26 April, 2024

Blog

යහපාලන බිත්තියේ මහින්ද චින්තනය ඇතිල්ලීම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගෙවුණ සතියේ රටේ දේශපාලනයට බද්ධ ආන්දෝලනාත්මක සිද්ධින් කිහිපයකි. හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, හිටපු අමාත්‍යාංශ ලේකම් විලි ගමගේ ආදිහු අත් අඩංගුවට පත්විය. රජයේ මුදල් අවභාවිතාව ගැන අධී චෝදනා ලැබූ අනුෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විය. නැගෙනහිර පළාත් මහ ඇමති නාවික නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ බැන වැදිණ. අනුර සේනානායකට, විලි ගමගේට අත නොතියන්නැයි ගෝඨාභය රාජපක්‍ෂ රහස් පොලිස් නිලධාරින්ට තර්ජනය කළ බවට කරුණු වාර්තා විය. මේ සිද්ධි ගැන විවිධ නිරීක්‍ෂණ ඇසිය හැකිය. රාජපක්‍ෂ යුගයේද සේවය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු නැගෙනහිර මහ ඇමති නාවික නිලධරියාට බැන වැදිම ගැන කෝපයෙන් කතා කළේය.

‘‘මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ… මේක හරි වැරදියි…’’ ඔහුට බාධා කළ මම, අනුෂ පැල්පිටගේ පත්විම සිහිපත් කළෙමි.

‘‘ මොකක්ද ඇති වැරැුද්ද. අනුෂ වැටුප් ලබමින් ඉන්නේ පූල් එකේ. ඔහු නැවත කතා කරන්නට විය. මේ කියන නිලධාරියාට වංචා දූෂණ චෝදනා නැත. ඒත් ඔහු රාජපක්‍ෂලාට ලෙන්ගතුව දූෂිතයන් දෙස බැලීම බරපතලය. අද වංචා දූෂණ පරීක්‍ෂණ ඉබි ගමනින් ඇදෙන හේතුව මෙය විය හැකිය. මම ඔහුට අතීතය සිහිපත් කළෙමි.

‘‘මතකද එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ නටුව නාඩගම. එදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පි.පි. පතිරණ තාප්පයට හේත්තු කළ විමල් විරවංශ කවුද යකෝ මෙතෙන්ට එන්න කිවේ කියා විමසූ බව විරවංශ අනුගාමිකයෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පි.පි. පතිරණගේ තොප්පිය ගලවා විසි කළ බව සිහි කළෙමි. එදා මේ සිදධියට එරෙහිව කතා කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාර පමණකි. නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියාට කළ නින්දාව ගැන විමල් වීරවංශ කතා කළේ පතිරණට කුණුහරුප කී කටින්ය. මගේ මිත‍්‍ර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියා මේ පරණ කතා ගැන නිහඬ ය. ඔහුට අනුව, නැගෙනහිර මහ ඇමති නාවික හමුදාවෙන් නොව ජාතියෙන් සමාව ගත යුතුවේ. හරින් මහින්දානන්දගේ අම්මා මතක් කළාට සමාව ගත යුතුවේ. එහෙත් වාසු හෝ විරවංශ සමාව ගත යුතු නැත. හේතුව මහින්ද චින්තනය යටතේ හෙළුවෙන් සිටියොත් වැඳ සාධුකාර දෙනු මිස, සමාව ගත යුතු නැත.

