8 December, 2025

Blog

පරණ තුන පහ යොදා අලුත් හොද්දක් හැඳි ගාන්නට යන ජනපති අනුර

අමිල මුතුකුට්ටි

අමිල මුතුකුට්ටි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරන ලද නව අමාත්‍යංශ ලේකම්වරුන් අතරේ මහාචාර්ය කපිල පෙරේරා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කොට ඇති බව දැකීමෙන් පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්දදායකයෙකු වූ මා හට ඇති වූයේ දැඩි කලකිරීමකින් යුතු අප්‍රියතාවයකි. ඊට හේතුව වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු නැවතත් මෙම රජයේ අමාත්‍යංශ ලේකම්වරයෙකුව සිටිනු දැකීමයි. රාජ්‍ය පරිපාලන සේවයේ ශ්‍රේණිගත නිළධාරීන් වන තිලකා ජයසුන්දර වැනි නිළධාරීන් මෙකී කුලකයට දැමිය නොහැකි වන්නේ ඔවුන් පවතින ඕනෑම රජයක් යටතේ සේවය කිරීමට බැඳී සිටින රාජ්‍ය සේවකයන් වීමයි. එහෙත් පිටතින් රාජ්‍ය සේවයට පත්කරනු ලබන මෙවැනි පත්වීම් වලට එය අදාළ නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දී මොණරාගල ප්‍රදේශයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී කාන්තාවකට තමන්ගේ ගැටළුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අසන්න යැයි කළ ඉල්ලීමත් සමඟ ඇය පත් වූ අපහසුතාවය පිළිබඳව සමාජ මාධ්‍යයේ ඇති වූ විවේචන ඔබට මතක ඇතැයි සිතමි. එම අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද්දේ ඉහත කී මහාචාර්ය කපිල පෙරේරා ය. ඉංග්‍රීසියෙන් තබා සිංහලෙන් වත් හරිහැටි වාක්‍ය කිහිපයක් කතා කිරීමට අපොහොසත් වූ නමුදු විධායක බලතල වලින් හිස උදුම්මා ගන්නා ලද ගෝඨාභය රාජපක්ෂ සමඟ එම කාන්තාව තවදුරටත් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන ලද්දේ මෙකී මහාචාර්ය වරයාය. ඔබට එම සිදුවීම අමතක නම් නැවතත් එය නරඹන ලෙසට මම ඔබට ආරාධනා කරමි.

අන් කවරෙකුටවත් වඩා අධ්‍යාපනික වශයෙන් සමාජයෙන් කොන් වූ තරුණ ජනකොටස්හි හද ගැස්ම අවබෝධ කරගත්තා යැයි අප සිතන අනුර කුමාර දිසානායක විසින් මෙවැනි පත් කිරීමක් සිදු කිරීම පිළිබඳව ඇති වූයේ පුදුමයකි. එක්කෝ අප අනුර කුමාර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටිනවා විය යුතුය. එසේත් නැතිනම් උක්ත මහාචාර්යවරයා සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටිනවා විය යුතුය. කෙසේ වුවද පරණ තුන පහ යොදා ගනිමින් නව ජනාධිපතිවරයා අලුත් හොද්දක් හැඳි ගාන්නට සුදානම් වන බව පෙනේ.
එසේම ජනාධිපති උපදේශකයෙකු ලෙස පත් කරන ලද දුමින්ද හුලංගමුව සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනිම වූ විවේචනයකි. ඒ සම්බන්ධයෙන් අම්රිත් මුත්තුකුමාරු විසින් “Attempt Of Senior Advisor To AKD To Crush ‘Aragalaya’ & Dilution of Corruption Agenda” යන මැයෙන් සපයන ලද ලිපිය කියවීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ආර්ථිකමය වශයෙන් පමණක් නොව ඒ හා බැඳුණු අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය හා දේශපාලනිකමය යනාදී වූ අනේකවිධ අසාධාරණයන්ට ලක්ව සමාජයෙන් කොන් වී සිටි ජන කොටස්හි එකම රැකවලා ලෙස ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය පණ ඇති තෙක් දිවි හිමියෙන් රකින බවට පපුවට අත තබා දිවුරා පොරොන්දු වූ අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් එවැනි ජන කොටසක් නියෝජනය කාන්තාව හාස්‍යයට ලක් කළ පුද්ගලයෙකු මෙවැනි තනතුරකට පත් කිරීමක් අපි කිසි සේත්ම අපේක්ෂා නොකළෙමු.

