19 April, 2024

Blog

ආණ්ඩුව සිතන තරම් මිනිසුන් නිද්‍රාශීලී නැත

අසංක අබේරත්න

අසංක අබේරත්න

කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබදව කතාකරන බොහෝ අවස්ථාවලදී උදාහරණයට ගන්නා එක්තරා උපහාස කතාවක් මතකයට නැගේ‍. ඒ ගිරවාගේ සහ කපුටාගේ කතාවයි. දිනක් කසල ගොඩක වැසූ කපුටෙකු අසල නිවසේ කූඩුකර සිටි ගිරවකු දැක මෙසේ ඇසීය. ‘යාලුවේ උඹ මොකද මේ කූඩුවේ’. එවිට ගිරවා ‘මම කතාකරනවා වැඩී. ඒ නිසා මාව කූඩු කරලා’. ගිරවා පෙරලා කපුටාගෙන් ප්‍රශ්ණයක් ඇසීය. ‘මිතුර, නුඹ වැනි අයව කූඩුවක දමා සිටිනවා මා දැක නැත. ඒ මන්ද?’ ‘ජරාව කන නිසා’ කපුටා පිළිතුර දුණි. බොහෝ උපහාස කථා අතර ගිරවාගේ සහ කපුටාගේ කතාව කොවිඩ් වසංගතය මැද වඩාත් උද්වේගකර අවස්ථාවට පැමිණ තිබේ. ප්‍රබන්ධ හෝ මිත්‍යා කථා පවා දැන් මිහිපිට යතාර්ථයට උදාහරණ සපයමින් තිබේ.

පොලිස් පීඩා වසංගතය

සමාජ ආර්ථික පීඩාවට එරෙහිව වසංගතය මැද වුවද ජනාව උද්ඝෝෂණවල නිරත වේ. ආණ්ඩුව සහ උද්ඝෝෂණ විරෝධී සමහර පුද්ගලයින් මෙය බලාපොරොත්තු නොවුණු බව උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් පැහැදිළි වේ. පසුගිය කාලයේ ඔවුන් පුන පුනා කී දෙයක් නම් අනෙකුත් පීඩාවන් ගනන් නොගෙන කොවිඩ් වසංගතය පාලනය කිරීමට හමුදාව සහ පොලීසියට සහාය දෙන ලෙසයි. එහෙත් ඔවුන් සිතන තරමටම ජනතාව එතරම් නිද්‍රාශීලී නැත. අද වනවිට පොහොර නොමැතිව පීඩාවට පත්ව සිටින ගොවීන්, ඉන්ධන මිල ඉහළ යාම සහ මුහුදු ජලය විශවීම නිසා ජීවන මාර්ගය අහිමිව සිටින ධීවරයින්, වැටුප් හා රැකියා අහිමිව යන කම්කරුවන්, අධ්‍යාපන පෞද්ගලීකරණයට සහ කොතලාවල මිලිටරි අධ්‍යාපන පනතට එරෙහිව ආණ්ඩුවේ නීච අපවාද මධ්‍යයේ හඩනගන ගුරුවරු හා විශ්වවිද්‍යාල සිසුන් මේ වනවිට ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණවී සිටීම ආණ්ඩුව දකින්නේ දේශපාලන කුනාටුවක් සේය. ”උද්ඝෝෂණය කරන්නේ ගෝත්‍රිකයෝ”, ”ගුරුවරු කියන්නේ කාලකන්නි”, ”ඔන්ලයින් උගන්වන්න එක ගුරුවරයෙක් හිටියම ඇති” ඇමතිවරු කළ එම ප්‍රකාශවලින් පැහැදිළි වන්නේ දිනෙන් දින වර්ධනයවන විරෝධය හමුවේ ආණ්ඩුව කලබලවී ඇති බවයි.

මේ දේශපාලන ව්‍යාකූලත්වය මැද එක් අතකින් ආණ්ඩුව අපරාදකරුවන් නිදහස් කරයි. අනෙක් අතින් අයිතිවාසිකම් ඉල්ලා හඩනගන දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගනී. නිරෝධාන නීතිය යැයි කියමින් උද්ඝෝෂණවලට පොලීසිය සිදු කරන මැදිහත්වීම ඉතාමත් නින්දාසහගතය. නිරෝධාන නීති සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වුවත් පොලීසිය විසින් එය කඩාකප්පල් කරයි. විරෝධතාවේ නිරත ජනතාව නිරෝධාන නීති සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ආරක්ෂා කිරීමට වගබලා ගත්තද පොලීසියේ හැසිරීම ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක්වී තිබේ. එහෙත් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය භාවිත කරන්නේද මේ නිරෝධාන නීතියයි. අධිකරණයෙන් ඇපලබා නිදහස් වුවද සෞඛ්‍ය නිර්දේශවලින් තොරව පොලිසිය විසින් අයිතිවාසිකම් උදෙසා අරගල කරන ක්‍රියාකාරිකයින් නිරෝධායනය සදහා බලහත්කාරයෙන් රදවාගනී. ගුරු සංගම් නායකයින් සහ කම්කරු නායකයින් හමුදා කදවුරු තුළ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානවල බලෙන් රැදවීම තවත් ආකාරයකට සිර අඩස්සියට ලක්කිරීමකි.

ආණ්ඩුවේ තර්ජන හා මර්දනය

කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරවලදී රැකියා හෝ ආදායම් මාර්ග අහිමි ප්‍රජාව කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුය. එහෙත් අවාසනාවකට මෙන් එවැනි ක්‍රමවත් සුබසාධන වැඩපිළිවෙලක් වෙනුවට ආණ්ඩුවේ තර්ජනය හා මර්දනය අපි අත්දකිමින් සිටිමු.

