23 September, 2019

Blog

ඇත්තෙන්ම ‘විපක්ෂයට’ නායකත්වය සපයන්නේ කවුද?

බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවතින දුර්වලතාවන්ගෙන් එකක් වන්නේ, බොහෝ කොට විශ්වසනීය විපක්ෂයක ඇති අඩුවයි. 1978 ව්‍යවස්ථාව තුළින් අසීමිත සහ ඒකාධිපති බලතල ජනාධිපතිවරයා වෙත පවරන විට අනිත් පැත්තෙන් සිදුවුණේ දුර්වල විපක්ෂයක් පවත්වා ගැනෙන පරිසරයක් නිර්මාණය කිරීමයි. බොහෝ කාලයක් විපක්ෂයේ සිටි සහ දැනට අග‍්‍රාමාත්‍ය ධුරය හොබවන රනිල් වික‍්‍රමසිංහ මහතාව බාගෙවිට එදා අසාධාරණ අන්දමින් විවේචනයට ලක්වුණේ, ඔහුට වෙනස් කිරීමට බලයක් නැති ක‍්‍රමයක ඔහු සිරකරුවෙකු වී සිටීම නිසා ය.

ඒ ගතවූ කාලය මුළුල්ලේම රනිල් වික‍්‍රමසිංහ ගැන අඳුරු චිත‍්‍රයක් නිර්මාණය වීමට පිටුදුන් සාධකම, න්‍යායාත්මකව ගත් විට, වර්තමාන විපක්ෂයේ දුර්වලතාව ඉදිරියේද පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත්, මේ විශේෂිත මොහොතේ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය පත්ව ඇති අර්බුදය තුළ දක්නට ලැබෙන ස්වභාවය, 1978 ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව විසින් බිහි කළ කෛරාටික ස්වභාවයට නෑකම් කියාපාන්නක් නොවේ.

Mahinda Nimalනිල ‘විපක්ෂ නායකයා’ වන්නේ නිමල් සිරිපාල සිල්වා ය. ඔහුගේ පක්ෂයේ සාමාජිකයෝ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සාමාජිකයෝද වන්නාහ. එම කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහයි. නිමල් සිරිපාල සිල්වා අයත් වන පක්ෂයේ නායකයා වන්නේ මෛත‍්‍රිපාල සිරිසේනයි. ඔහුව මහජනතාව විසින් ජනාධිපති තනතුරට තෝරා පත්කර ගත්තේ රටට නායකත්වය සැපයීමටයි. එයද, සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සම්බන්ධ වන්නේ, ‘ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට’ බව නිමල් සිරිපාල සිල්වා කියයි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සහයෝගීතා අවබෝධයක සිට කටයුතු කරන බැවින් ඒ කතාවේ වරදක්ද නැත. එහෙත්, විපක්ෂයේ නායකයා වශයෙන් නිමල් සිරිපාල සිල්වාට කටයුතු කිරීමට එයින් ලැබෙන විශේෂ සුදුසුකම කුමක්ද?

ඕනෑම වගකිවයුතු විපක්ෂයකින් අපේක්ෂා කරන (ධනාත්මක?) විවේචනය සැපයීම, කැබිනට් මණ්ඩලයට පිටතින් සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්ය භාරය වෙතැයි නිමල් සිරිපාල සිල්වා කියයි. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නම්, එම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍ය කරන කැබිනට් මණ්ඩලයේ කටයුතු නිමල් සිරිපාල සිල්වාට විවේචනය කිරීමට හැකි වන්නේ කෙසේද?

ගතවූ ජනාධිපතිවරණයෙන් පසුව නැවතත් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ඒමට දරණ ප‍්‍රයත්නයන් දෙස අපට බැලීමට සිදු වන්නේ එම සන්දර්භය තුළයි. මේ සඳහා පිටුබලය සපයන ඔහුගේ අනුගාමිකයන් තමන් සඳහාම වන දේශපාලනික අනාගතයක් වෙනුවෙන් එම කාර්යයේ නිරතව ඇතැයි කෙනෙකුට කිව හැකිය. පසුගිය දා රත්නපුරේදී පවත්වන ලද එම අනුගාමිකයන්ගේ රැුළියට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් 20 කට වැඩි පිරිසක් පැත්තකින් තිබ්බත්, පාර්ලිමේන්තුවට පරිබාහිර දේශපාලන සමීකරණයක යම් වැඩ කොටසක් ඔහුගේ පැත්තෙන් සිදුවෙමින් ඇති බව පෙනේ.

