26 April, 2024

Blog

අළුත් යෙහෙළියක් සඳහා ඇබෑර්තු ඇත!

ගෘෂා ඇන්ඩ්රූස් –

ඔබ මා හට සදා ප්‍රිය වනු ඇත. ඔබට සිදු කිරීමට ධෛර්යය නොමැති වූ සියලු පාපයන් ඔබ මා වෙතින් දකියි” ~ ඩෝරියන් ග්‍රේ ගේ චිත්‍රයඔස්කාර් වයිල්ඩ් (1890)

අයර්ලන්ත ජාතික කිවිවරයකු, ලේඛකයකු, නාට්‍යකරුවකු සහ ජනමාධ්‍යවේදියකු වූ ඔස්කාර් වයිල්ඩ් විසින් රචිත ඩෝරියන්ගේ චිත්‍රය නමැති දාර්ශනික නවකතාවේ එන මනස්කාන්ත රුවකින් හෙබි ඩෝරියන් ග්‍රේ නමැති කුලීනයාව බැසිල් හොල්වර්ඩ් නමැති චිත්‍ර ශිල්පියා විසින් චිත්‍රයට නගයි. සිය තාරුණ්‍යය සහ රුව වැහැරී නොයාමට හිලවු වශයෙන් අට්ටාලයක සඟවා තබනු ලබන එම චිත්‍රය වියපත් වෙයි. ඩෝරියන් ග්‍රේ විසින් සිදු කරනු ලබන සියලු පාපයන්, පාශයන් චිත්‍රය මත  පෙනෙන අතර ඩෝරියන් ග්‍රේ නොවහැරුණු යෞවනයෙන් ජීවත් වෙයි. තමාගේ ඉන්ද්‍රියයන් සතපමින් සුඛ පරමවාදයෙන් ජීවත් වන ග්‍රේ අවසානයේ හුදෙකලාව, බිඳුණු හර්ද සාක්ෂියෙන් චිත්‍රය සැතකින් ඇණ විනාශ කරයි. අවසානයේ චිත්‍රය අයස්කාන්තව පෙනෙන අතර විකෘත මහල්ලෙක් චිත්‍රය පාමුල මිය ගොස් සිටියි.

රනිල්: දේශපාලනයේ ඩෝරියන් ග්‍රේ

රනිල් ශ්‍රී ලංකික දේශපාලනයේ ඩෝරියන් ග්‍රේ වැනිය. සිය දේශපාලන දිවි රැකගනීම් තුලින් පුනර්ජනනය වෙමින්, අකම්පිතව, දේශපාලනය තුල නොනැසී සිටීමේ ක්‍රමෝපාය මවමින් ඔහු සිටියි. රනිල් ගේ ප්‍රතිරුපයේ හෝ දේශපාලන භාවිතයේ වෙනසක් හෝ වැහැරීමක් මසැසට නොපෙනෙයි. නමුත් ඩෝරියන් ග්‍රේ ගේ පින්තුරය මෙන් දේශපාලනයේ අධ්‍යාත්මය යූඑන්පී අට්ටාලය තුළ ජරාජීර්ණ වෙමින් පවතියි. රනිල් ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් මෙන්ම කිසිවෙකුට කිසිදා සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගත නොහැකි තර්කයන් වෙනුවෙන් දැඩි මතධාරී ලෙස ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම තනි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවයි.

රනිල් දේශපාලන දෛවය විසින් මේ රට අනාගතය කරා ගෙන යා හැකි ඔහුගේ ශක්‍යතාවය ඔහු විසින් මරා දමා පක්ෂය තුළ බලය රඳවා ගැනීමේ අරගලය ඔහු විසින් කර ගෙන එනු ලබයි. ඔහු දේශපාලනිකව විනාශ කිරීමේ මෙහෙයුම සිදු කිරීම සඳහා සිය ක්ෂුද්‍රජීවී ජීවිත කැප කර ඇති සජිත්, ශිරාල්, මෛත්‍රී ගුණරත්න, රංගේ බණ්ඩාර, සිරස මාධ්‍ය ජාලය, තෙවරප්පෙරුම වැනි ඇමීබාවන්ට නොතේරෙන යතාර්ථය නම් රනිල් ඔවුන් මෙන්ම ආත්මීය සුරක්ෂිතතාවය සොයන මිනිසෙකු බවයි. රනිල් යනු  ඔහුටම ඔහු  ගැනම වචනයෙන් විස්තර කළ නොහැකි සංකීර්ණ මානසික පිලිගැටුම් රැසකට සහ ප්‍රායෝගික දේශපාලන අභියෝග රැසකට ඇස ඇර සිටින හැම විටකටම මුහුණ දෙන, ජරාජීර්ණ දේශපාලන විභවයක් විසින් සිය නිසග දේශපාලන ප්‍රතිභාව මැඩ ගැනීමට බල කෙරුණු පුද්ගලයකි.

අවසාන වරට යූඑන්පී ජනාධිපතිවරයකු යටතේ යූඑන්පී කැබිනෙට්ටුවක් තිබුනේ වසර 30 කටත් එපිටදීය. රනිල්ගේ දේශපාලන පිරිපත දෙස දයා ඇසින් බලන්නෙකු නැති තරම්ය. ඔහුව පක්ෂය තුළ හුදෙකලා කරන්නට කරන්නට සිදු වනුයේ එවැනි ජීවිත අත්දැකීමකට මුහුණ දෙන ඕනෑම පුද්ගලයකු විසින් සිදු කරනු ලබන ස්වාභාවික ප්‍රති ක්‍රියාවය. එනම් හුදෙකලා වී තමා ගේ විශ්වාසවන්තයන් යයි තමා අදහන කිහිප දෙනෙකු හට ආසක්ත වීමයි.

යූඑන්පියේ සදාචාරාත්මක දෙබිඩි බව                                                                                   

රනිල්ගෙන් දේශපාලන දේවත්වය බලාපොරොත්තු වන්නන් පළමුව ඔහුගේ මනුෂ්‍ය භාවය තේරුම් ගත යුතුය. රනිල්ගෙන් අතහැරීම, සාධාරණය, දාර්ශනික බව, සෘජු බව අපේක්ෂා කරන්නන් පළමුව කන්නාඩියක් ඉදිරියට ගොස් තමා දෙස හොඳින් බැලිය යුතුය. නමුත් දේශපාලන මනුෂ්‍යත්වය හෝ දේවත්වය කෙසේ වුවද ඔහු කවර හෝ හේතුන් මත දේශපාලන තීරණ ගැනීම මේසයට ගෙන එන පිරිමින් දුටු විට පසක් වන ප්‍රථම කරුණ නම්, රනිල් දේශපාලනිකව විනාශ කිරීමට දශක ගණනාවක් අර අදින්නන් සහ රනිල්ගේ ගජ මිතුරන් අතර වැඩි වෙනසක් නැති බවය. ඔවුන් රනිල්ව හෝ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නන් නොව ප්‍රජාවගෙන් ගෙන් රනිල්ව තව තවත් ඈත් කරමින් රනිල් ගේ කර මතින් රනිල්වම ක්ෂය කරමින් රනිල්ගේ දේශපාලන හුදෙකලාව තුලින් ස්ථුලවන පරපෝෂිතයන් පමණි. මෙම සදාචාර ඛාදනයේ අවියෝජනීය පීඩිතයන් අතර අංක එක හිමි වන්නේ රටේ ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තාවන් .

රනිල් කුරුක්ෂේත්රයේ අර්ජුන මෙන් පක්ෂ අභ්‍යන්තරයේ බල අරගලයේ සහ පශචාද්විශ්වාසභංගයේ පැටලී වෙලී සිටියි. රටේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂයෙන් බිහි වුණු අගමැතිවරයා එරෙහිව ගෙන විශ්වාසභංගය විවිධ හැල හැප්පිලි මැද පරාජය විය. රනිල්  තමා සිය ප්‍රතිමල්ලවයන්ගේ දේශපාලන ආයු අපේක්ෂාව අතික්‍රමණය කිරීමෙහි කෙල පැමිණි, තමා හට පණ නමයකටත් වඩා ඇති බව යලිත් සනාත කරමින් යලිත් පක්ෂය තුළ ප්‍රතිස්ථාපනය වුයේ, යූඑන්පීය තුළ බල ප්‍රතිසංස්කරණයක් කරනු ලබන බවට ප්‍රතිඥා දෙමිනි. එම ප්‍රතිසංස්කරණ තුළට කාන්තාවන් බලගැන්වීමේ න්‍යායපත්‍රය ඇතුළු නොවෙයි නම් එය කාන්තාවන්ගේද ඡ​න්දයෙන් තේරී පත් වූ අගමැතිවරයා ලෙස රනිල්ගේ විශාල දුර්වලත්වයකි; දෙබඩි බවකි. දේශපාලනයේ දර දිය අදින වහලියන් නොව අනාගත ශ්‍රීලංකාව සහ එහි දැක්ම සඳහා හර්දය සංවාදයේ යෙදිය හැකි ධීමත් දේශපාලන යෙහෙළියන් සොයා ගැනීම රනිල්ට තිබෙන සැබෑ අභියෝගයකි.

අළුත් යෙහෙළියක් අවශ්‍යයි

රනිල් සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අදහන්නේ නම් මේ තීරණාත්මක මොහොතේ ඔහුගේ සංකල්පීය ලිබරල් බව ක්‍රියාවෙන් පෙන්විය යුතුය. ඔහු සිය පක්ෂයේ මහ ලේකම් ධුරයට කාන්තාවක් පත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන් අවභාවිත වීම වෙනම රචනාවකට ප්‍රස්තුතයකි. ගෙයින් ගෙට ඡ​න්ද සිඟා කෑමට, තේ හැදීමට, බිස්කට් ඇල්ලීමට, පූජා නැටුම් නැටීමට, පහන් දල්වන විට ඉටි පන්දම අල්ලාගෙන සිටීමට, අමුත්තන් අසුන් පැනවීමට, පා ගමන් වල හිස් තැන පිරවීමට හැර දේශපාලනය ප්‍රවේණියක් නොමැති කාන්තාවන්ට ලැබෙන අවකාශය අඩුය. ශ්‍රීලංකාවේ දක්ෂිනාංශික ලිබරල් පක්ෂය තුළ කාන්තාවගේ ඛේදවාචකය එවැනිය.

නමුත් රනිල් විසින් දැනට සිදු කරනු ලබන බවට වාර්තා වන්නේ කබීර් හෂීම් වෙනුවට පක්ෂයේ මහා ලේකම් ලෙස අතවැසි අකිල විරාජ් කාරියවසම් පත් කිරීමය. අකිල විරාජ් කාරියවසම් යනු වර්තමාන යූඑන්පී අමාත්‍යවරුන් අතර තරමක් ස්ථාපිත නිර්භය පුද්ගලයකි. ඔහුට විරුද්ධව අල්ලස්, දූෂණ චෝදනා දැනට නොමැත. කුරුණෑගල ප්‍රදේශයේ මවුවරුන් සිය පුතුන් තුරුළු කරගෙන නිදා ගැනීමේදී එම පුතුන් සමග ලිංගික සංසර්ගයේ යෙදෙන බව ඔහු විශ්වාස කරන අතර එම නිසා HIV ආසාදිත මවකගේ දරුවා වෙන් කිරීමෙහි වරදක් නොදැකීම හැර ඔහුගේ ලිබරල් මතවාද වල අන් වරදක් නැත ! මනුෂ්‍ය පැවැත්මේ  සහ මනුෂ්‍ය ජීවිතයේ ගැඹුර, පීඩනය හෝ චමත්කාරය නොදකින මෙවැනි දේශපාලන සුරතලුන්ගෙන් රනිල් යූඑන්පිට හෝ ජාතියට  දීර්ඝ කාලීන ප්‍රයෝජනයක් නැත.

යූඑන්පී දේශපාලනය තුළ මෑත අතීතයේ සිය ශක්තියෙන් නැගී සිට ඇති එකම කාන්තාව රෝසි සේනානායකය. නමුත් රෝසිව යතාර්ථවාදී සන්ධර්භයක් තුළ දැකීමට නොහැක්කේ රනිල්ට සහ රනිල්වාදීන්ට පමණක් නොවේ. රෝසි එය කර ගැනීමට බැරිය. ඇය වරින් වර තමා රූ රැජිනක් නොවසැබෑ කාන්තාවක්බව කරන ඛේදජනක සිංහ නාදය තුළම ශ්‍රී ලාංකික දේශපාලනයේ කාන්තාවගේ පරාජිකත්වය ගැබ් ඇත. ඇය සිය දේශපාලනය සඳහා සිය ශරීරය මත යැපෙන්නේ නැති නම් ඉතා මිල අධික අස්වාභාවික ඇක්‍රිලීක් නියපොතු අලවාගෙන, එකම ආකෘතියක හැට්ට සාරී අඳිමින්, පැය විසි හතරේ දකිනා ඕනෑම අවස්ථාවක එකම ආකාරයට සාරි පොට පොරවාගෙන සිටිය යුතු නැත. ඇයගේ FACEBOOK පිටුව තුළ ඇය විසින් පල කර ඇති නගරාධිපතිනිය ලෙස දිවුරුම් දීමේ මිනිත්තු 2 යි තත්පර 14 වීඩියෝ පටය කාය භාෂාව පිළිබඳව සවිඥානිකව නරඹන්න.  එම ඉතා කෙටි කාලය තුළ සත් වරකට වඩා සිය සාරි පොට සකසයි. ඊට අමතරව සිය වැඩ භාර ගැනීමේ ලිපි ලේඛන වලටද අත්සන් තබයි! මින් ඇයගේ දේශපාලන දක්ෂතාවය කිස්සේත් අවතක්සේරු කිරීම අදහස් නොවෙයි.

රෝසි පාර්ලිමේන්තුව තුල ලිංගික හිංසනයට ලක් කරන කුමාර වෙල්ගම වැනි මන්ත්‍රිවරුන් මෙන්ම රෝසිට රෝසිගේ ශරීරයෙන් ගැලවී ලිංගිකත්වයගේ අඛ්යානයෙන් ඔබ්බට ගොස් දේශපාලනය කිරීමට අපහසු බව විටක හැඟෙයි. ඇයගේ රූපලාවණ්‍ය​ පරිණාමය පිළිබඳව දේශපාලනයට බෙහෙවින් අදාලව බොහෝ දේ කිව හැකි වුවද අයගේ සිරුර හිමි ඇයට බැවින් සදාචාරාත්මක හේතුන් මත මීට වඩා එය විච්ජේදනයට ලක්කිරීමෙන් වැළකී සිටිමි. ඉතා කෙටියෙන් කියනවානම් යූඑන්පිය අත නොහැර, සිය කාර්යභාරය තුළින් ඉහලට නැගී, 2015 මහා මැතිවරණයේදී වෙනුවෙන් මහත් සේවයක් කළ රෝසි, තමාගේ පියා සහන්ද ගොඩ වෙනුවෙන් මිස අන් කිසිදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී නොසිටි මනුෂ්‍ය පැහැරගැනීමකට පවා සම්බන්ධ කොළොන්නාවේ පුංචි මැරවරිය මෙන්ම තවත් රූප සුන්දරියක් වූ තරුණ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පරාජය වීම තුළ දේශපාලනය තුළ ලිංගික ආකර්ෂණය මත යැපීමෙහි ඇති නිස්සාර බව පසක් කරවයි.

