26 September, 2020

Blog

දළ දේශීය නිෂ්පාදන වර්ධනය ගැන පවතින සුභවාදයේ මිරිඟුව පැහැදිළි කිරීම

‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ප‍්‍රකාශනයකි –

ගිය සතියේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත වර්ධනය පිළිබඳ සුභවාදය තදින් රැුව්දුනි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2004 සහ 2009 කාලය තුළ දෙගුණ වී ඇති බවත්, එම සාර්ථකත්වය අනුව යමින් 2015 සිට 2020 වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 7000 ක් වනු ඇති බවත් කියැවුණි.

මේ සංඛ්‍යා ලේඛන කෙනෙකුගේ සිත් වසඟ කරවන සුළු ය. විශාල වර්ධනයක් පිළිබඳ හැඟීමක් ඒ මගින් ඇති කෙරේ. එහෙත් ඒ සමගම එම සංඛ්‍යා ලේඛන කෙනෙකු නොමග යවන සුළු ද වන්නේය. ඒ නිසා, වැදගත් ආර්ථික කාරණා දෙකක් වටහා ගැනීම මගින් මිරිඟුව නිරාවරණය කරගත හැකි වන අතර, ආර්ථිකය තුළ සැබවින් සිදුවෙමින් ඇත්තේ කුමක් ද යන්න පිළිබඳ වඩාත් අර්ථවත් විග‍්‍රහයක් ඇති කරගත හැකි වන්නේය.

නාමික වටිනාකම සහ මූර්ත වටිනාකම අතර ඇති වෙනස

ආර්ථික විද්‍යාඥයෝ රටක වර්ධනය ගැන වාර්තා කිරීමේ දී, නාමික වර්ධනය සහ මූර්ත හෙවත් සැබෑ වර්ධනය අතර වෙනසක් දක්වති. නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය යනු, ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන්ගේ මුළු වටිනාකම, පවතින මිල ගණන් යටතේ ගණනය කළ විට ලැබෙන වර්ධනයයි. ඒ මාර්ගයෙන් ලැබෙන උත්තරය තුළ සාධක දෙකක් තිබිය හැකිය. එකක් වන්නේ, නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සහ සේවාවන්ගේ සැබෑ වටිනාකමේ වර්ධනයකි. දෙවැන්න වන්නේ, එකී භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන්වල වර්ධනයකි.

MR PBපැහැදිළිවම, මේ දෙක අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වන්නේය. නාමික සහ මූර්ත වටිනාකම්වල වෙනස වැදගත් වන්නේ එහි දී ය. නිෂ්පාදනය වැඩි වීම සහ මිල වැඩි වීම යන කාරණා දෙකම නාමික වර්ධනයට අයත් වෙයි. එහෙත්, මූර්ත වර්ධනය හෙවත් සැබෑ වර්ධනය තුළ ගණනය කෙරෙන්නේ නිෂ්පාදනයේ වර්ධනය පමණි.

මේ වෙනස ඉතා වැදගත් වන්නේ වෙන කිසිවක් නිසා නොව, ආර්ථික තත්වයන්හි සැබෑ උන්නතියක් ගණනය කළ හැකි වන්නේ මුර්ත වර්ධනය මගින් පමණක්ම වන හෙයිනි. මූර්ත වර්ධනයකින් තොර නාමික වර්ධනයක් සැබෑ වර්ධනයක් වන්නේ නැත. එවැනි ගණනය කිරීමකින් නියෝජනය වන්නේ මිල ඉහල යාමක ප‍්‍රතිඵලයක් පමණි. රටවල් සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකයන් ගැන කියන විට හැම විටකම එය කියන්නේ මූර්ත වටිනාකම් අර්ථයෙනි. එහෙත් ඇමරිකානු ඩොලර් වටිනාකමේ උපාමාරුව පාවිච්චි කරමින් ලංකාවේ මාධ්‍ය තුළත්, ප‍්‍රතිපත්ති කතිකාව තුළත් නිතරම පාහේ සැබෑ වර්ධනය වශයෙන් ගෙනහැර දක්වන්නේ මූර්ත වර්ධනය නොව, නාමික වර්ධනයයි.

