18 June, 2026

Blog

වර්තමාන පාලනයේ පරස්පරතාව

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රජය විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා දැන් මාස හතරකට වැඩිය. ප්‍රථම වතාවට නීතිමය රාමුවෙන් බැහැරව මැතිවරණයක් කල් දැමුවේ, එම මැතිවරණ පැවැත්වීමට රජයේ භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව සාධාරණීකරණයක් ලෙස ඉදිරිපත් කරමිනි. මැතිවරණයකට නොගොස් බිම් මට්ටමේ සිට දේශපාලන වශයෙන් ශක්තිමත්වීමට ආණ්ඩුව ගත් උත්සාහය අසාර්ථක වී ඇති බව පෙනේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩා, පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර, විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි පණ ගැන්වීමේ ආණ්ඩුවේ උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව නීතිපතිවරයාගේ අදහස වී තිබේ. වසර පහකට වැඩි කාලයක් තිස්සේ පවත්වා නැති පළාත් සභා මැතිවරණයේදීද එම මූලධර්මයම භාවිත නොකළේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී යමකුට මතුකළ හැකිය.

අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නම්, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගැනීමට මෙන්ම ජනමත විචාරණයකදී ජනතා අනුමැතියද ලබාගත යුතු බව නීතිපතිවරයා පවසා තිබේ. මැතිවරණ ක්‍රියාවලියෙන් හෝ ජනමත විචාරණයකින් හෝ මහජන අදහස් විමසීමට රජයට අවශ්‍ය වනු ඇතැයි සිතිය නොහැක. ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ යම් ඉහළ යෑමක් ඇතැම් මහජන මත විමසුම්වලින් පෙන්නුම් කළද, ආණ්ඩුවේ සමස්ත ජනප්‍රියත්වය දිගටම අඩු මට්ටමක පවතින බව ඒවායින් පැහැදිලිව අනාවරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව පරාජය වීමට ඉඩ ඇති බව පැහැදිලි වන නමුත්, නීතියට අනුව මැතිවරණ පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නොවේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම, ශ්‍රී ලංකාව දැනට වැටී සිටින කණගාටුදායක තත්ත්වයට ගෙන ආ, වරදට දණ්ඩනයක් නොමැති සංස්කෘතියේ තවත් කරදරකාරී කොටසකි.

වගවීම සහතික කිරීමේ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ, පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ හෝ පාවාදුන් නායකයන් සහ නියෝජිතයන් ඉවත් කිරීමට ජනතාවට මැතිවරණ බලය ලබාදීමය. මැතිවරණ පැවැත්වීම ඔස්සේ පද්ධතියට නැවුම් මුහුණුවරක් ලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කර ඇත. ස්වල්පදෙනෙක් ජනාධිපතිවරයාට අවනත වී තම දේශපාලන පක්‍ෂවලින් ඉවත් වී ආණ්‌ඩුවට එක් වී සිටිති. එම පුද්ගලයන්ට ඇමැතිකම් ලබාදී තිබේ. කෙසේ වෙතත්, මැතිවරණ ක්‍රියාවලිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සමස්ත විපක්ෂයම එකඟ වී, මෙම, නීතියේ ආධිපත්‍යය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියේ හවුල්කරුවකු වනු ඇතැයි ආණ්ඩුවට අපේක්ෂා කළ නොහැකිය.

වගවීමක් නොමැත

සාමාන්‍ය තත්ත්වයන් යටතේ ආණ්ඩුවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම්, විපක්ෂය අධිකරණය ඉදිරියට ගොස් සහනයක් ලබාගනී. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී මැතිවරණය නොපැවැත්වීමට මුල්‍ය අර්බුදය නිදහසට කරුණක් නොවන බවට අධිකරණය ලබාදුන් තීන්දුව ආණ්ඩුව විසින් නොසළකා හැර තිබේ. ඒ වෙනුවට, එම තීන්දුව ලබාදුන් විනිසුරුවරුන්ට පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් හමුවට පමුණුවන බවට තර්ජන එල්ල වී ඇත. එය සැබවින්ම සිදුනොවූවත්, ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නමා නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන අභියාචනා ආයතනය වන අධිකරණයට ගරුකරමින්, ආණ්ඩුවේ සිටින පුද්ගලයන් ආදර්ශයක් ලබාදිය යුතු වන්නේ මැතිවරණක් පැවැත්වීම හරහාය.

