25 April, 2024

Blog

“ශ්‍රීමත්” සිරිසේනගේ ඩාලිං සජිත් 

ගෘෂා ඇන්ඩ්රූස්

අපි සියලුදෙනා වීරයෙකුව සොයනෙමු. අපි සියලු දෙනා බලාපොරොත්තුව සොයනෙමු. අපගේ නායකයන් අපව පරාජය කර ඇත. ඔවුහු අපේ ධනය සොරා ගනිති, බැඳුම්කර වංචා කරති, ජනමාධ්‍යවේදීන්ව ඝාතනය කරති, රොකට් යවති, හොර අගමැතිවරුන්ව රෑ පානේ හොරෙන් පත් කර ගනිති, ආගම්වාදය පතුරවති, අපේ ගස්කොලන් ටිකද කපා දමති. හොර තක්කඩියන් සහ සාස්තරකරුවන් ට අනුව රට පාලනය කරති. ඉන්දියාවේ ප්‍රතිමා කිරි වතුරින්, සුවඳ දියෙන් නහවති.

2018 ඔක්තෝම්බර් මස ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදු වූ අවස්ථාවේ එතුලින් කුමක් හෝ යහපතක් ශ්‍රීලංකාවේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සිදුවිය හැකි බව ජනතාව අදහන්නට කැමැත්තෙන් සිටියහ. අවුරුදු 30කින් එජාප ජනාධිපතිවරයකු නොලද  එජාප පාක්ෂිකයන් ඔවුන්ගේ ප්‍රතීක පිළිතුර දෙසට නැමුනහ: සජිත් ප්‍රේමදාස! ඔවුන් මේ ව්‍යවස්ථා අර්බුදය දුටුවේ රනිල් නමැති එලවා ගත නොහැකි පරාජිත කරදරයෙන් බේරී රිංගා යාමට ලැබුණු කුඩා කුරුබිලියක් ලෙසිනි. සජිත්ගේ කුප්‍රකට නිදන් හෑරූ අතීතය, බුදු පිළිම වල හදවත් විසුණු කළ අතීතය ඔවුන් නොදැක්කා සේ අමතක කලේ ඔහු එම චෝදනා වලට ජනාධිපතිවරයාගේ පුතෙකු ව සිටියදී වරදකරුවකු බවට ඔප්පු නොවුණු බව තමන්ටම කියා ගනිමිනි. එම මතකයන් ලිස්සා හරිමින් “නව බලාපොරොත්තුවේ” ලේබලය වහ වහා සජිත් මත ඔවුහු ඇලවූහ. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය කෙතරම් සුන්දරද, ඔහු කෙතෙරම් උගත්ද, රනිල් ඔහුව කෙතරම් කොන් කලේද ආදී වශයෙන් තමාටම කියාගත් ඔවුහු සජිත්ව එජාපයේ ගැලවුම්කරුවා ලෙස බෞතිස්ම කළහ.

නමුත් ඔවුන්ගේ ඒ මතය නිවැරිදි නැත.

අපි කරුණු මත පදනම්ව එකින් එක සලකා බලමු. 

සජිත් ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ උපාධිධරයකු නොවෙයි

සජිත් ප්‍රේමදාසගේම වෙබ් අඩවියට අනුව​ ඔහු සුප්‍රකට the London School of Economics and Political Science (LSE)හි උපාධිධරයෙකි. එයට අනුව “ඔහුගේ උපාධිය ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ අන්තර්ජාතික සබඳතා යන විෂය ක්ෂේත්‍ර ආවරණය කළේය. එම උපාධිය ලබා ගැනීමෙන් පසු සජිත් ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවර අසල මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධියක් කිරීමට තීරණය කළේය”. 

ඉහත පටලා ලියා ඇති වචන වල කෙටි අරුත නම සජිත් LSEහි උපාධිධරයකු නොවන බවය. මෙහි ඔහු ලබා ගත් උපාධියෙහි නම සඳහන් නොවන අතර “ආවරණය කල විෂය ක්ෂේත්‍ර” පමණක් සඳහන් කරයි. 2013 ඔක්තෝම්බර් මස කලම්බු ටෙලිග්‍රාෆ් කල අනාවරණයකින් පසු විමසුමකට පිළිතුරු දීමට සිදු වූ සජිත් ඔහු ඔහුගේ විකිපීඩියා, ෆේස්බුක් සහ මුදල් ගෙවා ලියවූ චරිතාපදාන වල ලියවී ඇති පරිදි තමා LSE හි උපාධිධරයකු නොවන බව පිළිගත්තේය. තවද තමා සතුව උපාධි සහතිකයක් නැති බවද ඇත්තේ LSE විසින් නිකුත් කල “ඇග්‍රෝටැට්” ලේඛනයක් පමණක් බවද ඔහු පිළිගත්තේය.

