28 March, 2024

Blog

කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇත: ජනාධිපතිතුමා, රජය සහ මහජනතාව වෙත කෙරෙන විවෘත ආයාචනයක්

කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමාද වී වුවද නිසි පිළියම් යෙදීම වඩා ඵලදායක විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ විශේෂඥයින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අනිකුත් සියලුම  සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් සනාථ කර ඇති ඩෙල්ටා ප්‍රභේදය නිසා වර්ධනය වෙමින් ඇති ඉතා අනතුරුදායක තත්ත්වය අපිදු අනුමත කරමු.

බොරැල්ල කනත්ත – ඡායා | ඉෂාර කොඩිකාර – ෆේස්බුක්

අපට දැනෙන, ඉදිරියේ දී ඇතිවිය හැකි දරුණු තත්ත්වය ගැන අප කරුණු පලකරන්නේ  විද්‍යාත්මක,  සංඛ්‍යාත්මක දත්ත මෙන්ම දැනට ඇස් පනාපිට පෙනෙන යථාර්ථය මනාව අධ්‍යයනය කිරීමෙන් පසුවය. (මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ කමිටු වාර්තාව සලකා බැලීම වැදගත්ය)

ඔබතුමා ඇතුළු රජය මගින් දැනට යොදා ඇති සංචරණය සීමාවන්  අප විසින් අගය කරන අතර ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රවර්ධනය අසීමිත ලෙස වැඩි වුවහොත් එයින් ඇතිවන ඉතාමත් භයානක ප්‍රතිඵල යම් හෝ පාලනයක් සඳහා සංචරණ නීති සහ අනිකුත් නීති තවත් විශාල ලෙස වැඩි කළ යුතු බව අපගේ හැඟීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව විසින් මෙය අනුමත කර ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමේ හැකියාව එහි උපරිම ධාරිතාව වඩා දැනටමත් ඉහළ ගොස් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම රෝග නිවාරණයේ නියුතු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස වෙහෙසට පත්වී ඇත. විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රෝගීන්ට අවශ්‍ය උපරිම ප්‍රතිකාර කිරීමේ හැකියාව අප අතින් දැනට ගිලිහී ගොස් ඇත. මෙයින් සුව කල හැකි කොවිඩ් නොවන රෝගීන්ට ඇති වන බලපෑම අති විශාලය. එමෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ක්ෂෙත්‍රයේ සේවය කරන්නන් වෛරසයට ගොදුරු වීම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී.

අප දැනටමත් ප්‍රමාද වැඩි බව සත්‍යයක් වුවත් මේ මොහොතේ දී හෝ ඉතා දැඩි සංචාරණ සීමා ක්‍රියාත්මක කිරීම මෙම වසංගතය යම් තරමකට හෝ පාලනය කරගැනීමට ඉවහල් වනු ඇත. කොරෝනා වසංගතයේ උච්ඡතම අවස්ථාවට අප පැමිණ ඇති මේ අවස්ථාවේ අපට කළ හැකි ප්‍රධානම කර්තව්‍ය නම් පුද්ගලයෙකු මගින් පමණක් තවත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ඇති මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට ඇති ප්‍රධානම මාර්ගය, එනම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමයි. අප විසින් අපගේ එන්නත්කරණ ඉලක්ක සපුරා ගන්නා තුරු රෝගය පැතිරීම සහ ඉන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම් සඳහා ඇති එකම විකල්පය එය බව අපගේ විශ්වාසයයි.

ඉතා ඉක්මනින් මෙන්ම දැඩිව  මෙම සංචරණ සීමා ක්‍රියාත්මක නොකළහොත් අප විසින් මින් පෙර  කිසිදාක අත් නොදුටු දරුණු ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවනු ඇත.

