27 April, 2024

Blog

මෙවර දිනන්නේ මෛති‍්‍රපාලද? මහින්දද?

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ අතර පවත්නා ද්වන්ධ යුද්ධයකි. එය සමහර විට මැයි දිනයෙන් අවසන් විය හැකිය. බොහෝ අය කල්පනා කළේ ඒකාබද්ධ විපක්‍ෂ රැුස්වීමෙන් එය අවසන් වේය කියාය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂ රැුස්විමේදී මහින්ද අපේක්‍ෂාවෙන් වැඩි පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපති මෛති‍්‍ර සහ මහින්ද අතර පවත්නා විරසකය කරළියට ආවේ 2015 ජනවාරි මැතිවරණ සමයේය. මෛති‍්‍රපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා බව අසා ශී‍්‍රලනිපය මහ හඬින් සිනාසුණාහ. එහෙත් ජනවාරි ප‍්‍රතිපලය මහින්ද පමණක් නොව ශී‍්‍රලනිපයටද යන එන මං නැති කළ බව රහසක් නොවේ. තම පක්‍ෂයෙන් පිටතට පැමිණීමට පුද්ගල ශක්තියක් පැවති බව සැබෑය. එහෙත් ජනාධිපති මෛති‍්‍රට ශී‍්‍රලනිපය පාලනය කර ගත නොහැක. ඒ ඇයි?

2005 සිට 2014 නොවැම්බර් 21 තෙක් කාලය තුල මෛති‍්‍ර මහින්ද දෙදෙනා අතර සීතල යුද්ධයක් පැවති බව මෛති‍්‍ර 2014 නොවැම්බර් මාසයේ රටට හෙළි කළේය. එහි ප‍්‍රතිපලය වුණේ මෛති‍්‍ර 2014 නොවැම්බරයේ පක්‍ෂයෙන් ඉවත්ව මහින්දට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරිමය. සාධාරණ සමාජයක් ව්‍යාපාරය එදා මෛති‍්‍රව තෝරා ගත් එකම නිර්නායකය ඔහු හොරෙක් නොවීිම පමණකි. ඒ හැර වෙන යමක් ඔහු දේශපාලන වශයෙන් උපයා ගෙන නොතිබිණ. ඔහු මිනිසෙකු කොට මහින්ද සමග රේස් එකට දමා දිනවන ලද්දේ මේ රටේ සාමාන්‍ය ජනතාව විසිනි. ජනාධිපති මැතිවරණයේදී මහින්ද සමග නිදහස් සංධානය ඇතු`ථ සකල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මෛති‍්‍රපාල සිරිසේන හැඳීන්වූයේ නිකමෙකු ලෙසය. එහෙත් ඒ කිසිවෙකු මෛති‍්‍රට හොරා කීවේ නැත. ඊට හේතුව ශී‍්‍ර ල නි පයේ හොරකම් තක්කඩිකම් නොකළ හැම එකාම නිකමුන් ලෙස සැලකීම විය හැකිය. අදටත් ජනාධිපති මෛති‍්‍රට මහින්ද අබිබවා යා නො හැක්කේ මහින්ද වටා හොරුන් තක්කඩියන් ගැවසිම නිසා පමණක් නොවේ. ශී‍්‍රලනිපය යනු හොරුන් තක්කඩියන් සැරි සරන ගුබ්බෑයමක් නිසාය. ඒ තුල සමාජය හොඳයි කියන මිනිසෙකුට වැස්සකට හෝ් ගොඩවිමට අවසර නැත.Maithri Mahinda

