඑය ඇසූ මට සිනහව නවත්වා ගැනීම අපහසු වූයේ මා ඊයේ පෙරේදා උපන් කෙනෙකු නොවීම සහ දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස ජීවත්ව ඇති නිසාය. නීති විද්‍යාලයේ අවසන් විභාගය පැවැත්වීමේ දී නාමල් රාජපක්‍ෂ හට අන්තර්ජාල පහසුකම් සහිතව වායු සමීකරණය කරන ලද වෙනම කාමරයක් ලබා දුන්නේ යැයි එම විභාගයේ ම අපේක්‍ෂකයෙකු වූ තුෂාර ජයරත්න නැමැත්තෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ගොනු කළේය. එහෙත් ඔහුට ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් හෝ උසාවියෙන් යුක්තිය ඉෂ්ඨ නොවූ බවට ඒ කාලයේ මාධ්‍ය වාර්තා කළ ආකාරය නිරීක්ෂණය කළ හැකිය සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබට මේ ඔස්සේ කියවිය හැකිය. මෙම පුද්ගලයාට අඩුම තරමේ දැන්වත් යුක්තිය ඉටු වන්නේ නම් එය අප දිනාගත් නව දේශපාලන සංස්කෘතියේ විශාල ඉදිරි පියවරක් වනවාට සැක නැත.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් එහා ගිය බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ කථානායකවරයා හට විශ්වාසභංගයක් ගෙන ඒමට කඩිනම් පියවර ගනු ලැබූවේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසය. එහෙත් ඔහුට ඔහුගේ ප්‍රථම උපාධිය සම්බන්ධයෙන් පවා පසුගිය කාලයේ බොහෝ දෙනා චෝදනා කරනු ලැබුවේය. 2019 වසරේ ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දී රවී කරුණානායක විසින් සජිත් ප්‍රේමදාස හට අභියෝග කළේ තමන්ගේ අධ්‍යාපන සහතික පෙන්වන ලෙසයිපාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඔහුගේ මූලික උපාධිය සම්බන්ධයෙන් පමණක් වන අතර Manthri.lk හි සඳහන් වන්නේ ප්‍රථම උපාධියට අමතරව කොළඹ රෝයල් කොලීජියෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සමත් වූ බවයි. එම කාලයේ කොළඹ රෝයල් කොලීජිය විසින් තම ශිෂ්‍යන්ට ලන්ඩන් විභාග සඳහා පහසුකම් සැපයුයේ ද යන්න පිළිබඳව එම කොලීජියේ වෙබ් අඩවියෙන් තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. එසේත් නැතිනම් බාහිර විභාග අපේක්‍ෂකයෙකු ලෙස එම විභාග සමත් වූයේද යන්න පැහැදිලි නැතඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් London School of Economics හි ප්‍රථම උපාධිය නිසිලෙස සම්පූර්ණ නොකළ බවට ප්‍රවෘත්ති පළ විය. එහෙත් පසුව අනාවරණය වූයේ ඇතැම් විභාග සඳහා ඔහු පෙනී නොසිටිය ද ඔහුගේ අසනීප තත්ත්වය සලකා ඉහත විශ්වවිද්‍යාලය විසින් උපාධිය පිරිනමා ඇති බවයි

අධ්‍යාපනය සහතිකයකට පමණක් සීමා නොවිය යුතු අතර එය එකී පුද්ගලයාගේ හැසිරීමෙන් පිළිබිඹු විය යුතුය. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනයට එක් වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා අදාළ විශ්වවිද්‍යාලයේ ගෞරවය කෙළෙසන ලෙසට හැසිරුණු ආකාරය අපි හොඳින්ම අත්දැක්කෙමු. එසේම කිසියම් විෂයක් උගත් පමණින් ඔහුගේ සියලු හැසිරීම් හා චරිත ලක්ෂණයන්ට ප්‍රමිතියක් හිමි වන්නේ යැයි කලක් ශ්‍රී ලංකා සමාජයේ පැවති අදහස අපයෝජනයට ලක් කරමින් බලයට පැමිණි වියත් මග වියතුන්ගේ කෙරුවාව හේතුවෙන් එම අදහස සමාජයෙන් තුරන් වී තිබෙන බව අවධාරණය කළ යුතුය. එනිසා කිනම් හෝ දේශපාලකයෙකුගේ නමට කලින් ආචාර්ය වූවද මහාචාර්ය වූවද ඔහුට විශේෂත්වයක් එක් වන්නේ නැත. ඔහුට මහජන ගෞරවය දිනා ගත හැක්කේ තමන්ගේ ඡන්ද දායකයින්ට වූ පොරොන්දු ඉටු කිරීමට ඇප කැප වීම තුළින් පමණක්ම වන බව ඔවුන් විසින් සිහි තබා ගත යුතුය. එසේම වෙනස්වන දේශපාලන සංස්කෘතියට හැඩ ගැසීමට ඔවුන්ට අකමැත්තෙන් වූවද සිදුවන අතර එසේ නොවේ නම් වෙනස් වූ ඡන්ද දායකයින් අතින් ස්වකීය දේශපාලන ගමනට තිත තැබීම වළක්වා ගැනීමට නොහැකි වනු ඇත.

