
චමීර පෙරේරා –
ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම හා සාකච්ඡුාව දිනෙන් දින වර්ධනය වෙයි. ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල අභියෝගයක් බව වාමාංශික පක්‍ෂ ප‍්‍රකාශ කළේ ජේ. ආර්. එය හඳුන්වා දෙන විටමය. එහි ඇති අනතුර දකිමින්, වහාම එයට විරෝධය දැක්විය යුතු යැයි පෙන්වා දුන් ප‍්‍රථමයා ඇන්. ඇම්. පෙරේරාය. 1977-78 වන විට දැඩි ලෙස රෝගාතුරව සිටි ඇන්. ඇම්.ට ජනාධිපති ක‍්‍රමය සිය රෝගයටත් වඩා පීඩා ගෙන දෙන්නක් වූ බව ඒ කෙරෙහි ඔහු දැක්වූ අවධානයෙන් තේරුම් ගත හැක. ජනාධිපති ධූරය පිළිබඳ ලියමින් වෙහෙසෙන අවස්ථාවක, පවතින රෝගී තත්ත්වයට මෙලෙස වෙහෙසීම නුසුදුසු යැයි ඇන්. ඇම්. මුණගැසීමට පැමිණි ඔස්මන්ඞ් ජයරත්න පවසා සිටි විට ඇන්. ඇම්. දුන් පිළිතුර වටිනා එකකි. ‘‘ඔසී, මේ මිනිහා ජනාධිකමක් ගෙනල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, නිදහසත් ඉවර කරලා දාන්න යන්නේ. අපි අමාරුවෙන් ගොඩනගපු දේශපාලනය මේකෙන් ඉවර වෙනවා. දැන්ම මිනිස්සු මේකට විරුද්ධව වැඩ කරන්න ඕනේ. මට කියන්නේ මේක දැක දැක නිකං ඉන්න කියලද? මට පුළුවන් දේ මම කරනවා. ඉතුරු හරිය අනික් අයට බාරයි…’’ මෙහි වැදගත්කම ඇන්. ඇම්. මේ අනතුර හඳුනා ගත්තේ අනතුරක ලක්‍ෂණයක් හෝ නොවූ ආරම්භක මොහොතේදීමය. ඇන්. ඇම්. ‘‘තුන්කල් දුටු මහා ප‍්‍රාඥයකුයි’’ බලංගොඩ ආනන්ද මෛත‍්‍රී හාමුදුරුවන්, ඔහු මිය ගිය අවස්ථාවේදී කළ ප‍්‍රකාශය සත්‍යයක්මය ‘Blows Against the Empire’ නැමැති කෘතියෙහි, බ්‍රේස් ගර්ඞ්ල් සමඟ පැවැත්වූ සාකච්ඡුාවකදී ඔහු ඇන්. ඇම්. පිළිබඳව දැක්වූ අදහස, ඇන්. ඇම්. ජනාධිපතිවරණය කෙරෙහි මෙතරම් විරෝධයක් දැක්වූයේ මන්ද යන්න තේරුම් ගැනීමට උපකාරයකි. ‘‘ඇන්. ඇම්. දේශපාලනයේදී සියලූදේට වඩා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කෙරෙහි බැඳුනු කෙනෙක්. මම හිතන්නේ ඔහු වමේ ව්‍යාපාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තදින්ම ඇළුම් කළ පුද්ගලයා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීමත්, එය සෑම තැන්හිදීම තහවුරු කිරීමටත් ඔහු විශාල උනන්දුවක් දැක්වූ කෙනෙක්’’ යනුවෙන් බ්‍රේස් ගර්ඞ්ල් සිහිපත් කළේය.
