26 April, 2024

Blog

අපේ සදාචාරය සහ කොළඹ සිවිල් සමාජයේ දේශපාලනය

චරිත හේරත්

චරිත හේරත්

චරිත හේරත්

නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ වෙබි අඩවියකට ලියා තිබු දේශපාලන කාරණයක් ගැන මම ලියු සටහනකට ඔහු විසින් පෙරළා ප‍්‍රතිචාරයක් දක්වා තිබුනි. එම ප‍්‍රතිචාරයේ හරය වූයේ “මේ රජයේ යහපාලනය ගැන ප‍්‍රශ්න කිරිමට පසුගිය රජයේ නිළධාරීන් / හෝ සහායකයින් වූ මා වැන්නවුන් සදාචාර අයිතියක් නොමැති’ බවයි. නිර්මාල්ගේ සටහනේ කෙටි අර්ථය එය වුවත් අවශ්‍ය නම් විස්ථීර්ණ නිර්වචනයක් දක්වා වර්ධනය කළ හැකිය. ඔහු කියන්නේ මෙවැනි අදහසකි. ‘පසුගිය රජය වැරදි වැඩ රාශියක් සිදු කර තිබේ. ඒවාට එරෙහිව හොද වැඩ රාශියක් සිදු කිමට අවශ්‍ය ‘යහපත් සමාජයක්/සාධාරණ සමාජයක්/මෛත‍්‍රී සමාජයක් සැකසසී සදහා’ නිර්මාල් ද ඇතුලත් කණ්ඩායමක් විසින් අලූත් ජනාධීපතිවරයෙක් සහ රජයක් පිහිටුවා ගෙන තිබේ. දැන් (නිර්මාල් සිතන පරිදි) මේ පරණ පාළනය නරක නිසාත් අලූත් පාළනය හොද නිසාත් ඒ නරක පාළනයට සමරිබන්ධ අය මේ හොද පාළනය ගැන ප‍්‍රශ්න කිරීම​ නොකළ යුතුය’ වැනි අදහසකි. මෙය ඔහුගේ කෙටි සටහනට මාගේ අවධාරණයක් මිස නිර්මාල්ගේම වචන නොවුනත් මෙම ප‍්‍රශ්නය මීට පෙරදීද අඩු වැඩි ආකාරයෙන් ඔහු (ශිරාල් සමග මා/ධමිම සහභාගී වූ රූපවාහිනී වැඩ සටහනක ත්) ඉදිරිපත් කළා මතකය. එසේම පසුගිය දිනක​ කොළඔ විශ්ව විද්‍යාලයේ කළාගාරය ඉදිරිපිටදී නැවතත් ‘මේ සදාචාර ප‍්‍රශ්නය’ දමා ගැසූ හෙයින් මේ ගැන සාකචිජා කිරීම සුදුසු යැයි සිතුවෙමි. එනිසා මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ අපේ සදාචාරය පිළිබද නිර්මාල් මතු කරන ප‍්‍රශ්නය ගැනත් එසේම ඔහු නියොජනය කරන කොළඔ සිවිල් සමාජ කණ්ඩායමේ දේශපාළනය ගැනත් කරුණු කීපයක් සාකච්ඡා කිරීමටයි.

(1)

