25 October, 2020

Blog

දුමින්ද ගස් ගියේය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න  –

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් විය. මේ සම්බන්දව සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නෝ විවිධ මත පළ කළහ. සමහරු ඇසුවේ වෙනස සනිපද කියාය. තවත් සමහරු ඒ වාර්තාව සුප‍්‍රකට මාධ්‍ය ජාලයක නමට පටලවා සතුටක් ලදහ. භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව විසම්මතික එකකි. ලංකාවේ විසම්මතික නඩු තින්දු බොහෝය. පේ‍්‍රමවති මනම්පේරි නඩුවේ අභියාචන නඩු තීන්දුවද විසම්මතික එකකි. එහිදී අලස් විනිසුරු තුමා විසම්මතික විය. සරත් පොන්සේකාගේ සුදු කොඩි නඩු තීන්දුවේදි විනිසුරු පි.බී. වරාවැව විසම්මතික තීන්දුවක් ප‍්‍රකාශ කළේය. නඩු තීන්දු පිළිබඳ ලංකාවේ ජනතාව උනන්දු වන්නේ නෛතික කරුණු කෙරෙහි නොවේ. වෙනත් පරිබාහිර සමාජයට අහිතකර අවධානයන් නිසාය.

දුමින්ද සිල්වා තීන්දුව ගැන අපේ ජන මතයද විසම්මතිකය. එහෙම වන්නේ අපේ සමාජ ස්ථරයෙන් කොටසක් දුමින්ද නිදහස් වේවා කියා ප‍්‍රාර්ථනා කළ නිසාය. ඒ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර කෙරෙහි පැවති වෛරයක් නිසා නොවේ. භාරත සහ දුමින්ද දෙදෙනාම එකම පක්‍ෂ්යේ නිසා දේශපාලන හේතුවක් නිසාද නොවේ. වෙඩි තැබිම සිදුවූ වහාම දුමින්ද වෙනුවෙන් රාජපක්‍ෂලා කි‍්‍රයා කළ ආකාරය නිසාය. දුමින්ද බේරා ගැනිමට මහින්ද, ගෝඨාභය රාජපක්‍ෂලා කළ උත්සාහය ජනවාරි පෙරළිය නිසා වතුරේ ගියේය. කරන හැමදේම සත්‍ය සහ එයම රටේ සම්මතය ලෙස සලකන සමහරු කල්පනා කරන්නේ දුමින්ද ගස් යැවූ නඩු තින්දුව ආන්ඩුවේ කුමන්ත‍්‍රණයක් කියාය. එහෙම කල්පනා කිරිම තරමක් සාධාරණය. පොන්සේකාට එරෙහි සුදු කොඩි නඩු තීන්දුව ලැබුණ ආකරය ඔවුන් දැන සිටි නිසාය.

