29 April, 2024

Blog

අධ්‍යාපනයට ඇති ව්‍යවස්ථානුකූල හැඩය සහ පළුදු හඳුනාගැනීම

ධනුෂ්ක සිල්වා

ධනුෂ්ක සිල්වා

අධ්‍යාපන අයිතිය ආරක්‍ෂා කරමින් එය අනාගතයට දායාද කිරීම ශ‍්‍රී ලංකාවේ බහුතර රාජ්‍යය විශ්වවිද්‍යාල ශිෂ්‍යය සහෝදරවරු තම කරමත පැටවුණු වගකීමක් සේ සළකති. මේ හේතුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට එරෙහිව ‘අධ්‍යාපන අයිතිය වෙළඳභාණ්ඩයක් බවට පත් කිරීම නවතනු!’ ‘අධ්‍යාපන අයිතිය සුරකිමු!’ වැනි රජයට ප‍්‍රතිපක්‍ෂ සටන්පාඨ ගොඩනැගීමත් ඒ වෙනුවෙන් අරගල කිරීමත් ශිෂ්‍යය ව්‍යාපාරවල අනන්‍යතා ලක්‍ෂණ වේ.

සාමාන්‍යයෙන් රටක (ජාත්‍යන්තර වශයෙන් නොවේ) අයිතිවාසිකම් යන පදය අරුත්ගන්වන්නේ රටේ මූලික නීතියේ ප‍්‍රතිපාදනවලට යටත්වය. පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු බහුතරයක් වන මෙරට සිවිල් ජනතාවගෙන් ‘අධ්‍යාපනය අයිතියක් ද?’ යනුවෙන් ප‍්‍රශ්න කරන විට බහුතරයකගේ පිළිතුර ‘ඔව්, එය අයිතියක්’ නැතහොත් ඊට සමාන ධනාත්මක පිළිතුරකි. එහෙත් ව්‍යවස්ථානුකූල රික්තක රැුසකින් සපිරි මෙරට මූලික නීතිය වන ව්‍යවස්ථාව අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස නොපිළිගනී. එමනිසා ‘අධ්‍යාපන අයිතිය සුරකිමු’ වැනි විශ්වවිද්‍යාල සහෝදර ප‍්‍රජාව අතර අති-ජනප‍්‍රිය සටන්පාඨවල වටිනාකම අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස නොසළකන හා නොපිළිගන්නා ව්‍යවස්ථාවක් ඉදිරියේ අවප‍්‍රමාණය වේ.

අධ්‍යාපනයට සමගාමී මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පිළිබඳ යුනෙස්කෝ සැසිවාර වාර්තාව (1974) නිර්වචනය කරන ආකාරයට, අධ්‍යාපනය පුද්ගලයාගේ සහ සමාජ ස්ථර අතර පුළුල්ව පැතිර පවත්නා දැනුම, ආකල්ප, කුසලතා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට රැුගෙන යනු ලබන පුළුල් ක‍්‍රියාවලියක් වේ. මෙම නිර්වචනය අධ්‍යාපනය සමාජ, සංස්කෘතික දේහයට තදානුබද්ධ දැනුම, ආකල්ප, කුසලතා එක් යුගයක සිට තවත් යුගයකට රැුගෙනයාමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරන මෙවලමක් බවට හඳුනාගනී. විශේෂයෙන්ම වඩාත් විනයවත්, ඉදිරිගාමී සමාජයක් නිර්මාණයේ දී අධ්‍යාපනය පුද්ගලයා ලබන සමාජ පන්නරය මෙහිදී කිසිලෙසකින්වත් බැහැර කළ නොහැකිය. වරක් නව කොමියුනිට්ස්-චීනයේ නිර්මාතෘ මාවෝ සේතුන් ප‍්‍රකාශ කළේ ‘ඔබට රටක් නැවත ගොඩනැගීමේ පුළුල් කාර්යය ඉටුකිරීමට පැවරී ඇත්නම්, ඔබ කළ යුතු පළමු දෙය එම රාජ්‍යයේ බහුතරයක් දෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි.’ මාවෝගේ කියමන අධ්‍යාපනය හා බැඳුණු සමාජීය වගකීම පැහැදිලි කරන ආදර්ශ වාක්‍යයකි.