මෙහිදී මුළින්ම නිර්මාල්ට මතක් කළ යුත්තේ දේශපාළනයේ සදාචාරය පිළිබද ප‍්‍රශ්නය ඔහු සිතන තරම් සරල නිරපේක්‍ෂ විනිශ්ෂයක් නොවන බවයි. එය සංකීර්ණ සාපේක්‍ෂ තේරුම් ගැනීමකි. දේශපාළනයේ ‘හොද-නරක’ සහ ‘යහපත-අයහපත’ ගැන වේගයෙන් සිල්ලරට තීරණ ගැනීමට නිර්මාල්ට අයිතියක් ඇතත් එම තීරණ තමන්ගේ මතයන් (opinion) මිස හැමෝම පිළිගතයුතු දත්තයක් (data) ලෙසින් පිළිගැන්වීමේ කිසිදු ශාස්ත‍්‍රීය හෝ සදාචාරමය පදනමක් ඔහුට නොමැත. දැන් නිර්මාල්ගේ ‘සාධාරණ සමාජය’ ‘යහ පාළනය’ වැනි අදහස් යනු පවතින සහ පැවතුණු තත්ත්වයන්ට එරෙහිවී ගොඩනගා ගත් මතයන් මිස රටේ සියල්ලන් විසින් පිළිගත යුතු පරම සත්‍යයන් නොවේ. අනෙක් අතට මෙවැනි සංකල්ප මගින් සිදුවන්නේ නිශ්චිත කරුණක් විස්තර කිරීමේ (explantion) ක‍්‍රියාවලියක් නොව අපේක්‍ෂිත කරුණක් නිෂ්පාදනය කිරීමේ (production) සහ අර්ථකථනය කිරීමේ (interpretation) භාෂාත්මක ගොඩනැංවීමකි. එනිසාම එය දේශපාලනමය වු කථිකා අවකාශයක්/ කථිකාමය කියවීමක් (discursive reading) තුළ ගොඩ නගා ගන්නා සාපේක්‍ෂ පිළිගැනීම් වේ. මෙම සමහර පිළිගැනීම් වල සිට පෙරළාඑදි නෙදා ක්‍රියාකාරිත්වය​ දක්වා ගමන් කරන විට සමහර තැනක දත්තමය කාරණයක් මතු කර ගැනීමේ ඉඩක් පැවතුනත් අපි ගණුදෙණු කරමින් සිටින දේශපාළන අවකාශය කරුණු මත නොව මතවාද/අර්ථකථන මත පදනම් වන ක්ෂේත‍්‍රයක් බව යෝජනා කිරීමට කැමැත්තෙමි. තවත් පැහැදිලිව කිවහොත් යහපාලනය යන ජත්‍ර​පදය (umbrella term) යටතේ සිට සංවාදය කරන විට එය අලංකාරිකයක් වන අතර එයින් ව්‍යුත්පන්නව නිශ්චිත කාරණයක් දක්වා ගමන් කළ විට පෙරළා ගොඩ නැගෙන්නනේ අලංකාරිකය සහ නිශ්චිත කාරණය අතර ඇති ගැලපීම සහ නොගැලපීම අතර ගැටුමයි. මෙම නොගැලපුම මතු කිරීම කුමන ආණ්ඩුවක් සමිබන්ධයෙන් වුවද සිදුකළ හැකි වුවත් බල දේශපාලන ක්ෂේත‍්‍රයේ වැදගත් වන්නේ එය නොව එවැනි පදනමක් ඇතිව හෝ නැතිව ගොඩ නගන අලංකාරිකයන් (යහපාලනය වැනි) මතට සමාජ සම්මුතිය ලබා ගැනීම සදහා කරන්නාවූ අරගලයයි. දැන් පසුගිය ජනවාරී 8 දින අප පසු කරනු ලැබුවේ එවැනි ක්‍රියාදාමයක් වන අතර නිර්මාල්ලාගේ අලංකාරිකය රටේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකගේ සමිමුතිය ලැබුනු අතර අප ඉදිරිපත් කළ අදහසට 45% ක් ලබා ගනිමින් පරාජයට පත්වුයේය. මෙම අලංකරිකයන්ගෙන් එහාට වු ‘බිම‘ තත්ත්වය සමග එය කරුණුමය වශයෙන් එකගවීම හෝ එකගනොවීම සහ මෙම අලංකාරිකයන් ගැන වූ දේශපාලන සංවාද ක්ෂේත‍්‍රය යනු එකක් නොව දෙකකි. එනිසාම නිර්මාල්ගේ හොද යහපත් සමාජය ගැන හෝ යහපාළනයක් ගැන එකගත්වයක් නොමැති මට එම අලංකාරිකයට එරෙහිවීමට ඔහුගෙන් සදාචාර බලපත‍්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