ඒ අනුව, විපක්ෂයට ගතහැකි ඊළඟ පියවර විය හැක්කේ ජනතාව පාරට බැස්සවීමය. එහෙත් දේශපාලන සටන පාරට රැගෙන ඒමට විපක්ෂය හෝ සාමාන්‍ය ජනතාව කැමැත්තක් දක්වා නැත. ආර්ථිකය සුවපත් කිරීමට අවශ්‍ය ආයෝජන අධෛර්යමත් කරන අස්ථාවරත්වයක් ඇති කිරීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා නීති භාවිත කිරීමට පසුබට නොවන ආණ්ඩුවට එරෙහිවීමට ද ඔවුන් සූදානම් නැත. රටේ නීතියට අවනත නොවී, පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම තුළ, ආණ්ඩුව පෙන්නුම් කරන වගවීමේ ඌණතාව, පාලනයේ වෙනත් ක්ෂේත්‍රයන් වෙතද ගමන් කරමින් තිබේ. චූදිතයන් දඬුවමින් නිදහස් කර ඇති තවත් ක්ෂේත්‍ර අනන්තවත් පවතී. ආණ්ඩුවේ ඇමැතිවරු යෝජනා කරන ව්‍යාපෘති ඉතා මිල අධික වන අතර, ඒවා ජනතාවගේ ක්ෂණික සුබසාධනයට කිසිදු බලපෑමක් නොකරන බව දැකගත හැකිය. රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගැටලුව විසඳීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් ඉලක්ක කර ගැනීමේදී පෙන්නුම් කරන වගවීම නොමැතිකම ඛේදවාචකයකි. එහි ප්‍රතිවිපාක තවමත් දැකගත නොහැකි අතර, ඒ සඳහා වගවීම අවශ්‍ය වේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ ප්‍රශ්නය කරළියට පැමිණ ඇත්තේ, රජයේ රෝහල්වලට ගිය බොහෝදෙනකුට අත්වූ ඛේදනීය ඉරණම හේතුවෙනි. රජයේ සෞඛ්‍ය පද්ධතිය භාවිත කරන්නන්ට ජීවිතය හා මරණය පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇතිකරන, වෛද්‍ය සැපයුම්වල වගකීම් නොමැතිකම සහ දූෂණය පිළිබඳ තොරතුරු, ජනමාධ්‍ය මගින් ජනතාවගේ අවධානයට යොමු කර ඇත. මහජන විරෝධය හේතුවෙන් එම ක්ෂේත්‍රයේ යම්යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇත. ඒ හා සමානව, පාසල් හැර ගිය දරුවන්ගේ සංඛ්‍යාව, රැකියා අහිමි වූ සංඛ්‍යාව සහ සමෘද්ධි/අස්වැසුම සමාජ සුබසාධන ජාලයෙන් ඉවතට විසිවී ඇති සංඛ්‍යාව ගැනද අවධානය යොමුකිරිම වැදගත් වන අතර, එමගින් වර්තමානයේ නොවේ නම්, අවම වශයෙන් අනාගතයේදීවත් පිළියම් යෙදිය හැකිය.

