20 April, 2024

Blog

සංඝයාගේ සදාචාරාත්මක පිරිහීම හා නව මාධ්‍ය​

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය​

නම ලිව්වම​ ෆේස්බුක් එකේ බ්ලොක් වෙන* සම්මා තගා නොහොත් බොදු බල සේනා නායක ගලගොඩ අත්තේ ඥානසාර තවත් භික්‍ෂූන් දෙදෙනෙකුට පට්ට කුණු හරපෙන් තග දැමීම​ නිසා ලංකාවේ සංඝයාගේ සදාචාරාත්මක පිරිහීම ගැන සාකච්ඡාවක් නැවත මතුවෙල තියෙනව​. හරිම සතුටුයි. මොකද මීට අවුරුදු 25කට ඉස්සෙල්ල රාවය වගේ පත්තරේක උනත් මේව කතා කරන්න ඉඩක් ගන්න හරිම අමාරු උනා. රාවය එන්න ගොඩක් ඉස්සර කාලෙ තිබ්බ කොමියුනිස්ට් පක්‍ෂයේ ඇත්ත පත්තරේ නම් ගියා යම් යම් දේ, ඒත් ඒක කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධයක් තිබ්බනෙ. ඒ සාම්ප්‍රදායික මාධ්‍යයට ආධිපත්‍ය හිමිව තිබ්බ කාලෙ. අද එහෙම නෙමෙයි. අද ෆෝන් එකක්, ඉන්ටර්නෙට් කනෙක්‍ෂන් එකක් තියෙන ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් කියන්න පුලුවන්. සංඝයාගෙ මේ සදාචාරාත්මක පිරිහීම ගැන මාධ්‍යවේදීන් නොවන පුරවැසියන් ලියන්න ගත්තෙ 2000 මැද බාගයේ බ්ලොග්ස් ආවට පස්සෙ. මම පලවෙනිට අනුවේ මැද ලිපියක් ලියල වික්ටර් අයිවන්ට පෙන්නුවම, එයා කිව්ව ඕක නම් රාවයෙ දාන්න බැහැ කියල​. ඒ කරුණු ටිකම මම වෙන ෆෝමැට් එකකින් ලියල රාවයේ නියෝජ්‍ය කර්තෘ උපාලි කොළඹගේට දුන්න​. උපාලි අයිය තමා ඒක රාවයේ දැම්මෙ. අයිවන් කොච්චර රැඩිකල් උනත් බුද්ධාගම හා සම්බන්ධ සදාචාර ප්‍රශ්ණ ගැන ප්‍රශ්ණ කතා කරන්න බයක් තිබ්බ​. මං හිතන්නෙ ඒකට හේතුව එයා “උපන්නෙ ක්‍රිස්තියානිකාරයෙක්” විදියට වීම. (එයා ආගම් අදහන්නෙ නැත​. නමුත් මඩ ගහනවනෙ බුද්ධගමට විරුද්ධ කෙනෙක් කියල​)

මං හැමදාම දරපු මතය තමා සංඝයාට සමාජයේ ඔය කියන ආකාරයේ බලයක් නැහැ කියන එක​. ගංවල මිනිස්සු දන්නව තමන්ගෙ පන්සලේ සාදුලගෙ ඇත්ත ස්වරූපය​. ඔය සද්ධාමංගල සූරියබණ්ඩාරගෙ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ඉන්න​ සාදුල දෙන්න වගේ අය ඇති කීප දෙනෙක්, ඒත් බහුරතරය මහ නරුමයො. මිනිස්සු ඉවසගෙන ඉන්නෙ පාංශකූලෙට ගෙන්න ගන්න ඕන නිසා. ඔය සුරේන් රාඝවන් එයාගෙ පොතේ තර්ක කරන්නෙ සංඝයා මහා බලවේගයක්, සංඝයාගෙ අනුග්‍රහය නැතිව ලංකාවෙ ප්‍රතිසංස්කරණ ඇති කරන්න බැහැ කියල. ඒක මම පිළිගන්නෙ නැහැ, අපි දෙන්න කතාකරත්දිත් මම ඒක පෙන්නල දීල තියෙනව අනන්තවත්. එයාටත් තියෙන්නෙ අයිවන්ගෙ ප්‍රශ්ණෙමයි. දෙමළ වාසගමක් තියෙනවනෙ. ඉතිං බයයි. බටර් ගානව​. ඊයෙ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සුරේන්ගෙ පොතත් සංඝයා ගැන​ පොත් හතරෙ ලිස්ට් එකට දාල තිබ්බ​.

