2 December, 2023

Blog

හෙළිදරව්ව​:::::-: – රාජපක්ෂ ඇත්දළ හොරකම් උත්සහයේ ඇත්ත නැත්ත

ලංකාව විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර ගිවිසුම් වලට පටහැනි ව ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා රෙගු දෙපාර්තුමේන්තුවෙන් අත්අඩංගුවට ගත් ඇත්දළ හොරකම් කිරීමට උත්සහ කල අයුරු පිළිබඳව දැන් අපට ලිඛිත සාක්‍ෂි තොරතුරු වාර්තා කල හැක.

2012 දෙසම්බෙර් 19 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අණ පරිදි,  අත්අඩංගුවට ගත් ඇත්දළ තොගයම රේගු අද්‍යක්ෂක ජෙනරාල් ජනාධිපති කාර්යාලයට භාර දෙන ලෙස නියෝගයක් ලැබුණි. ඒ අනුව රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල් ජගත් විජේවීර විසින් ඒ පිලිබඳ ඉක්මනින් ක්‍රියාත්මක වන ලෙස අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් හට නියෝග කෙරුනි.
එහෙත් ඉහල බලධාරීන් විසින් මෙම ඇත්දළ තොගය හොරකම් කිරීමට ක්‍රියාත්මක වන බව දැනගත් මාධ්‍ය රජය චිටෙස් යටතේ තමන්ගේ ජාත්‍යන්තර යුතුකම් උල්ලංගනය කරන බව හෙළිදරව් කරන ලදී. ඉන්පසුව Kenya Wildlife Service (KWS), විසින් ඒ පිළිබඳව ආණ්ඩුවෙන් විමසීමක් කරන ලදී. එවිට රජය පසුබට වී එම කතා වල සත්‍යයක් නැති බව කියා සිටියේය​……..
පහත දැක්වෙන ලිපියෙන් ඔප්පු වන්නේ  ජාත්‍යන්තර ගිවිසුම් වලට පටහැනි ව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇත්දළ තමා සන්තකයට ගැනීමට දැරූ උත්සාහයයි.
ජාත්‍යන්තර ගිවිසුම් අනුව මෙසේ අත්ඩංගුවට ගන්නා ඇත්දළ විනාශ කළ යුතුය​… ඉන්දුනීසියාව පෙරේදා අත්ඩංගුවට ගන්නා ඇත්දළ විනාශ කරන බව දනුම් දුන්නේය​.

සම්පූර්ණ වාර්තාවක් මෙතනින් කියවන්න​

 අත්අඩංගුවට ගත් ඇත්දළ තොගය

සම්පූර්ණ වාර්තාවක් මෙතනින් කියවන්න​

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Okkoma Horu

    රාජපක්ෂ ඇත්දළ හොරකම් උත්සහයේ ඇත්ත

    • 0
      0

      අමරසිරිඅයියෝ… අප්‍රිකානු ඇත්තු ලංකාවේ මරන්නැතෝ..

  • 0
    0

    රටේ නායකයා රටේ සිද්ද වෙන හොර කම් මැරකම් වලට තීරණයක් ගත්තත් එකෙත් මුන්ට පෙන්නේ අනිත් පැතට නේ…. අනේ මෙහෙමත් රටක්…. එකත් කැරකිලා එන්නේ ඒ මනිස්සුන්ටම තමා…..මුන් හැමදා ම කරන්නේ බොරුව ඇත්ත කරලා පෙන්න න එකනේ….මාධ්‍යවෙදින්ලා කියන්නේ අනන්න ඒ වගේ ජාතියක්….

    • 0
      0

      කරන්න ගිය දේ නෙවි මේවයේ දන්නේ,අනේ මේවා හොරකම් කරලා පවු කරගන්නේ මොකටද..?අද රටේ අලි ටික පරිස්සම් කරගන්න ජනාදිපතිතුමා ගෙනත් තියන නීති මුන්ට පෙන්නේ නැද්ද. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ මේ වගේ නිව්ස් වලට තමයි.

    • 0
      0

      ඔබ කියන දෙය හරියටම හරි . වෙනත් රටකින් ගෙනා දළ ටික පුච්චන්නේ නැතිව දළදා මාළිගාව අලංකාරයට යොදා ගැනීම හොඳ දෙයක්.අපේ මිනිස්සු හැම දෙයක් දිහාම දේශපාලන ඇස් වලින් බලන්න පුරුදු වෙලා .

  • 0
    0

    බොරු කතාවක් නේ මේක .අපේ රටේම ඇත්තුවත් මේ තරම් නැතෝ .අප්‍රිකාවේ ඇත්තුන්ගේ දලනේ මේ ..අප්‍රිකා කාරයන්ට ඕව ගානක් නැ .එහෙ ඇත්තු ගොඩයිනෙ ..

    • 0
      0

      ඉතින් ලංකාවේ උඹ වගෙ හරක් ගොඩක් ඉඳලත් මොකටද හරක් වෙනුවෙන් ගිනි තියාගත්තෙ.

