

ඔස්ටින් ප්‍රනාන්දු
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ ආරාධනයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ලබන සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ. එය සම්ප්‍රදායික නෑගම්යාමකි.
අනුර ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයේදී සුබපැතු මෝඩිතුමා සබඳතා දැඩිකර ගනිමින් ශ්‍රී ලංකාව සමග ආසන්නයෙන්ම ක්‍රියාකිරීමට අපේක්ෂා කළේය. අනුර ජනාධිපතිතුමා, මුළු කලාපයේ සියලු ජනතාවන්ගේ සුභ සිද්ධිය උදෙසා මෝඩිතුමන්ගේ සබඳතා පිලිබඳ කැපවීම බෙදාහදා ගනිමින් ඊට ස්තුති කළේය. ‘සියලු ජනතාවන්ගේ සුභ සිද්ධිය’ විස්තර නොකළ මනාය. ‘මුළු කලාපයේ’ යන යෙදුම අනුර ජනාධිපතිතුමන් විසින් ඉන්දියාවේ කලාපීය නායකත්වය පිළිගැනීමක් විය. අනුර ජනාධිපතිතුමා දෙපාර්ශවයටම වාසිදායක නව අදහස් දරත හැකිවුවත්, කලාපීය නායකත්වයට අභියෝගයක් නොවේ.
මැතිවරණ ජයග්‍රහණයට එවන් ඉන්දීය ප්‍රතිචාර සාම්‍යයක් දක්වයි. අගමැතිනි ශීක් හසීනා (හසීනා) 2024 මැදභාගයේදී මැතිවරණ ජයගත් විට මෝඩිතුමා එතුමියට සුබපතා, බංග්ලාදේශය සමග ජනකේන්ද්‍රීය සම්බන්ධතා බලගතු කිරීමට කැපවිය. හසීනා සමුව, මෝඩිතුමන්ගේ සුබපැතුම් දැන්වූ පළමු තානාපතිවරයා ඉන්දීය මහකොමසාරිස් ප්‍රානේ වර්මාය.
මේ ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සියුම්බව අපටද පොදුය. ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ජයගත්විට තරන්ජිත් සන්ධු මහකොමසාරිස්වරයා එසේ කළේය. අනතුරුව විදේශ ඇමති ජයෂන්කර් ගෝටාභයට දිල්ලියට පැමිණෙන ලෙස දිගුකළ ආරාධනය ඔහු පිළිගති.
අනුර ජනාධිපතිවරයාට සුභ පැතු පළමු රාජ්‍යතාන්ත්‍රිකයා මහකොමසාරිස් සන්තොෂ් ජා ය. අමාත්‍ය ජයෂන්කර් පසුව ඉන්දියාවට පැමිණෙන ලෙස අනුර ජනාධිපතිතුමාට ආරාධනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අනුර ජනාධිපතිතුමා සමුවූ පළමු අමුත්තා වුයේ මහකොමසාරිස් ජා ය. පළමු අමුත්තාවීමේ වරප්‍රසාදය රැකගත් ඉන්දීයන් නෑගම් යන්නේ එසේයි.
රනිල්+මෝඩි ‘දැක්ම ප්‍රකාශය’ (Vision Statement)
ඉන්දීය සංචාරයට සැලසුම් කරන අතරතුර තමා මෝඩිතුමන් සමගින් 2023 ජුලි මස එකඟවූ ‘දැක්ම ප්‍රකාශයකට’ අවධානය යොමුකරමින්, එය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් (රනිල්) කළ සිහිගැන්වීම අනුර ජනාධිපතිතුමන් උද්වේගයට පත්කරන්ට ඇත.
මේ ප්‍රකාශයෙන්, ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කළ පසු, ශ්‍රී ලංකා ආර්ථිකය, නීතිමය රාමුව, පද්ධතීන්, උඩි–යටිකුරුවකට ලක් කොට, ඉන්දීය මාවතට බද්ධිතව ක්‍රියාකිරීම අපේක්ෂාව විය. එහි, සාගරික, වායු, බල–ශක්ති, වෙළද, ආර්ථික, මුදල්, සහ පුද්ගලානුබද්ධ සම්බන්ධතාවලට අවධානය යොමු කෙරිණි. මේ සංවර්ධන ප්‍රවේශය අත්‍යවශ්‍ය හා අනීවාර්යය. ඉන්දියාවේ ශ්‍රේෂ්ටත්වයට ඇති ගරුත්වය හා පිළිගැනීම අභියෝගයට ලක්නොකොට, “සහකරු” ඉන්දියාවට සීමාකිරීම ප්‍රශ්න ඇතිකරයි.
“ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධනය සඳහා සහයෝගිතාවය” හිසින් වූ මේ ප්‍රකාශයේ එක් අවබෝධතාවක් උපුටමි. සාරාංශ ලෙස බැලුවොත්, එහි දැක්ම වුයේ වරාය හා සැපයුම් මතුව්‍යුහය සංවර්ධනය, ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රය බවට පත්කිරීම, දකුණු ඉන්දියාව හා ලංකාව ඉන්ධන නල මාර්ගයකින් සම්බන්ධ කිරීම, තෙල් ගබඩා සංවර්ධනය, සහ ත්‍රිකුණාමල හා කොළඹ වරායන්ට ගොඩබිම් සම්බන්ධතාව ඇති කෙරෙන ලෙස පාලමක් තැනීමය. ‘ප්‍රකාශය’ අතිවිශාල සංවර්ධන නැඹුරුවක් දැක්වීය. .