විශ්වසනීයත්වයක් නොමැත

මැතිවරණ නොමැති මේ කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සමාන කළ හැක්කේ, නව නීති සම්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ය. බදු, සංචාරක, ත්‍රස්තවාදයට එරෙහි, කම්කරු, දූෂණ විරෝධී, විකාශන, රාජ්‍ය නොවන සංවිධාන සහ සත්‍ය කොමිෂන් සභා සඳහා නව නීති සැකසෙමින් පවතී. බදු නීති වැනි මේවායින් සමහරක් දැනටමත් පාර්ලිමේන්තුව විසින් නීති ලෙස පනවනු ලැබ ඇත. දූෂණ විරෝධී සහ කම්කරු නීති වැනි සමහරක් සම්මත කරගැනීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ජනමාධ්‍ය විකාශන නීති වැනි ඇතැම් යෝජිත නීති අත්හිටුවා ඇත. සංකල්පීය මට්ටමින් බොහෝ සාකච්ඡා පවත්වා ඇති නමුත්, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ රාජ්‍ය නොවන සංවිධාන නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තවමත් සකස්කොට අවසන් කර නොමැත. මෙම ඇතැම් නීතිවල සාධනීය ලක්‍ෂණ පැවැතියත්, ප්‍රශ්නය වන්නේ ජනතාවට වගනොකියන ආණ්ඩුවක් විසින් ඒවා නිර්මාණය කිරීමය. වර්තමාන ආණ්ඩුකරණයේ ඇති පරස්පරය වන්නේ, අධිකරණ නියෝග නොපිළිපදින ආණ්ඩුවක් සමාජයේ සෙසු අයට නීති නියම කිරීමය.

වත්මන් ආණ්ඩුවට එහි ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පවතී. මේ මොහොතේ සිතාගත හැකි වෙනත් නායකයකුට වඩා, හොඳ කාර්යයක් ඉටු කරන බවට බොහෝදෙනා පිළිගන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව ජනාධිපති ලෙස තේරී පත්ව තිබේ. අන්තර්ජාතික ප්‍රජාව, ව්‍යාපාරික ප්‍රභූන් සහ මධ්‍යම පාන්තිකයන් ඔහු කෙරෙහි විශ්වාසය තබන බව පෙනේ. එහෙත් ඔහු තේරී පත්වූයේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය අහිමි වූ පාර්ලිමේන්තුවකිනි. මීට වසරකට පෙර ඇති වූ ජනතා විරෝධතා හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්වූ විට, ජනතාවගේ අපේක්ෂාව වූයේ, නුදුරේදීම මැතිවරණයක් පවත්වා නව නායකත්වයකට රටේ පාලනය භාරදීමය. ඒ වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පළාත් පාලන මැතිවරණයක්වත් නොපවත්වා, නීතියෙන් ඔබ්බට ගමන් කරන තත්ත්වයකට ආණ්ඩුව පත්ව ඇති බව දැකගත හැකිය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදා ගනිමින් ආණ්ඩුවට නව නීති ගෙන ආ හැකිය. එහෙත් නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ නව නීති නිර්මාණය කිරීම ගැටළු විසඳීමට හෝ යහපත් පාලනයකට මග පාදන්නේ නැත. 17 වැනි, 18 වැනි, 19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන වෙනස්වූවා සේම 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද වෙනස්කළ හැකිය. අවශ්‍ය වන්නේ යුද බිමේ වේවා, ජාතික ආර්ථිකය සමබන්ධයෙන් වේවා, අපරාධ කළ අය තවදුරටත් තම අපරාධ නැවත නොකිරීමට සහ අන් අයට ආදර්ශයක් වීමට හැකි වන පරිදි ක්‍රියාත්මක වීමයි. සත්‍ය සෙවීම, අපරාධවලට වගකිවයුතු වැරදිකරුවන්ට වගවීමට සැලැස්වීම, වින්දිතයන්ට වන්දි ලබාදීම සහ එවැනි තත්වයන් නැවත ඇති නොවීමට ක්‍රමවේදය වෙනස් කිරීම අවධාරණය කෙරෙන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ වටිනාකම මෙයයි. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වන්දි ගෙවියයුතු වන්නේ, EPF/ETF ආදායම, ඉතුරුම් සහ වෙනත් ආදායම් අඩකින් අඩු කිරීමට සහ රට බංකොලොත්භාවයට ඇද දැමූ පුද්ගලයන්ය. එහෙත්, ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය ගැන සොයාබැලීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මෑතකදී පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්, වැරදිකරුවන් වන අයම තීරණ ගන්නන් ලෙස තෝරාගන්නේ නම්, රට යථා තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගතවනු ඇත.

