24 April, 2024

Blog

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටම ය

මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම මහින්ද රාජපක්ෂව නැවත පත්කිරීම කාගේත් විමතියට කාරණයක් විය.

තත්වය තවත් ව්‍යාකූල වීමට ගියේ දින කිහිපයකි. පාර්ලිමේන්තුවේ නියමිත වාර කාලය තව අවුරුදු දෙකක් පමණ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා විසින් හදිසියේම පාර්ලිමේන්තුවත් විසුරුවා හරින ලදි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව අත්හිටවූ පසු නැවත පාර්ලිමේන්තුව රැුස් විය. රාජපක්ෂගේ අවාසනාවට මධුසමය ඉතා වේගයෙන් සමාප්ත විය. අගමැතිවරයා වශයෙන් ඔහු පාර්ලිමේන්තුවට පය ගැසූ මුල් දවසේම වැඩි ඡුන්දයෙන් ඔහුව පරාජයට පත්කෙරුණි. ලජ්ජාවෙන් ගැලවීමට මගක් සෙවූ රාජපක්ෂ, ඊළඟට පාර්ලිමේන්තුවේ කාර්ය පරිපාටිය කඩාකප්පල් කරමින් අලූත් මැතිවරණයක් ඉල්ලා සිටියේය.

රාජපක්ෂව අගමැති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට ලණුව දී ඇත්තේ ඔහුගේ සහෝදරයෙකු වන, විවාදාපන්න ව්‍යාපාරිකයෙකු වන, ඩඞ්ලි සිරිසේනයි. ජනාධිපති සහෝදරයාගේ අනාගතය රැුක දීමටත්, තමාගේ ව්‍යාපාරික අවශ්‍යතා පිරිමසා ගැනීමටත් ඔහු එසේ කරන්නට ඇති. එහෙත් ඒ මාර්ගයෙන් තමන්ගේ සහෝදරයා වැටෙන්ට යන වළ ඔහු දකින්ට නැතුව ඇති.

එපමණක් නොව, කතානායකවරයාගේ තීන්දුව පිළිනොගන්නා ලෙසත් ඔහු ජනාධිපති සහෝදරයාට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තක් ඇති බව තමාට පෙන්වා සිටියොත් එය පිළිගැනීමට තමා සූදානම් බව, සිවිල් සමාජයේ බලපෑම මත, සිරිසේන දන්වා සිටියේය. එහෙත් ඒ, එක් කොන්දේසියකට යටත්ව ය. එනම්, අගමැති තනතුරට රනිල් වික‍්‍රමසිංහ හැර වෙනත් අයෙකු පත්කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයාගේ එකී අදහසට ප‍්‍රතිචාර දක්වමින් ඊට දින කිහිපයකට පසු පැවති මහජන රැුළියකදී රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ, තමා සමග ජනාධිපතිවරයාට මොන තරම් කෝන්තර තිබිය හැකි වෙතත්, එය ජනාධිපතිවරයාගේ නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාවන් හරහා රට ව්‍යවස්ථාමය ප‍්‍රපාතයක හෙලීමට හේතුවක් කර ගත යුතු නැති බව ය.

එසේ වෙතත්, රනිල් වික‍්‍රමසිංහ සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තමාට හැකියාවක්වත්, උවමනාවක්වත් නැති බව එක්සත් ජාතික පක්ෂයට දන්වා සිටි සිරිසේන, වෙනත් කෙනෙකු අගමැති ධුරයට නම් කරන ලෙස දන්වා සිටියේය. පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඔහු දන්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ හැර වෙනත් කෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කරන්නේ නම්, මහින්ද රාජපක්ෂව අගමැති තනතුරෙන් ඉවත් කිරීමට තමන් සූදානම් බව ය. එසේම, ප‍්‍රශ්නය තවදුරටත් ඇදගෙන නොගොස් එය විසඳීම සඳහා තමාට ආධාර කරන්නැයි ද එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගෙන් ඒ අවස්ථාවේ සිරිසේන ඉල්ලා ඇත. ඒ අනුව, අගමැති තනතුර සඳහා ඔහු සජිත් පේ‍්‍රමදාසව යෝජනා කොට තිබේ. එහෙත් පක්ෂයට හෝ පක්ෂ නායකත්වයට එරෙහිව යාමට කැමැත්තක් නැති සජිත් පේ‍්‍රමදාස, පවතින තත්වයන් යටතේ ඇති කර තිබෙන උග‍්‍ර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ වැනි ජ්‍යෙෂ්ඨයෙකුම අගමැති තනතුරේ පිහිටුවීම වඩාත් වැඩදායක බවත් පෙන්වා දී තිබේ.