2015 ජනවාරි 8 දින මෛති‍්‍ර සිවිල් සමාජයේ ආනුභාවයෙන් රටේ ජනාධිපති විය. ඒ සමග මහින්ද පමණක් නොව ශී‍්‍රලනිපයද පාරට විසි විණ. එදා දිමු ජයරත්න සමග රෝද පුටුවක තබා තිබුණ ලංකාවේ අගමැති තනතුරට රනිල් වික‍්‍රමසිංහ පත් කර ජනවාරි ජයග‍්‍රහණයට මෛති‍්‍ර අපමණ අගයක් ලබා දුන්නේය. එදා ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂීක දේශපාලනඥයන් මෛති‍්‍රපාල සිරිසේන නිකමෙන් නොවන බව පසක් කර ගත්හ. ජනවාරියට පසුවද, අගෝස්තුවට පසුවද යහ පාලනයට සාප කළ බොහෝ ශී‍්‍රලනිප චරිත මෛති‍්‍ර වෙත බඩගා පැමිණ ජාතික ආණ්ඩුවට ගොඩ වූහ. එසේ පැමිණී ඔවුන් නිකමා යයි පරිභව කළ මෛති‍්‍රගේ ඇබිත්තයන් කොට්ටෝරුවන් වී, මෛති‍්‍ර රනිල් ආණ්ඩුවේ මැති ඇමතිකම් ලබා ගත්හ. එය දුටු මහින්ද හිස පහතට හරවා ශී‍්‍රලනිප නායකත්වය මෛති‍්‍ර ළ`ග තබා මැද මුලනට යන්ට ගියේය. මේ සියල්ල මෙසේ සිදුවන අතර, ජනතාවට පොරොන්දුවු පරිදි මහින්ද පාලනය තුල සිදුවූ බොහෝ වංචා දූෂණ ගැන පරීක්‍ෂණ ආරම්භ විය. එකා දෙන්නා නොව බුරුතු පිටින් ශී‍්‍රලනිප කෙරුම් කාරයන් නීතියේ දැළට කොටු කළහ. මේ දැළට කොටු වනවිට සමහරු මෛති‍්‍ර රනිල් ආණ්ඩුවේ මැති ඇමතිකම් දරමින් සිටියහ. මහින්ද උස්සා නැවත මෛති‍්‍රට අභියෝග කිරිමට, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග ඒකාබද්ධ විපක්‍ෂය පාරට බැස්්සේ මේ පල් හොරුන්ගේ ගැලවීම වෙනුවෙනි. විශේෂ අපරාධ විමර්ශණ අංශය විසින් නොතිසි නිකුත් කළ පසුව, නිමල් සිරිපාලලා අනුර පි‍්‍රය දර්ශන යාපාලා පාර්ලිමේන්තුවේ නිදා ගැනිම ඊට හොඳ උදාහරණයකි. ශ‍්‍රීලනිපය තුල මෛති‍්‍රට එරෙහි වෛරයේ තිත්ත ඇත්ත දේශපාලනමය කාරණාවක් නොවේ. එය හොරුන් රකින පාතාල සටනකි. රටේ ජනාධිපති වූ මෛති‍්‍රපාල සිරිසේනට ශී‍්‍රලනිපය අදත් නිසි අගයක් ලබාදි නැත. කෝටි ගණන් මහජන මුදල් වැය කර පවුලේ සොහොන් ගොඩ නැගූ මහින්ද කර තබාගෙන යාමෙන් ඒ බව නැවත නැවත තහවුරු වේ.

මෛති‍්‍ර මේ රටේ ජනාධිපති හැටියට තෝරා ගත්තේ ශී‍්‍රලනිපය විසින් නොවේ. එය සිවිල් සමාජය මුල්වූ නිර්දේශපාලන සටනක ප‍්‍රතිපලයකි. රට තුල මෛති‍්‍ර සැලකෙන්නේ යහ පාලනයේ සංඛේතය හැටියට මිස අලියා සීනුව හෝ බුලත් කොළය පපුවේ අලවා ගත් මිනිසෙකු ලෙස නොවේ. ඒ නිසාම, එජාපයේ කිසිවෙකු මෛති‍්‍ර පසුපස යන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ආකර්ශනය කිරිමට මෛති‍්‍ර සමත් නොවේ. ශී‍්‍රලනිප සමග සිටින තාක් කල් කිසිදු දෙමළ දේශපාලන කණ්ඩායක් මෛති‍්‍ර සමග සිට ගන්නේ නැත. සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය හැමදාම කි‍්‍රයා කළේ සිවිල් සමජය හරහා රටට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති සමගය. ඒ නිසා සිවිල් සමාජ කි‍්‍රයාධරයන් කිසි විටෙකත් දේශපාලන පක්‍ෂ සමග බද්ධ නොවනු ඇත.

