25 April, 2024

Blog

ජොනීලා උසාවි යති, ගෝඨා රජ කරවන්න ජෝන්ලා දඟ​ලති

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අර්ජුන​ මහේන්ද්‍රන් යහ පාලන ආණ්ඩුවේ අනාගතය තීරණය කිරීමට නියමිතව තිබිණ. එය කාගේත් යහපතට හේතුවන පරිද්දෙන් අවසන් විය. ජනවාරි 8 පැතූ යහ පාලනය මේකද? සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය නැවත නැවත ප‍්‍රශ්න කරන්නේ මෙවැනි කරුණුය. මෙහිදී අප ආපසු මහින්ද රාජපක්‍ෂ පළවා හළ සටන් ඉතිහාසයට යොමු වෙමු. එකි සටන සාරාංශ කළ විට වර්තමානය සහ අනාගතය සඳහා උචිත මාර්ගය විවර කරගත හැකිය.

මාදුළුවාවේ සෝභිත හිමියන් යහ පාලන සටන ආරම්භ කළේ රට සදාචාර සම්පන්න කිරිම සඳහාය. රටට අනාගතයක් නිර්මානය කිරිම සඳහාය. ඒ සඳහා ව්‍යාපාරය මෙහෙයවමින් මහින්ද මුහුණ දිය හැකි නායකයෙකු සිටියේ නැත. එහි තේරුම රටේ දේශපාලනය පන්නරය සහිත චරිත නො සිටියා යන්න නොවේ. මහින්ද රාජපක්‍ෂ අත පැවති ජාතිවාදි අධිපතිවාදි සූදුව බෙහෙවින් බියකරු වූ නිසාය. සියළු බලවේග සහ චරිත නිශේධව තිබිණ. විවිධ හේතු නිසා මේ වනවිට එජාපයද නායකයෙකු සොයමින් සිටීම පැවති බරපතලම තත්වයයි. රාජපක්‍ෂ යාන්ත‍්‍රණය හමුවේ සකල විපක්‍ෂ දේශපාලනයම සිටියේ ආබාධීත තත්වයෙනි. සෝභිත හාමුදුරුවන් වහන්සේ පොදු අපේක්‍ෂක සංකල්පය ඉස්මතු කළේ ඊට පිළියමක් හැටියටය. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පිහිටුවිමේ ආරම්භක සාකච්ඡාව පැවතියේ පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේය. එදා කරු ජයසුරිය සරත් පොන්සේකා පමණක් නොව රාජපක්‍ෂෂ සමග සිටි වාසුදේව නානායක්කාර පවා පැමිණ සිටියේය. කරු ජයසුරිය මෙන්ම වාසුදේව නානායක්කාර කියා සිටියේ තමන් පැමිණීයේ පුද්ගලයන් හැටියට මිස දේශපාලන පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. එදා හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රද මෙතනට රිංගා කතාවක් කිරිමට සමත් වූවාය. ඒ වෙන විට හිරුනිකා කොටු කිරිමේ රාජපක්‍ෂ මෙහෙයුම කි‍්‍රයාත්මකව පැවතිණ. රැුස්විම අවසානයේ කිහිප දෙනෙකු හාමුදුරුවන්ට හිරුනිකා පිළිබඳ තත්වය දන්වා සිටියහ. ඒ අවස්තාවේ එතුමන් කීවේ කුමක්ද?