එහෙත්, මෙය ආරක්ෂා උපායමාර්ගිකව ඉන්දියාවට වාසිදායක පා සටහනක් ත්‍රිකුණාමල වරායේ තබනු ඇත. ඇමරිකානු හා ආසියා පැසිෆික් අවශ්‍යතා ප්‍රමුඛව ආරක්ෂා කෙරෙන, (අපගේ නොවේ!), චීන සංවර්ධන කටයුතුවලට හරස්වන, ඇමරිකානු–ඉන්දීය බද්ධ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට 2023 පෙබරවාරි මැදදී ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම් වික්ටෝරිය නුලන්ඩ් අප රජයට කළ යෝජනාව අනුර ජනාධිපතිතුමාට සිහිපත්වේදැයි නොදනිමි. ඉන්දියානු එකඟතාවයද සහිතව, නුලන්ඩ් චීනයට එරෙහිව අප බලල් අතක් කර ගැනීමට තැත් කළේද, නැතහොත් ඉන්දියාවට හා ඇමෙරිකාවට වන වාසි ගැන පමණක් සිත් යොමුකළේ ද? සැකසංකා සහිත ප්‍රවේශයකි!
නුලන්ඩ්ගේ හා රනිල්+මෝඩිතුමාගේ ’දැක්ම ප්‍රකාශය’ එකාබද්ධව ගත්කළ, එය චීන කාර්යයන්ට හරස්වේ. නුලන්ඩ් අපේක්ෂා නොසඟවාත්, මෝඩි හා රනිල් සූක්ෂ්මවත් පවසන දෑ, අවසානයේදී චීනයේ උපායශීලී බල ගිණුම් හොල්මන් කරවයි. ශ්‍රී ලංකා හා ඉන්දීය ආරක්ෂා අවශ්‍යතා හා සංවර්ධනය එකට බැඳී ඇතැයි මෝඩිතුමන් පවසන විට, එය වඩා හොඳින් තවත් අවධාරණය කරයි. නුලන්ඩ් පවසන ‘ආරක්ෂා අවශ්‍යතා” යන වදන් හොඳින් සටහන් කරගන්න. ආර්ථික අර්බුධයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව සැවොම සමග එක්ව සිටීමට අවශ්‍ය විටක ‘දැක්ම ප්‍රකාශය’ මුළුමනින්ම ක්‍රියාත්මකය, ගැටලුවලට ආරාධනාවක් වනු ඇත.
ප්‍රභූ එරෙහිව නිර්ප්‍රභු බන්ධන
අනුර ජනාධිපතිතුමාගේ ඉන්දීය සබඳතා අන් ලාංකීය රාජ්‍ය නායකයින්ගෙන් වෙනස්ය. ඉන්දීයන් මීට පෙර දිගටම සබඳතා පැවැත්වුයේ ශ්‍රී ලාංකීය ප්‍රභූ දේශපාලනඥයින් සමගය. ජේ ආර් ජයර්ධන, හා බණ්ඩාරනායකවරුන් ආදී සමහරු, ඉන්දීයන් සමග පාරම්පරික, පවුල් සම්බන්ධතාද දැක්වුහ. ආර් ප්‍රේමදාස, රාජපක්ෂවරුන් මේ ප්‍රභූ දේශපාලන කඳවුරුවලින් පැවත ආවද, පවුල් සබදතා රහිත, දුරස්ථ බවක් අත්දුටුවහ.
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), 2024 දී දිල්ලියෙන් අනුර ජනාධිපතිතුමා “පිළිගන්නා” තුරු එම දුරස්ථ සබන්ධතාවයටවත් ලංනොවීය. ජවිපෙ / ජාතික ජන බලවේගය (ජාජබ), එසේ පිළිගැනීමට ලක්වීමට ඉන්දීය ‘රෝ’ සංවිධානයට හා රාජ්‍ය තාන්ත්‍රීකයින්ට ස්තුතිවන්ත විය යුතුය. දිල්ලියෙන් ඇරඹුණු සබඳතාවය මත වුවද ජවිපෙට පිළිගැනීමේ හිඩැසක් විය, එනම්, “බලයේ සිටින හා නොසිටින කණ්ඩායම් ලෙසය.
හසීනාඉවත්වීයාමෙන්පසුඉන්දියාවබංග්ලාදේශයසමගින්එවන්දේශපාලනසබඳතාවක්අත්දකියි. අවතැන් වූ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා බංග්ලාදේශ ජාතික පක්ෂයේ (බජාප) මහ ලේකම් මිර්සා ඵක්රුල් ඉස්ලාම් අලම්ගිර් හා ලන්ඩනයේ සිටින, අනාගත අගමැති විය හැකියි පැවසෙන, බජාප හි වැඩබලන මුලසුන දරන, තාරික් ර්හෙමාන් සමගත්, ඩකාහි ඉන්දීය මහකොමසාරිසවරයාත්, දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීනුත් සාකච්චා කරන බව මාධ්‍යයේ සඳහන් වේ. වාසනාවකට, ඉන්දියාවට ජවිපෙ/ජාජබ සමගින් මැදිහත්කරු ප්‍රශ්න නැත.