අනෙක් අතට නිර්මාල් ද ඇතුලත් කොළඔ සිවිල් සමාජයේ අයගේ දේශපාළනය පැත්තෙන් පමණක් ම මෙම තර්කය තේරුම් ගත්තත් ඔවුන්ගේ අදහසේ ඇති බංකොලොත් බව හොදින්ම පෙන්වා දිය හැකිය. මෙය නිදර්ශනයක් මගින් තේරුම් ගැනීම තරමක් පහසුවේ. මේ දේශපාලනය හරියට උස පැනීමේ තරගයක් වැනිය. කොළඔ සිවිල් සමාජය තර්ක කළේ එතෙක් උස පනිමින් සිටි ක‍්‍රීඩකයා පනින උස (ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම) මදි බවත් සමහර අවස්ථාවල ඔහු ‘උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් රිංගා එහා පැත්තට යන බවත්’ තවත් සමහර අවස්ථාවල ‘තමන්ගේ දිනුම තම පවුලේ දිනුම’ ලෙසින් සළකන බවත් වැනි චෝදනා නිසා ඔහු වෙනුවට වෙනත් කී‍්‍රඩකයෙකු සොයා ගතයුතු බවත්ය. දැන් සිවිල් සමාජයට අනුව මේ ‘නරකට උස පනින‘ ‘හරියට උස නොපනින’ සහ ‘සමහර අවස්ථාවල පනිනවා යැයි පෙන්වමින් හොරෙන් එහා පැත්තට පනින’ කී‍්‍රඩකයාට එරෙහිව අලූත් කී‍්‍රඩකයෙකු තරගයට කැදවා තිබේ. එහෙත් දැන් කී‍්‍රඩා පිටිය සුදානම් විය යුත්තේ සහ පේ‍්‍රක්‍ෂකයින් වශයෙන් අප බළාපොරොත්තු විය යුත්තේ පරණ “කී‍්‍රඩකයාට වඩා ‘උඩින් පනින’ / උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් ‘රිංගා නොයන’/ තමාගේ ජය පවුලේ ජයක් ලෙසින් කොසලකන කී‍්‍රඩකයෙකු සහ කණ්ඩායමක් “වෙනුවෙන්ය.

එසේම සිවිල් සමාජය ලෙසින් තමාව හදුන්වා ගන්නා ‘බස් සංගම්වල අය‘ ‘හෙද සංගම්වල අය’ සහ ‘ආචාර්ය සංගම්වල අය’ දැන් ඇහැ ගහගෙන සිටිය යුත්තේ අලූත් කී‍්‍රඩකයින් පරණ අයට වඩා උඩින් පනිනවාදැයි බැලීමටයි. පැන්නා වගේ ගොස් හොරෙන් රිංගනවාදැයි බැලීමටයි. උස පැනීමෙන් ලද ජය පවුලේ අයගේ ජයක් ලෙසින් සකනවාදැයි බැලීමටයි. එහෙත් සිදුවෙමින් පවතින්නේ පරණ කී‍්‍රඩයින් ගැන හැගීමීබරව කථා කිරීම සහ පරණ චෝදනා මිටියම යලි යලිත් ඉදිරිපත් කිරීම මිස අලූත් තත්වයන් ගැන විමසිලි ඇසින් බැලීම නොවේ. කොළඹ සිවිල් සමාජයේ හුගක් අය සිතා ඉන්නේ ‘තරගයේ සියලූ නීති රීති අදාළ වන්නේ’ පරණ සිටි අයට පමණක් බවයි. මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුවී ඇත්දැයි මේ අයගෙන් ඇසුවහොත් කියන්නේ ‘ඕක මොකක්ද ඉස්සර ඔය වගේ දේවල් කොචිචර වුනාද’ කියාය. නිර්මාල් අසනු ඇත්තේ ‘ඔය ප‍්‍රශ්නය අහන්න ඔයාට තියෙන සදාචාර අයිතිය කුමක්ද‘ කියාය. නිර්මාල්ට අනුව පරණ තරගයට සුභ පැතුවෝ හෝ එයට සහභාගී වූවෝ අලූත් තරගයේ නීති රීති ගැන ප‍්‍රශ්න නොඇසිය යුත්තෝය. එසේ බලාපොරොත්තු වන ගමන් ඔවුන් අලූත් තරගකරුවන් ‘උස පනිනවායැයි පෙන්වමින් හොරෙන් යටින් රිංගා ගිය විට’ ශාස්ත‍්‍රීයභාවය පෙන්වීමට නොයෙක් තර්ක ගෙන එන්නේ එය ‘දැක්කේ නැති’ ගානටය.

(2)