ඇග්‍රෝටැට්උපාධියක්යනු කුමක්ද? 

බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව දරුණු රෝගයක් වැළඳීම නිසා හෝ ශිෂ්‍යයකු මිය යාම නිසා හෝ අන් හේතුවක් මත උපාධිය ලබා නොගත් අවස්තාවක, “ඔහු හෝ ඇය ඉගනගත්තානම් එම උපාධිය සම්පුර්ණ කල හැකිව තිබුණු” බවට පවසා නිකුත් කරන ලේඛනයකි ඇග්‍රෝටැට් උපාධිය. එම ලේඛනය උපාධි වර්ගීකරණයට අයත් නොවන අතර එය උපාධියක් සමත්වීමේ ලේඛනයක් ද නොවෙයි. 

කොටින්ම කියතොත් විශ්වවිද්යාලයකින් නෙරපා නොදමා, එහි උපාධි වැඩසටහනක රෙජිස්ටර් වී සිටීම වෙනුවෙන් නිකුත් කරන ලේඛනයකි ඇග්‍රෝටැට් “උපාධිය”. උපාධිය සදහා උගෙන නොගත් අයෙකුට දෙන ලියවිල්ලක් බැවින් එම​ විෂයයන් සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතාවයක් ඇති බව එම ලේඛනයෙන් ගම්‍ය නොවෙයි. කොටින්ම කියනවානම් එම ලේඛනය සජිත් හොඳින් දන්නා “උස නම් සේකුරිටි- කොට නම් කම්කරු” වැනි ඉතා බොළඳ තර්කනයක් මත පදනම් වූ ලියවිල්ලකි.

සජිත් ගේසරම්පඋපාධිය 

2013 කලම්බු ටෙලිග්‍රාෆ් වෙත කරුණු දැක්වූ සජිත් ප්‍රේමදාස පසුව කියා සිටියේ, තම LSEහි පළමු වසරේ විභාගය සඳහා පමණක් පෙනී සිටි බවත් ඉන් පසුව ඔහුට සරම්ප රෝගය වැළදී සිට කකුල් වල අංශභාග තතත්වයක් වැළඳී ඉතිරි  විභාග සහ අධ්‍යාපනය කළ නොහැකි වූ බවත් ය. සජිත් ගේ නිල වෙබ් අඩවිය ඔහු LSE හි “උපාධිය ලැබූ” වසර සූක්ෂ්ම ලෙස සැඟවුවද එහි ඇති කරුණු අනුව ගලපා ගත හැක්කේ ඔහු 1987 සිට 1991 කාලය දක්වා එහි සිටි බවය. මක් නිසාද යත් ඔහු 1986 දී ද්විතීය අධ්‍යාපනය නිම කළ අතර ‘පශ්චාද් උපාධියක්” හැදෑරීම සඳහා ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට යන්නේ 1993 වසරේ බව එහි සඳහන්  නිසාවෙනි. 

එක්සත් රාජධානියේ නිල සෞඛ්‍ය දත්ත වලින් සහ Public Health England (PHE) මගින් තහවුරු වන ආකාරයට 1987 සිට 1992 වසර කාලය තුල වැඩිහිටියන් අතර සරම්ප වැලඳීමක් වාර්තා වී නැත. 1992 වන තුරු එක්සත් රාජධානියේ සරම්ප වැළඳුනු රෝගීන් අතර වැඩිම වයස ලෙස වාර්තා වෙන්නේ අවුරුදු 13ක බ්‍රිතාන්‍ය ජාතික දරුවෙකි.