රනිල් විසින් ශතවර්ෂයක් තුළ කාන්තාවන් වෙනුවෙන් සිදු වුනු ඉතාම වැදගත් දේශපාලනික ප්‍රතිසංස්කරණය වන ප්‍රාදේශීය සභාන්දයේදී කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීම සිදු කරන ලදී. මෙම ඇරඹුමේහි ඇති චමත්කාරය නම් එම ප්‍රතිසංස්කරණය තුළ පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වා විහිදී යාමට ඇති නිසග ගාමක බලයි. අරුතින් ගත කල රනිල් වෙතින් සමානාත්මතාවයේ සිහිනයක් අප දැකීමේ අතාර්කිකත්වයක් නැත. නමුත් වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිටින මියපරලොව ගිය පුරුෂ ලිංග වලින් මෝචනය වූ යූඑන්පී (හෝ අන් කිසිදු පක්ෂයක) මන්ත්‍රී වරියන්ගෙන් කාන්තාවන් වෙනුවෙන් තබා පොදු සමාජය වෙනුවෙන්වත් කිසිදු ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මන්ද ඔවුන් ජරාජීර්ණ වූ පුරුෂමූලික දේශපාලනයෙන් ව්‍යුත්පන්න වුනු ලිප්ස්ටික් තැවරු රූකඩ පමණක් වන බැවිනි. ඔවුන්ගේ සිරුර ස්ත්‍රී වුවද දේශපාලනය පුරුෂමූලිකය.

කුමක් කරමුද ?

යූඑන්පී ව්‍යවස්ථාවට අනුකූලව රනිල් යූඑන්පී සාමාජිකත්වය හිමි සාර්ථක, උගත්, දේශපාලන අවබෝධයක් සහ දේශපාලන ස්වයංභූ ඥානයක් හිමි ප්‍රවේණියෙන් දේශපාලනය නොකරන කාන්තාවක් මේ තනතුර වෙනුවෙන් පත් කර ගත හැක. ඇය යම් වෘත්තීය පසුබිමක් සහිත, පිරිස් කළමනාකරණය, සමාජ සම්බන්ධතා පැවැත්වීම, ගැටුම් නිරාකරණය වැනි මනුෂ්‍ය ජීවිතය සඳහා අවශ්‍ය ගතිගුණ වලින් යුක්ත විය යුතුය. මේ දේශපාලන මඩ ගොහොරුවේ කුණු නොවුණු මේ රට පිලිබඳ යම් හැගීමක් ඇති, ද්වී භාෂික හෝ ත්‍රි භාෂික, ගෝත්‍රික නොවන, ජාතිවාදී නොවන යම් කාන්තාවක් මිලියන 22ක් ජනගහනයක් තුළ අනිවාර්යයෙන්ම සිටිනවා විය යුතුය.

තවද ඉදිරි සියලු මැතිවරණ වලදී රනිල් 50% දේශපාලන අවකාශය වෘත්තීය, දක්ෂ, කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම සලකා බැලිය යුතුය. මේ දේශපාලන අවකාශයට ජාතික ලැයිස්තුවද අයිති විය යුතුය. මේවා කිරීමට රනිල්ටම බල කරනු ලබන්නේ ඉතිරි දේශපාලන නායකයින් මිය ගොස් නිසාදයි ඔබ අසනු ඇත. එය ඉතා හොඳ ප්‍රශ්නයකි!

