27 April, 2024

Blog

කරුණු 3ක් පිළිබඳව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ස්ථාවර කාරක සභාවේ කණස්සල්ල

ප‍්‍රි‍්‍රයන්ත ගමගේ

ප‍්‍රි‍්‍රයන්ත ගමගේ

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ස්ථාවර කාරක සභාව මෙම මස 17 වන දින රැස්වූ අවස්ථාවේදී කරුණු 3ක් පිළිබඳව තම කණස්සල්ල ප‍්‍රකාශ කිරීමට හා වැඩිදුර කි‍්‍රයා කිරීමට තීරණය විය.

මාතලේ සමූහ මිනීවල සොයා ගැනීමෙන් පසුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ සාමාන්‍ය නීතිය යටතේ කි‍්‍රයා කරමින් සිටියදී එම කරුණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත් කිරීම පිළිබඳ ප‍්‍රවෘත්තිය මඟින් ප‍්‍රශ්න කීපයක් මතු කරයි’ සාමාන්‍යයෙන් අප රටේ කොමිෂන් සභා පත්කිරීම තුළින් මෙතෙක් සිදුකර ඇත්තේ සැබෑ ප‍්‍රශ්න කල් මරා යටපත් කිරීමය’ එහෙයින් මෙම තීරණයද එවැනිම කි‍්‍රයා මාර්ගයකට පිවිසීමක් විය හැක’ මෙතෙක් මෙම සාමූහික මිනී වල පිළිබඳව පරීක්‍ෂණ පවත්වන නිළධාරීන් අදාළ කාලයේදී මෙම ප‍්‍රදේශ භාරව කටයුතු කළ පොලීසියෙන් හා ආරක්‍ෂක නිළධාරීන්ගෙන් ප‍්‍රකාශයක් හෝ සටහන් කර නොතිබීම මෙන්ම එම සොයාගත් දේහයන් අයත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා එම ප‍්‍රදේශයේ මෙහෙයුමක් දියත් නොකිරීම පිළිබඳව එම ප‍්‍රදේශයේ ජනතාව විමසිල්ලෙන් සිටී’ ඇත්ත වශයෙන්ම එම මළ සිරුරු හඳුනාගැනීම පිළිබඳව කටයුතු කරීමට දේශපාලන පක්‍ෂයක් කි‍්‍රයාකාරීව මැදිහත් වන තුරු එ් පිළිබඳව කිසිදු පියවරක් නොගැනීම පරීක්‍ෂණ කටයුතුවල බැ?රුම් දුර්වලතාවයක් ලෙස අප දකිමූ.

එමෙන්ම උතුරේ ප‍්‍රකාශයට පත් කරනු ලබන උදයන් පුවත්පතේ කාර්යාලයට හා එහි සේවකයන්ට දිගින් දිගටම පහරදීම් සිදුවී තිබියදී මෙතෙක් සිද්ධියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු නීතිය ඉදිරියට පැමිණවීමට අපොහොසත් වීම තුලින් සැබෑ පහර දෙන්නන් පිළිබඳව සැකයක් ජනතාව තුළ මතුවී ඇත’ විශේෂයෙන්ම මෙම ප‍්‍රදේශ දැඩි ආරක්‍ෂාව සහිත ආරක්‍ෂක අංශයේ විශාල පිරිසක් සේවයේ යෙදී සිටින ප‍්‍රදේශයක්ව තිබියදී මෙවැනි තත්වයක් හට ගැනීම පුදුම සහගතය’ එයින් මෙම පහරදෙන්නන් සොයා ගැනීමට නොහැකිනම් එයට හේතුව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන හෙයින් එ් පිළිබඳව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

අසාත් සාලි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම හා එයින් පසුව ඇතිවූ හාස්‍ය ජනක සිදුවීම් මාලාවෙන් වැදගත් බරපතළ ප‍්‍රශ්නයක් මතුවේ’ එනම් සාමාන්‍ය වරදවල් සඳහා සාමාන්‍ය නිීතිය යටතේ කි‍්‍රයා කරනවා වෙනුවට ත‍්‍රස්තවාදය වලක්වාලීමේ පනතේ විධි විධාන යටතේ රඳවා තැබීමය’ මෙම පනත යටතේ කි‍්‍රයා කිරීමේදී සැක කරුවෙකුට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රකාශ කර ඇති මූලික අයිතිවාසිකම් අහිමිවනවා මෙන්ම සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැක කරුවෙකු හෝ චූදිතයෙකු ආරක්‍ෂා කිරීම සඳහා පනවා ඇති ආරක්‍ෂාවන්ද ඔහුට අහිමි වේ’ මෙම සිද්ධියේදී මෙන්ම මීට පෙර සිදුවීම් වලදීද අප අත් දැක ඇති පරිදි මෙම පනතේ විධි විධාන තම දේශපාලන විරුද්ධවාදීන්ගේ විවේචන හා දේශපාලන කි‍්‍රයාවන් මර්ධනය කිරීම සඳහා භාවිතා කරන ආයුධයක් වී තිබෙි.

ප‍්‍රි‍්‍රයන්ත ගමගේ
-කැදවුමිකරු

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.