27 April, 2024

Blog

බොදුබල සේනාව හඳුනා ගැනීම

දොස්තර යූ. පෙතියාගොඩ –

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා ඒ ගැන අවධානය යොමු කිරීම වටනේය.

ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන් පිළිබඳ සැකය හටගැනෙන්නේ බොහෝ සෙයින් බටහිර ආකල්පයන් ඇසුරිනි. මුස්ලිම් රටවල්වලින් බටහිරට සංක‍්‍රමණය වන ජන කොටස් හේතුවෙන් එම බටහිර ලෝකයේ ජනවිකාශනය තුළ ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳ තර්ජනය ඊට හේතු වී ඇත. එසේම, අනාගතයේ ඇති විය හැකි යැයි සැක කෙරෙන මුස්ලිම් ආධිපත්‍යයක් සඳහා, තෙල්වලින් පොහොසත් මුස්ලිම් රටවල්වල මූල්‍යමය සහ වෙනත් සම්පත් පාවිච්චි කෙරෙන බවට ඇති සැකයත් ඊට තුඩුදෙයි. ඉස්ලාම් රාජ්‍යයන් ගොඩනැගීමට සහ තමන් සංක‍්‍රමණය වන ආගන්තුක රටවල්වලත් ෂරියා නීතිය ක‍්‍රියාත්මක කැරැුවීම එල්ල කරගත් මුස්ලිම් ක‍්‍රියාකාරීකයන්ගේ අන්තවාදී ප‍්‍රකාශ සහ වෙනත් හැසිරීම් එම සැකය තවත් උග‍්‍ර කරයි. එසේ වෙතත්, අපේ රටේ තත්වය ඊට බොහෝ සෙයින් වෙනස් ය. ලංකාවේ මුස්ලිම්වරුන් මේ සමාජයට අවශෝෂණය වී සිටීම සහ මේ රට තුළ ඔවුන්ගේ දීර්ඝ කාලීන වාසය මෙහිදී අපට අමතක කළ නොහේ.

BBS Monksභීතිය යන්න වැඩිමනත් පදනම් වන්නේ, මනෝමය වශයෙන් සිතා ගත් හිතලූ අනාගතයට ප‍්‍රක්ෂේපණය කිරීම මත ය. මුස්ලිම් ජනතාවගේ අනාගත සංඛ්‍යාත්මක ආධිපත්‍යයක් පිළිබඳ මතය මොන තරම් දුරදිග ගොස් ඇත් ද යත්, බෞද්ධයන් පවුල් පාලන සේවා වර්ජනය කළ යුතු යැයි කියන, දැනුම් තේරුම් නැති සහ මුග්ධ කතා ද අද අපට අසන්නට ලැබේ. එවිට, කර්මය සහ පුනරුත්පත්තිය පිළිබඳ නියාම නවතින්නේ කොතැනද? දුප්පත් පවුල්වල සංඛ්‍යාව වැඩි වන විට එම පවුල් මුහුණදෙන ආර්ථික අඟහිඟකම්වලට ආමන්ත‍්‍රණය කිරීමට මෙවැනි අදහස් දරන්නන් සතුව ඇති විසඳුම කුමක් ද? ඉස්ලාමීය අන්තවාදීන් විසින් සැප්තැම්බර් 11 වැනි දා ඇමරිකාවේ සිදු කළ මහා විනාශය නිසා ඔවුන් පිළිබඳ ඇති සැකය සහ භීතිය තවත් උග‍්‍ර කෙරුණි. මෑතක දී බටහිරට සංක‍්‍රමණය වූවන් එම සමාජවලට අවශෝෂණය නොවී සිටීමත්, විටින් විට තම ප‍්‍රජාවන් උසිගැන්වීමත් නිසා එම රටවල සහ සමාජයන්හි නොවැළැක්විය හැකි අසහනයක් ජනිතව තිබේ.