තවද, වැඩිහිටියන් අතර වැළඳෙන සරම්ප නිසා ගාත්‍රා අංශභාග තත්ත්වයට පත්වීම වනාහී ඉතාමත්ම කලාතුරකින් වන සංකුලතාවයක් වන අතර එසේ සිදු වුවද එම තත්ත්වය සති දෙකකට වඩා නොපවතින බව සරම්ප රෝගය පිලිබඳ ලොව පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශන වල පලවී ඇති ක්‍රමික විචාරයන් සහ සංයුක්ත විචාරයන්ගෙන් සනාත වෙයි. බ්‍රිතාන්‍යයේ ඉතා දියුණු ප්‍රජා වෛද්‍ය ක්‍රමයේ ඇසින් ගැලවී ඇති රහසිගත ලෙස සජිත්ට වැලඳුණු මෙම වැඩිහිටි සරම්ප රෝගය සහ සංකුලතාවය ඔහුව දේශපාලන ආශ්චර්යයක් නොව වෛද්‍ය විද්‍යාත්මක  ආශ්චර්යයක් බවට පත් කරයි.

කෙසේ වුවද නෛතිකව සහ සදාචාරාත්මකව සජිත්ගේ වෛද්‍ය වාර්තා ඔහුගේ පෞද්ගලික පරිශලනය සඳහා පමණක් බව අප පිළිගත යුතු අතර එක්සත් රාජධානියේ නිල දත්ත සමග මෙහි සසඳා ඇත්තේ සජිත් විසින්ම සිය රෝගය පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ස්ව කැමැත්තෙන් සිදු කළ ප්‍රකාශ පමණි. 

සජිත්ට මේරිලන්ඩ් සරසවියෙන් මහජන කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධියක් නැත

සජිත් ප්‍රේමදාස ඔහුට ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියෙන් මහජන කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධියක් ඇති බව වෙබ් අඩවි, ෆේස්බුක් සහ චරිතාපදාන මගින් කෙරෙන ලියවීම සම්පුර්නයෙන්ම සාවද්‍ය එකක් වෙයි. එය ඇත්තෙන්ම විවිධ දේශපාලකයන් සමග කරන ලද “සීමාවාසික” පුහුණුවකි. එසේ පුහුණු වුයේ කවර උපාධියක් සඳහාදැයි යන්න පැහැදිලි නැත. 

මෙය අවංක භාවය පිලිබඳ ප්‍රශ්නයකි

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට තෝරා පැතීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවෙයි. නමුත් මානසික රෝගියකු නොවීම අවශ්‍ය වෙයි. සමාජයේ සාරධර්ම ඛාදනය සමගම ඉතා භයානක ලෙස ජනතාව තුල රාජ්‍යය පිලිබඳව විශ්වාසය ක්ෂය වෙමින් පවතී. දේශපාලකයන්ගේගේ හොර මැරකම් සහ බොරු වලින් ජනයා පීඩිතව සිටිති. 

සජිත් ප්‍රේමදාසට LSE විශ්වවිද්‍යාලයෙන් හෝ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධි තිබීම හෝ නොතිබීමට වඩා ප්‍රශ්නය වන්නේ ඔහු තුල අවංකභාවය නොමැති වීමයි. සජිත් ප්‍රේමදාස යනු එජාපයේ ගැලවුම්කරුවාණන් ලෙස ඔහු වටා සිටින හෙන්චයියන් විසින් උත්කර්ෂයට නංවනු ලබන්නෙකි. සජිත් යනු ශ්‍රී ලංකාවේ සැබෑ නායකයකු වනු තබා සිය ජීව දත්ත පිලිබඳ සරල සත්‍යයවත් නොකියන්නෙකි. මෙවන් නායකයකු රට සමුර්ධිය හෝ සභ්‍යත්වය කරා ගෙන යනු ඇතිද? 

බුදලයක් නැත, පඩියක් නොගනී, නමුත් සල්ලි දන් දෙයි 

සජිත් වෙත ආලෝලනය වූ එජාප පාක්ෂිකයෝ රනිල් සමග දේශපාලනව ඔට්ටු වීමෙන් හති වැටී  සිටින්නන්ය. තමා මන්ත්‍රී වැටුපක් නොගන්නා බවද, නිල රථයක්, නිල පෙට්රෝල් වැනි වරප්‍රසාද නොගන්නා බවද සජිත් කෙතෙරම් වරක් කියා ඇතිද යත් ඒවායෙන් අපේ කන් පිරී ඇත. සජිත් ප්‍රේමදාසගේ පියා මැද කොළඹ කෙසේල්වත්හේ මුඩුක්කු පිරුණු දුගී දුප්පත් තැනක උපත ලැබීය. එවැනි සම්භවයක් ඇති සජිත් හට අනුන් හට දන් දෙන්නට උපතින් උරුම බූදලයක් නැත. ඔහු වෙනත් ව්‍යාපාර කරන බවට වත්කම් ප්‍රකාශනයක් ද අප දන්නා පමනින් නිකුත් කර නැත. ඔහු ජීවිතයේ කර ඇති එකම රැකියාව වන පාර්ලිමෙන්තු මන්ත්‍රී රැකියාටත් වැටුපක් නොගනී.