රටක බල දේශපාලනය සදහා ඝෘජු මැදිහත්වන දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයන් එක් අතකිනුත් ජන්දායකයින් අනෙක් අතිනුත් වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයන් දෙකක් ලෙස ස්ථාන ගත කළ විට ඒ දෙකට මැදින් වූ අවකාශය තුළ ඒ දෙපැත්තටම විවිධ ආකාරයේ සමිබන්ධතා හා බළපෑමි සහිත කළාපයක් ලෙසින් සිවිල් සමාජය ස්ථානගත වේ. ඒ නිසාම එක් අර්ථයකින් සිවිල් සමාජය ඝෘජු බල දේශපාලනයේ අවශ්‍යතාව වෙනුවෙන් කෙලින්ම පෙනී නොසිටින ‘දේශපාලන සමාජයට‘ එරෙහිව පිහිටන භූමිකාවක් ලෙසින් පිළිගනු ලබන අතර අනෙක් අතින් සාමාන්‍ය පොදු සමාජ අවකාශයේ ගැටලූ හා අවස්ථා (issues and conditions) වෙනුවෙන් පෙනී සිටින හෙයින් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයටම අයිති කලාපයක් බවට ද පිළිගනු ලැබේ. එය තවත් පැහැදිලිව කිවහොත් සිවිල් සමාජය කි‍්‍රයාත්මක වන්නේ ඝෘජු බල දේශපාලනයේ සහභාගිත්ව අරමුණුවලින් මිදුණු එහෙත් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනස් කිරීම් සම්බන්ධ ක්ෂේත‍්‍රයක් තුළය. මෙම තත්වය ප‍්‍රජාතනත‍්‍රවාදය සම්බන්ධ න්‍යායාත්මක කාරණයක් හරහාද තේරුම් ගත හැකිය. න්‍යායාත්මක තළයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ භාවිතාවන් දෙකක් පවතින බව පිළිගනු ලැබේ. එයින් එක් භාවිතාවක් වන්නේ පටිපාටිගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි (procedural democracy). එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක පවතින නිශ්චිත ක‍්‍රියාකාරකම් හා පටිපාටීන් විධිමත් ලෙසින් පවත්වා ගෙන යාමයි. මැතිවරණ පැවැත්වීමල දේශපාළන පක්‍ෂ යාන්ත‍්‍රණයල පාර්ලිමේන්තුව යනාදිය පරිහරණීය සාධක ලෙසින් පවත්වා ගෙන යාම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පටිපාටිගත භාවිතාවට අයත් වේ. එහි දෙවන භාවිතාව වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති සාංගමික භාවිතාවයි. Associational democracy ලෙසින් ඉංගී‍්‍රසියෙන් එය හදුන්වනු ලැබේ. ප‍්‍රජාතනත‍්‍රවාදී සමාජයක පටිපාටීන් කොතරම් හොදින් පවත්වාගෙන ගියත් එයින් එහි ආකෘතිකමය වු (forms) පැවැත්මක් මිස අභ්‍යයන්තරික අන්තර්ගතයන් (contents) ගොඩ නැගෙන්නේ නැති බැවින් මෙම සාංගමික භාවිතාව ඉතාමත් අත්‍යාවශ්‍ය කාර්යයක් සිදු කරන බව පිළිගනු ලැබේ. දැන් සිවිල් සමාජයේ / පුරවැසි සමාජයේ දේශපාලනය ස්ථානගත වන්නේ මෙම සාංගමික භාවිතාවේ අවකාශය තුළය. ජනමාධ්‍ය /සිවිල් සංවිධාන/බුද්ධිමතුන් (වෘත්තීය සමිති නොවේ) මෙහිදී විශේෂයෙන් හදුනාගත හැකි සිවිල් සංචරකයන් වේ. මෙම භාවිතාවන් දෙකෙහි ඇති විශේෂත්වය නමි පටිපාටිගත ප‍්‍රජාතනත‍්‍රවාදී භාවිතාවේ ඇති බලය ඉල්ලීම / බලය වෙනුවෙන් ඒකරාශීවීම සහ ඒ වෙනුවෙන් අලංකාරිකයන් හරහා ඇත්ත හෝ බොරු කීම වැනි කි‍්‍රයාමාර්ග වලින් වෙන්වු භූමිකාවක් සාංගමික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක්ෂෙත‍්‍රය මගින් නිරූපනය විය යුතු වීමයි. සාංගමික මැදිහත්වීම බල පිරමීඩයේ ඉහල තළයට සමිබන්ධ නොවිය යුත්තාසේම එහිම යටි ස්ථරය වූ ජනතා කාණ්ඩ (තම සාංගමික අභිමතාර්ථයන්ට අයත් ජනතා කණ්ඩායම්) ස්වකීය මැදිහත්වීම තුලින් නියෝජනය කිරීම සහ දේශපාලන අවකාශයේ පවතින ව්‍යුහාත්මක වෙනස්වීම් නියොජනය කිරීම බලාපොරොත්තුවේ. සිවිල් සමාජය පිළිබද හේගල් ගේ ඉදිරිපත් කිරීම්වල සිට සියලූ ඉදිරිපත් කිරීම් විධිමත්ව සාකචිජා කළත් මෙම තත්වය පැහැදිලි කළ හැකිය.