2014 නොවැම්බර් 21දා කොන්දේසි රහිතව ශී‍්‍රලනිපය හැරදා පැමිණිම නිසා මෛති‍්‍ර රටේ ප‍්‍රථම පුරවැසියා විය. ඔහු නැවත ශී‍්‍රලනිපයට රිංගීම නිසා, මහින්ද යුගයේ හන්දි ගානේ පොලිසිට ගසා, කුඩා දරුවන් දූෂණය කර ගම් බිය වද්දා මිනි මරා රට බියපත් කළ කල්ලියේ අපහාසයට පරිභවයට ලක්වේ. ජයග‍්‍රාහී මෛති‍්‍ර ආපසු ශී‍්‍රලනිපයට ගිය හේතුව තාර්කික නැත. ඒ තීරණය ගැනීමට පෙර මෛති‍්‍ර තමා රටේ ජනාධිපති කළ සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන්ට හෝ ඒ බව කියන්ට අසමත් විය. ඒ නිසාම මහින්ද මෛති‍්‍ර සටනේදී මෛති‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිපය තුළ තනිවි සිටියි. මෛති‍්‍රගේ අනාගත දේශපාලනය තීරණය වන්නේ මේ හරහාය. ජනවාරියේ ඔහු දිනවූ හැට හතර ලක්‍ෂයක් ජනතාව අද ඔහුගෙන් ඈත්ව ගොසින්ය. ඔහු ශී‍්‍රලනිපයේ බලය ඇල්ලූවොත් එය සමහර විට යහ පාලනයේ අවසානය විය හැකිය. තවත් දූෂීත ආණ්ඩුවක ආරම්භය විය හැකිය. ඒ ටික වෙනවාට ජනවාරියේ වෙනස කළ හැට හතර ලක්‍ෂයක් ජනතාව කැමති නැත.

2020 ශී‍්‍රලනිප ආණ්ඩුවක් පිහිටුවිම පිණීස කි‍්‍රයා කරන බවට ඔහු ප‍්‍රකාශ කළ අවස්ථා බොහෝ වෙති. එය ඔහුව තෝරා පත් කළ ජනවාරි ජයග‍්‍රහණයට කරන පරිභවයකි. මෛති‍්‍ර විසින් පත් කළ රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරෙන් නෙරපීමට මෛති‍්‍රගේ කැබිනට් මණ්ඩලයට ගෙනා සගයන් ප‍්‍රසිද්ධීයේ වහසි බස් දොඩති. රනිල් මරදානේ චණ්ඩියෙක් වගේය කියන ඩිලාන් පෙරේරා මහා බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස්ට පෙරළා ගෙන සචින් වාස් ගුණවර්ධන පහර දීම දෙස නිවටව බලා සිටියේය. ඩිලාන්ලා මේ නටන්නේ මෛති‍්‍රගේ හයිය අරගෙනය. නොවැම්බර් 21 මෛති‍්‍රව ජයවේවා කියා පිළිගෙන, ජනවාරි 8 වෙනිදා ඔහු දිනවන ලද්දේ, මෛති‍්‍රපාල සිරිසේන හැටියට, පොදු අපේක්‍ෂකයා හැටියට මිස, ශ‍්‍රීලනිපයෙන් එකෙකු ලෙස නම් නොවේ. ඔහු ශී‍්‍රලනිපයේම සිටියා නම් අගමැති වන්ට හෝ ඔහුට නොහැකිය. වර්තමානයේ ශ‍්‍රීලනිප නායකයා වීම තුල තමන් බලයට පත් කළ දේශපාලන ප‍්‍රබෝධය ආපසු හරවන්ට මෛති‍්‍ර තැත් කරමින් නොසිටීද? බණ්ඩාරනොයක කීවේ ග`ගක් ආපසු හැරවිය නොහැකි බවය. ඒ ප‍්‍රකාශය යථා්රථයක් මිස මතයක් හෝ හිත`ථවක් නොවන බව ඉතිහාසය තහවුරු කර ඇත.

