19 June, 2026

Blog

උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ 

අමිල මුතුකුට්ටි

අමිල මුතුකුට්ටි

දූෂණයෙන් හා වංචාවෙන් පිරිහී ගිය දේශපාලන සංස්කෘතිය පෙරලා දමමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස මිලියන 5.7 ක් වූ ඡන්දදායකයන් විසින් තෝරා ගන්නා ලද්දේ ඉමහත් බලාපොරොත්තු සහිතවය. ඔහු ජනාධිපති පුටුවට ගෙන ඒමේ මෙහෙයුමට විවිධ පුද්ගලයන් තම තමන්ගේ හැකියාව හා කුසලතාවය අනුව දායක විය. ඊට හේතු වූ අභිප්‍රේරණය වූයේ ම පැවති පවුල් පාලනය විසින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යක් බවට පත් කොට තමන්ගේ සිහින විනාශ කර දැමීමයි. එහිදී අනේක විධ බාධා හමුවේ මාධ්‍ය බලය, මුදල් බලය මෙන්ම මැර බලය ද හිමි දේශපාලන පක්‍ෂ සමඟ උරෙනුර ගැටෙමින් තමන්ගේ මිතුරාට, අසල්වැසියාට, එසේත් නැතිනම් තමන්ගේ ත්‍රී රෝද රථයට ගොඩවන පුද්ගලයාට අනුර පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමේ පණිවුඩය සන්නිවේදනය කිරීමේ මෙහෙයුම සිදු කරන ලද්දේ කිසියම් කමිටුවක් හෝ විශේෂඥයන් විසින් නොව සාමාන්‍ය පොදු මහ ජනතාව විසින් බව අවධාරණය කළ යුතුමය.

එහෙත් ජාතික ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවෙන් සහ එක් එක් දිස්ත්‍රික්ක සඳහා තරඟ වැදීමට ඉදිරිපත් කොට ඇති ඇතැම් අපේක්ෂකයන් දෙස බැලූ කල මට ඉබේටම වාගේ කියවුණේ “උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ” යනුවෙනි. එනම් විධායක ජනාධිපතිවරයා කොතරම් බලසම්පන්න වූවද ඔහු ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නම් ඔහුට සහාය වන ලෙස ව්‍යවස්ථාදායකය නිර්මාණය විය යුතු බව අපි සියලු දෙනාම දනිමු. එහෙත් ඒ සඳහා ඔළු ගෙඩි ගණන ඉහළ දැමීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත.

සංසන්දනය සිදු කරන්නේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට සාපේක්ෂව නම්, හෝ වෙනත් පක්ෂයක අපේක්ෂක ලැයිස්තුවට සාපේක්ෂව නම් යම් තරමකට තෘප්තිමත් විය හැකිය. එහෙත් අපගේ මිනුම් දණ්ඩ (Benchmark) වන්නේ පාලනයෙන් එලවා දැමූ දේශපාලන පක්ෂ හෝ ඒවායේ අපේක්ෂකයන් නොවේ. ඔවුන්ට සාපේක්ෂව සැකසුණු අපේක්ෂක ලැයිස්තුවකට ඡන්දය ලබා දීමට නම් මහ ජනතාව මෙතරම් කැපවීමෙන්, මෙතරම් උද්යෝගයෙන් ජනාධිපතිවරණයේ වෙනස වෙනුවෙන් වෙහෙසීමට අවශ්‍ය නොවනු ඇත.

