20 April, 2024

Blog

මෛති‍්‍රපාල සිරිසේන සහ ශ‍්‍රීලනිපය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න –

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65වෙනි සංවත්සරය වෙනුවෙනි

කුරුණෑගලදි පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වෙනි සංවත්සරයට පළමුව සුභ පතමු. ශී‍්‍රලනිප සම්මේලනය අඛණ්ඩව වසර විසි දෙකක්ම විධායක ජනාධීපති වරුන් තිදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් ජයග‍්‍රාහීව රැුස්විය. මේ විශිෂ්ඨ ඉතිහාසය දැක දැක නැවත රටේ විධායක ජනාධිපති විය නොහැකි පුද්ගලයෙකුට පක්‍ෂය භාර දිමට කරන සටනක්ද මේ අතර ඉස්මතුවේ. ඒ කැරළි කරුවන් මෛති‍්‍රට එරෙහිව නගන චෝදනා රැුසකි. පක්‍ෂය අතහැර ගොස් මහින්ද ගෙදර යැවීමද, එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩුවක් තැනීමද, පසුගිය රජයේ දූෂණ වංචා සෙවීමද, වඩාත් කතාබහට ලක්ව ඇත. මේ සියල්ල පුද්ගලිකව සමහර විට මහින්ද රාජපක්‍ෂට අවාසිදායක විය හැකිය. එහෙත් ශී‍්‍රලනිප පක්‍ෂ ව්‍යවස්ථාවට විධායක ජනාධිපති වරයා පළවා හැරිය නො හැකිය. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහකිය.

මෛති‍්‍රපාල සිරිසේන යනු 45 වසරක් තමන් ශක්තිමත් කළ පක්‍ෂයෙන් නික්ම ගොස් විධායක ජනාධිපති පදවියට පත් අසහාය පෞරුෂයකි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හැරගිය පළමුවැන්නා මෛති‍්‍ර නොවේ. පක්‍ෂ නායකත්වයට උරුමකම් කී චන්ද්‍රිකා අනුර ආදි බණ්ඩාරනායක දරුවන් මෙන්ම මහින්ද රාජපක්‍ෂද ශී‍්‍රලනිපය හැර ගොස් නැවත පැමිණියෝ වෙති. අද මහින්ද කල්ලියේ ගැලවුම් කාරයා වන බැසිල් රාජපක්‍ෂ 1977දී ශී‍්‍රලනිපය පැරදුණ පසුව, එජාපයට රිංගුවේය. ඔහු මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ශී‍්‍රලනිපයට එරෙහිව එජාප ඡන්ද සටනද මෙහෙය වීය. ඔහු 2015 ජනවාරි 8 වෙනිදා රාති‍්‍රයේ පක්‍ෂයද සිය සොහොයුරාද අතහැර ඇඹෙණිය සමග විදේශ ගතවිය. දිනේෂ් ගුණවර්ධන සිය පියාගේ පක්‍ෂය කුණු කූඩයට දමා මහින්දට කඬේ යමින් සිටියි. බන්දුල ගුණවර්ධන 2001දී ශ‍්‍රීලනිප ආණ්ඩුව පෙරළා දමා එජාපයට එක් විය. විමල් වීරවංශ මහින්ද චින්තන ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව පළමු වෙඩි මුරය තැබූ කථිකයාය. උදය ගම්මන්පිල පාඨලී චම්පිකලා සමග මෛති‍්‍ර දිනවීමට පැරට බැස එක් රැුයින් මහින්දට එකතු විය. පක්‍ෂයක් හැර යාම මෙන්ම නැවත පැමිණීමද දේශපාලනඥයෙකු සතු අයිතියකි. එහිදී මෛති‍්‍ර පමණක් ද්‍රොහියෙකු විය හැකිද? නොවැම්බරයේ ශී‍්‍රලනිපයෙන් නෙරපා හැරියද, ජනවාරියේ ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව ගෞරව පූර්වකව සාමාජිකත්වයද, මහින්ද ස්ව කැමැත්තෙන් පක්‍ෂ නායකත්වයද මෛති‍්‍රට පිරි නැමීය.