ඔය ඉන්නෙ මාධ්‍යයෙන් කලින් කලට දේශපාලන වුවමනාවට පුම්බපු සංඝයාල​. කොටින්ම බණ්ඩාරනායකගෙ පංච මහා බලවේගයෙ උනත් සංඝායා කියන්නෙ එකක් විතරයි. තව බලගතු හතරක් එතනත් තිබ්බ​, වෙද​, ගුරු, ගොවි, කම්කරු කියල​. ඔය අම්මල සිවුරට ගරුකරන්න කියල කිව්වට එහෙම එකක්වත් දැන් නැහැ කියන එක සමාජ මාධ්‍ය පරිහරනය කරනකොට පේනව​. මේක බුද්ධ පුත්‍රයින්ට විතරක් නෙමෙයි, අනිත් ආගමික පූජකවරුන් සම්බන්ධයෙන් උනත් එහෙමයි. මම මේ ආගම ගැන හෝ ඒ ශාස්තෘවරුන් කිව්ව කියල කියන​ දේ ගැන නෙමෙයි කියන්නෙ. ඒත් ඒව උනත් කඩා වැටිල​. තරුණ පරපුර අතර ආගම් ඇදහීම සීග්‍රයෙන් නැතිව යනව කියන එක​ බටහිර රටවල් ආශ්‍රයෙන් කරන පර්යේෂණ වලින් පෙන්නුම් කරනව​.

නැවතත් කාරණයට ගියොත් අර ගම්වල ඉන්න සාදුල මොනව කරත් ඒක මිනිස්සු ඉවසගෙන ඉන්නව​. නමුත් මේ දේශපාලන භික්‍ෂූන් කියන අය නිසා තමා පූජ්‍ය පක්‍ෂයේ මොරල් පිරිහීම වැඩියෙන්ම පේන්නෙ. දැන් සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට පේනව ඒ අයව සත පහකට ගනන් ගන්නෙ නැති පිරිස එන්න එන්නම වැඩි වෙනව කියල​. ඇත්ත වශයෙන්ම නම් ඔය සාසනය පවත්වගෙන යන්න ඕනෙ නම් බෞද්ධයින් අතරින්ම විශාල ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් මතුවෙන්න ඕනෙ.

ඊයෙ නිර්මාල් දාල තිබ්බ මහාචාර්ය එච් එල් සෙනවිරත්නගේ පොතත් සංඝායා ගැන පොත් හතර ඇතුලෙ. එච් එල් ඇත්තටම අවුරුදු 20කට වඩා කරපු පර්යේෂණ වල ප්‍රතිඵලයක් තමා The Work of Kings: The New Buddhism in Sri Lanka කියන පොත​. ඒ පොතේ පෙන්නන එක කරුණක් තමා සංඝයාගෙ සදාචාරාත්මක පිරිහීම​. එයා පෙන්නව ඉතාම සුලු පිරිසයි ඒ ගැන මාධ්‍යයේ කතාකරන්නෙ කියල​. ඒ අතරින් එයා මට තමා ප්‍රධාන තැන දීල තිබ්බෙ. එයා මෙහෙම කියනව​:

මම ඒකෙ කොටසක් දන්නම්: “Among the journalist intellectuals the most perspective and courages commentator on the Sangha’s moral crisis is Uvindu Kurukulasuriya, a young Ravaya journalist. …. Kurukulasuriya exposes the class foundation of Sinhala Buddhism and takes on the Goliath of Sinhala Buddhist fundamentalist establishment…” (page 310)

“Basic to Kurukulasuriya’s argument is the distinction he makes between Buddhism as a universalist ethical system and what he terms “Sinhala-Buddhsim.” This sounds quite familiar, but there are some subtle but significant differences. As a religion Kurukulasuriya’s “Buddhism” is without ritual, magic, tradition, culture, processions, ceremonies, faith, devotion, concepts, theories, and even “Buddhism” as a self-consciously grasped thought system. It is merely an ethical and compassionate existence. This is however, is not passive or negative. It refers to inner ethical development of the individual and positive ethical action guided by a universalist social concern that rejects all parochial categories like caste, creed, ethnicity, cultural or linguistic identity, and locality.” (page 311)…..

