ප්‍රේමචන්ද්‍ර පවුලේ සහෝදර සහෝදරියන් –
මුල්ලේරියාවේ සිවු පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ආර් දුමින්ද සිල්වා කොළොඹ නවලෝක රෝහලේ සුඛෝපබෝගී මාලයක මහජන මුදලින් විවේකීව සිටි බව අප කවුරුත් දන්නා කරුණකි . ඔහු නවලෝක රෝහලින් අප්‍රේල් 27 වෙනි සෙනසුරාදා උදේ නික්ම ගියේ ඔහුට විරුද්දව ගොනු කර ඇති මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන පෙර නිමිති මුළු ලොවටම විදහා පාමිනි . ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිවු පුද්ගල ඝාතනයක සැකකරුවකු මල් වෙඩි මධ්‍යයේ රටේ නායකයාගෙන් ආශීර්වාද ලබා ගැනීම පිණිස රජ ගෙදරට පිටව ගියේ මුළු මහත් ශිෂ්ට සම්පන්න සමාජයට අපහාස කරමිනි.
ඇත්තෙන්ම අප මේ දැක බලවත් කම්පාවට පත්වූයෙමු. මෙයට හේතු වුයේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ බුද්දියටත් නිග්‍රහ කරමින්, ශ්‍රී ලංකා අධිකරණයත් හෑල්ලුවට ට ලක් කරමින් කරන ලද මෙම නාටකය දැකීමෙනි .
මෙම නාටකය දිග හැරෙද්දී අප මවිතයට පත් වුවාද ? නැත! මෙය මෙසේ සිදුවන බවට අප විසින් පසුගිය අවුරුදු එක හමාර තුලදීම පවසමින් සිටියෙමු. රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ මලේච්ච ක්‍රියාකාරත්වය පිලිබදව ප්‍රේමචන්ද්‍ර පවුලේ සහෝදර සහෝදරියන්ට මනා අවබෝධයක් තිබුනෙමු, රාජපක්ෂවරුන් විසින් භාරතගේ බ්රිද හරහා හිරුනිකා විසින් ගෙනගිය අභීත අරගලය උපක්‍රමශීලිව දුර්වල කරපු ආකාරයත් අප හද පිරෙන වේදනාවෙන් බලා සිටියෙමු.
අප සහෝදරයා වන භාරත ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු පුද්ගල ඝාතනයට රාජපක්ෂ පවුල් ආණ්ඩුව වග කිව යුතු බවඅප අප තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු අප මේ ඝාතනයට පෙර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන මෙන් රාජපක්ෂ සහෝදරයන් ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ඔවුන් එය නොසලකා හැරියා පමණක් නොව අද ඔවුන් එම ඝාතනයේ හවුල් කරුවන් බවටත් මුළු ලොවටම ඔප්පු කල හමාරය.
මහජන මුදල් විවිධාකාරයෙන් කොල්ල කමින් කොළොඹ කොටස් වෙළද පොලේ කළු සල්ලි උපයන මාෆියාව නඩත්තු කරමින් රුපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ආරම්බ කිරීමට එම කළු සල්ලි යොදවන මිනීමරුවන් පුම්බමින් සමාජ සභ්‍යත්වය සහ මූලධර්ම විනාශ කරන අධමයන් අද මහජනතාව දිගින් දිගටම මුලා කරමින් සිටින බව නොරහසකි.
මොවුන් මහජන මුදල් සහාසික ලෙස කොල්ලකමින් රටේ සාමාන්‍ය පුරවැසියා ආර්ථික වශයෙන් පරිහානියට අද පත් කර ඇත. ඉතා නුදුරු අනාගතයේදීම ජනතාව මේ ආර්ථික අහේනියට විරුද්ධව නැගී සිටීමේදී ඔවුන්ව මර්ධනය කිරීමට මේ අසාර්ථක රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධ නැග එන ජනරැල්ල මැඩ පැවැත්වීම ඔවුන්ට එදාට වැඩ අද මේ මිනීමරුවන්ගේ සේවාව අවශ්‍ය වී ඇත. ඒ නිසාවෙන්දෝ මේ අධම රාජපක්ෂ පාලනය විසින් නීතියේ රැහැනට අසුවූ සමාජ විරෝධීන් මිනීමරුවන් ක්‍රමානුකූලව නිදහස් කරමින් සිටින්නේ රටේ අධිකරණය පවා නොමග යවමින් නීතියේ මළගම සනිටුහන් කරමිනි. සත්‍ය විකුර්ති කරමින් අසත්‍ය සත්‍ය ලෙස හුවා දැක්වන මේ අධමයින් පලවා හැරීමේ කටයුත්තේදී අපගේ බූමිකාව අප අනිවාර්යෙන්ම ඉෂ්ට කිරීමට අධිෂ්ටාන පූර්වකව බලාපොරොත්තු වෙන්නෙමු.