‘‘කමක් නැහැ මහත්තයෝ මිනිස්සු එයි යයි. අපිත් යමු. මහින්ද එක්ක ඉන්න අයට මෙතන තහනම් කළොත් අරමුණ දිනා ගැනිමට අමාරුයි. හිරුනිකා ළමයා යනවා නම් ගියාවේ. බලමු. කියාය. ඊළඟ සතියේ පොලොන්නරුවේ නිදහස් සංධාන වේදිකාවට නැගුණ හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර ගීත ගායනා කළාය. මේ කියන්නේ 2013 වසරෙහි කතාවකි. 2015 ජනවාරිය වනවිට හිරුනිකා හිටියේ මහින්දට එරෙහි වේදිකාවේය. අගෝස්තුවේ හෙළ උරුමයේ අනන්‍යතාවය වැනිවූ අතුරලියේ රතන හිමි සහ පාටලී චම්පික මැතිවරණය තරග කළේ එජා පෙරමුණ යටතේය. මේවා දේශපාලන සිද්ධි විග‍්‍රහයකදී පුංචි නැත. එය පුරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රටේ දේශපාලනය උඩු යටිකුරු කළ හැටිය. ඒ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ මහින්ද පරදවා තවත් පරපුරකට රට භාරදිම නොවේ. රටේ යහපත පිණිස පරපුරක් නිර්මානය කිරිමය. රට සදාචාර සම්පන්න කිරිමය. ඒ කිසිවක් මේ වනවිට සිදුවි නැත. අදටත් ඒ සද් ව්‍යායාමය එසේම පවතී. හෙවත් රටේ දේශපාලනය උඩු යටිකුරු කිරිමේ ජාතික ප‍්‍රයත්නය කාලීන අවශ්‍යතාවක් බවය. මෛති‍්‍රපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා ලෙස පිලිගත්තේ එකී කාලීන අවශ්‍යතාවයට අනුකූලවය. ඒ කිසි තැනක මෛති‍්‍රපාල නැවත තමන් සිටි ගුබ්බෑමයට යාම ගැන කිසිවෙකු විමසා නොතිබිණ.

දේශපාලන පක්‍ෂ එක්වීම මෙන්ම වෙන්විමද ජනවාරි ජයග‍්‍රහණය අපේක්‍ෂිත තත්වයකි. ජනවාරි ජයග‍්‍රහණයේ මේ චින්තන රටාව මෛති‍්‍ර රනිල් හෝ හදාරා නැති බව පෙනේ. රනිල් වික‍්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍ර කර ගබා ගත්තේ ලංකාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය වගේය යන මනෝ විකාරයෙනි. මෛති‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිපය සමග කූට්ටාලි වුණේ ලංකාව ඩාර්ලි පාරේ පක්‍ෂෂ මූලස්ථානය ලෙස කල්පනා කරමිනි. දෙදෙනාම තැත් කළේ ජනවාරි ජයග‍්‍රහණ ආකල්ප තනිකර සිය දේශපාලන රටා තුල ගුලිවී සිවිල් කි‍්‍රයාරින් කෝප කිරීමය. ජනවාරි ජයග‍්‍රහණය සහතික කර ඇත්තේ ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේනගේ අඩයාලම ස්ථාපනය කිරිමෙනි. මෛති‍්‍රගේ පටන් සියළුම දේශපාලනඥයන් මේ තත්වය තේරුම් ගත යුතුව තිබේ. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය යනු විශ්වාසයකි. විශ්වාස හරහා මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ඇදහීම් නිර්මානය විය. මහින්ද රාජපක්‍ෂ පෙරළා දැමිය නොහැකි බවට ගොඩ නැගුණ විශ්වාසයක් තිබිණ. ඒ විශ්වාසය ශක්තිමත් කිරිමට ඇදහිල්ලක් නිර්මානය විය. ඒ ඇදහිල්ල කුමක්ද? යුද්ධය දිනා ගත් නිසා මහින්ද හොරකම් කළාට වරදක් නැත යන්නය. අන්ධ විශ්වාසයක් අන්ධ ඇදහීමක් සමාජයක් රටක් විනාස කරන්නේ එහෙමය. එය ජීවිතාරක්‍ෂාව පිණිස සතුන් බිලිදිම වැනි මිත්‍යාවකි. බුද්ධාගම අනුව හෝ හොරකම් කළාට කමක් නැත කීමද පාපයකි.

