
මෙරට ප්‍රජාතන්ත්‍රීය පද්ධතියේ සම්ප්‍රදායික ප්‍රබල ද්විපක්ෂ බල රටාව තුළ ඇතිවූ මෑත කාලීන පිපිරුම තුළ මතුවන පොදුජන පෙරමුණ සහ සමඟි ජන බලවේගය කිසියම් නව ඓතිහාසික විභවතාවන් ජනිත කළ දේශපාලන සංසිද්ධි වශයෙන් දැකිය හැක. එසේම එජාප–ශ්‍රීලනිප ද්විපක්ෂ ක්‍රමය තුළ ඝනීභුතව පැවති අධානග්‍රාහී තත්වයන්ට (උදා – එක් ප්‍රභූ නායකයකු හෝ පවුලක් වටා බලය කේන්ද්‍ර ගත කිරීමේ එජාප දේශපාලනය හෝ ශ්‍රීලනිප දේශපාලනය) එරෙහිව යෝජනාවූ විකල්පීයතාවයක් එම නව බලවේග තුළ, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළින් මතුවන සමඟි ජන බලවේගය තුළ පැවතිණ. සමඟි ජන බලවේගය යනු එම ගතානුගතික බලයට එල්ලකළ විශාල අභියෝගයකි. මේ වනවිට විමල් වීරවංස වැනි ජනප්‍රියවාදී හා ජාතිකවාදී නායකයන් විසින් බිහිකළ පොජපෙ රාජපක්ස පවුලේ අධිපත්‍යට යටවූ සමාගමක් වී බවට පත්ව තිබේ. ද්වි පක්ෂ ක්‍රමය පිපිරවූ මෙම නව බලවේග සිදුකළ විපර්යාසය හැඳින්වීමට ‘විප්ලවය’ යන වචනය එක එල්ලේම යෝග්‍යය නොවූවත්, එජාපයේ සම්ප්‍රදායික පදනම දෙදරීම තුළ නව ප්‍රවණතාවන් විශාල ප්‍රමාණයකට ලැබී ඇති දේශපාලන විභවතාව තුළ කිසියම් විප්ලවීය මානයක් එහි දී යමෙකුට නිරීක්ෂණය කිරීමට නොහැකිවාම නොවේ. නමුත් වාමාංශික ශබ්ද කෝෂයට අනුව විප්ලවය සතු ඝනීභුත වූ අදහස මෙහි දී භාවිතා කළ නොහැක.
දෘඩ නොවන නව ද්වි පක්ෂ ක්‍රමයක්
කෙසේමුත් ද්වි පක්ෂ ක්‍රමය තුළින් මතුවූ, එතරම් දෘඩ නොවූ නව ද්වි පක්ෂ ක්‍රමයක් වර්තමානයේ මෙරට පවතී. පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංධානයකි. එහි ජාතිකවාදී, වාමාංශික, සහ ලිබරල් ප්‍රවණතාවයන් වශයෙන් වන සියළු දේශපාලන නියෝජනයන් පවතී. එසේම සමඟි ජන බලවේගය යනු ද තවදුරටත් ‘යැංකි වාදී’ නායකත්වයක් විසින් ආධිපත්‍ය නොදරණ, විශාල විෂමතාවයන් ගණනාවක එකතුවකි. මෙම බල කඳවුරු දෙක ම පසුබිමේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි සම්ප්‍රදායික බලයන් දුර්වල මට්ටමකින් හෝ පවතී. එමෙන්ම පවත්නා අභ්‍යන්තර සහ භාහිර දේශපාලනමය සාධකයන් හමුවේ ඕනෑම මොහොතක නව ප්‍රවණතාවයන් වර්ධනය වීමේ විභවතාව මේ පක්ෂ හෝ සංධාන තුළ යහමින් පවතී.
