ඊ.එම්. තිස්සකුමාර –
පසුගිය දිනෙක පල්ලේගම සුමන හිමි නම් භික්ෂුවක් ස්ත්‍රින් දෙදෙනකු සමග භික්ෂුව සිටි විහාරයේ කාමරයක සිටියදී එහි කඩා වැදුනු පන්සලේ දායකයන් වියහැකි ගිහියන් කිහිපදෙනකු විසින් ඒ භික්ෂුවට ද කතුන් දෙදනාට ද පහර දී හිරිහැර කර විශේෂයෙන්ම කාන්තාවන් දෙදනා නිරුවත් කර වීඩීයෝ කර සමාජ මාධ්‍ය ජාලා වෙත නිදහස් කරන ලදී.
එපමණක් නොව මාගල්කන්දේ සුදත්ත හිමි ජපානයේ සිදුකලා යැයි කියැවෙන ලිංගික ක්‍රියාවක් පිලිබද වීඩියෝවක් සංසරණය විය. පහලගම සෝමරතන හිමි ගේ ලමා අපයෝජන පිලිබදව තොරතුරු සමාජය තුල කතාබහට ලක්විය. නාවලපිටිය විහාරස්ථානයක වැඩසිටි සාමණේර හිමිවරුන් තිදෙනකු අපයෝජනය කලේයැයි සැකපිට එම විහාරයේම සිටි හිමිනමක් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කලේ ඉකුත් අටවෙනිදාය. හතරලියද්ද ටැම්පිට විහාරයේ විහාරාධිපති, තුම්පනේ පලාතේ උප ප්‍රධාන සංඝනායක මුරුද්දෙනියේ සීලරතන හිමිගේ අපවත් වූ මලසිරුර විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ තිබී හමුවන්නේ සරමක් ටීෂර්ටයක් හැද තොප්පියක් පැලද ගෙන සිටියදීය. අතේ එලවලු මල්ලකි. මේ මරණය පිලිබද කවර හැගීම් තිබුණද අවසන එහි දායක සභාව එහිමියන්ගේ අවසන් කටයුතු කිරීමට භාරගත්තාය. මේ ආසන්න සිද්ධීන් කිහිපයකි. මෙයට පෙරද බෞද්ධ භික්ෂූන් වෙත නිදන් හෑරීම්, ලිංගික අපයෝජන චෝදනා ඇතුලු විවිධ විනය විරෝධී කාර්යයන් පිලිබද චෝදනා එල්ලවිය. මෙම සිදුවීම් අනුව පෙනෙන්නේ බෞද්ධ ශාසනය තුල යම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයක් තිබෙන බවය. විශේෂයෙන්ම ඇතැම් භික්ෂූන්ගේ සමාජ චර්යාවන් බෞද්ධ ශාසනයේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපාන බවයි.
බෞද්ධ ශාසනය තුලින්ම අභ්‍යන්තර සතුරෙක් නිර්මාණය කරගනිමින් පවතී. ඒ සතුරා නම් බෞද්ධ භික්ෂූන් ගේ අසම්මත බෞද්ධ විරෝධී චර්යාවන්ය.