දැන් අපේ රෙටි සිවිල් සමාජය ගැන සුමනසිරි ලියනගේ වරක් කියු පරිදි කොළඹ සිවිල් සමාජය හැසිරෙන්නේ නාමිකව සිවිල් වෙන ගමන් කායිකව බල දේශපාලනයේ හොදම මුරකරුවා ලෙසින්ය. නාමිකව සාංගමික වන ගමන් කායිකව ආණ්ඩුවටත් එහායින් එයට චරිත සහතික දෙමින්ය. අනෙක් අතට මෙම සිවිල් සමාජකරුවන්ගෙන් සමහරුන් ආණ්ඩුවත් සමග හැසිරෙන්නේ බල දේශපාලනයේ තමන්ට අහිමි වූ ‘යමක්’ ලැබී එය ආරක්‍ෂා කරන්නට තැත් කරණ කණ්ඩායමක් ලෙසින්ය. කොටින්ම කණ්ඩායමට අලූත් සාමාජිකයෙක් ඇතුලූවීමවත් නොරුස්සන අයුරින්ය. නලීන් සිල්වා මහතා වරක් කියුවේ කොළඹ සිවිල් සමාජය ‘හරියට හැව්ලොක් කී‍්‍රඩා සමාජය’ වගේ කියාය. මෙම කියමනෙහි විශාල සත්‍යයක් එකළට කෙසේ වෙතත් මෙකළට නමි තිබේ. එකම ක‍්‍රීඩකයා තරග කීපයකටම පෙනී ඉන්න තරමටම අද එය ‘සමාජය’ හැකිලෙමින් තිබේ. උදාහරණයක් ලෙසින් සිවිල් සමාජයේ නායකයෙකු ලෙස හදුන්වන සමන් රත්නප‍්‍රිය මහතා සැළකිය හැකිය. ඔහු හෙද සංගමයේ සභාපතිය. රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරුය. පුරවැසි බලයේ සම කැදවුම්කරුය. තවත් අපි නොදන්න සංවිධානවල තනතුරු දරනවාද විය හැකිය. කොළඔ සිවිල් බලය යනු ‘අපි කීපදෙනෙකුගේ බලය’ බවට පරමාණුකරණය වෙමින් තිබේ.

මැතිවරණ ඉලක්ක කර ගනිමින් කොළඔ කේන්‍ද්‍රියව ගොඩ නැගෙන මෙම බොහෝ සිවිල් සංවිධාන එක්කෝ මැතිවරණ ජයග‍්‍රහනයන් සමග සහාය දුන් පක්‍ෂයේ ඇතුලටම ගමන් කරමින් ‘සිවිල් බලය BOI-කරණය කරයි. නැත්නමි එම ආණ්ඩුවේ consultantලා බවට පත්වෙමින් මිලියන ගණනන් උපදේශක ගාස්තු ලබන කණ්ඩායමක් බවට පත්වේ. තවත් සමහරු තමන් කිසිම දේශපාලන කන්ඩායමකට අයිති නැති මධ්‍යස්ථභාවයක් පෙන්වන ගමන් ‘ආණ්ඩුවට එරෙහිව විවේචනයක් ගෙනෙන විට සදාචාර අයිතිය’ ප‍්‍රශ්නයකින් ආරක්‍ෂාවක් සපයයි. නිර්මාල්ගේ ප‍්‍රශ්නයෙහි නියම පාට පෙනෙනනේ එවැනි සන්දර්භයකදීය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    from the facebook

    by Heideggerian Marxist

    දැන් මේ කියන විදිහට දේශපාලනයට සදාචාරයක් ඇත්තේම නැහැ. තියන්නේ අලංකාරිකයෙකුයි ඒකට මිනිස්සු අන්දවා ගන්න එකකුයි. එතකොට යහපාලනේ ගැටලුව තමයි වැඩියෙන් උස පනින්නවද පනින්නේ කවුද යටින් රිංගනවද දිනුවාම ඒක පවුලේ ජයක් හැටියට සලකනවාද වගේ එකක්. දැන් තමයි න්‍යායාචාර්යවරුන් අතින් මැදමුලන නරුමවාදී චින්තනය හරියටම එලියට පනින්නේ.

