25 April, 2024

Blog

සංවර්ධනය හා ණය: අගමැතිතුමා කීවේ ඇත්තද?

චම්පික රණවක

චම්පික රණවක

කැලණි නව පාලම විවෘත කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ‘යහපාලනය ණය ගත්තා මිස කළ දෙයක් නොමැති’ බවය. තවදුරටත් එතුමා කීවේ එතුමාගේ ධූර කාලයේදී (2005-15) අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය වැනි බොහෝ සංවර්ධන කටයුතු කෙරී ඇති බවය.

පසුගිය ජනාධිපතිවරණයට (2019) පෙර ‘වියත්මඟ’ වේදිකාවේ උස්හඬින් කී සටන් පාඨයක් වූයේ 2005-15 කාලයේ 6-7% ක තිබූ ආර්ථික වර්ධනය යහපාලන කාලයේ (2015-19) 2-3% ට වැටුණු බවය. නැවත 6-7% ක වර්ධනය ලබාගන්නට රාජපක්ෂවරුන්ගේ ‘වැඩකරන රටක්’ සඳහා බලය ගතයුතු බව අවධාරණය කෙරිණි.

ඇතැම් ආගමික නායකයින්ද විටින් විට ප්‍රකාශ කරනුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙවීමට සිදුව ඇත්තේ යහපාලන කාලයේ හා එයට පෙර ගත් ණය බවය.

මෙහි ඇත්ත කුමක් ද ?

ණය ආපසු ගෙවීමේ අපහසුතාවයට අප රට පත්ව ඇත්තේ අපේ විදේශ ණය ආපසු ගෙවීමේ නොහැකියාව මූලික වීමෙනි. ඩොලර් හිඟය හා භාණ්ඩ ආනයනය සීමාවීම නිසා භාණ්ඩ හිඟය, කළු කඩය හා අධික මිළ ගණන් ඇතිව ඇත්තේ ඒ නිසාය.

අපේ විදේශ ණය කළඹ ගත්කළ එහි මූලික ප්‍රශ්නය වී ඇත්තේ සහනදායී (අඩුපොලී හා දීර්ඝ කාලීන ආපසු ගෙවීම්) විදේශ ණය වෙනුවට සහනදායී නොවන හා වාණීජ ණය දක්වා ශ්‍රී ලංකාව ගමන් කිරීමය. එනම් වැඩිපොලී හා කෙටිකාලීන ණය වැඩි වීමය. එහි තත්ත්වය මෙසේය.

සහනදායී නොවන හා වානීජ ණය ප්‍රතිශතය සමස්ත විදේශ ණය කළඹ තුළ වෙනස්වීම මෙසේය. අංක 01 රූපය බලන්න. (ප්‍රතිශතය ලෙස)

ඒ අනුව මහින්ද රාජපක්ෂ යුගය ආරම්භයේ 8% සීමාවේ තිබූ වානීජ හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 2015 වන විට 47% දක්වා අසාමාන්‍ය ලෙස ඉහළයෑමත් ඒවා කෙටිකාලීන නිසා ආපසු ගෙවීමට සිදුවීමත් සිදුවිය.

මේ නිසා 2016 සිට අලුත් වානීජ ණය ගනිමින් පැරණි වානීජ ණය පියවීමේ විෂම චක්‍රයට රට හසුවිය. මේ නිසා 2019 වන විට වානීජ ණය හා සහනදායී නොවන ණය ප්‍රතිශතය 58% දක්වා වැඩිවිය. එමෙන්ම රට විසින් විදේශ විනිමය ලෙස ණයට ගන්නා මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ‘සංවර්ධනය නොව’ ණය ආපසු ගෙවීමට යොදා ගැනීමේ තත්ත්වයක් උදාවිය.

ඒ මෙසේය. අංක 02 රූපය බලන්න.

මෙයින් පෙනී යන්නේ 2017-19 කාලය වනවිට ගන්නා විදේශ ණය වලින් 90-95% ක් කලින් ණය පියවීමට ගිය බවය.