Latest comments

  • 2
    2

    ඔවුන් දැනටමත් ගෙන ඇති බොහෝ පියවර දූරදර්ශී නොවන නිසා ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට වත්මන් රජයට නොහැකි වනු ඇතැයි මම සිතමි. එමෙන්ම බොහෝ කැබිනට් අමාත්‍යවරුන් තම දේශපාලන භාවිතාව ගැන මනා දැනුමක් නැත.
    .
    ඔවුන් පළපුරුදු අයට වඩා හොඳින් සවන් දිය යුතුය. අවාසනාවකට මෙන්, ඔවුන්ගේ ඉදිමුණු සහ අහංකාර ඉරියව්ව කිසිවෙකුගේ මඟ පෙන්වීම් නිහතමානීව පිළිගැනීමට ඉඩ නොදේ.
    තේරී පත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය කරන සමහර උද්දච්ච ප්‍රකාශ පමණක් නොව, ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම ඉතා අපහසු බව මට විටෙක හැඟේ. කෙසේ වෙතත් මේ රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් ඇය දරන උත්සාහය ගැන අපට ඇත්තේ සතුටට වඩා ආඩම්බරයකි.
    ඔබම පවසන පරිදි, අපේ බොහෝ බලධාරීන් දැන් අමාත්‍යාංශවලට පත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම experienced aya නොවේ.
    NPPrs ඔවුන් සඳහා කාර්යය කිරීමට අදහස් කළත් ඔවුන් නව පද්ධති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදේ. මීට අමතරව, මේ රටේ බොහෝ පුරවැසියන් දූෂණයට සහ අපයෝජනයට පක්ෂපාතී පද්ධති වන්නේ ඔවුන්ට දූෂිත හා දූෂිත නොවන පද්ධති අතර විශාල වෙනස වෙන්කර හඳුනාගත නොහැකි බැවිනි. අවස්ථාවක් ලැබුණොත් අපේ නිලධාරීන් ගෙදරට යමක් ගෙනියන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැති තරම්. යුරෝපයේ, කෙනෙකුගේ කාර්යාලයෙන් අහම්බෙන් පෑනක් හෝ පැන්සලක් පුද්ගලික බෑගයක හෝ කබා සාක්කුවක දමා යාමෙන් කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ රැකියාව අහිමි විය හැකිය. එහි විශාලත්වය කුමක් වුවත්, ඔවුන් කිසිදු තරාතිරමක දූෂිත ක්‍රියාවන්ට ඉඩක් නොතබනු ඇත.