ජනවාරි සටන මෛති‍්‍ර කළ එකක් නොවේ. මහින්ද එරෙහිව රටේ බහුතර ජනතාව දූෂණයට අල්ලසට නාස්තියට එරෙහිව කළ සටනකි. මෛති‍්‍ර ශී‍්‍රලනිපය මෙහෙයවමින් මේ සැලසුම් කරන්නේ බණ්ඩාරනායක වචනයෙන් කියයි නම් ඒ ග`ග ආපසු හැරවිමටය.

ජනවාරි සටන අදටත් භුමිය තුල වැඩෙමින් පවති. ජනවාරි 8 වෙනිදා ලක්‍ෂ 4කින් මහින්ද පරාද විය. මෛති‍්‍ර අගෝස්තු මහ මැතිවරණයට මුහුණ දුන්නේ තමා දිනවූ සිවිල් සමාජය සමග නොවේ. ඔහු සදය උපහාසයෙන් හැර දැමූ ශී‍්‍රලනිපය සමගය. ජනවාරියේ තමන් බලයට පත් කළ සිය`ථ පක්‍ෂ වලට එරෙහිව අගෝස්තුවේ මෛති‍්‍ර මහින්ද සමග එක්ව, ශී‍්‍රලනිපය සහ එක්සත් ජනතා නිදහස් සංධානය මෙහෙයවිය. මෛති‍්‍ර මහින්ද දෙදෙනාගේ අගෝස්තු මැතිවරණ පාඨය රනිල්ද මහින්දද යන්න විය. ආසන 106ක් හිමි කරගත් රනිල් තවම රටේ අගමැතිය. දැන් රනිල් එළවා මහින්ද අගමැති කරවන කුමන්ත‍්‍රණය දියත්ව ඇත. ඒත් ශී‍්‍රලනිපයේ නායකයා කවුදැයි තින්දු වී නැත. එහෙත් නයා සහ අග්ගලා සහිත හම් පයිය පමණක් මෛති‍්‍ර කිහිලි ගසාගෙන ඇත.

වසර 2010 මහ මැතිවරණයේදී එජාප ඡුන්ද පදනම 2357057ක් විය. එය 2015 අගෝස්තුදී එජාප ශක්තිය 5098927 තෙක් වැඩිවිය. 2015 අගෝස්තුවේ ජනතා විමුක්ති පෙරමුණට, නිදහස් සංධානයට, දෙමල සංධානයට එරෙහිව එජාපය කළේ හුදෙකලා සටනකි. මෛති‍්‍ර ජයග‍්‍රහණය කරවූ ජනවාරි සටනට ජවිපෙ මෙන්ම උතුරු නැගෙනහිර දායකත්වයද ලැබිණ. අගොස්තුවේදී මෛති‍්‍ර නිදහස් සංධානය නියෝජනය කළේය. ප‍්‍රතිපලය කුමක්ද? 2010 යුද ජයග‍්‍රහණය සමග මහින්ද මෛති‍්‍රලා එක්ව නිදහස් සංධානය උපයා ගත් 4846388ක ජන ශක්තිය 2015 අගෝස්තුවේ 4732669 තෙක් පහළ වැටිමය. 2010 සහ 2015 අතර වෙනස 113619කි. 2.34%ක් වන ඒ සංඛ්‍යාව බැලූ බැල්මට බෙහෙවින් අල්ප වේ.

එයින් කියන්නේ අල්ලස දූෂණය භීෂණය පවුල් වාදය නැති කරනවාට, නිදහස් සංධානයට ඡුන්දය දුන් පිරිසෙන් 97.66%ක් සූදානම් නැති බවය. මේ විග‍්‍රහය හරහා ශී‍්‍රලනිපයේ ක`ථ හංසයන් අතර, සිටි එකම සුදු හංසයාවූ මෛති‍්‍රපාල සිරිසේනගේ හෙට දවස ගැන තිරණය වනු ඇත. එක්කෝ රටේ සිවිල් ජනතාව භාර කළ යහ පාලන ධජය අතින් ගෙන රට නිවැරදි දිසානතිය වෙත මෙහෙයවිමය. හෝ යුද්ධය දිනු නිසා මහින්ද හොරකම් කළාම මොකද රණ විරුවන් මිනි මැරුවාම මොකද කියා අසන චින්තනය වෙනුවෙන් පෙනී සිටිමය. මේ සංඛ්‍යාත්මක සත්‍යය තේරුම් ගැනීම කාට කාටත් යහපත්ය.