    සුදු වෑන් වලින් විරුද්ධවාදීන් අතුරුදහන් කරද්දී, ජාතිවාදී කල්ලිවලින්, සංහාරවලින් සුලුජනයා භීතියට පත් කරද්දී, රටේ නීතිය පවුලේ හෙන්චයියන්ගේ නාටකයක් කරද්දී, මාධ්‍යවේදීන්ගේ ඔලු පලලා, මාධ්‍ය ආයතතන ගිනි තියලා, මාධ්‍ය ආයතන මහරජාගේ රිමෝට් කොන්ට්‍රොල් එකට යට වෙද්දී, සංවර්ධනයට මුවා වෙලා රජ පවුල රටේ ධනය විතරක් නොවේ මහජනයාගේ දේපලත් මංකොල්ල කද්දී, මෙවැනි මිනීමරු පාතාල පාලනයකට විරුද්ධව ජීවිත පරදුවට තියලා මිනිස්සු ඉදිරියට ආවේ රාජපක්ෂගේ දංකුඩ වලට වහල් වෙලා දුර්දාන්ත පාලනයකට මුක්කු ගහපු චරිතලාට වඩා යහපතක් සදාචාරයක් ඒ මිනිස්සු දැකපු හින්දා. ඉතින් ආයේ දේශපාලන පොර ටෝක් දෙන්න ඉස්සෙල්ලා බයිලා කියන එක නවත්තලා චරිතලා තමන් මිනීමරු ෆැසිස්ට් තාලයේ පාලනයක කොටස්කාරයෝ වීම, හිරිකිතයකින් තොරව පය ගසාගෙන සිටීම ගැන පැහැදිළි කිරීමක් කරන්න ඔනෑ. අඩුම තරමේ ඉන් පීඩාවට පත්වෙච්ච් මිනිස්සු වෙනුවෙන්වත්. එහෙම නැත්නම් හිට්ලර් නැගිටල ඇවිල්ල දේශපාලනේ කරන්න ඉල්ලුවත් දෙන්න වෙයි.

    හැබැයි තමුන්නාන්සේ කියන විදිහට explanation සාපේක්ෂ නම් ඒවා සියලු දෙනා පිළිගන්න ඕනෙත් නැත්නම් තමුන්නාන්සේලාගේ මතයට 45% ඡන්ද ලැබිලාත් තියනවා නම් ඔය විශ්ව විද්‍යාල කථිකාචාර්ය කම ලමයෙකුට දීලා කාල්ටන්වලට ගිහින් වලං හෝදනවා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ.

  • 2
    0

    from the facebook page

    Kathika Sanvada Mandapaya

    දේශපාලනයේ සදාචාරය පිළිබඳ අදහසක්

    දේශපාලනයේ සදාචාරය පිළිබඳ කරුණ දැකිය හැකි එක් ආකාරයක් මෙසේය.

    කෙනෙකු යෙදී සිටින දේශපාලනයේ සදාචාර පදනම කුමක් ද? එය සදාචාරමය වශයෙන් සාධාරණීකරණය කරන්නේ කෙසේද? තමා අන් අයගේ දේශපාලනය විවේචනය කරන විට තමන් යොදා ගන්නා මිණුම් දණ්ඩේ ඇති ආචාර ධර්මීය පදනම තමා තමාගේ දේශපාලනයට යොදා ගන්නේද?

    මේ අර්ථයෙන් යමෙකුට අන් අයෙකු විවේචනය කිරීමට සදාචාරමය අයිතියක් නැතැයි කෙනෙකු කියන විට ඉන් අදහස් වන්නේ “ ඔබ විවේචනය කරන වරද ඔබම විසින් පෙර කොට ඇත, එහෙයින් ඔබ එය වරදක් බව පිළිගෙන ඔබේ ආස්ථානය නිවැරදි කොට ගෙන නොමැති නම් ඔබේ වත්මන් විවේචනය සදාචාරවත් නොවේ,“ යන්න වැන්නකි.

    හැබැයි, මේ අදහස පිළිබඳ සාකච්ඡාවකට පිවිසෙන්නට නම් යමෙකු දේශපාලනයට ආචාර ධර්මීය පදනමක් ඇතැයි යන්න පළමුව පිළිගත යුතුය. ඉන් කියැවෙන්නේ අප මානව පැවැත්ම වටහා ගන්නා ආකාරයට ආචාර ධර්මීය පදනමක් ඇති බවය. අපේ ජීවිත වලට ආචාර ධාර්මික පදනමක් ඇතැයි යන්න ය.

    මානව ජීවිතයට ආචාර ධාර්මික පදනමක් නැතැයි යන අදහස මත ගොඩ නැගෙන දේශපාලනයේ ස්වරූපය කුමක් ද? එයට ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයෙන් දිය හැකි උදාහරණ මොනවාද?

