25 April, 2024

Blog

ස්ත්‍රී දූෂකයාටම ස්ත්‍රියව පාවා දීම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන මුස්ලිම් මූලධර්මවාදී ප‍්‍රාන්තයක් බවට පත්කිරීම, මේ අන්තවාදී ‘බොකෝ හරාම්’ සංවිධානයේ අරමුණයි. ගත වූ මාස හතරක කාලය තුළ එම සංවිධානය සිදුකළ ඝාතන සංඛ්‍යාව 1500 කට අධිකයි. මීට සති දෙකකට කලින් මේ සංවිධානය, පාසල් දැරියන් 276 දෙනෙකු පාසලකින් පැහැරගෙන ගියේය. එයින් 223 දෙනෙක් තවමත් ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවෙත්. මේ සිද්ධියෙන් පසු ප‍්‍රකාශයක් නිකුත් කරමින් එම සංවිධානයේ නායක අබුබකර් ෂෙකා ඕ කීවේ මෙවැන්නකි: ‘‘මං උඹලාගේ කෙල්ලන්ව පැහැරගත්තා. ඒ කෙල්ලන්ව මං වෙළඳපොලේ විකුණනවා”

නයිජීරියානු පාර්ලිමේන්තුවේ ගැහැනුන්ගේ නියෝජනය සියයට 7 ක් පමණි. රටේ සමස්ත ගැහුනු ජනගහනයෙන් පාසල් යන්නේ සියයට 22 ක් පමණි. නිසි කලට පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වුව ද, එරටේ ගැහැනියගේ තත්වය එබඳු ය. ගැහැනුන් පාසල් යා යුතු නැතැ යි ‘බොකෝ හරාම්’ සංවිධානය කියා සිටින්නේ එවැනි තත්වයක් තිබියදී ය.

මීට මාස දෙකකට ඉහතදී ප‍්‍රංශයේ අළුතෙන් පිහිටුවා ගත් සමාජවාදී ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලයෙන් සියයට 50 ක්ම කාන්තාවන්ගෙන් පිරවීමට එරට සමාජවාදී ආණ්ඩුව කටයුතු කෙළේය. පාසල් නොයන ගැහැනු දරුවෙකු (හෝ පිරිමි දරුවෙකු) ප‍්‍රංශයෙන් සොයා ගැනීමට පුලූවන් කමක් නැත. එහෙත්, අද (7) එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිකුත් කළ වාර්තාවකට අනුව, සැමියා හෝ හිටපු සැමියාගේ හිංසනය හේතුවෙන් 2013 දී එරටේ මියගිය ගැහැනුන්ගේ සංඛ්‍යාව 121 කි. එම වාර්තාවම කියන පරිදි, සෑම ගැහැනු 10 දෙනෙකුටම එක් අයෙක්, සිය ජීවිත කාලය තුළ වෛවාහක කුටුම්බ හිංසනයට, එක අවස්ථාවකදීවත් ගොදුරු වී ඇත.

කලින් කීවේ ‘නොදියුණු’ යැයි සැළකෙන අප‍්‍රිකාවේ රටක තත්වයයි. දෙවැනුව කීවේ, ‘දියුණු’ යැයි සැළකෙන, කැබිනට් මණ්ඩලයෙන් හරි අඩක් ගැහැනුන් සඳහා වෙන්කොට ඇති, යුරෝපයේ රටක තත්වයයි.

භෞතික දියුණුවත්, ප‍්‍රජාතන්ත‍්‍රීය සංස්කෘතියත් විසින් ගැහැනියගේ තත්වය උසස් කොට ඇති බවට කිසි සැකයක් නැත. එහෙත් එය පමණක් ප‍්‍රමාණවත් නොවන බව, ඉහත කී නිදර්ශනවලින් පෙනේ. සමාජවාදී අදහස් දරණ පාලකයන්ගෙන් යුත් දියුණු රටක පවා පුරුෂමූලික චින්තනය වැඩ කරයි. එහෙත් එහි එක් වැදගත් වෙනසක් තිබේ. ගැහැනිය සහ පිරිමියා අතර සමානාත්මතාව ප‍්‍රතිපත්තිමය සහ නීතිමය වශයෙන් පිළිගන්නා එවැනි දියුණු රටවල්, ගැහැනිය සම්බන්ධයෙන් තවමත් ශේෂව පවතින පුරුෂමූලික පරඬැල් චින්තනය ගැහැනියගේ හරහට සිටින කිසි අවස්ථාවක අහක බලාගෙන ඉන්නේ නැත. ඉහත කී ජීවිත 121 සම්බන්ධයෙන් ප‍්‍රංශයේ නීතිය අකුරටම ක‍්‍රියාත්මක වන බවට කිසි සැකයක් නැත.