පසුගිය දිනෙක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය හරහා සිදු කළ තර්ජනයද එවැන්නකි. ”අපේ ජනාධිපතිතුමයි ආණ්ඩුවයි හොද වැඩී. එක කපුටෙක් මරලා තට්ටක් එල්ලුවනම් ඔක්කොම හරි”. ජොන්ස්ටන්ගේ මෙම ප්‍රකාශයට අභියෝග කිරීමෙන් ඵලක් තිබේද? අනෙක් අතට මෙය තර්ජනයක් බැවින් එය සරල කතාවක් ලෙස බැහැර කළ හැකිද නොවේ. එහෙත් පැහැදිළිවම ජොන්ස්ටන්ට බරපතල පැටලීමක් සිදුව තිබේ. ගැමි ජනතාව වී හෝ ධාන්‍ය අස්වැන්න නෙලාගැනීමෙන් පසුව ඒවා හිරු එළියෙන් වියලා ගනී. එහිදී කපුටන්ගෙන් ඒවා ආරක්ෂාකර ගැනීමට කපුටකුගෙන් හැලී ගිය තටුවක් ඒ අසල කණුවක එල්ලා සුළගේ සෙලවීමට සලස්වයි. එහෙත් ජොන්ස්ටන් කපුටන් මැරීම සහ තටු එල්ලීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ආණ්ඩුවේ පෞද්ගලීකරණ සහ මෙරට ඉඩම් පිටරටවලට විකිණීමේ වැඩපිළිවෙලට විරැද්ධ වන දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිකයින් ඝාතනය කිරීම ගැන නොවේද? ඔහුගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශය අප තවත් කෝණයකින් ප්‍රශ්න කළ යුතුය. එනම් සුදුවට සැරසුණු කලු කපුටන් සිටින්නේ මේ ආණ්ඩුව තුළ නොවේද? වංචා, දූෂන, මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම් සහ පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සහ ප්‍රමාණවත් සාක්ෂි තිබියදී පවා අපරාදකරුවන් නිදහස් කරමින් වින්දිතයින්ට නින්දා කරන කපුටන් සිටින්නේ ආණ්ඩුවේය. එසේනම් ආණ්ඩුව නියෝජනය කරන පුද්ගලයකුගෙන් එල්ලවන මෙවැනි තර්ජනවලට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

ජොන්ස්ටන් ඇතුලු වත්මන් ආණ්ඩුවට ව්‍යංගයෙන් මේ කියන්නේ කපුටෙකු මෙන් මිනිසෙකු වුව මරා එල්ලීමට එතරම් අභියෝගයක් නොවන බව යැයි අපි දනිමු. මන්දයත් ඉතිහාසය පුරාවට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය කෙරෙන් එය සනාථ කර තිබෙන නිසාය. අනෙක් අතට හැකිනම් එසේ කරන්න යැයි අභියෝග කිරීමෙන්ද අප පරිස්සම් විය යුත්තේ තවදුරටත් මේ භූමියේ මිනිසුන් අතුරුදහන්වනවාට හෝ ඝාතනය වනවා දැකීමට අපි තරයේම විරුද්ධ නිසාය. අතුරුදහන්කරවීම හෝ ඝාතනය කිරීම මානව වර්ගයාට එරෙහි බරපතල අපරාදයක් සහ එය නැවත නැවත සිදුවීමට ඉඩ නොතැබිය යුතු නිසාත්ය.

එහෙත් ආණ්ඩුවට කළ යුතු සැබෑ අභියෝගයක් ඇත. එනම් අවි බලය, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන්කරවීම් හෝ පුද්ගලයින් ඝාතනය කිරීම නැවත සිදු නොකිරීමට තරම් වගබලාගත හැකිද? වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුකළ හැකිද? ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතීන් ලබාදිය හැකිද? මන්දයත් 1948 සිට වසර 73ක් පුරා එකම දේශපාලන කණ්ඩායමක් තට්ටුමාරු ක්‍රමයට බලයට ගෙනා පරම්පරාවක වත්මන් පුරුකට දිනා ගැනීමට මිස නැතිවීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරිවද නැත. අනෙක් අතට ආණ්ඩුව සිතන තරම් මිනිසුන් නිද්රාශීලීද නැත.

Print Friendly, PDF & Email

Latest comments

  • 7
    1

    අසන්ක, දැන් මේ රටේ මේ වැඩ කෙරෙන විදියට, මහා අපරාද කාරයො .. මේ රටේ ඊලන්ගජනපති වෙන එක පුදුමයට ලක් වෙන දෙයක් නොවෙයි..
    අර දුමනිද කියන පාහර බල්ල… මිනිසුන් එකක් නොවෙයි කිහිපයක් මරල රටේ මහාදිකරනයෙන් තීරනය උන මිනිමරුවෙක්…. එනමුත් එකට නිතිය අසේන් රින්ගල යන්න පුලුවන් විදියට, රටේ විනිශ්චයකරුවන් මේ රටේ ගනිකා ව්රුත්තිය කරන බවක් පේනව. මට දුක අර දෙවියෙක් වාගේ හැම දෙයකටම් අසාදරනය වෙනුවෙන් නැගී සිටපු “රනජන් ඇතුලට දමපු එක“… මේක තිරිසන්න් අපායක් වෙල… මේ රටේ ඔය රාජපකශ් වරුන්ට මිනිසුන් ගල් ගහල මරන කාලය අත ලන්ගයි.. එවුන්ට ඉදිරි අනාගතයක් නැහැ… බලමු මේ බුදු වැඩියා කියන දේශයක්… බුදුන්ගේඑ හරි දර්මය රට පුරා නැති වුනත්, 10% විතර හාමුදුරුවෝ ඉන්නව ඒ දර්මය නිසා අවිහින්සාවදය ගරුකරන… මේරට මේ තත්වයට පත් කලේ වැරදි පූර්වාදර්ශයක් දුන්න් මහින්ද රාජපක්ශ හා රටේ මෝඩ චීවරචාරි රොට්ත්ත. එවුන් සිවුරට සමාජය තුල කරන ගෞරවය වැරදි විදියට භාවිතා කරන වියාජය මානසිකත්වයෙන් වැජබෙන… ඉතා බෙලහීන ජාන කොටසක්.. අර මැඩගොඩ බැල්ලිගෙ පුතාට අද කට උත්තර නැහැ… ඒ වාගෙම බොදුබලසෙනා පුල්ලි ගොනාට කට උත්තර නැහැ… මෙවුන් මේ රට කන්න නරින්ට කුකුල් කොටුව භාරදෙනව සේ.. රට කාපු පල් හොරුන්ට භාර දුන්න.. මට විශ්වාසයි, ඔය ජොන්ස්ටෙන්, අලුත්ගමගේ කියන එවුන් පාරවල් වල මරල දමන බලවේග මේ රටේ ගොඩ නැගෙනව තව දුරටත්. එවුන් කියන් බොරු නිසා එවුන්ගේ දේශපලනය හරියට කුනුකන්දක් ගන්ද ගහා නමුත් දිගට පවතින විදියට පවතිනව…. ඉතාමත් නූගත් නායකත්වය මේ රට එන්න එන්නම් ප්රපාතයට ඇද දමනවා මේක එහෙන ගහන අපරරාදයක්… මිනිසුනේ නැගිටියව…. මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව….මිනිසුනේ නැගිටියව..