එසේවුවද, 13 ව්‍යවස්ථා සංශෝධනය, යහපාලන සමයේ සිට පැවතෙන අවබෝධතා, ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම, නිදහස් වෙළඳ ගිවිසුම, ‘දැක්ම ප්‍රකාශයේ’ සැලසුම්, අදානි කොන්ත්‍රාත්, චීන ආයෝජන ආදීන් පිළිබද ගැටෙන ළබැඳියාවන් නිසා, සබඳතා හිඩැසේ ගැටළු සංකීර්ණ වේ. ඒවා ජවිපෙ./ජාජබ යේ නිමැවුම් නොවේ. ජවිපෙ/ජජබ ඒවාට උදව් නොදුන්, ඝෝෂාකාරී විවේචකයෝ වුහ. එහෙයින්, ජාජබ ට සම්මුතිවීමට අපහසුය. එහෙත්, මස් රාත්තලම සඳහා සටනද නිෂ්පලය. පැරණි ස්ථාවරයන් දෙස නැවත බලා, සමාලෝචනයට නව ප්‍රවේශ අවශ්‍යය. දෙපාර්ශවයම මෙම රාජ්‍ය සංචාරය සම්මුති නිමවන මිත්‍රශීලී අභ්‍යාසයක් ලෙස සැලකිය යුතුය.
වෙනස් ඉන්දීය ප්‍රතිචාර
ඉන්දීයන් බන්ගලාදේශය සමග වූ සබඳතා අවතැන්වීම වෙනත් පෙරමුණක සිදුකිරීමෙන් ඉන්දියාව වලකිනු ඇත, උදා: ශ්‍රී ලංකාවේදී. එසේ වුවද, ඉන්දීයයෝ සබඳතා රැකීමේදී වරණීය භාවයක් දක්වයි. හසීනාට ජීවිත රැකවරණය දෙමින්, සංසන්දනාත්මකව 2019 දී ජයග්‍රහණයේදී සිපගත්, ඩොලර් මිලියන 450 ක් ආධාරයක් දුන්, ගෝටාභය රාජපක්ෂ 2022 ජූලියේදී අතහැර දැමීම ඊට සාක්ෂියකි.
හසීනා වෙත මුළුමනින්ම රැඳුණු ඉන්දියාව, බජාප හෝ අන් බන්ග්ලාදේශ විපක්ෂයක්, හසීනාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකතරයන් ගැන සිදුකළ ඕනෑම චෝදනාවක් නොසළකා හැරියාය. ඉන්දියානුවන්, හසීනා “මැතිවරණයෙන් තේරුණු කණ්ඩායම” ලෙස තර්ක කරනු ඇත. රනිල් රජය සමග ‘ඉන්දියානු අතයට ගනුදෙනු” ගැන ජවිපෙ./ජාජබ විවේචන ඉන්දියානුවන් සැලකිල්ලට ගත්තේයයි මම නොසිතමි. සැලකිල්ලට ගත්තේ නම් ඉන්දීයන්ට අද ජාජබ ට ප්‍රවේශය පහසු වන්නට ඉඩ තිබුණි.
මීට හේතුසාධක සරලය. ඉන්දියානුවෝ, ඉන්දියාවට වාසිදායක ලෙස බංග්ලාදේශ් තරුණයින් හා බජාප විසින් ගර්හාවට ලක්කළ, දැඩි විවේචනයට ලක්වුනු ගිවිසුම් රැසක් 2019 හා 2024 දී අත්සන් කළ, තමන්ට අතිජාත මිතුරුවූ හසීනා හා අවාමි ලීගයට සහාය දුන්හ. ගෝටාභය රාජපක්ෂ එතරම් ඉන්දීය කේන්ද්‍රීය වීමට අසමත් වූ අතර, (උද: නැගනහිර බහාලුම් පර්යන්තය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි), අන්‍යොන්‍ය ප්‍රතිචාරයද සමානුපාතික විය. පණිවුඩය නම් “ගනු හා දෙනු වැදගත්ය!”
මුහම්මඩ් යුනූස් පාලනය ඇරඹු විට ඔවුන් හැසුරුනේ ඉන්දීය විරෝධීවය. දැනුදු ඔවුන් ඉල්ලා සිටින්නේ හසීනා උදර්පනයටය. ඉන්දියාවට ඍජුව අභියෝග කරමින් ඔවුන් ඇය ඉන්දියාවෙන් උදර්පනයට ඉන්ටර්පෝල් සහාය ඉල්ලා සිටින බව පවසයි. අදානි ව්‍යාපාරික ගනුදෙණු විවේචනය කළද, අනුර ජනාධිපතිතුමා සමගින් ඉන්දියාවට එවන් ගැටළු නැත. සත්‍යවශයෙන්ම ඉන්දියානුවන්ගේ සිත් රිදී ඇත. එහෙත් ඇමෙරිකානුවන්, බන්ග්ලාදේශිකයින් හා කෙන්යානුවන්ද ඉන්දියානු සිත් රිදවා ඇත. එය නීතියේ ස්වාධිපත්‍ය, පාරදෘශ්‍යභාවය හා ඍජුභාවය, සහ “දූෂණ විරෝධී දින”.අනුර ජනාධිපතිතුමන් පැවසූ “අප මුලින්ම අපගේ හෘද්ධ සාක්ෂිය හා ක්‍රියාවන් පරීක්ෂා කළයුතු යයි මම විශ්වාස කරනවා” යන ප්‍රකාශය මතද පිහිටයි.