නමුත් ඔහු යන යන පන්සල් ගානේ එම පන්සලට රුපියල් 50,000ක් දන් දෙයි. ඡන්ද​දායකයන්ට, විවිධ සංගම් වලට, පාසල් වලට “සිය මුදලින්” ලක්ෂ ගණන් ධන පරිත්‍යාග කරයි. මේ මුදල් පහල වන්නේ කොයින්ද? ඔහුගේ ගෙවත්තේ සල්ලි ගස් වල සල්ලි වැවෙනවාද? මෙසේ මුදල් පහලවන්නේ නවකතා වල කියවෙන ආකාරයේ සල්ලි අච්චු ගසන්නන්ටය.  

එජාප සෝදා පාලුවේ සාධකයක්: සජිත්

එජාපයේ සෝදා පාළුවේ ප්‍රධානතම හේතුව ලෙස නම් කළ හැකේ දඩබ්බර ලෙස අනුග්‍රාහී දේශපාලනයේ නියැලෙමින් බලයේ එල්ලී සිටින රනිල් වික්‍රමසිංහය. ඔහුගේ බටහිර උරුවේ ප්‍රතිරූපය විසින් එජාපයේ ජන පදනම ක්‍රමිකව ඛාදනය කර ඇත. 

රනිල්ගේ ඉහත ප්‍රතිරූපය නිර්මාණය කිරීමට යතාර්ථය මෙන්ම ජනමාධ්‍යද සහභාගී වී ඇත. ඒ සඳහා වන රනිල්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරය ඉටුකරන ලද්දේ මහරාජා ආයතනයේ සිරස ටීවී විසිනි. සිරස ටීවීහි ලබැඳියාව සජිත් ප්‍රේමදාසය. ඔහු වැනි අන් අය වුයේ එස් එම් මරික්කාර්, බුද්ධික පතිරණ සහ හර්ෂ ද සිල්වාය. 

සිරස ටීවී විසින් ඇදහිය නොහැකි ආකාරයේ මාධ්‍යකරණයක නියැලෙමින් ඉතා පහත් ලෙස එජාප නායකයාට ගරහද්දී සජිත් ප්‍රේමදාස විසින් කලේ සිරසෙහි සුරතලා ලෙස කල් ගෙවීමය. ඔහු ගමින් ගමට යමින් එජාප නායකත්වය හෙලා දකිමින්, රනිල් ජාතිකත්වයෙන් තොර වුවෙකු බවට ගැමියන්යන්ගේ මොළ සෝදමින් ගෙන ගිය ක්‍රියාව අවුරුදු 15ක් තිස්සේ නොකඩවා කරගෙන ගියේය. මෙසේ රනිල්ට සිදු කළ පෞද්ගලික මඩ ප්‍රහාර තුලින් සජිත් කලේ එජාපයේ බිම්මට්ටමේ විශ්වාසය පක්ෂයට අහිමි කිරීමය. අද වන විට තිබෙන පාරාජිකා වූ එජාපයේ ප්‍රධාන නිර්මාතෘවරයා සිරස සමග ගම්වල ගෙයින් ගෙට ගොස් එජාපයේ අභිමානය සිඳ දැමු සජිත්ය. සජිත්ගේ එම කතා සිරස ටීවී මගින් නැවත නැවත ප්‍රචාරය කරමින් එය එජාපයේ ජාතික ඛාදනයක් බවට පත් කළේය. සජිත් ද අද එම පාරාජිකාවෙහිම ගොදුරකි.  

සජිත් යනු එජාපයේ ප්‍රති-ඡන්ද​ ව්‍යාපාරයේ නිර්මාතෘ 

වසර 19 ක සිය දේශපාලන ජීවිතය තුල රටේ ආර්ථිකය, ව්‍යවස්ථා සංශෝධනය, බලය බෙදීම, ජනවාර්ගික ප්‍රශ්නය, අන්තර්ජාතික ප්‍රතිපත්තිය වැනි වැදගත් මාතෘකාවක් පිළිබඳව කිසිදු බුද්ධිමය සංවාදයකට සජිත් රුපවාහිනියක හෝ අන් ජනමාධ්‍යයක සංවාද කර නැත. ඉතා තීරණාත්මක මැතිවරණයකදීවත් ඔහු පක්ෂය වෙනුවෙන් මැතිවරණ විවාදයක් සඳහා ඉදිරිපත් ව නැත. ඒ වෙනුඅට ඔහු සියළු මැතිවරණ​වලදී කරන්නේ හම්බන්තොටට දිව ගොස් එජාප නායකයාව විවේචනය කරමින් සිය ජන පදනම තනා ගැනීමය. 

