බැසිල් ප‍්‍රනාන්දුගේ මනා ලෙස පර්යේෂණ කිරීමෙන් පසුව පළ කර තිබෙන ලේඛන එකතුව, 1998 දක්වා ආපස්සට දිවයමින්, පුද්ගලික ආරක්ෂාව සහ අභිමානය අපරාධ යුක්තික ක‍්‍රමය තුළ පේ‍්‍රෂණය කිරීම කෙරෙහි රාජ්‍යයාන්ත‍්‍රණය දක්වන කැමැත්තේ ඛේදනීය කතාන්දරයක් කියාපායි. එහි සඳහන් සිද්ධි විශාල සංඛ්‍යාවකින් විසන්ධි වූ සිරුරු, පුළුල් ලෙස පැතිර පවත්නා ලිංගික අඩන්තේට්ටම්, බලහත්කාරයෙන් සාගින්නේ තැබීම සහ වෛද්‍යප‍්‍රතිකාර ලබාදීම යළි යළිත් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ බිහිසුණු චිත‍්‍රයක් ඇඳ තබයි. වඩාත්ම වැදගත් දෙය, වාර්තාගත කර තිබෙන මේ සිදුවීම් වසර 15 කට අධික කාලයක් පුරා පැතිරුණු ඒවා වීමයි. සෑම කතාන්දරයකින්මසමානකම් නැවත නැවතත් පුනරුච්ඡුාරණය කෙරෙයි. බොරු, කල්පිත හෝ නිස්සාර චෝදනා නගා පුද්ගලයන් අත්අඩංගුවට ගැනෙන අතර ඉන්පසු ක‍්‍රමය මෙහෙයවන්නන්ගේ දෑත් තුළ ප‍්‍රචණ්ඩ සහ කුරිරු සැලකීම්වලට ලක්වෙති.ඔවුන් එය සිදුකරන අවස්ථාවලදී, සිදුවූ අයුක්තියට වගවීම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තවද අපහරණයන් සිදුකළ පොලීසිය ට එල්ල වන අභියෝග නිතරම පාහේ නිශ්ශබ්ද කෙරේ. මෙය සිදුවනුයේ අධිකරණ පද්ධතියේ අයුතු පමාවහෝ එයට බාහිරව තවතවත් ප‍්‍රචණ්ඩත්වය යෙදවීම සඳහා තර්ජනය කිරීම මගිනි.
වධ හිංසා වින්දිතයෝ සහමුලින්ම පාහේ සමාජයේ දුප්පත් සහ කොන්වූ අය වෙති. අධ්‍යාපනය, ධනය, හෝ දේශපාලන සබඳතා අඩුකම විසින් වින්දිතයා අවදානම්වලට පහසුවෙන් ලක් වන්නෙක් බවට පත්කරයි. වධ හිංසාවට විරෝධයපෑම සඳහා වින්දිතයාගේ හැකියාව සහ බොරු චෝදනාවලට එරෙහිව සටන් වැදීමේ හැකියාව අවමයක් වන අතර, එයින් ඔවුහු අසාධාරණ ක‍්‍රමයක පහසු ගොදුරු බවට පත්වෙති.
සත්‍ය වශයෙන්ම අපේ අපරාධ යුක්තික ක‍්‍රමය එහි වින්දිතයන්ව දෙවරක් අසමත් කරන්නා සේ පෙනේ. ඒ, අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අපරාධකරුවන් වරදකරුවන් කිරීමෙන්වළක්වා ඔවුන්ව ආරක්ෂා කිරීම මගින්, භ්‍රාන්ත වූ සමාජයක අපට ජීවත් වන්නට ඉඩ හැරීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සඵල විචාරය සඳහා වන අවකාශයන් හකුළවාලීම මගිනි. වධ හිංසාවෙන් මිදීම සඳහා වන අයිතිවාසිකමමූලික හා විශ්වීය එකකි. එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනය, වධ හිංසාව සහ වෙනත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය සහ 1994 අංක 22 දරණ ශ‍්‍රී ලංකාවේම වධ හිංසා පනත මගින්නිදහස් මිනිසෙකු ලෙස වධ හිංසාවන්ට ලක් නොවී ආරක්ෂිත පරිසරයක ජීවත් වීමේ නෛතික අයිතිය පුද්ගලයෙකු හට තිබෙන බව පිළිගනියි. වධ හිංසාවෙන් නිදහස් වීමේ අයිතිය අපේ අවධානය සඳහා සුදුසු වන්නේ එම අයිතිය අවලංගුවීම අපගේ මනුෂ්‍යත්වයේ සකල නිර්මිතය ම සෝදාපාළුවට ලක්කරන බවට තර්ජනය කරන හෙයිනි. නිල වශයෙන් සිදුකරන වධ හිංසාව සඳහා රජය සම්බන්ධ බවට වන කරුණ ගැන සැකයක් නැත. මෑත කාලයේදී චීනය, නයිජීරියාව,පාකිස්ථානය ආදී රටවල් වලින් ද රජය විසින් වධ හිසාවන් සිදුකළ බවට නිදර්ශන ගණනාවක් අප අසා තිබේ. කෙසේ නමුත්, ආශ්රිත කරුණු කෙසේ වුවත්, සියලූ රාජ්‍යයන් එය වැරදි යැයි විශ්වාස කරන බව අවධාරණය කිරීම වටියි.වධ හිංසාවට සම්බන්ධ සියල්ලෝම එය බලගතු ලෙස ප‍්‍රතික්ෂේප කරති. තමන්ගේ පුරවැසියන් වධ හිංසාවට ලක්කිරීමේ අයිතිය සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු රාජ්‍යයක් ‘ස්වාධිපත්‍යය’ යොදාගන්නේ නැත.
