25 April, 2024

Blog

ඒකාබද්ධ රාජපක්ෂය සහ ප‍්‍ර‍්‍රාදේශීය කබා හවුල

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පසුගිය සෙනසුරාදා රාජපක්‍ෂවාදි ප‍්‍රාදේශීය කබා කාරයන් පාර්ලිමේන්තු හන්දිය අවහිර කළහ. ඒකාබද්ධ රාජපක්‍ෂය ඊට ලාම්පු ඇල්ලීමට ගොස් රෙදි තෙමා ගත් හැටි රටම බලා සිටියහ. ඔවුන් ඩියුටිය අවසන් කර පාර්ලිමේන්තු යනවිට සිටියේ දියවන්නාවේ ඔබා ගොඩගත් දිය කාවුන් මෙන් දියබත්වී වෙලාය. ඒකාබද්ධ රාජ පක්‍ෂයේ ගෝෂාවට ආණ්ඩුව වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ හුදෙකලාව එහෙත් සාර්ථකව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළේය. වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩුව වෙනුවෙන් කිසිදු පසුපෙළ මන්තී‍්‍ර වරයෙකු කතා කරන්නේ නැත. මුහුණ බලා තනතුරු දීම සහ මිත‍්‍ර සමාගම් කරන සවුත්තු වැඩ නිසා, එජාප මන්තී‍්‍රන් සිටින්නේ දැඩි කළකිරිමෙනි. ‘‘උඹලාම කොර ගනිල්ලා” යන ස්ථාවරයෙන් එජාප කණ්ඩායම හැසිරෙනු පෙනේ. ආණ්ඩුව වෙනුවෙන් අගමැති වරයා මාධ්‍යට බැන වදිමින් කරන තනි සටන නිසා ඔහු විහිලු කාරයෙකුව සිටියි.

පාර්ලිමේන්තු පාර අවහිර කළේ කවුදැයි අගමැති වික‍්‍රමසිංහ ඒකාබද්ධ රාජපක්‍ෂයට මතක් කළේය. ඒ අවස්ථාවේ දිනේෂ්ලා බන්දුලලා දෙකට නැමී තම තුනටි දෙස බැලූවේ ඇඳගෙන ආ රෙදි ගැලවුනා වාගේ ලජ්ජාවෙනි. කොහොමටත් ප‍්‍රහාරාත්මක රනිල් මෙහිදී සිය වගකීම ඉටු කළේය. එහෙත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායයෙහි අගමැති ධුරය වට කොට පැවතිය යුතු ආරක්ෂක වලල්ල මෙන්ම අගමැති ප‍්‍රභාවද රනිල් වික‍්‍රමසිංහ අහිමි කරගෙන හමාරය. ඩඞ්ලිලා, මැතිනියලා, ජේ.ආර්.ලා බලා සිටියා පමණකි. එජාපය තුළ ගාමිණි ලලිත්ලා කොන් කිරිම නිසා ජනාධිපති පේ‍්‍රමදාසටත් මේ ටික සිද්ධවිය. ජ්‍යෙෂ්ඨයන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව නො රකිති යයි ගාමිණිට ලලිත්ට දොස් කීය. ඔවුන් උත්තර බඳීන්ට ගියේ නැත. පේ‍්‍රමදාසව තනි වුණේ එහෙමය. මේ සිද්ධ වෙන්නේ කුමක්ද? ඉතිහාසගත එජාප ඛේදවාචකය නැවත එළි බැසිමය. විපක්‍ෂයට මුහුණ දෙන විධිමත් සැලැස්මක් මේ ආණ්ඩුවට නැත. ජනතාව ජනවාරියේ බලය දුන්නේ යහ පාලනය ඇති කිරිමටය. සටන ජයගත් පසුව, පිහිටවූ ආණ්ඩුව දෙපරාදුවකි. අගමැති වික‍්‍රමසිංහ රට පාලනය කිරීමට, ලංකාවේ සංස්කෘතිය නොදන්නා රටේ පුරවැසිකම හෝ නැති රාජකීය විද්‍යාලයේ සගයන් කැඳවා ඇත. ඒ කිසිවෙකුට ජනතාව අපේක්‍ෂා හෝ යහ පාලන අරමුණු ගැන හැඟීමක් නැත. අර නිළමේ රැුකීමට පොලිස්පතිට බලපෑම් කළේ විෂය භාර ඇමති වරයා බව අගමැති වික‍්‍රමසිංහ පිළිගැනීම ඔහුට පුද්ගලිකව හෝ සමස්ත ආණ්ඩුවට යහපත් නැත. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට කළ බලපෑමේ හානිය සමස්ත ආණ්ඩුවටමය. අදටත් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කරමින් එජාපය යහ පාලනයේ පරම හතුරා බවට පත්ව ඇත.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන ඉල්ලා අස්වී යහ පාලන දැක්මට දුන් වටිනාකම අති විශිෂ්ඨය. ඒ නම්බුව විජේදාස රාජපක්‍ෂ මුලූමනින්ම විනාස කර හමාරය. දඩ වැඩිකර අයවැය පරතරය පිරවීමට තැත් කිරිමෙන් මුදල් ඇමති රවි කරුණානායක ලෝකයේ සිනාවට ලක්ව ඇත. නීතිඥ රනිල් වික‍්‍රමසිංහ, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ දඩ මුදල් වැඩි කිරීම මුදල් ඇමතිට අයත් රාජකාරියක් නොවන බව කියා නොදීමෙන් ආණ්ඩුව සවුත්තු විය.