එම නිසා වගකිවයුතු වෛද්‍ය සංවිධානයක් ලෙස අප විසින් මින් පෙර සිදු කළ ආකාරයෙන්ම මෙම ආයාචනය සිදු කරන්නේ හුදෙක් පොදු මහජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන පමණක්ම බව අවධාරණය කරනු කැමැත්තෙමු.

එසේම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  අප සියලු ආගමික නායකයින්, සිවිල් සාමාජික සංවිධාන මෙන්ම පොදු ජනතාවට එකසේ ආයාචනා කරන්නේ මෙම රෝගයෙන් මිදීමට නම් තමන්ගේම ස්වයංසංචරණ සීමා සඳහා වහාම යොමු වන ලෙසයි. මෙය එක් එක් පුද්ගලයකුට පමණක් සීමා නොවිය යුතු අතර වෙළඳ ව්‍යාපාර, සාප්පු සංකීර්ණ,කර්මාන්ත ශාලා,රජයේ කාර්යාල, භෝජන ශාලා, මෙන්ම අනෙකුත් උත්සව ශාලා වලටද ඒවායේ පාලකයින් හෝ හිමිකරුවන් විසින් තමන්ගේ මෙන්ම තම ආයතනයේ සාමාජිකයින්ගේ යහපත සඳහා  මෙවැනි සීමාවන් භාවිතා කරන ලෙස අපි ආයාචනා කරමු. දැනටමත් මෙවැනි සීමා ක්‍රියාත්මක කර හෝ වසා දමා ඇති දිවයිනේ විවිධ වෙළඳ ආයතන මෙයට හොඳ නිදසුන්ය.

එම නිසා මෙම ඉතාමත් සංවේදී  මෙන්ම සංකීර්ණ අවස්ථාවේදී අප සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෙටි කාලීන දැඩි ක්‍රියාමාර්ගයන් තමන්ගේ ජීවනෝපාය සපයා ගැනීමේදී බාධකයක් වුවද වඩා වැදගත් වනජීවත් වීමසඳහා දැනට ඇති හොඳම විකල්පය මෙම ස්වයං ආරක්ෂණය සපයා ගැනීම පමණක් බවයි.

ස්තූතියි.                                         

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු                                                      විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම්                                
සභාපති                                                                                            ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය                                                        විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Print Friendly, PDF & Email

Latest comments

  • 7
    0

    ලංකාවේ සිද්ධ වන මරණ සංඛ්‍යාවට වැඩිම හේතු අනුපිලිවෙලට ගත්තහම, 2021 අවුරුද්දේ අගෝස්තු 15 වෙනකොට, කොවිඩ්-19 නිසා ඇති වුන මරණ වැටෙන්නේ 9වෙනි ස්ථානයට. මරණ සංඛ්‍යාව 6,096ක්.
    නමුත්, 2020 දෙසැම්බර් 31 වන විට ලංකාවේ සිද්ධ වුනු මරණ වලට හේතු අනුව, කොවිඩ්-19 තිබුනේ 26වෙනි ස්ථානයේ. මරණ සංඛ්‍යාව 204යි.
    මාස 7 1/2ක් ඇතුලත, 26වෙනි ස්ථානයේ ඉඳන් 9වෙනි ස්ථානයට ස්ථාන 17ක් ඉස්සරහට කොවිඩ්-19 නිසා මියයන සංඛ්‍යාව උවමනාවෙන්ම වැඩි කලේ ආණ්ඩුව. ඕනේ නම්, කරපු විදිහ පියවරෙන් පියවර වුනත් පෙන්වන්න පුළුවන්.
    කොවිඩ්-19 හින්දා නෙමෙයි, මේ අවුරුද්දේ අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙන අනිත් මරණ සංඛ්‍යාවටත් කෙලින්ම වග කියන්න ඕනේ රාජපක්ෂ ආණ්ඩුව.
    ලියන්න තැනක් තිබ්බ නැති නිසා, මම කලින් තිබ්බ සිංහල ලිපියට (“මනෝමය රාජ්‍ය හා හිතුවක්කාර ආණ්ඩුක්‍රමය” – බැසිල් ප්‍රනාන්දු) මේ ගැනම ලිව්වා.
    https://www.colombotelegraph.com/index.php/basil-fernando-13-august-2021/
    .
    මේ පහත තියෙන්නේ ආණ්ඩුව සහ GMOA එක හංගල තියෙන අනිත් මරණ වල තොරතුරු.
    ඊයේ (14) ලියන කොට තිබ්බ දත්ත, අද (15) වෙනකොට වෙනස් වෙලා නිසා, දැන් ලියල තියෙන්නේ අලුත් දත්ත.
    මේ දත්ත ලබා ගත්තේ WORLDHEALTHRANKINGS වෙබ් අඩවියෙන්. ලංකාවේ මේ දත්ත එක තැනක නැහැ.
    (ඊළඟ කොටසට)