මහින්ද හොරකම් කළාට කමක් නැත කියවා ගත්තේ ඇයි? මහින්ද කළ හොරකම් කළ නිසාය. සොල්දාදුවන් රණ විරුවන් කරන්නේ ඇයි? ඔවුන්ට එල්ලවන අපරාධ වැරදි වලින් බේරා ගැනිම පිණීසය. එහෙත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව සරත් පොන්සේකා ඡන්දය ඉල්ලීම නිසා ඔහු සිරගත කළේය. ඒ අවස්ථාවේ සරත් පොන්සේකා තම හමුදාපති බව මහින්දට අමතක විය. මහින්ද රාජපක්‍ෂ ඒ හැසිරිම තුල සියළු ප​රාජයන් ලබා හමාරය. නැවත මහින්ද ඔසවා තබන මහින්ද වාදිහූ රට අවුල් කිරිමට අස්සේ ගෝපයියන් ලෙස හැසිරෙමිනි.

ඒ නිසාම, මෛති‍්‍ර පාලනය යටතේද, දුෂණ වංචා නතර කිරිමේ ප‍්‍රයත්නයට එරෙහිව යුද්ධය දිනා ගත් නිසා හොරකම් කළාට වරදක් නැත කියන්නෝ සිටිත්. ගෝඨාභය නායකයා කිරිම යනු ඍජුව ව්‍යාපෘතිය වේ. එය කුණුහරුපයකි. අද සකි‍්‍රය දේශපාලනයේ පවත්නා පරස්පරය එයයි. මහින්ද රාජපක්‍ෂ ජපන් ටයිම්ස් පත‍්‍රයට කීවේ කුමක්ද? දේශපාලන පලිගැනිම් සිදුවන්නේ තම පවුලට පමණක් බවය.එහි තේරුම දේශපාලන පලිගැනීම් යනු මහින්ද ශිරන්ති, ගෝඨා, බැසිල් නාමල් යෝෂීතට එරෙහිව කි‍්‍රයාවන් පමණකි. ලලිත් වීරතුංග අනුෂ පැල්පිට ආදිහූ වෙනුවෙන් වෘතිය හයියෙන් පෙනී සිටිමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට තර්ජනය කරයි.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය නැවත සිය එකමුතුව රැුස් කළේ ජනවාරි ජයග‍්‍රහණයෙන් අපේක්‍ෂිත කිසිවක් සිදුවී නැති නිසාය. මහින්ද රාජපක්‍ෂ පරාද කළා කියා රටම උද්දාමයට පත්වූ බව සැබෑය. එහෙත් මහින්ද රාජපක්‍ෂ පරාද කිරීමෙන් රටේ දේශපාලන සදාචරය අලූක්කාලක් හෝ වෙනස්වි තිබේද? මේ ප‍්‍රශ්නය යොමු කළ යුත්තේ කාටද? අපරාධ චෝදනා නැගුණ අනුෂ පැල්පිට වැටුප් ලැබීම ගැන ප‍්‍රශ්න කෙරිණ. ඔහුගේ වැඩ තහනම් විය. තිලින ගමගේ විනිසුරු අසුනෙන් බස්වනු ලැබිය. ඒ සිවිල් සංවිධාන ප‍්‍රශ්න කළ නිසාය. එහෙත් 2015 පෙබරවාරියේ සිට දූෂණ චෝදනා නැගෙන අරවින්ද් මහෙන්ද්‍රන් ගැන මෙතරම් හා හූවක් ඇයි? මහ බැංකු අධීපතියා යනු තවත් රජයේ සේවකයෙකු පමණි. ඔහු ගැන තීරණයක් ගැනිමට මෙතරම් තටමන්නේ ඇයි? සිවිල් පුරවැසි බලය කල්පනා කරන්නේ යහ පාලනය පිළිබඳ නිසි බලධාරියා මෛති‍්‍රපාල සිරිසේන කියාය. ඔහු විජේදාස රාජපක්‍ෂ වජිර අබේවර්ධන මෙන් සිල් බිඳගෙන නැත. පොදු අපේක්‍ෂකයා වෙමින් මහින්දට මුහුණ දුන් පුරවැසි පළිහ ලෙස අභිසේක ලත් මෛති‍්‍රපාල සිරිසේන සිය වගකීම් කරට ගෙන නැත. සිවිල් බලය සමාජය තුල හිදැසක් අපේක්‍ෂා කරන්නේ ඒ නිසාය. සමහර විට මෛති‍්‍රපාල සිරිසේනට මේ ගැන ලජ්ජා හිතෙනවා විය හැකිය. එහෙත් සැබෑ සත්‍ය යනු ඊට වඩා වෙනස් දෙයක් නොවේ.