උදාහරණයක් ලෙස ශ්‍රීලනිපය සහ තවත් කුඩා පක්ෂ ගණනාවක් පොදුජන පෙරමුණ තුළ සිටිමින්ම ඔවුන්ගේ ම වූ දේශපාලන අනන්‍යතාවක් සහ බලයක් සඳහා ද වෙහෙසෙයි. අඩුම තරමින් ඉතාමත් තීරණාත්මක තත්වයන් තුළ ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ හැකියාව එම කුඩා පක්ෂ සමූහය වෙත තිබේ. අනෙක් අතට සමඟි ජන බලවේගය තුළ ද එවැනි ප්‍රවණතා පැවතිය හැක. චම්පික රණවක ප්‍රවණතාවය එවැනි මානයක් විය හැකිය. කෙසේමුත්, මොහොතේ දී මෙරට ද්විපක්ෂ බල රටාව එහි නවතම ප්‍රමුඛ ඒකකයන් ද්වය වන පොදුජන පෙරමුණ සහ සමඟි ජන බලවේගය ප්‍රමුඛ කොටගෙන ඉදිරියට පරිවර්තනය විය යුතු ද? නැත්නම් ඒකීය පක්ෂ බල රටාවකට හෝ ප්‍රධාන පක්ෂයක් සහිත බහු පක්ෂ බල රටාවකට පරිවර්තනය විය යුතු ද? යන ඓතිහාසික ගැටලුව සහිත ගමන්පථයට පැමිණෙමින් තිබෙන බව මගේ උපකල්පනයයි.
බහුපක්ෂ ක්‍රමයක අනාගතය
පොදුජන පෙරමුණ විසින් පද්ධතියට ඇතිකරමින් තිබෙන බලපෑම කිසිසේත්ම බහුපක්ෂ ක්‍රමයක අනාගතයට සුබවාදී නොවන අතර ඒ වෙනුවට ඒකීය පක්ෂයක් කරා යොමුකරවීමේ තත්ත්වයන්, දේශීය සහ බාහිරව, නිර්මාණය කරවීමට එම පක්ෂය ක්‍රියා කරමින් සිටී. අනෙක් අතට සමඟි ජන බලවේගය ට පවතින ප්‍රධානත ම අභියෝගය වන්නේ නව ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ශක්තියෙන් යුක්තව ගොඩ නැඟීමයි. එසේම ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් වෙනුවට වෙනත් බලවේග ගණනාවක් මතු වුවහොත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇතිවන නිරන්තර චලනයන් සහ කැළඹීම් අවසාන වශයෙන් එය ප්‍රබල තනි පක්ෂ ඒකාධිකාරයකට මෙරට දේශපාලනය නතුවීමේ අනතුර නොඅඩුව පවතී.
මෙම ලිපියේ මූලික තර්කය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ ආරක්ෂාව සඳහා සමඟි ජන බලවේගය අතිශය ප්‍රබල ප්‍රජාතන්ත්‍රීය බලයක් වශයෙන් වර්ධනය විය යුතු බවත්, පොදුජන පෙරමුණ විසින් ඇතිකරමින් තිබෙන ඒකාධිකාරී ප්‍රවණතාවයන් සහ මිලිටරිමය බල ආකෘතීන් සමඟ පොර බැදීමට එය අත්‍යවශ්‍ය සාධකයක් විය හැකි බවත්ය. එමනිසා සජබ ය යනු මෙම මොහොතේ ආරක්ෂා කරගතයුතු හා ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුතු අත්‍යාවශ්‍යකත්වයකි. එම කඳවුර තුළ එක්සත්භාවය පවත්වා ගැනීමට සහ සිදුවිය හැකි පැළුම් අවම කිරීමට එම පක්ෂය ක්‍රියාත්මක විය යුතු අතර එය ළඟා කරගත හැකි තත්වයකි. මන්ද පවත්නා සියළු ආර්ථික දේශපාලනික විපර්යාසයන් විසින් තත්වගතවන යතාර්ථය තුළ ඉදිරියේ දී ඇතිවන බල පෙරළිය තුළ සජබයට විශාල බලයක් අත්වීමේ ඉඩ පවතී. නමුත් එම මොහොත දක්වා ගමන් කිරීමේ දී එම පක්ෂය සහ එහි සංධානමය පාර්ශවයන් අතර ඉතාමත් ශක්තිමත් බැඳීමක්, පොදු විශ්වාස පද්ධතියක්, සහ පොදු සංනිවේදන රටාවකට අනුගත වීමක් පැවතිය යුතුය.
