20 April, 2024

Blog

ජාතික පුවත් පත් බිලිගත් පාතාල කල්ලිය

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනතා විමුක්ති පෙරමුණ ගෙවුණ සතියේ යම් පීඩනයට හසුවිය. ඒ සති අන්ත පත‍්‍රයක පළ වූ මාධ්‍ය වාර්තාවක් නිසාය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. ජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ හරිද වැරදිද කියා නොවේ. රටේ මාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍යද නැද්ද යන්නය. හේතුව තමන්ට පහර දුන් පත්තරයට එරෙහිව මාධ්‍ය සාකච්ඡා පවත්වන්න, පෝස්ටර් ගහන්න ජවිපෙට හැකි වුණාට රටේ හැම මිනිසාටම ඒ ශක්තිය නැති නිසාය. ලංකාවේ මාධ්‍ය තර්ජනයක්වී ඇත්තේ දේශපාලනඥයන්ට බලවතුන්ට පමණක් නම් එය වෙනම කතාවකි. මේ කියන සතිඅන්ත පුවත්පත අවාසනාවත්න ඉරණමකට ලක්වූ ප්‍රගීත් එක්නැලිගොඩ කොටියෙකු කළේ මහ මද්දහනේ හන්දියකදිය. ඊට ආසන්න දිනයක ප‍්‍රකට භික්‍ෂුවක් එක්නැලිගොඩ වැන්දඹුවට හෝමාගම අධීකරණය ඉදිරිපිටදී කි වාචාල කතා මේ මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍ය ප‍්‍රවෘත්තියකට එහා ගිය උනන්දුවකිනි. ඒ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි. ජවිපෙය අර සතිඅන්ත පුවත්පතට පෙරළා පහර දුන් ආකාරයට කි‍්‍රයා කිරිමට සන්ධ්‍යා එක්නැලිගොඩට හැකියාවක් නැත. යාපනේ දිසාපති ඉන්නේත් එතැනයම. නාගදීප පන්සලේ යෝජිත බුදු පිළිමය ඉදි කිරිම යාපනේ දිසාපති තහනම් කළ බවට පළ කළ බොරුව නිවැරදි කිරිමට අදාල පුවත්පත් ආයතනය අදටත් පියවර ගෙන නැත. රටේ සාමාන්‍ය පුරවැසියන් මෙන්ම රාජ්‍ය නිලධාරින් අසරණ කරන ඊනියා මාධ්‍ය නිදහස නිදැල්ලේ යන පිස්සු බල්ලෙකු වාගේය. තමන් අකමැති එක බඳීමින් සපා කයි. මේ ආකාරයට මාධ්‍යයට මුවාවි කරත තක්කඩිකම් නතර කිරිමට යම් ක‍්‍රම වේදයක් අවශ්‍යව ඇත්තේ ඒ නිසාය. ඒ සමාජ අවශ්‍යතාව නැවත නැවත තහවුරු වෙමින් පවතීි.

නිමල් බෝපගේ බැනුම් ඇසූ නිවේදනය ජාතික උවමනාවක් සමාජ ගත කිරිමට සමත් විය. උක්ත සති අන්ත පුවත්පත ජවිපෙ ගැන පළකළ ප‍්‍රවෘත්තිය තහවුරු කළේ බෝපගේ කළ යෝජනාව සමාජ උවමනාවක් බව නොවේද? එසේම පුවත්පතට පෙරළා පහර දිමෙන් පමණක් ජවිපෙය නතර නොවිය යුතුය. රටේ මාධ්‍ය ගැන ජවිපෙ සිය ස්ථාවරය ප‍්‍රකාශ කළ යුතුවේ. එහෙත් ජවිපෙය කිසි විටෙකත් එසේ නො කරනු ඇත. අපේ දේශපාලන අපි බලා ගන්නම් ජවිපෙය නිහඬවනු නො අනුමානය. හේතුව ජවිපෙ කියන්නේද සම්මතයට එරෙහිව ශීල්ප දක්වා පිළිම`ථන් දවාලන කණ්ඩායමක් නිසාය. තමන්ට බලය ලැබෙන තෙක් ජවිපෙය හැමදේම අවුල් කරමින් සිටිති. ඔවුන් රට දෙස, රටේ පාලන රටා දෙස, රටේ දහසක් ප‍්‍රශ්න ඇති ජනතාව දෙස ඔවුන් බලන්නේ ආත්මාර්ථයෙනි. වංක සිතිනි. ජවිපෙය මහින්ද පරාද කිරිමට දායක වූ බව සැබෑය. එහෙත් ඔවුන් කිසි විටෙක පොදු යහපත පිණිස තම දේශපාලනය සකසා නොගනු ඇත. රට වෙනුවෙන් සාමුහිකත්වයෙන් පෙළ නො ගැසෙනු ඇත. හේතුව එවැනි කණ්ඩායමකට දේශපාලන පක්‍ෂයකට උක්ත සති අන්ත පුවත්පත වැනි නාස්තිකාරි පැවැත්මක් සහිත ව්‍යාපාර සමග ගනුදෙනු පවත්නා හෙයිනි.