ඒ කාගේ ණය ද ?

විදේශ ණය ආපසු ගෙවීමේ ණය වාරිකය (Principal Payment) සලකා බලන කල (SLDB නොවන) පසුගිය වසර දෙකෙහි තත්ත්වය මෙසේය. අංක 03 රූපය බලන්න.

මෙයින් පෙනී යන්නේ 2005-14 සංවර්ධන බුබුල එනම්, වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් කුළුණ හා අධිවේගී මාර්ග ආදී ව්‍යාපෘතිවල ණය ගෙවීමේ කාලය 2016 සිට එළැඹ ඇති බවත් 2020/21 කාලයේදී ඇතිව ඇති විදේශ විනිමය හිඟයට හේතුව එය බවත්ය.

මෙය මැනවින් පෙන්වන සංඛ්‍යා ලේඛනයක් මෙලෙසය.

ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව – NFA – CBSL) හා ශුද්ධ විදේශ වත්කම් (මහ බැංකුව+බැංකු පද්ධතිය) NFA (CBSL+Banks) හා නිල විදේශ සංචිත තත්ත්වය මෙසේය. අංක 04 රූපය බලන්න.

මෙයින් පෙනී යන්නේ මේ වනවිට මහ බැංකුව හා බැංකු පද්ධතිය දරුණු විදේශ විනිමය අර්බුදයක ගිලී ඇති බවය.

ඉදිරි වසරේ (2022) ණය ගෙවීමට (ඩොලර් බිලියන 07 ක පමණ), ඉන්දන ඖෂධ ඇතුළු භාණ්ඩ ආනයනයට ආදී සියල්ලටම (අපනයන හා වෙනත් ආදායම් හැරුණු විට) අපට ඉතුරුව ඇත්තේ ඩො.මි. 1500 ක් (එයිනුත් 300 ක් රත්‍රන්) පමණි. රට ක්‍රමයෙන් මූල්‍ය වශයෙන් බුන්බත්වීම නැමති අගාධයට ඉදිරි මාස කීපය තුළ ඇදවැටෙමින් ඇති බව ඉතා පැහැදිළිය.

අද සිදුවෙමින් පවතින්නේ මෙම අගාධයේ ඇද වැටෙමින් ගැයෙනා ආණ්ඩුවේ නරි වාදම් වලට සවන්දීම පමණි. ආණ්ඩුව දැන්වත් එම පිස්සු වැඩ, මෝඩ වැඩ හා විහිළු සැපයීම නවත්වා සබුද්ධික මූල්‍ය කළමණාකරණ ක්‍රියාවලියකට ගමන් කළ යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ආණ්ඩුවට සල්ලි නැහැ කියන කතාව මම නම් විශ්වාස කරන්නේ නැහැ.
    සල්ලි නැති කතාව, තමන්ගේ හොර ජාවාරම් සරු කරගන්නයි, රටේ සම්පත් මහා පරිමාණයෙන් විකුණන එක සාධාරණිය කරන්නයි කියන පට්ට බොරුවක්.
    කොටින් අතේ තිබ්බ මත්ද්‍රව්‍ය ජාවාරම තමන් අතට ගත්ත රාජපක්ෂලා, දැන් කංසා පිටින් දාල මත්ද්‍රව්‍ය ජාවාරමත් නීතිගත කරන්න යනව. මත්ද්‍රව්‍ය ජාවාරම මේ දවස්වල සරු නැතුව ඇති, ඒ හින්ද කංසා ජාවාරම පටන් ගන්න හදනවා. වහල් ආණ්ඩුව මේවා කරන කොට, ඒවාට විරුද්ධ වෙච්ච මිනිස්සු චන්දෙ දීල පත් කරගෙන තියෙන්නේ අරිට හපන් කාලකන්ණි රැළක්.