ආසන්න කාලයේ වූ මේ සියලු සිදුවීම් පරයමින් පල්ලේගම සුමන හිමියන් සම්බන්ධ සිදුවීම සමාජය තුල ඉස්මතු විය. කාන්තාවන්ට පහරදී නිරුවත් කර වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත්කල ගිහියන් කෙරෙහි විශාල විරෝධයක් මතුවිය. කෙසේවුවද මෙම භික්ෂුව විසින් කල පැමිණිල්ලකට අනුව ඒ ගිහියන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කර බන්ධනාගාර ගත කර ඇත. නමුත් මෙම භික්ෂුව ගේ විනය විරෝධී හැසිරීම අරභයා ඇතිවූ ගිහියන් ගේ මැදිහත් වීම යුක්තිසහගත බව පිලිගන්නා සමාජය එම ගිහියන්ම අර කාන්තාවන්ට සිදුකල අමානුෂික ක්‍රියාවන් යුක්තිසහගත කලේ නැත. එම සාහසික ක්‍රියාව භික්ෂුව කල වරදට වඩා වැඩි වරදක් ලෙස බාහිර සමාජය සැලකූ බව පෙනේ. ඒ නිසා පෙරකී ගිහියන් අත්අඩංගුවට ගැනීම ගැන විරෝධයක් පැනනැගුනේ නැත. ඔවුන් එම පන්සලේ දායකයන් වුවත් නැතත් ඒ කාන්තාවන්ට හිරිහැර කර නිරුවත් කර පහරදීම, වීඩියෝකර සමාජයට මුදාහැරීම සාපරාධී ක්‍රියාවකි. ඒ අරභයා ඔවුන් අධිකරණය වෙතින් දඩුවම් ලැබිය යුතුය.
අපේ රටේ මිනිසුන්ගේ සමාජ සහ ආගමික ජීවිතය කෙරෙහි භික්ෂුවගේ බලපෑම විවිධාකාරය. එසේම භික්ෂුව සහ පන්සල කෙරෙහි ගිහියන්ගේ දායකයන්ගේ බලපෑමද එසේමය. භික්ෂුව ද ගිහියන්ද යම් සම්මුතීන් මත එකිනෙකා කෙරෙහි බැදී සිටිති. බෞද්ධාගමට අනුව තමා වෙත අධ්‍යාත්මික ශික්‍ෂණය, මගපෙන්වීම , ජීවන උපදේශන ලබාදීම භික්ෂුව ගෙන් ගිහියන් බලාපොරොත්තු වෙති. ගමේ නගරයේ සමාජ කටයුතුවල ප්‍රමුඛත්වය සේම සමාජ දේශපාලන ගැටලු අර්බුදවලදී භික්ෂුව ගේ සමාජීය මැදිහත්වීම අපේක්ෂා කරයි. ආගමික සේම මානසික වශයෙන්ද පන්සල ගිහියන්ගේ ආරක්ෂිත, සහනශීලී ස්ථානයකි. ගිහියන්ද සමාජය ද පරමාදර්ශී සුපේශල ශික්ෂාකාමි භික්ෂුවක් අපේක්ෂා කරයි. අගතියෙන් තොරව බෞද්ධ විනය අනුව හැසිරෙන, තම ජීවිත ගැටලුවලට බෞද්ධ ධර්මය අනුව උපදෙස් දෙන භික්ෂුවක් අපේක්ෂා කරයි. කෝටියක් සංවර ශීලයකින් යුතු භික්ෂුවක් අපේ අවිඥාණයේ ප්‍රාර්ථනාවයි. කොටින්ම පුද්ගලික මෙන්ම සමාජ ජීවිතයේ ප්‍රධාන ස්ථානයක් භික්ෂුව දරයි.