    දේශපාලනය සහ ආචාර ධර්මය පිළිබඳ බටහිර කෙරෙන දාර්ශනික/ න්‍යායික සාකච්ඡාව අපට ලිඛිතව එන ප්‍රධාන මූලාශ්‍ර වන ඇරිස්ටෝටල් ගේ Nicomachean Ethics සහ Politics වල අදාළ කොටස් කිහිපයක් පහත උපුටා දක්වමු. දේශපාලන යේ ආචාර ධර්මය පිළිබඳ දාර්ශනික/ න්‍යායික සාකච්ඡාවකට මේ ඉදිරිපත් කිරීම වලින් ගම්‍යමාන වන අදහස් ආමන්ත්‍රණය නොකොට මග හැර යා නොහැකිය.

    කුමුදු
    ———————————————————–
    ඇරිස්ටෝටල්
    දේශපාලනය
    පළමු පොත

    [1] සෑම රාජ්‍යයක් ම යම් ආකාර ජන සමාජයකි. සෑම ජන සමාජයක් ම පිහිටවා ඇත්තේ යම් හොඳක් අරමුණු කරගෙනය. මක්නිසාද සෑම කෙනෙකු ම සැම විට ම කි‍්‍රයා කරනුයේ යහපත් යැයි ඔවුන් සිතන දේ ලබා ගැන්ම සඳහා බැවිනි. නමුත් සෑම ජන සමාජයක් (ප‍්‍රජාවක්) ම කි‍්‍රයා කරනුයේ යම් හොඳක් ඉලක්ක කර ගෙන නම් සියල්ලට ම උසස් සහ අන් සියල්ලම ඇතුල්වන රාජ්‍යය හෝ දේශපාලන ප‍්‍රජාව අන් කිසිවෙකුට වඩා විශාල මට්ටමකින් යහපත අරමුණු කරන අතර, ඒ අරමුණු කරනුයේ ඉහළ ම යහපත ද වේ.

    රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු, රජෙකු, ගෘහ මූලිකයෙකු හා ස්වාමියකුගේ සුදුසු කම් එකාකාර ම යැයි ද, ඔවුන් වෙනස් වනුයේ වර්ගයෙන් නො ව ඔවුන් යටතේ සිටින්නන්ගේ සංඛ්‍යාවෙන් පමණකැ යි ද, සමහරු සිතති. උදාහරණයක් වශයෙන්, අතළොස්සක් පාලනය කරන්නා ස්වාමියකු ලෙස ද, ඊට වැඩි ගණනක් පාලනය කරන්නා ගෘහමූලිකයකු ලෙස ද, ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් පාලනය කරන්නා රාජ්‍ය තාන්ති‍්‍රකයකු හෝ රජෙකු සේ ද හැඳින්වෙන්නේ හරියට විශාල ගෘහයක් හා කුඩා රාජ්‍යයක් අතර වෙනසක් නැතිවාක් මෙනි. රජු සහ රාජ්‍ය තාන්ති‍්‍රකයා අතර දැක්වෙන වෙනස පහත දැක්වෙන ආකාරයෙනි. ආණ්ඩුව පෞද්ගලික වන විට පාලකයා රජෙකි. දේශපාලන විද්‍යාවේ නියමයන්ට අනුව, පුරවැසියන් පාලනය කරන අතර ම පෙරළා පාලනය කරනු ලබන විට ඔහු රාජ්‍ය තාන්ති‍්‍රකයෙකැ යි කියනු ලැබේ.

    නමුත් මේ දක්වා අපට මඟ පෙන්වා ඇති ක‍්‍රමයට අනුව, මෙම කරුණ සලකා බලන ඕනෑ ම කෙනෙකු ට, පෙනී යනු ඇති පරිදි, මේ සියල්ල වැරදීමකි. විද්‍යාවේ අනෙකුත් අංශයන්හි දී මෙන් දේශපාලනයේ දී ද, සංයුතිය හැම විට ම සරල මූලාංගයන්ට හෝ සමස්තයේ අඩුම කොටස් වලට වෙන් කර ගත යුතුය. එබැවින් වෙනස් ආකාර පාලනයන් එකිනෙකින් වෙනස් වන්නේ කුමකින් ද, ඒ එකින එක ගැන කවර හෝ විද්‍යාත්මක ප‍්‍රතිඵලයක් අත් කර ගත හැකි දැ යි බැලීම සඳහා, රාජ්‍යය සමන්විත වන මූලාංගයන් දෙස අප බැලිය යුතුය.
    (kathika.lk)

    Nicomachean Ethics
    By Aristotle
    Book I

    1
    Every art and every inquiry, and similarly every action and pursuit, is thought to aim at some good; and for this reason the good has rightly been declared to be that at which all things aim. But a certain difference is found among ends; some are activities, others are products apart from the activities that produce them. Where there are ends apart from the actions, it is the nature of the products to be better than the activities. Now, as there are many actions, arts, and sciences, their ends also are many; the end of the medical art is health, that of shipbuilding a vessel, that of strategy victory, that of economics wealth. But where such arts fall under a single capacity- as bridle-making and the other arts concerned with the equipment of horses fall under the art of riding, and this and every military action under strategy, in the same way other arts fall under yet others- in all of these the ends of the master arts are to be preferred to all the subordinate ends; for it is for the sake of the former that the latter are pursued. It makes no difference whether the activities themselves are the ends of the actions, or something else apart from the activities, as in the case of the sciences just mentioned.