සමහර සමාජ මාධ්‍ය ජාලවල දුමින්ද සිල්වා නඩු තීන්දුව විග‍්‍රහ කළේ අවි ගත්තෝ අවියෙන් නසිති. කියාය. එය හොඳ නිගමනයකි. සමාජයට යහපතත් පණිවිඩයක් රැුගත් ප‍්‍රති කි‍්‍රයාවකි. අප ජනවාරියේ මහා සමාජ වෙනසක් කළේ ඇයි? අවි ගත්තන්ගේ සෙල්ලම ඉවසා සිටිය නොහැකි තැනය. භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සමග රටම කැළඹීණ. ඒ ඇයි? ඒ රටේ සිදුවූ පළමු ඝාතනය නිසා නොවේ. මහින්ද රජපක්‍ෂ පාලනය උනුන් මරා ගන්නා තැනට තල්ලූවිම නිසාද නොවේ. දේශපාලන සළු පිළි පොරවා ගත් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මහ පාරේ තුවක්කු පත්තු කරගත් නිසාය. ජනතාව යන එන මහපාර තක්කඩින්ගේ වෙඩි පිටි බවට පත්වන විට සාමාන්‍ය ජනතාව අනාරක්‍ෂිත වේ. මහින්ද සමග භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර නො සිටියා නම් භාරත මෙසේ මහ පාරේ වෙඩි කා මැරෙන්නේ නැත. දුමින්ද සිල්වා එජාපය අතැර මහින්ද රාජපක්‍ෂ වෙත නොගියා නම් දුමින්ද මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේද නැත. මහින්ද බලයේ නොසිටි යා නම් තංගල්ලේදී අර විදේශිකයා මරා අර සංචාරක තරුණිය දුෂණය කරන්නේ නැත. අකුරැුස්සේ සාරුව ලියනගේට දැරියන් දෙසියක් කෙළෙසා පාටි දාන්ට ලැබෙන්නේ නැත. ලසන්ත වික‍්‍රමතුංග පාරේ මැරුම් කන්නේ නැත. එක්නැලිගොඩ අතුරුදන් වන්නේ නැත. රථ වාහන රාජකාරි කළ පොලිස් නිලධාරින් ප‍්‍රාදේශීය සභා කරයන්ගෙන් ගුටි කෑවේ මහින්දගේ තක්කඩි උජාරුව නිසාය. මහින්දගේ නව අවුරුදු පාලනය පුරා සතියට එක බැගින් මෙවැනි ඛේදවාචක ලැයිස්තු ගත කළ හැකිය. සුදු හුණු ගෑ යුතු නැත. 1988-89 කාලයේ එජාප පාලනය ටතේද මෙවැනි දේ සිද්ධ විය. රිචඞ් සොයිසා ඝාතනය විය. ඇඹිලිපිටියේ සිසුන් මැරුම් කෑහ. ඒ සිද්ධි සම්බන්ධව එකල යම් පොදු අනාරක්‍ෂිත තත්වයක් රටේ පැවතිණ. එහෙත් යුද්ධය දිනා රට සංසුන්වූ යුගයක දකුණේ ඇතිවූ ඉහත කි තත්වයට හේතුව කුමක්ද? එය හරියටම මහින්දලා දුමින්ද බේරා ගැනීමට වලි කෑ නිසා දුමින්ද අනේ අපොයි කීම වැනි සමාජ ඛේචවාචකයකි.

මහින්ද රාජපක්‍ෂ යනු බලය ඇත් නම් කළ නොහැකි දෙයක් නැත යන විශ්වාසයෙන් පෙලූණ අඳබාල මුග්ධයෙකි. අපේ කාලේ මෙහෙම මධ්‍ය කි‍්‍රයා කළේ නැත කියන්නේ ඒ මුග්ධකම නිසාය. අපේ කාලේ මෙහෙම හොරකම් කළේ නැත කියන්නේ නැත. සිල් රෙදි බෙදීම වරදක්ද හාමුදුරුවනේ කියා අසන්නේ නැත.

රජයේ මුදලින් සිල් රෙදි බෙදුවේ වෙසක් පෝයට සිල් ගැනීමට නොවේ. මහින්දට ඡන්දය දීම පිණීස මහලු මව් පියන් පෙළඹවීම සඳහාය. සිල් රෙදි බෙදිම වරදක් වුණේ එහෙමය. සංචාරක මණ්ඩලයේ නිලධාරින් සිර කෙරුණේ ඌව පළාත් සභා ඡන්දයට දන්සල් දැමිමට රජයේ මුදල් වැය කළ නිසාය. වීරකැටිය රාජපක්‍ෂ සොහොන ඉදි කිරිමට නාවිත හමුදාපති නාවික සෙබලුන් යවන ලද්දේ කැමැත්තෙන් නොවේ. රාජපක්‍ෂ පවුලේ බල්ලන් නාවන්නත් හමුදා සෙබලුන් යොදා ගත් කාලයක සොහෙනක් තැනීම ලොකු වරදක් නොවේය යන කල්පනාවෙනි. එහෙම නොකළා නම් තනතුරු පමණක් නොව ජීවිතයද අහිමි වන්නට ඉඩ තිබිණ.

සත්‍ය වශයෙන් සමස්ත රාජ්‍ය නිලධාරින් හොරුන් නොවේ. ඔවුන් අතට මාංචු වැටුණේ මහින්ද රාජපක්‍ෂ යුගයේ කළ නොහැකි දෙයක් නැත යන විශ්වාසයෙන් සමහරු ආවේසව සිටි නිසාය. භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහ පාරේ වෙඩි කා මළේද, දුමින්ද සිල්වා මරණ දඬුවමට නියම වුණේ ද ඒ නිසාය. මර්වින් සිල්වා කවදත් තම නායකයාට ලෙන්ගතුව සිටි චරිතයකි. මර්වින් සිල්වා චන්ද්‍රිකාට ගැතිව සිටි ආකාරයටම රාජපක්‍ෂලාටද ගැතිව ලෙන්ගුව සිටියේය. භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මියගිය පසුව යටි බිම්ගත ව්‍යාපාරවල වෙනසක් විය. ඒ සමග මර්වින් සිල්වා සමහර රාජපක්‍ෂලාට ප‍්‍රසිද්ධියේ පහර දෙන්ට විය. රූපවාහිනියට පැන ටී.ඇම්.ජී. චන්ද්‍රසේකරට පහර දී ඔලුව පලා ගත්තේය​. මර්වින්ගේ පුතා පසුව ඇස් වාට්ටුවේදි මුහුණ තලා ගත්තේය. මේ සිහි කළේ එකම පක්‍ෂයේ අය උනුන්ට වෛර බැඳ කා කොටා ගත් අවස්ථාවන්ය. මේ සියල්ල රජපක්‍ෂ යුගයේ දායාද විය.