යූනුස් පාලනය පකිස්තානුවන්ට බංග්ලාදේශයේ සිට ඉන්දියාවට ආරක්ෂක ගැටළු ඇතිකිරීමට ඉඩ සලසනු ඇත්දැයි ඉන්දියානුවෝ සැක කරති. මෑතදී, කසාන්හිදී ඉන්දියාව හා චීනය අතර, ඩෙප්සැන්ග් හා ඩේම්චෝක්හි ගැටුම් විසන්ධියට එකඟතාවයකට එළඹුනත් චීනයෙන් වුවද එවන් ගැටළු පන නැගෙතැයි ඉන්දියානුවෝ සැක කරති. මෑතදී යාපනේදී චීන තානාපති ක්වී සෙන්හොන්ග් විසින් අවුලන සුළු ප්‍රකාශ කෙසේ වෙතත් ඉන්දියාවේ දකුණු මායිමේ එවන් ආරක්ෂක තර්ජනයක් සිදුවීමට නම් නොහැකිය. ඉන්දියානුවන් අනුර ජනාධිපතිවරයාට හිතෛශීව ප්‍රවේශවීමට දන්නා අතර, ඔහුද සියලුම පූර්වගාමිකයින් මෙන් ඉන්දියානු ආරක්ෂාව ගැන කළ ප්‍රකාශ යලි පවසනු ඇත. ප්‍රතිපල ලෙස, ගෝටාභය රාජපක්ෂ, මාලදිවයින්, භූතාන් සහ නේපාල රාජ්‍ය නායකයින් ඔවුන්ගේ ඉන්දීය රාජ්‍ය නායක පළමු සංචාරයන්හිදී අත්දුටු ත්‍යාගශීලිත්වය අත්දකිනු ඇත.
මාලදිවයින් ජනාධිපති මුයිසු හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම් අනුර ජනාධිපතිතුමන් විසින් සමාලෝචනය යෙහෙකි. ඒවා දේශපාලනික හුවමාරු, සංවර්ධනය, වෙළඳාම, ආර්ථිකය, ඩිජිටල්කරණය, මූල්‍යය, බලශක්තිය, සෞඛ්‍ය, සහ ආරක්ෂාව ආවරණය කෙරුණි. මෙහිදී වැදගත් වන්නේ එවන් කරුණු ඉන්දියානුවන් සාකච්චා කළේ චීනයට පාර්ශයීව, ඉන්දියානු හමුදා මාලදිවයිනෙන් ඉවත්කර ගැනීමට ප්‍රකාශ කළ ජනාධිපතිවරයෙකු සමග වීමයි. ඉන්දියානුවන්ට දයාවන්ත ප්‍රවේශද ඇත!
මුස්ලිම්වරුන්ටබලපානඉන්දියානුපුරවැසිනීතිවලට 2019 දී බංග්ලාදේශය ඔවුන්ගේ විරෝධතාවය දැක්වීය. දැන්, ඉන්දියානුවෝ හින්දුවරුන්ට වෙනස්කම් කිරීම ගැන යූනුස් පාලනය විවේචනය කරති. ඉන්දියානුවෝ දෙමල ජනයාගේ දේශපාලන ගැටළුවක් ලෙස බලය බෙදාහැරීම පිලිබඳව නියෝජන කළහ. දමිල ප්‍රදේශ ජාජබ ට චන්දය දුන් අයුරින් ඔවුන් ජාජබය ජාතිය, වාර්ගිකත්වය ආගමික වෙනස්කම් ගැන ඍනාත්මකව නොසලකන බව අදහන බව පෙන්වා ඇත. අනුර ජනාධිපතිතුමාගේ වෙනස්කම්–විරෝධී (anti-discrimination) ප්‍රතිපත්ති ප්‍රකාශනය දුටු පසු, බලය බෙදීම වැනි ගැටළු ගැන ඉන්දියානුවන් ආරක්ෂාකාරීව සිතනු ඇත. සමහරවිට ඔවුන් දේශපාලනික ගැටළු වෙනුවට ආර්ථික ගැටලුවලට වරණීය අවධානය යොමුකිරීමට ප්‍රවේශවීමට ඉඩක් ඈත. එසේවුවද, ඔවුන්ගේ ප්‍රමුඛතාවේ ඇති අතුරුදහන් වුවන්, මානව අයිතීන්, සරණාගතයින් වැනි දෑ කපා දැමියද නොහැකිය.
කෙසේ වුවද, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අනුර ජනාධිපති රජය නව ව්‍යවස්තාවක් සම්පාදනයේදී පළාත් සභා ඉවත්කරන බව පවසා දෙබරයකට ගල් ගසා ඇත. සමහර විට දිල්ලියෙන් අනුර ජනාධිපතිගෙන් ප්‍රශ්න කරවීමටදෝ ද්‍රවිඩ නායකයින් දඬු අතට ගෙන ඇත. අනුර ජනාධිපතිවරයා උපායමාර්ගිකව ද්‍රවිඩ දේශපාලනඥයින් පිරිසක් අමතා ටිල්වින් සිල්වාගේ පිපිරීම සමනය කළේය. ජනාධිපති මාධ්‍ය අංශය උපුටා ලූ අනුර ජනාධිපතිගේ මුහුණු පොත 13 ව්‍යවස්ථාව ගැන කිසි සඳහනකින් තොරව පැවසුවේ “මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව මා දැනුම්වත් කළහ” යනුවෙනි. උපුටනය සත්‍ය විය යුතුය. තමිල් අරසු කච්චි මන්ත්‍රීන් “13 ව්‍යවස්ථාව දීර්ඝකාලීන් ගැටලුවක් නොවන බව” තාර්කිකව තුහුවුරු කර ඇති බවට කෙනෙකුට තර්ක කළ හැකිය.