    • 1
      6

      leelagemalli
      ඔබ සිංහලයෙක් නෙමෙයි. බෞද්ධයෙකුත් නෙමෙයි. ඒ හින්ද බුදුරජාණන් වහන්සේ ඉපදුනු දේශය ගැන සිංහල ජනතාව බලා ගනියි. ඔබ ඔබේ ආගම ගැන බලා ගන්න. අනිත් එක හාමුදුරු කෙනෙකුට කතා කරන හැටි ඉගෙන ගන්න. මේ මුළු රට පුරාම බුදු දහම තියෙනවා. ඔබ කියපු ‘නම්’ ගැලපෙන්නේ කහ සිව්රු පොරොව ගත්ත පිස්සන් කොටුවේ පොඩි සිව්රුධාරියා ඇතුළු බුදු දහමට නිගා දෙමින් අශිලාචාර, අවිචාරවත්, විකෘති අදහස් බුදු බණ සේ සමාජයට මුදා හරින සහ සංඝ සාසනයට ඇතුළු වෙලා ඉන්න අන්‍ය ආගමික කහ සිව්රුධාරින් වැනි මුදලට යටවුනු 0.01%ක් වැනි ඉතා සුළු පිරිසකට විතරයි. ඉතුරු හාමුදුරුවරු සියයට 99.99ම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය පිළිපදිනවා.
      අනිත් කාරණය තමයි මුළු රටම රාජපක්ෂලාට විරුද්ධ වුනත් රටේ පාලකයන් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන් එලවන්න සිංහල බෞද්ධයෝ මිනී මරන්නේ නැහැ. ඒ හින්ද ඔබ හිතන දේවල් වෙන්නේ නැහැ. අනිත් එක ජනතාව රාජපක්ෂලා බලයෙන් පහ කරන්නේ යූඑන්පී හෝ සජබ බලයට ගේන්න නෙමෙයි. ඉඟුරු දීල මිරිස් ගත්තට පස්සේ, ආයේ ම්රිස් දීල ඉඟුරු ගන්නේ නැහැ. දෙකම වීසි කරනවා. මොකොද වෙන්නේ කියලා බලා ඉන්න.

      • 8
        1

        චම්පා.. ඔබනම්.. ලැජ්ජ විය යුතු ස්රීලන්කකිකයෙකි…
        .
        අද අපි දකිනව… රටේ සින්හල බුද්ධාගම කියල තිරිසන්නු රොත්තක් අද වෙනකොට මේ රටේ ජාතිය ගොන්නාට අදින එක කොච්චර ශාපයක්ද ? ඔබ සිහිබුද්ධියෙන් කට යුතු කරන බවක් අපිට පේන්නෙ නෙනෙ.. එක එක වෙලාවට එක එක විදියයි..
        .
        අද බලන්න ඔබ ඔය ඇසිගෙඩිදෙක නිරෝගී නම්, මේ රටට මේ තිරිසන්න් බල්ලො ටිකක් නායකයො කියල කරන දේව. අහින්සක මිනිසුන්ට කොතරම් ජීවිත අරගල යක්ද ? එවුන් කරන්නේ මේ රටේ මිනිසුන්ගේ බදුවලින් එවුන්ගේ සුකවිහරනය කරන එක.. ඒකට පාර කැපුවේ… සිවුරු පොරවාගෙන ඉන්න පින්ගුත්තරයො ටික.. මම ඔබට කියන්න, හරි බුදුදහම ගැන මට කියා දුන්නෙ.. පිටරට වල බුදුදහම හරිවිදියට පිලිපදින භික්ඛු වහන්සේලා ගෙන්..
        .
        ඔබ මොඅවද සිතන්නෙ.. ලන්කාවෙ ඉන්න ඔය පින්බත් ගිලින, මිනිසුන්ගෙන් දානයෙන් ජීවත් වෙන… සිවුරු අස්සෙ හැන්ගි සිටින.. තිරිසන්නු ගැන.. හොන්ඩ හාමුදුරුවො 10% වත් හැහැ.. ඔබට පුලුවන් නම් මට මේව ඇත්ත නොවේ නම්, එන්න හරියට පෛට ඔප්පු කරන්න… රටේ ඉන්න බහුතරයක්… මේ රටේ ඉන්න හොන්ද හාමුදුර්වෝ කියල – මම කියන ඔබට බැහැ ඒක…

        අපි අපිව රවටා ගත යුතු නැහැ.. මේ රටේ ඉන්නෙ… කාගෙ හරි ගොබ්බයෙකු ගේ වේදික වල කතා බහ ට ගැති වෙලා… ජන්දය පරිත්යාක කරන 70%… ඒ මිනිසුන්ගෙ දේශපාලනය අවභෝදයක් නැති තරම්.. එවුන්ට කාලි අම්මගෙ පැනිය බිපිය කිව්වොත්.. එවුන්ට වෛයිද්ය උප්පාදිය තිබුනත් තමන්ගේ අම්ම අප්ප කාලි අම්මගෙන් යැපෙන එවුන් නම්… දෙවරක් නොසිතා…. ගොම ගුලි උනත් ගිලිනව… ඒතරම් මෝඩ තකතිරු ජාතියක් අපේ සින්හාලොයො… මේ රටේ හිර ගෙවල් වල බත් ගිලින්න ඕන එවුන් අද උඩ තියා ගෙන ඉන්න මෝඩ තක තිරු ජාතියක්… නොවේද ?ඔබට ඔබේ පොඩි එවුන් හොන්දට මේව පහදල දේවි… ඔබට තෙරුවන් සරනයි..