ඇන්. ඇම්. පමණක් නොව වමේ ව්‍යාපාරයේ පූරෝගාමීන්ගේ අනේකවිධ දේශපාලනික කි‍්‍රයාකාරීත්වයන් මෙන්ම විවිධ ආයතන හා ආණ්ඩුවල සම්බන්ධවීම මූලික වශයෙන්ම දේශපාලනික වටිනාකම්වල ගොඩනැංවීම් හෝ පිළිබිඹුවක්ය. දේශපාලන කි‍්‍රයාවන් තමන් බැඳී සිටින, දේශපාලනික වටිනාකම් පෙන්නුම් කළ යුතු යැයි ඔවුහු විශ්වාස කළහ. ඒ නිසාම දේශපාලන ආයතන වූ පාර්ලිමේන්තුව වැනි ආයතන මෙන්ම ආණ්ඩුවලට සම්බන්ධවීම අත්‍යවශ්‍ය කි‍්‍රයාවක් ලෙස දුටු ඔවුහු ඒ තුළ නියෝජනය කිරීමෙන් එහා කාර්යභාරයක් තමන්ට ඇතැයි අවධාරණය කළහ. සමසමාජ පක්‍ෂයට වසර 25 පිරුණු අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඇතුල්වීම පිළිබඳව ඇන්. ඇම්. මෙසේ කීය. ‘‘අප ව්‍යවස්ථාදායක සභාවට ඇතුල් වූයේ, ඒ තුළ හුදෙක් නියෝජිතයන් වීමට නොවෙයි. ඒ තුළට අපේ දේශපාලන අදහස් ගෙන යාමට. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාධාරණත්වය පිළිබඳව අවධානය යොමු කරන, කතා කරන තැනක් බවට පත්කළා. ඒකෙන් වුනේ මේ දක්වා එහි තිබුණු සාමකාමී බව නැතිවී අරගලකාරී තැනක් වීමයි. … අපි තමයි ඒක කළේ.’’ විවිධ දේශපාලන කි‍්‍රයා මගින් තමන් පිලිගන්නා වටිනාකම් අර්ථවත් කළ යුතුයි ඔවුහු තදින් විශ්වාස කළහ. ඒ නිසාම දේශපාලනය කිරීම අළුත් වැඩක් ලෙස භාරගත්හ. කොල්වින් ආර්. ද සිල්වා ප‍්‍රකාශ කළ පරිදි දේශපාලනය කිරීම, ‘පවතින’ දෙයක් නොව ‘පවත්වා’ ගත යුතු දෙයකි. තමන් පිළිගත් විශ්වාසයන් වෙනුවෙන්, කිසිවිටකත් අත්නොහරින වටිනාකම් උදෙසා කළ යුතු කාර්යභාරයකි. ඇන්. ඇම්. ජීවිතයේ අවසන් කාලයේදීත්, අත් නොහැර සිටියේ එයයි, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි’.
කෙසේ වුවද වර්තමානයේ සමහර වාමාංශිකයන්ගේ දේශපාලනය කිරීම, කොල්වින් ආර්. ද සිල්වා පැවසූ ආකාරයට ‘පවත්වා’ ගත යුතු දෙයක් නොව ‘පවතින’ දෙයකට එකතුවීමක් පමණකි. ආණ්ඩුව තුළ සිටින ජේ්‍යෂ්ඨ වාමාංශිකයන්ට, ආණ්ඩුව නියෝජනය කරනවා විනා වෙනත් කාර්යභාරයක් නැති ගානය. ප‍්‍රධාන කාරණය වන්නේ ආණ්ඩුව තුළ නියෝජනයෙන්, වාමාංශිකයන් පිළිගත් දේශපාලනික වටිනාකම් පෙන්නුම් කරනවාද යන්නය. මේ සමහරුන් දේශපාලනික පරිවර්තනයකට නැත්නම් වමේ ව්‍යාපාරය ඔප්නැංවූ ‘වටිනාකම්’ සමග‘ තදින් බැඳුනු අය නොවීම නිසා ඇන්. ඇම්., කොල්වින් ද ආණ්ඩුවලට ඇතුල්වුනා යැයි කියමින් ඕනෑම කල්ලියක් සමඟ එකතුව කටයුතු කළ හැක. ජනාධිපති ධූරයක් සමඟ දේශපාලනය අවසන් වී ඇතැයි ද, පාර්ලිමේන්තු ආණ්ඩු තවදුරටත් වලංගු නැතැයි ඇන්. ඇම්. පැවසූ බව ඔවුන් අමතක කර ඇත. ඉන් ඔහු පැවසුවේ, කිසිවක් නොකර සිටිය යුතු යැයි නොවේ. ගිළිහෙන දේශපාලනය නැවත ගෙන ඒමට කටයුතු කළ යුතු බව හේ අවධාරණය කළේය. ඒ දේශපාලනික වටිනාකම් කැප කර බලා සිටීමෙන් නොව රැුකගත යුතු වටිනාකම් පවත්වා ගැනීමට පොරබඳින කි‍්‍රයාකාරීත්වයකින්ය.