දිල්ලිය අනුර ජනාධිපති ප්‍රශ්න කළහොත් ද්‍රවිඩ දේශපාලනඥයින් පිළිගෙන ඇති පරිදි 13 සංශෝධනය, ජනයාගේ දීර්ඝකාලීන ගැටලුවක් නොවන බවට ඔහුට පැවසිය හැකිය. රජය ධාරණය කරගෙන ඇති විකල්ප බලය බෙදාහැරීමේ යාන්ත්‍රණය දල වශයෙන් පැහැදිලි කිරීමටද හැකිය. සමපාතව, අනුර ජනාධිපතිවරයාට, බලය බෙදාගැනීම අපගේ පරමාධිකාරියක්, නැතහොත් “අභ්‍යන්තරික සංසිද්ධියක්” බව රාජ්‍යතාන්ත්‍රිකව ඉන්දීයන්ට පැවසිය හැකිය. ඔහුට 2019 දී 370 හා 35අ වගන්ති අහෝසි කිරීමේ ඉන්දියානු ස්ථාවරය උපුටා දක්වත හැකිය. ඔවුන් ප්‍රකාශ කළ පරිදි, අහෝසි කිරීම කාශ්මීරයේ දේශපාලන, ආර්ථික, සංවර්ධන, සහ ආරක්ෂක හේතු නිසා වීනම්, ඊට පැහෙන තත්ත්වයක් 13 සංශෝධනය සම්මතයෙන් වසර 37 ට පසු මෙහිද උදාවී ඇති බව අනුර ජනාධිපතිට උපුටා දැක්විය හැකිය. අනුර ජනාධිපතිවරයා පිළිගත් හැකි බලය බෙදාගැනීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්නේ නම් ඉන්දියානුවන්ට ඊට සහාය දැක්විමට ප්‍රවේශ විය හැකිය. ඔවුන් මින් ගලවා ගන්නේනම් ඉන්දියානුවන් කැමතිද වනු ඇත.
තවද, අනුර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත්, හමුදා භාරයේ ඇති ඉඩම් පිලිබඳ පසුවිපරමත්, වගවීම හඹායාමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්චින්නයට අමාත්‍ය නලින්ද ජයතිස්සයන්ගේ ප්‍රකාශයත්, නව රාජ්‍යකරණයේ දමිල සහභාගිත්වයත්, මුළු දිවයිනේම මැතිවරණ ප්‍රතිපල පාක්ෂිකත්වයත්, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කමිටුවේ පසුගිය සතියේ පැවසුණු වාසිදායක සාකච්චාත් ඉන්දියානු ප්‍රවේශයන් මොලොක් කරනු ඇත.
ඉන්දියාවේ විශේශ කැපවීමක් වුවහොත් උතුර නැගෙනහිරට, තෘතීයික අධ්‍යාපනය, කෘෂිකර්මය, විශේෂයෙන්ම අගය එකතු කිරීම, ඩිජිටල්කරණය, කර්මාන්තයන්හි ආයෝජනයට, සෞඛ්‍ය සේවය ආදියට යෙදවිය හැකිය. සමහර විට එය ප්‍රසම්පාදන කළමනාකරණය මෝදු කිරීමට ඉඩක් ලබනු ඇත. අනුර ජනාධිපතිතුමා වාසිදායක පරිසරයක සිටින්නේ, දිල්ලියේදී අවශ්‍යතා ඉටු නොවුවහොත්, ඉක්මනින්ම චීනයේ බීජින්හිදී ඒවා සාකච්චා කළ හැකි හෙයිනි. ඉන්දීයන් මෙවැනි ප්‍රවේශ කෙරෙහිද සිත් යොමු කරනු ඇත.
ඉන්දීයන් උනන්දුවන ගැටළු
කෙසේවුවත්, මෝඩිතුමන් අන් සමහර ගැටළු කෙරෙහි අනුර ජනාධිපතිතුමන්ගේ අවධානය ගෙනෙනු ඇත. ඒවා කලාපීය ආරක්ෂාව, විශේෂයෙන්ම සාගරික ආරක්ෂාව, ‘බිම්ස්ටෙක්’ හා ‘සාගර්’ හි සහසම්බන්ධතාව, ද්විපාර්ශවීය ආර්ථික ව්‍යාපෘති ක්‍රියාත්මකය, සදාකාලිකව ප්‍රමාදවන වෙළඳ ගිවිසුම් සමාප්තිය, පෝක් බොක්කේ ධීවර ප්‍රශ්න, චීන ආයෝජන, අදානි අධිකරණ කටයුතු ආදිය අයත් විය හැකිය. අවසන් විෂය නායක දේපොළ අතර සාකච්චාවට බඳුන් විය හැකිය. සමහර විට, කෙලින් කථාකිරීමට ප්‍රසිද්ධ ඉන්දියානු විදේශ ඇමතිතුමා එය සාකච්චාකොට මෝඩිතුමන් ඉන් ඉවතට ගැනීමට ඉඩ ඇත්තේ මෝඩි දේශපාලනයට අදානි නම තදින් කාවැදී ඇති හෙයිනි.