    2
    If, then, there is some end of the things we do, which we desire for its own sake (everything else being desired for the sake of this), and if we do not choose everything for the sake of something else (for at that rate the process would go on to infinity, so that our desire would be empty and vain), clearly this must be the good and the chief good. Will not the knowledge of it, then, have a great influence on life? Shall we not, like archers who have a mark to aim at, be more likely to hit upon what is right? If so, we must try, in outline at least, to determine what it is, and of which of the sciences or capacities it is the object. It would seem to belong to the most authoritative art and that which is most truly the master art. And politics appears to be of this nature; for it is this that ordains which of the sciences should be studied in a state, and which each class of citizens should learn and up to what point they should learn them; and we see even the most highly esteemed of capacities to fall under this, e.g. strategy, economics, rhetoric; now, since politics uses the rest of the sciences, and since, again, it legislates as to what we are to do and what we are to abstain from, the end of this science must include those of the others, so that this end must be the good for man. For even if the end is the same for a single man and for a state, that of the state seems at all events something greater and more complete whether to attain or to preserve; though it is worth while to attain the end merely for one man, it is finer and more godlike to attain it for a nation or for city-states. These, then, are the ends at which our inquiry aims, since it is political science, in one sense of that term.

    13
    Since happiness is an activity of soul in accordance with perfect virtue, we must consider the nature of virtue; for perhaps we shall thus see better the nature of happiness. The true student of politics, too, is thought to have studied virtue above all things; for he wishes to make his fellow citizens good and obedient to the laws. As an example of this we have the lawgivers of the Cretans and the Spartans, and any others of the kind that there may have been. And if this inquiry belongs to political science, clearly the pursuit of it will be in accordance with our original plan. But clearly the virtue we must study is human virtue; for the good we were seeking was human good and the happiness human happiness. By human virtue we mean not that of the body but that of the soul; and happiness also we call an activity of soul. But if this is so, clearly the student of politics must know somehow the facts about soul, as the man who is to heal the eyes or the body as a whole must know about the eyes or the body; and all the more since politics is more prized and better than medicine; but even among doctors the best educated spend much labour on acquiring knowledge of the body. The student of politics, then, must study the soul, and must study it with these objects in view, and do so just to the extent which is sufficient for the questions we are discussing; for further precision is perhaps something more laborious than our purposes require.

  • 3
    1

    from the facebook

    Nirmal Dewasiri මට චරිත ධම්ම වැනි අයගෙන් ප්‍රශ්න අසන්නටවත් ඔවුන්ට ඔවුන්ගේ රෙදි අපුල්ලා ගැනීමට ඇපිල්ලුම් ගලක් වන්නටවත් උනන්දුවක් නැත. හැබැයි මෙතන හරි අපූරු උත්ප්‍රාසයක් තියනව. ඒක තමයි මේ අය ලංකාවේ මාධ්‍ය පාලනය කාලෙ ලංකාවේ ඒ අය විසින්ම තහනම් කරල තිබුණු කලම්බු ටෙලිග්‍රාෆ් එකටම ඒ අයට ලිවීමට සිදුවීම.

  • 1
    1

    චරිත හේරත් මෙවැනි ප‍්‍රකාශ කිරීම මහත් උත්ප‍්‍රාසයක් ගෙත දෙනවා ඔහු තමාගේ උගත් විෂයට අදාළත්වයක් හෝ වෙනත් ශික්ෂණයක් හෝ නැතිව මහින්ද රාජපක්ෂගේ අාණ්ඩුවේ තනතුරු දැරුවා සරසවි අැදුරෙකුට එ්වා තරම් නොවෙයි මහා පජාති වැඩ විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියෙ තනතුරු දරමින් ඔහු අනීතික ධනයක් පවා උපයා ගත් කෙනෙක් මෙවැන්නෙකුට මේ අන්දමට අදහස් දක්වන්න සදාචාරාත්මක අයිතියක් නැහැ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.