මහින්ද පරාජය කළේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසිනි. එහෙත් මෛති‍්‍රපාල සිරිසේන රටේ ජනාධිපති වුණේ ඡුන්ද ප‍්‍රතිපලයක් හැටියටය. ඔහු තමන් ඡන්ද ප‍්‍රතිපලයක් පමණක් නොවන බව සහතික කර නැත. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ව්‍යාපාරය අපේක්‍ෂා කළ කිසිවක් සිදු නොවී ඇත්තේ ඒ නිසාය. සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතය ගැන පරික්‍ෂණ අවසන් විය. කළ යුතුව තිබුණේ වගකිව යුතු අය අධිකරණයට ඉදිරිපත් කිරිමය. එහිදී සිද්ධ වුණේ හොරුන් බේරිය හැකිදැයි නැවත සලකා බැලීමට අදාල ලිපි ගොනුව නැවත නිතිපති වෙත යැවිමය. එය කළේ මහින්ද රාජපක්‍ෂ නොවේ. එක්කෝ අගමැතිය. නැතොත් ජනාධිපතිය. කවුරු කළත් එය නිතියේ ආධීපත්‍ය වෙනුවෙන් දිවුරා සිටින අගමැතිට හෝ ජනාධීපතිට ඒ කි‍්‍රයාව තරම් නොවේ. පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට පත් ලලිත් වීරතුංග, අනුෂ පැල්පිටට නඩු පැවරූ ආකරය විකෘතියකි. කවුරු කළත් එය නැහැදිච්ච කමකි. අලි හොරකම සඳහා අත් අඩංගුවට පත් උඩුවේ ධම්මාලෝක හිමිට මහේස්ත‍්‍රාත් අධීකරණයෙන් ඇප දීමද කාගේ හෝ නැහැදිච්ච මැදිහත්වීමක ප‍්‍රතිපලයකි. වගකිව යුත්තන් ලෙස විමර්ශණ විසින් හඳුනා ගත් සියළු දෙනා ප‍්‍රකාශ ලබාදිමට රහස් පොලිසිය වෙත කැඳවූහ. එහෙත් ශිරන්ති රාජපක්‍ෂට සැලකුනේ වෙනත් ආකාරයකටය. ඊට කවුරු මැදිහත් වුවත් එයද නැහැදිච්චකමකි. අත් අඩංගුවට පත් නොවි සිටිමට විනිසුරු තිලින ගමගේ පිළිකුල් සහගත ලෙස හැසිරුණේ සමහර විට ශිරන්ති රාජපක්‍ෂට සැලකු ආකාරය ගැන හිතේ පැවති ජොලිය නිසා විය හැකිය. මෙතන ඇත්තේ ගුරා සිටගෙන කරන දේ ගෝලයා පාර පුරා දුවමින් කිරිමකි. මහින්ද වෙනුවට මෛති‍්‍ර පත්වුනාට රටේ පාලනය අළුක්කාලක් හෝ වෙනස්ව නැත කීවේ ඒ නිසාය. මේ විස්තර කළේ ඡුන්දයෙන් මහින්ද පරාද කළත් තවම මහින්ද ක‍්‍රමය රටේ කි‍්‍රයාත්මක බව තහවුරු කිරිමටය. විස්තර කළ සිද්ධි යහපාලන භාර කාරයන් රට බලා කියා ගන්නා විදියට සාක්‍ෂි වෙති. මේ සියල්ල නීතියේ ආධිපත්‍ය තවමත් වලපල්ලේ බවට සාධක වෙති. මේ හරහා පරිශුද්ධ ජනවාරි ජයග‍්‍රහණය හෑල්ලුවෙමින් පවතී. ජේසුස් කි‍්‍රස්තුන් ඇණ ගසා මැරිම ඓතිහාසික වරදකි. ඉතිහාසය ඒ අපරාධය මනුෂ්‍ය සංහතිය පිට පැටවූයේ කෙසේද? මළවුන්ගෙන් නැගිටීම ලෙස අර්ථ ගන්වමිනි. ඒ නිසා මේවා සෙල්ලම් නොතකා හැරිම් නොවන බව මෛති‍්‍ර විසින් සිහිකට යුතුවේ. එහෙම කියන්නේ කොළඹ රාජකීය සංස්කෘකිය ධර්ම චක‍්‍රය හෝ කුරුසිය වාසිය හමුවේ නොතකා හරින නිසාය. අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ අඩව්ව ඊට නිදසුනකි.