මගේ අදහස් ගැන සාකච්ඡාව එයා පිටු හයක විතර කරනව​. ඒ පොතේ තර්ක කරන්නෙ වෙන දෙයක් ගැන උනත් පෙන්නන එක කරුණක් තමා සංඝායාගේ සදාචාරාත්මක පිරිහිම. ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රාලීය බුද්ධිමතින් අතර සාකච්ඡාවක් තිබ්බත්, මහජනයා අතරට ඒ පොත තාම ගිහින් නැහැ.

මහාචාර්ය චරිත හේරත් එක්ක​ මහාචාර්ය නලීන් ද සිල්ව උනත් මාව හඳුන්වල තියෙන්නෙ​, වික්ටර් අයිවන් හොදම එකාව තමා තෝරගෙන තියෙන්නෙ බුද්ධාගමට පහරදෙන්න කියල​. මම ඉස්සෙල්ල කිව්ව වගේ මේ වැඩේට අයිවන්ගෙ කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැහැ, කොළඹගේ තමා ඒ ලිපි පාස් කරේ. අයිවන් පත්තරේ අච්චු ගහල එනකන් පත්තරේ යන ඒව නොදන්න වගකීම් විරහිත කතුවරයෙක් නිසා ඒව දැක්කෙ පත්තරේ එලියට ආවම​. නමුත් ප්‍රතිචාර හොඳ උනාම ශේප් උනා. අනික නලීන් කීව වගේ මම බුද්ධාගමට පහර ගැහැව්වෙ නැහැ, මම කතාකරේ ලංකාවෙ තියෙන ලිබරල් බුදුදහම​, සුලු පිරිසක් විසින් ජාතියත් කලවම් කරගෙන මූලධර්මවාදී ආගමක් බවට පත්කිරීමට යන එක ගැනයි, සංඝායාගේ සදාචාරාත්මක පිරිහීම ගැනයි. මම කතා කරන්නෙ සාසනේ මේ අචාරධර්මීය කඩා වැටීමට එරෙහිව අභ්‍යන්තරයෙන්ම, ඒ කියන්න සංඝ සමාජය තුලින්ම ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයක් ඇති නොවන්නේ ඇයිද කියන ප්‍රශ්ණෙ. දැන් හිතෙනව ඒ ලිපි ඔක්කොම එකතු කරල පොතක් ගහන්න කියල කාට හරි බාරදෙන්න​.

නම කිව්වම බ්ලොක් වෙන සම්මා තගාගෙ ධර්ම දේශනා ඒ කඩාවැටීමෙ කැඩපතක් පමණයි. ඇත්ත වශයෙන්ම නම් බුදු සසුනට විනකරන්නෙ මේ වගේ දුස්සීල ‘බුද්ධ පුත්‍ර​​ලා” මයි.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ලස්සනට ලියන​, ඉතාම නිර්මාණශීලිව වචන දෙක තුනකින් උනත් සංඝායාගෙ සදාචාරාත්මක පිරිහීම පෙන්නන දසදහස් ගනන් ඉන්නව​. එලිපිටම බය නැතිව ඒක කියනව​. මම ඉස්සර තර්කකරෙත්, හැමෝම ඒ කාලෙත් එහෙම කියනව​, හිතනව කියල​. ඒත් ඒ අයට මාධ්‍යක් තිබ්බෙ නැහැ. සමාජ මාධ්‍ය ඇවිත් හැමෝටම අදහස් දක්වන්න හැකිවීමෙන් තමා දැන් ඒක සමාජයටම පේන්න ගන්නෙ.

