27 June, 2019

Blog

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු දා

බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

1983 ජූලි 23 දා සිදුවූ දෙය, ඉතිහාසයේ එක් තනි දවසක සිදුවීම් සමුදායක් නොවේ. එදවස බලපෑම තවමත් ජීවමාන අතර ගෙවී යන සෑම දිනයකදීම රටේ නීතියේ ආධිපත්‍යය තව තවත් නරකම අතට හැරෙයි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග අතිශයින්ම පරස්පර විරෝධී වන්නේ විය. නීතියට මෙන්ම සම්ප‍්‍රදායන්ට ද අභියෝග කරන සිදුවීම් ගණනාවක් එදා පටන්ම පැතිර තිබිණි. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ට සහ ඇගේ සමීප කි‍්‍රයාකාරීන්ට විරුද්ධව ගෙන ආ නඩු තිබිණි. රටේ ප‍්‍රකටම බුද්ධිමතෙකු වූ නැසී ගිය ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර හට පහරදීම ඇතුළත්ව විරුද්ධ පාක්ෂික දේශපාලන රැස්වීම්වලට නිරන්තරයෙන් එල්ල වූ ප‍්‍රහාර විය. ඉන්පසු 1980 මහා දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහභාගි වූ සියලූ සේවකයන් අවසාන වශයෙන් රැුකියාවලින් පහ කර දමමින් වෘත්තීය සමිති ව්‍යාපාරය වෙත නිරන්තරයෙන් ප‍්‍රහාර එල්ල විය. පුවත්පත් නිදහස වෙත දිගින් දිගටම නිර්දය ප‍්‍රහාර එල්ල කෙරුණේය. ඉන්පසු මහමැතිවරණය වළක්වාළමින් 1977 දී තේරී පත්වූ පාර්ලිමේන්තු සාමාජිකයන්ට තවත් සය වසරක් බලයේ රැඳී සිටින්නට ඉඩ දෙමින් 1982 වසරේ ජනමත විචාරණයක් විය.

මේ සියල්ල සහ ජේ.ආර්. ජයවර්ධනගේ රෙජීමයේ පාර්ශවයෙන් වූ තවත් බොහෝ කි‍්‍රයාවන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ පදනම් සසල කරනු ලැබීය. කෙසේනමුත් පැරණි සම්ප‍්‍රදායන් ලෙහෙසියෙන් නොමැරෙයි. නීතියේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැරණි රාමුව තවමත් වලංගු බව මිනිස්සු එවිටද විශ්වාස කළහ. එනිසා ජේ.ආර්. ජයවර්ධනගේ ක‍්‍රමයට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතිරෝධයක් විය.

උතුරේ සොල්දාදුවන් 13 දෙනෙකු රැක සිට මරාදමා ඇති බවට ප‍්‍රවෘත්තිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ කන වැටුණු විට ඔහු එය දුටුවේ ‘සිය ක‍්‍රමය තවත් ශක්තිමත් කළ හැකි තවත් කදිම අවස්ථාවක්’ ලෙස ය. අවමංගල්‍යයන් කොළඹ පවත්වන ලෙස කළ ඉල්ලීම කෝලාහල සඳහා ඇරයුමක්් විය. ඔහු එය දැන සිටියේය. ඔහුගේ අගමැති ආර්. පේ‍්‍රමදාස එවකට කොළඹ පුරපති සිරිසේන කුරේ සමග ජයවර්ධන හමුවීමට ගොස්, අවමංගල්‍ය උත්සව කොළඹ පැවැත්වුවහොත් රට පුරා කෝලාහල හටගනු ඇතැයි අනතුරු අ`ගවා තිබුණේය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ජනාධිපතිවරයා වශයෙන් එය වළක්වාගැනීමට පියවර ගන්නා ලෙසයි. මේ සඳහා ජනාධිපතිවරයා එක`ග වූයේ යැයි සිරිසේන කුරේ පැවසුවේය. කෙසේ වෙතත් ජනාධිපති ජයවර්ධන කිසිදාක තමන්ගේ වචනය රකින ජාතියේ මිනිහෙකු නොවේ. ඔහු අවමංගල්‍යයන් කොළඹ පැවැත්වීමට ඉඩ හළ අතර කලින් කී ලෙසටම කෝලාහල හට ගත්තේය. නමුත් එම කෝලාහල පැතිරෙන දුර පුරෝකථනය කිරීමට කිසිවෙක් සමත් නොවූහ. එදා වූ දෙය ශ‍්‍රී ලංකාවේ නැවත කිසිදා සිදු නොවිය යුතුය. සමහරවිට, එදා සිදුවූ දෙයට යෙදිය හැකි උපමාව ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව කුලූනට එල්ල වූ ප‍්‍රහාරයයි.