ඉරක් කපා වමෙන් ඉස්සර කර අසුවූ විට, බස් කාරයන් පොලිස් කොස්තාපල් ඉදිරියේ සුනඛ සෙයියාවෙන් බලූ වෙති. රවි කරුණානායකගේ දඩ යෝජනාව නිසා ආණ්ඩුව උස්සා පොළොවේ ගැසීමට බස් කාරයන් සමත් විය. හැම මාධ්‍යක්ම බස් කාරයන් ති‍්‍ර විලර් කාරයන් ශක්තිමත් කළහ. දිනකට රටේ පුරවැසියන් විසි තිස් ගණනක් මහ පාරේ මාර්ග නිති නොසලකීම නිසා මැරුම් කති. අබ්බාගත වෙති. ඒ යථාර්ථය සිහි ගන්වා රටේ බහුතර ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව අසමත් විය. ජනාධිපති වරයා මැදිහත්ව තත්වය පාලනය කළේය. ඒ සාකච්ඡුාව අතර, දඩ මුදල් අකුලා ගන්නා බවට ජනාධිපති පොරොන්දු වී නැත.

බස් කාරයන් ජනාධිපති වරයා විශ්වාස කරන බව කී නිසා කිපුණ සමහරු සැලසුම් සහගතව, ජනාධිපතිට උසුලු විසුලු කරවති. ආණ්ඩුව දඩ ක‍්‍රමය හකුලා ගත් බව සමහර මාධ්‍ය කරන ප‍්‍රචාරය නිවැරදි කිරිමටවත් රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයා කළේ නැත. රවි කරුණානායකගේ කැමැත්ත නැතිව මහ බැංකු අධීපති පත් කිරිමට ජනාධීපතිට බලයක් නැති බව සහ කැම්බල් පිටිය අගමැති මහින්දට වෙන් කළ බවට නිල ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කොට අනා ගත්තේය. ඒ රාජ්‍ය මාධ්‍ය ඔස්තාර්ලා මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී නිදි වදිති.