දිගු කලක් ජනතා විමුක්ති පෙරමුණේ ආකර්ශනීය සටන් පාඨය උනුත් එකයි මුනුත් එකයි යන්න විය. ජවිපෙය 2004දී මුන් මෙහයෙවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග පරිවාස ගසා, උන්ට එරෙහිව සටන් වැදිණ. තමන් මුන්ගෙන් කොටසක් බවට කි‍්‍රයාවෙන් සහතික කරමින් ජවිපෙය 2005 කොන්දේසි රහිතව මහින්ද දිනවිම පිණිස කි‍්‍රයා කළේ රට වෙනුවෙන් නොවේ. පත්වන වාමාංශීක ආණ්ඩුව කඩා බලයට එය ඉලක්කය අනුවය. 2010දී ජවිපෙය මහින්දට එරෙහිව පොන්සේකා මෙහෙයවිය. 2015දී පොදු අපේක්‍ෂකයා ගොඩ ගැනිමට ගෙවුණ ජනවාරි සටනේදී ජවිපෙය වෙනම වේදිකාවක සිට කි‍්‍රයා කළේය. ජවිපෙ ඉතිහාසය විමසන්නෙකුට එය තනි පීල්ලක නැවතුණ කෝච්චියක් වාගේය. කාගේ හෝ එල්ලී කා සමග හෝ අවුලක් හදා ගනිති.

පසුගිය මැයි දින රැළිය පැවති, පිට්ටනිය සුද්ධ කිරිමෙන් ජවිපෙය මහා ප‍්‍රාතිහාර්යක් පෑමට වලි කෑවේය. ඔවුන් ඒ හරහා රටට දන්වා සිටියේ තමන් මේ රටට කොපමණ ආදරේද යන්නය. ඒ සමග මැයි පළමුවෙනිදා ඉරිදා දිනයක් වීම නිසා ඒ නිවාඩුව සඳුදා දිය යුතුය කියමින් ලකුණු කපා ගත්තේය. ඒ හිලව් නිවාඩුව වැඩ කරන මිනිසුන් කළ ඉල්ලිමක් නොවේ. ඒකත් අර උනුත් එකයි මුනුත් එකයි ජාතියේ එකකි. පොත හෝ දත පාවිච්චි කිරිමට හුරුවූ ජවිපෙය එඑක් යුගයක ඔය කියන සති අන්ත පුවත්පත සමග බඩ බැඳ ගෙන රට අවුල් කළ අප අමතක කළ යුතු නැත.