      • 2
        0

        ආදරණීය පූජ්‍ය සර්, (this comment is to the article of the rev. sir)

        https://www.colombotelegraph.com/index.php/an-inconceivable-catastrophe/comment-page-1/?unapproved=2401218&moderation-hash=8f7756ae3cd8d2d71dee24130141a099#comment-2401218

        ඔබේ නුවණැති වචන නිසැකවම මේ රටේ නායකත්වය ලෙස අපරාධ සමූහයක ග්‍රහණයට හසු වී සිටින ජාතිය සැනසීමට උපකාරී වනු ඇත. මිනිසුන්ගේ ඉරණම ඔවුන්ගේ අතේ ය. මේ රටේ අසරණයන්ගේ දුක්ගැනවිලි ගැන ඔවුන් එතරම් තැකීමක් නොකරන බව පෙනේ.
        .
        අවාසනාවකට මෙන්, ඔබගේ ස්වභාවයේ සැබෑ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අද මේ රටේ දුර්ලභත්වයයි. ඔවුන් සෑම විටම ජාතිය නිවැරදි මාවතකට ගෙන ගියා. කෙසේ වෙතත්, ව්‍යාජ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදු රෙදි වලින් සැරසී අපරාධකරුවන්ට සමීපව සිටිති. අද ඔවුන් සාමකාමී විරෝධතාකරුවන්ට සලකන ආකාරය බලන්න. කරුණාකර අද ඔවුන් සමස්තයක් ලෙස කාන්තාවන්ට සලකන ආකාරය දෙස බලන්න. ඔවුන්ගේ ආත්මාර්ථකාමී, ගිවිසුම් සහ නීති සංශෝධන සම්මත කර ගැනීම සඳහා ජාතිය නොමඟ යැවීම සඳහා ඔවුන් රෙඩ්හෙරිං භාවිතා කිරීමට උත්සාහ කරන ආකාරය බලන්න.

        වර්තමාන අපරාධ පාලකයින් නායකත්වයෙන් ඉවත් කිරීමට ජාතියේ ප්‍ර wisdom ාව වැඩිදියුණු කර බලවත් වේවා.

    • 4
      0

      රට පහත වැටී ඇති මට්ටම් ඒ හා සමාන කිසිදු රටකට සැසඳිය නොහැක. කෙසේවෙතත්, මිනිසුන් සහ සංග ප්‍රජාව අක්‍රිය කර ඇත්තේ මිනිසුන්ගේ ප්‍රතිරෝධය නොපවතින ආකාරයට ය. මෙතරම් දීර් people කාලයක් මිනිසුන් නොමඟ යවන සුළු වනු ඇත, පාලකයන්ට ඔවුන්ගේ බලය කෑදර උපක්‍රම නිසා ඔවුන් අපයෝජනය කිරීමට තවත් අවස්ථා තිබේ. මෙම අපරාධකරුවන්ට ඔවුන් ඉල්ලා සිටි දේ ලබා ගැනීමට වඩා ජනතාවට හානියක් කිරීමට හැකියාවක් ඇත.

      https://www.youtube.com/watch?v=Dp68pdsPTAg

      • 4
        0

        අපේ වැඩිහිටියන් ඔවුන්ගේ සොහොන් ගෙවල් වලින් අවදි වුවහොත් ඔවුන්ට රාජපක්ෂ අපරාධකරුවන්ට ඇසීමට බොහෝ ප්‍රශ්න ඇත. රාජපක්ෂේ පවුල්වල ඔවුන්ගේ වැඩිහිටියන් විසින් මුහුණු හා වර්ගවාදය වැපිරූයේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරනු ඇත. මෙම රට එවකට ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ලොවට දැන සිටියේය. බන්ඩාරනායක මහත්මිය ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූවාය. සිංගපෝරියානු ශ්‍රේෂ් leader නායක එල්.කේ.වයි, තම රට එවකට ලංකාවක් බවට පත් කිරීමට සිහින මැව්වේය, කෙසේ වෙතත් අපගේ කොල්ලකරුවන් එය ලොවට චීන ණය උගුලක් බවට පත් කළේය. සිංගප්පූරුව අද දරිද්‍රතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාවෙන් සැතපුම් ගණනක් away තින්. කොරියාව අද ශ්‍රී ලංකාවට අහස පොළොවේ වෙනසකි. ජාතියේ අනාගතය පිළිබඳ සම්මුතියකට පැමිණීමට නොහැකි වීම සඳහා ශ්‍රී ලංකාව අරගලයක යෙදී සිටී. ම්ලේච්ඡ කැරලිකරුවන්ට එරෙහිව ත්‍රිවිධ හමුදාවන් විසින් යුද්ධය සිදු කරන ලදී, අද, යුද්ධය ආරම්භ වී ඇත්තේ බලගතු අපරාධ රාජපක්ෂයන්ට එරෙහිව සටන් කිරීමට ය.
        අද, රාජක්ෂයන් හැඳින්වෙන්නේ ජාතියේ අන්තිම රුධිර බිංදුව උරා බොන තෙක් බලා සිටින අපරාධ නායකයන් ලෙස ය. මිනිසුන් රාජපක්ෂේ-මාධ්‍ය මාෆියාවේ ග්‍රහණයට හසු වී ඇත. සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගැනීමට මාධ්‍යයට ධෛර්යයක් නැත. ඔවුන්ගේ විකාශන හා විකාශන සංඛ්‍යාත මහජනතාවගෙන් ලබා ගනී. නමුත් ජනමාධ්‍ය පෙන්වන්නේ ජාතියට ඔවුන්ගේ පසුපස කොටසයි. මෙය ආසියාවේ හෝ මුළු ලෝකයේම ආශ්චර්යමත් දේශයයි …. එය මට නම්, රාජපක්ෂයන් ඔවුන්ගේ බෝලවලින් එල්ලා තැබුවා නම් මට කට වසා ගත හැකිය. මට ලිවීම නතර කළ හැකිය.