මේ පරමාදර්ශී භික්ෂුව පිලිබද අපේක්ෂාව බිදවැටීමට නොදී රැකගැනීම සදහා තම භික්ෂූත්වය පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වුවත් එසේ කල යුතුය. ගිහියන් දායකයන් මෙන්ම මුලුමහත් සමාජයම එය අපේක්ෂා කරයි. බෞද්ධයන් වැදුම් පිදුම් කරන්නේ එවැනි භික්ෂුවක් බව උපකල්පනයෙනි. භික්ෂූත්වය සංකීර්ණ ස්වාභාවයක් වන්නේ මේ නිසාය. යම් හෙයකින් භික්ෂුවක් අතින් බෞද්ධ විනය විරෝධී කටයුත්තක් සිදුවුවහොත් සමාජ අපචාරයන් දුරාචාරයන් අශ්ලීල ක්‍රියාවක් සිදුවුවහොත් නීති විරෝධී කටයුතු සිදු වුවහොත් මේ පරමාදර්ශී භික්ෂුව පිලිබද සමාජ ප්‍රතිරූපය, අපේක්ෂාව එක මොහොතකින් බිදවැටේ. එවන් අවස්ථාවක ගිහියන්ද දායකයන්ද ප්‍රචන්ඩ ලෙස හැසිරෙනු දැකිය හැකිය. මන්ද ඔවුනගේ අවිඥාණගත පරමාදර්ශී භික්ෂුව තවදුරටත් නොපවතින හෙයිනි. බෞද්ධාගම විසින් දේශිත අවිහිංසාව කරුණාව වැනි ආචාරධාර්මික ඉගැන්වීම් මේ විශේෂිත අවස්ථාවේදී වලංගු නොවේ . ඒවා ඉගැන්වූ ශික්ෂකයාට එරෙහිව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කටයුතු කරයි. භික්ෂූන් ද මනුෂ්‍යයෝ වෙති යැයි යන සහනශීලි අදහස සමාජය තුලින්ම මතුවීම අදාල භික්ෂූන්ට තවදුරටත් වරදෙහි යෙදීමට අනුබල සැපයීමක් වැනිය. භික්ෂුවකට ස්ත්‍රින් සමග සම්භෝගයේ යෙදීම භික්ෂූ විනයට පටහැනි මෙන්ම සමාජ සම්මුතීන්ට ද පටහැනිය. මෙය භික්ෂූන් තේරුම් ගත යුතුය. සමාජ ආචාර ධර්ම, නීතිරීතින්, සම්මුතීන් නොසළකා කටයුතු කිරීමට භික්ෂූන්ට නොහැකිය. බෞද්ධ විනය පටිපාටියට සේම සම්මුතීන් වලට ද අනුගතව භික්ෂූත්වය පවත්වාගෙන යා යුතුය.
දුශ්ශීල භික්ෂූන් සම්බන්ධව ඔවුන් අයිති නිකාය වලින් ක්‍රියාමාර්ග ගන්නා හෙයින් සමහර ගිහියන් නීතිය අතට ගෙන කටයුතු කිරීම අනූමත කල නොහැකි බව මල්වතු අස්ගිරි උභයවිහාරීය අනුනායක හිමිවරු ප්‍රකාශ කරති. මෙයට පෙර එවැනි භික්ෂූන්ට එරෙහිව කටයුතුකර ශාසනික වරප්‍රසාද අහිමිකර ඇතී බවද පවසයි. මෙවැනි දුශ්ශීල භික්ෂූන් අරභයා පියවර ගත යුත්තේ අදාල නිකායවල නායක හිමිවරුන් ප්‍රමුඛ සංඝයා විසිනි. ඉදිරි කාලයේදී භික්ෂූ කතිකාවතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ. තුන් නිකායික නායක හිමිවරුන්ගේ අනුමැතිය ලැබී ඇති බවද පැවසේ. එසේම බෞද්ධ විනය විරෝධි කටයුතු වල යෙදෙන භික්ෂූන්ට එරෙහිව ක්‍රියාකිරීමට සංඝාධිකරණයක අවශ්‍යතාවය භික්ෂූන් වහන්සේලා වෙතින්ම ප්‍රකාශ වෙමින් පවතී. බෞද්ධ විනය නීති රාමුව තවදුරටත් ශක්තිමත් වීමට මෙයින් අනුබලයක් ලැබෙන බවද කියැවේ.