යහපාලකයන්, නැගෙනහිර මහ ඇමති ගෙන් පිල්ලේයාන්ට වඩා වෙන යමක් අපේක්‍ෂා නො කරනවා විය හැකිය. නැතිනම් වජිර අබේවර්ධන අනුෂ පැල්පිට පත් කර ගනීද? නැගෙනහිර සිද්ධියේදි ආණ්ඩුකාරයාගේ හැසිරිමද ප‍්‍රශ්න කෙරෙයි. අනේ ඔස්ටින්….? ඔස්ටින් ප‍්‍රනාන්දු යනු මෝඩයෙක් මුග්ධයෙක් නොවේ. බෙල්ලේ බැන්ද ගෙජ්ජිය සෙලවෙන්නේ හරකාගේ හැසිරිම අනුවය. ඔස්ටින් ප‍්‍රනාන්දු නම් ගෙජ්ජිය සෙලවෙන්නේ ද ඒ ආකාරයටය. දිගු කලක් ආණ්ඩුකාර ධුරය ප‍්‍රකට දේශපාලනඥයන් සිවිල් නිලධාරින් විසින් හොබවනු ලැබීය. ආණ්ඩුකාර ධුරයට ගීත කෝකිල කරුණාරත්න දිවුල්ගනේ පත් කළ පසුව, ඔහු බර්ටි දිසානායකගේ බෙල්ලේ බැන්ද තවත් ගෙජ්ජිියක් පමණක් විය. ඒ ගෙජ්ජිය සෙලවුණේ හඬ නැගුණේ මහ ඇමතිගේ ගමන් තාලය අනුවය. ඉන් පසුව දිවුල්ගනේගෙන් ඇසුණේ ගෙජ්ජි සද්දය පමණකි. මහින්ද රාජපක්‍ෂ පාලනය රට සවුත්තු කළේ එහෙමය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පි.පි. පතිරණගේ හිස සැරසූ සිංහ ලාංචනය සහිත තොප්පිය ගලවා විසි කළ එකා අද නාවික හමුුදාවේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටියි. යහ පාලනයට බැන වදියි. මහින්ද චින්තනය කියන්නේ ඒකටය. රිෂාඞ්දීන් බදුර්දීන් මන්නාරම අධිකරණයට ගල් ගැස්වීය. දීර්ඝ විදේශ සංචාරයකට පසුව සුව පහසුව පැමිණි රිෂාඞ්දීන් බදුර්දීන් උසාවි ගියේ ස්ව කැමැත්තෙනිත එතෙක් රටේ නීතිය නිදා සිටියාය. අධිකරණය මග හරින්නන් වෙත නිකුත් කෙරෙන වරෙන්තු සිතාසි එදා අධිකරණය නිකුත් කළේ නැත. ඒ පැවති දිනකම නිසාය. මහින්ද චින්තනය කියන්නේ ඒකටය. යහ පාලනය යටතේද අලි හොරුන්ට ආපසු අලි ආපසු භාර දෙමින් ඒ දීනකම ප‍්‍රදර්ශනය කරයි. යහ පාලනය පි`ගානේ දමා තුන් වෙලට බුදිණ නායකයන්ට අධීකරණයේ ගරුත්වය අලි පඩයක් තරම් වත් නොවටී. ඇවන්ගාර්ඞ් හොරකම රැුක්ක, ඊට සම්බන්ධ අතිරේක ලේකම් වරිය අධීකරණයට හොරා රටින් පැන ගියාය. එතෙක් ඇයට ආරක්‍ෂා කළේ වජිර අබේවර්ධන විසිනි. ඇය පැන ගිය පසුව, ඒ පුරප්පාඩුවට වජිර අබේවර්ධන නම් කළේ අනුෂ පැල්පිට ය. එය දීනකම නොවේ. ලජ්ජා නැතිකමය. යහ පාලකයන් අනුෂ පැල්පිට ගැන පත‍්‍ර වාර්තා හෝ කියවා නැතුවාය. වජිර ගැන තිරණය ගන්නේ ජනාධිපතිද අගමැතිද රටම බලා සිටිති. මේ කෙරෙන්නේ යහ පාලන ප‍්‍රතිඥාව කෙළසිමකි.