2015 ජනවාරිය වනවිට රාජපක්‍ෂලා මෙන්ම ශී‍්‍ර ලංකාවද ජාත්‍යන්තර යුධ අධිකරණයෙහි චුදිතයන්ව සිටයහ. ඒ තත්ත්වය මහින්ද රාජපක්‍ෂම උපුටා දක්වතොත් මෙසේය. ‘‘මේ හදන්නේ මාව විදුලි පුටුවට ගෙනියන්නයි.’’ ඔය කියන කාලයේ විදුලි පුටුවේ තබා මර දඬුවම දීමක් ලෝකයේ කිසි තැනක කි‍්‍රයාත්මක නොවිය. එහෙත් ඒ විදුලි පුටු කතාව මහින්ද කි ගොන් කතාවක් ලෙස බැහැර කළ නොහැකි තත්වයක පැවතිණ. අපට සම්බාධක පැනවෙන තැනට ලෝක මතය තල්ලු වෙමින් තිබිණ. ජීඑස්පී සහනය අපට අහිමි වුණේ අනතුරු ඇඟවීමක් හැටියටය. ඉන්ධන මිල ඉහල ගියේ ඒ නිසාය. ඉරාකයෙන් හොරෙන් ලංකාවට ආ තෙල් නැවක් අමෙරිකාව ආපසු හරවා හැරිය කතාවක් කියවිණ. සමහර කතා ආරංචි පමණකි. එහෙත් තත්ත්වය යහපත් වුණේ නැත.

අද අල්ලස් නඩු පැවරි ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු එජාපයෙන් මහින්ද වෙත ළඟාවූ චරිතයකි. ටිරාන් අලස් අද චෝදනා ලබන්නේ මහින්ද සමග වැඩ කළ නිසාය. යෝෂිත අත් අඩංගුවට පත් වුණේ රාජපක්‍ෂගේ පුතා නිසා බව මුලිදී කියැවිණ. කලක් යන තෙක් ඬේසි ආච්චිගේ බූදලය බටකොල ආච්චිගේ කතාව මෙන් විහිලුවක් නොව බව රටම තේරුම් ගත්හ. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. යෝෂීත පමණක් නොව නාමල් රාජපක්‍ෂගේ අතටද නිතර යකඩ වලලු වැටෙමින් පවතී. ශිරන්ති රාජපක්‍ෂ යනු ආසියානු රටක එමිල්ඩා මාකෝස්ට පසුව රටේ නීතිය හමුවේ ප‍්‍රශ්න කෙරුණ අනෙක් රාජ්‍ය නායකයාගේ භාර්යාව ලෙස ඉතිහාස ගතවී හමාරය. ලලිත් වීරතුංග, අනුෂ්ක පැල්පිට දෙදෙනාට නඩු වැටුණේ පික් පොකට් ගසා නොවේ. මහින්ද රජපක්‍ෂට අවනතව රාජ්‍ය මුදල් වැය කිරිම නිසාය. යහ පාලනය ආරම්භයේ මේවා දේශපාලන පලිගැනිම් ලෙස කියවිණ. දැන් තත්වය වෙනස්ය. හොර පාස්පෝර්ට් ළඟ තබාගෙන රාජ්‍ය දේපල අවභාවිතා කළ විමල් වීරවංශ FCID ගොස් එනවිට කතා කරන්නේ දේශපේ‍්‍රමය ජාතික වාදය ගැනය.

