19 April, 2024

Blog

ප‍්‍රජාතන්ත්‍ර​වාදී අරගලය තීව්ර කළ යුතුය

අතුලසිරි කුමාර සමරකෝන්

අතුලසිරි කුමාර සමරකෝන්

අතුලසිරි කුමාර සමරකෝන්

කාල් මාක්ස් අවධාරණය කළ පරිදි පළමු කොට අදහස් උත්පාදනය වන්නේ ක‍්‍රියාකාරීත්වයේ ස්වරූපයෙනි. එම ක‍්‍රියාකාරිත්වයන් පසු කළක න්‍යාය ගතවෙයි. නව ආකෘතියක ක‍්‍රියාකාරීත්වයක් සමාජය තුළ ස්වයං-සවිංඥානකත්වය වශයෙන් මතුවන විට එය න්‍යාය ගත වන්නේ සමාජ ව්‍යාපාරයක් වශයෙනි. මාක්ස්වාදීි න්‍යාය තුළ එන කේන්ද්‍රීය ඉගැන්වීමක් ලෙස ධනවාදි සමාජ තත්ත්වයන් තුළින් සමාජ ව්‍යාපාර බිහිවන්නේ කෙසේද යන්න සළකා බැලිය හැකිය.

පළල් වශයෙන් සමාජ ව්‍යාපාරයන් බිහිවන්නේ කිසියම් ආකාරයක ව්‍යාපාරයක් සදහා පළල් ජන සහභාගිත්වයක් සංකේන්ද්‍රනය වන විටය. මෙරට පිළිබද උදාහරණ සළකා බලන විට අපට වඩා මෑත කාලීනතම උදාහරණ තිබේ. පසුගිය ආණ්ඩුව සමයේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතිය දුර්වල අඩියකට ඇද වැටෙමින් තිබුණ තත්ත්වයක් තුළ න්‍යායාචාර්යවරුන්ට පළමුව ඊට එරෙහිව ඉදිරිපත් වුයේ මෙරට ජනතාව බව දැන් අපට ප‍්‍රත්‍යක්ෂ වි හමාරයිග මෙරට කම්කරු ව්‍යාපාරය, වෘත්තීිය වේදීන්,   සාහිත්‍යවේදීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ඇදුුරන්, ගොවිජන ව්‍යාපාර, ධීවර ව්‍යාපාර, ජල අයිතිය වෙනුවෙන් පෙනි සිටි ව්‍යාපාර, මානව අයිතින් වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර හා ජාතිවාදයට එරෙහිව නැගී සිටි ව්‍යාපාර ඇතුලූ බොහෝ බහුජන ව ව්‍යාපාර රාජපක්ෂ රෙජීමයේ දුර්දාන්ත පාලනය නිම කිරිමට මහ මගට බටහ. එය අති දැවැන්ත සමාජ ව්‍යාපාරයක් වශයෙන් නැගීි අවසන මෛත‍්‍රිපාල සිරිසේන නම් කිසිදාක ජනාධිපති විමේ සිහිනයක් නොතිබු මිනිසා මෙරට ව්‍යස්ථාපිත ධූරාවලියේ හිනි පෙත්තට ඔසවනු ලැබිණ. එම සමාජ දේශපාලන ව්‍යාපාරය මෙරට කාලයක් නිදා සිටි යෝධ සිවිල් සමාජය සිය අයෝමය ශක්තිය ප‍්‍රදර්ශනය කළ අවස්ථාවකි. තවදුරටත් මෙරට සමාජීය දේශපාලන අවකාශය රළු අධිකාරීවාදයට යටකොට පොදු ජනයා බොරුවෙන් හා ව්‍යාජයෙන් දැඩි පාලනයක් තුළ දිගු කලක් ගාල්කොට තැබිය නොහැකි බවට මනාව ස්ඵුඨ කළ අවස්ථාවකි.