Latest comments

  • 1
    0

    Lies live short යනු යුරෝපයේ කියමනකි. කතා කිරීම ලාභයි. නිශ්ශබ්දතාවය රන් ය. කෙසේ වෙතත්, සැබෑ අපරාධකරුවන් වන ඇතැමුන්ගේ යහපත් පෙනුමැති ඉරියව් ද ඇත. ඔවුන් එය වේදිකාවේ කළ අතර එය දිගටම කරගෙන ගියේය. දැන් පාට පෙන්නන්න පටන් ගත්තත් දවසින් දවස අසාර්ථක වෙනවා. මට දැනෙනවා, ඔවුන් ඔවුන්ගේ සම්මතයන් ගැන වේදිකාවේ පුරසාරම් දොඩන එක ඕනෑවට වඩා වැඩියි.
    .
    පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යන කථානායක හෙට අනාගතයට මුහුණ දෙන්නේ කෙසේදැයි මම කල්පනා කරමි. ජනතා විමුක්ති පෙරමුණෙන් යමක් එනවා නම් එය නිවැරැදි විය යුතුයි. Z-genzies විශ්වාස කළේ එයයි. කෙසේ වෙතත් අද වන විට එය විශාල බොරුවක් විය යුතුය. රන්වල පමණක් නොවේ; NPP යටතේ පාර්ලිමේන්තුවේ සිටින තවත් කිහිප දෙනෙක් ව්‍යාජ සුදුසුකම් කියති.
    .
    හිටපු කථානායක රංවල හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා හොඳින් හඳුනන අයකු වූ අතර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ද ලබාගත් අතර රන්වල කාර්මික ශිල්පියකු බව ඔහු තම දැනුමෙන් හෙළි කළේය.
    .
    රන්වල මෙතරම් කාලයක් “හොර PHD මාතෘකා” භුක්ති වින්දේ හිතාමතාමය. ඔහුගේ කලින් අසාර්ථකත්වය නිවැරදි කළ හැකිව තිබුණි. කෙසේ වෙතත්, ඔහු එය කිරීමට අපොහොසත් වූ අතර, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහුට කිසි විටෙකත් ඔප්පු කළ නොහැකි සුදුසුකම් ඉල්ලා සිටින දෝෂ කිහිපයක් අඩංගු විය.

    මේ පුද්ගලයා සියල්ලටම වඩා NPP පක්ෂයේ CREDIBLITY විනාශ කර ඇත. ඊට අමතරව ඔහු ක්‍රියාකාරී ජ.වි.පෙ. සාමාන්‍යයෙන් JVP කාරයෝ ඊටත් වඩා විනයගරුක ඔවුන්ගේ කතාවලින් යුක්ත වන අතර එවැනි අපරාධ තමන්ට නොව අනුන්ට චෝදනා කිරීමට පුරසාරම් දොඩති. රාජ්‍ය සේවකයා හිතාමතාම මෙලෙස අපයෝජනයට ලක් කළේ නම් අපරාධකරුට එරෙහි චෝදනාව වසර 7ක සිරදඬුවමක් වනු ඇතැයි නීතිඥවරු විශ්වාස කරති.

  • 1
    0

    AKD LKY (ලී ක්වාන් යූ) අනුගමනය කරයිද නැද්ද? රන්වාල් අපරාධ විමර්ශනය පිළිබඳ ඔහුගේ ප්‍රතික්‍රියා වත්මන් රජයේ අනාගතය සඳහා ලිට්මස් පරීක්ෂණය වනු ඇත.

    මම හිතන්නේ රංවාලා වැරදිකරු වුණොත් හිරේ දාන්න වත්මන් ආණ්ඩුවට කාලය ඇවිත් කියලා. එවැනි පොදු අපරාධ කිරීමට හිතාමතාම තම අයිතිවාසිකම් අවභාවිත කරන අයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. මේ රට පාලනය කරන්නේ දැඩි නීතියකින් නොවන බව මේ සිදුවීමෙන් පැහැදිලිවම ඔප්පු වුණා. AKD සිය කතාවේදී පැහැදිලිව කියා සිටියේ, පවතින නීති කඩ කරන ඕනෑම අයෙකු, ඔවුන් හමුවන අපේක්ෂකයින්ගේ තරාතිරම නොබලා, නීතියෙන් දඬුවම් කරන බවයි. ඒක තමන්ගේ පාක්ෂිකයන්ටත් වලංගු විය යුතුයි.
    :
    ව්‍යාජ සුදුසුකම් යොදාගෙන වැඩ කළ ඔහු මෙන් කිසිවෙකුට අනුකම්පා කළ යුතු නැත. මීට වසර 30 කට පමණ පෙර අපට මතක නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තු හොඳින් හඳුනාගෙන ලෝක ප්‍රමිතීන්ට අනුකූලව නඩත්තු කරන ලදී. කෙසේ වෙතත්, පසුගිය වසර 30 තුළ එය භයානක මට්ටමකට ඛාදනය වී ඇත.
    .
    ඊට අමතරව, ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර්වල මහජනතාව සඳහා ඔහුගේ “ව්‍යාජ සුදුසුකම්” අඩංගු වූයේ නම්, එය පැහැදිලිවම පවතින නීති උල්ලංඝනය කිරීමකි.
    ජනාධිපතිවරයාට යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ ද ඔහු සඳහන් කරන්නේ තමාගේ ව්‍යාජ සුදුසුකම්වලට එකඟ නොවන නමුත් ඉහත සඳහන් කළ ජපන් විශ්වවිද්‍යාලයෙන් නිකුත් කළ හැකි ආචාර්ය උපාධියක් පිළිබඳ විද්වතුන්ට සාක්ෂි ලැබී ඇති බවයි. මීට අමතරව, ලෝක පර්යේෂකයන්ගේ ප්‍රකාශනවලින් පිරුණු දත්ත බැංකු තුළ තොරතුරු තාක්‍ෂණය විප්ලවීය වෙනසක් සිදු කර ඇති වත්මන් සන්දර්භය තුළ, “කරුණු පිරික්සීම” සිදුවීම් පැය 24කට වඩා ගත නොවනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.