බුදුන් වහන්සේ ධර්මාන සමයේ ද භික්ෂූන් ගේ යම් යම් වැරදි චර්යාවන් පාලනය කිරීම සදහා යම් විනය නීතීන් පැනවු බව සත්‍යයකි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු පලමු ධර්ම සංගායනාව පැවැත්වූයේ භික්ෂු විනය කරුණක් මුල්කරගෙනය. සුභද්ද නම් භික්ෂුව විසින් බුදුන් වහන්සේගේ පිරිනිවීම මූලික කරගෙන කල ප්‍රකාශයක් නිසාය. “අධර්මය පැතිර ධර්මය පසෙකට නො ලැවෙන තෙක් ධර්ම විනය සංගායනා කරමු” යැයි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ විසින් පවසමින් මෙම සංගායනාව රජගහ නුවර දී පැවැත්විණී. (බෞද්ධ ධර්ම සංගායනා – ලුවී ද වෙලා පූසෑන්; සින්හල පරිවර්තනය– සුචරිත ගම්ලත් -2017 ; පිටුව 12) එක් භික්ෂුවක ගේ ප්‍රකාශයක් කොතරම් බරපතල ලෙස සැලකිල්ලට ගෙන ඇතිද යන්න මේ සිදුවීමෙන් පැහැදිලිවේ . දෙවන සංගායනාව පැවැත්වූයේ බුදුන්වහන්සේ පිරිනිවී වසර සියයකට පසුවය. වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දසවත්ථුව පරිහරණය කිරීම අරභයා වූ විනය සම්බන්ධ කාරණයක් මුල්කරගෙනය. (ඉහත ක්‍රතිය පිටුව 48). බෞද්ධ ශාසනයේ ආරම්භක අවධියේ සිටම සමහර භික්ෂූන්ගේ නොගැලපෙන චර්යාවන් පාදක කරගෙන යම් යම් විනය ශික්ෂාවන් පැනවීමට සිදුවී ඇත. ඒ නිසාම පලමු සහ දෙවන සංගායනා වලදී විනය කරුණු මුලිකත්වය ගත්තේය.
මෙයින් පෙනෙන්නේ බෞද්ධ ශාසනය ආරම්භක අවධියේ සිට මේ මොහොත දක්වාම මෙවැනි දුශ්ශීල සහ බෞද්ධ විනය විරෝධී කටයුතුවල නිරත වූ භික්ෂූන් සිටි බවය. බෞද්ධ ශාසනයේ චිරපැවත්ම උදෙසා මෙවැනි භික්ෂූන්ට එරෙහිව කටයුතුකර නිසි පියවර ගැනීම නායක හිමිවරුන්ගේ ප්‍රධාන වගකීමක් ද වේ. එය ශාසනයේ මෙන්ම සමාජයේ යහ පැවැත්ම සදහා ද වැදගත් වේ.
leelagemalli / July 27, 2023
රට පුරා සිංහල බෞද්ධ විහාරස්ථානවල ලිංගික අපරාධ රැසක් ක්‍රියාත්මක වේ. ඒක තමයි පවතින තත්ත්වය. කෙසේ වෙතත් මෙය අලුත් දෙයක් නොවේ, මේ සියල්ල lankenb සමාජයේ කාපට් යට වැළලී ඇත. කුහකකම තමයි මේ රටේ පාලනය වෙන්නේ.
–
ළමා භික්ෂූන් වහන්සේ යුග ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ස්ථවිරභාවය සහ සුපුරුදු ගොදුර වී ඇත. මිථ්‍යාවන් ආධිපත්‍යය දැරූ සමාජය කිසි විටෙකත් කහ සුරතල් සතුන්ගේ අනතුර සහ ඔවුන්ගේ පන්සල් රහස් දුටුවේ නැත.
කුකුළු ගොවිපළවල මුරකරුවන් වීමට නරියන් ඉදිරිපත් වෙනවා සේම මෝඩ අම්මලා තාත්තලා කිරි බොන ළදරුවන් සිංහල හාමුදුරුවන්ට පූජා කරති. මෙය මා දන්නා කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ සාමාන්‍ය දෙයකි.