Maithripalaමහින්ද තම පාලනයට එජාපයේ කරු ජයසුරියද ධර්මදාස බණ්ඩා ගාමිණි ලොකුගේ ආදිහූ කැඳවීය. ශී‍්‍රලනිප මහ ලේකම් මෛති‍්‍ර ලවා ලෙස 2006 පෙබරවාරියේ එජාපය සමග එක`ගතා ගිවිසුමක් අත්සන් කරවීය. එය මහින්ද හැඳින්වූයේ ආසියාවේ දිදුලන ආශ්චර්ය ලෙසය. එදා එහෙම මහින්ද එහෙම හැසිරුණේ යුද්ධය දිනා ගැනිමට බව ඔහු කිියයි. එහෙත් ඇත්ත එය නොවේ. ඒ වනවිට ජවිපෙය ආණ්ඩුව අතහැර ගොස්ය. එජාපය අයැවැයට එරෙහි විශ්වාස භාග යෝජනාවකට පිට පොට ගසා සිටියහ. බඩගිනිවූ විට කුලවාදි බමුණා සැඩොලාගේ ඉඳුල් බත උදුරා කෑ කතාවට අනුගතව, මහින්ද එසේ එජාපය සමග ගිවිසුම් ගැසීය. එය කෑවේ තිස්ස අත්තනායකය. එය පසුපසින් සිටියේ රනිල් වික‍්‍රමසිංහය. ඒ ඉතිහාසය අද මහින්දගේ ගෝලයන් අමතක කර, එජාපය සමග වැඩ කිරිම ඒඞ්ස් හැදුණා සේ කතා කරති. 18 සංශෝධනයට අත් එසවූ වාමාංශිකයන් පසුව කීවේ සැබෙවින්ම තමන් එයට විරුද්ධ බවය. ඒ ප‍්‍රකාශය පාදක කොට විනී හෙට්ටිගොඩ කාටුන් එකක් ඇන්දේය. එහි රවුල් කාරයෙක් ‘‘අපි ඊට විරුද්ධයි. ඒත් ඡන්දය දුන්නා.’’ යන ප‍්‍රකාශයට පසුව, දෙවැන්නෙකු මෙසේ කියයි. ‘‘ඒ කියන්නේ තමුසෙලා අසූචි බව දැන දැන කෑවා හරිද සොහෝදරයා’’ඒ කාටුනය් උත්තරය මහින්දට සහ ගොලයන්ගෙන් ජනතාව විමසමින් දසිටිති.

2014 නොවැම්බර් 21 දින මෛති‍්‍ර බලය සහ තනතුරු හැර පාරට බැස්සේ දේශපාලන තීරණයක් අනුවය. ඒ දේශපාලනය අනුව, මෛති‍්‍ර සිවිල් සමාජය සහ එජාපය සමග සන්ධාන ගතවිය. එහිදී ඇතිවූ එක`ගතා බොහෝය. පළමුවැන්න යහ පාලන ආණ්ඩුවක් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. ඒ විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කිරිමටය. සිදුවූ වංචා දූෂණ සොයා වැරදි කරුවන්ට දඬුවම් දීමටය. නැවත එවැන්නක් නොවන ලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිමය. සු`ථ ජාතින් සමග සංහිඳීයාවක් ඇති කිරිමට අවශ්‍ය පියවර ගැනිමය.ජා්‍යන්තරයෙහි විනාසවූ රටේ ප‍්‍රතිරූපය ගොඩ නැගීමය. ජනවාරි 9 වෙනිදා මෛති‍්‍ර ශී‍්‍ර ලංකා කාරයෙකු අගමැති කළා නම් මේ එකක්වත් කළ හැකිද? ජයග‍්‍රහණය කළ වහාම නිර් පාක්‍ෂික එක`ගතාව අනුව, රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස නම් කර ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළේ එබැවිනි. න වසරක් රට කා විනාස කළ ශී‍්‍රලනිපයේ මහ ලේකම් ගැන සිවිල් සමාජය විශ්වාසය තැබීම ගැනවත් ශී‍්‍රලනිපය සතුටු විය යුතුවේ.හේතුව ඒ වනවිට මහින්ද සහ පිරිස ඒ විශ්ෂ්ඨ පක්‍ෂයේ නමද කෙළෙසා තිබුණ බැවිනි. යුගයට ඔබින මිනිසෙකු සෙවිමේදි උචිතයා හමුවුණේ ශී‍්‍රලනිපයෙනි. ඒ 1951 පක්‍ෂය බිහි කළ පරමාර්ථය යළි අනාගතය වෙනුවෙන් ඉටු කිරිමකි. පක්‍ෂය කැඩුවා කියන්නේ ඒකටද?