2.34%ක් හෙවත් එක් ලක්‍ෂ දහතුන් දහස් හයසිය දහ නව දෙනෙක්් පමණක් නිදහස් සංධානයෙන් ඉවත්ව රට වෙනුවෙන් පෙනි සිටිති යයි අප උප කල්පනය කරමු. ඉතිරි 97.66%ක් දෙනා (මේ පිරිස රටෙන් 38%කි.*මහින්ද වෙනුවෙන් මරාගෙන මැරෙනු ඇත. ඒ අය මෙහෙයවනු ලබන්නේ දිනේෂ්ලා විරවංශලා ගම්මන්පිලාලා වෙල්ගමලා, රත්තරන්ලා සොයිසාලා ආදි දිවයිනේ නම ගිය සුවිශේෂ චරිත වෙති. නායකයන්් නොවන මොවුන් රට පුරා විසිරි සිටින, නිදහස් සංධානය නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා පිරිස් අනුව කි‍්‍රයා කරති. ඒ පිරිස අතර පොලිසියට පහර දුන්නෝ වෙති. කුඩා දැරියන් දූෂණය කොට සාද පැවැත්වූවෝ වෙති. සංචාරය පිණීස මෙරටට පැමිණී පිරිමින් මරා ගැහැනුන් දූෂණය කළෝ වෙති. මේ මිනිසුන් මහින්ද හරහා ඉල්ලන දේ දිමට මෛති‍්‍රපාලට කිසි දිනෙක නොහැකිය. එවැනි ශක්තියක් ඔහුට තිබුණා නම් මෛති‍්‍ර කිසි විටෙක මහින්ද හෝ සංධානය අතහැර එන්නේ් නැත. මේ කියන්නේ අ`ථත් ගමණක් යාමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පොළඹවා ගැනිමට මෛති‍්‍රපාල සිරිසේනට දුෂ්කර කාර්යක් වන බවය. මේ තත්වය යටතේ ජාතික ආණ්ඩුවේ පැවැත්ම ලිච්චවි සම්ප‍්‍රදාය ගැන දේශපාලන විචාරකයන් ගැඹුරෙන් කල්පන කිරිම යහපත්වේ.

ඉතිහාසය තුල එකම දේ නැවත නැවත සිදුවන බව කියති. ඒ අනුව 1956 පෙරළිය සඳහා බණ්ඩාරනායක සොයා ගත්තේ මෛති‍්‍රපාල සොයා ගත්තා වාගේය. 56දී එතෙක් මැතිවරණ සිතියමේ නොපැවති මහජන එක්සත් පෙරමුණක් නිර්මානය විය. ඒ තුල අන්ත සිංහල භාෂාව රාජ්‍ය භාෂෘව කරන්නෝ මෙන්ම, භාෂා දෙකට සමතැන් ඉල්ලන්්නෝද සිටියහ. අවසානයේ කුමක් සිදුවීද? 1959 සැප්තැම්බර් 25 වෙනිදා බණ්ඩාරනායකට වෙඩි තැබිය. 26 වෙනිදා බණ්ඩාරනායක දිවංගත විය. ඊට මුල්වුණේ ශී‍්‍රලනිපය ශක්තිමත් කළ සොමාරාමලාය. බුද්ධරක්ඛිතලාය. විමලා විජේවර්ධලාය. අනුර සිල්වාලාය. එච්.පීී. ජයවර්ධනලාය. වර්තමාන අරගලය තුල සොමාරාමලා, බුද්ධරක්ඛිතලා, විමලා විජේවර්ධලා සිය ගණනකි. දැරියන් 200ක් කෙළෙසා සාද පැවැත්වූ ප‍්‍රාදේශීය සභා කාරයන් සමග පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටිතිි. මහින්ද වැසු මහනුවර ඒ 26 පාර විවෘත කරයි නම් මරාගෙන මැරෙන බවට අස්ගිරි භික්‍ෂූහු සපත කරති.තුන් නිකායම අනුමත කළ තේරවාදි පනතට අස්ගිරිය තනිව විරුද්ධ වේ. දේවාල පාලනය කිරිමට ඡුන්ද බලය ඉල්ලති. තවත් උදාහරණ නිදර්ශන අවශ්‍ය නැත.