ඊයෙ උදාහරණයක් තියෙනව​. බුදු උනා කියන සමන්ත බද්‍ර එක්ක ඥානසාරල ඉන්න පින්තූරෙ පාන්දරම (එතකොට දාල විනාඩි හතයි) දැක්ක ගමන් මම ඒක ක්‍රොප් කරල පොඩි සටහනක් දැම්ම​. ආරියවංශ අබේසේකර කොමෙන්ට් එකක් දැම්ම මගේ පොස්ට් එක යටින් “අර පිටිපස්සෙන් පෙනෙන වෙස්මූණුත් එක්ක මුන්නැහේලාගෙ සම්බන්ධයක් තියනව ද?” කියල​. ඒ පැත්ත හැරිල මේ පැත්ත බලනකොට මම ක්‍රොප්කරපු ෆොටෝ එක අරන්, ආරියවංශගෙ වෙස් මූණු අදහසත් අරන් මාර ක්‍රියේටිව් ඒව දහස් ගණන් ලියල ගොඩක් අය​. සමහරු සදහම් ආරාමෙ පිටුවට ගිහින් ඔර්ජිනල් එකම අරං තව තව අලුත් ඒවත් ලියල​, ඒ වගේම වැඩියෙන්ම මම දැක්කෙ ආරියවංශ මගේ පෝස්ට් එකට දාපු වෙස්මූණු අදහස තමයි වෙනස් වෙනස් විදියට ලියල තිබ්බෙ. ඒකෙන් පේන්නෙ මුන් හොරු කියන එක සමාජ ගතවෙලා තියෙනව කියන එකනෙ.

මහනායකලට ඒ ගැන නැවත හිතන්න වෙයි. ඔය නම කිව්වම බ්ලොක් වෙන සංඝායාල වගේ අය තවදුරටත් සාසනේ තියන් ඉන්නවද කියන එක ගැන​.

*ඥානසාර කියල ලිව්ව ගමන් බ්ලොක් කරන්නෙ ෆේස්බුක් එක එයාව ත්‍රස්තවාදී සංවිධානයක කෙනෙක් කියල පිලිගන්න නිසා.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    1

    Dear Uvindu,
    .
    I have never met you, never spoken to you.
    .
    However, it is wonderful to see this article by you.

    .
    May you write many more inspiring articles!

    • 5
      1

      Dear Uvindu,

      thanks for the article.


      අපගේ සොහොයුරා වන ප්‍රියන්ත කුමාර (අවුරුදු 48) ම්ලේච්ඡ ලින්ච් විසින් අප සැවොම කම්පනයට පත් වූ අතර අපට ඉතිරිව ඇත්තේ ඔහුගේ ආත්මය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම පමණි. මම දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ, නමුත් ඕනෑම මිනිසෙකු පිටුපස ඇති අදෘශ්‍යමාන සුපිරි ස්වභාවික බලයක් මම විශ්වාස කරමි. ම්ලේච්ඡ දේව අපහාස ක්‍රියාවන් පිළිබඳ විවිධ ප්‍රබන්ධ සංසරණයේ පවතී, නමුත් අද්භූත ප්‍රසිද්ධ ඝාතනය පිටුපස ඇති සත්‍යය තවමත් පැහැදිලි නැත.
      මූලධර්මවාදීන් හෝ සම්පූර්ණ නූගතුන් බහුතරයක් සිටින තැන, අන්ධ විශ්වාසයන්ට අයත් ඕනෑම දෙයක් ලැව් ගින්නක් මෙන් පැතිර යන බව පැහැදිලිය. අපගේ මාතෘකාව “ප්‍රධාන වශයෙන් බෞද්ධයන්” වුවද අපි ම්ලේච්ඡ බැනර් නොමැති පිරිසිදු ජාතියක් නොවේ. 1983, 1989, 2019 (පාස්කු ඉරිදා මැලේච්ච බෝම්බ ප්‍රහාරයෙන් පසු) අපේ සිංහල මැර කල්ලි ක්‍රියා කළ ආකාරය ආපසු හැරී බලන විට අපේ මතක සටහන්වලින් කිසිදා මකා දැමිය නොහැක. උතුරෙන් සහ දකුණෙන් බලමුලු ගැන්වූ කැරලිකරුවන් ඉහළ අපරාධවලට හිමිකම් කීවේ ඔවුන්ගේ හේතු හොඳින් විසඳා නොතිබූ බැවිනි. අදත් නැහැ අවුරුදු 30ක කුරිරු යුද්ධයක් ඇවිල්ලා අපේ රටේ බහුතරයක් සුළු ජාතික චින්තනයන්ට ගරු කරන්නේ නැහැ. පිරිමින්ට වඩා කාන්තාවන් සුළු ජාතීන්ට එරෙහි වෙති. විසකුරු උරගයන් වැනි කෑදර දේශපාලකයින් තම සාක්කු පුරවා ගැනීම සඳහා ඉතා අපවාදාත්මක දේශපාලනයක් සඳහා මෙම තත්වය භාවිතා කරති. අපට වෙනත් හොඳ උදාහරණ අවශ්‍ය නැත, නමුත් රාජපක්ෂ විසින්ම එය නැවත ඔප්පු කිරීමට පටන් ගෙන ඇත.
      contd

