
“එක්සත් බව අප ශක්තිය වේ, බෙදී වෙන්වීම අප දුර්වල වේ” ~ ඊසොප් ආප්තෝපදේශ
රටේ පවතින වත්මන් අඳුරු මොහොතක බලාපොරොත්තු නොවූ පෙර නොවිරූ දේශපාලන අර්බුදය පිලිබඳ අශුභවාදී කතා කියවීම සහ ඇහුන්කම් දීම මා හට මහත් හිසරදයක් වේ. ඒ හා සමානම මෙම අර්බුදය ඇතිනොවීමට කල යුතුව තිබු කාර්යන් සම්බන්ධ පැමිණිලි ඇසීම සහ කියවීම කලකිරවන සුළු ය. මෙම අශුභවාදී කතා සහ පැමිණිලි කිරිම් මාගේ මතය අනුව මහත් අඥානවන්තකමකි. මෙය වටිනා කාලය සහ ශක්තිය ජවය අපතේ යාමක් වේ. එසේ වන්නේ මෙම සිදුවීම සිදුවී හමාරවී එය කනපිට හැරවීමේ නොහැකියාව නිසාම වේ.
නමුත් එය වෙනුවට අප සලකා බැලිය යුත්තේ ඉදිරියට කුමක් කල යුතුද සහ කුමක් කල හැකිද යන්න විය යුතුයි. අප ඡන්දදායකයෝ ලෙස අප රට වර්තමානයේ පත්ව ඇති තත්වයට සාමූහික වශයෙන් වගකිව යුතුය. මක් නිසාදයත් අප ඉතා අමනෝඥ්ඥ ලෙස අපගේ විශ්වාසය වත්මන් දේශපාලඥයන් මත තබා ඇති නිසාය.
ඔවුන්, පක්ෂ භේදයෙන් තොර හෝ සාමුහික ලෙස හෝ සාමුහික නොවන ලෙස ජනතාව වන අපහට ඉතා නින්දිත සහ පහත් ආකාරයෙන් සලකා පයින් ගසා ඇත. එම නිසා ඔබ තම ඇඟිල්ල දිගුකල යුත්තේ දේශපාලකයින්ට නොව ඔබටමයි. අප උඩුගම් බලා අපහටම කෙල ගසා ගෙන ඇත.
ජාතික කොඩිය සහ ජාතික ගීය වෙනුවෙන් නැගී සිටිනා සැඟවුණු දේශප්‍රේමින් කොහෙද?: “සිංහලේ” නහර පුරා දුවනවා යැයි පැවසු සිංහයන් ගෙන් පැවත එනවැයි පැවසු දේශප්‍රේමී මැරයන් අද කොහෙද? ඔවුන් නැට්ට පස්සේ ගසා වනගත වී ඇත්ද? එසේම මාතෘ භුමිය ආරක්ෂා කිරීමට ඔබ මොබ දිවූ ජාතිකවාදී කහ සිවුරු දරන්නන් සහ ඔවුන්ගේ පිරිස් කොහෙද? මන්දගාමී අලස මහානායක ස්වාමීන් වහන්සේලා කොහෙද? ඔවුන් ගේ දිව ගිලි ඇත්ද? “මා සාඩම්බරවත් ශ්‍රී ලාංකික” යැයි කියාගන්නන් කොහෙද?ඔබගේ දේශප්‍රේමී අභිමානය අද කොහේද?
