සත් සාමාජික විනිසුරු මඬුල්ල සිය මතය ප්‍රකාශ කර අවසන්ය. පරිසරය දෙදරවමින් රතිඥා පත්තු කර ද අවසන්ය. රටක දේශපාලනය කෙතරම් දුප්පත්දයි සිහි නංවමින් අජිත් පී පෙරේරාගේ, හිරුනිකාගේ, උදාන වාක්‍ය ප්‍රකාශද අවසන්ය. චෞර රාජ්‍යය ළඟ ළඟ ම එන බව දන්වමින් තමා ජීවත් වූ නිවස කාගේ කොහේදැයි නොදත් “සියුමැලි පසු පෙළ මන්ත්‍රී ළදරුවා” වන “අහිංසක” රවී කරුණානායක කල එලි බැස ඇත. නීතියේ ස්වාධිපත්‍යය ගැන උදම් අනමින් අධිකරණයට හිස නමන්නට ඊයේ මුලින්ම මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඔහුය.
පරණ පිනක් ඉහේ කඩා වැටුණු සජිත් කොග්ගල ප්‍රාඥයාට නොදෙවෙනි එජාප ප්‍රාඥයා බවට පත්ව ඇත. පෙරේදා සිට ඔහුට මෛත්‍රි පාල සිරිසේන පෙනෙනුයේ “ශ්‍රීමත්” ජනාධිපති ලෙසය. පුංචි ප්‍රේමදාසට අහම්බෙන් මෙම දේශපාලන ලොතරැය්ය ඇදෙන්නට පෙර අපේ රටේ “ශ්‍රීමත්” ලොකු ප්‍රේමදාස කෙනෙක් සිටියේය. සිංහාසනයක වාඩි වී සිටි ඔහු කළ කී හොඳ නරක අපට මතකය. මෙම වාසනාව පෑදෙන්නට පෙර සජිත් හම්බන්තොටට වී නිල්කමල් පුටුවක ඉඳ ගෙන “උස නම් සේකුරිටි- කොට නම් කම්කරු” නමැති සෙල්ලමක් කරමින් සිටයේය. මේ මුහුණු වලින් ම ඔබට එක දෙයක් ප්‍රත්‍යක්ෂ වීය යුතුය.
පාඨකයනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය අද හොඳින් රස විඳින්න.
මෙය ඔබේ ජයග්‍රහණයක් වනුයේ හෙට පහන් වන තුරු පමණි. හෙට උදෑසන හිරු උදාවත මෙම තීන්දුව එජාපයේ තනි භුක්තිය වනු ඇත. ඔවුන් සිය චෞර රාජ්‍ය නැවත ගොඩනගා රවී කරුණානායක, විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, රාජිත සේනාරත්න වැනි ඩීල් කරුවන් සිංහාසනාරූඪ කිරීමේ පරම අයිතිය මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුලින් සොයා ගනු ඇත.
කිසිදා දඬුවම් නොලබන රාජපක්ෂවරුන්
දින කිහිපයකින් එජාප රජයක් නැවතත් ස්ථාපිත කළද, රාජපපක්ෂවරුන්ව කිසිදා නීතිය ඉදිරියට පමුණුවන්නේ නැත. තජුදීන්ගේ දහස් වරක් නොමැරී මැරෙන දෙමුපියන් ගේ කඳුළු සමග ඔහුව නැවත පොලවේ තවත් අඩි දොළහක සඟවනු ඇත. තජුදීන් ඝාතනයට සම්බන්ධ ශිරන්ති රාජපක්ෂ එක දිනකටවත් සිරගත වන්නේ නැත. මේ යහපාලනයෙන් ගොඩ ගියේ මිනිසෙකු මරාගෙන මැරුණු (භාරතගේගේ පිලේ වෙඩි පහරින්ද මිනිසෙකු මිය ගිය බව අපට පහසුවෙන් අමතක කරවා ඇත) භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පමණි.
යහපාලන රජය ගෙනගිය තුන් වසරක් තුළ එජාපය නීතිය, රාජ්‍ය පරිපාලනය, යුක්තිගරුක බව ආදී කිසිදු සංකල්පයකට සැබෑ ලෙස ගරු නොකළහ. “මේ අපි දුන් යහපාලනයයි” කියමින් උදම් ඇනුවාට මෛත්‍රිපාල සිරිසේන නොවන්නට ඔවුන්ට අධිකරණ ස්වාධීන කරන්නට හෝ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරන්නට වන්නේ නැත; තොරතුරු දැන ගැනීමේ පනතක් නැත.
