4 October, 2023

Blog

මහා නාහිමිවරුනට විවෘත සංදේශයක්

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල නාහිමි
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය ආචාර්ය ධම්මදස්සි ඥානරතනාභිධාන නාහිමි
අමරපුර නිකායේ මහා නායක අති පූජ්‍ය දොඩම්පහල ශී‍්‍ර චන්දසිරි නාහිමි
රමඤ්ඤ නිකායේ මහානායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නාහිමි

අති පූජ්‍ය මහා නාහිමිවරුන්ට මාගේ නිහතමානී උත්තමාචාරය!

ස්වයං හැඳින්වීම

මාගේ ළමා කාලය ගතවූයේ අනුරාධපුරයේ හා කුරුණෑගල යන ප්‍ර​දේශවලය. එකල අපගේ නිවසට පැමිණෙන අමුත්තන් සමග ශී‍්‍ර මහා බෝධිය අවට ප්‍ර​දේශයේ ගැවසීම මාගේ පුරුද්දක් විය. නිදහස යැයි කියනු ලබන කාලයට ප්‍ර​ථම 1940 කාලයේ සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජනතාව අතර මනා අවබෝධයක් හා මිත‍්‍රත්වයක් පැවතිණි. අනුරාධපුර පැරණි නගරයේ වැඩි ප්‍ර​තිශතයක් දෙමළ භාෂාව කථා කරන ජනතාවගෙන් සමන්විත විය.

ඇත්ත​ වශයෙන්ම උඩරට සිංහල ජනතාව ඩොනමෝර් කොමිසමෙන් ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටියහ. එදා දෙමළ නායකයා පමණක් ආත්මාර්ථකාමීව 50: 50 ඉල්ලනවා වෙනුවට ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටියේ නම් ඞීග එස්. සේනානායක හා ශී‍්‍රමත් ඔලිවර් ගුණතිලක යන අය එංගලන්තයට ගොස් රහසිගතව සොල්බරි කොමිසමට ඒකීය රාජ්‍යයක් ලබා දෙන ලෙසට බලපෑම් කළද ෆෙඩරල් ක‍්‍රමයක් ලබා ගැනීමට හැකියාව තිබුණි.

මා 1957 වසරේදී රාජකීය විද්‍යාලයේදී තුලනාත්මක ආගම් සඳහා වූ මකීන් අනුස්මරණ ත්‍යාගය ලබා ගතිමිග පාසල් සමයේ සිට මා තුලනාත්මක ආගම් සඳහා ලැදියාවක් දැක්වූයෙමි. බුද්ධාගම හා ශී‍්‍ර ලංකාවේ වෙනත් ආගම් සම්බන්ධයෙන් යම් දැනුමක් මා සතුව ඇත. 1965 වසරේ සිටම සර්ව ආගමික සම්මේලනයේ ආරම්භක සහකාර ලේකම් ලෙස මා කටයුතු කොට ඇත. එස්එන්බී විජේකෝන් එහි සභාපති ධූරය හෙබ වීය. පසුව 1970 දී එය 1970 අංක 13 දරණ පණතින් නීතිගත කරන ලදී. මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් යාපනයට වැඩම කරවීමට අවශ්‍ය කටයුතු අප විසින් සලසන ලද අතර ඒ අනුව උන් වහන්සේ යාපනයට වැඩම කරන ලදී. ගරු ඩඞ්ලි සේනානායක මැති තුමාගේ දේශපාලන නායකත්වය යටතේ අගමැති වශයෙන් ජන වාර්ගික ප‍්‍රශ්නය විසඳීමට මූලික අඩිතාලම දැමූ බව සැළකිය හැකිය. එතුමාගේ කාලයේ සාමාන්‍යයෙන් සාමය පැවතියද ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දීමට නොහැකි විය. මාගේ විශ්වාසයට අනුව සර්ව ආගමික සම්මේලනයේ ආරම්භක සාමාජිකයන්ගෙන් ජීවමානව සිටින්නේ මා පමණි.