මේ කෝලාහලය ඕපපාතික හෝ නිරායාස සිද්ධියක් නොවේ. රාජ්‍යයේ ප‍්‍රධානියාම සිය රට තුළ කෝලාහලයක් හටගැනීමෙහිලා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කළේය. රාජ්‍ය නායකයාගේ භූමිකාව සාමය පවත්වාගැනීම ය යන්නට මෙය අතිශයින්ම ප‍්‍රතිවිරුද්ධ වේ. අසාමාන්‍ය ආකාරයේ තර්ජනයක් තිබෙන විට සාමය ඇති කිරීම සඳහා ගත හැකි ඕනෑම ආකාරයක පියවරක් ගැනීම ඔහුගේ කාර්යයයි. නමුත් මේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කළේ ගිනි දලූවලට සුළං පිඹීමයි.

ඒ හැරුණු විට අද මෙන්ම එදත් පොලීසියේ සහ හමුදාවේ රාජකාරිය වූයේ ඕනෑම ආකාරයක සාමය කඩකරන කි‍්‍රයාවක් නතර කිරීමයි. නමුත් මේ අවස්ථාවේ කෝලාහලවලට මුලපිරුවේ හමුදාවයි. භීෂණය පතුරුවාලීම සඳහා හමුදාව කොතරම් දුරකට දායක වීදැයි පසුව සිදුකළ විමර්ශනවලින් හෙළිදරව් විය. අනෙක් අත බලාගන්නා ලෙසට කෙරුණු ඉල්ලීම්වලට පොලීසිය එක`ග වූ අතර ගිනි නිවීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

ද්‍රවිඩ ව්‍යාපාරික ස්ථාන, නිවාස සහ දමිල ජාතිකයන් වෙත එල්ල වූ ප‍්‍රහාර ස්වභාවිකවම පැතිර ගියේය. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. අගනුවරින් නැගෙන දුම, ගෙවල් පුලූස්සන ආකාරය සහ තුවාළ ලැබුවන්ගේ පින්තූර ලොවම දුටුවහ.

ඉතා හොඳින් ලේඛනගත වී තිබෙන මෙන්ම ඒ සිදුවීම් අත්දැකීමට තරම් අවසානාවන්ත වූවන්ගේ මතකයේද රැුඳී තිබෙන එදවස භීෂණයේ සවිස්තරාත්මක තොරතුරු වෙත නැවත වරක් පිවිසීම අත්‍යවශ්‍ය නොවේ. එදවස සිදුවූ දෙය මගින් නීතියේ ආධිපත්‍යයට සිදුවූ බලපෑම තක්සේරු කිරීමේදී අත්‍යවශ්‍ය වන්නේ මේ ප‍්‍රචණ්ඩත්වයට මුල පිරුණේ රාජ්‍ය නායකයාගේ ආශිර්වාදය සහ හමුදාවේ සහභාගිත්වය සමගය යන්න සහ හමුදාවේ අකර්මණ්‍ය බව මගින් කැරැුල්ලට ලැබුණු සහයෝගයයි. මේ හැරුණු විට ව්‍යාපාරික ස්ථාන, නිවාස සහ දමිල ජාතිකයන්ට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පාලක පක්ෂය කි‍්‍රයාකාරීව සහාය දැක්වූහ. මේ අනුව මෙය, පාලක රෙජීමය විසින් රජයේ නියෝජිතායතනවල පූර්ණ සහභාගිත්වය ඇතිව මුලපිරුණු කැරැල්ලක් බව මුළුමනින්ම සනාථ වෙයි. ශ‍්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය ක‍්‍රමය නොනැසී පැවතීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අහිමිවීම තුළ ඇති වූ වගවීම සහතික කිරීම සඳහා ආණ්ඩුව විසින් යම්කිසි පියවරක් ගත්තේ මේ සියල්ල සිදුවීමෙන් පසුව ය. රාජ්‍යයේ ප‍්‍රධානියාම සහ හමුදාව කෝලාහලය හටගැනීම සඳහාත් ඉන් අනතුරුව හටගත් භීෂණය සඳහාත් බරපතළ ලෙස සම්බන්ධ වී සිටි සිටියදී ඇත්ත වශයෙන්ම වගවීම යනු කළ හැකි දෙයක් නොවේ.

එදා පටන් කිසිම ආණ්ඩුවක්, එසේ බිඳ වැටුණු නීතියේ ආධිපත්‍යය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කිසිදු අර්ථාන්විත පියවරක් ගත්තේ නැත. රටේ අධිකරණය පවා, ඔවුන්ගේ ස්වයං නීත්‍යානුකූලභාවය සහ සිය හැකියාව මත පදනම්ව සිය පැවැත්ම අභියෝගයට ලක්වූ විට එය රැකගැනීමට උත්සාහ ගත්තා මිස රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂණය කිරීම සඳහා කිසිදු තීරණාත්මක මැදිහත්වීමක් සිදුකළේ නැත.