අවංකවම කිවහොත්, අපේ රටේ දී නම් මාත්සර්ය (ඊර්ෂ්‍යාව) ප‍්‍රධාන සාධකයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. මුස්ලිම් ජාතිකයන් සැළකෙන්නේ, ආර්ථික වශයෙන් වඩාත් සාර්ථක කළමණාකරණයක් සහිත ජන ප‍්‍රජාවක් වශයෙනි. ඔවුන් සතු අරපරෙස්සම, මහන්සිය සහ මූල්‍යමය දියුණුව සඳහා වන අවස්ථා හඳුනා ගැනීමට ඔවුන් සතු ශක්තිය, සෙස්සන්ගේ මාත්සර්යට හේතු වෙයි. එම ප‍්‍රජාවේම ඇතැම් කොටස් අධිකතර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ වෙනත් අපරාධවල නියැලීමත්, අප‍්‍රසාදය වපුරන සාධකයකි.

ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ අවස්ථාවේ කවුරුත් ඊට එරෙහිව හඬ නැගිය යුතුව තිබුණි. එම ප‍්‍රතිපත්තිය ගෙනාවේ ‘ජනතා ඉල්ලීමක්’ මත යැයි කීම මොන තරම් බොරුවක්දැ යි සනාථ වුණේ, තමන්ගේ දරුවන් ඉගෙන ගන්නා භාෂා මාධ්‍ය කුමක් විය යුතු දැ යි තීරණය කිරීමේ අයිතිය දෙමාපියන්ටවත් නොදීමෙනි. මේ ප‍්‍රතිපත්තිය නිසා, සිංහල දරුවන්ට සහ දෙමළ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය මව් භාෂාවෙන් කිරීමට බල කෙරුණු අතර, මුස්ලිම් දරුවන්ට ඊට වඩා ප‍්‍රයෝජනවත් ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව ලැබුණි.

ඊටත් වඩා, එවක අධ්‍යාපන ඇමතිවරයා ආචාර්ය බද්උද්දීන් මොහොමඞ් වීම, තත්වය තවත් උග‍්‍ර කෙළේය. එදා මේ ගැන විරෝධයක් පෑවේ නම් එම විරෝධයේ සාධාරණත්වය පිළිගැනෙන්ටත් ඉඩ තිබුණි. එහෙත් දැන් ඊට ප‍්‍රමාද වැඩි ය. කෙසේ වෙතත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඉංග‍්‍රීසි දැනුම වැදගත් වන අංශවල රැුකියා තුළ අසමානුපාතික බවක් ඇති සෙයක් පෙනෙන්ට තිබේ. ඊළඟට, බොහෝ තැන්වල හොඳින් පෙනෙන්ට ඇති මුස්ලිම් පල්ලි ප‍්‍රමාණයේ වර්ධනයත්, එම ප‍්‍රජාවේ අළුත් ආගමික ඇඳුම් භාවිතයත්, මේ කාරණයේ දී බුද්ධියට වඩා හැඟීම් පාවිච්චි කරන වෙනත් පිරිස් අතර යම් ප‍්‍රකෝපකාරීත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. තවද, මුස්ලිම් ආගමික බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිව, සතුන් මැරීම වඩාත් මානුෂික ආකාරයෙන් කිරීමේ ක‍්‍රම හªන්වා දීම හරහා, අත්‍යාවශ්‍ය නොවන සහ යල්පැනගිය එකී භාවිතයන්ගෙන් දුරු වීමට සහායක් සැපයෙන්ටත් පුලූවනි. බොහෝ දෙනා තමන්ගේ වාසියට හරවා ගත් ‘හලාල්’ ප‍්‍රශ්නයත් එවැන්නකි. ප‍්‍රායෝගික සබුද්ධිය, පූජා වන්දනයකට එහි දී යටපත් කෙරුණි.

වෙනත් ආගමිකයන්ට එරෙහිව දියත් කෙරෙන හිංසනය සහ නින්දා සහගත ප‍්‍රහාරයන්, බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට සපුරා පටහැනි ය. වෙනත් ආගමිකයන්ට සහ වෙනත් ආගමික සිද්ධස්ථානවලට එරෙහි ප‍්‍රහාරයන් සඳහා බුද්ධාගමේ මෙලෝ ඉඩක් නැත. ලෞකික කාරණාවන්ගෙන් ස්වේච්ඡුාවෙන් වියුක්තව සිටිතැ යි කියැවෙන ශුද්ධ වූ සිවුරක් පොරවා ගත් පිරිස් එවැනි ක‍්‍රියාවන්හි නියැළෙනු දැකීම ජුගුප්සාජනක ය.