1988-89 කාලයේ දේශපේ‍්‍රමි නමින් රට අවතැන් කළ ජවිපෙ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය තිබුණේ ඔය කියන මාධ්‍ය බිමිකඩෙහි හතර මායිම අතුලතය. එ දවස දේශප්‍රේරමි ව්‍යෘපාරයේ පැවැත්ම පිණීස මේ කියන පුවත් පත කළ මෙහෙය අල්ප ස්වල්ප නොවේ. ඒ යුගයේ ගමේ ගෙවල් වලට පැන මිනි මැරුවේ කවුද කියා රටම දනී. දකුණේ ගමක දේශප්‍රෙමින් මිනිසෙකු මරා දැමූ කතාවක් ආල වට්ටල් දමා කීවේ මෙසේය. තුවක්කු කාරයන් මහ ? පියාත් පුතාත් පමණක් සිටි ගෙයකට කඩා වැදිණ. පැමිණියේ පියාගේ මාරයන් බව තේරුණ තරුණ පුතා ඊට එරෙහි විය. අවසානයේ පුතා ඉදිරිපිට පියා ඝාතනය කෙරිණ. සිද්ධ වුණේ එපමණකි. එහෙත් තම දේශපේ‍්‍රමි විප්ලවිය කි‍්‍රයාවට අවහිර කළ වරදට මරා දැමූ පියාගේ මස් පුතාට බලෙන් කැවූ බවක් රටට විස්තර කළේය. මෙහෙම වාර්තා කළේ ජනතාව බිය ගැන්වීමට මිස රට සංසුන් කිරිමට නොවේ. අර ව්‍යාපාරයේ පැවැත්ම හා ව්‍යාප්තිය පිණීසය. ඔවුන් සිය මාධ්‍ය භාවිතය හරහා රට තුල මහා තිගැස්මක් ඇති කළහ. සමහර විට මිනි මරණ හැටි දේශපේ‍්‍රමින්ට කියා දුන්නේ ද මොවුන් විසිනි. එදා මොවුන් නොමිලේ දැන්වීම් පළකරන ව්‍යාපාරයක්ද පටන් ගත්හ. එයින් අපේක්‍ෂා කළේ කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන පක්‍ෂවල ගම් මට්ටමේ කි‍්‍රයාකාරිත්වය දිය කිරිමය. තමන් තනතුරු වලින් සහ පක්‍ෂයෙන් අස්වූ බවට දැක්වෙන වාර්තා පළ කිරිමය.

එහෙම කළේ ගමේ අසරණ මිනිසුන් වෙනුවෙන් නොවේ. තමන් ජවිපේ කොටසක්ව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට එරෙහිව භීෂණය පැතිරවිම පිණීසය. පැවති ආණ්ඩුව වැට්ටවිම පිණීසය. ඔවුන්ගේ ඉතිහාසය මෙවැනි සිද්ධින් ගෙන් දුර්වර්ණව ඇත. පසුගිය ජනාධිපති මැතිවරණයකදී මහින්දගේ කැලණි චණ්ඩියා හැකිනම් කැලණියට එන්නැයි ප‍්‍රති මල්ලවයන්ට අභියෝග කළේය. අභියෝගය භාර ගත් සටන්කාමි ජවිපෙය කිරිබත්ගොඩ නගරයේ මහින්දට එරෙහි ප‍්‍රචාරක පති‍්‍රකා බෙදන්නට විය. සු`ථ මොහොතින් මර්වින් සිල්වාගේ මැරයන් අර සන්සුන් කි‍්‍රයාවලිය මැදට පැන පහර දුන්හ. එදා සවස විද්යුත් මාධ්‍ය සිද්ධිය රටට පෙන්විය. පසුවදා ඉහත කී සතිඅන්ත පත‍්‍රය කැලණි සිද්ධිය ගැන ලියූ කතුවැකියේ මාතෘකාව මෙසේය. ‘‘අවේ ගුටි ගන්න නම් ගැසුවාට කමක් නැත.’’ ඔවුන් මෙසේ සුද්ධ කළේ රූපවාහිනියට මෙන්ම වරක් තම ආයතනයටද පැන සෙල්ලම් පෙන්වූ තක්කඩියා සුද්ධ කිරිම වෙනුවෙනි. ජාතික පුවත්පතට මෙහෙම හැසිරිය හැකිද? ඡුන්ද ව්‍යාපාරයක නිරත නිරායුධ මිනිසුන්ට පහර දීමක් මේ සතිපතා පත‍්‍රය දුටුවේ එසේය. මේ කතු වැතිය ලියන විට මර්වින් සිල්වා මේ මාධ්‍ය ආයතනයට පැන වසර දෙකක් ගතව තිබුණේ නැත. තම ආයතනයට පැන යකා නැටූ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටිමත්, 1988-89 කාලයේ ජවිපේ සමග සිටිමත්, අද ජවිපෙට පහරදිමත් කියන්නේ කුමක්ද? ලජ්ජා නැතිකම ජාතික පුවත්පතක ස්වරූපයට වඩා අපමණ ඉහළ අගයක් ගන්නා බව නොවේද? පූජාසනේ පහරන මෙවුන් බැඳ දැම්මාට මහත්තුරුන් කළබල විය යුතු නැත. බෝපගේට බිරුවේ මහත්වරුන් නොවේ.