සජබයේ වැදගත්කම
සජබය යනු වාමාංශික ප්‍රවණතාවක් නොවෙයි. නමුත් එය මැද මාවතක් තෝරාගන්නා බවට ප්‍රකාශ කරයි. එය නව ලිබරල් දර්ශනය පිළිබඳව ද කිසියම් විවේචනයක් ගෙන එයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියේ වැරදි නිවැරදි කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කරයි. නමුත් අපට මේ මොහොතේ සජබය වැදගත් වන්නේ මේ එකදු හේතුවක් නිසා හෝ නොවෙයි. එය වැදගත් වන්නේ ප්‍රබල ද්වි පක්ෂ ක්‍රමයක් තුළ වර්ධනය වූ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ ශේෂයන් තවදුරටත් ක්ෂය නොවී පවත්වා ගනිමින්, ඒකාධිපති පාලනයක් හෝ අර්ධ මිලිටරි පාලනයක් සහිත අනාගත ඒක පක්ෂ ක්‍රමයක් දක්වා මෙරට දේශපාලන පද්ධතියේ සිදු විය හැකි බරපතල අවවර්ධනය වලක්වාගත හැකි ප්‍රබල විකල්පයක් වශයෙන් එය වර්ධනය විය යුතු නිසාය.
එමනිසා සජබය තුළ මේ මොහොතේ පැවතිය යුතු දේශපාලන ශක්තිමත් භාවය කිසිසේත්ම මැනිය යුත්තේ එම පක්ෂය සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය හෝ ආණ්ඩු පක්ෂයට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ ප්‍රමාණය අනුව නොවෙයි. එම පක්ෂය වටා ගොඩනැඟිය හැකි අනාගත විභාවතාවයන් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් බලමින් එය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ප්‍රබලම ප්‍රකාශකයා වශයෙන් අඛණ්ඩව පවත්වා ගත යුතුය. නමුත් මේ මොහොතේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සමහර බලවේගවල ඉලක්කය සජබය දුර්වල කිරීම නම් එය දේශපාලන මුලෝපායිකව පොදුජන පෙරමුණේ දේශපාලන ඒකාධිපතිවාදයට පහසුකම් සැලසීමකි.
එම තත්වය කිසියම් උපකල්පනයක් බවට යමෙකුට තර්කකළ හැක. නමුත් අප විසින් අමතක නොකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ද පවත්නා විෂයමුලික තත්වයන් විසින් නිරන්ත්රයෙන්ම වෙනස් කෙරෙන පද්ධතියක් නිසා ඒ වෙනුවෙන් පෙනී සිටිමින් එය ආරක්ෂා කර ගන්නා ක්‍රියාධරයින් පැවතිය යුතුබවය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවෙන වමක් හෝ ජාතිකවාදී ප්‍රවණතාවක් නොපවතින නිසාත්, ඒ සඳහා නායකත්වය දිය හැකි වෙනත් විකල්ප සමාජ ව්‍යාපාර ආරම්භ නොවන නිසාත් අපට ප්‍රජාතන්ත්‍රීය පක්ෂ දේශපාලනය මත බොහෝ බරක් පැටවීම ට සිදුවෙයි. විසිවෙනි සංශෝධනය හරහා අතිවිශාල බලයක් සහිත ජනාධිපතිවරයෙක් ගොඩනගා ගත් පොදු ජන පෙරමුණ ව්‍යවස්ථානු කුලවාදයට එතරම් කැපවුණ කණ්ඩායමක් නොවෙයි. විශේෂයෙන්ම එම පක්ෂය තුළ වර්ධනය වන පවුල් බලය යනු ප්‍රජාතන්ත්‍රීය ප්‍රවේශයකට වඩා සියළු පක්ෂ ආධිපත්‍යට ලක්කරන ඒකාධිකාරී තනි පක්ෂ ප්‍රවණතාවකි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂය
පොජපෙ ආදර්ශය චීනයේ කොමියුනිස්ට් පක්ෂය හෝ එවැනි දැවැන්ත දේශපාලන ඒකාධිකාරයකි. කෙසේමුත් යතාර්ථවාදී ලෙසකින් එම පක්ෂයට අතිවිශාල බාහිර අධාරකයකින් තොරව මෙරට බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හැරවීමේ ක්‍රියාවලිය එතරම් පහසු හෝ ක්ෂණික ව කළ හැකි එකක් නොවෙයි. ඒ එයට එරෙහිව පවතින විශාල ඓතිහාසික ප්‍රජාතන්ත්‍රීය සවිඥානයක් මෙරට තුළ අඩුවෙන වේගයකින් හෝ තවමත් පැවතීමය. කෙසේමුත්, ලෝක දේශපාලන ප්‍රවණතාවයන් තුළ ඉදිරියේ දී මෙම තත්වය වෙනස් නොවී පැවතිය හැකි බවට වන සහතිකයක් අපට නැත. එකම සහතිකය වන්නේ ලිබරල් මානව නිදහස අගයන විශාල බලවේගයක් පොදුජන පෙරෙමුණ විසින් ඇතිකරමින් තිබෙන දේශපාලන ඒකාධිපත්‍ය ප්‍රවේශයට එරෙහිව මුලෝපායිකව ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමයි. ඒ සඳහා සුදුසුකම් ලබන ප්‍රධානතම පක්ෂය හෝ සංධානය වශයෙන් අපට මේ මොහොතේ සැළකිය හැක්කේ සමඟි ජන බලවේගයයි. එම පක්ෂය එජාපයේ ඓතිහාසික පදනමින් යම් තරමකට විතැන් වූව ද, ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගය තුළ දැනට පවතින විශාලතම දෙවන බලවේගයි.