මෙය සැමට ප්‍රසිද්ධ රහසක් වී ඇත. කෙසේ වෙතත්, කවුරුන් හෝ ප්‍රශ්නය මතු කරන්නේ නම්, දිවංගත ගෞරවනීය අමාත්‍ය මංගල සමරවීර මෙන්, කළේ පණිවිඩකරුට පහර දීමයි.
දශක ගණනාවක් තිස්සේ මේ රටේ ක්‍රියා පටිපාටිය මෙයයි. කෙසේ වෙතත්, අද සමාජ මාධ්‍ය සවිබල ගැන්වීමත් සමඟ, අතීතයට වඩා බොහෝ ආලෝකයන් සහ ජනතාවගේ අවධානයට හසු වේ.
/
leelagemalli / July 28, 2023
1
අපේ මිනිස්සුන්ගේ ආත්මය ගැන මට කිසිම සැකයක් නැහැ, බහුතරයක් සිංහල මිනිස්සු තාමත් සුදානම් නෑ තමන්ගේ සුළු ජාතීන් පිළිගන්න. අපගේම ඒකාබද්ධතා කැමැත්ත මට්ටම් අධ්‍යයනය කිරීම ගැන අප පුදුම විය යුතුය.
–
කනගාටුවට කරුණක් නම්, අද පවා, එය ඔවුන්ගේ හැසිරීමට වඩා ඔවුන්ගේ ජානමය සම්බන්ධයක් ඇති බව පෙනේ. ඔවුන් චින්තනයට කරුණු සමඟ සංසන්දනය කිරීමට ඉඩ නොදෙන බව පෙනේ. මූලධර්මවාදීන් සමාජය තුළ වපුරන මිථ්‍යාවන් අන්ධ කිරීමට ඔවුන් වඩාත් නැඹුරු වනු ඇත.
ගොඩක් උන් කියනව උන්ගෙ ආගම බුද්ධාගම කියල ඒත් අහිංසක සත්තුන්ට වඩා දරුණු උරගයො වගෙයි. මට මෑතකදී මගේ මව් රටේ සති 3 ක් ගත කිරීමට සිදු විය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මම ගිය තැන්වලදී සහෝදර ජනතාවට ගරු කරන අය මම දැක්කේ නැහැ. ඔවුන් තමන්ට අවශ්‍ය තැනදී අන් අයට ශාප කිරීමට උත්සාහ කළහ.
මිනිසුන් අන් අයට උපකාර කරනවාට වඩා ද්වේෂ සහගත වන අතර බස් රථයක, හෝටලයක හෝ ඕනෑම තැනක අපයෝජනය කරයි. වැඩිහිටියන්ට කොතැනකවත් ගරු කරන්නේ නැහැ. දශක කිහිපයකට පෙරට වඩා අද වීදිවල වහලක් නැති අඳබාල මිනිසුන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.
–
tbc
/
leelagemalli / July 28, 2023
cont.
මේ සියල්ල සමාජයේ පිරිහීමේ භයානක මට්ටම් ය. අපේ ජාතියේ අනාගතය ගැන පුරෝකථනය කරන සංඥා මේවාය.
මම පසුගිය දශක 3 සහ ඊට වැඩි කාලයක් යුරෝපයේ ජීවත් වන නිසා මම වෙනස දුටුවෙමි. මට මගේ ඇස් අදහාගත නොහැකි වූ නමුත් එය සැබෑ විය.
.