  • 1
    3

    කළු සුද්දෝ ටිකක් එකතු වෙලා බතල පාත්ති වල සුදු හඳුන් සහ රත් හඳුන් ගස් හිටවලා ඒකට සඳුන් උයන කියල නම දාල. මම නම් කවදාත් දැකලා නැහැ බතල පාත්ති වල සඳුන් ගස් හිටවනවා. වටේ මුගුණුවැන්නත් හිටෙව්වලු. මුගුණුවැන්න කියලා හිතලා කිඹුල්වැන්න හිටෙව්වද දන්නේ නැහැ.
    මේ ව්‍යාපෘතිය තනිකරම කොමිස් ගහන්නම හදපු ව්‍යාපෘතියක්. බිලියන් ගණන් සල්ලි අච්චු ගහන්නේ මිනිස්සුන්ට කන්න දෙන්න නෙමෙයි, තමන්ට කොමිස් ගන්න පුළුවන් ව්‍යාපෘති කරන්න. පාරවල් වලින්, පාලම් වලින්, එන්නත් වලින්, PCR පරීක්ෂණ වලින්, ගුවන් ටිකට් වලින්, හිරගෙවල් වලින්, ඉඩම් වලින්, වැලි වලින්, පස් වලින්, වැව් වලින් හැම එකෙන්ම කොමිස් ගහනවා.
    බතල පාත්ති වල සඳුන් ගස් 1200ක්. හිටෙව්වලු. වියදම රුපියල් මිලියන 294ක්. මිලියන 294ක්!!! පට්ට බොරුවක්. මේකෙන් බාගෙට බාගයක් කොමිස්. අරහේ ලක්ෂ ගණන් මිනිස්සු, දරුවෝ බඩගින්නේ. සාමාන්‍ය පන්තියේ මිනිස්සුත් කඩේට ගිහින් ගන්නේ එක බතල ගෙඩිය නම්, එක අල ගෙඩිය නම්, එක ළූණු ගෙඩිය නම්, එදාවෙල හම්බ කරන දුප්පත් මිනිස්සු, අසරණ දරුවෝ මොන තරම් බඩගින්නේ දුක් විඳිනවා ඇත්තද?
    අනිත් එක මේ බතල උයන නඩත්තු කරන්න මොන තරම් මුදලක් වියදම් කරන්න වෙනවද? මේක තනිකරම මහා නාස්තිකාර වැඩක්. එක පැත්තකින් නඩත්තුව. අනිත් පැත්තෙන් සුදු හඳුන් ගස් වලට තනිවම හැදෙන්න බැහැ. ඒ ළඟ ළඟ තව ගස් තියෙන්න ඕනේ. මුගුණුවැන්නත් ගහක්ද? කළු සුද්දන්ට මුගුණුවැන්නත් ගහක් වෙන්නැති. සුදු හඳුන් කියන්නේ අර්ධ පරපෝෂිත ශාකයක් කියලාවත් දන්නේ නැති පට්ට රාජපක්ෂ හොරු මුදල් ගසා කන්න කරපු තවත් එක සුදු අලියෙක් මේක.

    • 3
      1

      සුදු සැන්ඩ්ල්වුඩ් දැව සමඟ මිහිරි අර්තාපල් වගා කිරීම ගැන අප කරදර විය යුත්තේ ඇයි? වැදගත්ම දෙය නම් රාජාප්ක්ෂස් විසින් රාජ්‍යය කොල්ලකෑම ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා පමණක් සියලු රාජ්‍ය සම්පත් විනාශ කිරීමයි. ජාතිය, ආගම සහ වෙනත් බාධක නොසලකා බහුතරයක් ජනතාව රට බේරා ගැනීමට එකඟ වන්නේ නම්, ඔවුන් දැන් තම ගුහාවලට ආපසු යන ලෙස රාජපක්ෂයන්ගෙන් ඉල්ලා විරෝධතාවයට පැමිණිය යුතුය. තමන්ගේම නිවසක් පිළිස්සීමට ලක්වන අතරතුර ඔබම සුරංගනා කතා විස්තර කරයි. මෙය අපගේ සිංහලයට සාමාන්‍ය දෙයකි. ඔවුන්ගේ ආදරණීයයන් දූෂණය කර .ාතනය කරනු ලැබුවද ඔවුන් ප්‍රතික්‍රියා කිරීමට තරම් බැරෑරුම් නොවේ. කුඩා කල සිටම ඔවුන්ගේ උදාසීනත්වය සහ ඔවුන් තුළ ගොඩනඟා ඇති උදාසීන ස්වභාවය සමඟ මෙය බොහෝ සෙයින් සම්බන්ධ වේ. සමහර ශාරීරික හේතූන් මත සමන්ත බද්ධා හෝ ව්‍යාජ භික්ෂූන් වහන්සේලා සංසිද්ධියට ඇතුළු වී ඔවුන්ගේ ප්‍රවණතා ඒ ආකාරයෙන් සඟවාගෙන සිටිති. ඊනියා සිංහල්ලා බුද්ධාගම ඔවුන්ට ආරක්ෂාවක් ලබා දී ඇත. පසුගිය වතාවේ (මීට වසරකට පෙර), කෙලනියා රාජා මහා විහාරයේ බෝ ගසෙහි වැලි සහිත වටපිටාවක සිටියදී, ඔවුන්ගේ පෙම්වතියන් සමඟ ආලවන්ත හැඟීම් පාමින් සිටි තරුණ බුද්ධගම භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු මට දැක ගැනීමට සිදුවිය. මෙවැනි සිදුවීම් අද සුලභව දක්නට ලැබෙන අතර අපගේ ඇස්වලට පහසුවෙන් හසු වේ. කෙසේවෙතත්, මෝඩ හා මෝඩ ගිහි ජනතාව ඔවුන්ට වැඩි වැඩියෙන් දානයක් පිරිනමයි. සමහර තරුණ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ “පිරික්රා” සඳහා ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමට මට නිර්දේශ කළහ: භික්ෂුවක් එසේ ප්‍රතිචාර දක්වන්නේ මන්දැයි ඇසීය, සමච්චලයට ලක් විය, මම ගොළු විය. මෙම සංස්කෘතිය මෙඩමුලනා අවජාතකයන් විසින් රටට හඳුන්වා දෙනු ලැබේ. ඔවුන් ඕනෑම ව්‍යාජ භික්ෂූන් වහන්සේලාට ඉවසා දරා ඇත, මන්ද ඔවුන්ගේ අභිජනනය මහින්ද සුනඛ ධර්මයට වැඩි වාසියක් වනු ඇත. ශ්‍රී ලංකා මාධ්‍ය ආයතනවල බෙර වාදකයින් එය ඔවුන්ගේම වාණිජමය වාසි සඳහා විවේචනය කළේ නැත.