ව්‍යවස්ථාදායකය වෙත තේරී පත්විය යුත්තේ රටේ නීති සම්පාදනයට හා රාජ්‍ය පරිපාලනයට අදාළ විෂයන් සම්බන්ධයෙන් දැනුම සහ අත්දැකීම් සහිත පුද්ගලයන් පමණි. මාගේ අදහස අනුව නම් එවැනි අත්දැකීම් ලැබිය හැකි වයස් කාණ්ඩය වන්නේ අවරුදු 45 ත් 65 ත් අතර වයස් කාණ්ඩයයි. හුදෙක් විශ්වවිද්‍යාල උපාධියක් ලබා තිබීම හෝ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව වැනි සාධක මත පදනම්ව කිසියම් පක්ෂයක් තමන්ගේ අපේක්ෂක ලැයිස්තුව සකසන්නේ නම් ඊට එහා ගිය දේශපාලන පරිණතබාවයක් අපේක්ෂා කරන ඡන්ද දායකයන් ද රට තුළ සිටින බව ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය. එනම් ප්‍රාදේශීය සභාවට තේරී පත්විය යුතු, එසේත් නැතිනම් පළාත් සභාවට තේරී පත්විය යුතු ආකාරයේ පුද්ගලයන් විශාල පිරිසක් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුව තුළ අන්තර්ගතව ඇති බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. මන්දයත් එදා මහින්ද රාජපක්ෂ මාලනී ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන විට එය විවේචනය කළ කෙනෙකු ලෙස මෙදා අනුර කුමාර දිසානායක තමන්ගේ ජාතික ලැයිස්තුවෙන් චමිලා පීරිස් වැනි නිළියන් පාර්ලිමේන්තුවට යෝජනා කරන විට එය අගය කිරීමට මට නොහැකිය. ජනාධිපතිවරණ වේදිකාවේදී සෞම්‍ය ලියනගේ වැනි ප්‍රවීණයන්ගේ කතා වලට සවන් දුන් ඡන්ද දායකයාට දැන් සිදු වී තිබෙන්නේ චමිලා පීරිස් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමටයි. දෘෂ්‍යාබාධිත සුගත් වසන්ත ද සිල්වා ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ අනෙකුත් පක්ෂවල ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සංසන්දනය කිරීමේදී දැකිය හැකි එකම එක සාධනීය සාධකය බව සඳහන් කළ යුතුය.

සටන් කිරීමට පොදු හතුරෙකු නොමැතිව යුධ පිටියේ තනිවම සිටගෙන සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් හට ඉතාමත් ඉක්මනින් ජනතාවගේ පොදු සතුරා සොයා ගැනීමට සිදුවනු ඇත. මන්දයත් ජනාධිපතිවරණයේ දී ඔවුන් යොදා ගත් සටන් පාඨ තවදුරටත් මහ මැතිවරණයේ දී භාවිත කළ නොහැකි වීමයි. රාජපක්ෂවරුන් උපායමාර්ගික වශයෙන් පසුබැස තිබේ. එනිසා ඡන්ද දායකයා මෙවර මහමැතිවරණයේ දී ඡන්දය භාවිත කරන්නේ තමන්ගේ සිහින විනාශ කළ වයෝවෘද්ධ දේශපාලකයන් එලවා දැමීමට නොවේ. එය සිදු වී හමාරය. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ සිහින මල්ඵල ගැන්විය හැකි රටක් නිර්මාණය කිරීමට සමත් පාර්ලිමේන්තුවකි. එහිදී එම ප්‍රශ්නාර්ථය හමුවේ තම ඡන්ද දායකයා තෘප්තිමත් ද යන්න අනුර කුමාර දිසානායක විසින් දෙවරක් සිතිය යුතුය. ඉහත සඳහන් කළ පොදු සතුරාගේ බලය සිඳී බිඳී ගොස් නැවතත් නැවුම් සටන් පාඨයක අවශ්‍යතාවය මතුවන රික්තකය පිළිබඳව “NPP බඩගිනිකාරයින්ගේ පාර්ලිමේන්තු හීන බොඳ වෙයිද?” යනුවෙන් සේපාල් අමරසිංහ විසින් කරන ලද විවරණයට සවන් දීමට ඔබට ආරාධනා කරන්නේ මා විසින් මෙහිදී සටහන් කළ යුතුව තිබූ බොහෝ කරුණු මටත් වඩා පැහැදිලිව ඔහු විසින් ප්‍රකාශ කරන බැවිනි.