ආණ්ඩුව සහ ඒකාධිපති මාවත
එසේම එම උපාය මාර්ගය තුළින්ම බලය හඹා ගිය සහ බලයට පැමිණි පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය පිළිබඳ වඩාත් සර්වද්‍යෝෂදර්ශ්‍රීමය භාවිතාමය ප්‍රවේශයක් මෙරට ජන මනස තුළ ක්‍රමයෙන් තැන්පත් කරමින් තිබේ. ඒ සඳහා පවතින හොඳම උදාහරණ වියහැක්කේ සම්ප්‍රදායික නිලධාරී තන්ත්‍රය අභිබවායන හා මිලිටරිමය ගුණත්වයකින් යුතු කොවිඩ් මර්දන බලකායන් ආදියයි. විපක්ෂය සර්වපාක්ෂිකව තීරණ ගැනීමේ ක්‍රියාවළියක් පිළිබඳව විශ්වාස කරන බව පෙනෙන මොහොතක ආණ්ඩුව ඒකාධිපති මාවත තුළ ප්‍රජාතන්ත්‍රීය පද්ධතියට බාධා පමුණුවන සංස්කෘතියක් සඳහා වන කැමැත්ත සහ ජනමතය ක්‍රමයෙන් නිර්මාණය කරමින් නොතිබේද? අනෙක් අතට ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිමය භූමිභාගය තුළ පවතින අවිධිමත් සහ සම්ප්‍රදාය විරෝධීත්වය (උදා: විදේශ ප්‍රතිපත්තිය තුළ නොබැඳි පිළිවෙතින් මිඳීම සහ ආර්ථිකය තුළ කොල්ලකාරී ධනවාදයට වැඩියෙන් ඉඩ තැබීම) නිසා රාජ්‍යය අභ්‍යන්තරිකව සහ විදේශීයව විශාල තර්ජනයන්ට සහ අරාජිකත්වයකට විවෘත වී තිබේ.
උක්ත පසුබිමේ සිට අපට වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය දෙස ඉතාමත් තීරණාත්මක සාකච්ඡාවකට වර්තමාන මොහොත තුළ සූදානම් වීමට සිදුව තිබේ. එය සිදුකළ යුත්තේ මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බලවේග සමඟය. සමඟි ජන බලවේගය, එජාපය, ශ්‍රීලනිපය සේම වාමාංශික නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවී ඇති ජනතා විමුක්ති පෙරමුණ යන බලවේගයන්ට විශාල භූමිකාවක් මේ මොහොතේ තිබේ. එම කාර්ය භාරය හඳුනා ගැනීමට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය සම්බන්ධයෙන් ස්ථාවර දේශපාලන භුමිදර්ශනයක් වෙත එක්සත්ව පැමිණීමේ වගකීම මේ සියලූම බලවේග විසින් වහාම හඳුනා ගතව තිබේ. ඒ සඳහා පවතින අවහිරතාවයන් මොනවාද?