1815 අන්තිම ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ කුදලාගෙන ඒම ගැන බොහෝ අය විස්සෝප වෙති. අගවිනිසුරු ශීරාණි බණ්ඩාරනායක මැතිනියට ඉඳ ගැනීමට පුටුවක් හෝ නොදී මහ ? නඩු අසා පළවා හැරියහ. ඉහත කී මගේ මිත‍්‍රයා ඇතුලූ කිසිදු රාජ්‍ය සේවකයෙකු එදා අනේ අපොයි කිවේ නැත. ලංකාවේ අගවිනිසුරු තනතුරට පත් ප‍්‍රථම කාන්තාවට රාජපක්‍ෂ පාලනය සැලකුවේ එසේය. රත්නපුරේදී පොලිසියෙන් පහර කෑ කාන්තාව තරම් එදා අගවිනිසුරුතුමිය වැදගත් නොවිය. එදා සමහර ගැහැණු අගවිනිසුරු නිල නිවාසය ඉදිරිපිට කිරිබත් පිස කෑහ. මහින්ද චින්තනය කියන්නේ ඒකටය. අධිකරණ ක්‍ෂේත‍්‍රයේ සිටි සමහර ගැහැනු ඒ සිද්ධියේදී හැසිරුණේ ගැහැනු කමට නින්දා කරමිනි. අගවිනිසුරුවරියගේ අනුප‍්‍රාප්තිකයා සිංහල අවුරුද්දට සාරුව සුනිල්ලා සමග පෝලිමේ ගොස් මැදමුලන රජු පාමුල වැඳ වැටිණ. ඒ වැඳ වැටුණේ රටේ නිතිය මිස තක්කඩි නඩුකාරයෙකු නොවේ. එයින් කියැවුණේ රටේ නිතිය රජ ගෙදරට ගිය බවද?. බල්ලාට ගිය බවද? තිලිණ ගමගේ එසේ හැසිරෙන්නේ යහ පාලනයට අධීකරණයට බය නැති නිසාය. ගෝඨාභය ඞී.වී. උපුල් අදත් පොලිසියට තර්ජනය කරයි. මේ රටට සිද්ධ වෙන්න තවත් යමක් තිබේද?

තංගල්ලේදී කුරාම් ෂෙයික් මරා වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කළ තංගල්ල ප‍්‍රාදේශීය සභාපති චන්ද්‍රගුප්ත විදාන පතිරණලා ආරක්‍ෂාව පිණීස ගියේ මහින්ද රජපක්‍ෂ වෙතය. බි‍්‍රතාන්‍ය බලපෑම නොවන්නට ඔවුන් තවමත් නිදැල්ලේය. ඔවුන්ට නඩු පැවරෙන්නේ නැත. පනාමුරේදී පොලිස් නිලධාරින්ට පහර දුන් ටී 56 ආයුධය අදටත් අධීකරණයට ඉදිරිපත් කර නැත. එසේම අරක්කු බෝතලයක් ඉල්ලා ඇඹීලිපිටියේදි පොලිසිය මිනි මරා මහ විනාසයක් කළේ රාජපක්‍ෂ පාලනය තවමත් වලංගු බව තහවුරු කරමිනි. නැගෙනහිර මහ ඇමති යකා නැටීමත්, වජිර අබේවර්ධන අනුෂ පැල්පිට තෝරා ගැනිමත් සහතික කරන්නේ රාජපක්‍ෂ පාලනය තවමත් රටේ සකි‍්‍රයව පවත්නා බවය. මේ ලියන්නේ සිවිල් ජනතාව කල්පනා කරන ආකාරයයි. වර්තතමාන පොලිස්පති පූජිත් ජයසුන්දර තමා උගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගොස් කීවේ රටේ තනතුරක් ගන්න නම් දේවාල පන්සල් ගානේ යන්න කියාය. ඔහු ලැබුණ පොලිස්පති කමත් හෑල්ලූ නො කළාම නොවේ. තම කතාවේ කිසි තැනක පූජිත් ජයසුන්දර ව්‍යවස්ථාදායක සභාවෙන් තමා නම් කළ බව කීවේ නැත. කොටුව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය තීන්දු දෙන්නේ රටේ නිතිය අනුවය. ප‍්‍රශ්නගත අලි පැටියන් සැක කාරයන්ටම නිදහස් කළේ මහානායක හාමුදුරුනමක් ලිපියක් පදනම් කොට මිස නිතිය අනුව නොවේ. ඒ කියන්නේ පූජිත් පොලිස්පති වුණේ හදි හූනියම් නිසාය. නඩු කාරයන් සලකන්නේ පොතේ නිතියට නොව පෙත්සම් වලටය. ජනවාරියේ පෙරළිය කිරිමට කැපවූ සටන් කළ සිවිල් සමාජය අද සිටින්නේ කොතැනකද?