උණු නම් කිරි වූවද ඉවත ලනු මිසෙක කට පුච්චා ගැනීමට කව්රු නම් රිසි වෙත්ද

Latest comments

  • 3
    0

    මට පෙනෙන පරිදි සහ අත්විඳින පරිදි, ගෝඨාභයගේ දුර්වලතා සහ පාලනයේ මට්ටම් බිඳ දැමීමේ niyalena වත්මන් AKD ප්‍රමුඛ රජය තුළ කුඩා ප්‍රශ්න පවා resolve kara නැත.
    ගෝඨාභය රට පාලනය කළේ ඔහු පොරොන්දු වූ පරිදි සහ ඔහුගේ වියත්මග පණ්ඩිතයන් අපේක්ෂා කළ පරිදි නොවන බව කවුරුත් දනිති.
    පසුගිය ජනාධිපතිවරණයට සතියකට පෙර හිටපු ජනාධිපතිවරයාට භාරදුන් පාස්කු ඉරිදා ව්‍යසනය පදනම් කරගෙන AKD වාර්තාවක් නිකුත් කළ යුතු බව හිටපු අමාත්‍ය උදය ගොන්මන්පිල අද ඔප්පු කර තිබෙනවා.
    එහිදී ඔහුට සත්‍යය හෙළි වූයේ එවකට විපක්ෂ මන්ත්‍රීවරයා ලෙස ඒ.කේ.ඩී එය ප්‍රකාශ කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු දෙනාට අභියෝග කළ බවයි. අද මේ ජාතියේ ජනාධිපති වුණාට පස්සේ හිතපු විදියට වැඩ කරන්න බැරිව එහා මෙහා යනවා. විපක්‍ෂයේ ඉන්න හැම එකාම පණ්ඩිතයෙක් වගේ පේනවා, ඒත් ජනාධිපති වුණාට පස්සේ වික්‍රමසිංහ මහත්තයා ඇරෙන්න අනිත් හැමෝම බල්ලෝ වගේ. meeka thirisan ratak… boruwata thaena dena…. minisun atharaman karana
    .
    මෝඩ ප්‍රේක්ෂකයින් විසින් ආධිපත්‍යය දරන රැස්වීමක di ඕනෑම පහත් keneකුට වාචාල කතා කළ හැකිය, කෙසේ වෙතත්, ක්‍රියාකාරී දේශපාලනඥයන් ලෙස කාර්යය කිරීමේදී ඔවුන් අසමත් වේ. ඔවුන්ට කිසිසේත් කතා කළ නොහැක.

  • 3
    0

    අපේ අය බෙල්ල කපා ගත්තේ තමන්ගේ අතින්. පළමු වතාවට නොව ඊළඟ වතාවට.තඹුත්තේගම ජෝන් (ඒ තඹුගලට වෙනසක් නැත) සරල ප්‍රශ්න පවා හඳුනා ගන්නා බවක් නොපෙනේ. ඔහු දැන් රැවටිලිකාර ජාතිය ඉදිරියේ මැලවී ගිය මලක් මෙනි.
    ඔහුගේ කතා කෙසේ වෙතත්, අපේ බටහිර කුමන්ත්‍රණ-විශ්ලේෂක විමල් සක්කිලි වීරවංශ (හිටපු ජවිපෙ බර) ගේ වේදිකා කථික කුසලතාවන්ගෙන් කිසිවෙකුට නොදෙවෙනිය.
    .
    පසුගිය දශක 7ක පමණ කාලයක සිට මේ රටේ ජනතාව නොමග යැවීම සාමාන්‍ය දෙයක් වුවත් ඔවුන් දොස් පවරන්නේ දේශපාලනඥයන්ට පමණයි.

    දේශපාලනඥයෝ මහජන නියෝජිතයෝ. සිංහල බෞද්ධ, කතෝලික සහ හින්දු ආගම විසින් ප්‍රවර්ධනය කරන ලද වෛරයට හා පළිගැනීමට මිනිසුන් ගරු කිරීමට නැඹුරු වෙති.

    මම හිටපු ගුරුවරුන් (අප දන්නා අය මෙන් නොව) සහ ඉහළ වෘත්තිකයන් සමඟ කතා කළෙමි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ ජාතිය කිසිදා පාඩමක් ඉගෙන නොගන්නා බව මා සමඟ බෙදා ගත්හ. AKD ගැන තබාගෙන සිටි ඔවුන්ගේ බලාපොරොත්තු දැන් සුන් වී ඇත. දෛනික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අද ඉහළ යමින් පවතී. AKD ගේ දේශපාලනයේ අඛණ්ඩ හැසිරීම් සමඟ වැටුප් වැඩිවීමක් කළ නොහැක.

    tbd

  • 3
    0

    cont.
    රාජ්‍ය අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකරමින් තමන් පැමිණෙන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත් වත්මන් පිරිමින් ඒ පිළිබඳව බලාපොරොත්තු රහිතව සිටින අතර ඔවුන් තවමත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් නැත.

    දැන් නොවැම්බර් 14 වෙනිදා GE අප ඉදිරියේ පැවැත්වීමට නියමිත බැවින්, ඔවුන් ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 ලබා දෙන්නේ නම්, ප්රතිඵලය ආපසු හැරවිය නොහැකි වනු ඇත. ඔවුන් කාගිල්ස්, ෆුඩ් සිටි සහ කීල් සුපිරි වෙළඳසැල්වල රාක්කවලට මිනිස් මස් සහ ඇටකටු පවා ගෙන එනු ඇත. 89-92 හිතුවක්කාර ඝාතන ඔවුන්ගේ දක්ෂතා ලොවට ඔප්පු කළේය. Canibalism ඔවුන්ගේ ජීවන ආදර්ශ පාඨය විය.