අරගලය සදහා ජනතාව උත්තේජනය කරන අසාධාරණය පිළිබදව හැගීම (Sense of injustice) තුළින් පිළිඹිබු වන්නේ පවතින ප‍්‍රතිමාන පද්ධතිය හා ඒ තුළින් ගොඩනැගෙන සැබෑ සබදතාවයන් අතර වන ප‍්‍රතිවිරෝධීත්වයයිි. රාජපක්ෂ පාලනය විසින් බිහිකළ පීඩාකාරිත්වය හා සුරාකෑමේ මාදිළිිය බිදවැටීම ආරම්භ වන්නේ එම ව්‍යුහය තුළින්මයි. එම පාලන තන්ත‍්‍රය විසින් අවබෝධ කොට නොගත් ප‍්‍රධානතම සත්‍ය වන්නේ සිවිල් සමාජයේ එකඟතාවය නොමැතිව සිය බලාධිපත්‍ය (hegemony) සාධාරණීකරණය කිරිමට හෝ දිගු කාලයක් පවත්වා ගැනිමට නොහැකි බවයිි. එවකට පැවති සුදුවෑන් සංස්කෘතියල ව්‍යාපාර ඒකාධිකාරය, වංචාවල හා දුෂණය වැනි තත්ත්වයන් සියල්ලම තුළින් පිළිබිඔු වුයේ වඩාත් පීඩාකාරි (coercive) දැඩි පාලනයක ස්වරුපයයි.

රාජපක්ෂගේ පීඩාකාරි බලාධිපත්‍යයෙන් මෙරට මෙම මොහොතේ නිදහස් වි ඇති බව අපට පෙනීයයි. බැලූ බැල්මට ජනමාධ්‍ය නිදහස යම්තාක් දුරකට ස්ථාපිත වි ඇති සෙයකි. එසේම නීතියේ පාලනය  ක‍්‍රියාත්මක වන සෙයක් ද පෙනී යයි. අනෙක් අතට සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම පිළිබද ගැටලූවට ද යම් විසදුම් යෝජනා වි ඇති අතර ඒවා තවදුරටත් භෞතික යථාර්ථයක් බවට පත්කළ යුතු සෙයක් පෙනී යයි.

Maithri Sමේ සියළු ක‍්‍රියාකාරිත්වයන් සහිතව අප අද සෑම අතින්ම ඓතිහාසික සංධිස්ථානයක සිටිමු. ජාතිවාදි, ආගම්වාදි, වියරුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට යවමින් පැවැති ආණ්ඩුවක් පරාජය කොට සිටිමුග නමුත් සිවිල් සමාජය විසින් ඇතිකළ එම ප‍්‍රබල වෙනස වඩාත් තිරසාර කිරිමේ වගකිම මෙම මොහොතේ ඉටු වෙමින් පවතින්නේද යන්න පිරික්ෂා බැලීමට සිදුවී තිබේ.

පැවති දුර්දාන්ත පාලනය අවසන් කොට සිවිල් සමාජය ප‍්‍රාර්ථනය කළේ වඩාත් ප‍්‍රබුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනසකි. මෙම වෙනස පවතින බලය හිමි ප‍්‍රභූ පන්තියෙන් ලබාගත හැකි ද යන්න සිවිල් සමාජය හා එය හසුරුවන බුද්ධිමය බලවේග අද මුහුණ පා සිටින ගැටළුවයිග සමාජ ව්‍යාපාර ජනතාව අතුරින් නැගී සිටියද එය අර්ථ නිරුපණය කරන්නේ බුද්ධිමතුන්ය. එසේම කාලයක් පුරාවට ඇතිවුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වු පුළුල් පෙළ ගැස්ම බුද්ධිමය ප‍්‍රජාව විසින් ප‍්‍රබල ආණ්ඩුක‍්‍රම වෙනසක් හා සදාචාරීමය වෙනසක් තුළින් පිළිඹිඹු කළ යුතු බවට යෝජනා කෙරිණි. පැවැති තත්ත්වයන් තුළ විපක්ෂය ද එම බුද්ධිමතුන්ගේ ඉල්ලීිමට එකඟව මෙරට යහපාලනය කරා ගෙනයන බවට වු දේශපාලන පොරොන්දුවක් ලබාදුනි. ඓතිහාසිකව අප පොරොන්දු දේශපාලනයේ පවතින අගතිය අත්විඳ ඇත ග සමාජය වෙනස් කිරිමට පැමිණෙන සියලූම බලවේග අවසානයේ එම වෙනස ප‍්‍රබලව ගෙන එනු වෙනුවට එය බොහෝවිට දියාරු කිරිමට හේතුවෙයි. මෙයට හේතුව කුමක්ද? අපට පැහැදිලිවම කිව හැක්කේ පවත්නා බල ව්‍යුහය හා එය ක‍්‍රියාත්මක කරන යාන්ත‍්‍රණයන් සියල්ලක්ම මෙරට ස්ථාපිත ප‍්‍රභූ පැලැන්තියට වඩා හිතවත් බවයි. එනම් අප විසින් වෙනසක් අපේක්ෂා කරන්නේ මෙම පවත්නා බල ව්‍යුහයන් හා පීඩාකාරිත්වයේ යාන්ත‍්‍රණයන් එළෙසම පවත්වා ගෙන යාමට නොවෙයි. මෙරට මිලියන 21 වන ජනගහනයෙන් 99% කට යහපතක් වන වෙනසක් අද අපට අවශ්‍යව තිබේ. නමුත් පාර්ලිමේන්තුව තුළ නියොජනය වන 225 ක් දෙනා එම අති බහුතර ජනතාවගේ අපෙක්ෂාවන් නිවැරදිව තේරුම් ගත් පිරිසක් ද? නැතිනම් එම පාලක ප‍්‍රභුන්ට අවශ්‍ය වන්නේ තවදුරටත් මෙම පවත්නා දුර්දාන්ත බල ව්‍යුහයන් එලෙසම යාවත්කාලීන කොට ඉදිරියට ගෙන යාමට ද?