ආණ්ඩුවේ ආර්ථික විද්‍යාඥයෝ දළ දේශීය නිෂ්පාදන අවධමකය යනුවෙන් හැඳින්වෙන අංකයක් ගණනය කරති. එයින් තක්සේරු කෙරෙන්නේ, ආර්ථිකය තුළ නිෂ්පාදනය කරන ලද සියලූ භාණ්ඩ සහ සේවාවන්ගේ මිළ ගණන් ඉහළ යාමේ වර්ධනයයි. නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධනය අතර ඇති වෙනස, එම අවධමකය මගින් පෙන්නුම් කෙරේ. මේ නිසා, අවධමකය විශාල වන තරමට, නාමික සහ මූර්ත වර්ධනය අතර වෙනස ද විශාල වෙයි. දළ දේශීය නිෂ්පාදිත අවධමකය වනාහී, උද්ධමනය මණින මිම්මක් වැන්න. වෙනසකට ඇත්තේ, උද්ධමනයකදී මැණෙන්නේ තෝරාගත් පරිභෝජන මල්ලක මිල වර්ධනයක් වන අතර, ආර්ථිකයක් තුළ නිෂ්පාදනය වන සියළු භාණ්ඩ සහ සේවාවන්ගේ මිල වර්ධනය, අවධමකය මගින් ගණනය කිරීමයි.

දළ දේශීය නිෂ්පාදිතයේ මිරිඟුව මගින් කටුක යථාර්ථයන් තුනක් සඟවනු ලැබේ

මුලින්ම, ඇමරිකානු ඩොලර් වටිනාකමින් මණිනු ලැබෙන වර්ධනයට වඩා තුනෙන් පංගුවක සිට දෙකෙන් පංගුවක් දක්වා වන තරමට, රුපියල්වලින් මැණෙන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ මූර්ත වර්ධනය අඩු එකක් වන බව එයින් වසං කෙරේ. ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයාට වැදගත් වන්නේ රුපියලේ වටිනාකමින් ලැබෙන සැබෑ වර්ධනයයි. ශ‍්‍රී ලංකාවේ මිල කිරීම් සහ මිලදී ගැනීම් සිදුවන්නේ, රුපියල්වලින් මිස ඩොලර්වලින් නොවේ.

දෙවැනුව, ඇමරිකානු ඩොලරයේ ක‍්‍රය ශක්තිය හෙවත් ඩොලරයකින් මිල දී ගත හැකි ශක්තියත් අඩු විය හැකි බව මෙයින් වසං කෙරේ. වෙනත් විදිහකින් කිවහොත්, වෙනත් ඕනෑම මුදලක් මෙන් ඩොලරය ද, උද්ධමනය හේතුවෙන් සැබෑ අගයෙන් පිරිහෙයි.

තෙවැනුව, මෙසේ ඩොලරය පදනම් කරගෙන කෙරෙන වර්ධනයන් බෙහෙවින් අස්ථාවර බව එයින් වසං කෙරේ. රුපියල සහ ඇමරිකානු ඩොලරය අතර ඇති විනිමය අනුපාතිකයේ ඕනෑම වෙනසකින් මේ වර්ධන ගණනයන් ඕනෑම මොහොතක වෙනස් විය හැකිය. රුපියලේ අගය හිටිහැටියේ පහළ බස්සන දීර්ඝ ඉතිහාසයක් ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් සම්බන්ධයෙන් අපට දැකිය හැකි බව මෙහිදී අමතක නොකළ යුතුය.

2004 සිට 2009 දක්වා වන කාලය තුළ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ වුණේ නැත. එය වැඩි වුණේ සියයට 25 කිනි. එහෙත් මේ කාලය තුළ එය දෙගුණ විණැ යි බොහෝ සෙයින් පම්පෝරි ගැසුණි. ඇමරිකානු ඩොලර් වටිනාකමින් ඊට සමාන වර්ධනයක් හෙවත් සියයට 93.5 ක වර්ධනයක් දැකිය හැකි බව සැබෑව. එහෙත් රුපියලේ සැබෑ වටිනාකම අනුව ගත් විට, එය දෙගුණ වීමකට කිට්ටු වුණේවත් නැත. නිශ්චිතවම කිවහොත් එය වැඩි වුණේ සියයට 27.4 කිනි. (එය, ඩොලර් අගයෙන් පෙන්නුම් කරන වර්ධනයෙන් තුනෙන් එකකටත් අඩු වර්ධනයකි).