දෙවන ලෝක යුද්ධ සමයේ ජාතිය බඩගින්නෙන් මුදා ගැනීමට කැපවූ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද තෙන්නකෝන්ගේ සමාජ සමයන් වැනි ය. ජනාධිපති මාධ්‍ය ඒකකය බොස්ගේ කතා මාධ්‍යයට නිකුත් කිරිමෙන් ලකුණු දමා ගැනීමට සීමාවී ඇත. රනිල් වික‍්‍රමසිංහගේ අගමැති මාධ්‍ය ඒකකය තොටළඟ ටේස් ලෑල්ලක් වාගේය. කාබයිට් ලාම්පු එළියෙන් පාර දෙස බලා සිටි. එහි ප‍්‍රධානියා රැුඟුම් පාලක මණ්ඩලයද ස්වාධීන රූපවාහිනියද භාරව කාර්ය බහුලව සිටි. ගයන්ත කරුණාතිලකත් ඔහුට ඉහළින් නොයතී කියති. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආණ්ඩුවේ අලුත්ම මාධ්‍ය කෝලම වේ. මේ මොනවා තිබුණද, යහ පාලන ආණ්ඩුවේ මාධ්‍ය භාවිතාවට අවශ්‍ය මග පෙන්වීමක් හඳුනා ගෙන නැත. ගමරාළගේ බෙහෙත් කොටන තුවක්කුව මෙන් හිට පත්තු වෙනවා පමණකි. ඉලක්කය ඇල්ලිය නොහැකිය.

යහ පාලන ආණ්ඩුවේ පොඩි මිස් එකටත් රාජපක්‍ෂ ජෝකර්ලා වෙනස සනිපද දැන් සනීපද ආදි ලෙස අසන සිරිතක් ඇත. ඊයේ පෙරේදා 17ක් සමග එල්ලූම් ගස් ගිය දැරණියගල අතකොටා මංචුපිටින් යන ගමන් දැන් සනීපද කියා මාධ්‍ය වෙතින් විමසා ඇත. යුධ වීර මහින්ද රාජපක්‍ෂ අසන්නෙත් දැන් සනීපද කියාය. නූරියේ අතකොටා අසන්නේත් දැන් සනීපද කියාය. හොර පාස්පෝට් සදා හසුවී සිටින විරවංශ අසන්නේත් දැන් සනීපද කියාය. ඒ තකතීරු කතාව ඒකාබද්ධ රාජපක්‍ෂයට එල්ල කිරීමට කිසිවෙකු කි‍්‍රයා කළේ නැත. නූරියේ තීන්දුව දී සතියක්ද ගතවී හමාරය. ඒ නඩු තීන්දුව හරහා කපාගත හැකිවූ දේශපාලන අස්වැන්න කපා ගැනීමට රනිල් වට කොට සිටින කොන්ඩා කාරයන්හෝ තට්ටයන් සමත්ව නැත. පසුගිය බ‍්‍රහස්පතින්දා දිනපතා ලංකාදිප කතු වැකිය කියවන ලෙස ඉම්තියාස් බාකිර් මාකර්ට, නිමල් බෝපගේට රංග කලන්සූරියට සමන් අතාවුද හෙට්ටිට පණිවිඩයක් යැවිමට රනිල් වික‍්‍රමසිංහ පියවර ගත යුතුවේ.

පසුගිය අයවැය යෝජනා අතර, ධූම පරික්‍ෂාව සඳහා රුපියල් 5000/-ක බදු යෝජනාව කලින්ම හකුලා ගත්තේ මුදල් ඇමති මිස ජනාධිපති නම් නොවේ. යහ පාලනය පැට්රල් ලීටරයක මිල රුපියල් 45කින් අඩු කළේය. ඒ වාසිය හරහා, බද්ද විග‍්‍රහ කළ විට, වාහන හිමියෙකු අර බද්ද වෙනුවෙන් දිනකට වැය කළ යුත්තේ රුපියල් 13.67ක් වැනි සොච්චමකි. මේ සිල්ලර පැහැදිලි කිරිම කිරිමට හෝ රවි කරුණානායක අසමත් විය. ග‍්‍රාම නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ භික්‍ෂුවද, දඩ වැඩි කිරීමට එරෙහිව නැගී සිටි පාරේ ත‍්‍රස්තවාදයද හසුරුවන්නේ එකම හස්තයකිනි. ඒ තත්වය හදාරා ඒ තුල පවත්නා මිනිසුන්ට එරෙහි තර්ජනය රටට කීම මාධ්‍ය සතු වගකීම වේ. ඒ ටික ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ගුවන් විදුලිය හෝ ලේක් හවුස් පත‍්‍ර සමාගමෙන් ඉටු වේද? බැඳුම් කරයෙන් ගසා කෑ මුදලින් තවත් මාධ්‍ය මාෆියාවක් ආරම්භ කරන්නේ හොරාකෑම සාධාරණීකරණය කිරිමට මිස, යහ පාලනය ශක්තිමත් කර රට නැගීමට නොවේ.