පෝක් බොක්කේ ධීවර ගැටළු
ඉන්දියාව සමග අපට ගැඹුරු ප්‍රශ්න නැතත්, පෝක් බොක්කේ ඉන්දීය ධීවරයන්ට, සමහර විට සංඛ්‍යාව අවම වුවද සිදුවන මරණීය ප්‍රහාර ප්‍රශ්නාභිමුඛ විය හැකිය. 1974 හා 1976 ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුම්වලට මේ සිද්ධීන් සම්බන්ධිතය. 1974 ඉන්දු–ලංකා ගිවිසුම අන්තර්ජාතික සාගරික මායිම් රේඛාව ලකුණු කළ අතර, කච්ච තීවූ දිවයින අපට අයත් විය. ඉන් ඉන්දීය ධීවරයන්ට ධීවර බිම් සීමා පැනවිණි. 1974 ගිවිසුමින් ඉන්දීය ධීවරයන්ට පෝක් බොක්කේ සම්ප්‍රදායිකව ධීවර කටයුතුවල නියැලීමට වූ අයිතිය 1976 ගිවිසුම විසින් අහිමිවිය. එය මේ ගිවිසුම් අවලංගු කරන ලෙස ඉන්දියාවේ ඉල්ලීම් ඉදිරිපත්වීමටද හේතු වී ඇත. තමිල් නාඩු බලපෑමට නතුවන නිසා මේ ගැටලුවේදී ඉන්දියාවට දරදඬු ප්‍රවේශ ප්‍රදර්ශනය කළ යුතුවේ.
සාකච්චාවට බඳුන්වන ප්‍රධාන විසඳුම් හතරක් ඇත. ඉන්දියානු රජය තාක්ෂණිකව දියුණු වැඩසටහන් මගින් මායිම්–හරහා මසුන් මැරීම වැළැක්වීමටත්, යාන්ත්‍රික ට්‍රෝලර් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමටත් ක්‍රියාත්මක කර ඇතත්, අවාසනාවට එය එතරම් සාපල්‍ය වී නැත. දෙවැන්න නම් දෙපාර්ශවයේ ධීවර සංවිධාන සාකච්චා කර තීරණය ගැනීම වුවද, එය අප දේශයේ මායිම තීරණයට හේතුවන හෙයින් එය ධීවර සංවිධානවලට පැවරිය නොහැකිය. තෙවැන්න නම්, ඉන්දීය වෙරලාරක්ෂකයින් හා අප නාවුකයින් මගින් ධීවර කටයුතු අධීක්ෂණය කිරීම වුවද එය නුසුදුසු ලෙස සලකන්නේ ඉන්දීය වෙරළාරක්ෂකයින් සාපේක්ෂකව ඉතා ශක්තිමත් සංවිධානයක් වන හෙයිනි. සතරවැන්න නම්, ඉන්දියානු ධීවරයින්ට අප මුහුදේ නියමිත දින ගණනක් මසුන් මැරීමට ඉඩදීම වුවද, උතුරේ ධීවරයින් එය නොපිළිගනු ඇත. මේ ගැටලුව මෑත සියලුම ජනාධිපතිවරුන් සමග සාකච්චාවට බඳුන් වී ඇති අතර මෙවරද සිදුවනු ඇත. ඉන්දියානුවන් ඔවුන්ට වාසිදායක “මිශ්‍රණයක්’ සඳහා ප්‍රවේශ විය හැකිය.
සංචාරයේ අති–විශේෂත්වය
ඉන්දියානුවනට මේ සංචාරය අතිවිශේෂ ලෙස සැලකීමට සාධනීය හේතු ඇත. පෙර සියලුම දේශපාලනික සබඳතාවන්ගෙන් වෙනස්, නිර්ප්‍රභූ දේශපාලනික කණ්ඩායමක් ඉන්දියානු දේශපාලනඥයින් සමුවන හෙයිනි. ජාජබ යේ හරය වන ජවිපෙ, මාක්ස්වාදී, ඉන්දියානු ව්‍යාප්ත වාදය විවේචනයට ලක්කළ සංවිධානයක් ලෙස ඉන්දියානුවෝ දනිති. දෙවනුව, ඉන්දීයන් අසතුටට පත්කෙරෙන සේ, ජ වී පෙ චීන–පාක්ෂික බව සමහරු නිරීක්ෂණය කරති. එසේ නොවේ නම් ඒ බව ඔප්පුකළ යුත්තේ අනුර ජනාධිපති විසිනි. තෙවනුව ඔවුන්ගේ වැටහීම වියහැක්කේ, ජවිපෙ ඉන්දියාව කලින් වූ රජයන් සමගින් සිදුකළ ඕනෑම කාර්යයක් විවේචනය කළ සංවිධානයක් බවයි. රජීව–ජේ ආර් සම්මුතිය, 13 ව්‍යවස්ථා සංශෝධනය, පෞද්ගලික ආයෝජන ව්‍යාපෘති (උදා: අදානි, අමුල්), සහ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ පශ්චාත් යුද සංහිදියා යෝජනාවන්හිදී ඉන්දියානු රජයේ හැසිරීම් ඉන් සමහරකි. මේ ගැටළු කෙරෙහි ඉන්දීයන් ප්‍රවේශ වන්නේ කෙසේද යන්න අවලෝකනය වැදගත්ය.
රටවල් දෙකම අවධානය දියයුතු සාවියක් නම් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව හා පැනනැගෙන දකුණු ආසියානු ආරක්ෂක තත්ත්වයයි. අනුර ජනාධිපතිතුමා අගමැති මෝඩිතුමාගේ කණ්ඩායම සමගින් හයිද්‍රාබාද් නිකේතනයේ සමුවීමට පෙර, ඉන්දියාවේ යුදභාණ්ඩ ප්‍රසම්පාදනයත්, ඉතා මෑතදී ඉන්දියානු නාවුක හමුදාවට එක්වුණු න්‍යෂ්ටික බලය යොදාගත් අයිඑන්එස් අරිඝාත් න්‍යෂ්ටික සබ්මැරිනයෙන් විහිදුනු කේ-4 බැලස්ටික් මිසයිලය පිලිබඳවත්, අන් කරුණු අතරේ, අප ආරක්ෂක හා විදේශ අමාත්‍යංශ බලධාරීන් එතුමා දැනුවත් කරතැයි මම විශ්වාස කරමි. එය වැදගත්වන්නේ මෙම වෘද්ධීන් චීනය තැවුලට පත්විය හැකි හෙයිනි. අනුර ජනාධිපතිතුමාගේ දිල්ලි සංචාරය ඉන්දීය සාගරයේ ගැටළු විසදීමටවත්, චීන සැකසංකා දූරීභූතයට නොවුනත්, ශ්‍රී ලංකාවේ සැමවිටම ස්ථාවරය වුයේ ඉන්දීය සාගරය “සාම කලාපයක්” විය යුතු බවටය.