මේ පාදඩකමට පිටරට ලැබී ඇති ප‍්‍රසිද්ධිය, අඩු වශයෙන්, අවාසනාවන්ත ප‍්‍රතිවිපාක දෙකක් ඇති කොට තිබේ. එක පැත්තකින්, බුද්ධාගමේ උදාරත්වය සහ කරුණාව පිළිබඳ සංකේතයන්ටත්, විනය ප‍්‍රතිපදාවන්ටත් අනුගතව වෙසෙන සහ ආදර්ශමත් ජීවිත ගත කරන බහුතරයක් භික්ෂූන් වහන්සේලාට මෙය නිග‍්‍රහයකි. තව පැත්තකින්, බුද්ධාගම සහ බුද්ධ ධර්මය ගැන බටහිර ලෝකයේ මේ වන විට වැඩෙමින් තිබෙන උනන්දුව කෙරෙහි මෙවැනි ක‍්‍රියාකලාපයන් නිසා ඇති කෙරෙන නිෂේධාත්මක බලපෑම අපමණ ය.

බොදුබල සේනාව හා ඊට සමාන වෙනත් ව්‍යාපාර මොන තරම් පිළිකුල් කටයුතු වෙතත්, එය ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන අවධානය යොමු නොකොට සිටීමට හේතුවක් නොවේ. තමන්ගේ ආගම නොඅදහන මිනිසුන්ට සපයන කෑමබීමවලට තුන් පාරක් කෙල ගසා සැපයිය යුතු බවක් ශුද්ධ වූ කුරානය මගින් වදාරන්නේ යැයි කියන තුච්ඡු බොරුව ඉතා පහසුවෙන් ඔප්පු කොට පෙන්විය හැක්කකි. මේ විදිහටම, සාක්ෂි මගින් බොරු කළ හැකි තවත් නොයෙක් ප‍්‍රවාද තිබේ. ඒ නිසා මේවා සැඟවීම හෝ නිකංම බැහැර කිරීම වෙනුවට කළ යුත්තේ විවෘත සාකච්ඡුා සහ හෙළිදරව් කිරීම්වලට යාමයි. එහෙත්, භයානක කාරණය වන්නේ, සිහිබුද්ධිය ඇති, සාධාරණ මිනිසුන් බොහොමයක් ද, මෙවැනි නිහීන ප‍්‍රකාශයන් ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට තරම් හැඟීම්බර වීමයි.

*2014 ජුනි 17 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Making Sense Of the BBS”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    මේ ලිපිය ලියූ දොස්තරගේ ස්වභාවය මුලින්ම හෙලිකල යුතුය. බටහිර ලෝකයේ මුසල්මනයන් විසින් කරගනයන “ෂරියා නීතිය ක‍්‍රියාත්මක කැරැවීම එල්ල කරගත් මුස්ලිම් ක‍්‍රියාකාරීකයන්ගේ අන්තවාදී ප‍්‍රකාශ සහ වෙනත් හැසිරීම් ….” ගැන වටින් ගොඩින් පුංචි පල්හෑල්ලක් ලියා ඊලගට දොස්තර ලියන්නේ “ලංකාවේ මුස්ලිම්වරුන් ලංකා සමාජයට අවශෝෂණය වී සිටී යන්න සහ මේ රට තුළ ඔවුන්ගේ දීර්ඝ කාලීන වාසය” කර අැතැයි කියන මහා බේගලයක් ගැනය.