ලංකාව, ගැහැනියට අදාළ අළුත් නීතියක් ගෙන ඒමට මේ දවස්වල කටයුතු කරගෙන යයි. ඒ ස්ත‍්‍රී දූෂණය ආශ‍්‍රයෙනි. ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වැනි වගන්තියට අනුව, ස්ත‍්‍රී දූෂණයක් සිදුවීමට, කොන්දේසි 5 කින් එකක් සම්පූර්ණ විය යුතුය. ඉන් පළමුවැන්න සහ ප‍්‍රධාන කාරණය වන්නේ, ගැහැනියගේ ‘කැමැත්ත නැතිව’ සංසර්ගයේ යෙදීමයි. එනම්, බලහත්කාරී සංසර්ගයයි. ඉතිරි කාරණා හතරම, ඒ ‘කැමැත්තේ’ ස්වභාවයට අදාළ, වෙනත් කොන්දේසි වන්නේය. නීති විශාරදයන් නොවන පෘථග්ජනයන් වන අප සාකච්ඡුා කරන වර්තමාන මාතෘකාවේ සීමාව තුළ, ස්ත‍්‍රී දූෂණය යනු, ස්ත‍්‍රියගේ ‘කැමැත්තට’ පටහැනිව ඇයව සංසර්ගයට යට කර ගැනීම වශයෙන් ගත හැකිය. (බිරිඳගේ ‘කැමැත්ත’ නැතිව ඇය සමග ස්වාමි පුරුෂයා සංසර්ගයේ යෙදීම, ලංකාවේ නීතිය යටතේ වරදක් නොවේ*. තව ද, දෙන ලද ‘කැමැත්තට’ නීතිමය වලංගු භාවය ලැබෙන්නේ, ගැහැනියගේ වයස 16 ට වැඩි නම් පමණි. දූෂණයට නියමිත දඬුවම, බරපතල වැඩ ඇතිව වසර 7 කට නොඅඩු සහ වසර 20 කට නොවැඩි සිර දඬුවමක් සහ දඩයකි. ලංකාවේ දැනට වාර්තා වන ස්ත‍්‍රී දූෂණ සංඛ්‍යාව වසරකට 1400 කි. එනම්, දිනපතා ගැහැනු 4 දෙනෙක් දූෂණය වෙති. 

දැන් ගෙන ඒමට නියමිත ‘දූෂණ-විවාහ’ අළුත් නීතිය යටතේ, යම් ස්ත‍්‍රියක් දූෂණය කරන පුද්ගලයාට, ඉන් පසු එම ස්ත‍්‍රියව සරණපාවා ගන්නේ නම්, ඉහත කී දූෂණ අපරාධයේ වගකීමෙන් නිදහස් වන්නට පුලූවන. ඊට අදාළ එකම කොන්දේසිය වන්නේ, එම විවාහයට, අදාළ ස්ත‍්‍රියගේ ‘කැමැත්ත’ තිබීමයි. මේ කියන ස්ත‍්‍රිය දූෂණයට ලක්වන අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 16 ට අඩු නම්, එනම්, නෛතික කැමැත්තක් දීමට ඇය නුසුදුසු වන්නේ නම්, ඇගේ වයස සම්පූර්ණ වීමෙන් පසු එම ‘කැමැත්ත’ ලබා ගැනීමට, මේ නව නීතිය යටතේ දූෂකයාට පිළිවන. එවිට ද, තමන් කළ අපරාධයෙන් ඔහුට නිදහස් විය හැකිය.

බාල වයස්කාරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන, නීතිඥයෙකු ද වන ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙවැන්නකි: ‘‘බාල වයස්කාර දැරියන් දූෂණයට ලක්වූ අවස්ථාවක සහ ලිංගික ක‍්‍රියාව ඇගේ කැමැත්ත ඇතිව සිදුවී තිබෙන අවස්ථාවක, එම වින්දිත දැරියගේ කැමැත්ත ඇතිව ඇයව විවාහ කර ගැනීමට දූෂකයාට නීතිමය අවකාශ සැපයීම සුදුසු ය.’’