මේ සියල්ල සිද්ධ වෙනවිට මෛති‍්‍ර නිර් දේශපාලන ප‍්‍රපංචයක් විය. නොවැම්බරයේ ශී‍්‍රලනිපයෙන් නෙරපා හැරිය මෛති‍්‍ර ජනවාරියේ රටේ ජනාධිපති විය. ඒ සමග ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව නැවත ගෞරව පූර්වකව මෛති‍්‍රට සාමාජිකත්වය පිරි නැමිය. මහින්ද ස්ව කැමැත්තෙන් පක්‍ෂ නායකත්වයද මෛති‍්‍රට පිරි නැමීය. ඒ අනුව මෛති‍්‍ර පක්‍ෂය හැර යාම කිසිසෙත් කිසිවෙකුට තවදුරටත් ප‍්‍රශ්න කළ හැකිද?

මෛති‍්‍රපාල සිරිසේන යනු වසර 46ක් ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් දර දිය ඇද්ද එහි මහ ලේකම් තනතුර දක්වා ඉහළට ආ කාඩරයෙකි. ඔහු 2014 නොවැම්බර් 21 වෙනිදා පක්‍ෂයෙන් ඉවත් විය. ජනවාරි 9 වෙනිදා රටේ ජනාධීපති විය. ජනවාරි 9 වෙනිදා ජනාධීපති වුනා නම්,……..? පල්ලෙවත්ත ගමරාළලාගේ මෛති‍්‍රපාල සිරිසේන යනු දරුණු වද වේදනා සහිත මරණයට හිමිකම් ලබන ද්‍රෝහියෙකු පමණකි. දැන් ඒ සියල්ල කනපිට පෙරළී ඇත. 2014 නොවැම්බර් 21 දින සිට ජනවාරි 9 තෙක් තත්වය එය විය. අගෝස්තු මහ මැතිවරණයේදි මෛතී‍්‍රත් මහින්දත් සිටියේ එක පිළකය. මහින්ද වෙනුවට චමල් හෝ ගෝඨාභය ශී‍්‍රලනිප අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරිමට මෛති‍්‍ර සටන් කළ බව එස්.බී.දිසානායක කියයි. මහින්ද ඊට එක`ග වි නැත. ඒ නාමල් රාජපක්‍ෂට ශී‍්‍රලනිපයේ ඊළ`ග නායකයා විමට අවස්ථාව අහිමි වෙතැයි බියෙනි. මහින්දට උවමනා පරිදි ශී‍්‍රලනිපය හැසිරවීමට මෛති‍්‍ර කැමති වේද?