නැවත නැවත කියැවෙන, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජානක පෙරේරාගේ සරත් පොන්සේකාගේ මෛති‍්‍රපාල සිරිසේනගේ ආරක්‍ෂාව මහින්ද විසින් ඉවත් කිරිම ගැන මේ පුවත්පත් බිස්ස අත්පුඩි ගැසුවාහ. එදා මහින්දගේ නැහැදිච්ච තිරිසන් හැසිරිම ගැන කතා කළේ නැත. එහෙත් මහින්දගේ ආරක්‍ෂාවට සිටි හමුදා භටයන් වෙනුවට පොලිසිය දීම ගැන සටන් කරති. ලියාගෙන ලියාගෙන යාමට ඔවුන්ට පු`ථවණ. අයිතිය ඇත. ලියන්නේ පුද්ගලික දෙයක් නම් කියවා බලා පොඩිකර විසි කරනු ඇත. එහෙත් මිනිසුන් සල්ලි ගෙවා ගන්නා ප‍්‍රකාශනයකදී තත්වය වෙනස්ය. මේ තත්වය ලියන කාටත් එකසේ ය. මෙහිදී ජවිපෙ ප‍්‍රශ්නය අතට ගත්තේය. ඔවුන් මෙහෙම ලියන හේතු ජවිපෙ හෙළිකර හමාරය. කොම්පැනියේ පඩිපතට අමතරව අරලිය මැදුරෙන් ලිපි කවරවල දමා එවු ලක්‍ෂ ගණන් සන්තෝසම් වලින් යැපුණ තවත් සමහර මාධ්‍ය කාරයන් මෙසේ හැසිරුණාහ. 2010 ජනාධීපති මැතිවරණයේදි සම්බන්ධන් මහතා නොකී කතාවක් තවත් ප‍්‍රකට ජාතික සති අන්ත පුවත් පතක පළ විය. එය ලියු මාධ්‍ය වේදිනියට පසුදාම අස්විමේ ලිපිය භාරදි යන්ට සිදුවිය. ඡන්දයට පසුවදා ඇය නැවත සේවයට පැමිණීයාය. ඇයට නැවත රස්සාව ලැබුණේ බොරුවක් ලියු නිසාය. අපේ රටට උගන්වන්ට හදන්නේ මෙහෙම හැසිරෙමිනි. මේ අයට ඕනැ කෙනෙකුගේ කුණු ඇවිස්සිය හැකිය. එහෙත් තමන්ට අත තිබ්බොත් හමාර බව කියන්නේ ගමේ පච්ච සිරාලා සිහිපත් කරමිනි.

රතුපස්වල වෙඩි තැබීම තිරිසන් වැඩකි. එය කාගේ වැඩක්ද යන්න ලෝකයම දනිති. රතුපස්වල වින්දිතයන්ට ජනාධීපති මෛති‍්‍ර සහන සැලසූ බව කියති. එහෙත් රතුපස්වල අලූගෝසුවන්ට දඬුවම් දෙන තෙක් රටේ නිතිය සුරක්‍ෂෂිත නැත. නිිමල් බෝපගේ සිද්ධිය ගැන කතුවැකියකින් නතර නොවී නොඉඳුල් කාටුනයක් ද, පළ කළ තවත් පුවත්පතක් රතුපස්වල ගැන එක වචනයක් ලීවේ නැත. රාජපක්‍ෂගේ සෞඛ්‍ය අමාත්‍යව සිටි මෛති‍්‍රපාල සිරිසේනගේ පුතා සහ රවි විද්‍යාලංකාරගේ පුතා අතර පැවති ගුටි කෙළිය ගැන රතුපස්වල නොතැකූ පත්තරය එක දිගට සති දෙකක් ලියාගෙන ලියාගෙන ගියහ. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ගණනාවක් පළ කරවිය. කතු වැකි ලිවිය. එයින් කෙටි කලකට පසුව නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර අධීවේගි මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී රාජකාරි කළ පොලිස් නිලධාරියෙතුට පහර දුන්නේය. අර කියන පත්තරය ඒ ගැන වචනයක් නොලියා සිටින්නට ප‍්‍ර‍්‍රවේසම් විය. මේ මාධ්‍ය කලාව රාජපක්‍ෂ භීෂණයේ නොනිමි අරගලයේ නොනැවතුණ කොටස් වෙති. උත්ප‍්‍රාසයෙන් යුතුව මේකද පත්තර කලාව කියා ඇසිය හැකිය. එහෙත් ගඳ සුවඳ හඳුනන කිසිවෙකු එසේ අසන්නේ නැත.