මුලින්ම, සමාජයක හෝ ජීවිතයක ඇතැම් වැදගත් කරුණු මුල් කරගෙන, අවම වයස් සීමාවක් පනවන්නේ ඇයි? උදාහරණයක් වශයෙන්, ඡුන්දය පාවිච්චි කිරීමට, විවාහ වීමට හෝ රියැදුරු බලපත‍්‍රයක් ගැනීමට අවම වයස් සීමාවක් නියම කොට ඇත්තේ ඇයි? එවැනි වැදගත් තීරණ ගැනීමට තරම් දැනුම් තේරුම් ඇති වයසක, පුද්ගලයෙකු සිටිය යුතු බවට ඇති පොදු පිළිගැනීමයි. දැන් ජනාධිපතිවරයා යෝජනා කරන්නේ, වයසින් මුහුකුරා ගිය පසුව (වයස 16 න් පසුව) එන දැනුම, සිද්ධිය වෙන අවස්ථාවේ (වයස 8, 9, 10 ආදී වයසක දී) දැරියට නොතිබුණු දැනුමට හිලව් කිරීමේ වරදක් නැති බවයි. මේ තර්කය, එක කොන්දේසියක් යටතේ සාධාරණ විය හැකි බව බැලූ බැල්මට පෙනේ. වයස 16 ට අඩු දැරියක සමග ලිංගික සංසර්ගය නීති විරෝධී කොට ඇත්තේ, ඇගේ කැමැත්ත තිබීම/නොතිබීම සහ පිරිමියාගේ පැත්තෙන් බලහත්කාරයක් පෑම/නොපෑම ආදී කිසිවක අදාලත්වයක් ගැන සැලකිල්ලකින් තොරව ය. උදාහරණයක් වශයෙන්, වයස අවුරුදු 15 ක දැරියක් සහ වයස අවුරුදු 18 ක තරුණයෙකු අතර ඇති වන පේ‍්‍රමයක් තුළ, දෙන්නාගේ අන්‍යොන්‍ය කැමැත්ත සහ ආශාව මත ඇති වන ලිංගික සංසර්ගයක දී, එකී තරුණයාව, හුදෙක් නිශ්චිත වයසක් පිළිබඳ පවතින නීතිමය සාධකයක් මත, ස්ත‍්‍රී දූෂකයෙකු කොට හිරේ යැවීම, අමානුෂික ය. ජනාධිපතිවරයා අදහස් කරන්නේ එවැන්නක් වැළැක්වීම නම්, මනුෂ්‍යයන් වශයෙන් ඒ ගැන අපේ කෝන්තරයක් නැත.

එහෙත් මේ කියන නීතියේ සැබෑව එය නොවේ. බාලවයස්කාරියක් නොවන ගැහැනියක් දූෂණයට ලක්වීමේදීත්, එකී අවසරයම, එනම්, දූෂණයෙන් පසු එම කාන්තාවගේ කැමැත්ත මත ඇයව විවාහ කරගන්නේ නම්, දූෂකයාට නීතියෙන් ගැලවී යාමට නීතිමය අවකාශ සැලසීමේ ප‍්‍රයත්නය සළකා බැලීමේ දී එය මැනවින් පෙනේ. මේ කියන (වැඩිහිටි)  දූෂණය තුළ, ගැහැනියගේ අකමැත්ත සහ පිරිමියාගේ බලහත්කාරය අනිවාර්යයෙන් ගැබ් වන බව අපි දනිමු. එම අකමැත්ත සහ බලහත්කාරය එකිනෙකින් ප‍්‍රතිපෝෂිත ය. පිරිමියා බලහත්කාරය පාවිච්චි කරන්නේ, ගැහැනියගේ කැමැත්ත නැති නිසා ය. නීතිය ඉදිරියේ දූෂණය අපරාධයක් වන්නේම, ගැහැනියගේ එකී කැමැත්ත නැතිකමයි. දැන් අළුත් නීතියෙන් කරන්ට යන්නේ කුමක් ද? ඇගේ කැමැත්තට පටහැනිව ඇයව සංසර්ගයට යට කර ගැනීම මාර්ගයෙන් ඇගේ ‘කැමැත්ත’ දිනා ගැනීමට දූෂකයාට අවසර දීමයි. එනම්, කලින් ඇගෙන් ලබාගත නොහැකි වූ ‘කැමැත්ත’, ඇයව දූෂණයේ වින්දිතයෙකු බවට පත්කරනු ලැබීමේ භාග්‍යයෙන් දූෂකයාට ලබා ගැනීමට හැකි වෙයි.