    බොහෝ JVP (දැන් NPP වල සිටින) කුහකයි. AKD එය ජනාධිපති ලෙස ඔහුගේ පළමු සති 4 තුළ ඔප්පු කර ඇත.

    ඔවුන් සමාජයේ ඉතා දුර්වල සමාජ තත්වයන්ගෙන් පැමිණේ. සමන් විද්‍යාරත්න හෝ නලින් හේවගේ හෝ සුනිල් හඳුනෙත්ති හොඳම උදාහරණය. ඔවුන් විශ්ව විද්‍යාල තුළ අපට සැලකුවේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සතුරන් දුටුවාක් මෙනි

  • 3
    0

    මම ඉංග්‍රීසි (ජර්මානු, ප්‍රංශ, ස්විස් සහ තවත් බොහෝ අය) කතා කරන යුරෝපීයයන් සමඟ වැඩි වැඩියෙන් අන්තර් ක්‍රියා කරන නමුත් ඔවුන්ගේ දෙවන භාෂාව ලෙස, මම සමහර විට මගේ ඉංග්‍රීසි අදහස් දැක්වීමේදී වළක්වා ගත හැකි වැරදි කිහිපයක් කරමි. මම ඒකට සමාව ඉල්ලුවා. අනික ගොඩක් වෙලාවට මම අදහස් දක්වන්නේ ගුවන් තොටුපළවල හෝ දුම්රිය ස්ථානවල විවේකාගාරවල රැඳී සිටියදී. මම බොහෝ විට මගේ රැකියාව සඳහා යුරෝපයේ බොහෝ සංචාරය කරමි.

    විශේෂයෙන්ම මෙම සංසදයේදී සෑම මූලික උපාධිධාරියෙකුම මුලදී ඉගෙන ගත යුතු “භෞතික විද්‍යාවේ මූලික මට්ටම” ගැන තර්ක කරමින් කැපී පෙනීමට මට අවශ්‍ය නැත. මම දන්නවා LankaSCOT මාව හොඳට කියවන්න පුළුවන් කියලා. මම පොඩි කාලේ ඉඳන් ජාතිවාදියෙක් නෙවෙයි. මෙම සංසදයේ වඩාත්ම ගෞරවනීය අදහස් දක්වන්නා ලැන්කස්කොට් ය. ඔහුගේ පසුබිම බොහෝ දෙනෙකුට පැහැදිලිය.
    .
    කෙසේ වෙතත්, මම අපේ පැරණි CODGER CT හි සිටි කාලයේ සිට ඊටත් වඩා ගරු කරමි. එයා මට වික්ෂනරියක් වගේ. එයා හිටියෙ නැත්නම් මම සීටී එක දිගටම කරගෙන යන්නෙ නෑ. මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. එයා නොහිටියා නම් මම හිතන්නේ නෑ මම දිගටම CT එකේ ඉන්න.
    .
    ඔහුගේ තර්ක බොහෝ විට මගේ තර්කයට සමපාත වන බැවින් මට ප්‍රතිවිරෝධතා ඉතිරි කිරීමට අවශ්‍ය නැත. ඔහු බොහෝ ක්ෂේත්‍රවල පාහේ දක්‍ෂයි, නමුත් “රාජප් දේශපාලනය සහ රස්තියාදුකාරයන්ට සහාය දීම” ගැන නොවේ.
    :
    ලෙස්ටර් හෝ ඒ හා සමාන පුරසාරම් දොඩන මිනිසුන් (ඔහු ඩී.එස්.ගේ සියම් නිවුන් දරුවෙක් බව මට සැකයි) රාජපක්ෂ හෝ ඒ හා සමාන මිනිස් තිරිසනුන් නොමැතිව පැවතිය නොහැක.