හෙට සිට මෙම අධිකරණ තීන්දුව ජනතාවට අයිති නැත. ළඟදීම අරලිය ගහ මැදුරේ විශාල ශාලාවෙන් ජනතාව ඉවත් කර තරු පහේ හෝටලයක් ලෙස පිරිසිඳු කරනු ඇත. චතුර සේනාරත්නට නැවතද කැමති නම් එහිම විවාහ විය හැක. එසේ කළා කියා එය නවත්තන්නට කෙනෙක් හෙට සිට නැත. මක් නිසාද යත් හෙට සිට ශ්‍රී ලංකාවේ දූෂිතම දේශපාලකයෙක් වන රාජිත සේනාරත්න බලවත්ම දේශපාලකයෙක් වන බැවිනි. දින පනහක් ඔවුන්ව සුරැකි එජාප පාක්ෂිකයින් සහ පොදු ජනතාව හෙට සිට අමතක වනු ඇත. එජාපයේ දේශපාලන සිරුරේ දුවන්නේ එම ජනතා පීඩක, අවනීතික, දූෂිත ලෙයයි.
සමහර විට දා හත් වන දා ඔවූන්ගේ ගාලු මුවදොර ජන රැලිය නිම වන තුරු ඔවුන්ට ජනතාව මිනිසුන් ලෙස පෙනෙනු ඇත.
නමුත් කිසි දින ඔවුන් අපව මෙම දේශපාලන පීඩනයෙන් මුදවන්නේ නම් නැත.
චෞර රාජ්‍යයේ කිනිතුල්ලන්
2018 ඔක්තොම්බර් 26 දින ඉතිහාසයේ සිදු වූ දීනතම මහජන පාවාදීම සිදු විය. එම කුමන්ත්‍රණය ගැන අවංකවම අප කිසිවකු හෝ දේශපාලකයන් අධි බහුතරය කිසිවක්ම දැන සිටියේ නැත. එම සිදුවීම අප සසල කළේය. එම දින සිට සතියක් යන තුරුම මේ නීච පාවා දීමට එරෙහිව මම දිනපතා මෙම වෙබ් අඩවියට ලිපි ලිවුවෙමි. මෙම දින 50 තුළ ජනතා උද්ඝෝෂණ සියල්ලට පක්ෂ භේදයකින් තොරව අව්ව වැස්ස නොබලා සහභාගී වුයෙමි.
එසේ කළ මම අද දින මෙම කර්කශ ලිපිය මෙසේ ලියන්නේ දෙසැම්බර් 9 වන දින ටී එන් එල් රූපවාහිනියේ මා විසින් අහම්බයෙන් දුටු වැඩසටහනක් නිසාවෙනි. පාර්ලිමෙන්තුව විසිරුවීම සම්බන්ධ තීරණාත්මක ශ්‍රේෂ්ටාධිකරණ නඩු තීන්දුව මුලදී නිකුත් කිරීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 10 වන දාය (එය එදින දෙසැම්බර් 13 වන දාට කල් ගියේය ). එවැනි අති විශේෂ, තීරණාත්මක දිනකට පෙර දින එජාපය සහ පොදු මහජන බලවේග වෙනුවෙන් වේදිකාවක් තනා දුන් එකම රූපවාහිනී නාලිකාව වූ රනිල්ගේ සොයුරා ශාන් වික්‍රමසිංහට හිමි ටී එන් එල් නාලිකාවේ ජනහඬ වැඩසටහන ට සහභාගී වූ පුද්ගලයන් දැක මම විස්මයට පත් වුනෙමි. එහි ජවිපෙ නියෝජනය කළ සුනිල් වටවලගේ වම් පසින් හිඳ ගෙන සිටියේ කවුරුන්ද ? මෙම රටේ සියලුම ප්‍රධාන ධාරාවේ ජාතික පුවත් පත්, රාවය වැනි විකල්ප පුවත්පත්, කලම්බු ටෙලිග්‍රාෆ් ඇතුළු විවිධ වෙබ් අඩවි වලින් වසර තුනක් තිස්සේ නැවත නැවතද අයතා පත්වීම, දූෂණ වංචා චෝදනා වලට ලක්වුණු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක (වෛද්‍ය ?) සුසිත සේනාරත්නය! එජාප යේ දූෂිතම දඩ බල්ලා වන රාජිත සේනාරත්නගේ දේශපාලන සිරුරේ වසන කිනිතුල්ලෙකු වන සුසිත සේනාරත්න යනු පත් වීමේ ලිපියකදු නොමැතිව දේශපාලන මැර බලයෙන් කාර්යාලයක් අත් පත් කරගෙන සිටින දූෂිතකි. රටේ විගනකාධිපති, කෝප් කමිටුව විසින් අවනීතික සහ අයථා පත්වීමක් ලෙස නැවත නැවත ප්‍රකාශ කළද මෙම දේශපාලන පරපෝෂිතයා රාජිත සේනාරත්නගේ සිරුරේ එල්ලී වසර තුනක් තිස්සේ සෞඛ්‍ය අමාත්යංශයේ දූෂිත ලේකම්වරුන් තිදෙනෙකුගේ අනුහසින් අධිකරණයද නොතකා රැඳී සිටියි.