    • 5
      0

      (දෙවෙනි කොටස)
      .
      1) 2021 අගෝස්තු 15 වෙනකොට, එනම්, මුල් මාස 7½ට, ලංකාවේ හෘදරෝග වලින් මියගිය සංඛ්‍යාව – 46,673ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 28,777ට වඩා 17,896ක වැඩිවීමක්.
      .
      2) 2021 මාස 7½ට, ආඝාතයෙන් මියගිය සංඛ්‍යාව – 20,390ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 12,571ට වඩා 7,819ක වැඩිවීමක්.
      .
      3) 2021 මාස 7½ට, දියවැඩියාවෙන් මියගිය සංඛ්‍යාව – 20,110ක්.
      මේ සංඛ්‍යාව 2020 අවුරුද්දේ මියගිය 12,398ට වඩා 7,712ක වැඩිවීමක්.
      .
      4) 2021 මාස 7½ට, ස්නායු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 12,823ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 7,906ට වඩා 4,917ක වැඩිවීමක්.
      .
      5) 2021 මාස 7½ට, අක්මා රෝග වලින් මියගිය සංඛ්‍යාව – 9,009ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 5,554ට වඩා 3,455ක වැඩිවීමක්.
      .
      6) 2021 මාස 7½ට, පෙනහළු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 8,548ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 5,270ට වඩා 3,278ක වැඩිවීමක්.
      .
      7) 2021 මාස 7½ට, වකුගඩු රෝග වලින් මියගිය සංඛ්‍යාව – 8,519ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 5,253ට වඩා 3,266ක වැඩිවීමක්.
      .
      8) 2021 මාස 7½ට සෙම්ප්‍රතිශ්‍යා/නිව්මෝනියා වලින් මියගිය සංඛ්‍යාව – 7,888ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ මියගිය 4,863ට වඩා 3,025ක වැඩිවීමක්.
      .
      9) කොවිඩ්-19. කලින් කොමෙන්ටුවේ ලිව්වා.
      .
      * 2021 මාස 7½ට, පිළිකා වලින් (මුඛ, පෙනහළු, පියයුරු, උදර, අන්නශ්‍රොත, අක්මා, ගැබ්ගෙල පිළිකා වලින්) මියගිය සංඛ්‍යාව – 13,576ක්.
      මේ සංඛ්‍යාව, 2020 අවුරුද්දේ පිළිකා වලින් මියගිය 8,369ට වඩා, 5,207ක වැඩිවීමක්.

      • 5
        0

        (අන්තිම කොටස)
        .
        ලංකාවේ රෝගීන්ට බෙහෙත්වත් ගන්න නොදී මරණයට පත් වෙන්න හැරියට, විවිධ වර්ගයේ විදේශ සංචාරකයන්ට කිසිම සංචරණ නීතියක් බලපෑවේ නැහැ. උවමනාව ඇත්තටම කොවිඩ් වලින් මිනිස්සු බේරා ගන්න නම්, එකම රටේ, සංචරණ නීති දෙකක් මොකොද? හේතුව පැහැදිලියි. ආණ්ඩුව එක පැත්තකින් කොවිඩ් නැති කරනවා කියා කියා, අනිත් පැත්තෙන් කොවිඩ් පතුරනවා.