  • 0
    0

    http://www.dailymirror.lk/ මේ ලින්ක් එකෙහි දක්වා ඇති වෙබ් සයිට් එක තනිකරම යු.ඇන් .පී එකට කඩේ යන ඒ අයගේ කමෙන්ට්ස් විතරක් දාන පක්ෂක්ග්රාමහී වෙබ් එකක් .ඒත් colombo telegraph ඒ කියන්නේ මේ වෙබ් එක අපක්ෂපාති වීම ගැන අපි සතුටු වෙනවා.අදහස් පල කරන්න නිදහසක් නැති කුම්මහි daily mirror admin වගේ වුනේ නැති එකට අපි ගරු කරනවා.මන් මේ කියන්නේ ඇත්තම ඇත්ත.මගේ කමෙන්ට්ස් එකක් වත් එකේ පෙන්නුවේ නැ.බැරීම තැන මෙහෙම කියන්න වුනේ

  • 0
    0

    රනිල් අයියේ ඔහේ මාව කෑවා ඕයි.මගේ වාහනෙත් දැන් ඇතුලේ.මට කන්න දෙන්නේ කවුද??

    • 0
      0

      පොඩ්ඩක් ඉවසනවා…
      ලොකු පුතාගේ අතේ යන්න ඔන රට කියලා එවනවා…

      • 0
        0

        ලොකු අයියේ ඔයා ලොකු පුතා ගත්ත නම් මට පොඩි පුතාව ඕනේ.

  • 0
    0

    එක්තරා කලෙක එක්තරා ඇතෙක්ව සිටි බෝධිසත්වයන් වහන්සේ ඇත් දල දෙක කපාගන්නට මනුෂ්‍යයකුට අවස්ථාවක් දුන් බවක් ධර්ම පොත පතේ සඳහන් වෙයි..

    හැබැයි මේ අප්‍රිකානු අලින්ගේ දල අපේ සිංහල බෞද්ධ පංසල් වලට වැද්ද ගන්නවට මම විරුද්ධයි.. ඔන්න අඩුගානෙ ආසියානු අලින්ගේ දල නම් ඒත් කමක් නැහැ.

    සාමාන්‍යෙයන් ආගම් වල සංකේත යනු සංකේත මිසක් ඒවා තාත්විකවම පැවතිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ. උදාහරණ විදියට ශිව ලිංග වන්දනාවෙදි වඳින්නෙ ලිංගයක් වුනත් සැබෑවටම අපි අනේ සිවගේ ලිංගෙටත් වඳිනවා අපේ එකටත් වැන්දොත් හොඳයි කියලා වඳින්න අවශ්‍යතාවයක් නැහැ..

    ඉස්සර කාලෙ අලි වැඩි නිසා ඔය මැරුනු අලියෙක්ගේ දල දෙකක් ලස්සනට තියාගත්තට අද වෙනකොට ඒක වෙනස් වෙන්න ඕනි..

    පෙරහැරට අලි ගන්න එක පවා නවත්වන්න දැන් කාලෙහරි වගේ.. මිනිස්සු දියුනු වෙනවා කියන්නෙ වැඩියෙන් සල්ලි අතගාන එකට නෙමෙයි… මේ වගේ කාරණා වලදි තමුන්ගේ දියුනුව පෙන්වන්න ඕනි..

  • 0
    0

    මල්ලී කොහොමද මේ අයියගේ වැඩ??සුපිරි නේද……

  • 0
    0

    මල් හතයි අයියා. අයියා ගිනි දෙන්න දෙයියා…

  • 0
    0

    රාජපක්ෂලා කළේ රට රැක ගැනීම මිස රට නැති කිරීම නොවේ.රට නැති කිරීමට පුරුදුව සිටි කට්ටියට දැන් උන් හිටි තැනුත් නැතිය.ජනදිපතිතුමාට මිනිස්සු ගරු කරන විට ඔවූන්ට දිරවන්නේ නැත.මේ වගේ අබුත චෝදනා නගා එතුමාට තියන ජන රැල්ල නැති කල නොහැකි බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

    • 0
      0

      මේකනම් වෙන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි .සිරිකොතේ ඉන්න අලින්ට තමා මේ වගේ වැඩ හොඳට පුරුදු

    • 0
      0

      සිරිකොතේ ඉන්නේ අලි විතරයි .ඇත්තු නෑ

  • 0
    0

    රාජපක්ෂ ආණ්ඩුවට ඇත් දළ වලින් වැඩක් නෑ. ආණ්ඩුව රට බේරා ගන්නයි වෙහෙසෙන්නේ රට විනාශ කරන්න බලන්නේ නෑ …. අනික ඔය අප්‍රිකන් අලීන්ගේ ඇත්දළ වලින් එයාලා මොනවා කරන්න ද ? …..

  • 0
    0

    කක්කුස්සි කාපු රාජපක්ෂලාට පඩ ගඳත් ගඳක්ද ඕයි.

  • 0
    0

    අපිටනම් ආරංචි ඇත්දළ සිරිකොතේ අයගෙලු

  • 0
    0

    අපිටනම් ආරංචි ඇත්දළ සිරිකොතේ අයගෙලු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.