මන්ත‍්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත‍්‍ර නිකුත් කෙරුණේ ජනතාවට සේවය කිරීම පහසු කරවනු පිණිසයි. අපේ දේශපාලඥයෝ ඒ බලපත‍්‍ර විකුණං කෑහ. ඒ හොර දේශපාලඥයන්ව පාර්ලිමේන්තුවෙන් ද පන්නා හිරේ දැමීම වෙනුවට මේ ආණ්ඩුව කෙළේ, ඒවා විකුණං කෑම නීත්‍යානුකූල කිරීමයි. අප අද වෙසෙන්නේ, එසේ ප‍්‍රසිද්ධියේ නීත්‍යානුකූල කර නැති තවත් අනන්තවත් දුරාචාර, නිල නොවන ආකාරයකින් ‘නීත්‍යානුකූල’ කෙරී ඇති සමාජයකයි. ස්ත‍්‍රී දූෂකයන්ව හිරේ දැමීම වෙනුවට, ඔවුන්ට ‘හිරයක් කරගන්නට’ එම දූෂණය තුළින් අවකාශ සැලසීම, ඒ මාවතේම තවත් ‘ඉදිරි පියවරකි’.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    ස්ත්‍රී දූෂකයාටම ස්ත්‍රියව පාවා දීම

    This is Sinhala Monk Mahanama Buddhism of Mara,

    • 0
      0

      This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

    • 0
      0

      It is the way of Islam.

      Please read Al Quran.

      Aieysha was a Muslim girl of 9 years when someone “married” her.

  • 0
    0

    Please translate to ENGLISH so that all can read.

  • 0
    0

    ක්‍රි.ව 1193 ඉක්තියාර් උද්දීන් මුහම්මද් බින් බක්තියාර් නොහොත් ෆේරෝ ෂා, තම පර්සියානු ධවල අසුපිට නැගුනේ සිය ඡත්‍රයේ ලෝහාවෙෂයෙන් තුන්ලොවක් නිවන් තොටිල්ලේ නැලවූ, ශාන්ති වාදයක් පෝරුගා දමන බවට සපත කරවමිනි. 40000ත් 60000ත් අතර වෙතැයි ගණන් බලා තිබූ මොහුගේ අශ්වාරෝහක සේනාවෝද, තුර්කි, පර්සි මිෂ්‍ර සම්බවත්ව, 200000ක පමන, රිය, පාබල ධනුද්දර සේනාවෝද අස්තාවර ප්‍රාදේෂීය නායකයන් වෙතින් ආ දුර්වල, ප්‍රතිරෝධය තලා දමමින්, කුර පහරින් නැගුනු ධූලි වලා මැද, ජම්ඹුද්වීපයට ඇතුල් වූහ. බිහාරයෙන් ඇරඹි භාරතයේ නගරයෙන් නගරය ඔවුන්ගේ පාසඟල හමුවේ වැටුනේ විදුලි වේගයෙනි. එය හිරු සඳු මෙතෙක් නොදුටු තරමේ සංහාරයක් විය.

    ෆෙරෝස්ගේ අසිපත කදින් වෙන්කළ හිස්ගෙඩි රහිත මළකඳන් තවමත් පන ගැහෙද්දී නාලන්දාව ඔවුහූ වටකරගත්තේය. නාලන්දා බොදු සරසවියට පිවිසි ෆෙරොෂා, එහි එවකට මහා සංඟ නායක වූ ශාක්‍යභද්‍ර මහ තෙරුන් වහන්සේ පනවා, “මෙහි අල් කුරානයේ එක් පිතපතක්වත් ඇත්දැයි” විමසුවේය. ඉතා සන්සුන්ව මේ සැහසියාට පිළිතුරුදුන් සංඟ නායකයානෝ “හිතවත මෙහි එවැන්නක් නැත” කී බව ඉතිහාසයේ සඳහන් වේ. “එසේ නම් මේ ස්ථානය විශ්වාස නොකරන ජඩයන්ගේ ස්ථානයක් බැවින් මිහිමත නොතිබියයුත්තකි”. ෆෙරොෂාගේ ප්‍රතිචාරය එය විය. එතැන් පටන් ඇරඹි උන්මන්තක ක්‍රියාදාමය, මහාචර්ය බර්නාඩ් හොජ් විසින් 1936 රචිත, “Muslim Conquest of Asia” ග්‍රන්තය ඇසුරෙන් ඔබට විස්තර කරන්නට කල්පනා කළෙමි. එහි මෙසේ සඳහන්වේ. අවිහින්සාවාදී ශ්‍රමනයන්ගේ අතුරුබහන්, ලේ නහරමතින් ඉක්තියාර් නාලන්දාවට අසුපිටින් පිවිසියා. ඔහුගේ සුදු අසුගේ සතරපයේ ලෝම භික්ෂූන්ගේ රුධිරයේන් පෙඟිගොස් තිබුනා. බොධු භික්ෂූන්ගේ සහ, ඔවුන්ගේ උවටැන්කරුවන්ගේ අත් පා කැබලි මතින් ඉතාම ආඩම්බරයේන් අසු මෙහෙයවූ මොහු හමුවේ දන ගස්සවා සිටි දහස් ගනන් භාවනා යොගීන්ගේ හිස් එක පෙලට සිඳදමන ලෙස අණ කරනු ලැබුවා. තවත් දහස් ගන්නක් පන පිටින් පුලුස්සා මරා දමනු ලැබුවා. අවසානයේ තරුණ සාමනේර නමක් ඉතිරි උනා. එතුමාගේ හිස තමාගේම කඩුවේන් ගසා දැමු ඉක්තියාර්, මක්කම දෙසට හැරී තෙවරක් “සුහාන් අල්ලහ” කියා නමස්කාර කළා. අනතුරුව මොවුන් නාලන්දා ප්‍රඥ්ඥා කේඳ්‍රයට ගිනි තබන ලදි. සියවස් ගනනක් තිස්සේ ඒකාරශිවු මහා බුද්ධි නිදානය මාස ගණනක් තිස්සේ නොනිමී ඇවිලෙන්නට විය.

