Colombo Telegraph

සංදර්ශන ලෝකය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

සියල්ල සංදර්ශනයකි.

කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය.

පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යා හැකි මුළු දුර රටේ සමස්ත මාර්ග පද්ධතියෙන් කිලෝමීටර් 110 ක් (කොළඹ සිට ගාල්ලට* පමණක් වන රටක, පැයට කිලෝමීටර් 300 ක වේග ධාරිතාවක් සහිත වාහනයක හිමිකරුවෙකු වීම සංදර්ශනයකි. එය, ඇති හැකි එකාගේ ය.

ප‍්‍රාග්ධනය, ශිෂ්ඨාචාරයේ ගාමකයයි. මිනිසාට පමණක් නොව, කූඹියාටත් එය වලංගුයි. මළ කැරපොත්තෙකු හෝ කැරපොතු පිහාට්ටක් හතරවටින් කරතියාගෙන කූඹී ?න යන්නේ, එය ආරක්ෂිතව තබාගත හැකි ස්ථානයකටයි. ඒ සඳහා උන්ම හදාගන්නා ගමන් පථයක් තිබේ. හැරෙන තැන්, වංගු තැන් සහ නතර විය යුතු තැන් පෙන්වීමට බෝඞ් ලෑලි ගසා නැති මේ කූඹී මාර්ගයේ එක පේළියට උනුනුන්ට ‘හලෝ’ කියමින් උන් යන්නේ එන්නේ, තමන්ගේ ප‍්‍රාග්ධනය විසින් නිමා කර දෙන කූඹි ශිෂ්ඨාචාරයේ නියමිත අනුපිළිවෙලකටයි.

ප‍්‍රාග්ධනය යනු, ධනයක් ඉපැයීමට යොදාගන්නා ධනයකි. හෙවත් ධනයට කලින් ඇති ධනයකි. ගල්වලින් ගසා සතුන් දඩයම් කරගත් කාලයේ දවසක කෙනෙකු දඩයමේ නොගොස් ගල්ගුහාවට වී දුන්නක් සහ ඊතලයක් පිළිබඳ සැලසුම් කළ මනෝ=කාය ශ‍්‍රමය, ප‍්‍රාග්ධනයකි. එම ප‍්‍රාග්ධනයෙන් නිපදවා ගන්නා අර දුන්න සහ ඊතලය තුළ ‘අළුත් ධනයක්’ වාගේම අළුත් ශිෂ්ඨාචාරයකුත් ඇත. එම අළුත් ධනය තුළට අළුත් ශිෂ්ඨාචාරයකුත් ආවේ කොහෙන් ද? ප‍්‍රාග්ධනය තුළ අඩංගු ශ‍්‍රම ක‍්‍රියාවලියෙනි. හැම ප‍්‍රාග්ධනයක් තුළම ශ‍්‍රම අඩංගුවක් ඇති බව එහි අදහසයි.

සීමාන්තික සන්සන්දනයකට යාමට අවසර:

ස්ටීව් ජොබ්ස් නැමැත්තා ලෝකයේ පරිගණක තාක්ෂණය තුළ මේ තාක් බිහි වූ මහා අවතාරය විය. ඔහු විසින් අපට මවා දුන් සුන්දර ලෝකය සමස්ත මිනිස් වර්ගයාට නව ශිෂ්ඨාචාරයක් විය. ඒ සා විශාල ශිෂ්ඨාචාරයක් බිහි කළ ප‍්‍රාග්ධනයක හිමිකරුවා වූ ඔහු මැරෙන මොහොතේත් ඉතා සාමාන්‍ය මිනිසෙකු වුණා මිස, සංදර්ශනකාමියෙකු වුණේ නැත. ඔහුගේ පුද්ගල ස්වභාවයට අමතරව, අර කී මනෝ ප‍්‍රාග්ධනය විසින් (කූඹි රැුළ මෙන්* ඔහු සඳහා වන ජීවන මාදිලියක් සකසා දී තිබීම ඊට එක් හේතුවක් වුණාට සැකයක් නැත.