දැන් පවත්නේ ජූලි 16න් පසු තත්වයයි. තමා විසින් බිම හෙ`ථෑ ප‍්‍රතිවාදියාගේ ඉරණම තීන්දු කිරිිමේ පරම අධිකාරිය හැමදාම ජයග‍්‍රාහකයා සතුවේ. මහින්ද තම ප‍්‍රතිවාදි සරත් පොන්සේකා හිරේ දැම්මේත් මෛති‍්‍ර තම ප‍්‍රතිවාදි මහින්දට මැදමුලනට නිදහසේ යන්ට හැරියේත් ඒ අනුවය. මහින්ද 2007 පෙබරවාරියේ මංගල සමරවීර හා ශී‍්‍රපති සූරියාරච්චි දෙදෙනා පක්‍ෂයෙන් පහ කළේය. එජාප මන්තී‍්‍රන්ට ඇමතිකම් දීමෙන් නතර නොවී ශී‍්‍රලනිප ආසන සංවිධායක තනතුරුද බෙදුවේය. මෛති‍්‍ර දැක දැක මහින්ද රාජපක්‍ෂ රෝද පුටුවෙන් යන දිමු ජයරත්න පත් කළේය. රත්නසිරි වික‍්‍රමනායක ආදිහූ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහ`ථ මඩමට යැවීය. අමාත්‍යංශ 19ක බලතල බැසිල්ට පවරා දුන්නේය. පක්‍ෂ නායකයා ලෙස හෝ විධායක ජනාධිපති ලෙස මහින්ද මේ තීරණ ගන්නා විට කිසිවෙකු ගෙන් විමසුවේද? නැත. හේතුව පක්‍ෂ ව්‍යවස්ථාවෙන් නායකයාට පැවරුණ බලතල නිසා ය. මහින්දගෙන් පක්‍ෂය භාර ගැනිමෙන් පසු මෛති‍්‍ර ගන්නා කිසිදු පියවරක් මධ්‍යම කාරක සභාවෙන් පිටත කිසිවෙකුට ප‍්‍රශ්න කළ නොහැකිය. මහින්දට සාපේක්‍ෂකව පක්‍ෂ නායකයා ලෙස හෝ විධායක ජනාධිපති ලෙස තීරණ ගැනීමට මෛති‍්‍රට ඇති අයිතියට කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. ජූලි 16න් පසු නිර්මානයවූ දෙපරාදුව එයයි. මහින්ද නව වසරක් පාවිච්චි කළ ව්‍යවස්ථාපිත බලය හෝ අභිමතය මෛති‍්‍රට දැන් පාවිච්චි කරමින් සිටිති.

අද පවත්නේ 54 වසරක් වියපත් බණ්ඩාරනායකලා හැදූ වැඩූ හොරගොල්ලේ ශී‍්‍රලනිපය නොවේ. මෛති‍්‍රට ලැබුණේ කුඩා දැරියන් සිය ගණන් කෙළෙසා කාම සාද පැවැත්වූ ප‍්‍රාදේශීය සභා කාරයන් රකින, මහින්ද චින්තනය විසින් බව්තිස්ම කළ මැදමුලන ශී‍්‍රලනිපයයි. මහින්ද චින්තනය තමන්ට අවාසිදායක නම් ඡුන්ද ප‍්‍රතිපලයක් හෝ පිළි නොගනිති. හෙළා දකිති. ජනවාරි 9 වෙනිදා ‘‘ඇයි සර් අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ….’’ කියා අනුගාමිකයන් අසන තරමට මහින්දගේ ශී‍්‍රලනිපය පිරිහි තිබිණ. එහි බන්ඩාරනායක අනන්‍යතාවය නොතිබිණ. මෙය විග‍්‍රයක් හෝ අනුමානයක් පමණක් නොවේ. 2015 ජනවාරි පරාජයට පසුව, ඩාර්ලි පාරේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මුල්ම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු යමක් පෙන්වා මේ මොකදැයි විමසීය. එස්.බී. දිසානායක ඊට පිළිතුරු දෙමින් කීවේ එහෙම වෙනවා කියාය. මාධ්‍ය වේදියා පෙන්වූයේ දිගු කලකට පසුව, මාධ්‍ය සාකච්ඡුාව පැවති ශාලා බිත්තියෙහි බණ්ඩාරනායක වරුන්ගේ පින්තූර පේලියයි. මෛති‍්‍රට ලැබුණේ බණ්ඩාරනායකලාගේ රූප සහ නම් මැකූ දූෂිතයන් කිළිටි කළ අඩපනවූ පක්‍ෂයකි. මහින්ද සහ මෛති‍්‍ර ශී‍්‍රලනිපය මෙහෙයවන රටාව එකිනෙකට වෙනස්ය. පක්‍ෂ නායකත්වය පිරි නමා දැන් ඔහුට ද්‍රෝහියා කීම හැදිච්චකම නොවේ.