අපි මහින්දට අනුප‍්‍රාප්තිකයන්වූ ආණ්ඩුව දෙසට හැරෙමු.

ජනවාරි ජයග‍්‍රහණය මෛති‍්‍රපාලගේ හෝ රනිල්ගේ සින්නක්කර එකක් නොවේ. එහෙත් තවමත් අපට පෙනෙන්නේ එවැන්නකි. මෛතී‍්‍රට ශී‍්‍රලනිප නායකත්වය දී ඒ පක්‍ෂයේ කොටසක් යහ පාලනයට එක් කර ගත්තේය. ඒ සම්මුතිවාදි පැවැත්මකට අනුගත වෙමිනි. අනුගත සම්මුතිය යකාට ගිය බව 19 වෙනි සංශෝධනය බකල් කළ ආකාරයෙන් ඔප්පු විය. ජනවාරි ජයග‍්‍රහණය අපේක්‍ෂා කළ දේ 19 වෙනි සංශෝධනයෙහි නැත. එය මේ කියන නව පාලන කෙරුවාවේ විකෘතියකි. එළදෙන පැටවා බිහි කළ බව සැබෑය. එහෙත් එළදෙනගේ හිමිකරුවන්ට හිමිව ඇත්තේ වැදෑමහ (umbilical cord) පමණකි. පැටුවා කවුදෝ සොරා ගෙන ගොස්ය. වැදෑමහ හිමිවූ ජනවාරි ජයග‍්‍ර‍්‍රහණය එය කිරි ගසක එල්ලා බලා සිටිති. ගෙවුන වසර එක හමාර තුල ජනවාරි සුරබිදෙනගෙන් කිරි දොවන්නේ අයිතිකාරයා නොවේ. පැටවා පැහැර ගත් තක්කඩියන් පිරිසකි. මාංචු වැටී උසාවි යන ජොන්ස්ටන්, බැසිල්, සචින් වාස්, ගම්මන්පිල මේන් යහ පාලනය කියා මාංචු කුට්ටම පෙන්වා සිනාසෙති. එවැනි චෝදනා ගහණ අනුර යාපා ඩිලාන් පෙරේරා යහතින් ඇමතිකම් කරති. අගෝස්තු මහ ඡන්දයට පසුව එකඟතාවක් නැති සම්මුතියට තවත් පිරිස් එක් විය. දැන් විධායක ක‍්‍රමය අහෝසි කිරිමට ශී‍්‍රලනිපය විරුද්ධ බව පළවේ. ජනවාරි මතවාදය අගෝස්තුවේත් ජනතාව නැවත අනුමත කළහ. එක් වසරක් තුළ දෙවරක් ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ ශී‍්‍රලනිපය යහ පාලන සමුම්තියට කොන්සේසි දමා එය විනාස කිරිමට පිඹුරු පත් සකසමින් සිටියි.