මා ආචාර්ය ඊ. ඩබ් අදිකාරම් හා නීතීඥ ෂන්මුගනානායගන් මහතා සමග ලෝක ප‍්‍රකට දාර්ශනිකයකු වු ක‍්‍රිෂ්ණමූර්ති මහතාගේ අනුගාමිකයකු ලෙස කටයුතු කළෙමි. බෞද්ධ දර්ශනයේ හා කි‍්‍රෂ්ණමූර්ති දර්ශනය අතර ඇති සමාන කම් දුටුවෙමි. අවසානයේදී අඩෙයාර්හිදී කි‍්‍රෂ්ණමූර්තිජී මුණගැසුණු අවස්ථාවේදී “ඔබ මෙතෙක් ඇසූ දේවල් ප්‍රමාණවත් වන අතර ලබාගත් දැනුම අනුනට බෙදා දීමට අවස්ථාව පැමිණ ඇත.” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කළේය. කි‍්‍රෂ්ණජීගෙන් ලැබුණු ඒ විශ්වාසය ඔබ වහන්සේලා මේ අයුරින් ඇමතීමට මා දිරිමත් කරන ලදි.

මා මෙම කරුණු සඳහන් කරනුයේ පටු පරමාර්ථවලින් මා පාලනය නොවන බව ඔබ වහන්සේලාට දැනුම් දීම පිණිසයි.

මාගේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විද්‍යාත්මකවල සාමාජීයව හා ආගමිකව සලකා බැලීමය.

මහානායක හිමිවරුනි,

ඔබ වහන්සේලා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති තුමන්වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. තිනක්කුරල් දෙමළ පුවත්පතට අනුව මහා නායක වරු සිව් දෙනාම මෙසේ ප්‍රකාශ කොට ඇත.

1. ඉඩම්, පොලිස් බලතල මෙන්ම පුරාවිද්‍යා ස්ථාන හා ආගමික ස්ථාන පළාත් සභා වලට පවරා දීමෙන් රට බෙදීයාමට අවස්ථාව උදා වේ.

2. පෙර සිටි ජනාධිපතිවරු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාතමක නොකළේ එමගින් ඇතිවිය හැකි අස්ථාවර බව සැළකිල්ලට භාජනය කිරීමෙනි.

3. රටේ ස්වාධිපත්‍ය ආරක්ෂාකිරීම ජනාධිපතිගේ වගකීමක් වේ. දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාතමක කිරීමෙන් ජනතාව කුපිත විය හැක.

4. මේ රට දැනට ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බැවින් ආර්ථික වාසි වෙනුවෙන් බලවත් රටවල අවශ්‍යතාවලට හා කොන්දේසි වලට එකඟවීමෙන් ජනාධිපතිවරයා වැළකී සිටිය යුතුය.

5. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සිය විධායක බලතල යොදාගත යුතුය.
ඉහත දක්වා ඇති ප්‍රකාශයන් ගැන විමසීමක් කිරීමට කැමැත්තෙමි.

1. ඉඩම්, පොලිස් බලතල මෙන්ම පුරාවිද්‍යා ස්ථාන හා ආගමික ස්ථාන පළාත් සභා වලට පවරා දීමෙන් රට බෙදී යාමට අවස්ථාව උදා වේ.

පුරාවිද්‍යා ස්ථාන හා ආගමික ස්ථාන ඇතුළත්ව ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීමෙන් සෑම පළාත් සභාවක්ම වෙන්වී යාමට ඉල්ලා සිටින බවට ගරු මහානායක හිමිවරුන් ප්‍රකාශ කරන්නේද? එසේ නම් එසේ ඉල්ලා සිටීමට ඉඩ හරින්න. ස්විට්සර්ලන්තයේ කැන්ටන් 20 ක් ඇත. මධ්‍යම රජයේ යම් යම් බලතල සෑම පළාතකට ස්වාධීනව හා වෙන් වෙන් වශයෙන් කි‍්‍රයාත්මක වීමට ස්විට්සර්ලන්තයට හැකියාව ඇති ආකාරයට අපටද සම්මේලනයක් අතිකර ගැනීමට නොහැකිද?

උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් පළාත්වලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නැත. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව දෙමළ භාෂාව කථා කරන අය බැවින් ඔවුනට වෙන්ව කටයුතු කිරීමට අවශ්‍ය යැයි ඔබ වහන්සේලා අදහස් කරන්නේද? වෙනත් වචන වලින් කියන්නේ නම් සිංහල මධ්‍යම රජය යටතේ පාලනය වීමට දෙමළ ජනතාව අකමැති බවත් එබැවින් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කථා කරන ජනතාවට කිසිදු නිදහසක් නොදී සිංහල ජනතාවගේ දැඩි ග‍්‍රහණය යටතේ තබා ගත යුතු බව මහා නායක හිමිවරුන්ගේ අදහස බව පෙනේ. රටේ අස්ථාවර ආර්ථික තත්ත්වයක් ඇති විමට හේතුව මෙවන් චින්තනයක් නොවේද? දෙමළ ජනතාවට එරෙහිව යුධ වැදීමට හා හමුදාවන් සූදානමින් තැබීම පිණිස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට මෙරට කොතරම් කාළයක් ගත කරන්නේද? තවද සිංහල ජනතාව ඉතා නරක ආකාරයෙන් බැලූවත් ඒ ගැන තැති ගන්නේ කුමටද?

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙන්ව ගොස් දෙමළ ඊළමක් පිහිටුවයි යන සැකය නිසාද මෙ මගින් සිංහල ජනතාවට ඇතිවන පීඩාව කවරේද? සිංහල ජනතාව උතුරු හා නැගෙනහිර පළාත්වල කිසිම දිනක බහුල වශයෙන් ජීවත් නොවීය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඇති බෞද්ධ නෂ්ටාවශේෂ දෙමළ බෞද්ධයන් ජීවත්වූ කාලයට අයත්ය. (සිංහල භාෂාවෙන් රචිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දෙමළ බෞද්ධයෝ නම් පොත බලන්න) කිසිදු අයුරකින් දෙමළ බෞද්ධ සමයේ සිංහල භාෂාවේ ආරම්භයවූ බවට සාධක නොමැත. සිංහල භාෂාවේ උත්පත්තිය සිදුවන්නේ කි‍්‍ර.ව.6 වන හා 7 වන සියවස් වලදීය. සිංහල භාෂාව පමණක් කථා කළ අය සිංහලයන් යනුවෙන් හැඳින්විය හැක. මහා වංශය කිසිදු අයුරකින් සිංහලයන් හෝ සිංහල භාෂාව ගැන සඳහන් කොට නැත. දෙමළ ජනතාව පාලන කිරීමට කවර හෝ නෛතික බලයක් සිංහල ජනතාවට නොමැති බව ගරු කටයුතු ඔබ වහන්සේලා දන්නා බැවින්දෝ රට බෙදීම ගැන මෙතරම් කරදර වන්නේ. එබැවින් බලය හා හිංසාව මගින් දෙමළ ජනතාව පාලනය කිරීමට ඔබට අවශ්‍යව ඇත. එය එසේ නොවේද? පූජනීය ඔබ වහන්සේලාට බුදු සමයෙන් උගන්වා ඇත්තේ ඒ අයුරින්ද? දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත‍්‍රයේ මෙසේ සඳහන්ය.

“ලෝකය​ පාලනය කරන ධාර්මික රජු ධර්මයේ රඳයි. ධර්මයට ගරු කරයි. ධර්මය උතුම් කොට සලකයි. ධර්මයට බුහුමන් දක්වයි. ධර්මය ඔහුගේ ධජය ලෙස සලකා ධර්මානුකූලව හැසිරෙයි. ධර්මය වරමක් ලෙස සලකමින් රටේ ජනතාවටත් රණ සූරයන්ටත් අනුගාමිකයන්ටත් බ‍්‍රාහ්මණයන්ටත් ගෘහපතියන්ටත් නාගරික මෙන්ම ග‍්‍රාමීය ජනතාවටත් තවුසන්ට මෙන්ම උතුම් මිනිසුන්ට තිරිසනුන්ට හා පක්ෂීන්ට එකසේ සලකන්නේය.”

