
අමිල මුතුකුට්ටි
මේ වන විට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කළ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ලක්ෂ 57 ක් වූ ඡන්ද දායකයින් විසින් තෝරා පත්කරගෙන ඇති බව අපි සැවොම දනිමු. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ මැතිවරණය සඳහා දින නියම කොට තිබේ. ඒ සඳහා විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් සන්ධානගත වීමට උත්සාහ දරන්නේ ඔවුන්ගේ දේශපාලනික පැවැත්ම බරපතල තර්ජනයකට ලක්ව ඇති බව අවබෝධ කරගැනීමෙන් පසුවය. එහිදී සමගි ජනබලවේගය ප්‍රකාශ කොට සිටින්නේ ඔවුන්ගේ පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිවරයා විය යුතු බවයි. ඒ අතර විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් සජිත් ප්‍රේමදාස හට දැනටමත් හිමිව තිබූ විපක්‍ෂ නායක තනතුර ඩැහැ ගැනීමට මාන බලමින් සිටිති. මේ සියල්ල සිදු වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික බංකොලොත් බාවයකින් ගොඩ එමින් සිටින අදියරකදී ය. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා ශ්‍රී ලාංකේය ඡන්ද දායකයා විසින් ගත යුතු තීරණය අතිශයින්ම වැදගත් වන්නේ එය සැප්තැම්බර් 21 දා ගනු ලැබූ තීරණය සාර්ථක කරගැනීමේ විභවතාවය තීරණය කරන්නක් වන බැවිනි.
අපගේ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිධුරය කෙතරම් බලසම්පන්න එකක් වූවද ඔහුට පාර්ලිමේන්තුවේ සහයෝගය නොමැතිව ඒවා ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වේ. රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු වස් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුළුණු තුන අතර තුලනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වනාවක් මෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය එකම අරමුණක් ඔස්සේ සහයෝගීව ගමන් කිරීම අත්‍යවශ්‍ය දෙයකි. තවදුරටත් සඳහන් කළ යුත්තේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කළ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායකයේ සහයෝගය අවශ්‍ය වීමයි. විශේෂයෙන්ම ඔහු විසින් අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍ය වන අවස්ථා වලදී එසේ නොමැති වූවහොත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි සහ ඡන්ද දායකයා අපේක්ෂා කළ පරිදි ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත. එබැවින් එළඹෙන මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යැවීම ඉහත කී ලක්ෂ 57 ක් වූ ඡන්ද දායකයන්ගේ මෙන්ම අනෙකුත් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයන්ගේ ද වගකීමකි. එසේ නොවුණහොත් සිදුවන දේශපාලනික අස්ථාවරත්වය සහ එයින් ඇතිවන ආර්ථික අස්ථාවරත්වය මිලියන 22 ක් වූ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව අතරේ බෙදී යනු ඇත. එහෙත් එවැනි කම්පනයක් දරාගත හැකි මට්ටමක ශ්‍රී ලංකා ආර්ථිකය නොමැති බැවින් නොවැම්බර් 14 වනදා අප විසින් ගනු ලැබීමට නියමිත දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් වඩාත් පරෙස්සම් විය යුතුමය.
රනිල්-මෛත්‍රීපාල හවුල
2015 ජනවාරි 8 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගන්නේ පැවති රාජපක්ෂ පාලනය පෙරලා දමා රට තුළ යහපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය. එහෙත් ඔහුට සහයෝගය දුන් කණ්ඩායම වූයේ එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අතර ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වේ යැයි එහිදී ඡන්ද දායකයා අපේක්ෂා නොකළේ ඔහුට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂ කඳවුරේ සහාය ලැබීම නිසාය. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ද සහයෝගය දක්වන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන සඳහා ය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූවද තමන් හැර ආ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද්දේ ඡන්දයෙන් පැරදුණු පිරිස් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට රැගෙන තමන්ගේ ම කණ්ඩායමක් නිර්මාණය කරගැනීම යි. එයින් ඇරඹුණු රනිල්-මෛත්‍රීපාල දීගයේ ගැටුම උච්ඡතම අවස්ථාවට පැමිණෙන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා දමා ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙනි. එයින් ඇති වූ දේශපාලන අස්ථාවර බාවය දින 52 පුරා පැවති අතර එයින් ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වයට ඍජු බලපෑමක් එල්ල කළේය. ඒ අනුව රනිල් මෛත්‍රීපාල හවුලේ වියවුල කෙලවර වූයේ ජනතාව විසින් මීට පෙර තමන් විසින්ම බලයෙන් නෙරපා දැමූ රාජපක්ෂවරු නැවතත් බලයට ගෙන ඒමෙනි.