    • 2
      0

      ජනතාව ප්‍රශ්න කරන්නේ ජනාධිපතිතුමා කෝ? අද්විතීය දැක්මක් ඇති ඔහුගේ බලවත් විශ්මය ජනක කුසලතාවට සිදු වූයේ කුමක්ද? අද භයානක ප්‍රශ්නවලදී ඔහුගේ පංචේන්ද්‍රියන් දුර්වල වී ඇති බවක් පෙනෙන්නට තිබේද? ඔහුගේ ප්‍රතික්‍රියා මෙතරම් පසුගාමී වන්නේ ඇයි ?මෙය හඳුන්වන්නේ, ඔවුන්ගේ දේශපාලන වාසි සඳහා මිනිසුන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්නේ කෙසේද යන්නයි. මේ සියල්ල ඔවුන්ගේ අධිකරණ නඩු ගණනාවකින් නිදහස් වීමට නියමිතව තිබුණි. නැවත බලයට පත්වීමෙන් පසු, ඔවුන් මෙතෙක් සිදු කර ඇති සියලුම මහා අපරාධවලින් නිදහස් විය.
       බලය අල්ලාගෙන ඔවුන් ඉටුකළ එකම දෙය එයයි. ඒ ඔවුන්ගේ පවුල වෙනුවෙන්. පී

      පකිස්තාන ජාතිකයන් යම් අපහාසාත්මක හේතූන් මත සමාගමක සිංහල කළමනාකරුවෙකු ඝාතනය කරයි, අපේ අය රාජපක්ෂ පවුලට එසේ නොකරන්නේ මන්ද? එය ලෝක පුවත්පත්වල ලැව් ගින්නක් මෙන් පැතිරෙයි. මොන රාජපක්ෂ පවුලම එකතු වෙලා ජාතියේ අන්තිම රුපියලත් කොල්ල කෑවා. මහින්ද බලුචින්තනය පාඨය හැකිතාක් හයියෙන් ගායනා කළහොත් V8 පිංගුත්තරයාට තිළිණ කළේ නමුත් මෝඩ ජනතාව නොමඟ යැවීමටය. එක් එක් V8 හි පිරිවැය ගෙවුවේ කවුද? ඒක මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්.
      ඊනියා ආදරණීය අගමැතිට මොකද වුණේ? ඔහු අද හැසිරෙන්නේ gala uda paehaerapu balala wage.. රටේ ඕනෑම කොනකට මෝඩයන් හරහා පණිවිඩය යැවීම සඳහා ඔහු ළදරුවන් ලෙවකෑවේය. සමහර ග්‍රාමීය අන්ත මෝඩයන් තම පපුවේ රාජපක්ෂගේ පින්තූර පච්ච කොටා ගැනීමට දිරිමත් කරන ලදී. ඔවුන් අද ඔවුන් අවට සිටින ජනතාවට මුහුණ දෙන්නේ කෙසේද?පකිස්තාන ජාතිකයන් අපේ සිංහල කර්මාන්තශාලා කළමනාකරුවන් ඔවුන්ගේ රටේදී ඝාතනය කළේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැගී සිටීම නිසා නමුත් අද ශ්‍රී ලංකාව තුළ ෆැසිස්ට් ම්ලේච්ඡ අපරාධකරුවන් යටතේ ඝාතනය වන සංඛ්‍යාව තක්සේරු කළ නොහැකි තරම්ය. GAS-CYLYLIND-LEAK ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම් නොසොයා ගෙදරට පහර දෙති, දුප්පත් අය ගුණාත්මක ගෑස් ලිප් මිලදී ගැනීමට පවා සිතන්නේ කෙසේද?☹☹☹☹☹☹☹☹