අභ්‍යන්තර බල අරගල වලට යොමුවීමෙන් වැළකීම
මූලිකවම විපක්ෂය සහ එහි කේන්ද්‍රීය පුරුක වන සමඟි ජනබලවේගය ප්‍රජතතන්ත්‍රවාදය පිළිබඳ පොදු න්‍යාය පත්‍රයකට මේ මොහොතේ පැමිණීම සහ අභ්‍යන්තර බල අරගලවල ට යොමුවීමෙන් වැළකීම මෙහිදී අවශ්‍යය බව මූලිකව යෝජනා කළ හැක. එසේම, විපක්ෂය තුළ සමඟි ජන බලවේගය බිහිවීමෙන් ඇතිවූ දේශපාලන කැලඹුම තවමත් සමනයකට පත්වී නොමැත. එසේමුත් විපක්ෂයේ විවිධ පාර්ශවයන් අතර පවතින තරඟයකට වර්තමාන දේශපාලන මොහොත යට කල යුතු නැත. සමඟි ජන බලවේගය ප්‍රධාන ප්‍රජාතන්ත්‍රීය බලවේගය බවට පත්වීමේ වේදනාව එජාපයට පැවතිය හැක. නමුත් එජාපය සජබයට එරෙහිව කරන තරඟය තුළ තවදුරටත් අර්බූදයට පත්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරයි. එලෙසම චම්පික රණවක ප්‍රවණතාවය ගැන ද ගුණාත්මක අගයකින් යුතු අදහසක් මෙහිදී සඳහන් කළ යුතුය. රණවක මහතා සතුව විශාල දේශපාලන විභව ශක්තීන් ගණනාවක් පැවතිය හැක. එම ශක්තීන් කළමනාකරණය කරගෙන සමඟි ජන බලවේගයේ වර්ධනය සඳහා භාවිතා කරන්නේ නම් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රීය විරෝධී මාවතට විශාල අභියෝයගක් එල්ල කල හැක.
අවසන් වශයෙන් පැවසිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කඳවුර තුළ පවතින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන් මතු කිරීමට මෙය කිසිසේත්ම අවස්ථාවක් නොවන බවයි. විවිධ දේශපාලන අනන්‍යතා, අභිලාශ සහ මහේච්ඡතාවයන් පැවතිය හැක. නමුත් අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ අපගේ අනන්‍යතා සහ පුද්ගලික බල ව්‍යපෘති පෙරමුණට ගෙන එනවා වෙනුවට සහ එකිනෙකා විසින් එකිනෙකා මරා ගන්නා දේශපාලනයක් තෝරා ගන්නවා වෙනුවට මෙම පද්ධතිය මුහුණපා ඇති ගැඹුරු ගැටළු පොදු ප්‍රජාතන්ත්‍රවාදී කරළියක සිට සාකච්ඡා කළ යුතු බවයි. ඒ සඳහා විපක්ෂයේ ප්‍රමුඛ බලවේගය වන සමඟි ජන බලවේගයට විශාල භූමිකාවක් තිබෙන අතර එහි වත්මන් නායකත්වය ට අභියෝග කිරීමට තෝරා ගන්නා අනියම් මාවත් හරහා බලවත් විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බලවේග බව මඟේ අදහසයි.
Champa / June 5, 2021
සිංහලයන්ට කතා කරන්න වෙන තැනක් නැති නිසා මෙතනට ලිව්වා.
.
සිංහල භාෂාව ඝාතනය කරන්න, සිංහලයෙක් විදිහට පෙනී හිටලා, සිංහල බෞද්ධ ජනතාවගේ චන්දෙන් බලයට ආපු මලක්කන් ගෝඨාභය තව නිහීන උත්සාහයක් අරගෙන. ඒ තමයි මෙතෙක් සිංහල භාෂාවෙන් උගන්නපු තෝරා ගත් ප්‍රධාන පෙලේ පාසල් වල අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පටන් ගැනීම සහ පසුව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් උසස් පෙළ විභාග පැවත්වීම. මේ කරන්න හදන්නේ මේ පාසැල් වල ඉගෙන ගන්න සිංහල බෞද්ධ සිසු සිසුවියන් අඩු කරලා වෙනත් ජාතිකයන් සහ වෙනත් ආගමිකයන්ට වෛද්‍ය ඉංජිනේරු ඇතුළු ප්‍රධාන රැකියා ධාරාව විවෘත කරන්න. මේකත් පිටිපැස්සේ මරක්කල අලි සබ්‍රි නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ.