මෛති‍්‍රගේ නායකත්වය ශී‍්‍රලනිපයට ලැබුණ ලොතරැුයියකි. මෛති‍්‍රපාල රටේ විධායක ජනාධීපති කිරිමේ ගෞරවයෙන් දශම අරික්කාලක් ශී‍්‍රලනිපයට හිමි නොවේ. ඔහුව තෝරා පත් කළ හැට දෙලක්‍ෂයක් ජනතාවගෙන් 90%ක් එක්සත් ජාතික පාක්‍ෂීකයන් විය හැකිය. එහෙත් මෛති‍්‍ර රටේ විධායක ජනාධිපති කිරිමේ සකල ගෞරවය ලැබෙන්නේ නිර්පාක්‍ෂික සිවිල් සමාජ සංවිධාන වලටය. 2010 තරම් ඈතක සිට රටේ පාලනය බිඳ වැටෙමින් තිබිණ. ඒ නිසා රටට නව පාලකයෙක් සමග පාලනයක් අවශ්‍ය විය. ප‍්‍රශ්නය මහින්ද මිස, අනුප‍්‍රාප්තිකයා කවුද යන්න නොවේ. මහින්ද විසි වෙද්දී ශී‍්‍රලනිපයද බිම ඇද වැටෙතියි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් සෝපාකගේ පිටේ බැඳී මළ කුණ මෙන් පරාජිත මහින්ද ශී‍්‍රලනිපය අත් නොහැර බදාගෙන සිටියි. එම්ප‍්‍රදෝරු එජාපයෙහි පවා පේ‍්‍රමදාස කෙනෙකුට ඉඩක් තිබිණ. එහෙත් පොදු මිනිසාගේ ශී‍්‍රලනිපයේ රට දිනූ මෛති‍්‍රට ඉඩක් නො තිබුණ. පක්‍ෂයෙන් නො නික්මුණා නම් මෛති‍්‍රට කිසි දිනෙක රටේ නායකත්වය ලැබෙන්නේ නැත. ජනාධිපති මෛති‍්‍ර හරහා සාමාන්‍ය මිනිසාට ශී‍්‍රලනිපයේ දොර විවෘතව ඇත.

1951 සැප්තැම්බර් 2 වෙනිදා ශී‍්‍රලනිපයත් සැප්තැම්බර් 3 වෙනිදා මෛති‍්‍රත් බිහිවූ බව වාර්තාවේ. පක්‍ෂයේ මහ ලේකම්ව සිටි ඔහු එක් රැුයකදී පක්‍ෂයෙන් ඉවත් විය. ඊට පසුවදා මෛති‍්‍ර ශී‍්‍රලනිපයෙන් නෙරපනු ලැබිය. මහින්දට එරෙහි බලවේග මහින්ද පළවා හැර මෛති‍්‍ර රටේ ජනාධීපති කරවිය. මෛති‍්‍ර ජයගත් දවසට පසුදින (පරාජිතයන්ට පහර දීම්, ගෙවල් ගිනි තැබීම් ස්ති‍්‍ර දූෂණ රැුකියා අහිමි විම් ආදි …) බොහෝ දේ සිදු වීමට නියමිතව තිබිණ. බැසිල් රාජපක්‍ෂ ඇඹෙණිය සමග රටින් පැන ගියේ ඒ බව දැන සිටි නිසාය. ඔහු ගියේ පක්‍ෂයට තබා මහින්දටවත් නො කියා රහසේය. එහෙත් බැසිල්ට වැරදිණ. පැරදුණ කිසිවෙකුට නිය පිටින් කිසිවෙකු හෝ හිංසාවක් සිදු නොවීය. ඒ ආශ්චර්ය සිදුවුණේ ශ‍්‍රීලනිපයේ මෛති‍්‍ර පොදු අපේක්‍ෂකයා වූ නිසාය. අදටත් ජනවාරි සටන මෙහෙයවූ සමහර සිවිල් කි‍්‍රයාධරයන් මෛති‍්‍රට වෛර කරති. ඒ අතේ හිරිහැර ජනවාරි ජයග‍්‍රහණය භුක්ති විඳීමට නොලැබුණ නිසාය. අද මෛති‍්‍රට එරෙහිව කැරළි ගසන්නෝ එදා ගුටි කෑමට නියමිතව සිටියහ. ජනවාරි 10 වෙනිදා මේ පිරිස් අමුඩ ගස්වා හන්දි ගානේ මෛති‍්‍රගේ පින්තූරයට වැන්දුවා නම් ගෙවල් ගිනි තිබ්බා නම් මේ කිසිවෙක් කැරළි ගසන්නේ නැත. මේ මිනිස්සු පාරේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරින්ටද පහර දුන් අය වෙති. ඉන් එකෙකු පාසලකට පැන ගුරුවරියක දන ගැස්වීය. තව එකෙකු සුද්දෙක් මරා සුද්දියක දූෂණය කළ චණ්ඩියෙකි. හංසයාට ඡුන්දෙ දුන් අය හිර ගෙදරදී හමු නොවීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