karunarathnedissanayake / May 7, 2013
i will delivery
/
Pina / May 7, 2013
It’s worthwhile to consider what happens if Duminda died and Premachandra survived in this. The charges against Duminda would, more or less, against Premachandra too. We know that both are accolites of the same regime they agree and disagree.
/
AH MIRIHALLA / May 7, 2013
true
/
randeera / May 7, 2013
api akathu wela parata bahimu
/
Sama / May 7, 2013
Then they will shoot you to the manner they killed thousands of innocent tamils in the very last stage of war. They are merciless when it goes for the human lives. That they have proved further in the crime incidents that are deliberately handled by them in the post war episodes.
One of the commentators had added the truth about Rajapaskes – they were nobody else RASTHIYADU KARAYOS from Beliaththa. So that kind of IRCs cant know the human values – should be made clear to the masses. The masses are blind in the country. If opposition could feed them with facts on a regular basis, rulers can be sent home sooner than we believe.
/
Mahela / May 7, 2013
It is the same Roman and Jewish Empire governing system that prosecuted and nailed Jesus Christ to the cross 2000 years ago,that Rajapakses follow today.
After taken over “Pancha Maha Balavegaya” the five governing bodies under their command, now Rajapakses are using their thousands of phony actors across Sri Lanka to show a rosy picture to the world.
This will go on until people realise, unite and fight collectively against the corrupt regime to get back their civil liberties, rights, democracy and justice.
A NEW VISION AND A GAME PLAN IS REQUIRED TO FIGHT FOR OUR LIBERTIES AND RIGHTS.
RAJAPAKSES MAY BE THINKING TO TAKE THE COUNTRY FOR ANOTHER 1971, 1983, 1989 PROGROM.
THEREFORE IT’S TIME TO RE-DRAW AND INNOVATE NEW GAME PLANS WITHOUT SACRIFICING MORE LIVES.
SAVE OUR COUNTRY FROM ABSOLUTE DICTATORIAL AND AUTHORITARIAL REGIME.
/
කඩප්පුලියා / May 7, 2013
භාරත, වගේ මහින්දට කඩේ යන අය තව කොච්චර ඉන්නවාද?ඒ අයට මහින්ද ගේ අම්මාගේ පිහිටයි.
/
amila chathuranga / May 8, 2013
භාරත කියන්නෙත් එතරම් හොඳ චරියතක් නෙමෙයි. නමුත් හොඳ නැති වුනාය කියලා එයාල ජීවත් විය යුතු කාල සීමාව තීරන්ය කරන්න හැකියාවක් කාටවත් නැහැ.
එහෙම කරනවා නම් ඒ අයට එරෙහිව ක්‍රියාකරන්න වෙනවා.
රෙදි නැතිව හෙලුවෙන් යන රාජපක්ෂ ක්‍රමය ගැන විග්රහ කරන්න ලොකු තියරි අවශ්‍ය නැහැ..කෙලින්ම බල ලෝභය සහ වස්තු තණ්හාව පමණයි..වෙනත් කිසිවක්ම නැහැ.
/
Pina / May 8, 2013
Perfectly! If you replace the noun “Bharatha” with “Duminda”, your texts is of same meaning again. As you see, correctly, it as hunger for power and wealth, we can interpret this as a struggle at lower level for power and wealth.Only the proportions of the loot differ. For instance,the Widow or selfish daughter still cling on to their public funded jobs (for doing nothing)and vehicles.
/