ජාතික පුවත් පතකින් අපේක්‍ෂා කරන දෙයක් මේ ආයතන වලින් අපේක්‍ෂා කළ නොහැකිය. එහෙත් දේශපාලනය අතර, පුද්ගලික ජීවිත තොරතුරු අවුස්සා බත්පත සරිකර ගැනීමක් ජාතික පුවත් නම් කිසි විටෙක කරන්නේ නැත. 2010 ඡුන්දය අතර, මැතිවරණ ප‍්‍රචාරක පති‍්‍රකාවක් ලිවිම නිසා එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා දැමූ බව රහසක් නොවේ. එය සිදු වුණේ ජාතික ආරක්‍ෂාව පිණීස පැවති යුද හමුදා කඳවුරකදිය. ඊට සම්බන්ධ පුද්ගලයන් රණවිරු අභීධානයෙන් බුද්ුධි අංශ සාටකයෙන් වසා, අර ම්ලේච්ඡු ඝාතනය යටපත් කිරිම රටේ නීතිය අධීකරණය පාච්චල් කිරිමකි. ජනාධීපති අරමුදලෙන් තම දරුවන් විදෙශ ගතකර ඉගැන්වූ වෛද්‍ය බිල් ගෙවූ ණය ගෙවීම පිණීස පූජනිය මාධ්‍ය භාවිතය යොදා ගැනිම සමාව දිය හැකි සෙල්ලමක් නොවේ.

සාපරාධි අපහාස නිතිය මාධ්‍යයට ඉහළින් එල්ලා තිබුණ මුවහත් අවියකි. 1953 පමණ කාලයේ බි‍්‍රතාන මහ රැුජිනට අපහාස කළ බවට තේජා ගුණවර්නට එරෙහිව රජය නඩු පැවරීය. පහළ උසාවියේදී ඇය වරදිකරු වූ අතර, අභීයාචනයේදි තේජා ගුණවර්ධන නිදහස් වූවාය. වර්තමානයේ සාපරාධි අපහාස නීතිය රටේ නිති පද්ධතියෙන් ඉවත් කර ඇත. එහි ගෞරවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට හිමිවිය යුතුවේ. ලසන්ත එක්නැලිගොඩ ලලිත් කූගන්ලා මරා දැමුණේ මහින්ද රාජපක්‍ෂ යුගයේය.

නවසිය හැට හැත්තෑ ගණන්වල ලංකාවේ තිබුණේ පත්තර කලාවකි. සිටියේ පත්තර කාරයන්ය. ඔවුන් තම වෘතිය ගෞරවනිය ලෙස පවත්වා ගෙන ගිය බව කිව යුතුවේ. දේශපාලන හෝ සමාජමය සිද්ධි සහ පුද්ගල හැසිරිම් වලදී එදා පුවත්පත් කලාවේදින් ස්වයං වාරණයක් පනවා ගෙන තිබිණ. එය අති විශිෂ්ඨ අභ්‍යාසයක් විය. මෙහිදී කිර්තිමත් කැමරා ශීල්පියෙකුවූ වොලි පෙරේරා වොලි පෙරේරා සිහිපත්වේ. 1954 දෙවන එළීසබෙත් රැුජින ලංකාවට පැමිණීම ආවරණය කළේ ඔහු විසිනි. රැුජිණ සිගිරිය ගිය ගමට අගමැති සර් ජෝන් කොතලාවලද එක්ව සිටිෙයේය. එක් අහඹු අවස්ථාවක සර් ජෝන් අත තිබුණ කුඩය රැුජින අතට මාරු විය. දැන් හිරු නොබසිනා අධීරාජ්‍යයේ මහ රැුජින ලංකාාවේ අගමැතිට කුඬේ අල්ලා ගෙන සිටි. වොලි ගනින් යකෝ පින්තූරයක් සර් ජෝන් වොලි පෙරේරාට කෑ ගැසීය. ඒ පින්තුරය ගත්තා නම් එය අදටත් විශිෂ්ඨ ඡායාරූපයක් විය හැකිව තිබිණ. එහෙත් වොලි එහිදී විශිෂ්ඨ මාධ්‍ය වේදියෙකු විය. අගමැති සර් ජෝන්ගේ සෙල්ලක්කාර විධානයට අවනත වුණේ නැත. ඔහු අපේ විශිෂ්ඨ මාධ්‍ය සම්ප‍්‍රදාය වෙනුවෙන් පෙනී සිටියේය. එදවස පත්‍ර​ කලාව එබඳු විය. කිසි විටෙක තම වෘතිය ආචාර ධර්ම මුදලට වරදාන වලට පාවා දුන්නේ නැත.

