2 December, 2023

Blog

රාජ්‍ය සේවයට නාටාඹීන් පත් කරගමු

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින් මේ දිනවල විවාදිත කරුණු කිහිපයක් සම්බන්ධව මහජන අවධානයට ලක්වී ඇත. (අ) පළමුවැන්න ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයට සම්බන්ධ මූල්‍යමය කි‍්‍රයාවක් දූෂණයක් වංචාවක් බවට ලැබුණ පැමිණිල්ලක් ගැන නීතිය කි‍්‍රයාත්මක විමය. (2) දෙවැන්න රාජ්‍ය විගණන කොමිෂම ස්ථාපිත කිරිම පිණිස සැකසුණ විගණන පනතට එරෙහි විමය. සංචාරක මණ්ඩලයට පාඩු සිදු කළ ගණුදෙනුවක් ගැන විමර්ශණයක් සිදුවිය. විමර්ශණ ප‍්‍රතිපලය අනුව, එකී වංචනික ගණුදෙනුවට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනෙකු වහාම අත් අඩංගුවට ගැනිමට නියෝග නිකුත් කෙරිණ. එහෙත් ඒ නියෝග කි‍්‍රයාත්මක නොවන තත්වයක් උදාවී ඇත. හේතුව එකි 6 දෙනා අතර, ජනාධීපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරිනියක ද සිටිමය. මේ දෙදෙනා තම සබඳතා හරහා ජනවාරියේ දිනා ගත් යහ පාලනය අභියෝග කරමින් සිටිති. ඒ බව හෙළිදරව් වුණේ හොරෙන් පන්නා ගත් ලිපි ගොනුවක සටහනක් නිසා නොවේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයක් නිසාය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ කැඳවා ප‍්‍රශ්න කිරිමට නොතිසි නිකුත් විය. ඔහු බේරා ගැනීමට නිමල් සිරිපාල සිල්වා විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ, පවිත‍්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ නිදා ගත්හ. සිරිලිය ගිනුම ගැන ශිරන්ති රාජපක්‍ෂගෙන් ප‍්‍රශ්න කිරිමට නොතිසි නිකුත් විය. ඒ සමග දකුණු පළාත් අමාත්‍ය ඞී.වි. උපුල් දූෂණ මර්ධන නිලධාරින්ට ගල් ගසා මරණ බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කළේය. ඉන්පසුව ශිරන්තිගෙන් කට උත්තරයක් ගැනීමට, නිලධාරින්ට, ඇයගේ දෙපා මුලට යාමට සිදුවිය. රාජමාන්‍ය හොරකම් ආරක්‍ෂා කිරිමේ ක‍්‍රමය රාජපක්‍ෂ වරුන් කළ බලපෑම්වල ප‍්‍රතිපලයකි. එහෙත් ලංකා සංචාරක මණ්ඩලයේ මගඩියට කොටුවි සිටින ඉහත දෙදෙනාට මේ හයිය දුන්නේ කවුද? මේ බාධා පමුණුවන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නොවේ. ජනවාරියේ ජනතාව පත් කළ යහපාලන කප්පිත්තන් විසිනි. සිදුවූ දූෂණ වංචා සොයා දඬුවම් කිරිමේ වැඩ පිළිවෙල සුපිලිපන්න නොවන බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැත. අත් අඩංගුවට ගන්නවා කියන්නේ එල්ලා මරණවා නොවේ. අධීකරණ කි‍්‍රයාවලියට සම්බන්ධ තවත් එක් පියවරක් පමණකි. ඊට බාධා සිදුවීම් සමස්ත ආණ්ඩුවම ලජ්ජාවිය යුතුවේ.