  • 1
    2

    No Muslim In Cabinet! Does That Matter?
    ඒක ඇත්තටම වැදගත්. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට කැබිනට් අමාත්‍යවරයකු සිටිය යුත්තේ බියට නොව සාධාරණයෙනි. නැගී එන නව යුද්ධ සහ විපත් සඳහා බීජ වැපිරීමට අපට තවදුරටත් අවශ්‍ය නොවේ.
    නැතිනම් අඩුම තරමේ පාර්ලිමේන්තුවේ ප්‍රබල මන්ත්‍රීවරුවත් සිටිය යුතුයි.
    .
    2019 අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ව්‍යසනයකින් අහිංසක පල්ලි යන්නන් අමු අමුවේ මරා දැමූ රටකි මේ. පාරේ අස්සක් මුල්ලක් නෑර පිරිත් සජ්ඣායනා ඇසීමට බල කළත් තම ප්‍රතිවාදීන් මරා දැමීමේ සිංහල මැරයෝ ශූරයෝ වෙති. 89-92 කැරැල්ලේදී JVP කාරයෝ 50,000කට වැඩි තරුණ ප්‍රමාණයක් මරා දැම්මා, මගේම මිතුරන් සහ හිතවතුන්. අද MLECHCHA මාධ්‍යයට තොරතුරු හාරන්න තරම් හයියක් නැහැ. අද වන විට JVP කාරයින් නායකයින් ලෙස තෝරා පත් කර ගැනීම සඳහා වපුරන ලද බොරුව බෙහෙවින් ඉවහල් වන Z-genzies දැනුවත් කිරීමට ඔවුන් කිසිම priority දෙන්නේ නැත.

    එබැවින් නරඹන්නන් සහ සවන්දෙන්නන් හොඳින් දැනුවත් වී නැත, සමබර ප්‍රවෘත්ති පැතිරීමක් නොමැති ඕනෑම තැනක ගොබෙල්ස් න්‍යාය සාර්ථක වේ. ඇමරිකාවේ රිපුලිකන් ආධිපත්‍යය ඇති සෑම තැනකම එය එසේමය.
    මිනිසුන් අනෙක් සතුන්ට වඩා වෙනස් නොවේ. එකම වෙනස ඔවුන් මිනිස් වෙස් ගැනීමයි.

    • 1
      2

      cont.
      දොස්තර සාෆිගේ පවුල ඇතුළු අහිංසක මුස්ලිම් ජනතාවට සිංහල බෞද්ධ මැරයන් පහර දී සියල්ල විනාශ කළ හැටි අපට මතකය. රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ආපසු කඩාකප්පල්කාරී කණ්ඩායම්වලට නායකත්වය දුන් කලාකරුවෙක් (MADUMADAWA) කොළඹ සිටියේය. ජවිපෙ අද නීතිය හා සාමය ශක්තිමත් කරනවා නම් අඩුම තරමින් අදවත් මේ තක්කඩියාට නීතියෙන් දඬුවම් කළ යුතුයි. The kind of men should be hanged in public in order to send the message across the nation.

      මේ රාජපක්ෂ-ආධාරකාරයෝ අද AKD දේශපාලනය සමඟ සිටිති. AKD ඔහුගේ ඡන්ද දායකයින් සතුටු කළ යුතුද නැතහොත් එය සැමට එකසේ සේවය කළ යුතුද යන්න පැහැදිලි විය යුතුය. I doubt AKD would realize it soon.
      ඔවුන්ගේ මානසිකත්වය අඛණ්ඩ පළිගැනීම්වලින් පිරී ඇත. බෞද්ධ ධජය ඔවුන්ගේ නළලේ තිබුණත් අවිහිංසාවාදී බෞද්ධ ඉගැන්වීම් වැනි කිසිවක් ඔවුන් විසින් පිළිපදින්නේ නැත. . Buddha never promoted violence. We should create real buddhist culture by punishing sinhala-buddhist mobs.
      .
      මේ සියල්ලටම වඩා දකුණේ සිංහල බෞද්ධ අපරාධ කල්ලි, ගෝඨාභය, පිස්සු බල්ලා, යුද අපරාධකරුවෝ 2022 ජූලි වන විට සෑම පුරවැසියෙකුගෙන්ම පළි ගත්හ. වික්‍රමසිංහ මහතාට පින්සිදු වන්නට තවදුරටත් සමූලඝාතන, විපත් හෝ ලේ වැගිරීම්වලට තුඩු දෙන වෙනත් ව්‍යසනයන් වැළකුණා. Give the credit to the due – is my motto. I dont support any parties in our motherland.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.