  • 0
    3

    එක්තරා විදියකට විශ්ලේෂණය කරලා බැලුවම මනුෂ්‍යයන් බලාපොරොත්තු වන දේවල් ගැන පුදුම හිතෙනවා. මා විශ්වාශ කරන විදියට රට වල පල්ලට යන්ට පටන් ගත් 1970 සමගි පෙරමුණු රජයේ සිට අද දක්වා අවුරුදු පනස් හතරක් ගෙවී තියෙනවා. මේ දශක පහ තුලදී අසීමිත සමාජ ආර්ථික දේශපාලන වෙනස්කම් සිදුවී තියෙනවා – ඔක්කොම නරක පැත්තට. ඉතින් එවැනි පසුගාමී විෂම විකෘතී මජර ක්‍රමයක් මාසයකින් ඉවර කරන්නේ කෙසේද කියලා මේ ලේඛකයා ඉල්ලන දේවල් මට නම් තේරෙන්නේ නෑ. මේ හදිසිය කුමක්ද? කාගේද කියන අප්‍රශ්නයත් නැගෙනවා. සති දෙක තුනකදී රජය ඔප්පු කරවූ සාධනීය ලක්ෂණ ඔවුන්ගේ මන්ත්‍රී අපේක්ෂකයන්ගේ පැටිගිරිය උඩ නිශේධනය කරන්නේ කෙසේද?? NPP මැතිවරණ අපේක්ෂකයන් ගැන ඔබ මොනවාද දන්නේ?? ඔබ ඉල්ලන්නේ මහින්දගේ පුතා නාමල්, නැත්නම් අනුරුද්ධ රත්වත්තේගේ පුතා ලොහාන් වැනිවුන් NPP list එකේ සිටිය යුතුයි කියලද?? ඒ සඳහා ඔබ කොන්දේසි විරහිතව අනුගමනය කරන්නේ සේපාල් අමරසින්හ වැනි යූ ටියුබ් කාරයෝද ?? ඔබේ දේශපාලන දැනුම ගැන මට කියන්ට තියෙන්නේ අනේ අපොයි කියන එක තමා.

    • 2
      0

      ස්තුතියි Jit.
      ඔවුන්ගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වීමට කල් වැඩි බව මම දනිමි. නමුත් ඔවුන් පොරොන්දු වූ ඒ කිසිවක් අද ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබුණේ නැත. අනිත් හැම දේශපාලන පක්ෂයකම නරක මිනිස්සු ඉන්නවා කියන මතයේ මම නැහැ. මම රාජපක්ෂට සදහටම වෛර කරනවා, නමුත් මම අනෙක් සියලුම හොඳ දේශපාලනඥයන්ට වෛර කරන්නේ නැහැ. මමත් සමහර NPP පුද්ගලයන්ට ගරු කරනවා. නමුත් මම JVP එකට වෛර කරනවා. I dont respect Sepal and Suda. I am sorta unique guy.

      කෙසේ වෙතත්, මගේ එවකට මිතුරන් ඉලක්ක කර මරා දැමූ අයගෙන් මට බොහෝ දේ බලාපොරොත්තු විය නොහැක. පේරාදෙණියේ ආරම්භයේදී මමත් ගොඩක් දුක් වින්දා. කිසිම සාධාරණ හේතුවක් නැතිව සමහර JVP කාරයෝ මාව ගලාගෙන ගියා. එදා හවස බෙදාගත්තු මගේ යාලුවෙක් ටික දවසකට පස්සේ පිහියෙන් ඇනලා මැරුවා.
      .
      මම ආපසු ගෙදර යන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ගොදුරු වූ මව්වරුන් (ගාල්ල, මාතර සහ වැලිගම) සමඟ මම කටයුතු කරමි. සමහර මව්වරු මා තම ආදරණීයයා ලෙස හඳුනා ගැනීමට නොහැකිව මා දෙස බලා සිටින නමුත් මරා දැමූ පුතාගේ හොඳම මිතුරා වන අතර තවත් සමහරු තම ආදරණීය පුතුන්ගේ හිස ගසා දමා ඔවුන්ගේ නිවසේ ගේට්ටුවේ එල්ලා ඇති බැවින් ඔවුන්ට ඉතිරි වූ කම්පනයේ සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. වසර 35කට පෙර රටින් පිටව ගියත් මගේ වේදනාව තවමත් මිය ගොස් නැත. ඕනෑම රටක් ඕනෑම ආකාරයක වැරදිකරුවන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් දෙන නමුත් එම කාල සීමාව තුළ අකල් මරණ සහ ඝාතන ලෙස අප අත්දුටු සියල්ල එවකට ප්‍රේමදාස රජය විසින් සිදු කළේ නැත. මම ඒවා එදා ඇම්නෙස්ටි ජාත්‍යන්තරයට වාර්තා කළා. කම්පනය තවමත් අප සමඟ ය. මගේ හොඳම යාළුවා සනත් සෙන්විරත්න අතුරුදන් වුණා. ඔහු සිටියේ අඟුලුගහ ප්‍රදේශයේ ය. කෙසේ වෙතත්, පසුව ඔහුගේ ප්‍රතිවාදී ජවිපෙන් විසින් මළ සිරුර සොයා ගන්නා ලදී.