  • 3
    0

    පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංග තිස්සමහාරාම වැව හෙවත් තිහා වැව විශාල යන්ත්‍රසූත්‍ර පාවිච්චි කරලා හාරන්න දුන්නු එකට සම්පූරණ විරෝධය පල කරනවා.
    ඒ වගේම තිහා වැව අවුරුදු දහස් ගානක් පැරණි අති විශාල වටිනාකමක් තියෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අයත් වැවක් බව දන්නේ නැති නිසා අවසර ඉල්ලුවේ නැහැ (මීට සමාන වචන) කියපු වාරිමාර්ග ලොක්කටත් මගේ සම්පූර්ණ විරෝධය පල කරනවා.
    රාජපක්ෂලා විවිධ ආයතන වල ප්‍රධානින් විදිහට පත් කලේ සිංහල වුනත්, ඉතාම දීන වගේම, ඔවුන් පත් වුනු ආයතන වල විෂයට අදාළ කිසිවක් දන්නේ නැති පිරිසක්. ඔවුන්ගේ දීනකමයි, විෂය ගැන තියෙන නොදැනුවත්කමයි, තනතුරු සහ වැටුප් වලට තියෙන ලෝබකමටයි තමයි රාජපක්ෂලා කරන සියලු ද්‍රෝහී වැඩ වලට නිහඬව සහයෝගය දෙන්නේ.
    අර බලනවකෝ මරක්කල අලි සබ්‍රි. නියෝජනය කරන්නේ රටේ ජනගහනයෙන් සියයට 9යි. හැබැයි මුළු සිංහල බෞද්ධ ජනතාවටම, රටටම එරෙහි පනත් ගේනවා. සිංහලයන්ගේ කිසි විරෝධයක් ගණන් ගන්නේ නැතුව ඌට ඕනේ විදිහට වැඩ කරනවා. සියයට 76ක ජනතාවක් නියෝජනය කරන සිංහල තොපිට බැහැ වැවක් ආරක්ෂා කරගන්න.

    • 3
      0

      තිහා වැව ව්‍යාපෘතියේ,
      i) වතුර ටික මාගම්පුර චීන කර්මාන්ත පුරයට,
      ii) වැලි ටික චීන වරාය නගරයට,
      iii) නිධන් වස්තු ටික රාජපක්ෂලට. මේක තමයි අරමුණ.
      රාජ්‍ය ආයතන වලට අදාලව විවිධ නීති රීති, රෙගුලාසි, අණ පනත් තියෙන්නේ රාජ්‍ය දේපල ආරක්ෂා කරන්න බැඳී සිටින, ඒ වෙනුවන් වැටුපක් ලබන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලයට යට නොවී රාජ්‍ය දේපල ආරක්ෂා කරන්න. දැන් මේ කරන්නේ ඒකද?
      ගජ හොල්ඩින්ස් කියලා දේශීය සමාගමක් හරහා තිහා වැව හාරන්න චීන සමාගමකට අවසර දුන්නු එක සම්පූර්ණ නීති විරෝධියි. කොන්දේසි වලින් වැඩක් නැහැ.
      ගජ හෝල්ඩින්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගයත් ජයසිංහ කියපු කතාවක් දැක්ක.
      ඔහු තිසා වැව ගැන හෝ වාරි කර්මාන්තය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඔහු කියනව වැව හාරන්නේ නැහැලු වැකියුම් යන්ත්‍රයකින් කරන විදිහට වැව පතුලේ සියලු දේ ඇදලා ගන්නවලු. මොනව හරි බඩු තිබුනොත් දැලේ හිර වෙනවලු. හොඳට හිටියි. මේක හරියට යුරෝපා සංගමයත් තහනම් කරපු, ට්‍රෝලර් යාත්‍රා වලින් ගැඹුරු මුහුදු පතුලේ සියලු දෙය ඇදලා ගන්නවා වගේ, මුළු වැවේම පතුලේ තියෙන සියල්ලම ඇදලා ගන්නවා වගේ භයානක වැඩක්. යකෝ ඉතින් මේකෙන් කරන්න හදන්නේ රොන්මඩත් එක්කම, වැවේ ඉන්න ලොකු පොඩි සියලු සත්ව සහ ශාක, විවිධ පුරාවිද්‍යා වස්තු ආදී සියල්ල සහිත මුළු වැව් පතුලම සූරලා හිස් කරනවා වගේ වැඩක්නේ. මේ යන්ත්‍රයෙන් (නම මම දන්නේ නැහැ suction dredger වගේ එකක් වෙන්න ඇති) තිහා වැවේ මුළු වැව් පතුලම විනාශ වෙනවා. මොන නීතිය යටතේද මේකට අනුමැතිය දුන්නේ? මෙහෙම වැව් විනාශ කරන්න ඉඩ දෙන්න පුලුවන්ද?