      • 6
        1

        continuing.
        .
        දිගු කලක් පැවති කුරිරු යුද්ධයෙන් පසු අපි යහපත් අනාගතයක් ගැන සිහින මැව්වෙමු. නමුත් අදටත් රටපුරා පවතින තත්ත්වය, අළු යට ගින්දර වැසී ගිය ආකාරයේ සාමයක් සියලු ශ්‍රී ලාංකිකයන් අතර ස්ථීර නොවේ.
        අපගේ ලැජ්ජාවට කරුණ නම්, අප රටේ පශ්චාත් යුධ කථාංගය අදත් අත්විඳිමු. ජර්මනියේ පශ්චාත් යුධ හෝ වෙනත් ඕනෑම සංවර්ධිත රටක්, යුද්ධ තවදුරටත් නොමැති වූ වහාම වඩා හොඳ පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථක විය. කෙසේ වෙතත්, මුස්ලිම් ආධිපත්‍යය ඇති පකිස්ථානය සහ සිංහල-බෞද්ධ ආධිපත්‍යය දරන ශ්‍රී ලංකාව අතර ඇති විශාල වෙනස එතරම් වෙනස් ලෙස හැසිරෙන්නේ නැත. කෙසේ වෙතත්, අපගේ දේශපාලඥයින් විසින් පනවා ඇති නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්ත වන්නට පුරවැසියන්ගෙන් 95% කට වඩා සාක්ෂරතාවය ලබා ගැනීමට ඉඩ ලබා දුන් අතර පාකිස්තානයේ අනුපාතය 60% කි. මොරොක්කෝවේ සහ සුඩානයේ ආධිපත්‍යය දරන මුස්ලිම්වරුන් ඔවුන්ගේ අනුපාත පිළිවෙලින් 70% සහ 60% කි. ජනගහනය අනුව පකිස්ථානය (මිලියන 220) ශ්‍රී ලංකාව (මිලියන 22) ට වඩා 10 ගුණයකින් විශාලය.
        ප්රශ්නය මුලින්ම පැමිණියේ කුමක්ද? බිත්තර හෝ කිකිළිය. “ආගමික මිථ්‍යාවන්ට” ඉහලින් “නීතිය හා සාමයට” තැන ​​දී චීනයට එය පාලනය කර ගත හැකි නම්, අඩු ජනගහනයක් සිටින ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය දරන ශ්‍රී ලංකාව තුළ අපට එයට යා නොහැක්කේ ඇයි?
        අප දන්නා පරිදි නීතිය හා සාමය දැඩි ලෙස ක්‍රියාත්මක නොකරන ඕනෑම ජාතියක ආගම් කොඳු ඇට පෙළ බවට පත් විය. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ග්‍රීසිය හෝ යුරෝපයේ වෙනත් බොහෝ රටවල් පසුගිය සියවස් වලදී ඔවුන්ගේ ආගමික සිතුවිලිවලින් අන්ධ විය. ඒ යුරෝපයේ මධ්‍යතන යුගයයි. එහෙත් අද වන විට ලොව පුරා සිටින වෙනත් ඕනෑම ජනකායකට වඩා දකුණු ආසියාතිකයන් මධ්‍යකාලීන යුරෝපීයයන්ට වඩා වෙනස් නොවේ.

    • 5
      0

      Dear Uvindu,
      .
      we should contribute more than we have done sofar if at all, we are to make palpable changes in our society.
      .
      https://www.youtube.com/watch?v=BLeLVVlNIWc
      .
      We are glad to have your WEBSITE for our exchanges, but this alone would not help, with much less commenters and readers to CT on long run. More of SINHALA articles could help a lot.

    • 4
      1

      ලිංගික අධ්‍යාපනය පමණක් නොව, අපේ පාසල්වල සිට විශ්වවිද්‍යාල දක්වා වූ ඕනෑම අධ්‍යාපනයක් ලෝක ප්‍රමිතියෙන් අඩුයි, ආපසු හැරී බලන විට මට හැඟෙන්නේ මට ඉගැන්වූ ගුරුවරුන් ඔවුන්ගේ විෂයයන් සඳහා සුදුසුකම් නොලබන බවයි.