කොහොමද ශාන් වික්‍රමසිංහගේ මාධ්‍ය සදාචාරය? මොවුන් හෙට සිට සීලාචාර දේශපාලනය කරයිද?
පාඨකයිනි, පටි තදකර ගන්න!
තලු මරා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රස විඳින්න!
හෙට සිට එලි බසින්නේ රාජිත වැනි දඩ බල්ලන්, චතුර වැනි පැටවුන් සහ ඔවුන් ගෙන් පෝෂණය වන සුසිත සේනාරත්න වැනි කිනිතුල්ලන්ය.
එක් උදාහරණයක් පමණි
මෙම ගර්භිත වෛද්‍යවරයා ටී එන් එල් නාලිකාව තුලින් දුටු මම කලම්බු ටෙලිග්‍රාෆ් හි මේ සම්බන්ධයෙන් පළවූ සියලු ලිපි ආපසු කියවුයෙමි. කෙටියෙන් කියනවානම් මොහු එජාප දේශපාලනයට පැරෂුටය යකින් පහල විය. රාජිත ගේ දූෂණයන් ට සහභාගී විය. චමිපික රණවක ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ බලවත් නායකයින් අසල දැවටෙමින් සිය මුහුණ සෑම සියලු ඡායාරුප වලට දමා ගනිමින් අගු පිලක කැරකෙන සුනඛයාගේ චරිතය රඟපෑවේය. කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැතිව චන්ඩි කමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක කාර්යාලය අත්පත් කර ගත්තේය. කිසිදු නෛතික, පරිපාලනමය පදනමක් නැතිව ඔහු තක්කඩි කමින් පැවතුනේය.
පාඨකය, ඔබට මතක් වන්නේ කවුරුන්වද ?
මහින්ද රාජපක්ෂව නොවෙයිද? ඔහු ඔක්තෝම්බර් 26 කලේද මෙවැනි තක්කඩි කමක් නොවේද?
දෛවයේ සරදම නම් මෙම අයථා පත් වීම අධිකරණයේ අභියෝගයට ලක් කලේ ජවිපෙ සේවකයන් දෙදෙනෙකි. එහිදී, මහින්ද රාජපක්ෂගේ පත්වීම වාරණයට ලක් කළ විනිසුරු සුරසේන සහ විනිසුරු ඔබේසේකර විසින් සුසිත සේනාරත්නගේ පත්වීමද වාරණයට ලක්කලේ ඔහු කිසිදු සුදුසුකමක් නැති අයථා පත්වීමකින් රැඳී සිටින්නෙකු බව තහවුරු කරමිනි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති අතුල කහඳලියනගේ නමැති මහින්ද-රනිල්-රාජිත-මෛත්‍රී – මේ සෑම සියලු දේශපාලන කඳවුරකම දන්කුඩ බුදින දූෂිත පරිපාලකයා සුසිත සේනාරත්න සමග එක්ව අධිකරණයේ ඇසට වැලි ගසමින් එම නියෝගය ක්‍රියාත්මක කිරීමද මග හරිමින් අධිකරණයට අපහාස කළ හ. මහින්දට බනින්නට ශාන් වික්‍රමසිංහ ටී එන් එල් නාලිකාවට කැදවාගෙන ආවේ විනිසුරු සුරසේන සහ විනිසුරු ඔබේසේකරට අපහාස කල සුසිත සේනාරත්නවය !
මහින්ද වාරණය කළ අභියාචනාධිකරනයෙදී, එම විනිසුරුවරයන් විසින්ම වාරණය කළ සුසිත සේනාරත්නව මහින්ද රාජපක්ෂට ගර්භා කිරීමට ටී එන් එල් මැදිරියට එජාපය එවා ඇත! කේතලය කලුයි කියන්න ඒවා ඇත්තේ අඟුරු වුනු හට්ටියකි. කොහොමද , රනිල් ගේ, රාජිත ගේ, සජිත්ගේ නවීන්ගේ, පාටළී ගේ එජාපය? අධිකරණය කෙරෙහි ඔවුන් තුළ ඇති “ගෞරවය” කෙබඳුද?