අප ශ්‍රී ලාංකිකයන් ලෙස ලෝකයා ඉදිරියේ දේශප්‍රේමිත්වයෙන් තොර, මෙමෙ පෙර නොවිරූ අඳුරු කාල පරිච්චේදයේ සාමුහිකව ක්‍රියා නොකිරීම නිසාත් නිර්ලජ්ජිත සහ නිවට ජාතියක් ලෙස ප්‍රදර්ශනය වී ඇත. අප ඉතා ආත්මාර්ථකාමී දුර්වල මානසිකත්වයක් ඇති කශේරුකාවක් රහිත ජාතියක් ලෙස ලෝකයා හමුවේ ඔප්පුවී හමාරය. මෙය අපගේ අවුරුදු 2500 ක් වූ ප්‍රෞඩ සංස්කෘතියට නින්දාසහගත අපහාසයකි. අපේ අනාගත පරම්පරාවට අප ඉතිරි කර යන උරුමය මෙයද? අපව අනාගත පරම්පරාව විසින් ස්මරණය කලයුත්තේ මෙලෙසද?
අද අපරට නාම මාත්‍රික ප්රජාතන්ත්රවාදී රාජ්‍යක් පමණි. අප රට ආසමත් රාජ්‍යක ප්රතිමුර්තියක් ප්‍රජත්තවාදය හාස්‍යට ලක්වී ඇත.
මේ මොහොතේ අවැසි වන්නේ අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපෙන් ගිලිහුණු ආත්ම ගරුත්වය නැවත ලබා ගැනීම වේ. මෙය කල යුත්තේ ලෝකයා හමුවේ, අප රට ඉතා අශිලාචාර අශිෂ්ට ඛේදනීය ඉරණමකට පත් කල දේශපාලකයන් හට පිටවීමේ දොර පෙන්වා ඔවුන් පන්නා දැමීමෙනි. එය අපගේ ඇති මහත් වගකීම සහ යුතුකම වන අතර මෙය එකම මාර්ගය වේ. මක්නිසාද යත් වත්මන් ත්ත්වය අප නියෝජනය කරනා දේශපාලකයන්ට නොව, ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපට අගතිගාමී වී ඇති හෙයිනි.
රටේ මතුවී ඇති අත්‍යවශ්‍යම අවශ්‍යතාවය වන්නේ රට වෙනුවෙන් මහජයනයා සාමුහිකව සහ සාමකාමීව එකාවන් ව ක්‍රියාත්මකවී ඉතා සුළුතරයක් වන අප සිවිල් සමාජ ක්‍රියාකාරීන් හට ඔබගේ ශක්තිය ජවය ලබාදීම වේ.අප සිවිල් ක්‍රියාකාරීන් ලෙස රට වෙනුවෙන් ගෙනයන හුදකලා සටන මෙහෙයවීම තුල අප ඉතා වෙහෙසට පත්වී ඇති නමුත් අවසන් හුස්ම පොද තෙක් මාතෘභූමියේ නාමයෙන් අප සටන ඇත හැරීමට බලාපොරොත්තු නොවේ. නමුත් මෙම කර්තව්‍ය අපහට පමණක් කල නොහැකි අතර ශ්‍රී ලාංකික ඔබගේ ජවය ශක්තිය අත්‍යාවශ්‍යවේ. රට වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කිරිමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඔබට තුල පවතීද?
සියලුම නිකායන් ට අයත් ගරුතර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්ස, නිද්‍රාශීලි අලස බවෙන් මිදී රට වෙනුවෙන් නැගී සිටීමට කාලය පැමිණ ඇත. වීදි බැස ජනතාව සාමකාමිව ඒකරාශී කිරිමේ වගකීම ඔබ වහන්සේලා හමුවේ ඇත. එසේ කිරීමට අසමත් වුවහොත් ඔබ නිවටයන් සහ ජාති ද්‍රෝහින් ලෙස ඔබ අභිමානයෙයෙන් සලකන “බෞද්ධ ශ්‍රී ලංකාවේ” ඉතිහාස පොත් තුල ඉතිහාසගත වනු ඇත.
මෙය ඔබේ වාරයයි !!
*2018 නොවැම්බර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Rise Sri Lankans Our Country Needs You NOW!” නැමති ලිපියේ සිංහල පරිවර්තනය නාලක බණ්ඩාර දිසානායක