නූරියේ නඩු තින්දුව ඓතිහාසික වන්නේ ලංකාවේ එක් නඩුවකදී වැඩිම පිරිසක් මරණ දඬුවමට නියම කළ නිසාය. නූරිය නඩු තීන්දුව වෙනස සනිපද අසන අයට දිය හැකි හොඳම පිළිතුර බවට පත් වුණේ නැත. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂ යුගයේ අධම කුරිරු මුග්ධ භාවය ඒ නඩුව පුරා විසිරී තිබිණ. ඒ හරහා ඒකාබද්ධ මහින්ද රාජපක්‍ෂයේ දේශපාලනය ඔලූවෙන් සිටුවීමට ආණ්ඩුවට පැවති හැකියාව රාජ්‍ය මාධ්‍ය උවමනාවෙන් මග හැරියාහ. දේශපාලන නිරික්‍ෂකයන්ට එය එජාප රාජපක්‍ෂ සම්මුතියක ප‍්‍රතිපලයකි. ඒ හරහා බැසිල්ට ශක්තිය දෙන, ප‍්‍රාදේශීය කබා කාරයන්ගේ ආරක්ෂාව සලසා ඇත. එය ඩිල් එකකි.

ගිය සෙනසුරාදා පාර්ලිමේන්තු පාර අවහිර කළේ මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ ගම් දනව් වැනසූ ඈපා මාපාවරුන් විසිනි. දැරණීයගල නූරියේ අතකොටා මහින්දගේ ප‍්‍රාදේශීය කබා කාරයෙකි. ඔහු ගමේ අහිංසකයන් 18ක් සමග එල්ලූම් ගස් ගියේ රට ජාතිය ආගම වෙනුවෙන් නොවේ. කළ අපරාධ නිසාය. රාජපක්‍ෂ යුගයේ දැරණීයගල නියෝජනය කළේ නියෝජ්‍ය ඇමති මිත‍්‍රපාල ය. ඔහු එදා මාධ්‍යට කීවේ තමන් එපා කියද්දී අතකොටාට කොළඹීන් නාම යෝජනා ලැබුණ බවය. එදා අතකොටා ඔසවා තබා ආරක්ෂා කළ මහ ඇමති අප්පා අද මෛති‍්‍ර සමගය. පාර්ලිමේන්තු මන්ති‍්‍ර පුතා මහින්ද සමගය. තංගල්ලේදී සංචාරකයෙකු මරා ඔහුගේ පෙම්වතිය දුෂණය කළේ ප‍්‍රාදේශීය කබා සභාපතියෙකි. මේ අපරාධ දෙකම මුලදී යට ගැසිණ. පසුව, විදේශීය බලපෑම් නිසා ආණ්ඩුව හිරවිය. නීතිය කි‍්‍රයාත්මක වුනේ ඉන් පසුවය. දැරියන් 200ක් කෙළෙසා සාද පැවැත්වූ අකුරැුස්සේ සභාපතියාද මහින්දගේ ගෝලයෙකි.ඊයේ පෙරේදා මාවර මණ්ඩියේ රාජ්‍ය උත්සවයක් මැදට පැන යකා නැටුවේ රාජපෂ කාලයේ පොලිස් කාරයන්ගේ කෝට් ගලවා නිදැල්ලේ හැසිරෙන කල්ලියේ එකෙකි.