      • 0
        0

        හිතවත් LM, ඔබට ඇති සියලු ගෞරව සහිතව මේ ටික කියමි. ජවිපෙ කල මනුෂ්‍ය ඝාතන මා කිසිම විදියකින් සාධාරණීකරණය කරන්නේ නෑ. ඒවගේම ප්‍රා, කොළ කොටි, යනාදීන් කරපු ඝාතන ත් මා කිසිම විදියකින් සාධාරණීකරණය කරන්නේ නෑ. හැබැයි, සමස්තයක් ලෙස ගත්තාම නිදහසින් පසු කොපමණ නම් මනුෂ්‍ය ඝාතන ඔය හැම දේශපාලන පක්ෂයකින්ම කරලා තියෙනවාද? 1953 හර්තාලයේදී ආරක්ෂක හමුදාවක් අතින් සිදුවූ දේශපාලනීය මිනිස් ජීවිත නැතිවීම අද දක්වා දස දහස් ගණනකට වර්ධනය වී නැතිද? දෑස් වල කඳුළු ඇතිව ඩඩ්ලි අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේ එයට තමා වගකිව යුතු බව කියලයි. නමුත් ඉන් පසු වසර හැත්තෑවක් තුල කොතරම් නම් දේශපාලුවන් කිසිම කඳුලක් නැතුව, කෲර හදවත් වලින් තම ප්‍රතිවාදීන් මරා දැමීමට අණ දීලා තියෙනවද?? මේ සියලු රජයන් කල සිරිමා, ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා,රනිල්, මහින්ද, ගෝඨා යන සියල්ලම යටතේ කොතරම් මිනී මරා තියෙනවද? ඉතිං ජවිපෙ ඝාතන ගැන පමණක් කතා කරන්නේ ඇයි? අවම වශයෙන් AKD ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තියෙනවා. නමුත් අන් එක ජඩයෙක් වත් තමන් කල මිනී මැරුම් පිළිගෙන සමාව ඉල්ලා තියෙනවද?? ඔබ ඉතා ඉහලින්ම අගය කරනා රනිල් වික්‍රමසිංහ,දැන් හැම දෙයක්ම කරන්නේ ඔබම ඉතා දරුණුවට පහර දෙන රාජපක්ෂලා එක්ක දැඩිව බද්ධව කියලා බව ඔබ දන්නේ නැද්ද? වසර 80 ත් වඩා එකතු වී සිටි එජාප පාක්ෂිකයන් මිලියන ගණනාවක් ඉතා දරුණු ලෙස රටේම වත්කම් මහා දවාලේ හොරකම් කල රාජපක්ෂලාට පාවා දී පක්ෂය විනාශ කලෙත් රනිල්ම නොවේද?? ඔබ රනිල් අගයන හැම මොහොතකම රාජපක්ෂලාට ඔක්සිජන් දීමයි වන්නේ! මේ ගැන ගැඹුරට සිතන්න LM. ඔබට ඕනෑම දේශපාලකයකුට පහර ගහන්න ඇති අයිතියට ගරු කරමින්, එය පිළිගනිමින් මා නවතිමි.

  • 1
    0

    ශ්‍රී ලංකාව බොරු ගුහාවකි.
    AKD හට එය ප්‍රථමයෙන් වෙනස් කළ හැකි නම්, වෙනත් වෙනස්කම් සිදු කිරීමට පෙර, එය අනෙකුත් සියලුම පසුකාලීන නියමිත වෙනස්කම් වලට ප්‍රමුඛත්වය වනු ඇත.
    වැඩිවන ජීවන වියදමෙන් මිරිකී සිටින අපායක් බඳු රටේ ජනතාව පෙළඹවිය හැකි කිසිවක් ශ්‍රී ලංකාවට ඉහළින් ඇති වලාකුළේ නැත, ඕනෑම බොරුවක් ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත්වේ.
    ජාමූඅ සමඟ එකඟ වෙමින් දැඩි වෙනස්කම් දිගටම කරගෙන යාමට “ජන වරමක්” නොමැති බව හිටපු ජනාධිපතිවරයාට නැවත නැවතත් පහර දුන් කාලය ගෙවී ගියේය. කෙසේ වෙතත්, දැන් ජනතා වරමක් ඇතිව, ඉරා දැමූ ජාතියේ ජනාධිපති බවට AKD පත් වූ නමුත්, සරල ප්‍රශ්න සම්බන්ධයෙන්ද ඔහු පොරොන්දු වූ ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැත.
    :
    වංචාව පෙර පරිදිම මාධ්‍ය ආධිපත්‍යය දරන අතර ජාතිය නොමඟ යවමින් සිටී. මාධ්‍ය වංචනිකයින් පක්ෂ අපේක්ෂකයින් බවට පත් වී මේ රටේ සමාජ සංස්කෘතික අවුලෙන් වරදක් නැති අය සේ ක්‍රියා කරයි.
    හිටපු රජයේ පරීක්ෂණයක නිගමනවලට කාදිනල් MR ගරු නොකරන්නේ කෙසේද? ඔහු එය දිගටම කරගෙන යයි. පසුගිය වසර 20 තුළ මේ රටේ හිතාමතා ඇති කළ අවුල් සහගත තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ආගමික නායකයන්ය.