කිසිම පොලිස් නිලධාරී පුද්ගලයෙකු වධ හිංසා කි‍්‍රයාවන්ගේ නොයෙදෙන – සම්පූර්ණයෙන්ම නිදහස් සමාජයක් අපට බලාපොරොත්තු විය හැකි යැයි උපකල්පනය කිරීම ඇතැම්විට අතාත්වික දෙයක් වන්නට පුළුවනි. එසේ වුවත්,පුද්ගලයාට මේ ක‍්‍රමය අසාර්ථක කළ හැකි බව තහවුරු කිරීම අපේ රාජකාරියයි. ක‍්‍රමය, පුද්ගලයාව අසාර්ථක කරන්නේ නැත.
මේ වධ හිංසා සිදුවීම් වාර්තාගතකරණයෙන් පෙනී යන පරිදි, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීම සඳහා වන අකමැත්ත, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, උසාවි මට්ටමේදී විසමානුපාතික ප‍්‍රමාදයන්,සිය විධිනියෝගයන් යටතේ කි‍්‍රයාකිරීම සඳහා ජාතික මානව හිමිකම් කවුන්සිලයට පිරිනමා තිබෙන බලයේ අඩුපාඩු සමග එක්වූ සෑම තැනම පිසදා පැතිර තිබෙන දේශපාලන අනුග‍්‍රාහකත්වය විසින් සමථකාරී ක‍්‍රමයක් පුළුල්අපහරණයකට විවෘත කර තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, නිල වධ හිංසාව ඉවසා දරාගත යුතු බවට පමණක් නොව එය දිරිමත් වනු ඇති බවටත් වන ගැටලූකාරී (අ)යුක්තියේ කතාන්දරයක් ඉතිරි වෙයි. සැබවින්ම එය, කාලයක්තිස්සේ බන්ධනාගාර බිත්ති තුළින් කාන්දු වී ශ‍්‍රී ලංකා සමාජයේ මනෝවිභීතිය තුළට විශාල වශයෙන් තෙත බැස තිබෙන කතාන්දරයකි. ඒවා මගින් නීතියේ ආධිපත්‍යයේ වඩාත්ම දෘෂ්‍යමාන ස්ථම්භය නියෝජනය කරනා බැවින් පොලිස්බලකාය අතර වධ හිංසාව පැතිර පැවතීම, සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල යථාර්ථයෙන් නීතියේ පවිත‍්‍රතාවය අවතැන් කිරීමට විශාල වශයෙන් දායක වනු ඇත.
මේ අනුව ප‍්‍රතිසංස්කරණ රඳා පවතින්නේ නීතිය පිළිබඳ මහජන විශ්වාසය නැවත ඇති කිරීම සහ ශ‍්‍රී ලංකා පුරවැසියන් සුරක්ෂණය කිරීම සඳහා එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන හැකියාව තුළ ය. රැුකවරණ භාරයේ සිටිනපුද්ගලයන් සමග පොලීසිය, ඔවුන් නිර්දෝෂීද වැරදිකරුවන් ද යන්න නොකතා අන්තර්කි‍්‍රයා දක්වන ආකාරය, පශ්චාත් යුධ ශ‍්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය වැඩිදියුණු කිරීමේ නව මාර්ගයක් විදහා දක්වන බව පෙනේ.
The Narrative of Justice told through Stories of Torture Victims ග‍්‍රන්ථය අසාර්ථක වූ ක‍්‍රමයක් පිළිබඳ ශාස්ත‍්‍රීය කතාන්දරයක් නොවේ. එය අපේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය ගෙන හැර දක්වනමානව ඛේදවාචකයේ කතාන්දරයයි. වධ හිංසාව සමාජ උවදුරකි. එහි පැවැත්ම සඳහා හේතුවන කිසිදු ඉවසා දරා සිටීමේ සීමාවක් තිබිය නොහැකිය. වධ හිංසාවෙන් තොර වූ ලෝකයක් පිළිබඳ සංකල්පය අප වැළඳගත යුතුය.වින්දිතයන්ගේ කතාන්දරය කියවන විට කෝපය මෙන්ම අනුකම්පාව ද ඇතිවේ. බැසිල් ප‍්‍රනාන්දුගේ විශ්ලේෂණය අපව ප‍්‍රතිසංස්කරණ සඳහා වන පරම අවශ්‍යතාවය වෙත මෙහෙයවයි.