මහින්ද එරෙහි බල වේගය මෙහෙයවූ සාධාරණත්ව සමාජයක් කරා ව්‍යාපාරයේ අරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කර රටට යහ පාලනය උදා කිරිමය. ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීමට මුලින්ම ප‍්‍රතිඥා දුන්නේ ශී‍්‍රලනිප නායකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යි. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි ආදි එජාප ජ්‍යෙෂ්ඨයෝද එදා ජනාධිපති ක‍්‍රමයට එරෙහිව මැතිනිය සමග වීදි බැස්සාහ. ඒ විශිෂ්ඨ අරමුණ සටන් පාඨයකට සීමා විය. 2015දී එය යථාර්ථයක් කරමින් 19 වෙනි සංශෝධනය සම්මත විය. අද විධායක ජනාධීපති උසාවි ගෙන යා හැකිය. ඔහුට තනි තීරණ ගත නො හැකිය. මැතිනිය සපත කළ ඒ ජනතා ප‍්‍රාර්ථනාව වෙනුවෙන් මහින්ද මෙහෙයවූ ශී‍්‍රලනිපය කැප වුණේ නැත. මෛති‍්‍ර අද පෙනී සිටින්නේ ඒ ජාතික අවශ්‍යතාව වෙනුවෙනි. අද යමෙක් මෛති‍්‍රට ද්‍රෝහියා කියයි නම් ඔවුන් බණ්ඩාරනායක මැතිනියද, ඇන්. ඇම්. පෙරේරාද ගාමිණි දිසානායකද, ලලිත් ඇතුලත් මුදලිද ද්‍රෝහින් ලෙස නම් කළ යුතුවේ.

17 වෙනි සංශෝධනය යටපත් කොට, 18 සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළේද, විධායක ජනාධිපති ධුර කාල සීමාව ඉවත් කළේද, අග විනිසුරු වරිය පළවා හැරියේද, ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ ආදි මිනිස් ඝාතන යටපත් කළේද, ශී‍්‍රලනිපය මහින්ද යටතේ පැවති සමයේය. මෛති‍්‍රපාල 19 වෙනි සංශෝධනය හරහා විධායකයේ තටු කපා, යහ පාලනය සහතික කරමින්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා, අල්ලස් කොමිෂම සකි‍්‍රය කොට, විගණන පනතද, තොරතුරු දැන ගැනීමේ පනතද නීතිගත කර හමාරය. ඉතිහාසය ඒ සිය`ථ ගෞරව මෛති‍්‍ර‍්‍රටත් යහ පාලන පුරෝගාමින්ටත් මිස, ශී‍්‍රලනිපයට හිමි නො කරනු ඇත. එහෙත් මෛති‍්‍ර ශී‍්‍රලනිපය ඉතිහාසයෙන් නිදහස් කර ඇත. අද යමෙක් මෛති‍්‍රට ද්‍රෝහියා කියයි නම් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ද්‍රෝහීන් වෙති.