සුසිත සේනාරත්න එම වැඩසටහන පුරාවට ඔහු කළ එජාප දේශපාලනය ගැන කයිවාරු ගසයි. බලද්දී ජනපති අගමැති බලයට පත් කර ඇත්තේද සුසිත සේනාරත්නය. කුරුණෑගල සැඟවී සිට මැතිවරණ ප්‍රතිපල ඇසු මෛත්‍රී ගේ විජේරාම ගෙදර ගාඩ් එකට හිඳ ඇත්තේද සුසිත සේනාරත්නය! මේ ජාතියට විහිලු සපයන්නේ පොදු ජනතාව හරක් යයි සිතා විය හැක. මෙසේ දේශපාලනය කිරීම ඔහු වැනි රජයේ සේවකයකුට සපුරා තහනම්ය. ජපුර රෝහලේ වැඩ බලන සභාපති වෛද්‍ය අනිල් ජාසිංහ මෙම වැඩසහටනට මොහු ජපුර රෝහල නියෝජනය කරමින් සහභාගී වීම නීත්‍යානුකුලව අනුමත කලාද? මොහු ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයෙක් ලෙසද එම වැඩසටහනේ හඳුන්වා දුන්නේය. වෛද්‍ය සභාවේ කවර අනුමැතියක් මත ඔහු පැමිණියේද?
පාඨකය, එජාපය එවැනි දූශිතයකු ව තබා ඇති තැන බලන්න. කොහොමද එජාපයේ සදාචාරය! මහින්දව වාරණය කළ විනිසුරන්ට ද මොවුන් කොකා පෙන්වන්නේ එම විනිසුරන් අධ්‍යක්ෂක මණ්ඩලයේ හිඳ ගැනීම පවා තහනම් කළ දේශපාලන බත් බැලයෙක් මගිනි .
මට අසන්නන්ට ඇත්තේ ශාන් වික්‍රමසිංහගේ මාධ්‍ය සදාචාරය දෙරණට, හිරුට වඩා හොඳද කියාය?
අභියාචනාධිකරණයෙන් වාරණය කල සුසිත සේනාරත්න ව අධිකරණයට නීතිය ඉගැන්වීමට ගෙන්වීමෙන් එජාපය සහ ටී එන් එල් රුපවාහිනිය අභියාචනාධිකරණයට සෘජුවම අපහාස කර ඇත. ප්‍රජාත්නත්‍රවාදයට, මහජන මතයට , ස්වාධීන අධිකරණයට දෙවියන්ගේම පිහිටයි!
මේ මා පෙන්වන්නේ එක උදාහරණයක් පමණි. එජාපයේ හැටි මෙහෙමය. ප්‍රජාතන්ත්‍රවාදයට හෝ සීලාචාර බවට එජාපයේ ඉඩක් නැත. සුසිත සේනාරත්න නමැති මෙම අවනීතික, බලු මැක්කා ශාන් වික්‍රමසිංහගේ සිරුරේද ලගින්නෙකි. එජාපයේද ලගින්නෙකි.
මොවුන්ගේ “සංස්කෘතිය” මේකද? මොවුන් සියලු දෙනා ලජ්ජා විය යුතුය. ශිරාල් ලක්තිලක වැනි චෞර බත් බැලයන් ලං කර ගැනීමෙන් මෛත්‍රිපාල සිරිසේනට වූ විනාශය සුසිත සේනාරත්න වැනි බොල් දූෂිතයන් ලං කර ගන්නා රාජිතටද රනිල්ටද සිදු වන බව ජයග්‍රහණයෙන් මුසපත් වී ඇති එජාපයට සහ ශාන් වික්‍රමසිංහට තවමත් තේරී නැත. මොහු නොවැදගත් කිනිතුල්ලෙකු බව සැබවි. නමුත් කිනිතුල්ලා ටිකෙන් ටික ලේ බොයි.
ජවිපෙ, අනුර, ඇහැරෙන්න!