අප විසින් පොලීසිය හමුදාමය ආයතනවලින් අසම්බන්ධිත කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ පොලීසිය හා හමුදාව අතර තිබෙන හරස් බැඳීම් විසින් අභ්‍යන්තර සාමය හා බාහිර ආරක්ෂාව අතර සීමාවන් අපැහැදිලි කිරීමට හේතු වී තිබේ.මෙමගින්, සිවිල් අකීකරුතාවයේ සෑම අවස්ථාවක් ම පාහේ බලය අයුතු ලෙස යෙදවීමට ඉඩ සලසන ‘බාහිර තර්ජන’ ලෙස අමුතුවෙන් සැලකීමට ඉඩ ප‍්‍රස්ථා සලසා තිබේ. තවද අප විසින් පොලීසිය නැවත ශිෂ්ටත්වයට පත් කළ යුතුය.පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටි වැලිවේරිය නිරායුධ ජනතාවට පසුගියදා එල්ල වූ හමුදා ප්‍රහාරය, පොලීසිය හා හමුදා සටන් අතර පැහැදිලි වෙනසක් තිබිණි නම් වළක්වාගත හැකිව තිබුණේය. සෑම පොලිස් නිලධාරියෙක්ම ස්වකීය‘මානව හිමිකම් වාර්තාව’ මත පදනම් ව පරීක්ෂාවට ලක්කිරීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතු අතර වධ හිංසා හෝ අමානුෂික/අවමන් සහගත සැලකිලිවලට අදාළ කි‍්‍රයාවන් සිදුකළ බව සොයාගතහොත් එම පොලිස් නිලධාරීන් සේවයෙන්පහ කළ යුතුය. වරදකරුවන් ට හුදෙක් ස්ථානමාරු ලබාදීමෙන් අදහස් වන්නේ වරදකට ඉවසා සිටීමයි.
වඩා වෘත්තීය පොලිස් බලකායකට අඩු ආදායම් නිසා නිරන්තරයෙන් හටගන්නා පීඩනවලට ඔරොත්තු දිහ හැකි පරිදි මනා වැටුප් ලබාදිය යුතුය. පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා විශාල බරපැනක් යෙදවිය යුත්තේ ඔවුන් නීතියේ හායුක්තියේ ආරක්ෂකයන් හා ප‍්‍රවර්ධකයන් ය යන අදහසින් මිස ආරක්ෂාව බලාත්මක කරන්නන් යන අදහසින් නොවේ. වධ හිංසාව මගින් ලබාගන්නා පාපොච්ඡුාරණවලට වඩා ආශ‍්‍රත කරුණු මත පදනම් ව අභිචෝදනයන් සිදුකිරීමේහැකියාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වන තාක්ෂණය හා යන්ත‍්‍රසූත‍්‍ර සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම ද හොඳ පුහුණුවක් ඌනපූරණය කිරීමට හේතු වනු ඇත.
කතුවරයා පිළිබඳ මත දැක්වීමක් සිදුනොකළහොත් මේ ග‍්‍රන්ථය පිළිබඳ මගේ මත දැක්වීම අසම්පූර්ණ වනු ඇත. මා බැසිල් ප‍්‍රනාන්දු මුණගැසී තිබෙන්නේ එක් වරක් පමණි. මෙහෙවරක යෙදී සිටින මිනිසෙකු වශයෙන් ඔහු මගේ සිතේප්රබල–ඒකාන්ත හැ`ගීමක් ඇති කළේය. කොන් වූවන්, අයුක්තියේ වින්දිතයන් සහ විශේෂයෙන්ම වධ හිංසාවන් ට හා අවමන් සහගත, අමානුෂික සැලකිලිවලට භාජනය වන්නන් වෙනුවෙන් සටන් වැදීම ඔහු තුළට ආත්මගත වී තිබේ. මේකාර්යය සඳහා ඔහු කරන කැපවීම විසින් නියත වශයෙන්ම ඔහු ධනවතෙකු කර නැත. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ, ඔහු උපන් බිම–ශ‍්‍රී ලංකාව තමන්ව සතුටින් පිළිනොගන්නා බව දැනී යාම නිසා ඔහු සිය මිතුරන් හා ඥාතීන්ගෙන් දුරස්වීමයි. අන් අයගේ න්‍යායපත‍්‍රයන් ට වැඩකරනා කුලීකාරයන් නොව උතුම් අරමුණක් ලූහුබැඳ යන බැසිල් ප‍්‍රනාන්දු වැනි පරමාදර්ශීන් නිසා අපේ රට පොහොසත් වෙයි. ඔහුගේ දර්ශනය, චින්තනය, සාරධර්ම ප‍්‍රතිපත්ති සහ ඔහුගේජීවන රටාව, ඔහුගේ මේ නව ප‍්‍රකාශනය ට පිටුපසින් උස්ව නැගී සිටියි. ජනතාව සිය ආණ්ඩුවට බිය වන නොව ආණ්ඩුව සිය ජනතාවට බිය වන රටක–විවෘත සමාජයක් පතන–විවෘත මනසක් සහිත ජනයා මේ පොත කියවිය යුතුම යැයිමම ප‍්‍රබල ලෙස නිර්දේශ කරමි.
*එරාන් වික‍්‍රමරත්න ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි