20 April, 2024

Blog

පවිත්‍රාව එලවූ හැටි

ගෘෂා ඇන්ඩ්රූස්

ලොක්කන් වැටෙන විදිහ බලන් සිටීමේ පොඩිආතල්එකක් ඇත.

සාමාන්‍යයෙන් ඔවුන් වැටෙන​ විට ඔවුන්ව පිටුපසින් හිඳ පහළ ප්‍රපාතයට තල්ලු කරන්නේ ළඟම කෙනෙකි. එකට නිදා සිටින්නකු වුව වන්නට පුළුවන. දේශපාලන වැටීම් නිකම් වැටීම් වලට වඩා රිදෙනවා වන්නටද ඇත.

පවිත්‍රා වන්නිආරච්චි ගේ අසීරු සහ අභියෝගාත්මක අමාත්‍යධූර කාලයෙහි අවසානය සනිටුහන් කර දුන්නේ ඇයගේම නීත්‍යාණුකූල​ සැමියා වන කාංචන ජයරත්න විසිනි. 2020 ජනවාරි මස ඇරඹුණු කොවිඩ්-19 වසංගතය සමගම පවිත්‍රා වන්නිආරච්චි එයට මුහුණ දෙමින් ප්‍රශ්නය කළමනාකරණය කරමින් සිටින බවක් දෘශ්‍යමාන විය. මුහුද හත්ගව්වක් තිබෙද්දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සුව කළ චීන රෝගියාව සිප ගත්තද ඇය සටනට මුහුණ දෙමින් සිටියාය.

පවිත්‍ර මොනවද කරේ?

ආරම්භයෙදී ඇය උත්සහ කලේ ක්ෂ්ද්‍රජිවී විශේෂඥයින්, වසංගත රෝග විශේෂඥයින්, කායික රෝග විශේෂඥයින් සහ වෙනත් විශේෂඥයින් සමග සාක්ෂි මත පදනම්ව වසංගතයට මුහුණ දිමටය. ඉන් පසුව එළඹුණේ මිත්‍යා දෘෂ්ටික, බලි තොවිල් රාජපක්ෂලාගේ හෝරාවයි. ඔවුන්ගේ සහයට පැමිණියේ නිවට වියතුන්ය. නම් වශයෙන් කියනවනම් (හොර) මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය සීතා අරඹේපොළ ආදීන්ය. එම ඊනියා වියත්තු සුදර්ශනී පැණිය, ධම්මික පැණිය වැනි හූනියම් ප්‍රචලිත කළහ; කොවිඩ්-19 එන්නත මිලදී ගැනීම හෝ ලබා ගැනීම පස්සට දැමූහ​. මිනීමරු රාජපක්ෂ රෙජීමයේ මිත්‍යාව වැපිරුවීමේ මෙහෙයුම පමණක් ඔවුහු ක්‍රියාත්මක කළහ.

පවිත්‍රා වන්නිආරච්චි සිය සදාචාර හර්ද සාක්ෂිය පැත්තක තබාරාජපක්ෂ පවුලේ රාජකීය වෛද්‍යවරයාවන එලියන්ත වයිට් ගේ කුන්ඩලිණී මුට්ටිය ගෙන කරලියට පැමිණියාය. රෙජීමයේ බලපෑමට නතුව මුට්ටිය ගඟට විසි කළාය. විසි කිරිල්ල ඇයගේ​​ විනාශයේ පුරුක් දාමයේ අතරමැදි පුරුක පමණක් විය.

ඉන් පසුව එළඹුණේ මාධ්‍ය ඉදිරියේ ධම්මික පැණිය බී එය ප්‍රවර්ධනය කිරීමේ පවිත්‍රා නාටකයයි; මිත්‍යාවට රාජ්‍ය ආවරණය දීමේ නාටකයයි.

ඉන් පසුවත් වැටි වැටි නැගිටිමින් වුව කොවිඩ්-19 සටන කරගෙන ගිය බව නම් කිව යුතුය. කොවිඩ්-19 රැජිණ​ ලෙස ස්වයං මෞලි මංගල්‍යයකට තමාවම පාත්‍ර කරගනිමින් කොවිඩ් අසු පිට නැගී 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද​ 200,977ක් ලබා ගත්තාය

පවිත්‍රාව කොන් කිරීම

2020 දෙසැම්බර් මස කොවිඩ්-19 පාලනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය පිහිටවූ අතර එහි විෂයභාර අමාත්‍යවරිය වුයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේය. මෙතුලින් ගෝලීය වසංගතයක ප්‍රධානතම​ අංගය වන වසංගතය වැලැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉවත් කර වසංගත පාලනය සම්පුර්ණයෙන්ම පාහේ මිලිටරිකරණයට ලක් කර තිබුණි. රූකඩ කොවිඩ් කාර්ය සාධක බලකාය​ රැස් වුයේ , රැස් වන්නේද කොවිඩ් වසංගතය පාලනය ගැන තීරණ ගැනීමට නොවගොටාබයශවේන්ද්‍රඥානක්කාත්‍රිත්වය විසින් ගනු ලබන අස්ථාවර, දැඩි, ඔලමොට්ටල තීරණ වලට සුජාත භාවයක් ලබා දීමට පමණි.