අද මෛත‍්‍රී පාලනය මුහුණ දී ඇත්තේ බැ?රුම් අභියෝගයකට බව අපට ප‍්‍රත්‍යක්ෂයයග විධායක ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තු ප‍්‍රභූ පන්තියක් විසින් තුලනය වී ඇති සෙයක් පෙනී යයි. එමනිසා තවදුරටත් මෙරට පුළුල් ජනතා බලවේගයක් ගොඩ නැගීමේ කාර්යය ඉදිරියට ගෙන යාමට සිවිල් සමාජය ඇතුළු සියලූම ඓන්ද්‍රිය බුද්ධිමය පාර්ශවයන්ට පැවරේන බව මේ මොහොතේ අප විසින් අවධාරණය කළ යුතුව තිබේ.

අප විසින් ප‍්‍රාර්ථනා කරන වෙනස පුළුල් ජනතා බලයකින් ම පමණක් ගොඩනැගිය යුතු වෙනසක් බවට අද මොනවට ප‍්‍රත්‍යක්ෂ වෙයි ගදින සීයයේ වැඩ පිළිවෙළ යම් ආකාරයකින් මන්දගාමීව ක‍්‍රියාත්මක වන බවක් පෙනුනද සැබෑ සත්‍ය වනනේ පාර්ලිමේන්තු බලය නියෝජනය කරන බහුතර ප‍්‍රභූ පංතිය තවමත් රටට අවශ්‍ය කරන යහපාලනයේ අරුත හදුනා නොගෙන සිටින තත්ත්වයකි. එම තත්ත්වය තුල අපට දක්නට ලැබෙන්නේ ජාතිවාදි බලවේග යළි හිස එසවීමට දරණ ප‍්‍රයත්නයකි. එසේම වඩාත් දුෂිත කොටස් සිය බලය හොබවමින් ආණ්ඩුව සමග ’‘ඞීල්’’ දමා ගැනීමට උත්සාහ කරන තත්ත්වයකි. එසේම ජනාධිපති ප‍්‍රමුඛ නායකත්වය මුහුණු පා ඇති උභතෝටිකය වන්නේ පළමුව දඩුවම් දෙනවාද? නැත්නම් ප‍්‍රතිසංස්කරණ ඇති කරනවාද? යන්න බව අපට තේරුම් ගත හැකිය.