        මේ ටික ලියන්න හේතුව, ඉහත දෙවෙනි කොමෙන්ටුවේ සංසන්දනය අනුව, 2021 අවසානය වනවිට, 2020 වගේ දෙගුණයක් මිනිස්සු, බෙහෙත් නැතුව වෙනත් රෝග වලින් මියයන්න හැකි බව හොඳටම පෙනෙන නිසා.

    • 3
      0

      Big Thank you to Champa for addressing this.

    • 4
      0

      සියලුම විස්තර පැහැදිලිව හෙළි කිරීම ගැන චම්පාට ස්තූතියි. ඔබ විශිෂ්ට රැකියාවක් කරමින් සිටී.
      ලංකාවේ සිද්ධ වන මරණ අනුපාතය අනුව වැඩිම අනුපිලිවෙලට ගත්කම, 2021 අවුරුද්දේ අගෝස්තු 15 වෙනකොට, කොවිඩ් -19 නිසා ඇති වුන මරණ වැටීම 9 වෙනි ස්ථානයට. මරණ අවදානම 6,096 ක්. සංඛ්‍යාලේඛන ගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැති බව පෙනේ. මෙලෙච්චා නායකයින් peopleෂධ නොමැතිව නවීන මිනිසුන් අත්හරිනු ඇත. වෛද්‍ය සේනාරත්නගේ කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිමයෙන් කටයුතු කළේය. ඔවුන් එතරම් යමක් නොකළේ නම්, අද පවතින භයානක තත්ත්‍වයේ ප්‍රතිඵල ඊටත් වඩා අඩු වන්නට ඉඩ තිබුණි. ඔහු හිටපු ජනාධිපතිවරයාට සමීප කලාපීය ආයතන සඳහා ගොඩනැගිලි සහ අරමුදල් ලබා දුන්නේය. මෝඩ දේශපාලනඥයින් තම වගකීම් විරහිත ප්‍රකාශයන් හිටපු රජය කෙරෙහි නොසලකා හරින නමුත් ජීඑම්ඕඒ විසින් එල්ල කරන තර්ජනය මධ්‍යයේ ඔවුන් කර ඇත්තේ සෞඛ්‍ය සේවා අතින් බෙහෙවින් සංකීර්ණ ය.
      කෙසේ වෙතත්, 2020 දෙසැම්බර් 31 වන විට ලංකාවේ සිද්ධ වුනු මරණ වලට අනුව, කොවිඩ් -19 තිබුනේ 26 වෙනි ස්ථානයේ ය. මරණ වගකීම 204 යි. නමුත් සංඛ්‍යා විශ්වාසදායක දැයි අපි නොදනිමු.
      මාස 7 1/2 ක් ඇතුලත, 26 වෙනි ස්ථානයේ ඉඳන් 9 වෙනි ස්ථාන සඳහා ස්ථාන 17 ක් පෙරහට කොවිඩ් -19 නිසා මියයන අවසරය උවනවනාවෙන්ම වැඩි කළේය. භාවිතා නම්, සිදු කළ ආකාරයෙන් පියවරෙන් පියවර ගත හැක.
      කොවිඩ් -19 හින්දා නොව, මේ අවුරුද්දේ අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති සෙසු මරණ අනුපාතයට අදාළ වග කිව යුතු රාජපක්ෂ රජය. රාජපක්ෂවරු මරණය ගැන තැකීමක් නොකරති. ඔවුන් කටයුතු කළේ අපරාධ පරීක්ෂණ නිදොස් කිරීම හෝ නිදහස් කිරීම සඳහා පමණි. ඔවුන් බලය අල්ලාගත්තේ එම අරමුණ සඳහා පමණි … මෑත අතීතයේ ඕනෑම කාලයකට වඩා අද මෙය වඩාත් පැහැදිලි වෙමින් පවතී.
      මේ පහත තිබෙන රජය සහ GMOA එක හංගල ඇති අනෙක් මරණ වල තොරතුරු. GMOA යනු මිනීමරු වෘත්තීය සමිතියක් වන අතර එහි සාමාජිකයින් සිය ගෙවීම් සඳහා සතිපතා පැය ගණන් සම්පූර්ණ නොකරනු ඇත.