ඉහතින් මා උපුටා දැක්වූ ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ සාමාජිකයාට ආයතන සංග‍්‍රහය, මුදල් රෙගුලාසි කට පාඩම්ය. ඔහුට ලලිත් වීරතුංග අනුෂ පැල්පිට සම්බන්ධ චෝදනා ප‍්‍රශ්න නොවේ. ප‍්‍රශ්නය අනුෂ පැල්පිටට තනතුරක් නොදිමය. එහි තේරුම, රාජ්‍ය නිලධාරින් තම වගකීම් හා බැඳී නැති බවය. මෛති‍්‍රපාල සිරිසේන පරාද කර මහින්ද දිනවිමට, ලලිත් විරතුංග, අනුෂ පැල්පිට රාජ්‍ය මුදල් වැය කොට, සිල් රෙදි මිලදි ගත්තේ, ආයතන සංග‍්‍රහය, මුදල් රෙගුලාසි නොදැන නොවේ. ඒ කියන්නේ වජිර අබේවර්ධනට අවශ්‍ය නිසා අනුෂ පැල්පිට පත් කිරිමට කැබිනට් අනුමැතිය දුන්නේ……? යහ පාලන ආණ්ඩුවද තම වගකීම් හා බැඳී නැති බවය. මහින්ද ළ`ග වහලූන්ව සිටි නිලධාරින් පසෙකින් තබමු. මහින්ද වෙනුවට සිවිල් සමාජය තෝරා ගත් පාලකයන්……..? මෙහිදී අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී මහින්දානන්දට කී ටික අප තෝරාගත් යහ පාලකයන්ටද වලංගු නොවේද?

‘‘හාමුදුරුවනේ මම සිල් රෙදි බෙදපු එක වරදක් කියලා මේ යහපාලනය කියනවා. සිල් රෙදි බෙදිම වරදක්ද ? ආයතන සංග‍්‍රහය, මුදල් රෙගුලාසි කට පාඩම් නිලධාරින් වහලූන් සේ හැසිරිම නිසා එහි වරදක් නොදකී. එය රටේ පිරිහිමකි. බෞද්ධ ඉගැන්විම අනුව, දීමක් දානයක් වන්නේ දෙන දේ සාධාරණව හම්බ කළා නම් පමණකි. විදුලි සංදේශ නියාමන කොමිෂම මැදමුලන රාජපක්‍ෂලාගේ බූදලය නම් ඡුන්දය ලබා ගැනිමට සිල් රෙදි බෙදිම දානයකි. නැතිනම් හොරකමකි. තම දෙමාපියන් රජයේ මහ`ථ මඩම්වලට යැවිමේ අභාග්‍යකට රට මුහුණ පා සිටියි. මියගිය තම මාපියන් වැළ ලූ වීරකැටිය සොහොන ආණ්ඩුවේ මුදලින් ඉදි කිරීම යනු රජයේ මහ`ථ මඩමක් පවුලේ සුසානයේ ඉදි කිරිමකි. දෙකම එකය. (ඒ මුදල් ආපසු ගෙවන බවට රාජපක්‍ෂ භාරය එක`ගවී ඇත.* තම බලය හයි කර ගැනිමට රාජ්‍ය භාණ්ඩාරය බිඳ සොරා කෑ පාලකයා රටේ පාලනය අවුල් කළේය. ජනවාරියේ ජනතාව පාලකයා වෙනස් කළ හේතුව එයයි. පාලකයන් වෙනස් වුනාට මහින්දගේ පාලනය තවම වෙනස්වී නැත. වජිර අබේවර්ධන මහින්දගේ ගෝලයන් රකින්නේ ඒ නිසාය. මහින්ද අනුගාමි විමල් විරවංශලාට, රාජ්‍ය නිලධාරින්ට නැගෙනහිර මහ ඇමති කළ දේ වැරදිය. පතිරණගේ තොප්පිය ගැලවීම අමතකය. බදු කාසිවලින් සිල් රෙදි බෙදූ එවුන් රාජ්‍ය සේවයට සුදුසුය. ජනවාරියේ රටේ පාලකයා අලූත්වූ බව සැබෑය. එහෙත් මෛති‍්‍ර රනිල් පාලනය තවම රාජපක්‍ෂ යුගයේය.