බැසිල්ගේ පක්ෂයට අද වේදිකා හදන්නේ හිරේ නොගොස් බේරුණ මේ ප‍්‍රාදේශීය කබා අයියලාය. අද බැසිල් දස ලක්‍ෂයක් සාමාජිකයන් බඳවනවා කියන්නේ මේ අයියලාගේ කතා අහලාය. නූරියේ නඩු තීන්දුව හරහා යහ පාලන ආණ්ඩුවට පහසුවක් සැලසීමට ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය කැමති නැත. ඒ නව පක්‍ෂය හරහා ශී‍්‍රලනිපය කැඩිය යුතු නිසාය. මේ යහ පාලනය එක පතේ කනවාද නැතොත් කන පතේ මලපහ කරනවාද යන්න ඇසීමට සිදුව ඇත. ජනවාරිය දිනා දුන් යූඇන්පි කාරයන්ට ලැබුණ දෙයක් නැත. පිට රටින් ගෙන්වූ පාසල් යහලූවන් ආණ්ඩුවද කා රටද විනාස කරමින් සිටිති.

අද යහ පාලනයට එරෙහිව වීදි බැස්ස බැසිල් උතුවන්කන්දේ සරදියෙල්ගේ නෑයෙකු බව සමහරු කියති. හේතුව සරදියෙල්ට උතුවන්කන්දේ මිනිස්සු ඇලූම් කළේ ගමට පාසල් රෝහල් හැදුවාට නොවේ. මංකොල්ල කෑ සල්ලි බෙදා දුන් නිසාය. මහින්ද කාලයේ මිනි මරා ස්ති‍්‍ර දූෂණය කළ නීතියට හසු නොවූ ප‍්‍රාදේශීය කබා කාරයන් බැසිල් වටා රොක්වී සිටින්නේ බැසිල්ද සරදියෙල් ක‍්‍රමයට දේශපාලනය කළ නිසාය. රුහුණේ රාජපක්‍ෂ කියන්නේ ඞී.ඇම්.රාජපක්‍ෂටය. ඔහුගේ අකල් අභාවයෙන් ඞී.ඒ රාජපක්‍ෂ එතනට තල්ලූ විය. එහෙත් නවසිය හැත්තෑ හත වන තෙක් ජාතික දේශපාලනයේ රුහුණේ රාජපක්‍ෂලා කීවේ ලක්‍ෂමන් ජෝර්ජ්ලා මිස, ඩී.ඒ. රාජපක්‍ෂට නොවේ. රුහුණේ සිංහයා සතු උදාරකම ලක්‍ෂමන් ජෝර්ජ්ලා තුලින් පිළිබිඹු විය. ඞී.ඒ රාජපක්‍ෂගේ දරුවන් නිසා රටම විඳවති.

ඉතිහාසයට අනුව දොන් ඩී.ඒ. රාජපක්‍ෂ නාම යෝජනා පත‍්‍රයට අත්සන් කළේ ලියැද්දේ වප්පතින් අත සෝදා ගෙන බව කියති. ඩී.ඒ. රාජපක්‍ෂ බණ්ඩාරනායක පසුපස ආවේ බමර පදයෙන් අවසිහියෙන් බව රටම දනිති. මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂගේ දරුවන් මහ ජෝඩුවගේ සොහොන ඉදි කිරිමටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් සොරකම් කර ඇත. අද බැසිල්ලා නිරූපනය කරන්නේ උතුවන්කන්දේ මංකොල්ල සම්ප‍්‍රදාය මිස, ගිරුවා පත්තුවේ විශිෂ්ඨ රාජපක්‍ෂ සම්ප‍්‍රදාය නොවේ. ප‍්‍රාදේශීය කබා කාරයන් විසින් බැසිල්ගේ අලුත් පක්‍ෂය ශක්තිමත් කරන්නේ පරණ සෙල්ලම් ආරම්භ කිරිමටය. රනිල්ගේ හාදයෝ මේ සෙල්ලමට කාබයිට් ලාම්පු අල්ලති.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.