මීට අවුරුදු විසි පහකට පමණ පෙර ප්ලේන්ටියක් බීමටවත් අතේ සතේ නැතිව සිටියදී, මාක්ස්වාදය යැයි සිතා ජාතිවාදී කැරලිකාරීත්වයට ගිය වාචාලයෙක්, අහසින් පාත් වු රාජ්‍ය අනුග‍්‍රහයකින් මහා ධනකුවේරයෙකු බවට පත්වීම තුළ ගොඩනැගුණු ‘අශිෂ්ඨාචාරය’ මෙහි අනිත් පැත්තයි. අද ඔහු සුපිරි ධනවතෙකි. එහෙත්, ඉහතින් කී ‘ප‍්‍රාග්’ අංශය එහි නැත. එනිසා එය, ශිෂ්ටාචාරමය අරුතකින් ගත් විට, බොල් ධනයකි. මෙය, කසිප්පු මුදලාලි කෙනෙකු සම්බන්ධයෙන් නම් කමක් නැත. එහෙත්, අපේ අනාගතය තීන්දු කරන පාලක පැලැන්තියේ කෙනෙකු එවැන්නෙකු වන විට තත්වය භයානක ය. වර්තමාන පාලක ධනපති පංතියේ අති බහුතරය එම ‘ප‍්‍රාග්’ කොටස නැති, ඒ නිසාම ශිෂ්ඨාචාරයක් නැති ධනයකින් සජ්ජිත වීම තත්වය තවත් දරුණු කරයි.

පාර්ලිමේන්තුව බටහිර ලෝකයට ආවේ අර කී දේශපාලනික දුන්න සහ ඊතලය හැ¥ දීර්ඝ කාලීන අභ්‍යාසයක ප‍්‍රතිඵලයකිනි. එම ලෝකයේ පාලක පංතිය ඒ දුන්න සහ ඊතලය හැදුවේ පාලිතයන් හෙවත් පුරවැසියන්ගේ ද සංස්කෘතික සහභාගීත්වයෙන් නිසා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළේ පමණක් නොව, මහ පාරේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ඨාචාරයක අඩුවැඩිය එම ලෝකය තුළ මොනවට තිබේ.

ලංකාවේ පාර්ලිමේන්තුවට සම්භාව්‍ය ඉතිහාසයේ සම්බන්ධයක් නැත. එහෙත් 1930=40 ගණන්වල සහ 1950=60 ගණන්වල පවා සම්භාව්‍ය ‘පංතියක්’ එහි ආවාගියෝය. ඉතිං, ගොඩනැගිල්ල තුළ ඓතිහාසිකව නොතිබුණු ‘විභූතියක්’ ඇත්තෙන්ම ඇතැ යි පිටතට පෙන්වීමට යම් පිරිසකට හැකි විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සංස්කෘතියක් නැති ප‍්‍රාග්ධනයට ලංකාව යටත් වීමත් සමග, කසිප්පුකාරයන්, රේස් බුකිකාරයන්, කුඩුකාරයන්, මිනීමරුවන්, ස්ත‍්‍රී ¥ෂකයන් සහ උපන් දා සිට හීනමානයෙන් පෙළුණු වාචාලයන්ගේ තිප්පොලක් බවට, විශේෂයෙන් 1977 න් පසු එම පාර්ලිමේන්තුව පත්විය. දැන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ඨාචාරය එම ගොඩනැගිල්ල තුළින්වත්, එහි සිටින මිනිසුන් තුළින්වත් හොයාගන්නට නැත. එවිට එය සංදර්ශණ මණ්ඩපයක් පමණක් වන්නේය.

සෞදි අරාබියේ දී හිස ගසා දැමූ ශ‍්‍රී ලාංකික දැැරිවියගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලැබ සිටි ඩිලාන් පෙරේරා ඇමතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේය. විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් එම විශ්වාස භංගය පරාජය විය. මෙසේ විශ්වාස භංගයක් ගෙන ඒම සහ එය ඉතා පහසුවෙන් පරාජයට පත්කිරීම, සංදර්ශනය යන වචනයෙන් හැර වෙනත් ආකාරයකින් විස්තර කළ හැකි ද? කෙසේ වෙතත්, මෙය ආණ්ඩුවේ සංදර්ශනයක් පමණක් වශයෙන් අප භාරගත යුතු ද? නැත, මේ සිද්ධියේ දී සංදර්ශනකාමී වීමට පොරකෑවේ විපක්ෂයයි. කවුරු මොනවා කිව්වත්, විපක්ෂයත් යම් වැඩක් අප වෙනුවෙන් කිරීමට තැත් කෙළේ යැයි දැන් අපි හිත හදාගමු.