1953 පමණ කාලයේ ඉස්මතු වූ තාපස නිකාය මහා සාසන විලෝපනයකට මුල් වෙමින් පැවතිණ. ගුරුපාට සිවුරු පෙරවූ පුද්ගලයෙකු පාත‍්‍රයක් අතින් ගෙන ගම් දනව් අතර සැරිසැරුවේය. එක දිනකට දහ දොළොස් දෙනා පමණ අර තාපසයා වෙත පැමිණ පැවිදි ව නිතාය වර්ධනය විය. එදා පුවත්පත් මෙයට දුන් ප‍්‍රසිද්ධිය නිසා රට පුරා සිටින බෞද්ධයන් දානමාන රැුගෙන පැමිණ බණ ඇසූහ. මේ සිද්ධියේ බරපතලකම ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ දුටුවේය. ඔහු මේ පිස්සු කල්ලියට දෙන ප‍්‍රසිද්ධීය එරෙහිව ලංකාදිප කර්තතෘ ඞී.බි. ධනපාල හමුවේ කරුණු කීය.

‘‘මේ පිස්සා හින්දා ගමේ පන්සල්වල හාමුදුරුවරුන්ට දානේ ටිකත් නැතිවෙයි. ඒ කතාව ඇසූ ධනපාල මානවසිංහ සමග එක`ග විය. ඉන්පසුව සති දෙකක් පුරා වගතුග ලියැවුණේ මේ තාපස වසංගතය ගැනය. ජාතික පුවත්පත් හැසිරුණේ එහෙමය. එහෙත් මිනිමරුවන් බේරන්න අධීකරණ වලට කඩා පනින පාරේ බුදියන භීක්‍ෂුන් සාසනයට කරන හානිය ගැන තක්සේරුවක් මාධ්‍යට තිබේද? අධීකරණයේ කලබල කර නීතියට කොටුවූ භික්‍ෂුව මහණකමට සුදුසු නැතැයි බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ ප‍්‍රකාශ කළහ. පසුවදා අර භික්‍ෂුව සුපේශල ශික්‍ෂාකාමි භික්‍ෂුවක් බවට අනූපස් වියැති අස්ගිරි මහ නා හිමියන් ලවා ප‍්‍රකාශ කරවා ගත්තේ කවුද? භික්‍ෂුන් අතර සමගිය නැති කරන මේ මැදිහත්වීම් ගැන මාධ්‍යට ඇති වගකිම බරපතලය. මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව ගැන මහානායක හිමිවරු දෙපලක් ලවා පළ කළ ප‍්‍රකාශද එවැනිය. මහින්දගේ ආරක්‍ෂාව මේ වනවිට දේශපාලන කතිකාවක්වී ඇත. එය සාසනික හෝ අගමික ප‍්‍රශ්නයක් නොවේ. මහින්ද පාලනයේදී චන්ද්‍රිකා, ජානක පෙරේරා, සරත් පොන්සේකා මෛති‍්‍රපාල සිරිසේන ආදි පාලකයන් යුද විරුවන් අනාරක්‍ෂීත කළ ආකාරය සමාජ ගත සමාද සංවාදයක් ගොඩ නැගෙමින් පවතී. එවැනි අවස්ථාවක ආගමික නායකයන් ඒ අර්බුදයට මැදි කරනවාද නොකරනවාද යන්න මාධ්‍ය සදාචාරයට අනුගත දෙයකි. පෙනෙන ඇසෙන ඕනෑම දෙයක් රටට පෙන්විම දැන්විම මාධ්‍ය නම් එය ලෝකයේ ප‍්‍රථම එසේම අපකිර්තිමත් රස්සාවට සම වනු නිසැකය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.