යෙහෙළිය එන තුරු

අලුත් යෙහෙළිය එන තුරු යූඑන්පියේ මහා ලේකම් විය යුත්තේ  කවුරුන්දමා සිතන ආකාරයට 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ යතාර්ථවාදී අපේක්ෂාවක් වෙත් නම් අනිවාර්යයෙන්ම මහ ලේකම්ධූරය කාන්තාවකට හිමි විය යුතුය. ඇය සොයා ගන්න තුරු එය ඉමිතියාස් බකීර් මාකර් වැනි සර්වජන පීලිගනීමක් ඇති, ගෝත්‍රික නොවන ශ්‍රීලාංකික අනන්‍යතාවයක් ඇති අයෙකුට දිය යුතුය. එහි එල්බ ගෙන සිටීම සඳහා නොව නව රටක් නිර්මාණය කිරීම කාන්තාවක් එම තනතුරට පත් කර ගන්නා තුරු පමණක් එම තනතුරට පත් කරන බවද නොවලහා පැවසිය යුතුය.  කාන්තාවන්  සඳහා සමානත්මතාවයේ සමාජය ගොඩ නැගීම රනිල්ගේ සදාචාරාත්මක වගකීම වන්නේය. විනාශයේ මොහොතට බොහෝ මෙපිටින් රනිල් සිය ඩෝරියන් ග්‍රේ චිත්‍රය තම හර්ද සාක්ෂියේ ඇස් වලින් දෙස හොඳින් බැලිය යුතුය. අපද ඔහු දෙස බලා සිටිමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    මොන හේතුවක් නිසාවත් කිසි දවසක ආයෙ යූඑන්පී ආණ්ඩුවකට බලයට එන්න ඉඩ දෙන්න හොඳ නැහැ. පක්ෂ මාරු කරත් යුඑන්පි හිටපු කාටවත් චන්දෙ දෙන්න හොඳ නැහැ. සිංහල බෞද්ධ සමාජයෙන් බාගෙට භාගයක් විනාශ වෙලා ඉවරයි. පත්තර වල තියෙන්නේ ඒ විනාශයේ සුළු ප්‍රමාණයක් විතරයි. ගැහැණු පිරිමි දරුවො මේ වැඩි දෙනෙකුගේ මනස විකෘති වෙලා, තනිකරම විපරීත සමාජයක් හැදිලා. නරක දුශ්චරිත දේවල් කියලා කියන දේවල් සාමාන්‍ය දේවල් වෙලා දකින විදියට මිනිස්සුන්ගේ මනස වෙනස් කරගෙන යනවා සීඝ්‍රයෙන්. සිංහල බෞද්ධයෝ මීළඟට චන්දෙ දෙන්න ඕනේ සිංහල බෞද්ධ දේශපාලකයන්ට විතරයි. රටේ ජනාධිපති සහ අගමැති අනිවාර්යයෙන්ම උපන් ගෙයි බෞද්ධයෙක් වෙන්න ඕනේ, පස්සේ බුද්ධාගමට ආපු කෙනෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවට වුනත් පත් කරන කොට එහෙම වෙන්න ඕනේ. කරන්න තියෙන එකම දේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පක්ෂයක් හදන එක. සිංහල බෞද්ධයන් සංඛ්‍යාව වේගයෙන් අඩු වේගෙන යනවා. අනිවාර්යයෙන්ම අපිට අපේම කියලා පක්ෂයක් ඕනේ. දේශපාලකයන්ට සිංහල බෞද්ධයන්ට වඩා වටින්නේ චන්ද. ඒ හින්දා රටේ සාමාන්‍ය ජනතාව ඉදිරිපත් වෙන්න ඕනේ සිංහල බෞද්ධයන්ගේ අනාගතය වෙනුවෙන්. ඇමරිකාවේ ජන සංගණන වලට අනුව කියනව 2043 වෙනකොට සුදු හම තියෙන නියම ඇමරිකන් සුද්දෝ සුළු ජාතිකයන් වෙලා අන්‍ය ජාතිකයන් මහජාතිය වෙනවලු. අපිටත් ඔය ටික වෙනවා. සිංහල සිරිත් විරිත් චාරිත්‍ර වලට පහර ගහනව. සිංහල අවුරුද්ද සහ කැවුම් කොකිස් ගැන සිංහලෙන් කියල තිබුණු ලිපියකට කවුද comment එකක් දාල තිබුන මේක විවිධ සංස්කෘතීන්ට අයත් රටක්. මීට පස්සේ ඔයි වගේ ජාතිවාදී ලිපි පල කරන්න එපා කියල. සියයට 76%කුත් ඉඳලා දැම්මම මෙහෙම නම් ඉස්සරහට කොහොමද? රටේ ඊළඟ නායකයා තෝරන කොට සිංහල බෞද්ධයන් නොබෙදී තනි පුදගලයෙකුට චන්දෙ දෙන්න ඕනේ. එහෙම නැතුව නම් අපේ ජාතිය බේර ගන්න විදියක් නැතිවෙයි. සිංහල චන්ද කොහොමත් ලැබෙනවනේ කියලා සිංහල දේශපාලකයෝ මේ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට වැදගත් චන්ද විතරයි.