රනිල්- චන්ද්‍රිකා හවුල
එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඇය විසින් පාර්ලිමේන්තුවා විසුරුවා හැර 2001 වසරේ දෙසැම්බර් මස මහ මැතිවරණය පවත්වන ලදී. මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නම් වූ දේශපාලන සන්ධානය ජයග්‍රහණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හට සිදු විය. ඒ අනුව 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන හට සිදු වූවාක් මෙන් 2001 වසරේ දෙසැම්බර් මස 7 වනදා සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හට ද සිදු වූයේ තමන්ට ප්‍රතිවිරුද්ධ අගමැතිවරයෙකු ප්‍රමුඛ ආණ්ඩුවක් සමඟ කටයුතු කිරීමටයි. එහිදී විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සංහිදියාව තහවුරු කිරීමේ අරමුණින් ව්‍යවස්ථානුකූලව තබා ගත හැකි වූවද ආරක්ෂක අමාත්‍යංශය පවා චන්ද්‍රිකා විසින් රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ලබා දෙන ලදී. කෙසේ වෙතත් එම සංහිදියාව වැඩි කල් පැවතුනේ නැත. රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරන ලද ඊනියා සාම ගිවිසුම හමුවේ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගිය අතර ඔවුන් විසින් සාම ගිවිසුම කඩ කළ වාර ගණන දිනෙන් දින ඉහළ ගියේය. මිලේනියම් සිටි පාවාදීම ඇතුලු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම් තවදුරටත් උත්සන්න වීම හමුවේ අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිනිය අතර මත ගැටුම් ද උත්සන්න විය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ 2003 නොවැම්බර් මස 5 වැනිදා ආරක්ෂක අමාත්‍යංශය, අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ජනසන්නිවේදන සහ තැපැල් හා විදුලි අමාත්‍යංශය යන අමාත්‍යංශ ජනාධිපතිනිය යටතට පවරා ගැනීමයි. ඒ අනුව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමේ අවසාන ප්‍රතිඵලය වූයේ ජනාධිපතිනිය විසින් 2004 පෙබරවාරි මස 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.
ඉහත හවුලේ ඇති වූ වියවුල හේතුවෙන් කොටි ත්‍රස්තවාදීන් තවදුරටත් ශක්තිමත් වූ අතර රට අභ්‍යන්තරයේ අනෙකුත් කටයුතු දැඩි ලෙස අඩපණ විය. මහජන ඡන්දයකින් පත් වූ ආණ්ඩුවක් වසර දෙකක් පමණක් පැවතීම සහ නැවත මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් වැයවන මහජන ධනය පිළිබඳව සලකා බලන විට විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිවන ගැටුමේ අවසන් ප්‍රතිඵල පිළිබඳව කිසියම් විනිශ්චයකට එළඹිය හැකිය.
අපේක්ෂාව
දැන් අප සිටින්නේ, ගෙවුම් ශේෂ අර්බුදයෙන් හටගත් ආර්ථික අස්ථාවරත්වයෙන් ද, ජනාධිපති ගෝඨාභය පලවා හැර පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම හරහා ඇති වූ දේශපාලන අස්ථාවර බාවයෙන් ද ගොඩ එමින්ය. එවැනි අවස්ථාවක දී නැවතත් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතරේ ගැටුම් ඇති නොවන සේ ශක්තිමත් ආණ්ඩුවක සහාය ජනාධිපතිවරයාට ලැබෙන සේ කටයුතු කිරීමට ඡන්දදාකයන් වන ඔබට ඇත්තේ අත් නොහළ හැකි ආකාරයේ වගකීමකි. යම් හෙයකින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ලෙස විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ගෙනයන ආණ්ඩුවක් පිළිබඳව උපකල්පනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබේ මුවගට නැගෙන සිනහවෙන් කියවෙන්නේ එයින් ඇති විය හැකි අර්බුදයේ බරපතලකමයි.
සජිත් ප්‍රේමදාස විසින් දැන් කළ යුතුව ඇත්තේ තමන්ට අහිමි වන්නට නියමිත විපක්‍ෂ නායක ධූරය තබා ගැනීම වෙනුවෙන් වෙහෙස වීමයි. එසේම තමන්ගේ පක්‍ෂය ශක්තිමත් කර ගනිමින් ශක්තිමත් විපක්‍ෂයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමයි. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබීමයි. එසේම තමන් විසින් දේශපාලන වේදිකා වලදී කරනු ලබන කතා පටිගත කොට නැවත නැවතත් ශ්‍රවණය කිරීම ද අත්‍යවශ්‍ය බව සජිත් ප්‍රේමදාස වෙත යෝජනා කරමි. එසේ නොවුණහොත් ශ්‍රී ලාංකේය දේශපාලනයේ “සූත්තර පුංචා” ලෙසින් හැඳින්වෙන රනිල් වික්‍රමසිංහගෙන් තමන්ගේ දේශපාලන ගමන කෙලවර වීම වළක්වා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.