    බටූටා ඡිලානි වැන්නන් ලංකාවට පැමිණි නිසා අරාබියන් මෙහි පදිංචිව සිටියායි කියන්නේ නම් පා-හි-යන් පැමිනි නිසා චීන්නුත් මෙහි සිටියේ යයි කිව යුතුය. මුසල්මනයන් වෙළදාම සදහා චසර පන් සියයකට වැඩි කාලයක සිට ලංකාවට අාවේය ගියේය. එහි තර්කයක් නැත. නමුත් ස්තිරව පදිංචි වී සිටියේ නම් එ්බව තර්කවලින් නොව පැරණි සාධක වලින් පෙන්විය යුතුය. මුසල්මනයන්ට ඉඩම් අයිතිය ලැබී අැත්තෙත් පෘතුගීසීන්ගෙන්වත් ලන්දේසීන්ගෙන්වත් නොව බිරිතානියන්ගෙන් බව ලිඛිතව සදහන්ය. මුසල්මනයන්ගේ ස්තිර පදිංචිය කවදා සිදුවූයේදැයි තහවුරු කිරීමට එයම සෑහේ.

    ශ්‍රි ලංකාවේ මුසල්මනයන් කෙතෙක් දුරට මේ සමාජයට අවශෝෂණය වි අැත්දැයි අැත්ත දැනගැනීම සදහා මේ දොස්තර ශ්‍රි ලංකාවේ සවාරියක් ගැසිය යුතුයයි මම යෝඡනා කරමි.

    අප කුඩාකල දැක්කේ සාරි පොටෙන් හිසවසාගෙන යන මුස්ලිම් ගැහැනුන්ය. නමුත් දැන් දසක දෙකක සිට අපි දකින්නේ අැස්දෙක පමණක් පෙනෙනසේ කලු ලෝගු දමාගත් බිල්ලන්ගේ සංඛයාව දිනපතා වැඩිවන බවය. අප කුඩාකල හලාල් ලේබල දැක්කේ නැත. දැන්දැන් හලාල් ලේබල ‘නැති’ දෙයක් සුපර්මාර්කට් එකකින් මිලදීගත නොහැක.

    කාතන්කුඩියේ වර්ග කිලෝ මීටරයට පල්ලි 64කි. පාර දෙපස රටඉදි ගස්ය. සියලු සටහන් අරාබි භාෂාවෙන්ය. කාතන්කුඩි යන ඔිනැම අයෙකුට සිතෙන්නේ ඔහු අරාබී ගොස් අැති බවකි. බේරුවල තිබෙන දර්ගා ටවුමේ වහබි තවුහීද් ගැටයින් එලිපිටම නීති කඩයි. තවුහීද් කොලුවන් බයිසිකල් පදින්නේ හෙල්මට් නොදමාය. ඔවුන් බයිසිකල් පාර්ක් කරන්නේ පාරවල් අවහිර වන්නටය. මෑත කෝලාහලයට මුලපිරු තවුහීද්කාරයින් තිදෙනා හාමුදුරුවන්ට සහ ඩ්‍රයිවර්ට ගැහුවේත් එසේ පාර අවහිකර තිබීමත් එම බයිසිකල් අයින්කරගන්න කීමත්ය. බිරිතානි මුසල්මනයන්ට අැසිමිලේට් වෙන්න කියූ ඩේවිඩ් කැමරන්ගේ රටේවත් මේ තරමටම අන්තවාදය ක්‍රියාත්මක වෙනවායයි මට නම් නොපෙනේ.

    ශ්‍රි ලංකාවේ මුසල්මනයනමහ ඡාතිය සමග අවශෝෂණය වි අැති පුමාණය සහ තත්වයේ බරපතලකම මුසල්මනයෙකුගේ වචනවලින්ම දොස්තර කියවන්න කැමති නම් Dr. Ameer Ali විසින් 2013 ඡූලි 19 වනදින ‘ceylon today’ පුවත්පතට ලියූ ලිපිය ගූගල් කර වෙබ් එකෙන්ම කියවිය හැක.