එයින් පසු හටගත් සියලූ සිදුවීම්වලින්, බලාපොරොත්තු විය යුතු ලෙසටම තත්වය තවත් නරක අතට හැරුණේය. නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇති බව සමාලෝචනයට ලක් කරමින් ගත් එකම කි‍්‍රයාමාර්ගය ලෙස සැලකිය හැක්කේ කලාතුරකින් සිදුවන පරිදි පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියෙන් යුතුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකළ 17 වැනි සංශෝධනය පමණක් විය හැකිය. කෙසේ නමුත්, මේ පරිශ‍්‍රමය ද බොහෝ ක‍්‍රමවලන් වැළැක්වුණු අතර අවසානයේ 18 වැනි සංශෝධනය සම්මත වීමත් සමග යහපත වෙනුවෙන් වෙනස් කිරීමට තිබූ ඉඩකඩ පවා එයින් අවසන් විය.

මේ අනුව, නීතියේ ආධිපත්‍යය සපුරාම අවතැන් කිරීමක් වූ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රමය පවත්වාගැනීමේ අවශ්‍යතාවය මුදුන්පත් විය. විධායක ජනාධිපතිවරයා කවුරුන් වුවත්, තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම නීතියකට එරෙහිව කිසිදු බියකින් තොරව අවස්ථාවාදී වීමේ වාසිය ලබාගැනීමට ඔහුට පුළුවන.

1983 ජූලියේ සිදුවීම් පෙළ අතර එදා ලියැවුණු මේ කවි පෙළ නැවත ඉදිරිපත් කිරීම අනුචිත නොවේ යැයි මම සිතමි.

ධර්මිෂ්ඨ සමාජය

ඔබ ගොඩනැගිලි පුළුස්සා
මා ද`ගගෙයි ලෑවා.
ළදරුවන් ගින්නට විසි කර
මට අමනුස්සයා කිව්වා.

ඔබ මහ දවාලේ මිනී මරා
ලේ පිපාසයෙන් යැයි
මට දොස් කිව්වා.

ඔබ මගේ අසල්වැසියා
සරණාගතයෙක් කළා.
ඒ ගැන මට වගකියපන් යැයි
ඉනික්බිති කිව්වා.

දුක් මහන්සියෙන් හරි හම්බ කළ ඔහුගේ දේපළ
ඔබ කොල්ල කෑවා.
මට හොරා කිව්වා.

ඔබ ඔහුව සිර කර මරා දැමුවා.
මට තිරිසනා කිව්වා.

ඔබ මැරයන් සමග මිතුරු වුණා
මම ඔවුන්ගේ ගොදුර වුණා
නමුත් ඔබ මා චූදිතයා කළා.

මගේ පාසල් සගයා,
මගේ අසල්වැසියා, මගේ මිතුරා,
මගේ ගුරුතුමා සහ රැුකියාවේ සගයා
සැහැසි ජනයාගෙන් බේරෙන්නට පළා යනවිට,
සැ`ගවුණු විට, මැරුණු විට,
මමයි වැළපුණු කෙනා.

හිස් අතින් ඔහු
වෙනත් රටකට නැව් නගින විට
යන්න එපා යැයි කියමින්,
ඔහුගේ අත අල්ලාගෙන
මමයි වැළපුණු කෙනා..
දැන් මමලූ මේ නින්දාවට වගකිවයුතු

අහිංසකයාට වරද පටවන විට
නුඹ එයට සාමය කියනවා.

නුඹ වරදකරුවන් රකින විට
එයට චිරස්ථිතිය යැයි කියනවා.

නුඹ වාර්තා ස`ගවන විට
එයට අවංකකම යැයි කියනවා.

ජාතීන් අතර බොරු පතුරවමින්
පරීක්ෂණ නිහඬ කරනවා.

බෙදුණු, තුවාළවුණු, කලබල රටක
මහ හ`ඩින් නුඹ සිනාසෙනවා.

හරි හොඳට නුඹ නිදාගත්තත්
මට නිදන්නට බෑ.

හරි හොඳට නුඹ කෑම කෑවත්
මට කුසගින්න නෑ

නුඹ දිනුම් යැයි නුඹ හිතනවා
නමුත් මා දන්නවා
පරාජයේ වණය
සහ මේ නින්දාවේ මතකය
මා සමගම තව බොහෝ කල්
ජීවත් වෙනවා.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Poems are very impressive. Thank you Mr Basil you always give new dimensions to think.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.