මේ ගොඩනගන්නේ තර්කයකි. හැම තැනම තර්කය සත්‍ය හෝ යථාර්ථය වන්නේ නැත. මේ ගොඩනැගෙන තර්කය බිඳීය හැක්කේ යථාර්ථයට මුුහුණ දිමෙන් පමණය. මේ විග‍්‍රහය හරහා කියන්නේ පාලකයන් වෙනස් වුණාට තවම ඇත්තේ මහින්දගේ මළකඩ පාලනය බවය. ඊට හේතු දෙකකි. පළමුවැන්න එදිනෙදා ආණ්ඩුවේ කෙරුවාව ය. එනම් දූෂීතන් රැුකීම හා දූෂණ වංචා පරීක්‍ෂණ නිලධාරින් ආරක්‍ෂා නොකිරිමය. හෙවත් දූෂීතයන්ගේ හඬ නිහඬව ඉවසිමය. දෙවැන්න අර මුලින් කි රාජ්‍ය නිලධාරියා වැනි අය රට ගැන කල්පනා කරන මන්ද බුද්ධික චින්තනයයි. ඔවුන් මහින්ද සිදු කළ සියල්ල දරා සිටියහ. දැන් ඒ ඉහළ සමාජ ස්තලය යහ පාලන කි‍්‍රයාවලිය දැඩි සේ නිරීක්‍ෂණය කරමින් සිටියි. ඒ තත්වය සමනය කිරිමට මුහුණ පොත ආදි සමාජ මාධ්‍ය සිදු කරන සේවය අති මහත්ය. එහෙත් රාජ්‍ය මාධ්‍ය සිනි හොරෙන් කන දියවැඩියා රෝගින් මෙන් හැසිරෙති. එනම් යහ පාලනයේ අජූව පමණක් සමාජ ගතවිමට ඉඩහැර ආශාවෙන් බලා සිටිති.

සදහටම රට තමන්ගේ කර ගැනීමට රාජපක්‍ෂ ගත් උත්සාහය කොට උඩය. ජනවාරි 9 වෙනිදා රට භාරගත් පිරිස රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයට යටවී සිටිති. නැගෙනහිර මහ ඇමතිගේ හිරිකිත හැසිරීම බැරෑරුම් තත්වයකි. අධිකරණ අමාත්‍යාංශය අදත් හසුරුවන්නේ සුහද ගම්ලත් විසිනි. විජේදාස රාජපක්‍ෂ සහ වජිර අබේවෙර්ධන දෙදෙනාගේ හැසිරීම් යහ පාලනයට තර්ජනයකි. ඔවුන් ඇවන්ගාර්ඞ් ගැන දරන්නේ ගෝඨාභය දරණ මතයමය. අර දෙදෙනා ජනාධිපති නිතිඥ තිලක් මාරපන මෙන් කි‍්‍රයා කර තම අවංක භාවය පෙන්විය යුතුය. ඒ ටික නොවන තාක් එජාපයේ හොඳනම අනතුරේය. අර කුප‍්‍රකට අතිරේක ලේකම් වරිය නිතියෙන් සඟවා විදේශ ගතවීම වජිර අබේවෙර්ධන දැන සිටියේය. ඇය පළා යාමෙන් ඇතිවූ ඇබෑර්තුවට අනුෂ පැල්පිට පත් කර ගත්තේද වජිර අබේවෙර්ධන ය. මේ කි‍්‍රයාදාමය නිරික්‍ෂණය කරන්න. එජාපයේ විජේදාස රාජපක්‍ෂ වජිර අබේවර්ධන දෙදෙනා රාජපක්‍ෂලාගේ උවමනා එපාකම් අනුව කි‍්‍රයා නොකරන්නේද? මන්ත‍්‍රීකම ඇඟට ගෙන ආදායම් බදු නොගෙවූ ඩොනල්ඞ් රණවිරට ඩඞ්ලි සේනානායක කළ දේ රනිල් වික‍්‍රමසිංහ දනී.