එතැන අනතුරක් තිබේ. පාර්ලිමේන්තුවෙන් පරිබාහිර වැඩ කොටසක් ඉටු කළ මෑත කාලයේ ආසන්නතම අවස්ථාව වන්නේ, දශක දෙකකටත් අධික කාලයක් තිස්සේ වක‍්‍රාකාරයෙන් ප‍්‍රභාකරන් විසින් ගෙන යන ලද ක‍්‍රියාකාරීත්වයයි. එය රටේ ආණ්ඩුකරණයට කෙලින්ම බලපෑවේය. එම පුද්ගලයා කිසි දවසක කොළඹට පැමිණියේ නැතත්, ඔහු නායකත්වය සැපයූ එල්.ටී.ටී.ඊ, සංවිධානයේ ක‍්‍රියාකාරකම්, ලංකා රජයේ සෑම ප‍්‍රතිපත්ති තීරණයක් කෙරෙහිම බලපෑවේය. ඊට වඩා කුඩා පරිමාණයේ එවැනිම තවත් අවස්ථාවක් වන්නේ, 1988-89 අතර කාලයේ දකුණේ ක‍්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණේ ‘පුංචි ආණ්ඩු’ වැඩපිළිවෙලයි.

මෙවැනි අවස්ථාවක මහින්ද රාජපක්ෂ ආපසු පැමිණීමට ගන්නා තදියම, ප‍්‍රභාකරන් හෝ විජේවීර සමග සැසඳීම තාර්කික නොවිය හැකි වෙතත්, විපක්ෂයේ යම් ප‍්‍රබල ස්ථරයක් පාර්ලිමේන්තුවට පිටස්තරින් ක‍්‍රියාත්මක වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුබලයක් නොවන බව නොකියා බැරි ය. එක පැත්තකින්, ඒ මාර්ගයෙන් ආණ්ඩුවට අත්තනෝමතික වීමට තල්ලූවක් සැපයිය හැකි අතර අනිත් පැත්තෙන්, එළියේ සිට ඉදිරිපත් කෙරෙන විවේචනය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීමේ තත්වයක්ද නිර්මාණය වෙයි.

(ප‍්‍රතිසංස්කරණ ඇතිව හෝ නැතිව) පැවැත්වෙන මැතිවරණයකින් මේ අශෝභන සහ භයානක තත්වය නිවැරදි කළ හැකි වන අතර, රටේ දේශපාලන ස්ථාවරයත්වයට බාහිර හෝ අභ්‍යන්තර බරපතල තර්ජනයක් නැති මෙවන් අවස්ථාවක ද්විපාක්ෂික ගනුදෙනුවකින් ඇතිවිය හැකි (ස්වභාවික?) ප‍්‍රතිවිපාක රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සුගතියක් නොවිය හැකිය. කොටින් කිවහොත්, අනන්‍යතා අර්බුදයකට මැදි වී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල සිල්වා විපක්ෂ නායක තනතුර හෙබැවීම නිරර්ථක පමණක් නොව හාස්‍යජනක කාරණයක්ද වන අතරේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින විපක්ෂය අනාගතයේ තව තවත් බලසම්පන්න විය හැකි බවයි. දැනට, අප කැමති වුණත් නැතත්, මහින්ද රාජපක්ෂ ප‍්‍රබල සේනා රැුස්කරන කේන්ද්‍රය බවට පත්ව තිබේ.

*2015 මාර්තු 27 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Who Really Leads the “Opposition?”නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    SLFP hierarchy should not fool us any longer.

    They must chose to be either ‘Don’ or ‘Siman’ not both at the same time. Meaning, SLFP hierarchy should chose to be in the government and be ministers or, be in the opposition, take the ‘opposition leaders’ mantle and take up issues like the daylight robbery of fraud at the treasury bond issue etc seriously.

    Another point, President Sirisena cannot declare himself impartial (between UNP and SLFP) and hold the ‘SLFP leader’ title. If Sirisena wanted to be impartial, he should let the membership chose a SLFP leader dedicated to lead the party to a win at a national convention.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.