නීති විද්‍යාලයේ අවසාන විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවත්වන්න කියල ගෝඨාභය ගහපු ගැසට් එක ඉවත් කර ගත්තේ නැහැ.
ඊළඟට කියනව විද්‍යා විෂය දහරාව සියයට 60 ට වැඩි කරලා කළා විෂය දහරාව සියයට 25ට අඩු කරනවලු. මුන්ට මොකද කලා විෂයන් ගැන මෙච්චර තියෙන අමාරුව? කලා විෂයන් කෙලින්ම සිංහල ජාතියට, බුදු දහමට, සිංහල ඉතිහාසයට, සිංහල ශිෂ්ඨාචාරයට, පුරාවිද්‍යාවට, සිංහල බෞද්ධයන් බොහෝ ආදරය කරන පරිසරයට සම්බන්ධයි.
මතක ඇති ගෝඨාභය මුලදීම කලා විෂයන් වැඩක් නැහැ කියලා කිව්වා. ඒක අහලා, චන්දෙ කාලේ ‘අපිට සිංහල බෞද්ධ නායකයෙක් හම්බ වුනා’ කියලා උදම් අනපු සමහරු ගල් ගැහුනා. අපූරු සිංහල බෞද්ධ නායකයා. රාජපක්ෂලා ගෙදර ගිහිල්ල බඩවල් අල්ලන් හිනා වෙන්න ඇති.
අනාගතේ රාජ්‍ය පරිපාලන සේවය ඇතුළු සියලු විභාග නීති විද්‍යාලයේ වගේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන්න ගැසට් ගැහැව්වොත් පුදුමවෙන්න එපා.
/
Champa / June 5, 2021
පැහැදිලිවම රාජපක්ෂලා සහ අලි සබ්‍රි අනාගතයේ දේශපාලනමය, නීතිමය සහ පරිපාලනමය ඇතුළු සියලු අංශ සුළු ජාතින් අතට පත් කරන්න අපේ ඇස ඉදිරිපිටම බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. හේතුව මොකක් වෙන්න පුලුවන්ද? පැහැදිලිවම මරක්කල ජනගහනය වැඩි වෙලා ඇති. දුර්ජන රාජපක්ෂලා අනාගතයේ සිංහල බෞද්ධ ලංකාව මුස්ලිම් රටක් කරන්න අඩිතාලම දමනවා. පේන්නේ නැත්ද යකුනේ.
මතක ඇති නේද අද ඇමතිවරු වෙලා ඉන්න බන්දුල වගේ හොර දේශප්‍රේමියෝ කිව්වා ප්‍රාථමික පාසල් වල සිංහල භාෂාවෙන් උගන්නන එක අනිවාර්ය කරනවා කියල. දැන් කොහොමද?
.
මම හිතන විදිහට, තවම මම ඒ ගැන හොයාගෙන යනවා, සිංහල තමයි ලෝකයේ මුල්ම ලියන සහ කියවන භාෂාව. අනිත් පැරණියි කියන රටවල් සංකේත භාවිතා කරන කොට අපි සම්පූරණ අකුරු භාවිතා කළා විතරක් නෙමෙයි පොතුත් ලිව්වා. අපේ භාෂාව සහ රෝම භාෂාව අතර තියෙන අසාමාන්‍ය සමානකම් ගැන පර්යේෂණයක් කරපු පරණ ලිපියක් මම දැක්ක. අපි උසස් ගණිතමය ඥානයක් තිබුණු ජාතියක් බව අපිට වඩා විදේශිකයන් ලියලා තියෙනව. එවන් උදාර ජාතියක භාෂාව මරා දමන්න විජාතික රාජපක්ෂලා සහ අලි සබ්‍රි සැලසුම් සහගත උත්සාහයක යෙදීම සලකන්න ඕනේ සිංහල ජාතිය සමූල ඝාතනය කරන්න කරන කුමන්ත්‍රණයක් විදිහට.
/
Champa / June 5, 2021
අනේ නෙද්දකින්. අන්න ඒ පාර ගෝඨාභය ලංකාවේ කෘෂිකර්මාන්තයටත් ආයෝජකයෝ ඉල්ලලා.
තව ලංකාවේ කාබනික ගොවිතැනට බහු ජාතික සමාගම් වල සහයත් ඉල්ලලා.
මේ කතා ලියලා දෙන්නේ කවුද?