      • 2
        0

        තිහා වැවේ රොන්මඩ ගන්න ඕනේ නම්;
        1) ඉස්සෙල්ල පාරිසරික අධ්‍යයනයක් කරලා වාර්තාවක් දෙන්න ඕනේ කිසි හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් දුන්නද?
        2) ඊළඟට මේ වැව තමන්ගේ වාසස්ථානය කර ගත්තු කුරුළු, උරග, මත්ස්‍ය ඇතුළු සියලු සත්තුන්ට මේ යන්ත්‍රය නිසා හානියක් නොවෙන බවට වාර්තාවක් දෙන්න ඕනේ. දුන්නද?
        3) ඊළඟට, අදාළ ආයතනය මේ වැවේ කරන්න යන ව්‍යාපෘතිය පැහැදිලි කරලා වැවේ හරස් කඩක රූප සටහනක් (a cross section diagram) පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ වැවේ වතුර මට්ටම, වැවේ ගැඹුර, වැවේ දැනට පවතින රොන්මඩ මට්ටම සහ තමන් වැව සුද්ධ කරලා රොන්මඩ ඉවත් කරන්න සැලසුම් කරන මට්ටම පෙන්වන රූප සටහනක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් පුරාවිද්‍යා ලොක්ක මෙහෙම එකක් දැක්කද?
        4) අවසානයට, අර ගෙනාපු විශාල යන්ත්‍රය වැවේ රොන්මඩ වැකියුම් ක්‍රමයට ඇදලා ගන්න විදිය පෙන්වන යන්ත්‍රයේ හරස්කඩක රූප සටහනක් (a cross section diagram) පෙන්වන්න ඕනේ. දැන් මේ 4ම දැකලද අනුමැතිය දුන්නේ? මේවා දැක්ක නම් මොන විදිහටවත් අනුමැතිය දෙන්නේ නැහැ.
        .
        අනිත් කාරණේ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමේදී සමාව හෝ සද්භාවය කියලා වචන නැහැ.
        විශේෂයෙන් ලෝකයේ වෙනත් කිසිම රටක නැති මහා වටිනා වැව කර්මාන්තයක් සම්බන්ධ කාරණා වලදී, ඒ හා සම්බන්ධ මූලික නීතිරීතින්වත් අනුගමනය නොකරපු ආයතනයකට ඒ ව්‍යාපෘතිය භාර දීම සම්පූරණයෙන්ම වැරදියි. හරිනම් කරන්න ඕනේ ගජ හෝල්ඩින්ස් ආයතනය බ්ලැක් ලිස්ට් කරන එක.
        මෙතන සම්පූරණ වරද වාරිමාර්ග ගැන මෙලෝ දැනුමක් නැති නමුත් “රාජපක්ෂලාට රාජ්‍ය නීති අදාල නැහැ” වැනි උද්දච්ච මනසකින් වැඩ කරන වාර්මාර්ග ඇමති චමල් රාජපක්ෂගේ වංචනික භාවය.

  • 2
    0

    කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත හෙවත් “ලංකාවේ නිදහස් අධ්‍යාපන සංහාර පනත” වටෙන් වටෙන් ආපහු එන්නේ අපේ සිංහල බෞද්ධ රටෙන් සිංහල භාෂාව මරා දමන්න. මේකත් කලින් ගෝඨාභය කරන්න හදපු ප්‍රාථමික පන්තියේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන පටන් ගන්න කරපු උත්සාහය සහ ඊට කලින්, නීති විද්‍යාලයේ අවසාන විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන්න නිකුත් කරපු ගැසට් පත්‍රය එකම අරමුණක කොටස්.
    මේ පනත සම්මත කරගෙන ඊළඟට කරන්න හදන්නේ නීති විද්‍යාලයේ විදිහටම, විශ්වවිද්‍යාල වලත් විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන්න කටයුතු කරන එක කියලා රාජපක්ෂලා යන පාර දිහා බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනවා.
    මම 2015 මුල ඉඳන්ම මේ වෙබ් අඩවියේ ඉංග්‍රීසි පැත්තට ලියපුවහම දැක්ක දෙයක් තමයි, මරක්කලයන් බුදුදහමටත්, දෙමළුන් සිංහල භාෂාවටත් විරුද්ධයි, නමුත් ඔවුන් දෙගොල්ලොම කතෝලික ආගමටත්, ඉංග්‍රීසි භාෂාවටත් විරුද්ධ නැහැ කියන එක. මේකට තමයි ජාතිවාදය කියන්නේ. ඔවුන් දෙගොල්ලටම ඕනේ බුදුදහමට තියෙන තැන නැති ක්රලා ලංකාව අනාගමික කරන්න සහ සිංහල භාෂාව වෙනුවට ඉංග්‍රීසි භාෂාව ඉදිරියට ගේන්න. හේතුව මොකක්ද? කලින් දවසකත් ලිව්ව විදහට හේතුව, මරක්කල ජනගහනය වැඩිවීම.
    ඒ හින්ද රාජපක්ෂලා වැඩ කරන්නේ ඔවුන්ගේ ජාතියට අනාගතයේ ලංකාවේ බලය අල්ල ගන්න, නිදහස් අධ්‍යාපනය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම, නීති අංශය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම, රාජ්‍ය පරිපාලනය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම සහ ඒ සියලු දේවල අවසානය ලෙස රාජ්‍ය බලය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීමේ අරමුණින්.