ඇත්ත වශයෙන්ම, 2020 දෙසැම්බර් මස සිට අපගේජාතික හඬා වැටෙන්නියවන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් කරනු ලබන්නේඅනී මන් කියන දේ කවුරුවත් අහන්නේ නැහැයනුවෙන් බොළඳ ලෙස මාධ්‍ය ඉදිරියේ සෝබරව පැවසීමත්, ඇයගේ  ප්‍රකාශ වලින් හැදූ​ සමාජ මාධ්‍ය පොස්ටු හරහා ප්‍රචාරය ලබා ගනිමින් පෞද්ගලික දේශපාලන වාසි ගැනීමත්ය.

ගැන පසුවට.

එන්නත් නමැති රන්කාසි පොට්ටනිය

පවිත්‍රා වන්නිඅරච්චිට හෝ ඇගේ නිත්‍යානුකුල සැමියාට එපා කියනන්ට නොසිතුනු රන් කාසි පෙට්ටිය නම් කොවිඩ් එන්නතයි. එන්නත මිනිසුන් බලපෑම් කිරීමේ දේශපාලන අවියක් ලෙසත්, දේශපාලන අල්ලසක් ලෙසත් ඔවුන් දෙදෙනාම ක්‍රියා කළහ. ඇස්ට්‍රා සෙනෙකා එන්නත වේවා, ස්පුට්නික් එන්නත වේවා, සිනොෆාම් එන්නත වේවාමේ සියලු එන්නත් තුලින් කාංචන ජයරත්න දූෂිත ලෙස මුදල් ඉපයුවේය. එන්නත් රන්කාසි වුවේ කෙසේද? මෙසේය:

(i ) ගෝලීය ප්‍රසංශාවට ලක්වූ, මනා ලෙස ස්ථාපිත ශ්‍රී ලංකාවේ එන්නත්කරන ව්‍යුහයෙන් කොවිඩ් එන්නත ලබා දීම ඉවත් කර එය දේශපාලකයන් සහ හෙංචයියන් අතට ලබා දීම. 

(ii) ලෝක සෞඛ්‍ය සංවිධානය​ විසින් ලබා දුන් එන්නත සඳහා ප්‍රමුඛත්වය ලැබිය යුත්තන්ගේ ලැයිස්තුව කුණු කූඩයට​ දැමීම තුලින් එන්නත දේශපාලන අවියක් බවට පත් කිරීම.

(iii) එන්නත් ලබා දීම වෙනුවෙන් කාංචන ජයරත්න විසින් දූෂිත​ ලෙස මුදල් ලබා ගැනීම

(iv) යුද හමුදා රෝහලෙන් එන්නත ලබා ගැනීමට සලස්වා දීයුද හමුදාවට කරන ආධාරයක්” ලෙස කාංචන ජයරත්න අතරමැදියෙකු ලෙස මුදල් ලබා ගැනීම

(v) ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව අපහරණය කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වෙත ලබා දී ඔවුන්ගේ නිහඬතාවය මිලදී ගැනීම.

කලම්බු ටෙලිග්‍රාෆ් හිශ්‍රී ලංකාවේ එන්නත් හොරු යන උදෘතයෙන් දෙදරුම් කන ලිපියක් පල කරමින්. අරුන්දතී සංගක්කාර විසින් කාංචන ජයරත්න වෛද්‍ය පරිපාලකයන් හා එක්ව සිදු කල එන්නත් සොරකම හෙළි කෙරුණි.

කාංචන ජයරත්න විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගුණාත්මක බව සහ සුරක්ෂාව පිලිබඳ ඒකකය තුලඉතා විශේෂ පුද්ගලයන්ලැයිස්තුවකට හොර රහසේ කොවිඩ් එන්නත ලබා දීමට සැරසෙද්දීම කලම්බු ටෙලිග්‍රාෆ් කතෘ උවිඳු කුරුකුලසූරිය විසින් එය ෆේස්බුක් පොස්ටුවක් මගින් එම මොහොතේම හෙළි කළ​ අවස්ථාවේ කාංචන ජයරත්න සහ ඔහුගේ බැලයන් එන්නත් ටික අතට ගෙන එතැනින් පලා ගියේ දුවමිනි.

කලම්බු ටෙලිග්‍රාෆ් හෙළිදරව්වෙන්  සිදු කල අපරාධ විමර්ශනය

කුරුකුලසූරිය සහ සංගක්කාර විසින් සිදු කල හෙළිදරව්වෙන් අනතුරුව එන්නත් සොරකම පිළිබඳව අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් සිදු කල අතර සෞඛ්‍ය  අමාත්‍යංශයේ ගුණාත්මක බව සහ සුරක්ෂාව පිලිබඳ ඒකකය තුල ඉහත සිදුවීම වූ අවස්ථාවේ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමද සිදු කරන ලදී. මෙම හෙළිදරව්වෙන් සිදු වූ දෙදරීම කෙතෙක්දයත් අපරාධ විමර්ශන අංශය ඔහුගේ බිරිඳගේ වයෝවෘධ දුර්වල මව සහ පියා ගෙන් කුරුකුලසුරියගේ පෞද්ගලික තොරතුරු ඉල්ලමින් ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදු කරන ලදී

කලම්බු ටෙලිග්‍රාෆ් හෙළිදරව්ව නිසා ආරම්භ වුණු අපරාධ විමර්ශන වාර්තාවේ අවසාන වාර්තාව ඉදිරිපත් වී ඇති අතර එයින් සනාථ වී ඇත්තේ එන්නත් සොරකම නමැති අපරාධයට පවිත්‍රා වන්නිආරච්චිගේ නිත්‍යානුකුල සැමියා සම්බන්ධ බවය.

දෛවයේ සරදම නම් ජනාධිපති ගෝටාබය​ රාජපක්ෂ විසින් කාංචන ජයරත්න විසින් කොවිඩ් එන්නත මුදල් ඉපයීමට සහ දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීම තහවුරු කරන එම අපරාධ විමර්ශන ඒකකයේ වාර්තාව වන්නිආරච්චිව සෞඛ්‍ය​ අමාත්‍ය ධුරයෙන් ඉවත්  කිරීමට යොදා ගැනීමය.

එළවා දැමීමේ ජිවන චක්‍රය

වන්නිආරච්චිව කිසිදු උත්සවශ්‍රීයකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කිරීම​ එන්නත් සොරකම සහ එන්නත දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමට සම්බන්ධය. සැබවින්ම පවිත්‍රාව​ ඉවත් කිරීම ඇය සෞඛ්‍ය ඇමතිවරියක් ලෙස අසාර්ථක වීම හා සම්බන්ධ නැත. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම ඇගේ සෘජු විෂය පථයෙන් ඉවත් කර ඇති අතර කොවිඩ් මර්දනයේ අසාර්ථකත්වයට වගකීම භාර ගත යුතු වන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරියක් සහ අපේජාතික හඬා වැටෙන්නියවන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ . එහි අසාර්ථකත්වයට වගකිව යුත්තේ රූකඩ​ කොවිඩ් කාර්ය සාධක බලකායය; එන්නත් සොරුන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ; ගොටබයශවේන්ද්‍රඥානක්කා ත්‍රිත්වය . එය සැබවින් ජාතියේ සෞඛ්‍ය සේවයේ වගකීමක් වන අතර එහි වගකීමෙන් මිදිය හැක්කේ බොරුවට බොරුව කියා කීමට ආත්ම ශක්තියක් තිබුණු සිය සදාචාරය රැකගත් ශ්‍රීලංකා වෛද්‍ය සංගමය (SLMA ) වැනි ආයතයකට පමණි.

පවිත්‍රා වන්නිආරච්චිගේ අනුදැනුම ඇතිව ඇයගේ නිත්‍යානුකුල සැමියා විසින් සිදු කල එන්නත් සොරකම අවසානයේ ඇයගේ සෞඛ්‍ය අමාත්‍යධුරයේ අවසානය සනිටුහන් කළේය

පවිත්‍රා, ඔබව සෞඛ්ය අමාත්‍යංශයෙන් එලවා දමන මේ මොහොතේ ඔබටආයුබෝවන්කියන්නෙමි. අනාගතය වෙනුවෙන් පොඩි අවවාද දෙකක් දෙන්නෙමි. පලමුවැන්නනම්, ලොකු හොරුන්ගේ පාරාදීසයේ පොඩි හොරුන්ට පැවත්මක් නැත. දෙවැන්න නම් අලුතින් යන අමාත්‍යංශයේ සල්ලි පෙට්ටියට ඔබේ නිත්‍යානුකුල සැමියාගේ කිළුටු ඇඟිලි ඔබන්නට ඉඩ නොදෙන්න!

පසු ලිපි: තව එකක් කියන්නම ඕනේ. අද ඔබේ සමුගැනීමේ කතාව මල් හතයි! අර ස්වකාමයෙන් මත් වෙච්ච ගෝටා කියන​ චූටි මැරවරයට එයා අසම්පූර්ණ ගොනෙක් බව කියලම ගියාට ස්තූතියි!