    මෙය මිනිස් ඉතිහාසයේ බිහිසුනුම බුද්ධි ඛේදවාචකය බව, ස්වීඩන ජාතික මහචාර්ය “හගර් කර්ස්ටන්” පසුකළෙක ලියා තබන ලදි. ලොවක් සනසන්නට තිබු මහා දැනුම් සම්භාරයක් අහස පොලොව නුහුලන අයුරින් අළුවී ගිය සැටි හේතෙම මෙසේ සඳහන් කළේය. පර්සි ජාතික ඉතිහාසකරුවකු වන “මින්සියා සිරාජ්” නාලන්දාව ගිනි ඇවිලුන හැටි ලියා මෙසේ ලියා තැබුවේය. “මාස ගණනක් දුමාරය අහසට නැගුනා.. අවට කඳු මුදුන් වල මීදුම නැගෙන්නා සේ, නාලන්දාවෙන් නැගුන දුමාරයෙන් පළාතම වැසී තිබුනා. මෙහි පොත් පත්, ළිපි ලේඛන කොතරම් නම් තිබෙන්නට ඇත්ද. ධර්මයේ අතිෂය සියුම් වැදගත් කොටස් පමණක් නොව, රහස් ඖෂධ ආදිය ගැනත් විශාල තොරතුරු ප්‍රමාණයක් මෙහි තිබුනා. ඒ සියල්ල දැන් විනාසයි. අහෝ අහිමිවු දැනුම් කන්දරාවක මහත.” එතැනින් අරාබි අසිපත සමස්ත ආසියාවම විනිවිද යාම ඇරඹිණි. ලක්ෂ් ගණනක් බෞද්ධයන් භික්ෂු භික්ෂුණීන් අති අමානුෂික ලෙස මරා දමන ලදි. ඇෆ්ගනිස්තානයේ සිට මැලේසියාව තෙක් පැවති මහා අන්ගීරස අධිරජ්‍යය පොලොවට පස් වී කාළ සිතියමෙන් මැකී ගියේය. තායි, තිබ්බත, බුරුම චීන ආදි රණකාමී ස්තාවර ජාතීන් පමණක් මේ වියරු කුණාටුවට් මුහුණපා තම දේෂයන් තුල වු සම්බුද්ධ සාසනය රැකගැනීමට සමත්වූහ. ඉන්දියන් සාගර පෞව්ව ලක්දිව රැකගත්තේය. දඹදිව පමණක් නොව, තල දිග ආසියාකරයේම හිරු බැසී යද්දි, අවිහින්සාවාදි යතිවරයන්ගේ හා බොදු අසරණයන්ගේ ලෙයින් පෙඟී ගිය අඩ සඳ මුවහත් අසිපත් තලයන්ගෙන් ලේ පැහැ ගැන්වූනු තනි තරුව සමඟ අපරාඹරයෙන් පායා ආහ..

    “මා මීලඟ වතාවට ශ්‍රී ලංකාවට එන විට එක් මුස්ලිම් පල්ලියක යඥ්ඥා හඬ තවත් මුස්ලිම් පල්ලියක මුදුනට ඇසෙන තරම් ලඟින් මුස්ලිම් පල්ලි ඉදිවී තිබිය යුතුය.” මෙසේ කීවේ ලිබියානු නායක මොහොම්මඩ් ගඩාෆි, පොදු රජ්‍ය මන්ඩල සැසිවාරයකට සහාභාගි වීමට ලක්දිවට පැමිණි මොහොතේදීය…..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.