හාස්‍යජනකම කරුණ නම් මෙම මාධ්‍ය සාකච්චාවේදී ජවිපෙ ක්‍රියාධර සුනිල් වටවලගේ හැසිරීමයි. මහින්ද රාජපක්ෂ ව්‍යාජ අගමතිව සිටි කෙටි කාලය තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු කරන්නට තැත් කෙරුණු බවට කියවෙන දේශපාලන ගැත්තෙකුගේ පත්වීම පිලිබඳ ලිඛිත සාක්ෂි වටවල මෙහිදී දිගින් දිගටම ඉදිරිපත් කරයි. ඔහු දිගින් දිගටම එම තැනැත්තා ව හඳුන්වන්නේ රාජපක්ෂගේ “ඔඩොක්කු කුක්කෙකු” ලෙසය. නමුත් වටවල තමාගේ වම් පැත්තේ හිඳගෙන සිටින්නේ රටේ සිටින හා පරිමාණ චෞරයයකු වන රාජිත සේනාරත්නගේ අංක එකේ ඔඩොක්කු කුක්කා බව නොදනියි! එම දූෂිත ඔඩොක්කු කුක්කා වන සුසිත සේනාරත්න සිය පක්ෂයේ ක්‍රියාධරයන් දෙදෙනෙකු අවනීතික වැඩ තහනමකට ලක් කිරීම හේතුවෙන් අධිකරණය විසින් වාරණයට ලක් වූ බව වටවල අවංකවම නොදන්නේද? ජවිපෙ වැනි දැඩි විනයකින් පාලනය වන පක්ෂයක නියෝජිතයකු රූපවාහිනී වැඩසටහනකට යවන විට පක්ෂ නායකයන් එම සාකච්ඡාවට කැඳවන ඉතිරි පුද්ගලයන් පිලිබඳ නොවිමසාද?
මෙවැනි කුප්‍රකට තක්කඩියකු එජාප නියෝජිතයා ලෙස එවූ බව අපට පිළිගත හැක. ශ්‍රී ලංකාවේ විශාලතම බැඳුම්කර වංචාව සිදු කළ අර්ජුන් ඇලෝෂියස් ව යහතින් රටින් පිටමන් කළ චෞරයන්ගේ පක්ෂය එජාපය වන බැවිනි. තවත් එවන් චෞරයකු ටී එන් එල් රූපවාහිනියට එවීම අපි එජාපයෙන් බලාපොරොත්තු වෙමු. සුසිත සේනාරත්න වැනි චෞරයකු ප්‍රජාතන්ත්‍රවාදයේ සොල්දාදුවකු ලෙස පෙන්වීමට ටී එන් එල් ගන්නා උත්සාහයට අලගු තැබීමට අනුර කුමාර දිසානායක සහ ටී එන එල් අතර ඇති සම්මුතිය කුමක්ද? වටවල සහ එජාපය අතර ඇති සම්මුතිය කුමක්ද? වටවල, සුසිත සේනාරත්න වැනි තමාගේ පාක්ෂිකයන්වම පලිගැනීමට ලක්කළ, චිර ප්‍රසිද්ධ චෞරයකු සමග එකම මාධ්‍ය පතේ කන්නේ කවර දේශපාලන සදාචාරයක් මත පිහිටාද? මෙම කරුණු අනුර කුමාර දිසානායක නොදන්නේද? එය නොදන්නේ නම්, අනුර, ඔබ ඇහැරෙන්න ! ඇහැරී බල්ලන් සමග නිදා ගන්නන් මැක්කන් සමග නැගිටින බව හය හතර නොදත් අහිංසක දේශපාලන ළදරු සුනිල් වටවලට කියා දෙන්න. ඔබද එය මන්තරයක් මෙන් නිතර ජප කරන්න.
මම නැවතද කියමි. පාඨකයිනි, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නැවතද රස විඳින්න! චෞරයන් ගේ චෞර රාජ්‍යය දහ හත් වෙනිදාට පසු ඔබගේ හිස මත කඩා වැටෙනු ඇත!
චිතුුානන්ද / December 15, 2018
මෙම ලිපිය සැකසු ඔබ මහින්ද සහ ඔහුගේ පිරිස හැසිරෙන ආකාරය අනුමත කරනවාද ?
/
Grusha Andrews / December 15, 2018
කිසිසේත්ම නැත. 2018 ඔක්තෝම්බර් 26 වන දා සිට පුරා සතියක් මා කලම්බු ටෙලිග්‍රෆ වෙත ලියු ලිපි කරුණාකර කියවන්න. ඔහු විසින් සිදු කල මේ කුමන්ත්‍රණය තරම් කුප්‍රකට , නිර්ලජ්ජී හැසිරීමක් මා දැක නැත. මෙම ලිපියේ තේමාව එය විශ්ලේෂණය කිරීම නොවෙයි. ස්තුතියි.
/