විජේදාස රාජපක්‍ෂ, වජිර අබේවර්ධන මෙන්ම නැගෙනහිර මහ ඇමති ගැන ධනාත්මක පියවරක් ගැනිමට මෛති‍්‍ර රනිල් දෙදෙනා කැපවිය යුතුවේ. ඔවුන් රාජපක්‍ෂලාට විරුද්ධ බවට තර්කයක් නැත. එහෙත් දෙදෙනාගේ රෙදි කලිසම් යටින් රාජපක්‍ෂලාගේ දෙඹරු බඹරු කූඩු තනමින් සිටිති. ඒ දෙඹරු බඹරු සිවුරු පොරවා පැමිණ ශානි අබේසේකර ද්‍රෝහියෙකු බවට ප‍්‍රසිද්ධීයේ චෝදනා කරති. මෛති‍්‍ර රනිල් දෙබෑයන් කතා නොකර සිටිති. නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, හිටපු අමාත්‍යාංශ ලේකම් විලි ගමගේ ආදිහු අත් අඩංගුවට ගන්නා බව ඇසූ ගෝඨාභය රාජපක්‍ෂ අපි ආ විට බලාගමු කියා පරීක්‍ෂණ නිලධාරින්ට තර්ජනය කර ඇත. රනිල් දෙබෑයන් කතා නොකර සිටිති. ඞීවි. උපුල් පොලිසියට ගල් ගසා මරණවා කිවේ දුර කථනයෙන් නොවේ. ප‍්‍රසිද්ධ රැුස්විමකය. අදටත් ඒ ගැන ගත් පියවරක් නැත. අපි සාටක සාපය කියා රාජජපක්‍ෂ පාලනය නම් කළෙමු. සාටක සාපය කීවේ මිනි මරුවන් ස්ති‍්‍ර දූෂකයන් නිතියෙන් බේරා ගත් පාලනයකටය. අද දුෂිතයන් ගැන කි‍්‍රයා කරන නිලධාරින්ට තක්කඩින් තර්ජනය කරති. ඒවා නොතකා සිටිම යනු යහ පාලනය වෙනුවෙන් කැපවූ නිලධාරින්ට මරණ බිය ඇති කිරිමය. රටේ තවම කි‍්‍රයාත්මක වන්්නේ රාජපක්‍ෂ මැෂිමය. නැවත සුක්කානම රාජපක්‍ෂ ගන්නා තැනට වැඩ සිද්ධ වුණොත් විජේදාසලා වජිරලා නිදහස්ය. හැට දෙලක්‍ෂයක් රාජපක්‍ෂ විරෝධීන් මැරුම් කනවාය. ඩබ්ලිව් ජයසිරිට මැරෙන තෙක් මහින්ද පරාද කළ සතුටින් සිටිය නොහැකි වනු ඇත. මේ ඉරණම ඩබ්ලිව්. ජයසිරිට මෙන්ම මෛති‍්‍රපාල සිරිසේනටද එකට භුක්ති විඳීන්නට සිදුවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.