තමන්ට ඡන්දය නොදුන් මහජනයාගේ කැමැත්ත තමන් වෙත ලබා ගැනීම වෙනුවෙන් තමන් වැඩ කරන බව ජනාධිපති අනුර කුමාර ප්‍රකාශ කළ ආකාරයටම එය සිදු වෙමින් පවතී. ගත වූ දින කිහිපයෙන් ඉදිරි වසර පහක කාලයක් පිළිබඳව වූ විනිශ්චයකට එළඹිය නොහැකි වූවද හැදෙන ගහ දෙපෙත්තෙන් හඳුනාගත හැකි බව ද සඳහන් කළ යුතුමය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී අවසන්ය. ඔබගේ දේශපාලන මතය කුමක් වූවද රට තුළ විධායක ව්‍යවස්ථාදායක ගැටුමකින් දේශපාලන අස්ථාවරත්වයක් රට තුළ ඇති නොවන සේ ඡන්දය භාවිත කිරීමට ඔබට වගකීමක් ඇත. එනම් බහුතර බලය සහිත මාලිමා ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වේ. එනිසා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත මාලිමා රජයක් පිහිටුවීම වෙනුවෙන් ඔබේ ඡන්දය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබේ දේශපාලන මතවාදය අනුව කිසියම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් එය සිදු කළ යුත්තේ මේ මොහොතේ නොව 2029 වර්ෂයේ දී ය.
leelagemalli / September 29, 2024
පක්‍ෂය කවුරු බලය ගත්තත් අතිශයෝක්තියට සහ අපචාරවලට ඉඩ නොදිය යුතු යැයි මම සිතමි.
–
#අපි දැඩි නීති හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතුයි. මම හිතුවා AKD ඒකෙන් පටන් ගනීවි කියලා, කෙසේ වෙතත්, ඔහු යම් විනෝදයක් ලබා ගැනීම සඳහා ඔහුගේ ත්‍රාසජනක චිත්‍රපට දෙසට වලිගය ඔසවයි :.. ඒ ඇයි?
.
වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ NPP හි ප්‍රචණ්ඩකාරී පුතුන් සෑම විටම ඔවුන්ට විරුද්ධව හඬා වැලpuna බැවින් ම්ලේච්ඡයන් විසින් භාරගත් වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාරවරයා සහ මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනෙකු නෙරපා හරිනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු.
කිසිවක් සිදු නොවන අතර ඔවුන්ගේ සංඥා ද නැත. කොහෙද new change ?
–
ඒවගේම මේ දවස්වල JVP කාරයෝ ප්‍රදර්ශනය කරන ඔය කීර්තිමත් වාහන ටික ඩොලර් අර්බුදයක් එන විදියට ක්‍රියාත්මක කරන්න ඕන. එවිට පමණක්, ඔවුන්ගේ බුරන ශබ්දය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඝෝෂාකාරී නොවන බව බල්ලන්ට වැටහෙනු ඇත. සතියක් ගෙවී ගොස් ඇත, බයියා ප්‍රීති ඝෝෂා නඟමින් සිටින අතර සැබෑ මොළකාරයන් ඔවුන්ගේ ප්‍රකාශනයෙන් වැළකී සිටින්නේ ඔවුන්ට එම වෙනස නිසා එපා වී ඇති නිසා සහ ඉක්මනින් රටට කුමක් සිදුවේදැයි ඔවුන් දන්නා බැවිනි.
/
leelagemalli / September 29, 2024
AKD JVP නායකයා නේද?
–
එදා ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානුවන්ගේ සහ අනෙක් අතට අන්ත සතුරන් විය.
–
දෙමළ සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඔවුහු දැඩි ලෙස විරුද්ධ වූහ. අද ඔවුන් උතුරේ ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසිම ලැජ්ජාවක් නැතිව සහාය පතයි. වසර ගණනාවක් ගෙවී ගිය අතර, AKD සහ ප්‍රමුඛ කණ්ඩායම් එය අර්ථකථනය කළේ තේරී පත් වූ රජයන් අපේ මාතෘභූමියේ සිංහල ආධිපත්‍යයට හානි කිරීමට පාර කැපුවා සේ ය.
නමුත් NPP යටතේ AKD ඉන්දියානුවන් සමඟ ගනුදෙනු කරන්නේ ඔවුන් ඊයේ ඉපදුණාක් මෙනි. අනික එයා “සැබෑ JVPr” කෙනෙක් වගේ හැසිරෙන්නේ නැහැ. ඒක කොහොමද? ප්‍රචණ්ඩ ෆැසිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණේ ඇස් ඇරීමට ආචාර්ය හරිනි අමරසූරිය උගන්වා උපකාර කර තිබේද?
:
AKD ආචාර්ය නන්දලාල් ඩබ්ලිව් ඉවත් නොකළ අතර ඔහු වහාම ජනාධිපති විය. ඔහු “2015 සිරිසේන ආණ්ඩුවේ” මුල් යුගය අනුකරණය කරමින් තම සරල ජීවිතය පෙන්වීමට උත්සාහ කරනවා හැර වෙනත් පැහැදිලි පියවරක් ගෙන නැත.
නමුත් අද AKD ගේ රජය යටතේ නව සාකච්ඡා වටයක් සිදුවේද යන්න පිළිබඳ එක වචනයක්වත් අහසේ නැත.
.
ඉතින් කවුද බොරු කිව්වේ? AKD හෝ RW?
/