මෙහිදි මතුවන්නේ සිවිල් සමාජයේ අභිලාශයන් හා පාලක ප‍්‍රභූ පැලැන්තියේ අභිලාශයන් අතර පවතින නොගැළපිම බව පැහැදිළිි විය යුතුය. යහපාලනය හා ප‍්‍රබුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දැනට පවතින පාර්ලිමේන්තුවේ ප‍්‍රමුඛත්වයෙන් මතුවු සටන් පාඨ නොවේ. ඒවා මුලිකවම ගෙන එනු ලැබුනේ ජනතා බලවේගයන් හෝ ආවේග මනාව හසුරුවා ගත් සිවිල් සමාජ ව්‍යාපාරය විසිනි. අවසන සිවිල් සමාජය අද මුහුන දෙන අභියෝගය වන්නේ තමන් පැතූ ලොව ගොඩ නැගීමට තරම් ඥානයක් සහිත පාලක පැලැන්තියක් නොමැති විමයි.

දින සීයේ වැඩසටහන තුළ ආණ්ඩුව යම් දුරක් ගමන් කරනු ඇත. නමුත් එය මෙරට පැවැති දේශපාලන සදාචාරය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව ප‍්‍රබල වෙනසකට ගෙන යනු ඇත්ද යන්න පිළිබදව අප තුළ විශාල සංකාවක් පවති. පළමු කොට මෙම සංකාව ඇති වන්නේ මුලික දේශපාලන විභවතාවයන් කිහිපයක් පදනම් කරගෙනය. පළමුව අප සමාජයේ පවතින දැවැන්ත ඛණ්ඩනය (fragmentation )තවදුරටත් එලෙසම පවතින අතර එම ඛණ්ඩනයන් ඇති විමට බලපෑ මුලික තත්ත්වයන් වෙනස් නොකළහොත් ඇතිවන අර්බුදය කෙළවර විය හැක්කේ පැවැති රළු අධිකාරිවාදි රාජපක්ෂ පාලනයට එහා ගිය වඩාත් ෆැසිස්ට් පාලනයක් කරා නැවත මෙරට ඇදි වැටීමෙනි.

දෙවනුව මෙරට පවතින ආර්ථික අසාධාරණය හා සමාජිය අසාධාරණයට පිළියම් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය. මෙහිදි මධ්‍යම පංතිය හා දිළිදු පංතීින්ට සරිලන ආර්ථික පරිසරයක් ගොඩ නොනැගුණහොත් එම කොටස් නැවත ජාතිවාදී බලවේගයේ ගොදුරු බවට පත් වීමට ඇති ඉඩකඩ ඉතා විශාලය. මෙම මුලික දේශපාලන විභවතාවයන් ආමන්ත‍්‍රණය, එනම් ඛණ්ඩිත සමාජ දේශපාලන සමාජික ස්වභාවය කඩිනමින් හදුනාගෙන එය ආමන්ත‍්‍රණය කිරිම හා දෙවනුව ආර්ථික හා සමාජිය සාධාරණත්වය ගොඩ නැගීමේ ප‍්‍රබල ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරිම අතිශ්‍යයින්ම වැදගත් වෙයි.

අනෙක් අතට පවතින දුෂිත පාර්ලිමේන්තු ප‍්‍රභූතන්ත‍්‍රය මෙරට සිවිල් සමාජය හා බුද්ධිමතුන් විසින් ඉල්ලා සිටින යහපාලනය හා ප‍්‍රබුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීිමට අසමත් වන්නේ නම් එයට එරෙහිව යළි ජනතා බලවේග වහා ඇවිළවිය යුතුව තිබේ. පුළුල් සමාජීය අවශ්‍යතාවයන් නියෝජනය කළහැකි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනයේ මුලධර්ම මනාව සාකච්ජාවට බදුන් කොට විසංවාදී දේශපාලන පරිසරයක් තුළ මානව හිතවාදී පාලනයක් ගෙන ආ හැකි පිරිස්වලට මෙරට පාලන බලය දීමට ඉදිරියේදි ජනතාව වග බලාගත යුතුය. එසේම දේශපාලන අවස්ථාවාදය, දුෂණය හා නාස්තිය පිටු දැකිය හැකි තරුණ නායකත්වයක් සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පුහුණු කොට ඉදිරිපත් කළ යුතුව තිබේ.

රාජපක්ෂ රෙජීමය පෙරළිමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති නොවන වග අප දැන සිටියෙමු. එසේම එම පැවැති දුර්දාන්ත පාලනය තුළ සිටිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදව කිසිසේත්ම සිතිමට පවා නොහැකි වු බවද යළි කිවයුතු නොවෙයි.