    • 0
      0

      සුමනේ නමැති මිනිසා රාජපක්ෂ රස්තියාදුකාරයන්ට වහල් වී සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ කර ඇත. මම හිතුවා තරුණයන් එම කාර්යය නිසි ලෙස ඉටු කරයි කියා. වසර ගණනාවක ආචාර්ය උපාධි පර්යේෂණ වාර්‍තා නොමැති නමුත් ඔහුගේ නමට උපසර්ගයක් වශයෙන් මහාචාර්ය පදවියක් ලබා ගැනීම වරදකරු කෙසේ සැක සහිතද? මම හිතන්නේ ගෝඨාභය පාවා දෙනු ලබන්නේ ඔහුගේ සමීපතමයන් බවට පත් වූ ඔහුගේ ව්‍යාජ බුද්ධිමතුන් විසිනි.
      https://www.youtube.com/watch?v=OLs21Wkhy5s
      මෙම නැඹුරුව සනාථ කිරීමට ප්‍රමාණවත් මූලාශ්‍ර තිබේ.
      ඒ බැල්ලියගේ පුත්රයා වන සුමන්යා ඔහුගේ බෝල වලින් එල්ලිය යුතුය …. මෙවැනි මිනිසුන් වෛද්‍ය වෘත්තියට සාපයක් මෙන්ම අපහාසයකි. අත්‍යවශ්‍ය බෙහෙත් හිඟය ගැන විපක්ෂ නායකවරයා විනීතව ප්‍රශ්න කළේය. එහිදී, බැල්ලිගේ පුත්‍රයා ඔහුට පිළිතුරු නොදී ප්‍රශ්නය උපහාසයට ලක් කළේය.සුමනේ නමැති මිනිසා රාජපක්ෂ රස්තියාදුකාරයන්ට වහල් වී සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ කර ඇත. මම හිතුවා තරුණයන් එම කාර්යය නිසි ලෙස ඉටු කරයි කියා. වසර ගණනාවක ආචාර්ය උපාධි පර්යේෂණ වාර්‍තා නොමැති නමුත් ඔහුගේ නමට උපසර්ගයක් වශයෙන් මහාචාර්ය පදවියක් ලබා ගැනීම වරදකරු කෙසේ සැක සහිතද? මම හිතන්නේ ගෝඨාභය පාවා දෙනු ලබන්නේ ඔහුගේ සමීපතමයන් බවට පත් වූ ඔහුගේ ව්‍යාජ බුද්ධිමතුන් විසිනි.
      මෙම නැඹුරුව සනාථ කිරීමට ප්‍රමාණවත් මූලාශ්‍ර තිබේ.
      ඒ බැල්ලියගේ පුත්රයා වන සුමන්යා ඔහුගේ බෝල වලින් එල්ලිය යුතුය …. මෙවැනි මිනිසුන් වෛද්‍ය වෘත්තියට සාපයක් මෙන්ම අපහාසයකි. අත්‍යවශ්‍ය බෙහෙත් හිඟය ගැන විපක්ෂ නායකවරයා විනීතව ප්‍රශ්න කළේය. එහිදී, බැල්ලිගේ පුත්‍රයා ඔහුට පිළිතුරු නොදී ප්‍රශ්නය උපහාසයට ලක් කළේය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.