පවත්නා ආණ්ඩුවේ ශී‍්‍රලනිප සම්මුතිය එවැන්නකි. ඒ විකෘතිය රනිල් වික‍්‍රමසිංහ හඳුන්වන්නේ ලිච්චවි මොකක්දෝ එකක් හැටියටය. අප දන්නා පරිදි ලිච්චවි පාලනය යනු සතුටින් එක්ව, සමගියෙන් එකඟතාවට පත්ව විසිර යාමය. 19වෙනි සංශෝධනයේදි මේ දෙ පිරිස එසේ හැසිරිණිද? මහ බැංකු අධීපති සිද්ධියේදි මේ දෙපිරිස දෙමලිච්චන් මෙන් කෑගසා ගත්හ. ලිච්චවින් මැරි අවුරුදු දහස් ගණනකි. යහ පාලනය අපේක්‍ෂා කළ මාදුළුවාවේ හාමුරුවන්ද අපවත් වූහ. එහෙත අනුගාමික සිවිල් බලවේග සද්දෙන් හුස්ම ගැනීමට පටන් ගෙන ඇත.

මියගිය ලිච්ඡවි රජ දරුවන් කිසි විටෙක රනිල් වික‍්‍රමසිංහ සොයා නොඑනු ඇත. එහෙත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය මෛති‍්‍ර සහ රනිල් වටකොට ප‍්‍රශ්න කරමින් සිටිති. මෛති‍්‍ර පත් කළේ ජනතාව විසිනි. අගමැති සහ ඇමතින් පත් කළේ මෛති‍්‍ර විසිනි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය මස් රාත්තල ඉල්ලන්නේ මෛති‍්‍ර ගෙනි. මේ අවස්ථෘවේ ඔහුට පැවරෙන වගකීම අති මහත්ය. 2015 දෙසැම්බර් 9 වෙනිදා මෛති‍්‍ර සිය පළමු රැුස්වීම මහනුවරදී පැවැත්විණ. එදා මෛති‍්‍ර තමන් ජනාධිපති වුනොත්, ශී‍්‍රලනිපය සමග සම්මුති ආණ්ඩුවක් බිහි කරනවා කීවා නම් දිනන්නේ මහින්ද මිස මෛති‍්‍ර නොවේ. මම අගමැතිවූ පසුව විදේශිකයෙකුට මහ බැංකුව භාරදී ආර්ථිකය හදනවා කීවා නම් ජනවාරි 9 වෙනිදා අගමැති වෙන්නේ රනිල් නොවේ. බැසිල් රාජපක්‍ෂය. මේ සත්‍ය වටහා දිමට සිවිල් බලවේගයට සිදුවිම පාපයකි.