මේ කණගාටුදායක තත්වය තහවුරු වුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ඇසූ ප‍්‍රශ්නයකට අගමැති වරයා දුන් පිළිතුර නිසාය. එහිදි අගමැති වරයා කියා සිටියේ කුමක්ද? ලංකා සංචාරක මණ්ඩලයේ මගඩියට සම්බන්ධ රජයේ නිලධාරින් තමන්ට එරෙහිව දඬුවම් කිරිම වැරදි බව විශ්වාස කරති. ඔවුන් කියා ඇත්තේ තමන් කළේ රාජකාරියක් පමණක් බවය. සිදුවි ඇත්තේ රාජකාරියක්ද, හොරකමක් ද, අනුව තීරණය කළ යුත්තේ රටේ නිතිය මිස සිද්ධියට වගකිව යුතු සැක කරුවන් විසින් නොවේ. එහෙත් ජනවාරි 8 වෙනිදා පෙරළීය සමග හඳුනා ගත් යහ පාලනය හොරකම් වංචා ගැන නඩු නොඅසාම තිරණ ගැනිමේ අයිතිය හොරුන්ටම පවරා දෙමින් සිටිති. සම්භාව්‍ය සාහිත්‍ය භාෂාවෙන් නම් මෙවැනි අවස්ථාවන් උත්ප‍්‍රාසයෙන් යුතුව ප‍්‍රකාශ කිරිමට අඳෝමැයි යන ෙඡ්ක ප‍්‍රයෝගය යොදනු ලබති. පට්ට හොරෙකු ලෙස රට දන්නා අර්ජුන් මහේන්ද්‍රන් රැුක ගැනිමට තැත් කරන රනිල් මේ හය දෙනා වෙනුවෙන් පෙනී සිටිම ගැන රට පුදුමවිය යුතු නැත. එහෙත් අප මෛති‍්‍රපාල සිරිසේන දෙස බලා සිටිමු. රටේ අවාසනාවට එජාපය රනිල්ට සින්න විය. ඒ නිසාම එජාපයට කිසි දිනෙක රට දිනිය නොහැකිය. මේ ආණ්ඩුව ලැබුණේ මෛති‍්‍ර කළ අභිනිස්ක‍්‍රමණය නිසාය. ත්‍ක්‍ෂෘ ලිපි ගොනු අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගැනිම යනු රනිල්ගේ ලජ්ජා නැතිකම ගැන ප‍්‍රශ්නයකි.

ඉහත කී නිලධාරින් ගැන කරුණු නැවත විමසා බැලීමට, ආණ්ඩුව නිතිපති බල කරයි. එය කැත ඇ`ගිලි ගැසිමකි. රාජපක්‍ෂලාත් මෙසේ සමහර ලිපිගොනු නැවත නිතිපති වෙත යැවූ අවස්ථා එමටය. කුලියාපිටියේ මන්ද බුද්ධික තරුණියක දූෂණය කළ සිද්ධිය ඉන් එක් අවස්ථාවකි. සැකකාර පාහරයන් තිදෙනොට එරෙහිව පොලිස් පරික්‍ෂණ මහේස්ත‍්‍රාත් නියමයෙන් නිතිපති වෙත යැවිණ. ඔවුන්ට එරෙහිව නඩු පැවරිම පිණිස නීතිපති තිරණය කර තිබිණ. ඒ අනුව යම් දවසක කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔවුන් කැඳවනු ලැබිය. ඒ නඩු පවරා චෝදනා පත‍්‍ර කියවා දිම පිණීසය. එහෙත් එදින උදෑසන අධිකරණය හමුවේ පෙනි සිටි නිතිපති දෙපාර්තමේන්තුවේ නිතිඥයෙකු අධිකරණයට දන්වා සිටියේ කුමක්ද? එකී සැක කරුවන් තිදෙනාට එරෙහිව නඩු නොපවරණ ලෙස නීතිපති විසින් උපදෙස් දුන් බවය. චෝදනා පත‍්‍ර භාරදිමට නියමිත දවස වන විට දූෂණ හේතුවන් උක්ත මන්ද බුද්ධික තරුණීය මවක්ව සිටියාය. වෛද්‍ය පරීක්‍ෂණ අනුව ඇය බිහිකළ ඒ දරුවාගේ පියා දූෂණ නඩුවේ පළමුවෙනි චුදිත විය. පොලිසිය සහ නූතන විද්‍යාව විසින් බඩු හොරු සමග අතටම අල්ලා දී තිබිණ. එහෙත් නැවත නීතිපති වෙත ලිපිගොනු යැවිම නිසා, නඩු නොපවරමා ඒ අධමයන් ගෙදර ගියහ. රාජපක්‍ෂ පාලන කාලයේ වාර්තාවූ මෙවැනි සිද්ධින් බොහෝය. එයින් කුලියාපිටිය සිද්ධිය පමණක් උපුටා දක්වන්නේ රටෙන් බහුතරය කාන්තාවන් වන නිසා සහ විපතට පත් තැනැත්තිය මන්ද බුද්ධික තරුණියක වීමත් අර දරුවාට අප්පෙකු අහිමි නිසාත්ය. ලංකාවේ නීතියෙහි වැරදි කරුවන්ට සමාව දෙන ක‍්‍රමයක් ඇත. ඒ ජනාධිපති සමාවය. එය ලැබෙන්නේ නඩු විභාගයකින් දඬුවම් නියම කළ පසුවය. කොටින්ම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් පවත්නා අතර හෝ එවැනි නෛතික සමාවක් ලැබෙන්නේ නැත. වරද කළ වහා තමන්ගේ පක්කාලින්ට සමාව දීමේ ක‍්‍රමය පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ විසිනි. ලංකා සංචාරක මණ්ඩලයට වංචා කළ නිලධාරින්ට සමාව ලැබෙන්නේ කුලියාපිටියේ මන්ද බුද්ධික තරුණීය දූෂණය කළ එවුන්ට සමාව ලැබුණ ආකාරයටය. එවැනි සමාවල් යනු වැරදි කිරිමට ලයිසන් ලබාදිමකි. ආණ්ඩුවේ බදු සල්ලි හොරුන් මේ විදියට නිදහස් කළ පසුව ඔවුන් රනිල් වික‍්‍රමසිංහලාට වජිර අබේවර්ධනලාට රාජ්‍ය භාණ්ඩාගාරයම සොරා කෑමට පහසුකම් සලසා දෙනු ඇත. පොලොන්නරුව ලක්‍ෂ උයන වෙලේ පඹයෙකු වෙමින් මෛති‍්‍රපාල සිරිසේනට මේවා දෙස බලා සිටිමට සිදුවනු ඇත.