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන පිටරට සිට කෑගහන්නේ නැතුව ලංකාවට ඇවිත් බලන්නැ යි ජනාධිපතිවරයා වරක් කීවේය. ඉතිං, ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙක් ලංකාවට එන්නට වීසා ඉල්ලූවේය. එහෙත් අපේ බලධාරියෝ ඔහුට වීසා දීම ප‍්‍රතික්ෂේප කළහ. වීසා නැතිව හොර බෝට්ටුවලින් ඔස්ටේ‍්‍රලියාවට යන්නා සේ මොන ක‍්‍රමයකින් හෝ ලංකාවට ඇවිත් අපේ දුක බලන්නට තරම් රුදාවක් ඔහුට නැති නිසා ඔහු නෑවිත් සිටියේය.

ජනාධිපතිවරයා කරන කියන දෑ තමනුත් කීමේ සහ කිරීමේ ළදරු වළිප්පුවෙන් දැන් කලක සිට පෙළෙන කලාකරුවන් යැයි කියන අපේ රටේ නළුනිළියෝ, ඉන්දියාවේ නළුනිළියන්ට ‘අධිෂ්ඨාන පූජාවකින්’ පසුගිය දා අභියෝග කළහ. එනම්, ලංකාවට ඇවිත් ලංකාවේ මානව හිමිකම් තත්වය සියැසින්ම දැකගන්නා ලෙසයි. එම අභියෝගය භාර ගැනීමට තරම් මෝඩයන් ඉන්දියාවේ සිනමා ක්ෂේත‍්‍රයේ නොසිටි නිසා අප බේරුණි. මන්ද යත්, සතියක් ගිය තැන, යාපනේ ‘උදයන්’ පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බැවිනි.

ජාතිභේද අවුස්සන අයට එරෙහිව නඩු පැවරිය හැකි ‘අළුත්’ නීතියක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට වාසුදේව නානායක්කාර ඇමතිවරයා සැරසෙන බව, මීට සති දෙකකට කලින් ‘රාවය’ මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලයෙන් කියා සිටියේය. හරියටම ඒ කියන වරදට සැකකොට ගිය සතියේ අසාද් සාලිව අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඒ වාසුදේව ඇමතිවරයාගේ අළුත් නීතියක් උඩ නොව. ඒ වන විටමත් රටේ තිබුණු පරණ නීතියක් උඩ ය. එසේ නම්, මේ වාසිදේව එකම වරද වෙනුවෙන් ‘අළුත්’ නීතියක් ගෙන ඒමට උඩ පනින්නේ ඇයි?

සංදර්ශනය සඳහා ය.

ඉහත කී සියලූ සංදර්ශනකරුවන්ට වඩා මේ සංදර්ශනකරුවා අශිෂ්ඨ ය. මන්ද යත්, ඔහු වපුරන බොරුව අපේ වර්තමානයට ඉතා භයානක විය හැකි බැවිනි. ඒ මගින් වර්තමානයේ නිරුවත් සැබෑව වසංගන බැවිනි. ඒ සැබෑව කුමක් ද? ලංකාව විඳවන්නේ, ශිෂ්ඨ සම්පන්න නීතිරීති නැති කම නිසා නොව, ඒ නීති ක‍්‍රියාත්මක කිරීම සඳහා ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සහ ආයතන ව්‍යුහයක ඇති අඩුපාඩුව නිසා ය. මේ නිසා, බොදුබල සේනාව වැනි ජාතිවාදී ව්‍යාපාරවල ප‍්‍රචාරණයට වැටකඩුලූ බඳින අළුත් නීති අවශ්‍ය යැයි කියන්නා කරන්නේ, අද අප ඉදිරියේ ඇත්තේ, හරිහමන් නීතියක් නැති කමකැ යි කියන පට්ටපල් බේගලය පතුරුවා හැරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය උණු උණුවේ ප‍්‍රකාශයට පත්කළ නීති පවා නොතකා හරින, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මහ දවල් උල්ලංඝණය කරන පාලක කල්ලියක් (පංතියක් නොව* මේ රට පාලනය කරන බව මහජනයාගෙන් වැසැංගීමයි.

Back to Home page