ලිපිය ආරම්භයේ සිවිල් ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ද වෙන්නේ මෙන්න මෙතනටය. සින්දු කියන්නට මහින්ද වෙත ගිය හිරුනිකා ආපසු ආවාය. රතන හිමි පාඨලි චම්පික එජාපෙරමුණෙන් තරග කළහ. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න එජා පෙරමුණෙන් පාර්ලිමේන්තු ගියේය. එහෙත් ඒ සියළු දෙනා පෙනි සිටිය යුත්තේ වගකිව යුත්තේ අලියාට හත් ගෙඩියට නොවේ. අදේශපාලනික යහපාලන අරමුණු වෙනුවෙනි. මෛති‍්‍රගේ වේදිකාව ගිනි තැබුව, මුතුහෙට්ටිගමට යහ පාලනයට එක් විය හැකිය. සමනලී ඇතුළු කලා කරයන්ට පහර දුන් කෙනාට යහ පාලනයට එක් විය හැකිය. ජෝන් සෙනෙවිරත්න ඇමතිකම් දරති. එහෙත් ඔවුන් තවම හුස්ම ගන්නේ හොරකම් කළාට කමක් නැත කියන මහින්ද චින්තනය වෙනුවෙනි. මිනි මිරුම් පැහර ගැනීම් සිය ගණනක් පිලිබඳව පරීක්‍ෂණ නිම වෙමින් පවතී. ජෝන් සෙනෙවිරත්නට අවශ්‍ය ගෝඨාභය රාජපක්‍ෂ ශී‍්‍රලනිප නායකයා කිරිමටය. මේ කියන්නේ පරාදවූ ශී‍්‍රලනිපයට මෛති‍්‍රපාලගේ නායකත්වය සුදුසු නැති බවය. ශිරාල් ලක්තිලකට දයාන් ජයතිලක අවශ්‍ය විදේශ ප‍්‍රතිපත්තිය කෙළින් කිරමට නොවේ. මෛති‍්‍ර රනිල් සම්මුතිය විනාස කිරිමටය. රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් නැතිව ආර්ථිකය ගොඩ ගැනීමට බැරිය. නැගෙන චෝදනා අනුව ගෝඨාලා මහේන්ද්‍රන්ලා හිරේ ගියොත් ලංකාව විනාසය. මේ නයි පොළොගුන් මෛති‍්‍රගේ රෙද්ද අස්සට වි උනුන් කා කොටා ගනිති. මිහිරි හෝ අමිහිරි හෝ අප විග‍්‍රහ කළ යුත්තේ මෙන්න මේ ටිකය.

යහ පාලනය නිරක්‍ෂය වැනි එකකි. යහ පාලනය පිහිටුවීම පිණීස පළමුව රට පාලනය ආරම්භ කළ යුතුවේ. අරූගේ මූගේ ගර්ජනයට තර්ජනයට බියවීම පාලනයකට උචිත නැත. නව පාලනයක අරමුණු දිනා ගැනීම නම් පළමුව තමන්ට ජනතාව දුන් බලය තහවුරු කරගත යුතුවේ. ජනවාර්යේ මෛති‍්‍රපාල සිරිසේනට ජනතාව දුන් බලය ඔහු තවම තහවුරු කරගෙන ඇති හැටියක් නොපෙනේ. රෝමයට ගිය එකා රෝම කාරයෙකු ලෙස හැසිරිය යුතුය. ජෝන් සෙනෙවිරත්නලා, ඩිලාන් පෙරේරාලා යහ පාලන ආණ්ඩුවේ ඇන මුරිච්චි වෙති. ඔවුන් තවම මහින්න්දගේ සාටක අමුඩය ගලවා නැත. සජිත් ලවා විනාස කළ නොහැකිවූ රනිල් මෛති‍්‍ර ලවා විනාස කිරිමට ශිරාල් ලක් තිලක වෑයම් කරයි. වරද ඇත්තේ මෙතනය. තමන්ට අවශ්‍ය ලෙස ඉත්තන් තබා නොගෙන දාම් සෙල්ලම දිනා ගත නො හැකිය. යහ පාලන ආණ්ඩුවේ ගෙවුන අවුරුදු එක හමාරක අත්දැකීම අපට කියන්නේ ලජ්ජා හිතෙන කතාවකි.

මෛති‍්‍ර දාම් අදින්නවත් දන්නේ නැති හැටියකි. චර පුරුෂයන් සහ රූකඩ ඉත්තන ඉවත් නොකර අපට යහ පාලනය ඇති කළ නොහැකිය. මේ බව මාදුළුවාවේ හාමුදුරුවන් වහස්සේ කී බව අප මෙයට පෙරද සිහිපත් කර ඇත. පාලන අසිපත මුවහත පිණිස ගලේ ඇතුල්ලූවා වැඩිය. දැන් එය ගෙවෙන්න පටන් ගෙනය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Thank you very much Mr. Chandrasiri.Every word in your article is true. President Maithree was not appointed by voters to bring back SLFP and the Hora Nadaya or Paskaralingam who demolished the SL Economy.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.