දැන් දේශපාලන පලිගැනීම් ගැන සඳහන් කරන්නේ නැත. දුමින්ද සිල්වාට මරණ දඬුවම නියමවූ පසුව, රාජපක්‍ෂවාදිහූ කතා කළ ආකාරය වෙනස් විය. භාරතද, දුමින්ද මෙන්ම ශී‍්‍ර ලංකා නිසා චෝදනාව, නඩුව හෝ තීන්දුව දේශපාලනයට තල්ලූ කළ නොහැකිය. බොහෝ දෙනා කතා කරන්නේ නඩු තීන්දුවේ අඩුපාඩුකම්ය. මහින්දලා ජාත්‍යාලය, දේශවාත්ලස්‍ය ඉස්සරහට දමා බේරෙන්න කී සුරංගනා කතාවලට දැන් හූ මිටි තබන්නෝ හිඟ වෙමින් පවතී. කාල්ටන් ස්පෝර්ට් චැනලය තිස් අවුරුදු යුද්ධයේ කොටසක් හෝ ශී‍්‍රලනිප දේශපාලන ව්‍යාපෘතියක් නොවේ. තනිකරම ජාවාරමකි. නීතියට අවශ්‍ය ඒ සඳහා යොදා ඇත්තේ කාගේ සල්ලිද යන්න පමණකි. මුදල් උපයා ගත් ආකාරය ඇසීම පලිගැනිමක් නොවේ.

නීති වෘතිකයන් අපරාධ කරුවන් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් උත්සහ කරන්නේ තම සේවාදායකයා නිදොස් කර නිදහස් කර ගැනිම පිණිසය. මුල් නඩුවෙන් වැරදි කරු වූ පසුව අභීයාචනා කරති. ඒ ලැබුණ තීන්දුවේ අඩු ලුහුඬුකම් හරහා ගොඩ යාම පිණීසය. අද මහින්දවාදි සියලු දෙනා දුමින්දගේ නඩු තීන්දුවේ වැරදි හිල් හොයති. ගොඩ යතියි අනුමාන කරති. ඒ ඇයි?

ප‍්‍රශ්නය ඇත්තේ මෙතනය. මහින්ද චින්තනය රටට කළ හොඳ බොහෝය. එහෙත් එක් ශී‍්‍රලංකා කාරයෙක් අතින් තවකෙකු වෙඩි කා මළේ මහින්ද චින්තනය නිසා නම් නොවේ. කිසිම චින්තනයට එවැනි අරමුණු පැවතිය නොහැකිය. සිද්ධ වන්නේ දුමින්ද ගස් ගිය නඩුව සහ නඩුවට මුල්වූ කරුණ දැඩි දේශපාලන කෝණයකින් දැකීම පමණකි. සමහරුන් වැඩිය කතා නොකරති. හැඟීම් බරව කියන්නේ දුමින්ද සිල්වා ඇපෑලෙන් නිදහස් වෙයි කියාය. සරත් පොන්සේකා තිස් අවුරුදු යුද්ධය දිනු යුද හමුදාපති විය. ඒ නිසා ඔහු ගැන යම් සානුකම්පිත හෝ සංවේදි හැඟීමක් ඇතිවුණා විය හැකිය. එහෙත් දුමින්ද සිල්වා යනු භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධය නිසා පමණක් ඉහළට එසවුණ චරිතයක් නොවේ. මේ නඩු තීන්දුවට පෙර සිටම, ලැබෙන තෙක් බොහෝ නෛතික හේතු මත ආන්දෝලනාත්මක සිද්ධින්ට පටලැවිණ. මහින්ද චින්තනය විශ්වාස කළ ප‍්‍රකට නිලි අනර්කලී ආකාර්ශා මහින්දවාදි දුමින්ද පැහැර ගෙන යාම ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඒ දෙස ජනතාව බලා සිටියහ. එක එක කියන්නට ගියේ නැත. හේතුව පැමිණිලි විත්ති දෙපක්‍ෂම එකම දේශපාලන ධාරාවේ චරිතවිමය. එහි මනුෂ්‍ය ඝාතනයක් නොවිණ. සිදුවුණේ පුද්ගල පැහැර ගැනිමක් පමණකි. 13 හැවිරිදි දිළීඳු දැරියක කෙළෙසූ බවට දුමින්දට නැගුණ චෝදනාව යටපත් විය.