ලංකා සංචාරක මණ්ඩලයේ වංචා කළ සැක කරුවන්ට ආරක්‍ෂාව සපයන්නේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයයි. දූෂණ වංචා සිද්ධින් ගැන තම සාමාජිකයන් අත් අඩංගුවට ගනියි නම් තමන් රාජකාරිවලින් බැහැර වන කියන්නේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයයි. ලතින් අමෙරිකා රටවල මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ද මෙසේ ඒ ආණ්ඩුවලට මෙවැනි තර්ජන කරති. ඒ කියන්නේ ලංකාවේ පරිපාලන සේවා සංගමය සංවිධිත හොර මාෆීයාවක්ද? මෙවැනි තර්ජන රාජපක්‍ෂ කාලයේ නොවිය. ඒ කාලේ පරිපාලන සේවා සංගමය මෙහෙයවූයේ සුප‍්‍රකට ගාමිණි සෙනරත්ය. රාජපක්‍ෂ කෙරුවාව උස්සා තැබුව දැයට කිරුළ ප‍්‍රදර්ශනය සුපිරි ගැහිල්ලකි. මොනරාගල දැයට කිරුළ පැවැති අවස්ථාවේ එකී අමාත්‍යාංශ ලේකම් වරයා තම අතිරේක ලේකම් වරියක පොලිසියට භාර දෙනු ලැබීය. සිද්ධිය ටෙන්ඩර් කතාවකි. ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කළාට පොලිසියට භාරදිය හැකිද? කළ යුත්තේ මූලික පරීක්‍ෂණයක් සිදු කිරිමය. ඉන් පසුව පියවර එකින් එක ගැනිමය. එය පොලිස් රාජකාරියක් නොවේ. එදා අර අතිරේක ලේකම් වරිය පොලිසියට භාර දීම ගැන පරිපාලන සංගමය ආණ්ඩුවට තර්ජනය කළේ නැත. එදා මේ කියන පරිපාලන මාෆීයාව කතා කළේ නැත. ඒ ඇයි? ඔවුන් රාජපක්‍ෂලා කැමති විදියට රාජකාරි කරමින් තමන්ද මුදල් උපයමින් සිටි නිසාය. දූෂණ වංචා විමර්ශණ සිදුකර අවසානයේ නිකුත් කළ වාර්තා අනුව කි‍්‍රයා කිරීමට එරෙහි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය මොනරාගල සිද්ධිය දකින්නේ කොසේද?