බණඩාරනායක පවුලේ අර්බුද නිසා 1970-77 යුගයේද අද මෙන් පක්‍ෂය බෙදී තිබිණ. අනුර බණ්ඩාරනායක ශී‍්‍රලනිප තරුණ ජාතික සංවිධායක විය. ඔහුු පොළොන්නරුවේ දිස්ති‍්‍රක් තරුණ සම්මේලනය කැඳවීම ගැන අනුරට එරෙහි පොළොන්නරු මන්තී‍්‍ර ලීලාරත්න විජේසිංහ සිටියේ කෝපයෙනි. විසි දෙ හැවිරිදි මෛති‍්‍රපාල සිරිසේන අනුරත් ලීලාරත්න විජේසිංහත් එකට වාඩි කරවීමට සමත් විය. සම්මේනලනයේ පිළිගැනීමේ කතාව කළ මෛති‍්‍රට අනුර විරෝධී ශී‍්‍රලනිප තරුණයන් එක දිගට හූ කීහ. මෛත‍්‍රි කල්පනා කළේ පක්‍ෂයේ හෙට දවස ගැන පමණය. 1985 වසරේ දෙවන මුල්කිරිගල අතුරු මැතිවරණයට මැතිනිය චමල් රාජපක්‍ෂ නම් කළාය. අනුර පුතා නිරූපමා යෝජනා කිරීමෙන් අවුලක් ඇති විය. මෛති‍්‍ර ඇතු`ථ මධ්‍යම කාරක සභාව වැඩි කැමැත්තෙන් චමල් තෝරා ගත්හ. පසු දින අනුර තම කාර්ය මණ්ඩලයෙන් මෛති‍්‍ර නෙරපිය. පොළොන්නරුවේදී අනුර රැුක්ක මෛති‍්‍ර 1985දී ශී‍්‍රලනිපය රැුක්කා මිස, අම්මලා පුතාලා පසුපස ගියේ නැත. 2004දී අගමැති ලෙස ජවිපෙය ලක්‍ෂමන් කදිර්ගාමර්, අනුර බණ්ඩාරනායක හා මෛති‍්‍රපාල සිරිසේන පිළිවෙලින් නම් කළහ. ලැයිස්තුවේ තෙවැන්නාවූ මෛති‍්‍ර මහින්ද රාජපක්‍ෂ අගමැති කළ යුතු බව කී විට අනෙක් තිදෙනා මවිත විය. මෛති‍්‍ර ඉතිහාසය පුරා ශ‍්‍රීලනිපය වෙනුවෙන් හරි තැනදී හරි දේ කළේය. ජනවාරියේ ඔහු ගත් තීන්දුව ඉතිහාසය නිවැරදි බව ලියා තබනු ඇත.

1985දී චමල් වෙනුවෙන්ද, 2004දී මහින්ද වෙනුවෙන්ද මෛති‍්‍ර බණ්ඩාරනායකලා සමග ගැටිණ. මේ කියන්නේ මෛති‍්‍ර රාජපක්‍ෂලා රැුක්ක බව නොවේ. එහෙත් රාජපක්‍ෂලා රැුකුණේ මෛති‍්‍ර නිසා බව ඉතිහාසය කියනු ඇත. 2015දී රට වෙනුවෙන් මෛති‍්‍ර රාජපක්‍ෂලා සමග ගැටිණ. අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධිය…..? කියන්නේ මෛති‍්‍ර හරි තැනදී හරි දේ කරන බවය. දේශපාලනඥයෙකු ලෙස මෛති‍්‍ර කවදත් අපෞද්ගලික විය. එහෙව් මෛති‍්‍රට සමහරු ද්‍රෝහියා කියති. කියවති. චන්ද්‍රිකාට පසුව, මහින්ද ජනාධීපති විය. වාසිය පක්‍ෂයට ලැබිණ. මහින්දට පසුව, මෛති‍්‍ර ජනාධීපති විය. මේ වාසිය ශී‍්‍රලනිපයට අහිමි කරන්නේ කවුද? මේ ප‍්‍රශ්නය ගමේ පක්‍ෂ ශාඛාවේදී සකාච්ඡුා කළ යුතුවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.