ලංකාවේ ජනාධිපති වුනහම සිංහල ලිවිම, කියවීම, කියවා තේරුම් ගැනීම සහ අඩු ගානේ සාමාන්‍ය දැනීමවත් තියෙන්නේ එපෑය.
කවුරු හරි ඉස්කෝලේ යන කොල්ලෙක් නැත්ද දන්නේ නැහැ රාජපක්ෂලාට කියලා දෙන්න 1965 හඳුන්වා දුන් හොර හරිත විප්ලවයේ ඉඳන් බහු ජාතික සමාගම් වල කොල්ලකෑම් වලට යටත් වෙලා ඉන්න සිංහලයෝ, සැබෑ සිංහලයෝ, එයින් මිදෙන්න මඟක් හොයන කොට කාබනික ගොවිතැනටත් බහු ජාතික සමාගම් වල සහය ඉල්ලන්නේ අමු කැවිලද කියලා.
එක ශත පහක් වියදම් කරන්නේ නැතුව නිසරු පොලොව සරු කරන්න පුළුවන් කම තියෙත්දී, විදේශ රටවලිනුයි, විදේශ ආයෝජකයන්ගෙනුයි, බහු ජාතික සමාගම් වලිනුයි සහය ඉල්ලන්නේ දේශීය විදේශීය දෙක මාරු වෙලා හින්ද වෙන්න ඕනේ.
/
Champa / June 5, 2021
කලබල වෙච්ච පාර කියන්න බැරි වුනා අර කතාව කරලා තියෙන්නේ කෘෂි පාරිසරික විද්‍යාව සම්බන්ධ සැසියක ඉංග්‍රීසියෙන්. නමුත් පැහැදිලිවම multi-national companies වල කෙරුවාව දන්නේ නැහැ.
අනිත් එක බලයේ හිටපු පහුගිය මාස 19 ටම මහා පරිමාණයෙන් ලංකාවේ වනාන්තර විනාශ කළා. වැව් හදනව කියලා වැව් වටේ ඉඩම් මංකොල්ල කන්න දුන්න. වනාන්තර ආරක්ෂා කරන්න තිබ්බ පනත් අහෝසි කළා. දැන් ලෝකෙට කතා කරනවා දේශගුණික විපර්යාසවල ආදීනව ගැන. ආණ්ඩුවේ නිල ලේඛනවල තියෙනව ඉඩම් අක්කර 60,000කට වැඩි ප්‍රමාණයක් එලි කරලා කියලා. එක මිනිහෙක් හිරේ ගියේ නැහැ. හැබැයි රට වටේ කෙරෙන ඉඩම් විනාශය ගැන පින්තූරයක් ෆේස් බුක් එකේ දාපු තරුණ රජයේ නිලධාරියෙක්ව හිරේ දැම්ම. නොනිල වශයෙන්, ඒ කියන්නේ ආණ්ඩුව හංගලා එලි කරන මහා වනාන්තර ප්‍රමාණය හැටියට ලංකාවම හේදිලා නොගිහින් ඉතුරු වුනොත් පුදුමයි.
වරාය නගරයේ ඉඳි කිරීම් වෙනුවෙන් ගල් ඝන මීටර් මිලියන් 6.54ක් වෙන් කරලා තියෙනව ප්‍රධාන වශයෙන් ගම්පහ කොළොඹ ගල් කොරි වලින් සහ ඉතුරුව රටේ වෙනත් ප්‍රදේශ වලින්. සාමාන්‍ය ප්‍රමාණයේ ගල් නම්, මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් මෙට්‍රික් ටොන් මිලියන් 9.1ක්. මම දැක්ක විද්වතෙක් කියලා තියෙනවා ගල් කැඩීම නිසා සිද්ධ වෙන පරිසර හානිය. ඒ විතරක් නෙමෙයි ජීවිත හානිත් වෙනවා. මේ ගල්, වැලි චීන්නුවත් විදේශ ආයෝජකයෝවත් ගෙදරින් ගේන්නේ නැහැ.
පරිසර විනාශය නිසා ඇතිවුණු දේශගුණික, කාලගුණික විපර්යාස හේතු කොටගෙන සහ සාගර ජලය ඉහල නැගීම නිසා විනාශ වෙච්ච රටක උදාහරණයක් විදිහට ලෝකයා ලංකාව ගැන කතා කරයි අනාගතයේ.
/