2002-2004 එජාප ආණ්ඩුවේ මහින්ද විජේසේකර ඇමතිවරයාතම අමාත්‍යාංශ ලේකම්ට බකමූණා කියා ප‍්‍රසිද්ධියේ බැන වැදිණ. එදා පරිපාලන සේවා සංගමය ඊට එරෙහිව, සමෘද්ධි නිලධාරි සංගමය ලවා රට පුරා උද්ඝෝෂණ කරවිය. තමන් යටතේ සිටින රජයේ සේවක පිරිසක් මෙහෙයවා ආණ්ඩුවට තර්ජනය කිරිම දේශපාලනික කි‍්‍රයාවකි. සෝමා කොටකේදෙණීය තැපැල්පති ලෙස සේවය කළ අවදියේ තැපෑලේ වැඩ වර්ජනයක් විය. ඒ තැපැල්පති ගෙදර යවනු කියාය. හේතුව තැපැල් සේවය පුද්ගලික කරණය කිරිමට එරෙහිවය. රාජ්‍ය සේවා නිලධාරියෙකු රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කරයි නම් එය රාජකාරියකි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරිමට රාජ්‍ය නිලධාරින් බැඳී සිටිති. මේ අයහපත් තත්වය සාමාජිකයන් පිරිසක් පරිපාලන සේවා සංගමයට දැන්වූහ. එදා සංගමයේ සභාපති රනුග්ගේය. ලේකම් ගාමිණී සෙනෙවිරත්න ය. රනුග්ගේ සහ ගාමිණි සෙනෙවිරත්න සෝමා කොටකේදෙණීය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඔවුන් දෙදෙනා කීවේ වෘතීය සමිති නිවැරදි බවය. තැපැල් සේවය පුද්ගලික කරණය කිරීම අයහපත් බවය. අද රනුග්ගේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකි. ගාමිණී සෙනෙවිරත්න රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්ය. අද මේ දෙදෙනා කියන්නේ කුමක්ද? රාජපක්‍ෂලා වෙනුවෙන් සොහොන් බැඳීමට සිල් රෙදි ගැනිමට රාජ්‍ය මුදල් වැය කළ නිලධාරින් කළේ රාජකාරියක් බවය. පරිපාලන නිලධාරින් දූෂණ වංචාවලට එරෙහිව අත ඔසවන විට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් ගෙන් සමන්විත රාජ්‍ය සේවා කොමිෂම නිදි වදින්නේ ඇයි? පවත්නා ආණ්ඩුව තමන්ගේ නම් නිහඬ වීමත් ආණ්ඩුවට තමන් අකමැති නම් පාරට බැසිමත් මේ අයියලා හැමදාම කළ නිසාය. තනතුරු අත් හැර යනවා කියන්නේ රස්සාව දමා ගෙදර යනවා කියන එකය. රාජපක්‍ෂලාට බය නැති මෛති‍්‍රපාල මේ සිපයි කතා වලට බියෙන් ගැහෙයි. මේ අය හර යන තනතුරු වලට මුට්ට උස්සන නාටාඹීලා පත් කලත් එය මහත් පිනකි. එය රටට ලාබය. නාටාඹීලා ජීවත් වන්නේ දහදිය හෙළිමෙන් මිස හොරකම් කිරිමෙන් නොවන නිසාය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ බලයට පත් කළේ ජනතාව විසිනි. රාජ්‍ය මුදල් වැය කර ඡුන්දෙට සිල්රෙදි බෙදීමට මුදල් සැපයූ, රාජපක්‍ෂ පවුලේ වැඩිහිටියන්ගේ සොහොන් කොත් බැඳීමට රජයේ මුදල් ලබාදුන්, ලිත් පනස් ලක්‍ෂයක් සඳහා මුදල් අතට ගෙන ලිත් දෙලක්‍ෂයක් මුද්‍රණය කර ඉතිරිය සාක්කුවේ දමා ගත් නිලධාරින් කළේ රාජකාරි බවට කරන ප‍්‍රකාශය ද වංචාවකි. ඒ හොරුන් රකින රාජ්‍ය සේවයේ තක්කඩින් ගැන ජනතාව පුදුම නොවේ. පුදුම වන්නේ ඒ තක්කඩිකම් ගැන බියේ වෙව්ලන රටේ යහ පාලනය වෙනුවෙන් කැපවූ පාලකයන් ගැනය.