  • 2
    0

    ගෑස් ප්‍රශ්ණය විසඳන් නැතුව හොර ගල් අහුලන්නේ රාජපක්ෂලා ගෑස් කොම්පැනි වලින් කොමිස් අරන් හින්දා.
    මීට කලින් පහල තිබ්බ ලිපියකටත් ලිව්වා. එතකොට පිපිරීම් 6යි. කාන්තාවක් මිය ගිහින් තිබ්බ. මේ වෙනකොට පිපිරීම් කීයක්ද? පැය 48ට පිපිරීම් 30 කියලා ඊයේ ප්‍රවෘත්තියක් දැක්ක.
    ගොබ්බ ආණ්ඩුව පත් කලෙත් හොර කමිටුවක්. ගෑස් පිපිරීම් ගැන හොයන්න ගෙයින් ගෙට යන්න ඕනෙද? තනිකර කරන්නේ බොරුවක්.
    ගෑස් සිලින්ඩර එකක්වත් පිපිරිලා නැහැ කියලා මෝල් කතාත් කියනවා ඇහුනා. ගෑස් සිලින්ඩර පිපිරෙන්නේ නැහැ තමයි. සිලින්ඩරේ පිපිරෙන්න ඒක ඇතුලට ඔක්සිජන් යන්න එපැයි. ලිප පුපුරන්නේ ගෑස්‌ සහ වාතය අතර ප්‍රතික්‍රියාවෙන්. මෙතන වෙන්නේ ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ලිප ඇතුලේ එකතු වෙලා පීඩනය උපරිමයට ආවහම පිපිරෙන එක. නැත්නම් කවුරු හරි ගෑස් ලිප පත්තු කලොත් ලීක් වෙච්ච ගෑස් ගිනි ගන්න එකයි පිපිරෙන එකයි දෙකම එකට වෙන එක.
    ගෑස් කොම්පැනි වලට විරුද්ධව නඩු දාන්න ඕනේ අපරාධ නීතිය යටතේ. අන්තරායක ද්‍රව්‍ය රෙගුලාසි තියෙනව ගෑස් කොම්පැනි අනුගමනය කලයුතු. ටෙස්ට් කරන්න ප්‍රමිතිය වෙනස් කරපු ගෑස් සිලින්ඩර, හිතා මතාම පාරිභෝගිකයන්ට විකිණීම අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු වරදක්.

    • 2
      0

      පාරිභෝගික අධිකාරිය හරි නම් ගෑස් පිපිරීම් වෙනකොට අදාළ ගෑස් කොම්පැනි වලට සීල් තියලා, වහාම “සියලු ගෑස් සිලින්ඩර, “සියලු ගෑස් සිලින්ඩර” නැවත කැඳවලා, ඒවායේ මුදල් පාරිභෝගිකයන්ට නැවත දෙන්න නියම කරන්න ඕනේ. මිනිස් ජීවිත වලට සහ ගෙවල් වලට වෙච්ච සියලු හානි වලට ගෑස් කොම්පැනි වන්දි ගෙවන්න ඕනේ.
      ගෑස් අනතුරු වෙච්ච සියලු පාරිභෝගිකයන් ලඟම පොලිසියට ගිහින්, අනතුර ගැන සහ තමන්ට වුනු අලාභය ගැන පොලිස් පැමිණිල්ලක් දාල, එහි පිටපතක් ළඟ තියා ගන්න ඕනේ.
      ඒ විතරක් නෙමෙයි, ගෑස් සිලින්ඩර ගත්තු සියල්ලෝම, ගෑස් අනතුරක් වුනා හෝ නැතා පොලිසියට පැමිණිල්ලක් දාන්න ඕනේ ගෑස් පාවිච්චි කරන්න බයයි කියලා.
      මේ හැමෝටම මුදල් නැවත ගෙවන්න කියලා පාරිභෝගික අධිකාරිය ගෑස් කොම්පැනි වලට නියම කරන්න ඕනේ.
      මේක කියවන කවුරු හරි මේ විදහට පොලිසියට පැමිණිලි දාල පිටපතක් ගන්න කියලා කරුණාකරලා ගෑස් පාරිභෝගිකයන්ව දැනුවත් කරන්න.