වර්තමාන මොහොත ඉතා යහපත්ව භාවිත කළ යුතු දේශපාලන මොහොතකි. එය වඩාත් සබුද්ධිකව භාවිතා කළහොත් මෙරට තුළ අති ප‍්‍රබල සබුද්ධික පාලන ව්‍යුහයක් ගොඩනැගීමට අත්තිවාරම දමාගත හැකිය. ඉන්දියාවේ ගාන්ධි, නේරු, හා අම්බෙඞ්කාර් සුසංයෝගය පරිදිම මෙරටද ප‍්‍රබුද්ධ දේශපාලන නායකත්වය සමග බද්ධ වන බුද්ධිමතුන් තුළින් වඩාත් ප‍්‍රබුද්ධ පාලනයක් ඇති කළ හැකි බව අපගේ විශ්වාසයයි. පළමු කැරැුල්ල නිමාවි ඇත ග නමුත් වර්තමාන මොහොතේදි මතුවන ප‍්‍රතිවිප්ලවයට මුහුණ දෙමින් වඩාත් උසස් දේශපාලන සාක්ෂරතාවයක් සහිත පාලක පංතියක් බිහිකොට ගෙන මෙරටට අවශ්‍ය ප‍්‍රබල ප‍්‍රජාත්නත‍්‍රිය වෙනස ලඟාකර ගැනිමේ දෙවන කැරැුල්ල සිවිල් සමාජය විසින් ජනතාව සමඟ එක්ව වහා ඇරඹිය යුතුව ඇත . ඒ සදහා අවශ්‍ය සිතුවිලි අප සතුව මේ මොහොතේ පවතින අතර ක‍්‍රියාකාරීත්වය තීව්ර කළ යුතුව තිබේ.

*අතුලසිරි කුමාර සමරකෝන් – දේශපාලනය හා ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය, ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    රනිල් ප්‍රමුඛ එජාප ටිඑන්එ් මුකො හෙඋ ජවිපෙ සහ පුද්ගල හවුල සිරිසේන පොදු අපේක්‍ෂකය හැටියට තෝරා ගත්තෙ සිරිසේන දෙකයියෙක් නිසයි. කොහොම උනත් එජාප මතයයි ශ්‍රිලනිප මතයයි කියන්නෙ දෙකක්. සිරිසේන ශ්‍රිලනිප අත හැර පොදු අපේක්‍ෂකය උනේ ශ්‍රිලනිප මතය අත හැර දමලයි. එ්ක හරියට ලොකුගේල දයාරත්නල වගේ උපන් ගෙයි එජා පාක්‍ෂිකයො පක්ෂය අතහැරල ශ්‍රිලනිපට ගිහින් ශ්‍රිලනිප මතය කර පින්නා ගත්තා වගෙයි. ලොකුගේල දැන් ශ්‍රිලනිප මතය කර තියා ගත් අය බව ක්‍රියාවෙන් ම පෙන්වනවා. එ් උදාහරන අනුව සිරිසේන දැන් රනිල්ගෙ ප්‍රතිපත්ති කර පින්නා ගත් අයෙක්. එ් අනුව එයාව පරද්දන්න වැඩ කරපු ශ්‍රිලනිප දිනවන්න සිරිසේන ඊ ලඟ චන්දයෙදි වැඩ කරනව කියන්නෙ පට්ට පල් බොරුවක් පමණක් නෙවෙයි කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. අද එ් යතාර්ථය ශ්‍රිලනිප පාක්‍ෂිකයින් සහ ශ්‍රිලනිපට සහයෝගය දක්වන්නන් සහ සමහර ශ්‍රිලනිප මංත්‍රිවරු එලි පිටින් සහ බහුතර මංත්‍රි වරුත් යටි හිතින් පිළිගෙන තිබෙන බව ඉතා පැහැදිලියි.