එහෙත් භාරත ලක්‍ෂමන් සිද්ධිය ඊට වෙනස්ය. එය මනුෂ්‍ය ඝාතනයකි. දෙදෙනාම එකම දේශපාලන ධාරවේ ප‍්‍රබල චරිත විය. සිද්ධිය ඇසූ සමහරු කිවේ එකම පැත්තේ අය මෙසේ මරා ගනියි නම් විපක්‍ෂ චරිතවලට කුමක් වේද කියාය. සිද්ධිය වූ දින​යේ හවස් වනවිට මැරුණු එකා මැරෙන්න හැර ඉතිරි එකා බේරා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක විය. 2015 ජනවාරියේ රටේ පාලනය වෙනස් වන තෙක් භාරක පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය ගැන රටේ නිතිය කි‍්‍රයාත්මක වුණේ නැත.

මේ හරහා ගැඹුරු දේශපාලන විග‍්‍රහයකට පිවිසිය හැකිය. මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ අධීකරණයෙන් සාධාරණ තීන්දුවක් ලබා ගැනිම ගහෙන් පට්ටා ගැනිමක් බව රහසක් නොවේ.

දෙනෝ දහසක් බලා සිටියදී සිදුවූ මේ ඝාතනය හෝ වෙඩි තැබිම ගැන පොලිස් පරීක්‍ෂණ සාධාරණව කි‍්‍රයාත්මක නොවූ බව ප‍්‍රසිද්ධ කාරණයකි. පරීක්‍ෂණ අඩපන වන තරමට කාගේත් සැකය දුමින්ද සිල්වා වෙත එල්ල විය. ජන විඥාණය කි‍්‍රයා කරන්නේ එහෙමය. එහෙත් දුමින්ද සිල්වා පොලිස් පරීක්‍ෂණ අතරට පැමිණියේ නැත. ඉහළ හස්තයක් දුමින්ද සිල්වාට දුන් ආරක්‍ෂාව අල්ප ස්වල්ප නොවේ. ඊට හේතුව පැහැදිලිවම දේශපාලනය විය. ඝාතන සිද්ධි සම්බන්ධව ඉහළ දේශපාලන හස්තය කි‍්‍රයාත්මකවූ එකම අවස්ථාව මෙය නොවීය. අද නැවත ගොඩගන්නා සමහර මළ සිරුරු ඊට සාක්‍ෂි දරති. වසිම් තාජුදීන්ගේ මල සිරුර ගොඩ ගෙන නැවත පරීක්‍ෂණ සිදු කළේය. ලසන්ත වික‍්‍රමතුංගගේ මළ සිරුර නැවත ගොඩ ගැනීමට අධිකරණ නියෝග නිකුත්ව ඇත. රාජපක්‍ෂ යුගයේ ජිවත්විමේ අයිතිය තිබුණේ නැත. රටේ සමහර පුර වැසියන් ජීවත්වන කාලය නීතියෙන් පරිබාහිරව තීරණය කිරීමේ අයිතිය කවුදෝ අත්පත් කරගෙන තිබිණ. ලසත්ත මැරුම් කෑවේද, උපාලි තෙන්නකෝන් නොමැරී බේරුනේද ඒ නිසාය. ජනතාව ඒ යුගය ජනවාරියේ අවසන් කර ඇත. රාජපක්‍ෂ යුගයේ මියගිය සමහරුන්ට මරණ සහතික නැත. අවමංගල උත්සව නැත. හිමිකරුවන්ට දේහය දැක ගැනිමට නොහැකි විය. ඝතනයට ලක් වීමෙන් පසුව මිනිය හමුවූ සමහරුන්ට වර්තමානයේ සමාදානයේ සැතපෙන අවකාශය අහිමිව ඇත. නැවත නැවත ඒ මළ සිරුරු ගොඩ ගැනෙයි. අපට උවමනා මිනිසා මැරුණ ආකාර සොයා ගැනිමය. මියගිය අයගේ ඥාතින් එසේ උද්වේගයෙන් කෑ ගසා කියති. මේ සිද්ධ වෙන්නේ එයයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    7

    And the writer Chandrasiri has gone “Kade” without his pants

  • 1
    0

    මරණ දඬුවම සතුටක් නොවෙයි

    ආණ්ඩුව වෙනස් නොවුනා නම් නඩු තීන්දුවද වෙනස් වන්නට ඉඩ තිබූ බව, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව පිළිබඳව අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නීය.
    ‘අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ල මේ රටේ නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා වූ නිසා තමයි අපිට හරි තීන්දුවක් ලැබුනේ.’ ඇය පැවසීය.
    ‘එසේම ඝාතනයට ලක් වූ ලසන්ත, ප්‍රගීත්, තාජුදීන් වැනි අයගේ පවුල්වලටත් සාධාරණයක් වුනොත් ඒ අයටත් සැනසිල්ලක්’ වනු ඇති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටියේ.
    ‘මරණ දඬුවම ගැන සතුටුවෙන්න බෑ. තව කෙනෙකුට කරදරයක් වෙන එක බලල සතුටු වෙන්න තරම් අමානුෂික නැහැ අපි’ ඇය තවදුරටත් පැවසීය