රනුග්ගේ සහ ගාමිණී සෙනෙවිරත්න එදා එහෙම කි‍්‍රයා නොකළා නම් ඔවුන්ට ඒ ගැන කරුණු කීමට අවස්ථාව ඇත. මෑතක ගාල්ලට පත් කළ එක් දිස්ති‍්‍රක් ලේකම්වරයෙකුට බරපතල විනය පරීක්‍ෂණයක් සිදු විය. එහි තින්දුව සදාචාර සම්පන්න නොවන හෙයින් මෙහි සටහන් නොකෙරයි. ඒ නිලධාරියා නිදොස් කොට නිදහස් කළේ රනුග්ගේ වාර්තාව අනුවය. රණවකලා පැල්පිටලා බේරා ගැනිමට ගාමිණි සෙනෙවිරත්න දඩල්ලගේට ලාම්පුව ඇල්ලූවේ නැති නම් ඒ බව ඔහු රටට පැහැදිලි කළ යුතුවේ. එසේ නොවේ නම් රාජ්‍ය සේවා කොමිෂම මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවිය යුතුව තිබිණ. ගමන් වියදම් වංචාවක් මතු නොව, නිවඩු නොගෙන සේවා ස්ථානයෙන් බැහැර වීම ගැන පවා තදින් කි‍්‍රයා කළ රාජ්‍ය සේවය අද පල් හොරුන් කළ තක්කඩිකම් හොරකම් රාජකාරි බව කියමින් ආණ්ඩුවට තර්ජනය කරති.

රාජපක්‍ෂ පාලන යුගය බිහිසුණුය. ඒ කාලයේ රාජ්‍ය නිලධාරින් පවා සිටියේ බයෙන් මිරිකිලාය. එහෙත් සත්‍ය වශයෙන් තම නියාමනය රාජ්‍ය සේවය සඳහා සැපයූ නිලධාරින් එදා විය. විමල් විරවංශ තම පෙන්දෙකු ලබා බිය ගන්වා පළවා හැරියේ එවන් ලේකම් වරයෙකි. අද විමල් විරවංශ රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම ගැන උසාවි යන්නේ කටඋත්තර දෙන්නේ අර ලේකම් එළවා දැමිමේ සහ එහෙයියෙකු ලේකම් කමට පත් කිරීමේ පාපය නිසාය.

විගණන පනතේ අධීභාරය ගැන ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය ජල්ලි අල්ලමින් සිටිති. අධීභාරය යහ පාලනය ඉන්දියාවෙන් ආනයනය කළ එකක් නොවේ. මුදල් පරිපාලනය සඳහා හැමදාම පැවති විධිවිධානයකි. මුදල් අවභාවිතයකට අදාලව අධිභාරය අය කරනවාද නැද්ද තවමත් තිරණය කරන්නේ ලේකම්වරු හෝ ප‍්‍රධාන ගිනුම් නිලධාරින් විසිනි. එහෙත් මේ ඊනියා පරිපාලන සේවා නිලධාරින් මේ වන විට අධිභාර රීතිය කටුගෙට යවා හමාරය. විගණන පනත අනුව අධීභාර විධිවිධානය අනුව රාජ්‍ය සේවයාට දේශපාලනඥයා ඉක්මවා යාමට ලැබෙන්නේ සුපිරි අධීකාරියකි. ඒ රාජ්‍ය මුදල් ආරක්‍ෂාව සහ අවභාවිතා කිරිමේ අවස්තා අවම කිරිම සඳහාය. පරිපාලන සංගමය ඊට එරෙහිව සටන් කරන්නේ එක්වී සොරකම් කිරිමට නොවේද? මේ රාජ්‍ය නිලධාරි පැලැන්තියට ආණ්ඩුව බිය වන්නේ ඇයි? සකල රාජ්‍ය සේවයෙන් මේ තක්කඩින් ප‍්‍රමාණය ගත් විට සියයට 7කටත් අඩුය.