    ලංකාවෙ දේශපාලන පක්‍ෂ වල සාමාජිකයො වෙලා ඉන්නෙ ඉතාම ටික දෙනයි. අපි වගේ වැඩි දෙනෙකුට පක්‍ෂක් නැහැ. එ් කියන්නෙ චන්ද දායකයන්ගෙන් බහුතරයට වැදගත් වෙන්නෙ මොකක්ද දිනන පක්‍ෂය කියන එක නෙවෙයි මොකක්ද තමන් දිනවන පක්‍ෂයෙ ප්‍රතිපත්ති කියන එකයි. තමන්ගෙ අදහස් වලට අාසන්නව ගැලපෙන පක්‍ෂෙකට චන්දෙ දෙන එකයි අද බහුතරය කරන්නෙ. දෙමළු සහ හම්බයො තමන් අහල නැති සිරිසේනට චන්දෙ දුන්නෙ මහින්ද පන්නයි. එජාප උනුයි ජෙප්පොයි එක්කහු උනේ වෙන මොකටද. එ් අැරෙන්න සිරිසේනට එජාප සහ ජෙප්පන්ගෙ අැති පක්ෂපාතීත්වය මොකක්ද. යන එන මං නැති රැලියකට 1000ක් ගෙනෙන්න ශක්තියක් නැති උරුමෙ සහ බාර බාරගන්න දෙයියො උන සෝභිත උන්නාන්සෙ නම් සිරිසේනට කෙලින්ම කඩේ යන බව පෙනෙනවා.

    ජාතිකවාදී අපි වගේ අයගෙ මතය නියෝජනය කරන්නෙ ශ්‍රිලනිප යෙන් චන්දෙ ඉල්ලා පැරදිච්ච මහින්ද මිසක් එජාප සහ ටිඑන්එ් සහ මුකො චන්ද වලින් දිනපු අාතක් පාතක් නැති සිරිසේන නෙවෙයි. ජනාධිපතිවරණය දිනපු විදිහට පාර්ලිමේන්තු චන්දය දිනන්න බැහැ. චන්ද ක්‍රමය වෙනස් කරනවා නම් කොහොමත්ම බැහැ. කොයි ක්‍රමයට තිබ්බත් එන පාර්ලිමෙන්තු චන්දෙදි ‘මහින්ද’ කියන්නෙ ශ්‍රිලනිප යෙ දිනුමෙ සංකේතය බව නුගේගොඩ මිනිහා තහවුරු කලා. එය නුවර මිනිහ ස්තිර කල බවයි මගේ අදහස. සිරිසේනට එ්ක තේරෙන්නෙ නැතිව නෙවෙයි. දින 55ට බලයෙන් මත්වෙලා.

    සිරිසේන චන්ද 6,217,162ක් හෙවත් 51.28%ක් ගත්ත බව අැත්ත. නමුත් 51.28%න් 21.25% ලැබුනෙ 25% ක්වන දෙමළු සහ හම්බයන් ගෙනුයි. ඉතිරි 30.03% සිරිසේනට ලැබුනෙ එජාප හෙල උෟරුමෙ ජවිපෙ අාදි සියලු පක්‍ෂ වල ඉන්න සිංහලයන්ගෙන්. ශ්‍රිලනිප සාමාජිකයන්ගෙන් නම් නෙවෙයි. නමුත් ශ්‍රිලනිප සිරිසේන විසින් ජනාධිපති බලයෙන් හයිජැක් කොරගන තමන්ගෙ මතය පක්‍ෂ සාමාජිකයන්ට බලහත්කාරයෙන් ගිල්ල වන්න හදනවා. මහින්දගෙ ජනප්‍රිය බව යටපත් කරන්න සිරිසේන හදනවා. බහුතර ශ්‍රිලනි පාක්‍ෂිකයන්ට මහින්ද ඉදිරියට ගෙනෙන්න සිරිසේන ඉඩක් දෙන්නෙත් නැති බව පැහැදිලියි.

    නමුත් මහින්දට ලැබුන චන්ද 5,761,090 හෙවත් 47.58% න් අති බහුතරය ශ්‍රිලනිප සහ එහි ප්‍රතිපත්ති ගරු කරන සිංහලයන්ගේ චන්ද බව සිරිසේන අමතක කරල. එ් චන්ද ප්‍රමාණය මේ දින 55ට වැඩි වී මිස අඩුවී නොමැති බව නුගේගොඩ මිනිසාත් නුවර මනිසාත් පෙන්නුම් කල බවත් සිරිසේන අමතක කරල. සිරිසේනට බල ලෝබී කිහිප දෙනෙකුගේ හැර බහුතර පාක්‍ෂිකයන්ගෙ මනස හෝදන්න බැරි බවත් එම රැලි වලින් පැහැදිලිව පෙන්නුවා.