විධායක ජනාධිපති ධූරය ඈවර කළ හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ බව පවසමින් එතැනට එකතුවූ වාමාංශික නායකයන්, එය ඈවර කිරීමේ පියවරක් වෙනුවට කළේ එය වඩාත් ශක්තිමත් කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීම පමණි. අවම වශයෙන් එම නරුමවාදී කි‍්‍රයාවෙන් වැළකී සිටීමේ තරම්වත් දේශපාලනික වටිනාකමක් ඔවුන් තුළ නොවීය. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නැයි මහින්ද රාජපක්‍ෂගෙන් නැවතත් ඉල්ලමින්, ‘ගැලවුම්කරුවා’ මත යැපෙනවා හැර දේශපාලනය කිරීම පිළිබඳවූ විශ්වාසයක් මේ වාමාංශිකයන්ට නැත. මෙම ‘යාචක’ දේශපාලනය ආරක්‍ෂා කිරීමට ගෙනෙන ප‍්‍රධාන තර්කය වන්නේ ජනතාවට ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නැත යන්නය. ඒ නිසා ජනතාව එය අහෝසි කිරීමට කැමැති වන තුරු බලා සිටිය යුතුය!
‘‘අපි තුන්කෝරලයට හතර කෝරලයට යන කොට මිනිස්සු ගම්මුලාදැනිවරු, ගමේ බලවතුන් කියන දේ ඉවසගෙන හිටියා. නිදහස, සාධාරණත්වය ගැන මිනිස්සුන්ට උනන්දුවක් තිබුණේ නැහැ. මිනිස්සු කළේ යම් දෙයක් ලබාගන්න බලවතුන් කියන විදිහට හැසිරෙන එක. මිනිස්සුන්ට මේ අළුත් අදහස් ගේන්න අපිට මහන්සි වෙන්න වුනා. ඒක අමාරු දෙයක්’’ යනුවෙන් වාමාංශික ව්‍යාපාරයේ ආරම්භය ගැන ඇන්. ඇම්. කළ ප‍්‍රකාශය, වර්තමානයේ මිනිස්සු කැමැති දේ කරන ජේ්‍යෂ්ඨ වාමාංශිකයන්ට මතක් කළ යුතුමය. දේශපාලනය කිරීම යනු දැනට පවතින දේට එකතුවීම නොව දෙයක් නැත්නම් නැතිවී ඇති වටිනාකම් අත්පත් කරගැනීමය. ඒ සඳහා මැදිහත්වීම, සියලූ ආයතන හා සංවාදයට මැදිහත්වීම වාමාංශික දේශපාලනයයි. තනි පුද්ගලයකු හා මහා විස්තාරිත පවුලක් විසින් සමාජයේ සියලූ තැන් ග‍්‍රහණයට ගෙන ඇති මොහොතක, එම ග‍්‍රහණය මැරෙන තුරාවට අත්නොහැරීමේ ආශාවකින් පෙලෙන පවුලකින් එම බලය අත්හරිනු ඇතැයි කුඩා දරුවෙකු වුවත් විශ්වාස කරයිද? පාලක පවුලේ දරුවන්ගේ ලියුම්වලට විශ්ව විද්‍යාලවලට පුද්ගලයන් ඇතුළත් කරගන්නා තත්ත්වයට රට පත්ව ඇත. එවැන්නක් වුවත් සමහරු අනුමත කරනවා විය හැක. තමන්ටත් එවන් අවස්ථාවක් ලබාගැනීමේ අපේක්‍ෂාවක්ද පැවතිය හැක. මිනිසුන් කැමති නිසා එසේ වූවාට වරදක් නැතැයි පවසමින් ඇස් කන් පියා සිටින්නට වාමාංශිකයන්ට හැකිද? වාමාංශික ව්‍යාපාරය යනු ජේ්‍යෂ්ඨ වාමාංශිකයන් නොවේ. වාමාංශික ව්‍යාපාරයේ වටිනාකම් තවමත් අත්නොහැර අල්ලා සිටින්නන් බොහෝමයකි. ඔවුන් පවතින දේ පිළිගෙන සිටීමට සූදානම් නොවන බව පැහැදිලිය. ඒ නිසා දේශපාලනය නැවත අත්පත් කරගැනීමේ අපහසු කාර්යයට පැමිනිය යුතුව ඇත. ‘‘අපගේ දේශපාලනික ප‍්‍රතිපත්ති වෙනුවෙන් අපට කාලයකට වනගත වීමට සිදුවනු ඇත. එසේ වුවත් කමක් නැත, අප ඊට සූදානම් විය යුතුය’’ යනුවෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට විරෝධය දක්වමින් ඇන්. ඇම්. ප‍්‍රකාශ කළේය. අදත් එයමය. දේශපාලනය කරන්න එළිමහන් පිටියක්ම අවශය නැත. කැලෑවක් වුවද ඊට කම් නැත.
*සැප්තැම්බර් 21 රාවය පුවත්පතේ ‘වමේ වේදිකාව’ තීරුවේ පලවූ ලිපිය