    • 2
      0

      ගෘහස්ථ බහාලුම් පිපිරීමට මූලික හේතුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගෑස් සම්බන්ධ කිරීමේ පයිප්පවල දුර්වලතාවය නම්, ඕනෑම රජයක් කළ යුතු දේ
      . සැබෑ හේතු මොනවාදැයි පරීක්‍ෂා කර ජාතියෙන් කනස්සල්ල දුරු කරන ලෙස ඔවුන්ට හැකි ඉක්මනින් තාක්‍ෂණික ආයතනවලින් ඉල්ලා සිටිය හැකිය. මෙය පැය 48 ත් 72 ත් අතර කාලයක් තුළ ප්‍රශ්නය මතු වූවාට වඩා භයානක බැවින් මෙය කළ යුතුය. ශ්‍රීලංකාව කොංගෝ ජනරජයක් නොවන අතර පැය ගණනකින් එම කාර්යය කිරීමට අවශ්‍ය ශිල්පීය ක්‍රම ඔවුන් සතුව ඇත. කෙසේ වෙතත්, එම නියෝගය පනවන්නේ ජනතාවගේ අනවශ්‍ය කරදර ගැන හදවතක් නැති රාජ්‍ය නායකයා නොවේ. පිපිරුම් අනතුරු වලදී පිපිරුම් හානිවලට හසු වේ යැයි බියෙන් මිනිසුන් මිය යා හැකිය.
      .
      ඔවුන් පුරසාරම් දොඩමින්, විස්මයන්, පැහැදිලි වෙනස්කම් කිරීමට පැමිණියද, විස්මයට පත් කිරීම ඉතා කණගාටුදායකය, නිවැරදි කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමට කුඩා ප්‍රශ්න පවා එකතැන පල්වීම විශාල ඛේදවාචකයකි.

      අද ජනතාව ළිපෙන් ගින්නට වැටිලා, පාරට බැහැලා තමන්ගේ ආරක්ෂාව ඉල්ලන්න කාලය ඇවිත්. මෙය සමහර විට නායකත්වයට හදිසි ඇමතුම් විය හැකිය. රාජ්‍ය නායකයා මිනිසුන්ගේ භයානක ප්‍රශ්න ගැන සම්පූර්ණයෙන්ම බිහිරි බව සහ අන්ධභාවයට හසු වී ඇත. සංවේදී බව නායකයෙකුගේ පළමු ලක්ෂණය විය යුතුය, නමුත් එය ඔහුගේ පුද්ගලයා තුළ නොවේ.
      අද සියලුම අදක්ෂයන් ඔප්පු කරන්නේ ඔවුන් විසින් තෝරා පත් කර ගත් එම ජාතියටම ඔවුන් ලබා දෙන ස්ථානය බවයි.🐕🐕🐕🐕🐕🐕

    • 3
      0

      මීට වසර දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් අද බොහෝ දුක් විඳිති.
       දෛනික ආහාර ද්‍රව්‍ය අද දින කිහිප ගුණයකින් මිල අධිකය. දුප්පත් පවුල් තබා මධ්‍යම පාන්තික පවුල්වලට ජීවත් විය නොහැක. ඔවුන් රජය ඒවා බැරෑරුම් ලෙස සලකන බවක් නොපෙනේ. ඔවුන්ගේ ගැසට් කිරීම සහ අවලංගු කිරීම අද වන විට විහිළුවක් බවට පත්ව ඇත. ඔවුන් සිරිසේනට සමච්චල් කළ නමුත් අද සිරිසේන ඔවුන්ට නොහැකියාවට පහර දෙයි.
       එය COVID සීමා කිරීම් නිසා නොව වඳ/බාල නායකත්වය නිසාය. කුඩා ප්‍රශ්න පවා විසඳා ගැනීමට ඔහුට හැකියාවක් නැත. නමුත් සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා V8 තෑගි සහ ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් වියරු වැටී සිටින නිසා මෙය උණුසුම් පුවත් බවට පත්වීමට ඉඩ නොදේ.