  • 1
    0

    Jit,
    මම ඔබගේ අදහස් වලට ගරු කරමි, නමුත් මට හිටපු ජනාධිපති RW සහ පසුගිය වසර දෙක සම්බන්ධයෙන් වෙනස් ආකල්පයක් ඇත. ඊට පෙර මම ඔහු සහ ඔහුගේ දේශපාලනය ගැන සමීප අධ්‍යයනයක් කර තිබුණේ නැහැ.

    මම කවදාවත් කිසිම දේශපාලන පක්‍ෂයකට, සමහර අයට හිතවත් කෙනෙක් නෙවෙයි. Also respected, 90 දශකයේ දිවංගත ඇමැතිවරුන් වූ ලලිත් ආතලමුදල සහ එල්.කේ.ආර්.ආර්.

    අනික ඔයාට කියන්න මම හිතන්නෙ JVP එකේ හරි NPP එකේ හරි ඉන්නේ okkoma හොඳ මිනිස්සු නෙමෙයි. ඒක හරිම පටු අදහස්.
    මම මීට පෙර සමහර JVP සමඟ assoicate කර ඇති අතර ඔවුන්ට කළ හැකි දේ මම දනිමි: මම NPP වලට කැමති විය හැකි නමුත් කිසි විටෙකත් JVP මානසිකත්වයට රැඩිකල් ලෙස සහයෝගය දැක්වීමට අවශ්‍ය නැත. මගේ පැතුම නම් NPP වැඩි NPP ආධිපත්‍යය දැරීමයි. මේ වන විට එහි පෙරමුණ ගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පෙනේ.
    .
    වැදගත්ම දේ තමයි අපේ මිනිස්සුන්ගෙ සාමාන්‍ය ආකල්ප වෙනස් කරන එක ලේසි නෑ කියලා මම විශ්වාස කරනවා. ඔවුන් විඳදරාගැනීම සහ නොපසුබට උත්සාහය පුහුණු කිරීමට සමත් විය යුතුය. එවිටයි අපට ආර්ථික ප්‍රගතිය ළඟා කර ගත හැක්කේ.
    .
    දන්නා හැම දේශපාලන පක්ෂයකම සැබෑ අපරාධකාරයෝ ඉන්නවා. ඔයයි මගෙයි වෙනස තමයි මම හිතන්නේ JVP හැමදාම පිරිසිදුයි කියලා.
    ඔබට කියන්නට, . අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ එක්සත් රාජධානියේ සිටින මිතුරන් කිහිප දෙනෙකු මම දනිමි. මම ඇයව මුණගැසුණු දා සිට ඇයට ගරු කළා.
    .
    තවද, බොහෝ දෙනා මෙන්, මම මුළු වසර 76ටම දොස් නොකියමි.
    යටත් විජිතකරණයෙන් වසර 400කට පසුවත් අපේ ජනතාව තවමත් තම අනන්‍යතාව සොයා ගැනීමට අරගල කරමින් සිටියහ. අපේ මිනිස්සුන්ට ඒ කාලේ thibuan wahal මානසිකත්වය ගැන හිතලා ඡන්ද අයිතිය ලේසියෙන් ලබාගෙන අපේ අයට දුන්නේ නැහැ.
    එහෙත් සිංහල භාෂාව ප්‍රධාන වීමත් සමඟම නිදහස් අධ්‍යාපනය තුළින් ගැමියන්ට ඉදිරියට පැමිණ තම අරමුණු ඉටුකර ගත හැකි බව පැහැදිලි විය.