සිවිල් සමාජය ආණ්ඩුවෙන් අසන්නේ ජයරත්න නම් චුදිත නිලධාරිනිය රට පටවා, අනුෂ පැල්පිට ඒ පුටුවට ගෙන එමින් දූෂීතයන් රකින මේ පාර විවෘත කළේ වජිර අබේවර්ධනද? නැතහොත් වජිර අබේවර්ධන නම් මුට්ටිය දමා මේ සෙල්ලම අත්හදා බැලූවාද? යන්නය. මේ ප‍්‍රශ්න දෙකම යොමු වන්නේ ජනාධීපති වරයාටය. වජිර විවෘත කළ පාරේ ලොක්කන් ගියද, ලොක්කන් විවෘත කරදුන් පාරේ වජිර ගියත් සිද්ධ වන්නේ රාජපක්‍ෂලා කෙළින්වීම හෙවත් දූෂණය හොරකම රටේ සහතික වීම පමණකි. ජනතාව අපේක්‍ෂා කළ සුපිලිපන්න රට බිහි කිරිමට රටට සපත කළේ මෛති‍්‍රපාල මිස රනිල් නොවේ. මහින්ද රාජපක්‍ෂට එරෙහිව අතපය පමණක් ගෙන පැමිණි මෛති‍්‍රපාල පල් හොරුන් කිහිප දෙනෙකුට බියවීම විශ්වාස කළ හැකිද? පරිපාලන සේවා තර්ජනය හමුවේ මෛති‍්‍ර කල් මරනු දුටු ජෝන් සෙනෙවිරත්න ගෝඨාභය නායකයා කළ යුතු බව කියයි. ඒ නොකියා කියන්නේ මෛති‍්‍රට නායකත්වයක් නැති බව ය. ජෝන්ගේ හැසිරිම මෛති‍්‍ර නොව මෛති‍්‍ර දිනවූ සිවිල් සමාජය සවුත්තු කිරිමකි. ජෝන්ට හොඳ වුනාට, රාජපක්‍ෂ යුගයේ මර්වින් සිල්වා පවා ගෝඨාභයට මිනි මරුවා කීය.

ලංකාව බෞද්ධයෝ බණ අසති. භාවනා කරති. දන් දෙති. පන්සල් හදති. එහෙත් නො රැුක්කාට හාමුදුරුවරු උදහස් නෙවෙති. නැවත නැවත පන්සිල් දෙති. එහෙත් යහ පාලන පංච ශීලය සමග හුරතල් නොවිය යුතුය. රට යහපත් කිරිමේ පොරොන්දුව කැඩුවොත් ජනවාරි ජයග‍්‍රහණය සමග, සිවිල් සමාජ බලවේගය රාජපක්‍ෂලා විසින් අඩි පහක් පොළොව යට මිහිදන් කරනවාය. ජනාධීපති මෛති‍්‍රපාල මෙය නිතර සිහිපත් කරමින් සිටියි. එහෙත් අවාසනාව මෛති‍්‍රගේ නායකත්වය නිර්මානය කළ සිවිල් ජනතාව ගැන මෛති‍්‍ර විශ්වාසය නොතැබීමය. අඩි පහක් පොළොව යට වැළලෙනවාද රටේ යහ පාලනය ස්ථාපිත කරනවාද මේ අභියෝගය හැට දෙ ලක්‍ෂයක් දූෂණ විරෝධි සිවිල් ජනතාවගේ හිසට ඉහළින් කඩුවක් සේ එල්ලෙමින් පවතී.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    It is a known fact that the majority of the senior SLAS officers are corrupted and have become boot lickers of politicians for there’s own benefit. It is proved the numbers of allegation raised against them from the FCID office. To eliminate this situation , the office of the auditor general should be made indipendent and it must give teeth to hold investigation against these SLAS officers. But these matters are being blocked by the very same peppople as majority of those are the permanent secretaries of all or majority of ministries.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.