       අද මිනිසුන්ගේ බරපතළ ප්‍රශ්න ගැන ඔහුට කිසිඳු හදවතක් නැති බව පෙනේ. ප්‍රශ්නය තනිකරම, – ගෑස් සිලින්ඩර කාන්දු වීම සහ නිවෙස්වල සිදුවිය හැකි අනතුරු “ජනාධිපතිවරයාට බරපතල නොවේ”; ඔහු ගැටලුව ක්ෂණිකව විසඳීමට පියවර ගත්තේ නැත. අගමැතිතුමාත් මේ ප්‍රශ්නය හරියට විසඳන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ජාතිය සමච්චලයට ලක් කරනවා වෙනුවට ඔහු මැදපෙරදිග ගොස් ඊනියා “අයිඕසී” රැස්වීමක් කැඳවයි. ප්රතිඵලය ඊටත් වඩා නරක වනු ඇත. ඔහුට අනෙකුත් සගයන් හා සමානව අථත්‍ය රැස්වීමට සම්බන්ධ විය නොහැක්කේ ඇයි? එමගින් රටවල් සඳහා මිලියන ගණනක් ඉතිරි කර ගත හැකිය.☹☹☹☹☹☹☹☹

    • 2
      0

      මහින්ද රාජපක්ෂට තවත් ඔවුන්ව ගොනාට ඇන්දවීමට පොදු ජනතාව ඉඩ දෙන්නේ ඇයි? ඉතින් මිනිස්සුත් වැරදියි.
      වේදිකාවේ මහින්ද ටොම්පචයාය. ඔහුගේ ජනප්‍රියත්වය දැන් නැතිවෙලා. නමුත් සමාජයේ සමහර කොටස්, මිනිසුන් කරුණා ගවයන් මෙන් හිස වනති. මිනිසුන් වහලුන් මෙන් දිගු කලක් නොසිටිනු ඇත, එය මගේ පැතුමයි.
      කරුණු මත පදනම් වූ තොරතුරු මගින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකි විය යුතුය.සමාජ විශේෂඥයින් සහ ගොඩනගන්නන් සාමාන්‍ය මනස දරන්නන්ගේ දැනුම වැඩිදියුණු කළ යුතුය. හොඳ උගත්, ශිෂ්ට සම්පන්න අය පමණක් පාර්ලිමේන්තුවට තේරී පත් වන පරිදි ඔවුන්ගේ ඡන්දදායක මානසිකත්වය වැඩිදියුණු වනු ඇත.

      ඊනියා යුධ ජයග්‍රහණ ප්‍රකාශවලින් නොමඟ යමින් මිනිසුන් සිටින්නේ හොරු රජෙකුට සදාකාලිකව ගරු කළ යුතු සේය. යුද්ධය වෙනත් කිසිම ජාතියකට එරෙහිව නොව, ආයුධ අතට ගත් ශ්‍රී ලංකා කැරලිකාර කණ්ඩායමකට එරෙහිවය. ත්‍රිවිධ හමුදාව විසින් එය කැප කළ අතර සාමූහිකත්වය ත්‍රස්තවාදය තුරන් කිරීමට සමත් විය. වෙනත් ඕනෑම රැකියාවක දී මෙන්, මහින්ද මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපති විය, කෙසේ වෙතත්, යුද්ධය ආරම්භ වූයේ ඔහුගේ ඡන්දයෙන් නොවේ, එය වසර 30 ක් පුරා පැවති දිගු යුද්ධයකි, එක් එක් රජය තුළ ද යම් යම් ජයග්‍රහණ හිමි විය. iT මලල ක්‍රීඩා ඉසව්වක සහය දිවීමේ තරඟයකට සමාන විය.