Latest comments

  • 1
    0

    ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයකට ඇද දමනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කණ්ඩායම්වල සම්පූර්ණ නොදැනුවත්කම හේතුවෙනි. ව්‍යසනයේ ගැඹුර ගැන මහින්ද රාජපක්ෂ උනන්දු වූයේ නැත, මන්ද, මෝඩ මහින්ද ජනතා සහයෝගයෙන් උඩඟු වූ බැවිනි. මේ මිනිසුන් කවුද?

    ඔවුන් විසින්ම ඔවුන්ගේ වළ කපා ගත්හ. අපේ ලංකාවේ සාමාන්‍ය මානසිකත්වය, ඔවුන්ගේ සුළු වාසිය සඳහා පහසුම උපක්‍රමයට වැටෙනු ඇත. ඒ ඔවුන්ගේ මනෝභාවයයි. මෙය රාජපක්ෂ මැලේච්ච මිනිසුන් විසින් ඔවුන්ගේ දේශපාලන අධිපතිවාදය සඳහා හොඳින් අධ්‍යයනය කරන ලදී.

    පරම අවිද්‍යාව සහ මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය පුන පුනා ප්‍රකාශ කරන්නේ මැදමූලන බල්ලන්ට පමණි. මෙය SIRASA TV, Hiru TV සහ Derana TV මගින් අඛණ්ඩව සිදු කරන ලදී.
    ඔවුන් ලංකාවේ ප්‍රකට කලාකරුවන් බඳවා ගත්තේ රාජපක්ෂ ප්‍රචාරකයින් සොරාගත් රාජ්‍ය මුදල් යොදාගෙන ඔවුන් පොම්ප කළ නිසාය. නිකමට හිතන්න, මිනිසුන්ගේ ආක්‍රමණවලින් තොරව එය දිගටම කරගෙන යන්නේ කෙසේද? එය දිගටම පවතින බව අපි දැන සිටියෙමු.
    .
    ඔවුන් ක්‍රියා කළේ තමන්ගේම හෘද සාක්ෂියට විරුද්ධවයි. මෙය සමාජයේ ප්‍රතිරූපය විකෘති කිරීමට උපකාරී වූ නමුත් කොල්ලකාරී කණ්ඩායම්වලට පක්ෂව විය. පසුගිය වසර 5 තුළ රාජපක්ෂවාදය ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය දැරුවේ එලෙසිනි. එක පාරක් ප්‍රතික්‍ෂේප කළා, ඒ 2015 ජනවාරි නමුත් ඊට විරුද්ධව, 2019 අන්තිම වෙනකොට ඒ මිනිස්සුම එකම වළකට දැම්මා.

  • 1
    0

    පානිනි එදිරිසිංහ, උග්‍ර JVP ආධාරකරුවෙකු, ඔබට මෙම පණිවිඩය අවසන්!
    .
    JVP ගැන ඔබේ පිළිතුරු ගෙන එන්න. ඔබට අපේ ප්‍රශ්න මඟහැරීමට තව කී වතාවක් අවශ්‍ය වේවිද. ඔබට පැවසීමට ඇති දේ කියවීමට අපට බලා සිටිය නොහැක: ඔබ වැනි ජ්‍යෙෂ්ඨ පිරිමින් අවසානයේ එය නිවැරදිව දැකිය යුතුය. තරුණ පරපුර වෙනතකට යොමු කර ඔවුන්ගේ අනාගතය නැවත විනාශ කිරීමට අපි ඔබට ඉඩ නොදෙමු.
    .
    අඩුම තරමේ ජවිපෙ එක්කවත් කතා කරන්න පුළුවන් කියලා කියන්න

    1) ඔවුන් බලය අල්ලා ගැනීමෙන් පසු ඩොලර් වර්ෂාපතනය වන්නේ කෙසේද?
    2) ලෝක කටයුතුවලට දැඩි ලෙස විරුද්ධ වෙමින් සහ “විමල් වීරවංශ පන්නයේ බටහිර ආක්‍රමණ න්‍යායන්” අනුගමනය කරමින් “විදේශ දේශපාලනය” සමඟ ඔවුන් පන්දුවට පහර දෙන්නේ කෙසේද?
    3) සියල්ලටම වඩා, ඔවුන් “සිංහල භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකා දේශපාලනයට සම්බන්ධ වීම” හා සම්බන්ධ වන්නේ කෙසේද?
    .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.