ව්‍යවස්ථාවේ ආකල්පය

ශ‍්‍රී ලංකාව මානව හිමිකම් පනතේ කොන්දේසි ක‍්‍රියාත්මක කිරීමට වගවී සිටින රටකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිගම් ප‍්‍රඥප්තියේ (1947* 26 වැනි වගන්තිය අධ්‍යාපනය හා එම අධ්‍යාපනය තෝරා ගැනීමට සියලූ පුද්ගලයන්ට ඇති අයිතිය පිළිබඳ සාකච්ඡා කරයි. එසේම ආර්ථික – සමාජ – සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම් (1966* 13 වැනි වගන්තිය ගිවිසුමට ඇතුළත්වන සෑම රාජ්‍යයක්ම අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට, ඊට අදාළ මූලික කරුණු සම්පූර්ණ කිරීමට බැඳී සිටින බව සඳහන් කරයි. මෙවැනි අන්තර්ජාතික ප‍්‍රඥප්තිවල සඳහන් කරුණු මානව නිදහස හා ගරුත්වය තහවුරු කිරීමට අවශ්‍යය වන ආදර්ශ මූලධර්ම බැවින් අධ්‍යාපන අයිතිවාසිකමක් නැතහොත් නීතිමය වශයෙන් ජනතාවට ප‍්‍රදානය කළ හැකි හොඳම ක‍්‍රමය වන්නේ මව් නීතියෙන් (grund norm) අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීමෙන් ය. දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාව එම ආදර්ශය ලෝකයට සපයමින් තිබේ.

මෙම සාකච්ඡාවේදී, අප ව්‍යවස්ථාවට ඇතුළත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ මූලික සීමාකම් 02 ක් හඳුනාගත හැකි වේ.

1. මූලික අයිතිවාසිකම් විෂය පළය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සීමාකිරීම.

2. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අතරින් ද වඩාත් වැදගත් ජීවත්වීමේ අයිතිය, මානව ගරුත්වය පිළිබඳ අයිතිය, අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍යයට ඇති අයිතිය වැනි අයිතිවාසිකම් කිහිපයක් මගහැරීම.

එමනිසා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස (මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙන්) පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කරන 78 ව්‍යවස්ථාව රාජ්‍යය ප‍්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම පරිච්ඡේදයේ දී (6 වැනි පරිච්ඡේදය) අධ්‍යාපනය ගැන ලුහුඬින් සාකච්ඡා කරයි. එහි 27 (ඌ) වගන්තියට අනුව රාජ්‍යය අධ්‍යාපනය වෙනුවෙන් වගකීම් 03 ක් ඉටුකිරීමට බැඳී සිටී.

1. නූගත්කම සහමුලින්ම තුරන් කිරීම

2. අධ්‍යාපනයේ සමාන ඉඩප‍්‍රස්ථා ඇතිකරීම

3. සියල්ලන්ට අධ්‍යාපනයේ සර්ව සාධාරණත්වය ලබාදීම

එහෙත් රාජ්‍යය මෙම වගකීම් ඉටුකිරීමට නීතිමය වශයෙන් බැඳී නොසිටී. එනම් රජය ඉහත වගකීම් පැහැරහරින විට අධ්‍යාපන අයිකිවාසිකම් කඩවීම යටතේ කිසිවෙකුටත් නීතියෙන් පිළිසරණක් නොලැබේ. ඒ මන්ද, 6 වැනි පරිච්ඡේදය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය නොවන නිසාත්, 6 වැනි පරිච්ඡේදයේ මූලිකාංග කඩවීමක් අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් නොකළ හැකි නිසාත් ය.