  • 2
    0

    ගෘහස්ථ බහාලුම් පිපිරීමට මූලික හේතුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගෑස් සම්බන්ධ කිරීමේ පයිප්පවල දුර්වලතාවය නම්, ඕනෑම රජයක් කළ යුතු දේ
    . සැබෑ හේතු මොනවාදැයි පරීක්‍ෂා කර ජාතියෙන් කනස්සල්ල දුරු කරන ලෙස ඔවුන්ට හැකි ඉක්මනින් තාක්‍ෂණික ආයතනවලින් ඉල්ලා සිටිය හැකිය. මෙය පැය 48 ත් 72 ත් අතර කාලයක් තුළ ප්‍රශ්නය මතු වූවාට වඩා භයානක බැවින් මෙය කළ යුතුය. ශ්‍රීලංකාව කොංගෝ ජනරජයක් නොවන අතර පැය ගණනකින් එම කාර්යය කිරීමට අවශ්‍ය ශිල්පීය ක්‍රම ඔවුන් සතුව ඇත. කෙසේ වෙතත්, එම නියෝගය පනවන්නේ ජනතාවගේ අනවශ්‍ය කරදර ගැන හදවතක් නැති රාජ්‍ය නායකයා නොවේ. පිපිරුම් අනතුරු වලදී පිපිරුම් හානිවලට හසු වේ යැයි බියෙන් මිනිසුන් මිය යා හැකිය.
    .
    ඔවුන් පුරසාරම් දොඩමින්, විස්මයන්, පැහැදිලි වෙනස්කම් කිරීමට පැමිණියද, විස්මයට පත් කිරීම ඉතා කණගාටුදායකය, නිවැරදි කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමට කුඩා ප්‍රශ්න පවා එකතැන පල්වීම විශාල ඛේදවාචකයකි.

    අද ජනතාව ළිපෙන් ගින්නට වැටිලා, පාරට බැහැලා තමන්ගේ ආරක්ෂාව ඉල්ලන්න කාලය ඇවිත්. මෙය සමහර විට නායකත්වයට හදිසි ඇමතුම් විය හැකිය. රාජ්‍ය නායකයා මිනිසුන්ගේ භයානක ප්‍රශ්න ගැන සම්පූර්ණයෙන්ම බිහිරි බව සහ අන්ධභාවයට හසු වී ඇත. සංවේදී බව නායකයෙකුගේ පළමු ලක්ෂණය විය යුතුය, නමුත් එය ඔහුගේ පුද්ගලයා තුළ නොවේ.
    අද සියලුම අදක්ෂයන් ඔප්පු කරන්නේ ඔවුන් විසින් තෝරා පත් කර ගත් එම ජාතියටම ඔවුන් ලබා දෙන ස්ථානය බවයි.🐕🐕🐕🐕🐕🐕

  • 2
    0

    පාකිස්ථානයේදී ශ්‍රී ලංකා කළමනාකරුවෙකු ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම පිළිබඳ පින්තූරවලින් අපි කෝපයට පත් වෙමු, ඔහු වසර ගණනාවක් පාකිස්ථානයේ සේවය කළ අහිංසක කළමනාකරුවෙකි.
    නමුත් රාජපක්ෂලා මේ ක්‍රමයටම ඝාතනය කළා නම් අපි බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නැහැ. විවෘත උත්සවයකදී ඔවුන්ගේ හිස ගසා දමන ලෙස ජනතාව ඉල්ලා සිටිති. ශ්‍රී ලංකික ජනතාව කිරිබත් කන්නට පටන් ගන්නවාට සැක නැත. මට ඒක හොඳටම විශ්වාසයි. දුප්පතුන්ට තවදුරටත් ජීවත් වීමට නොහැකි වන පරිදි දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම නිසා ජනතාව උමතු ලෙස කෝපයට පත්ව සිටිති.

    • 1
      0

      Glad to see you commenting on this, dear LM.
      .
      I remain critical of you for following video after video from Youtube, whose suppression of the DISLIKE button I see as a huge problem stemming directly from a desire to control our thinking.
      .
      As individuals we cannot do much to resist, but this guy manages to retain his independence, I feel.
      .
      https://www.youtube.com/watch?v=r3he5HCvheM

      • 2
        0

        Thank you SM.
        .
        This video could help many. The tatooed guy is thousand times intelligent than our Nandaseeni who has now appointed ” most notorious” Ghanasara promoting spread of hate speeches again.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.