දශක ගණනාවක් තිස්සේ කුරිරු යුද්ධ කළ ඕනෑම රටක්, සියලු ප්‍රජාවන් වෙනුවෙන් පසුතැවිලි වේ. ඔවුන් තම සිතුවිලි නැවත ලිවීමට සහ තරුණයින්ගේ සහ අන්ධ ලෙස ක්‍රියා කළ හැකි අයගේ යහපත සඳහා තවදුරටත් බෙදීම් ඇති කිරීමට සෑම හොඳ අවස්ථාවක්ම ලබා දෙයි. ඒ වගේම මේ අවුරුද්දේ අපිට ඒක ආයෙත් මගහැරුණා. ජාති, ආගම්, සංස්‌කෘතික භේදයකින් තොරව එකම ඒකීය රාජ්‍යයක් යටතේ කටයුතු කළ යුතුයි කියන පණිවිඩය දෙන්න ශ්‍රී ලාංකිකයන් එකදු පිරිසක් ඉදිරිපත් වුණේ නැහැ. නායකයින් සහ වෘත්තිකයන් එම පණිවිඩය ජාතිය පුරා යැවීමට අවස්ථාව ලබා ගත යුතුව තිබුණි. අඩුම තරමේ මිනිසුන්ගෙන් විරසක නොවූ සාමාන්‍ය බල්ලන්ටවත් ඒ සඳහා එක්ව කටයුතු කළ හැකිව තිබුණත් ඔවුන් එසේ කළේ නැහැ. … මක්නිසාද යත් තුවාලය දිගටම පැවතුනහොත්, මෙම උරගයින්ට ඔවුන්ගේ ද්වේෂසහගත හා ද්වේෂසහගත දේශපාලන අභිලාෂයන් සමඟ ජීවත් විය හැකි බැවිනි. ඔවුන් සැබෑ විෂ සහිත උරගයින්ට වඩා නරක ය.
.
ජර්මානුවන් සහ තවත් සමහර යුරෝපීයයන් ඔවුන්ගේ යුධමය හැසිරීම ගැන පසුතැවෙන්නේ කෙසේදැයි මම දනිමි. ඔවුන්ගේ ජාතියේ ජනාධිපති හිට්ලර් ලෝක යුද්ධ ගැන සමාව අයැදීමට සෑම අවස්ථාවක්ම භාවිතා කරයි. ජර්මනිය අද වඩාත් ඉවසිලිවන්ත සහ සියල්ල ඇතුළත් ය.
.
සෑම ජූලි මාසයකම ජාතියේ නායකයන් ඉදිරිපත් විය යුතු අතර නැවත කිසි දිනෙක අපේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට මෙවැනි යුද්ධවලට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය. අපි සියල්ලෝම සමාන වන අතර අපගේ නහර හරහා එකම රුධිරය ගලා යයි. විශේෂඥයන් විශ්වාස කරන්නේ අප පෙනී සිටීමට වඩා අපි මිශ්ර වී ඇති බවයි. ඉතින් “රේස්” සහ “සුපර් ආර්ය බ්‍රෑන්ඩ්ස්” වල එල්ලී සිටින අයව පොහොට්ටුවෙන් තලා දැමිය යුතුය.
–
කෙසේ වුවද; කැරලිකාර කණ්ඩායමක් සහ රජයක් අතර අනවශ්‍ය යුද්ධයක් හේතුවෙන් වසර 30 ක අපේ දියුණුව අහිමිවීමට බහුතරය වන අප වගකිව යුතු බව අපගේ වෛරී කණ්ඩායම් තේරුම් ගෙන නැති බව පෙනේ.
.
RW ප්‍රමුඛ රජය යුරෝපයේ ඇතැමුන් මෙන් ක්‍රියා කරනු ඇතැයි මම අපේක්ෂා කළෙමි, අවාසනාවකට RW මානව තිරිසන් සතුන්ගෙන් වට වී ඇතැයි මම සිතමි, නමුත් RW සැබෑ කැමැත්තක් තිබිය හැක. මේක තමයි ලංකාවේ ප්‍රවණතා වල ස්වභාවය. ඕනෑම ප්‍රගතියක් අත්කර ගැනීමට විශාල බාධාවක් ඇත, සුළු හෝ ප්‍රධාන ඕනෑම දෙයකට පොදු අරමුණක් මත සම්මුතියක් ගොඩනගා ගැනීම මේ ජාතියේ දැවැන්ත ගැටලුවකි.
/