2009-2015 අතර කාලයේ ද එම වර්ධනය දෙගුණයක් නොවනු ඇත: වැඩිම වුණොත් ඇති වන්නේ සියයට 50 ක වර්ධනයක් පමණි

2015 වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඇමරිකානු ඩොලර් 4000 ක උපරිම වර්ධනයකට ඉහළ යතැයි කීමෙන් ගම්‍ය කෙරෙන්නේ, 2009 වර්ධන මට්ටම 2015 වන විට නැවතත් දෙගුණයක් වන බවකි. ඇත්ත වශයෙන්ම, ඩොලරය සහ රුපියල අතර අද පවතින විනිමය අනුපාතිකය 2015 දක්වා නොවෙනස්ව පවත්වා ගැනෙන්නේ නම්, 2009 ට සාපේක්ෂව 2015 දී වර්ධනය දෙගුණයක් වනු ඇතැ යි කිව හැකිය. එහෙත් එය ද මිරිඟුවකි. මේ දෙස ඉතාම සාධනීය ලෙස බැලූවත්, (එනම්, සැබෑ ආර්ථික වර්ධනය සියයට 7.5 ක් ද, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමකය සියයට 6 ක් පමණකියි ද සිතුවත්), සැබෑ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය වනු ඇත්තේ, ඩොලර් වටිනාකමින් මැණෙන වර්ධනය මෙන් දෙකෙන් පංගුවක් පමණි.

2015 සඳහා පොරොන්දු වන වර්ධනය අත්පත් කරගත හැක්කේ 2026 දී පමණි

2004 විනිමය අනුපාතිකය අනුව (ඩොලරයකට රුපියල් 101.19), ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වුණේ ඩොලර් 1063 කි. 2015 වන විට මෙය ඩොලර් 4000 ක් දක්වා වර්ධනය වනු ඇතැ යි කීමෙන් අදහස් වන්නේ හතර ගුණයකින් වැඩි වීමකි. එහෙත් මෙහි දී පාවිච්චි කෙරෙන ඉතා ශුභවාදී ආර්ථික ප‍්‍රක්ෂේපනයන් මත රඳා පැවතුණත් මේ කියන වර්ධනය ඇති කරගත හැකි වනු ඇත්තේ 2026 න් පසුව පමණි.

මීට පෙර අප විසින් කරන ලද අධ්‍යයනයක්, ‘සිංගප්පූරු චින්තනය ලංකාවේ සාර්ථක විය හැකිද?’ මැයෙන් අප ඉදිරිපත් කිරීමේ දී මෙය පෙන්වා දුනි. එහෙත් එම පත‍්‍රිකාව රචනා කිරීමෙදී සිදුවූ ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් 4000 ක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් 2026 දක්වා අත්කර ගත නොහැකි වෙතැ යි යන වැරදි අදහසක් ප‍්‍රක්ෂේපනය වුණි. ඒ ගැන අපේ කණගාටුව පළකරමු. ඩොලර් වටිනාකමින් මැණෙන වර්ධනය නොව, සැබෑ වර්ධනය අර්ථවත් අන්දමින් ගණනය කිරීමක් ඩොලර් වටිනාකම හරහා කළ නොහැක. මන්ද යත්. සැබෑ ප‍්‍රමාණය සහ නාමික ප‍්‍රමාණය අතර ව්‍යාකූලත්වයක් ඒ මගින් ඇති විය හැකි හෙයිනි. වර්තමාන කරුණු දැක්වීමේ දී ඉතා පරිස්සමින් අප පෙන්වා දී ඇති පරිදි, එකී අපේක්ෂිත වර්ධනය සැබෑ අරුතකින් අත්පත් කර ගැනීමට 2026 වත් විය යුතුය. එසේ විය හැක්කේ ද, ඉතාමත් ශුභවාදී ආර්ථික උපකල්පයන් මත පදනම් වෙමිනි.

මිරිඟුවක් යනු, අවසානය හෙවත් ඉලක්කය, පවතින සැබෑ දුරට වඩා අඩු එකක් සේ පෙන්වන මායාවකි. 2004 පැවති ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය හතර ගුණයකින් වැඩි කර ගැනීම කමනීයයි. එහෙත්, 2015 දී එය අත්පත් කරගත හැකි යැයි සිතීම මිරිඟුවකි.

*2014 අගෝස්තු 13 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Explaining the Mirage of GDP Growth Optimism” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.