අමතරව, චීනය පර්යේෂණ නෞකා මෙහෙයුම් දිගටම කරනු ඇත. අපගේ එවන් නැව් සඳහා තහංචිය දෙසැම්බර් අගදී අවසන් වේ. මෝඩිතුමන් එය දිගටම පවත්වා ගැනීමට ප්‍රවේශවනු ඇත. අනුර ජනාධිපතිතුමා චීනයට ගියවිට ඊට හාත්පසින් වෙනස් ප්‍රවේශයක් ඇසෙනු නියතය. ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය ප්‍රසිද්ධ වී තිබුණු හෙයින්, චීන ඉල්ලීම දැනටමත් චීන උප ඇමති සුන් හයියන් විසින් දින කිහියකට පෙර අනුර ජනාධිපතිතුමා සමුවූ විට පවසා ඇතිනම් පුදුම නොවනු මැනවි.
සමාප්තිය
රාජ්‍ය නායක සංචාරයක් යනු රාජ්‍ය නායකයෙකු විසින් වෙනත් රාජ්‍ය නායකයෙකු වෙත කෙරෙන විධිමත් සංචාරයක් ලෙස සැලකේ. එහි පරමාර්ථය වනුයේ අදාළ රටවල් අතර යහ සබඳතා තහුවුරු කිරීමයි. එය ද්වීයීතික ගැටුම් කරා නොයායුතුය. එහෙයින් මිත්‍රශීලී සබැඳියාවෙන් සිදුවිය යුතුය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ශතවර්ෂ ගණනක් සිට අද දක්වාත් එකී සබඳතා පවතී. රාජ්‍ය නායකයින් මෙම ඓතිහාසික හා සදාචාරාත්මක මාර්ගෝපදේශය ගරුකරත්වා.
ඉතිහාසයේ ඉඳහිට මින් බැහැරවීම් පෙනෙතත්, මෑතදී ආර්ථික ගැටලුත් (ඩොලර් බිලියන 4), කොවිඩ් රෝගයත් (එන්නත්, ඔක්සිජන් සැපයුම) නිසා දෙරට ඉතා ආසන්න භාවයට ලංවිය. එහෙයින්, රාජ්‍ය සංචාරයට වඩා පුළුල් සහ උසස් මට්ටමක සබඳතා වර්ධනයට ධනාත්මක පදනමකින් ප්‍රවේශ විය යුතුය. එය පූර්ව සැලසුම්, වැඩසටහන, දෙපාර්ශය අතර අනිකාගේ ස්ථාවරයන් අවංකව වටහා ගැනීමට හැකියාවන්, සංචාරයේ ප්‍රතිදාන සහ ඒවා කළමනාකරණයට ගන්නා උනන්දුව හා කැපවීම, එමගින් අතිසාධනීයව වාසි ලබා ගැනීමට හැකිවීම ආදී කරුණු රාශියක් මත රැඳේ. ඉන්දියානු සුබපැතුම් හා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරයන්ගේ ආධ්‍යාශය එයම විය.
මෙහිදී උද්යෝගමත් ප්‍රවේශය විය යුත්තේ යම් ඍනාත්මක භාවයක හෝඩුවාවක් වුවහොත් එයට මුද්‍රා තැබීමටත්, ධනාත්මකයන් රජයන් අතරේ සුහදශීලිත්වය උපරිමයට තහුවුරු කෙරෙන අන්දමින් පුලුල් කිරීමය. පූර්වගාමිකයින් තබා ඇති පදනම් මත, පුළුල් සිතින්, සුළු කුපිතවීම් අමතක කර, දෙපාර්ශවයේම සාධනීය ඉල්ලීම් පිළිගැනීමෙනි. අසල්වැසියා ජයග්‍රාහීවීමට සැලසීම ප්‍රවේශය විය යුතුය.
අපගේ ව්‍යායාමය විය යුත්තේ කලාපය තුල දේශපාලනික, සමාජයීය හා ආර්ථික සටන් ජයගෙන, වඩා සුඛිත ආසියාවක්, ලෝකයක් නිමැවීමය. ඉන්දියාවට දකුණු ආසියා කලාපයේ නායකයා විය හැකිය. අනුර ජනාධිපතිතුමාට, ඔවුන් 1971 න් වෙනස් පිරිසක් බවත්, සමෘද්ධිය, සාමය, සමාදානය අපේක්ෂා කරන, හොඳ – වඩා හොඳත්, වඩා හොඳ – විශිෂ්ටත්වයත් උදාකර ගැනීමේ ඉන්දීයන්ට සම උන්මාදයක්, කැපවීමක් ඇති පිරිසක් බව ඔප්පුකිරීමට හැකි වෙතැයි පතමි.