    • 1
      0

      ”..මම ඉපදුනා සිංහල පවුලක, මම ඒක ඉල්ලූව දෙයක් නෙවේ, එක මට ලැබුන දෙයක්. තව කෙනෙක් ඉල්ලූවේ නැහැනේ දෙමළ පවුලක ඉපදෙන්න. මගේ ලේවලයි එයාගේ ලේවලයි වෙනසක් නැහැනේ. අපි උපදිනවා පවුලකට. ඊට පස්සේ අම්මා තාත්තා උගන්වන දේ තමයි අපි දන්නේ. අපේ සංස්කෘතිය, භාෂාව වෙනවා ඒක. නමුත් මනුෂ්‍යත්වය කියන්නේ ඊට වඩා විශාල දෙයක්. අපි ඒක ගැන හිතලා මේ රට ඉස්සරහට ගන්න ඕනේ..”

  • 0
    0

    The quoptations of OScar Weild, and this Dorain Grey which is very foreign to Sri lankans show that you are a foreignr to Sri lankan culture. Ranil is not the Ranil that you say. You talk about this GIVING AWAY by Ranil. Sinhale Majority knows very well what is that is. IF Ranil was Letting it go, why he was hanging on to the Party Leader post for ever. I think even in your country there is a succession of the Political leaders. but Ranil is not so. and even with a propven accusation of one of the worst Financial FRAUD Ranil was saying we made a mistake and nothing else. Instead he had planned it vry well. You know Ranil and Arjun Mahendra’s trips to Belgium and what happened there. Ranil i snot a Saint. did you here that Ranil had set up Maithri Gunanrathne, I think President found it, ans Maithri gunarathne was found with Two pistols and 80 Kurundu 2-4s (in language that you understand. I do not know who do you conenct 52% of sri lankan women to Ranil and say Ranil is the only man who will empower women. so that Rosie should be the party Secretary. Your plans are very clear. I am a sinhala buddhist and I don not know why foreign powers wants buddhism destoyed in Asia becuse they can not be bought the way Christians and Muslims bought and abused. If you want go to global Research.ca and understand the depth of the PIVOT TO ASIA program and why poor people and innocent countries have to suffer becuse certain westerncountries want their way. don’t say Ranil is a Saint We know how saintly he is. He is keeping one of his close associates who has multiple financial frau charges. That thief was the former finance minister and I hear now he wants civil aviation or the tourism which are two other places money is extensively handled.

  • 0
    0

    Why Secretary post is that important for Rosie. Is it a step towards the goal ? why it is that slow or Rosie is going to replace Ranil ? Woman representation is important in your country. We heard women got the universal Franchise only in 1960s. Srilanka di dnot treat women that way. In Srilanka women prefer to stay home and look after the child. We ar enot going to be a world super and we do not have such intentions. what we and our culture need is good family units. On the other hand, We do not have barriers when women want to go and become PResidents, PMs. We had women Presidents and PMs long before your country even thought about it. So, donot come to enforce your values on us. Read and see KUWENI one of the first queens, ANULA DEVI, MRs B are from our country. Don’t BS here and try to brain us saying Sri lankan are primitive.

  • 0
    0

    This intercourse story is not relevent to Sri lanka. You have read the wrong literature.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    As far as I Understand, Ranil doe snot like Senanayakes. but, rosie Is the only Senanayake in his close circle. Rosie is not a Leader. she is a follower and [edited out]. Ask her what her achievements were as the Women’ Affairs minister. then she was the chief minister for the Western council. I think her only contribution was with all the 45 or so people she went in achina Study Trip, There also she left why. Now, she is the Municipality Mayor and there also [edited out]. Before that Ranil was keeping her as her Office assistant or what ever and during that she became part of the bond scam. I think Ranil is kepping her not because she is a WOMAN LEADER,[edited out]

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.