    “තුන් පාරක් කෙල ගැසීම” කුරාණයේ අැතැයි BBS කීම ගැන දොස්තරගේ හිතට හොදටම අමාරු වී අැති බව පෙනේ. ඔය කතාව කියුවාදැයි මම නොදනිමි. එසේ කියුවා නම් එ් ගැන මම අකමැති නොවෙමි, සමාව නොඅයදිමි. මා එසේ කියන්නේ අල්ලා කීවායයි කුරාණයේ ලියා අැති බොරුකීමට ඉගැන්වීම්, මුස්ලිම් නොවන්නන්ව සතුන්ට සමකිරී්ම්, පිලිම කැඩීම්, මිනී මැරීම් සහ වෙනත් දුෂ්ට වැඩකිඩ සදහා අන දුන් පද කියවන විට ‘කෙල ගැසීම’ කඡ්ඡක් දැයි මට සිතෙන නිසාම නොව දසක දෙකක පමන සිට ‘කුරාණය’ සහ ‘හදිත්’ වැන්න කියවන්නෙක් ලෙස සහ ‘peace tv’ සහ ‘faithfreedom’ බලන කියවන අයෙක් ලෙසයි.

    ශ්‍රි ලංකා ‘තව්හීඩ් ඡමාත්’ කියන ඡිහාඩ්කාරයින් බෝ කරන සන්විධානයේ අබ්දුල් රසාක් කියන ලේකම් 2013 අප්‍රියෙල් 13 වන දින මාලිගාවත්තේ ප්‍රසිද්ධ රැස්වීකදී කීවේ බුදුන්වහන්සේ මිනීමස් කෑ බවත් ත්‍රිවිධ රත්නය කියන්නේ ගල්ගෙඩි දෙකක් බවය. එ් මේ රටේ 10% මුසල්මනයන් සිටිද්දීය. මේ බෝ කරගෙන යන විධියට ඉස්සරහට තව්හීද්කාරයින් මොනවා නම් කියා බෞද්ධයාට අපහාස කරයිදැයි දොස්තරගෙන් අැසීමට මම කැමතිය.

    භාරතයේ තිිබූ නාලන්දා විශ්වවිද්‍යාලයට බක්තියාර් කිලිඡි නමි තුර්කි මුසල්මන් සේනාධිපතියා 1193 වසරේදී කලදේ දොස්තර දන්නවාද? භාරතයේ සහ වෙනත් රටරටවලින් පැමිණි පැවිදි ගුරුවරුන් 2,000ක් ශිෂ්‍යයින් 10,000 උගත් සහ තර්කශාස්ත්‍රය වෙදකම තාරකාවිද්‍යාව වැනි නොයෙකුත් විෂයන්ට අදාල පොතපතින් සපිරි අක්කර සිය ගනනක්පුරා පැතිර තිබූ සාමකාමී පරිසරයක පිහිටි එවකට ලෝකයේ තිබූ ඉහලම දැනුමේ කේන්ද්‍රයට කිසිම කරුණක් නොමැතිව ඉහතකී මුසල්මනයා විසින් ගිනි තිබ්බා. මාස ගනනක් ගින්න අැවිලී අැති බව එතනට යන ඔිනෑම කෙනෙකුට අදටත් පෙනෙනවා.

    අප දන්නා ශ්‍රි ලංකා ඉතිහාසය අනුව සිංහල බෞද්ධයා සටන් කලයුතු අවස්ථාවේදී සටන් කලා. එනිසාම වසර 2500යක්ම අාක්‍රමණිකයා පලවාහැරියා, සිංහල ඡාතිය රැකගත්තා. එම ව්‍යායාමයට සැමදා මූලිකවූයේ සංඝයාය. සංඝයා ත්‍රිපිටකය හොදින් පරිශිලනය කලා. නමුත් සෑම සංඝයා වහන්සේ නමක්ම මේ අාත්මයේ නිවන් දැකිය යුතුයයි බුදුන්ගේ නියමයක් නැහැ, ත්‍රිපිටකයේ සදහනකුත් නැත. සිවුරු හැර රට වෙනුවෙන් සටනට ගොස් පසුව සිවුරු පොරවාගත් භික්ෂුන් ගැනත් ඉතිහාසයේ සදහන්ය. රට ඡාතිය වෙනුවෙන් අවශ්‍ය වෙලාවේදී කථාකල සහ එ් නිසාම මැරුම් කෑ හාමුදුරුවන් ගැන අප කියවා අැත. ඥානසාර හාමුදුරුවොත් එවැන්නෙක්යයි මට සිතේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.