බටහිර අධ්‍යාපනවේදිනියක් වන කැතරින් ටොමාස්වෙකි අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස සාර්ථකව ක‍්‍රියාත්මක වීමට රාජ්‍යයක් සම්පූර්ණ කළ යුතු මූලික ගුණෘංග 04 ක් (A4 සංකල්පය) – යෙදවිය හැකි බව (Availability), ප‍්‍රවේශවිය හැකි බව (Accessibility),  සකස්කරගත හැකි බව (Adaptability) හා පිළිගත හැකි බව(Acceptability) – හඳුනාගනී. ඉන් පළමු මූලධර්ම තුනට වඩා රටේ ව්‍යවස්ථාවෙන් අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පිළිගෙන එය කඩවන විට නීතියෙන් බලාත්මක කරගැනීමට ඇති හැකියාව නැතහොත් රටේ ව්‍යවස්ථාව අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙසට පිළිගන්නා වගකිවයුතු ලේඛනයක් වීම අධ්‍යාපන අයිතිය ඵලදායීව ක‍්‍රියාවේ යෙදවීමට අත්‍යවශ්‍ය බව කැතරින් සඳහන් කරයි.

පොදු ගැටළු හඳුනාගැනීම

ශ‍්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළ රටක්් වුවත් එහි යටිබිම්ගත ගැටළු කිහිපයක් වර්තමානය වන විට මතුවෙමින් තිබේ. අධ්‍යාපනයට අවශ්‍යය සම්පත් අසමාන ලෙස බෙදී තිබීම, අධ්‍යාපන අයිතිය සීඝ‍්‍රයෙන් බස්නාහිරකරණය වීම, රාජ්‍යය බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙමින් තිබීම, අධ්‍යාපනයේ නිදහස සෑම සමාජ ස්ථරයන් වෙත ගලා නොයෑම ආදිය ඒ අතරින් ප‍්‍රධාන ය. ඉන්ද්‍රීය ප‍්‍රත්‍යක්‍ෂයට ගෝචර නොවන එහෙත් කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින මෙවැනි උභතෝකෝටිකයන්ට පිළිතුරක් දීමට අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස නොපිළිගන්නා ව්‍යවස්ථාවට නොහැකි වී තිබේ. ඉන් පැහැදිළිවන්නේ රටක් ලෙස ජාත්‍යන්තරයට අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට ප‍්‍රතිඥා දී සිටියත් ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය එම කාර්යය සඳහා නියමාකාරයෙන් සූදානම්කර නොමැති බවයි.

සුභවාදී පෙරනිමිති

ඉහත සඳහන් ගැටළු නිරාකරණය කරගැනීම ගැන අනාගතයේ යම් සුභවාදී බලාපොරොත්තුවක් තබාගැනීමට හැකිවන්නේ 90 දශකයේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලි තුළ අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම අවශ්‍යය බවට ගොඩනැගුණු ප‍්‍රතිජානනාත්මක ආකල්පයයි. 2000 වසරේ සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත (ක‍්‍රියාත්මක නොවිණි.) විද්වත් පාර්ශවයන්ගේ දායකත්වයෙන් සම්පාදනයෙන් කළ ආදර්ශ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය (2009), ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව (2016) සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු-කමිටු වාර්තාව (2016) සෑම ලේඛනයකම අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමේ අවශ්‍යතාවය විශේෂයෙන් අවධානයට යොමුකරයි. මෙම තත්ත්වය මත අධ්‍යාපනය අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාවක මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අන්තර්ගතවීම වර්තමානයේ අධ්‍යාපනය මුහුණදෙන උභතෝකෝටික රැුසකින් මුදවා ගැනීමේ හොඳම ක‍්‍රමයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Thank you for the well explained insight on the issue.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.