වර්තමානයේ විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය මෙන්ම, බණ්ඩාරනායක 56දී අල්ලස් නිතිය සකි‍්‍රය කළේය. ඒ හරහා ඔහු තම පක්‍ෂයේ දූෂිතයන් රැුසක් ගෙදර යැවීය. එදා තමන් නිර්මානය කළ නැව් සමාගම නිසා බුද්ධරක්ඛිත බණ්ඩාරනායකට වෛර කළේය. මෙදා ක්‍ීභ රක්නා ලංකා ආදි සමාගම් පිළිබඳ නීති කටයුතු දේශපාලන පලිගැනිම් ලෙස හුවා දක්වන්නෝ සිටිති.

ජනවාරි ජයග‍්‍රහණය යනු දේශපාලනයට එහා ගිය පරම සත්‍යයකි. මේ පරම සත්‍ය අත්පත් කර ගැනීමට පල් හොරුන් ළං කර ගත යුතු නැත. උතුර දකුණ යා කළ ජනවාරි ජයග‍්‍රහණය සහතික කර ඇත්තේ ජාතිවාදය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසිනි. මව්බිම පෙන්වා රට සූරාකෑම නොවේ. එය යුගයේ අවශ්‍යතාවය බව අප තේරුම් ගත යුතුවේ. පරස්පරයන් සහිත හෙළ උරුමය සහ දෙමළ ජාතික සංධානය එදා සිවිල් සමාජ සම්මුතිය සමග පෙළ ගැසිණ. සිවිල් සමාජ සම්මුතියෙන් පිට පැන්නොත් දිනාගත් සිය`ථ ජයග‍්‍රහණ විනාස වනු ඇත. ලංකාවේ දේශපාලනය නිවැරදි කළ මෙවැනි බොහෝ ඓතිහාසික අවස්ථා අප අතහැර දමා ඇත. නිදහස ලබා 67 වසරක් ගෙවිලාත් තවමත් අප උනුන් කා කොටා ගන්නේ ඒ නිසාය.

මහින්ද පරදවන ලද්දේ සර්ව ජන ඡුන්ද ශක්තියයි. ඒ ඡුන්ද වැටුනේ දුෂණයට හොරකමට භීෂණයට එරෙහිවය. ඒ ඡුන්ද දෙමළ මුස්ලිම් ලෙස ලඝු කරන්නෝ කියන්නේ සිංහල බෞද්ධන් දුෂණයට හොරකමට භීෂණයට පක්‍ෂය කියාද? පන්සිල් රකින කිසිවෙකුට මහින්ද අනුමත කළ නොහැකිය. මේ සමාජ විපරීතයට අභියෝග කළ හැක්කේ සිවිල් සමාජයට පමණකි. එවිට මහින්ද මෙහෙයවන ශී‍්‍රලනිපයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අත් අඩංගුවට ගත නොහැකි වේ. ජාතිවාදි නොවන්නැයි මෛති‍්‍රපාල ශී‍්‍රලනිපයට අවවාද කරයි. මහින්ද සහ පිරිස ජාතිවාදය වපුරමින් සිටිති.

මෛති‍්‍රපාල සිරිසේන යනු යහ පාලන කේතුව වේ. ඔහුට අනුර යාපාට, බැසිල්ට ගෝඨාභයට එරෙහි පරීක්‍ෂණ කරන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසුරුවා හැරිය හැකිද? එසේම ජාතිවාදි ශී‍්‍රලනිපයට නායකත්වය දිය හැකිද? මෛති‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිපයට අයත් චරිතයක් නොවේ. ඔහුව නිර්මානය කළේ සිවිල් සමාජය විසිනි. මෙති‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිපයෙන් පිටතට ආ යුතුව තිබේ. 1956 බණ්ඩාරනායක මතුකළේ ද, මේ ආකාරයටමය. එහෙත් බණ්ඩාරනායක විනාශ කළේය. මේ පෙළ ගැසෙන්නේ තවත් විනාසයක ආරම්භයද?

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    Great insights..High time for Maithree to decide what he wants..Party or the country…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.