    එසේම පසුගිය වසර 75 තුළ අප ලැබූ ලොකුම ජයග්‍රහණය නිදහස් අධ්‍යාපනයයි. මෙය අවතක්සේරු නොකළ යුතුය. පකිස්ථානුවන් සහ බංගලාදේශ ජාතිකයන් අපේ කුඩා රටේ පාසල් සාක්ෂරතා මට්ටම ගැන සිහින දකියි.

    • 2
      0

      LM ඔබ පැහැදිලිවම මා ලිවූ දේ හරියාකාරව අවබෝධ කරගෙන නෑ. මා කිසි තැනක කියලා නෑ ජවිපෙ ඉතා පිරිසිදුයි කියා. මා ඉතා පැහැදිලිව කීවේ නිදහසින් පසු සියලු ලාංකීය දේශපාලු පක්ෂම මිනී මරා ඇති බවත් ඒ ගැන සමාව ඉල්ලුවේ ඩඩ්ලි සහ ජවිපෙ පමණක් ය කියා. කරුණාකර මට කියන්ට වෙන කවුද එසේ කර ඇත්තේ කියල – මෙතෙක් නොදත් දෙයක් ගැන මා දැනුවත් කරන්න. රනිල් පිරිසිදු චරිතයක් යැයි මා තැබූ විශ්වාශය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනේ අසික්ඛිත රාජපක්ෂ රෙජිමයට විරුද්දව 2015 දී නැගී සිටි මිලියන ගණනාවක් ජනතාව, වාමාංශිකයන් පවා, එක්ව පිහිටවූ යහ පාලනය බිඳ දැමීමට රනිල් මුල සිටම අන්චි ඇදීම නිසයි. සෝබිත හාමුදුරුවන් ප්‍රමුඛ යහපාලන කණ්ඩායමට ඕනා උනේ කරු ඉදිරිපත් කිරීමටයි. නමුත් රනිල් CBK සමග එකතු වී ඒ සියල්ල කඩා දැම්මා.

      ඔබ කියන නිදහස් අධ්‍යාපනය ලාංකික සිසුන්ට ලැබුනේ පසුගිය වසර 76 තුල නොවෙයි. එය ඉතා වැරදි වැටහීමක්. 1938 දී ආචාර්ය CWW කන්නන්ගර රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ පනතක් නිසයි 1945 ඔක්තෝබර් සිට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුනේ. 1931 දී අපට චන්ද බලයත්, ඊට පෙර සිට නිදහස් රෝහල් සේවයත් යනාදී මේ සියල්ල ලැබුනේ අප නිතරම බණිනා සුද්දන්ගේ පාලන කාලය තුලයි. සිංහල පමණක් නීතිය යටතේ 1956 සිට පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කර ඒ වල අධ්‍යාපනය සිංහලයෙන් නොමිලයේ දීමට බන්ඩාරනයක සමත් උන බව විතරක් කිව හැකියි. පසුගිය වසර 76 තුල අප යම් අංශ වල යම් සාධනීය දියුණුවක් ලබා ගත්තද ඉතා බහුතරයක් අංශ වල ගුණාත්මක භාවයන් ඉතා පහලට වැටිලා තියෙන්නේ. 1948 අපට විදේශ සම්පත් අතිරික්තයක් තිබුනා. අද අපි උස්මුරුත්තාවටම ලෝකෙට ණය වෙලා විතරක් නොවෙයි වාරිකයක් වත් ගෙවා ගන්ට බෑ. 48 පෙර තිබු ඉතා පිරිසිදු සිවිල් සේවයක් 70 ගණන් වලින් පසු ඉතාම ජරාජීර්ණ දූෂිත භාවයට ඇද වැටිලා. විභාගයක් හරියට තියා ගන්ට බැරි රටේ කොච්චර විභාග දූෂණ වෙනවද? විශ්ව විද්‍යාල වල 60 ගණන් වලට පෙර වියතුන් වෙනුවට දැන් ඉන්නේ පාලකයන්ගේ දෙපතුල් ලෙව කන උප කුලපතිලා නොවෙයිද?? පගාවක් නොදී උප්පැන්න සහතිකේ සිට මරණ සහතිකේ වත් ගන්ට බෑ. පැනඩෝල් පෙත්තක් වත් නැති රෝහල් වල අනිත් දේ ගැන කුමන කතාද?? 1948-2004 කාලයේදී කොතරම් ලක්ෂ ගණනාවක් මනුෂ්‍යන් ඝාතනය කරලා තියෙනවද LTTE මිනීමරුවන් විසින් ද ඇතුළුව? තව මොනවාද වසර 76 ක දියුණුව ගැන කියන්ට තියෙන්නේ??

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.