    සිරිසේන බලයෙන් මත් වෙලා තමන්ට ජනාධිපති කම සුදුසු කමකට හෝ හැකියාවකට හෝ නොව පිනාට ලැබුන ඉතාම කෙටි කාලීන එකක් බවත් තමන්ගේ හැකියාවෙ තරමත් අමතක කරල මහින්දට බැට දෙනවා. 19 වන සංශෝධනයෙන් සිරිසේනට විධායක බලය අඩු/නැති උනහම සහ නවක මංත්‍රි වරුන්ට අප්‍රියෙල් 23 වනදා පැන්ෂොන් එක ලැබුනහම පක්‍ෂය අැතුලෙ බලය සිරිසේනගෙන් නිකම්ම ගිලිහේවි.

    එනිසා පක්ෂයද ප්‍රතිපත්තිද කියන දෙකෙන් එකක් තෝරා ගන්න මහින්ද කලබල වෙන්න ඔිනැ නැහැ යන්නයි මගෙ අදහස.

    • 0
      0

      ane bando – you guys seem to have no chance in the futureso you ahve to add this kind of malicious thoughts about Mr President. Let alone today you the ilk should finally get it that people of this country rejected Mahinda Jarapakshe and him as the nation s representative. MY3’S charm and gentle way will guide the folk to sustatainable peaceful nation – latter is becoming clear day to another. As a man who is set to work not second to Wimal Buruwanse – the nation ‘s kalakanniya will have no chance on CT or other forums today.

    • 0
      0

      quoting from you above:

      ජාතිකවාදී අපි වගේ අයගෙ මතය නියෝජනය කරන්නෙ ශ්‍රිලනිප යෙන් චන්දෙ ඉල්ලා පැරදිච්ච මහින්ද මිසක් එජාප සහ ටිඑන්එ් සහ මුකො චන්ද වලින් දිනපු අාතක් පාතක් නැති සිරිසේන නෙවෙයි

      Not in favour of the nation, but you the ilk are just born nitwits not even real nationalists – to see it beyond. Rjaapaksh supporters are trully misinformed – in next general election only, you will see – how the majority of 5.8 millions will turn their attitudes towards the betterment of the country. By that time, all commissions and mechanisms against Rajapakshe HIGH PROFILE abuses will be revealed. Days of Rajapakshes are numbered. Like or not, they have to face the law of the country. His adminsitration was deliberately a looting mission rather than doing good for the nation. No sooner, his brother Basil will be brought back to the invesitagtion. Those accounts filled by tax payers funds will be revealed soon. Sinhalen kiyanawa nam owunta hena gahanawa – duppathage bokka soora bee winasa kireema gana. Karma will come on to Rajapakshe sooner than we ever thought. This will not be as revenge – but falling in the lines of law and order of the country. THis was the case with Mubarak too…. Those who shed kimbula kandulu not knwoing the gravity of corruption that MR deliberately promoted will have to turn them sathutu kandu for the sake of the majority folks in this country. ALl these will be transparent – we will be becoming an educated nation that world would respect us as had been before MR regime soon.

  • 0
    0

    In a coutry where majority buddhists make chatas patas while listening to Bana- reciting panathipatha weramanee etc – to go and listen to Anti-regime rallies is a common thing. But as we saw it recent past, alone such gatherings cant prove that people s thoughts and minds are with them. The most in the country today are against Meeharaka Rajapakshe and his all kind of abuses – since they have abused the tax payers funds for their own survivial. This they ha been doing while turning the vulnerable youth into drug or alcohl addicts. The man wasbecoming popular since he nevertheless cuddled the babies to infect his fake love towards them. Had the man ever been that kind hearted, could he have done the due within the last of his adminsitraton. But very gawky people like BANDA to move on saying the same on and on supporting th eman is ntohing but a reaction emerged because of stupidity and lack of proper informaton. Today slowly these info are turning to normal – with no state channels go on attacking the opposition. They also work as pvt channels – that is a great thing becoming clear in MY3 adminsitration.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.