    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

    ආණ්ඩුව වෙනස් නොවුනා නම් නඩු තීන්දුවද වෙනස් වන්නට ඉඩ තිබූ බව, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව පිළිබඳව අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නීය.
    ‘අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ල මේ රටේ නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා වූ නිසා තමයි අපිට හරි තීන්දුවක් ලැබුනේ.’ ඇය පැවසීය.
    ‘එසේම ඝාතනයට ලක් වූ ලසන්ත, ප්‍රගීත්, තාජුදීන් වැනි අයගේ පවුල්වලටත් සාධාරණයක් වුනොත් ඒ අයටත් සැනසිල්ලක්’ වනු ඇති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටියේ.
    ‘මරණ දඬුවම ගැන සතුටුවෙන්න බෑ. තව කෙනෙකුට කරදරයක් වෙන එක බලල සතුටු වෙන්න තරම් අමානුෂික නැහැ අපි’ ඇය තවදුරටත් පැවසීය

    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

    Professor Wijesooriya articulates it as no other…

    මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහි වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම, දූෂණ චෝදනා ලබා සිටින වත්මන් පාලනයේ ඇමතිවරුන්ට එරෙහිව පියවර ගැනීම ඇතුළු තමන් ඉදිරිපත් කළ යෝජනා පහකට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රරතිචාරයක් පළ වූ බව සමාජ ක්‍රියාධරයන් පිරිසක් පවසති.
    මෙම සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත එම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ඊයේ රාත්‍රියේ (13) පැවති සාකච්ඡාවක දීයි.
    මේ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ ජනාධිපතිවරයාට දුන් සංදේශයේ යෝජනා පහක් ඇතුළත් වූ බවයි.
    රාජ්‍ය නිලධාරීන්
    පවතින පාලනය දුර්වල කිරීමේ අරමුණින් රජයට තර්ජනය කරන නිලධාරීන් පිළිබඳව දැඩි තීරණ ගැනීම සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පාලන සම්ප්‍රදායන් ඇති කිරීමට අගමැතිවරයා සමඟ එක් වී මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු බවද ඔවුන් යෝජනා කර තිබේ.
    අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කර මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කළ හැකි සෑම දෙයක් ම කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් බවයි මහාචාර්ය සරත් විජේසුරිය බීබීසීයට කියා සිටියේ.
    දූෂණ චෝදනා පිලිබඳ නඩු විභාග කඩිනමින් නිම කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීම දැනට පවතින අධිකරණ පද්ධතිය යටතේම සිදු කළ හැකි බවයි ඔහු පවසන්නේ.
    රජය අපහසුතාවයට පත් කරන නිලධාරීන් පිළිබඳව විමසූ විට මහාචාර්යවරයා උදාහරණයක් හැටියට පෙන්වා දුන්නේ විගණන පනත සම්මත වීමට ඉඩ නොදෙන අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසකි.

  • 4
    1

    සමහරැ ඇමතිවරැ සුප්‍රකට දූෂීතයන් නොවේද? ඔවුන් පළවා හැරිය යුතුවේ. අප සහතික කළ යහ පාලනය වෙනුවෙන් ජනාධිපති අගමැති යම් කැප කිරිමක් කළ යුතුවේ. හිටපු දෙමල සංධාන මන්ත්‍රි අප්පු පියසේන පොදු දේපල අවභාවිතාව ගැන නැවත රිමාන්ඩ් වේ. ඇප නැත. එහෙත් උඩුවේ ධම්මාලෝක ලලිත් වීරතුංග ආදිහූ එකී චෝදනාව මත නඩු පවරා ඇතද රිමාන්ඩ් කළේ නැත. නිතිය සාධාරණ බව ලියා පමනක් පලක් නැත. එය සිදුවන බව පෙනී යා යුතුවේ.ඒ කියන්නේ අධිකරණය දූෂිතය. හෝ කවුදෝ එය මෙහෙයවනු ලබයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.