      මම හිතන්නේ මේ සමාජය බේරා ගැනීමට යොවුන් වියේ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු කාලය එළැඹ ඇති බව ය.

      මට කිසිම සැකයක් නැහැ, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තම පන්සල්වලදී තම ළමා හාමුදුරුවන්ට අතවර කරනවා. ළමා ආරක්ෂක බලධාරීන් ඔවුන්ගේ දිගු ශිශිර නින්දෙන් අවදි විය යුතුය.
      මෑතකදී, ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දෙන ලෙස මගෙන් බැගෑපත් වූහ. මෙවැනි නවීන උපකරණ ඉල්ලන්නේ කුමන අරමුණක් සඳහාදැයි ඇසූ ඔවුන් කිසිවක් එළියට නොඑන නිසා ඔවුන්ගේ කන් සීරීමට පටන් ගත්හ.
      රටේ පවතින වත්මන් අධ්‍යාපන ක්‍රමය එක් එක් කුකුළා තනි තනි කූඩු පද්ධතියක තබා තොග කුකුළු ගොවිතැනට සමානය. පාසල් අධ්‍යාපනය සඳහා සකස් කර ඇති ඔවුන්ගේ විෂයයන්ගෙන් බැහැරව අධ්‍යයනය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා නොදේ.
      ඔවුන්ගේ වැඩිදුර පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යුරෝපයට පැමිණි ශ්‍රී ලංකාවේ දේශන සහායකයින් දුසිමක් මට අහම්බෙන් මුණ ගැසුණි. මම ලංකාවේ උපාධි ලබා නොගත් නිසා ඔවුන්ගේ සියලු අඩුපාඩු දැකීමට මට බල කෙරුනි.
      ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ද්වේශය / ශාපය / අශිෂ්ටත්වයෙන් පිරී ඇත, නමුත් ඔවුන් සෑම කෙනෙකුම දේශීය විශ්ව විද්‍යාලයකින් පිරිනමන BSC හෝ BA උපාධියක් පැළඳ සිටියහ. ඒ වගේම කලින් චෙකොස්ලාවියාවේ ඉඳලා ජර්මනියට ආපු ඉතියෝපියානු ශිෂ්‍යාවකගෙන් මට ආරංචි වුණා ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4-5ක් ඉන්න ගැහැනු ළමයෙක් ඒ අය එක්ක හිටියා, ඒත් ඒ කෙල්ල කොල්ලෝ කරපු දූෂණයකට ගොදුරු වුණා කියලා. මේක ඇත්ත කතාවක්. පාසල් අධ්‍යාපනයෙන් පසු ඇතැම් ශ්‍රී ලාංකිකයන් තම ලිංගික මනඃකල්පිතයන් අපයෝජනය කළ බව පැවසෙන්නේ එලෙසය. මේ සියල්ලටම වඩා, විශේෂයෙන්ම විදේශගතව සිටින විට තම රටේ පිරිමින්ට සහ ගැහැනුන්ට සමානව සැලකීමට මෙම මලච්චා පවුල්වල අමන පුතුන්ට ඉගැන්විය යුතුව තිබුණි.

      tbc

      • 4
        1

        continuing.
        .
        සෑම තරාතිරමකම අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කාලීන අවශ්‍යතාවයකි. මම හිතන්නේ ද්විතියික පාසල් විෂය නිර්දේශවලට සාමය සහ සහජීවනය සහ ලිංගික අධ්‍යාපනය හඳුන්වා දිය යුතුයි.
        :
        මෑත වසරවල HIV ආසාදනය වූ ළමා හා වැඩිවියට පත් භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව පිළිබඳව මම වැඩි උනන්දුවක් දක්වමි. නොයෙකුත් ආකාරයේ භික්ෂූන් වහන්සේලාගෙන් ආක්‍රමණශීලී භික්ෂූන් වහන්සේලා – අන් අයගෙන් නොව – ගාල්ලේ උපන් “ඝානසාර” බොහෝ කලක සිට ඕනෑම ආකාරයක ලිංගාශ්‍රිත රෝග වලට හසු වී ඇත. ඔහුගේ ප්‍රසිද්ධියේ නිරන්තරයෙන් පහත වැටෙන ඔහුගේ ආක්‍රමණශීලීත්වය සහ වෛරය ඔහුගේ සැඟවුණු / කුහක ජීවිතය පිළිබඳ බොහෝ දේ හෙළි කරයි. මීට දින කීපයකට පෙර ඔහු ඉතා සිල්වත් භික්ෂුවකට වාචිකව පහර දුන් අයුරු හඬ පටයකින් සයිබර් මාධ්‍යයේ ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඔහු එවූ පණිවිඩය වූයේ “වෛරය පමණි” යන්නයි. ඔහුට, ඔහු හෝ ඇය ඔහුට එකඟ නොවන ඕනෑම කෙනෙක් “තම්බියා” මේ රටට සාපයට පත් වූ නූගත් අවජාතක පන්නයේ ජනාධිපතිවරයෙකුට සමීපව සිටීමෙන් පෙන්නුම් කරන්නේ හුදු පටු ආකල්පයකි.