කිසි දවසක පාඩමක් ඉගෙන නොගැනීම

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර නායකත්වයේ අදහසට අනුව, රනිල් වික‍්‍රමසිංහ යනු, අතීත වැරදිවලින් කිසි දවසක පාඩමක් ඉගෙන නොගන්නා පුද්ගලයෙකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඔහුට එරෙහිව ඉතා කර්කශ විශ්වාස භංගයක් ගෙන ඒමෙන් පසුව ඔහු තමන්ගේ ක‍්‍රියාකලාපය වෙනස් කර ගනිතැ යි බොහෝ දෙනා අපේක්ෂා කළහ. එහෙත් ඉන් පසුවත් ඔහු එක දිගටම කෙළේ, පක්ෂය පැත්තකින් තියා, මලික් සමරවික‍්‍රම, සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් වැනි සමීපතමයන් කිහිප දෙනෙකු සමග පාලනය ගෙන යාමයි. ‘සමනල රැුළ’ වශයෙන් සිරිසේන ප‍්‍රසිද්ධියේම හැඳින්නුවේ ඒ කණ්ඩායමයි. මොවුන්ගෙන් කිසිවෙකු ආණ්ඩුව තුළ සිටිනු දැකීමට තමාගේ කැමැත්තක් නැති බව සිරිසේන මේ වන විට වෙනත් නායකයන්ට දන්වා තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා ද මේ පුද්ගලයන් කෙරෙහි ප‍්‍රසාදයක් දක්වන්නේ නැත. මේ පිරිසෙන් වික‍්‍රමසිංහ ඉක්මණින් ඈත් වන තරමට, එය ඔහුටත් පක්ෂයටත් වැඩදායක විය හැකි බව ඔවුන්ගේ මතයයි.

සිරිසේන

අනිත් අතට, වික‍්‍රමසිංහ ගැන කෝන්තර රාශියක් සිරිසේනට තිබේ. එහෙත් මේ වැඩිහිටියන් දෙන්නාගේ එම කෝන්තර සඳහා රටක් වන්දි ගෙවිය යුතු නැත. සිරිසේනගේ ඉල්ලීම ප‍්‍රකාරව, පාර්ලිමේන්තුවේ නිසි ක‍්‍රියාපරිපාටියට අනුගතව, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ගෙන ආ විශ්වාස භංග යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප‍්‍රකාරව සම්මත වී ඇති බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැන් ලිඛිතව දන්වා ඇති තත්වය තුළ, තමන් විසින්ම නිර්මාණය කරන ලද මේ අර්බුදය එකලාසයක් කිරීම සිරිසේනගේ වගකීමයි. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ මන්ත‍්‍රීවරුන් 122 කුගේ ලැයිස්තුවක් ද කතානායකවරයා විසින් සිරිසේන ජනාධිපතිවරයාට භාර දී තිබේ.

විවිධ අධිකරණ ඉදිරියේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව බොහෝ නඩු පැවරී තිබියදී, තමන්ගේ පුද්ගල ඕනෑ එපාකම් මත, පවතින අර්බුදය තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ, දැන්වත් වටහාගත යුතු දෙයක් තිබේ. එනම්, තමන් දෙවැනි වරටත් විශ්වාස භංගයකින් පරාජයට පත්ව සිටින බවයි. ඔහුගේම ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගමට මේ අවස්ථාවේ ඔහු කන්දිය යුතුය. ඔහු කියා සිටින පරිදි, රාජපක්ෂ මේ අවස්ථාවේදී කළ යුතුව ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ උපයාගෙන සිටි මේ රටේ ග‍්‍රාමීය ජනතාවගේ ප‍්‍රසාදය තවදුරටත් නැති කර නොගෙන, පාර්ලිමේන්තුවේ පසු පෙළක අසුන් ගැනීමයි.

*2018 නොවැම්බර් 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Country Paying for Sirirsena’s Childlike Behaviour” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත්තේ පළමු වතාවටය.
    01 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත්‍රීවරයෙකු කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධුරයට නු ලැබීම හා අවස්ථා ගණනවකදීබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.
    02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.
    03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාවලියකට මැදිහත්වීම.
    04. එම වෙන්දේසි ක්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.
    05. කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.