මාගේ පූජනීය මහා නායක හිමිවරුනිල අවිහිංසාව ධර්මයේ එක් කොටසක් නොවන්නේද? හින්දුල බෞද්ධ හා ජෛන ආගම්වල අවිහිංසාව යනු අති උතුම් ධර්මයකිග එහි සැබෑ තේරුම වන්නේ වධ දීමෙන් හා ප්‍රාණ​ ඝාතයෙන් වැළකීමයි. ඉන් අදහස්වන්නේ කි‍්‍රයාවෙන් පමණක් නොව වචනයෙන් හෝ කිසිදු ප්‍රාණියෙකුට හිංසාවක් නොකිරීමයි. ඔබ වැනි සංවේදී භික්ෂූන් ජනතාවගෙන් එක් කොටසකට හිංසාකාරීවන ආකාරයට දේශනා කරන්නේ කෙසේද?

ජාත්‍යන්තර සම්මුතියට අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට තමන්ගේ අයිතීන් ඉල්ලා සිටීමට හා භුක්ති විඳීමට අයිතිය ඇත. සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුතියේ 1 වන කොටසේ මෙසේ සඳහන්ව ඇත: “සියළුම ජන කොටස්වලට ස්වයං නිර්ණය අයිතිය ඇත. එම අයිතිය පදනම් කෙට ගෙන තම දේශපාලන තත්ත්වය ස්වාධීනව තීරණය කළ හැක . තවද තමන්ගේ ආර්ථිකල සාමාජයීය හා සංස්කෘතික සංවර්ධනය පිළිබඳව තීරණ ගැනීමට ඔවුනට හැකියාව ඇත”

පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල පවරා නොදීම හා පුරා විද්‍යා ස්ථාන හා ආගමික ස්ථාන පාලනය කිරීමට ඉඩ නොදීමෙන් සිංහල මධ්‍ය ඇණ්ඩුවේ ආධිපත්‍ය යටතේ දෙමළ ජනතාවට ඔවුන්ගේම ප්‍ර​දේශවල ඔවුන්ගේ නිදහස අහිමි නොවන්නේද? ඔබ වැනි උසස් මට්ටමේ නාහිමි වරු සිව් දෙනාට අවශ්‍ය වී ඇත්තේ එවැන්නක්ද? දෙමළ ජනතාවට හිංසා කිරීමටද?

කවර තත්ත්වයක් යටතේ වුවද ඒකීය ව්‍යවස්ථාවක් යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල ලබා දීමෙන් කවර ආකාරයකින් හෝ රට බෙදීමක් සිදු නොවේ. ඉන් සිදු වන්නේ මධ්‍යම රජයේ හා ඔවුනගේ නියෝජිතයන්ට උතුරු හා නැගෙනහිර ප්‍ර​දේශවල දුෂ්ට කි‍්‍රයාවල යෙදීම යම් තරමකට පාලනය වීමයි. නීතියෙන් උතුරු හා නැගෙනහිර ජනතාවට හිමිව ඇති ඉඩම් හා පොලිස් බලතල ඔවුනට ලබා නොදෙන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ මධ්‍යම රජයෙන් සිදුවන වැරදි චිරස්ථායී කිරීමට ඔබ වහන්සේලාට අවශ්‍ය වන්නේද?

2. රටේ අස්ථාවරභාවයට මග පෑදේය යන චින්තනයෙන් පෙර සිටි ජනාධිපතිවරු 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීමෙන් වැළකිණි.

පෙර සිටි ජනාධිපතිවරුන්ගේ අධූරදර්ශී බව නිසා රටේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවස්ථාවක් ඇතිවිය. ශී‍්‍ර ලංකාව් තිස් අවුරුදු යුද්ධයකට මග පෑදුනුර්‍ණ “දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ යුද්ධය නම් ඔවුනට යුද්ධය තෝරාගත හැක. ඔවුනට අවශ්‍ය වන්නේ සාමය නම් සාමය තෝරා ගත හැක.” යන්න ජේ.ආර්.ජයවර්ධන විසින් කළ මෝඩ ප්‍ර​කාශයක් නොවන්නේද? අපගේ ප්‍ර​ශ්නයට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිරසාර විසඳුමක් නොවුනත් එය සම්පූර්යෙන් කි‍්‍රයාත්මක කළේ නම් ජනාවාර්ගික ප්‍ර​ශ්නයට විසඳුමක් ලබා ගත හැකිව තිබිණි. ෆෙඩරල් ක‍්‍රමයක් මගින් පමණක් අපගේ ප්‍ර​ශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගත හැක. මේ අයුරින් 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක නොකිරීමෙන් විශාල අස්ථාවරභාවයක් ඇති විය.

වසර 30 ක කාලයක සිදුවූ දැයට වඩා නරක තත්ත්වයක් ඇති වන්නේදැයි බැලීමට 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට නොහැකි ඇයි? එක්සත් ජාතීන්ගේ උපකාරයෙන් ජනමත විචාරණයක් පැවැත්වුව හොත් ඇත්ත වශයෙන් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍යවන්නේ කුමක් දැයි බැලිය හැක.

3. ජනාධිපතිට රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ වගකීම ඇත. දහතුන්වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමෙන් ජනතාව ප‍්‍රකෝප විය හැක.

ඔබ වහන්සේලා කථා කරන ස්වෛරීභාවය කුමක්ද? උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඓතිහාසික වශයෙන්ද සත්‍ය වශයෙන්ද එක් ජාතියකි. ඔවුනට අනන්‍යවූ වාස භූමියක්ල සුවිශේෂවූ භාෂාවක් ල සංස්කෘතියක් හා සාමුහික චින්තනයක් ඇත. පෘතුගීසිල ලන්දේසි හා ඉංග‍්‍රීසි ආක‍්‍රමණ වලින් සිංහල ජනතාවගේ ස්වෛරීභාවය අසිමි වූවාක් මෙන් දෙමළ ජනතාවගේද ස්වෛරීභාවය අහිමිවිය. නිදහස යැයි කියා ගන්නා කාලයේදී බලයේ සිටි අයට රාජ්‍ය බලය පැවරීමේදී දෙමළ ජාතිය හඳුනා ගැනීමට බි‍්‍රතාන්‍යයන් අසමත් විය. උතුරු හා නැගෙනහිර දෙමළ ජාතිකත්වයක් පැවතීම ඉන් නිශේධනය නොවේ. නිදහස යැයි කියා ගන්නා කාලයේ සිට වසර තිහක පමණ කාලයක් බලය බෙදා ගැනීම සඳහා දෙමළ ජනතාව ඓතිහාසිකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක නිරත විය. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජාතිකත්වය හඳුනා ගැනීමට 1972 ව්‍යවස්ථාව අසමත් විය. ජනතාව විසින් තෝරා ගන්නා ලද මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටතදීත් තම විරෝධය පළ කළහ. 1978 ව්‍යවස්ථාවේදී ද එයම සිදුවිය. නව ව්‍යවස්ථාවෙන් නැවතත් ඓතිහාසිකව හා දෙමළ ජාතිකත්වයේ පැවැත්ම හඳුනා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව තම කණගාටුව පළ කළහ. ඉන්පසු නිදහස යැයි කියා ගන්නා කාලයේ සිට වසර තිහක පමණ කාලයක් ප්‍ර​ජාන්ත‍්‍රවාදී අරගල සිදුවූ අතර ඉන් පසු වසර තිහක කාලයක් සන්නද්ධ අරගලයක් ක‍්‍රියාත්මක විය.

2002 වසරේදී ජාත්‍යන්තර සහයෝගය ලත් සාම කි‍්‍රයාවලියේදී උතුරු හා නැගෙනහිර ප්‍ර​දේශවල තථ්‍ය වශයෙන් දෙමළ රාජ්‍යයක් පැවති බව හඳුනා ගන්නා ලදි. එකල ඊළඟ පැවති මැතිවරණයේදී ලබා ගන්නා ලද දෙමළ ස්වාධිපත්‍යය පූර්ණ වශයෙන් පිළිගන්නා ලදි.

ජාතියක් යනු රටකට හෝ රාජ්‍යයකට වඩා වෙනස් අරුතක් දෙයි. ජාතීන් කීපයකට රටක සාමුහිකව ජීවත්විය හැක. ස්වෛරී රටක වෙනම ස්වෛරී ජාතියකට පැවතිය හැක. ජාතියක් යනු පොදු ආරම්භයක්ල භාෂාවක් හා ඉතිහාසයක් සහිත වූවකි. රටක එවන් ජාතීන් කීපයකට එක්ව ජීවත් විය හැක. රටක ස්වෛරීත්වය වෙනුවෙන් ජාතියක ස්වෛරීත්වය අහිමි කළ නෙහැක. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නේ නම් අපේ ජනතාවට ප්‍රකෝපවීමට අවශ්‍යතාවයක් නොමැත. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් උතුරු හා නැගෙනහිර ප්‍ර​දේශවලට ජනමත විචාරණයක් පවත්වන්නේ නම් ජනතාවට කුපිතවීමට අවශ්‍යතාවයක් නොවනු ඇත. ඔවුනට ජනතාවගේ මතය පිළි ගැනීමට සිදුවනු ඇත .

4. රට ආර්ථික අර්බුදයකට පත්ව සිටින අවස්ථාවක ආර්ථික ප්‍ර​තිලාභ ලබාදීම සඳහා බලවත් රටවල් විසින් පනවන කොන්දේසිවලට හා ඔවුනගේ රුචිකත්වයට අනුව කටයුතු කිරීමෙන් ජනාධිපතිවරයා වැළකී සිටිය යුතුය.

අධික පිරිවැයක් දරමින් ගෙන ගිය යුද්ධය නියත වශයෙන්ම මෙම ආර්ථික අර්බුදයට හේතු වී ඇත. අතර මැදියන් විසින් විශාල වශයෙන් කොමිස් හා ගසා කෑම් සිදු කොට ඇත. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම නිසා රට ආර්ථික වශයෙන් ප්‍ර​පාතයට ඇද වැටිණි. මෙවන් ණයගැති භාවයකට පත් වීමට අපගේ අතැම් දේශපාලනඥයන්ගේ ප්‍ර​තිරූපය නැංවීම සඳහා ණය සහන ලබා දීමට චීනය විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසිවලට එකඟ වීම හේතුවක් නොවන්නේද? අවසානයට අපට වැරදුණු තැන් පෙන්වා දීමට බලවත් ජාතීහු වෙර දරති. එවන් බලවත් රටවල් ඉදිරිපත් කොට ඇති මත අවබෝ්ධ කර ගැනීමට ඔබ වැනි අධ්‍යාත්මික අවබෝධයකින් යුක්ත මහානායක හිමිවරුනට නොහැකි ඇයි? ඔබ වහන්සේලා ඔවුන්ගේ ප්‍ර​කාශයන් මධ්‍යස්ථව විමසා නොබලන්නේ ඇයි? කාළාම සූත‍්‍රය ගැන මතක් කිරීමට මම අදහස් නොකරමි.

කාලාමල සැක පහල වීම අවිශ්වාස කිරීම අවිශ්වාසයෙන් සැකය මතුවීම සුදුසුය. කාලාමල මා විසින් මෙසේ අසා ඇතැයි සිතා හෝ පරම්පරාවෙන් පැවත එන නිසා හෝ කට කථා වලින් අසා ඇති නිසා හෝ පොත පතින් කියවා ඇති නිසා හෝ අනුමාන වශයෙන් සිතා හෝ ප්‍ර​ත්‍යක්ෂ වශයෙන් හෝ තර්කනයෙන් සත්‍යය යැයි සිතා හෝ සංකල්පනාවකට වැඩි වශයෙන් නැඹුරුවීම නිසා හෝ යම් කෙනෙකුගේ බල කිරීමකට හෝ අපගේ ගුරුවරයා පැවසූ නිසා හෝ පිළි නොගන්න.

කාලාමයෙනි, මේ වැරදියල මේ දේ දෝෂ සහිතයල මේ දේ නුවණැත්තන් විසින් වාරණය කොට ඇති නම්ද මේ දේ කළොත් හානිකර හා දෝෂ සහිත නම්ද ඒවා අත් හරින්නග

මෙවන් ආවේගකාරී ප්‍ර​කාශවලින් රටේ ජනතතාව නොමග යවා තවදුරටත් ඔවුන් ප්‍ර​පාතයට තල්ලූ කිරීමෙන් වළකින මෙන් ගරු කටයුතු ඔබ වහන්සේලා ගෙන් ඉල්ලා සිටිමි.

5. ජනාධිපතිවරයා තම විධායක බලතල භාවිතා කරමින් දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමෙන් වැළකිය යුතුය.

විධායක බලතල යොදා ගනිමින් ජනාධිපතිවරයා ඒකීය ව්‍යවස්ථා රාමුව තුළ දහතුන්වන සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ පමණින් සිංහල ආධිපත්‍ය යටතේ දෙමළ ජනතාවට ජීවත්වීමට සිදුවීමේ ප්‍ර​ශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. අඩුම තරමින් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මලූමනින්්ම කි‍්‍රයාත්මක කිරීමෙන් ලොව පුරා හිගමන් යදිමින් සිටින මෙරටට ලෝකයට කොළ එලියක් පෙන්වීමට හැකි බව ජනාධිපතිවරයා දන්නේය.

අපගේ ජනතාව සිංහල හා ඔවුන්ගේ දේශපාලනඥයන්ගේ ආධිපත්‍යයෙන් මුදවා ගැනීම පිණිස ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටිමුග දෙමළ ජනතාවට කිසිවක් නොදෙන ලෙස ගරු කටයුතු ඔබ වහන්සේලා ඉල්ලා සිටින සේකග ජනාධිපතිවරයා හා සසඳා බැලීමේදී ඔබ සිටින්නේ අන්තවාදී පාර්ශ්වයක බව ඔබ වහන්සේලා දන්නේද? බුදුන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍ර​තිපදාව බව මා සිතා සිටියෙමිග පූජනීය මාහිමිවරුනිල සිදුවූයේ කුමක් දැයි ප්‍රකාශ කිරීමට කැමැත්තෙමිග සොල්බරි කොමසාරිස්වරු ලංකාවට පැමිණීමට පෙර ඕ. ඊ. ගුණතිලක එංගලන්තයට යවමින් ඞී.එස්. සේනානායක සෝල්බරි කොමිසමට බලපෑම් කරන ලදී. බහුතර සිංහල ජනතාව වෙනුවෙන් මධ්‍යම රජයට සියලූ බලතල සහිත ඒකීය ආණ්ඩුක‍්‍රමයක් ඔහුට අවශ්‍යවිය. ඒකීය ව්‍යවස්ථාවක් ලබා ගනිමින් මුළු රටේම ආධිපත්‍ය පතුරුවන ලදිග සමස්ත රටේම පාලන බලය අත්පත් කර ගැනීමට සිංහල ජනතාව කටයුතු කරන ලදි. ඒකීය ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලතල තම ග‍්‍රහණයෙන් මුදා හැරීමට කිසිදු සිංහල දේශපාලනඥයකු හෝ සූදානම් නැත. උතුරු හා නැගෙනහිරට කිසිදු ඓතිහාසික සබඳතාවයක් නොමැති සිංහල ජනතාවට ඒකීය ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාව පාලනය කිරීමට ඉඩ ලැබිණි. වසර 3000 ක පමණ කාලයක් දෙමළ ජනතාව උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල නොකඩවා ජීවත් වී ඇත. ගරු කටයුතු ඔබ වහන්සේලා මෙය පිළිනොගන්නේ නම් සිංහල දෙමළ මුස්ලිම් ඉන්දියන් හා අන්තර්ජාතික ඉතිහාසඥයින්ගෙන් සමන්විත කමිටුවකට එක්ව හිඳ අප ඉතිහාසය නිල වශයෙන් ලිවීමට කටයුතු යොදන මෙන් අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලා සිටීමට ඔබ වහන්සේලාට හැකියාව ඇත.

ස්තුතියි

මෙයට විශ්වාසී

විනිසුරු සී.වී. විග්නේස්වරන්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.