මේ ප්‍රක්ෂේපිත ප්‍රවේශයන් හෝ ධනාත්මක ප්‍රතිවිපාක හෝ නොමැතිව වුවද, සැක සංකා හෝ විභව අපගමනයන් ඉක්මවා, අනාගතය සඳහා ශක්තිමත් මිත්‍රශීලීත්වය ස්ථාපනය වුවහොත්, මෙය සාර්ථක රාජ්‍ය සංචාරයක් ලෙස හැදින්විය හැකිවේ. එය සාර්ථක කරගත් සැමට එවිට සාඩම්බර විය හැකිය. ජයග්‍රහණය අහිමුවෙදී අනුර ජනාධිපතිතුමා ලද සුබපැතුම් හා ඔහු අගමැති මෝඩිතුමන්ට දිගුකළ මිත්‍රශීලී ප්‍රතිචාර එවිට යතාර්ථයන් වනු ඇත.
*ඔස්ටින් ප්‍රනාන්දු – ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්
leelagemalli / December 11, 2024
සාමාන්‍යයෙන් අපේ මිනිස්සු තමන්ව රවට්ටගන්න ආසයි.
–
2024 සැප්තැම්බර් 21 වෙනිදා HARAKIRI කැපුවා. ඒ වගේම දොස්තර තඹුගල (රාජපක්ෂ වංශය විසින් හොරකම් කරපු සල්ලි ආයෝජනය කරන්න තෝරගත්ත හොර මිනිහා) ජනාධිපති වුණා නම් AKD එකට සාපේක්ෂව හොඳයි. එලෙසම ඔහු දිනෙන් දින “ගැලරිය ප්‍රසන්න” උපක්‍රම සහ ජිම්නාස්ටික් ප්‍රදර්ශනය කරනු ඇත.
.
ඔවුන් වසර 2500ක ආත්ම අභිමානය ගැන ගීත පදවලින් කතා කරනවා. උදේ ඉඳන් හවස් වෙනකම්ම හරි හරියට කෑම වේලක් නැති නිසා පස් දෙනෙක් gen ekkenek වැටිලා මැරුණත් “ලොකන් උතුම් රට ලංකාව” අහන්න ආසයි.
.
ඒවා ඇසෙන විට ඔබට හැඟෙන්නේ ඔබ “ඊශ්‍රායෙල්වරුන්ට” වඩා ඉහළින් සිටින බවයි. අපි මෝඩ මිනිස්සු ගෙනියන ” හිඟාකෑමේ පාත්‍රය” බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණත්, ඔබ ඔබේ ජාතිය ඔවුන් සමඟ සංසන්දනය කිරීමට පවා නිර්භීතයි.
විශ්වවිද්‍යාලවල තත්ත්වය දියුණු නොවුණත් අපි අපේ උපාධිය අන් අයට වඩා ඉහළින් තබමු. If anyone would obtain degree somewhere else, would be attacked in hpublic.
ඉතියෝපියානු ජාතිකයන් ද එම ස්වභාවය අනුගමනය කරයි, සමහර ඉතියෝපියානුවන් ඔවුන්ගේ උපාධි සඳහා ජර්මනියට යනවා මම දුටුවෙමි. එදා මුළු ලෝකයම ඉතියෝපියානුවන් දුප්පත්ම රට ලෙස හංවඩු ගැසූ අතර ඔවුන් අන් අය සමඟ බෙදාගත් කුඩා කතාවේදී පවා හීනමානයේ පීඩනයෙන් පීඩා වින්දා. The levels of their inferior complex was simlar to that of our people in srilanka (Tamils and Sinhala) එලෙසම වසර 400ක් හෝ ඊට වැඩි කාලයක් කුරිරු ලෙස යටත් විජිතකරණයට ලක්ව සිටි අපද එම මානසික ගැටලුවලින් පෙළෙනවා.
/
leelagemalli / December 11, 2024
මිනිසුන් ප්‍රශ්න කරනු ඇත, කලක් ඉන්දියානුවන්ට එරෙහිව සිටි අය, ඔවුන් වඩාත් හොඳින් ඉන්දියානුවන්ට මුහුණ දෙන්නේ කෙසේද සහ ඉන්දියානුකරණය සඳහා සහාය ලබා ගන්නේ කෙසේද? මෙය විහිළුවකි, කෙසේ වෙතත්, වික්‍රම්ස්ගිනේ මහතා වසර ගණනාවක් පුරා ඉන්දියානුකරණයට නොපැමිණෙන අතර, 2022 ජූලි වන විට සියල්ල මුළුමනින්ම කඩා වැටෙන ජාතියක් ලෙස හිස එසවීමට අපට සියලු දෙනාගේම සහාය අවශ්‍ය බව ඔවුන්ට ප්‍රකාශ කළේය.
.
කෙසේ වෙතත්, AKD ප්‍රගමිතික නායකයෙකු බවට පත් වනු ඇති බව අතිශයින් සැක සහිත ය. දින කිහිපයකට පෙර ඔහු සහල් ඒකාධිකාරී මැරයන්ට කතා කළ ආකාරයෙන් පැහැදිලි වූයේ ඔහුගේ තීරණ සහල් පාරිභෝගිකයන් ලෙස ජනතාවට විශාල හානියක් කරමින් දූෂිත ව්‍යාපාරය පොහොසත් කරන බවයි.
–
අනික එතුමාගේ පූර්ව මැතිවරණ වේදිකා කථිකත්වයට අනුකූලව එකදු නිර්භීත පියවරක්වත් තවම ගෙන නැහැ. ඒ නිසා ඔහුව විශ්වාස කරන්නත් බැරිව මිනිස්සු තවමත් ඉන්නේ අයාලේ.
/