රාජපක්ෂ දේශපාලනය සිහි ගන්වමින් හිතුමතේ ගෙවල් ප්‍රදානය කිරීම, හිතුමතයේ විවිධ පුද්ගලයන් නමින් උදාගම් නම් කිරීම වැනි දෑ සජිත් විසින් සිදු කෙරෙයි. මෑතකදී ඔහු දේශපාලන කෘරත්වයට ලක් වූ පොද්දල ජයන්ත ජනමාධ්‍යවේදියා නමින් උදාගමක් නම් කරන්නට ගොස් පෝද්දල ජයන්තගෙන් රණසිංහ ප්‍රේමදාස සමයේ සිදු කළ මාධ්‍යවේදී ඝාතන මතක් කරවමින් ලියු ලියුමකින් “හොඳ දෙකක්” අසා ගත්තේය. 

සිරසේත්, සිරිසේනගේත් සුරතලා සජිත් 

ඔබ කාගේ සුරතලාද යන්න, ඔබ කාගේ සතුරාද යන්න පිළිබිඹු කරයි. සජිත් නැමති සාධකය සාරාංශයක් වශයෙන් තේරුම් ගැනීමට නම් පහත වීඩියෝව නරඹන්න. ශ්‍රී ලකාවේ අවසාන වතාවට තම්න්ව ශ්‍රීමත් ලෙස හඳුන්වා ගත්තේ කුල පීඩනයෙන්, සමාජ අසාධාරණයෙන්, එජාපයේ කුල්ටූර් “මහත්වරුන්” ගේ අධිමානය විසින් හීනමානයට පත් කළ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. මෛත්‍රිපාල සිරිසේන එම “නම්බුනාමය” නොඉල්ලාම ඔහුගේ ඇඟේ ගසමින් ඔහුව “ශ්‍රීමත් ජනාධිපති” ලෙස සජිත් හඳුන්වයි. ඒ ඔහු කුඩා තැනකින් ඉහලට ආ මිනිසෙකුගේ මනෝභාවයන් අත්දැකීමෙන් හඳුනන බැවිනි.  සිරසෙහි ප්‍රධාන සුරතලෙකු වන සිරිසේන “ශ්‍රීමතාණන්” සජිත් කෙරෙහි දක්වන “ප්‍රති-ප්‍රේමය” පමණක්ම වුව මෙම ලිපියේ හරය තේරුම් ගැනීමට ඔබට උපකාර වනු ඇත. 

Print Friendly, PDF & Email

Latest comments

  • 12
    0

    What the writer says is very true. We were never informed about sajith premadasas stand on any important national issue. May be he does not have a view. He is unknown quantity. That is not safe as we are today experiencing the unknown quantity we chose in 2014. Can’t the grand old party groom an educated, responsible young leader eho is sensitive to the peoples needs?

  • 8
    0

    Ah, good! So you have published this in Sinhala as well.
    .
    We have to be grateful Colombo Telegraph for being a reasonable free and fair forum (that’s such a difficult task that the qualification is not really a criticism.) However, this article must be presented to the much wider public than those who are going to read the article here.

  • 11
    0

    ඔබ පවසන දෑ සියල්ලම සත්‍යයයන්ය. නමුත් ප්රශ්නය වී ඇත්තේ සජිත් ‌ෙප්‍රේමදාස ‌ෙනොවේ. ලංකාවේ සිටින මිනිස්සු ය. ඔවුන් කැමති ඔවුන්ට උවමනා මහින්ද ‌‌ෙහෝ සජිත් වැනි අයයි. ඒ ගැන ඒ් ‌ෙදෙදෙනාට ‌ෙදොස් කීම ඒතරම් සාධාරන නැතැයි මම සිතමි. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන ‌ෙදේ දීම පමනි. ඒ් නිසා මඩු වලිගයෙන් තලන්න ඔ්නෑ ‌ෙමේ ජහමනයාටය

  • 8
    0

    Why are we worried about sajith P. He is not top leadership matirial !

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.