    • 2
      0

      දැන් මේක රාජපක්ෂලාටයි අලි සබ්‍රිටයි කරන්න පුලුවන්ද? බැහැ. ඒ හින්ද ඉස්සෙල්ල බලනව සිංහල බෞද්ධයන්ව මර්දනය කරන්න. ඒකට හොඳම විදිහ අධ්‍යාපනය හමුදා නිලධාරීන්ට බාර දීම.
      අතීතයේ අපි විශිෂ්ඨ, උදාර සිංහලයන් කියලා හිතපු හමුදා නිලධාරීන් අද රාජපක්ෂලාගේ තනතුරු වලට, වැටුපට තමන්ගේ ජාතිය වුනත් පාවා දෙන්න පැකිලෙන්නේ නැති බව අපිට පෙනෙනවා.
      KNDU පනත අනුව, විශ්වවිද්‍යාල පාලනය කරන්න, ජනාධිපතිවරයා විසින් හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වෙනම පරිපාලන ආයතනයක් පිහිටුවනවා.
      ජනාධිපතිවරයාගේ මේ දක්වා පැමිණි පත්වීම් ඉතිහාසය බලමු. ඔහු අධිකරණ ඇමතිවරයා විදිහට පත් කලේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදුසුකම් නොතිබුණු තමන් වෙනුවෙන් කූඨ ලියවිල්ලක් ඉදිරිපත් කරලා ඒ අවස්ථාව සලසල දුන්නු තමන්ගේ පෞද්ගලික දූෂිත නීතිඥවරයාව. ඊළඟට ඔහු අභියාචනාධිකරණයේ සභාපති විදිහට පත් කලේ අල්ලස් චෝදනාවකට ලක් වෙලා එයින් ගැලවෙන්න හිටපු නීතිපතිවරියකගේ ලිපි ශීර්ෂයක් අවභාවිතා කරපු තවත් දූෂිත මුස්ලිම් නීතිඥයෙක්ව. ඊළඟට 20A කාරක සභා අවස්ථාවේදී වංචාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සංයුතිය වැඩි කරගෙන අර දූෂිත පුද්ගලයාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළා. ඊළඟට ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ගැන තිබ්බ කමිටුවේ සභාපති කළා. මොකොටද? පාස්කු ප්‍රහාරයට සිරගත වුනු මුස්ලිම් ත්‍රස්තවාදීන් හිරේ යන එක නවත්ත ගන්න. ඊළඟට මිනිමරුවෙක්ව නිදහස් කළා මදිවට ඔහුව රාජ්‍ය ආයතනයක සභාපති කළා.

      • 2
        0

        ඊළඟ කොටස ලියන්නේ සද්භාවයෙන්.
        KNDU පනතට අනුව නව පරිපාලන ආයතනයේ සභාපතිවරයා වෙන්නේ ආරක්ෂක ලේකම්තුමා. මේ ආරක්ෂක ලේකම්තුමා අපිට ඔහුට ගැන කලින් පෙන්වල තියෙන කෙනෙක්. ගිය අවුරුද්දේ තරුණයෙක් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල කියන වචන පාවිච්චි කලාට ඔහුව හිරේ දැම්ම. ඒ විතරක් නෙමෙයි මේ ආරක්ෂක ලේකම්තුමා 2019, රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂක වෙලා ඉන්න කොට කුඩා පාසල් දරුවන් 14 දෙනෙක් විදුලි පංකාවත් නැති කාමරයක පැය ගානක් හිර කරලා තිබ්බ මදිවට ඒ දරුවන්ව සහ දෙමාපියන්ව බය කරන්න පිටින් පිරිසකුත් ගෙනල්ල ඒ පන්තිය ඉස්සරහ තියලා තිබුන. ඊළඟට, පාසලේ ගාස්තු ගෙවන්න පරක්කු වෙච්ච දරුවෙක්ට කිසී අනුකම්පාවක් නැතුව පාසල තහනම් කළා. ඒ දවස්වල මේ ගැන නඩුත් දාල තිබුන. මේ වගේ ඉතා තද හිතක් තියෙන, දයානුකම්පාවක්, තෙතමනයක් ගෑවිලාවත් නැති ආරක්ෂක ලේකම්තුමාව විශ්වවිද්‍යාල පාලනය කරන ආයතනයේ සභාපතිවරයා කලොත් කොහොමද?
        ගෝඨාභයගේ අරමුණ සිංහලයන් ලව්වම සිංහලයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම, තරුණයන්ගේ නිදහස් සිතුවිලි මර්දනය කිරීම, ඔවුන්ගේ නිර්මාණශීලි බව නැති කරලා, ඔවුන්ව හමුදා විධානයන්ට අනුව වැඩ කරන බියගුළු රූකඩ බවට පත් කිරීම සහ අවසානයේ නිදහස් අධ්‍යාපනයත් අහෝසි කර, සිංහල භාෂාවත් ඝාතනය කර, ඉංග්‍රීසි භාෂාව රටේ වැඩ කරන භාෂාව බවට පත් කිරීම.
        විශාල ඇති නැති පරතරයක් තියෙන ලංකාව වගේ රටක, ගමක වුනත්, නගරයක වුනත්, ඉතාම දිළිඳු පවුලක දරුවෙකුට තමන් සහ තමන්ගේ පව්ලේ අයව දිළිඳු බවින් මුදා ගන්න තියෙන එකම එක මාවත නිදහස් අධ්‍යාපනය විතරයි. ඒ හින්ද ඒ අයිතිය ආරක්ෂා කරගන්න, ලංකාවේ අධ්‍යාපනය වරප්‍රසාද ලත් පිරිසකට පමණක් සීමා කරන්න ගෙනෙන KNDU පනතට එරෙහිව හඬක් ඇති සියලු දෙනා හඬක් නැගිය යුතුයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.