3.43: මිනිත්තුවේ සිට නරඹන්න:

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    පවිත්‍රාගේ අපිරිසිදු මුඛය සමස්ත සෞඛ්‍ය සේවා ජාලයේම නොමග යවන සුළු විය.. Mostly she has behaved very rude in TV discussions. I dont have the least respect to this woman. I really dont know the kind of women could ever do any good work to the nation.

    ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර නොදක්වා නිහ silentව සිටි සහ කාලෝචිත ලෙස විශාල වැරදි, සමාව දිය නොහැකි වැරදි වේ.

    මෙම කොවිඩ් අර්බුදය තුළ තමන්ට එල්ල වී ඇති චෝදනා කඳු වලින් ගැලවීමට ඔවුන්ට නොහැකි වනු ඇත. එය මානව පාඩු හා සම්බන්ධ විය. හිතාමතාම සිදු කළ මිනිස් වැරදි නොමැතිකම හේතුවෙන් සිදු වූ සියලුම මරණ වලට ගණනය කළ මිනීමැරුම් ආඥාපනත මඟින් ද punුවම් ලබා දිය යුතුය.

    මට මගේ පවුලේ අය අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි විය. කෙසේ වෙතත්, රාජපක්ෂවරුන්ගෙන් හෝ ඇමති මණ්ඩල වලින් කිසිවක් අසන්නට ලැබුනේ නැත.

    මම හිතුවේ අලුත්ගමගේ ඊළඟ කෙනා කෙසේ වෙතත්, යම් යම් හේතු නිසා ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවයි. ආපදා වලදී ඔහුට හෝ ඇයට දingුවම් කිරීම සඳහා යමෙකු විසින් කරන ලද ඉහළ අපරාධ පිළිබඳ වාර්තා බලපාන්නේ නැති බව දැන් පැහැදිලි වෙමින් තිබේ.

    හොඳ මිනිසුන්ට දෙවියන් වහන්සේගෙන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයන්ගෙන් ආශීර්වාද ලැබෙන බව මට තේරුම් ගත හැකි නමුත් කෙසේ වෙතත්, අලුත්ගමගේ හෝ ජොන්ස්ටන් වැනි උසස් අපරාධකරුවන් පාෂාණ වලට හානි නොවන ලෙස රැඳී සිටීම මට නොතේරෙන දෙයකි. මෙම මිනිසුන් සහ ඔවුන්ගේ වාර්තා සැබෑ ඉහළ මිනීමරුවන්ගේ සහ මුදල් විශුද්ධිකරුවන්ගේ වාර්තා වලට වඩා වෙනස් නොවේ.

  • 2
    2

    වල් මීහරකෙකුට සමාන මිනිසෙකු ජනාධිපති ලෙස පත් කරන්නේ සමාජයේ මිලියන 6.9 ක නූගත් කණ්ඩායම් විසිනි. මේ මිලියන සියළුම දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර සිටියාද යන ප්‍රශ්නය අද ජනතාව මතු කරනු ඇත.

    මී හරකෙකුට අපහාස කිරීමට මට අවශ්‍ය නැත, එය නවීන සත්වයෙකි, කෙසේ වෙතත්, කකුල් දෙකේ සතුන් සෑම විටම මානව වර්ගයාට හානිකර ය.

    මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු කියන දෙයින් පමණක්, යමෙකුට හැඟෙනු ඇත, මිනිසා දාම ඝාතකයෙකු වීමට වඩා හොඳ නැත. රාජපක්ෂ නැවත පැමිණීම සඳහා ඔවුන් සෑම ආකාරයකින්ම නොමඟ යවන ලදි.

    සැම දෙනාගේම අවධානය පිණිස, නායකයින්ගේ දැනුම ගැන එය විමසා බලමු.

    නිව්සීලන්ත අගමැතිනිය, තම ජාතිය, අධ්‍යාපනය ලැබ පිරිසිදු පුද්ගලයෙක් වෙනුවෙන් තම ජීවිතය පූජා කරන තරුණියක්. අධ්‍යාපනයෙන් ඇය සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියකි.

    ජර්මනියේ චාන්සලර් ජාතියේ මව ලෙස හැඳින්වෙන්නේ ඇය ජාතිය වෙනුවෙන් මැරෙන නිසා වන අතර අධ්‍යාපනයෙන් ඇය භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වූවාය.

  • 1
    0

    What happened to the country is not unexpected because we knew the roudy bunch would nt make wonders but pocket filling and getting them exonerated from on going/ or half finished crime investigations based on high crimes. Not a single one in that brutal family were free from allegations.😡😡😡😡😡😡😡😡

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.