    • 4
      0

      Sorry not NOT SINCE Nov 2021 but since 2019 since CRIMINALS are back to power.

    • 2
      0

      May Ghaanasara the fake monk be curse for all the deliberate sinns his public reactions make in the guise of sinhala buddhism. The kind of high criminals, when laity or monks promote racism, extremism, fundementalism and all other culprit agendas, they should be aware of the consequences. And the little ones in this country would not respect sanga community if Ghanasaara or the like men in disguise would continue behaving that uncivilized. That would not be exemplary at all.
      The president of this country is misleading the nation, by having appointed ” an aggressive monk of Ghaanasara nature” . Entire world is watching at us. We will loose almost everything in the near future. All these would converge to corner us srilankens on the international podium. World would not respect Myanmar for their racial buddhism practices. We did not have such records set for our country, but Ghanasara or the like in disguise would be instrumental to DESTROY our buddhism in our beautiful island. May all wise monks be active at least today……

      • 2
        0

        ඝානසාර ව්‍යාජ භික්ෂුව සිංහල බෞද්ධ වේශයෙන් ප්‍රසිද්ධියේ කරන ප්‍රතික්‍රියා සියල්ල හිතාමතා කරන පව් වලට සාප වේවා. මහා අපරාධකාරයන්, ගිහියන් හෝ භික්ෂූන් වහන්සේලා ජාතිවාදය, අන්තවාදය, මූලධර්මවාදය සහ අනෙකුත් සියලුම වැරදිකරුවන්ගේ න්‍යාය පත්‍ර ප්‍රවර්ධනය කරන විට, එහි ප්‍රතිවිපාක ගැන ඔවුන් දැන සිටිය යුතුය. ඒ වගේම ඝණසාර හෝ ඒ වගේ වෙස් වළාගෙන ඉන්න අය මේ විදියට අශීලාචාර විදියට හැසිරෙනවා නම් මේ රටේ පොඩි එවුන් සංඝ සමාජයට ගරු කරන්නේ නැහැ. එය කිසිසේත්ම ආදර්ශවත් නොවනු ඇත.
        මේ රටේ ජනාධිපතිවරයා “ඝානසාර ගති ඇති ආක්‍රමණශීලී භික්ෂුවක්” පත් කර ජාතිය නොමඟ යවමින් සිටී. මුළු ලෝකයම අපි දිහා බලාගෙන ඉන්නවා. නුදුරු අනාගතයේදී අපට සෑම දෙයක්ම පාහේ අහිමි වනු ඇත. මේ සියල්ල එක්වන්නේ ශ්‍රී ලාංකිකයන් වන අපව ජාත්‍යන්තර වේදිකාවේ කොන් කිරීමටය. ඔවුන්ගේ වාර්ගික බුද්ධාගම පිළිවෙත් සඳහා ලෝකය මියන්මාරයට ගරු නොකරනු ඇත. අපේ රට වෙනුවෙන් එවැනි වාර්තා තබා නොතිබුණත්, ඝණසාර හෝ වැන්නවුන් වෙස් වළාගෙන සිටින අපේ සුන්දර දිවයිනේ අපගේ බුදුදහම විනාශ කිරීමට උපකාරී වනු ඇත. අදවත් නුවණැති ස්වාමීන් වහන්සේලා ක්‍රියාශීලී වේවා……

    • 1
      0

      What happened to Ghanasara ?

      https://www.youtube.com/watch?v=4VJG6dUedLU

      Not even Mahinda WOULD use the same langauge.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.