25 April, 2024

Blog

ණය බර සහ සංවර්ධනය​

රනිල් වික්‍රමසිංහ – 

ගම්පෙරළිය වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් සේම. අනාගත ජයග්‍රහණයේ පෙරනිමිත්තක් බව කිව යුතුයි. අපි සියලූදෙනා එකතුවී මේ වැඩකටයුතු සාර්ථක කරන්න ක්‍රියා කරමු. 

මට ඉහත මේ වේදිකාවේ අදහස් පළ කළ මුදල් ඇමැතිතුමා ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ගැන පුළුල් විස්තරයක් කළා. ඒ නිසා මම ඒ ගැන නැවත කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම මෙහි පසුබිම ගැන පැහැදිලි කරන්න කැමැතියි. 

ඇයි අපි ගම්පෙරළිය ඇති කළේ 2015 දී අපි ආණ්ඩුව පත් කර ගත්ත අවස්ථාව වන විට අප හමුවේ විශාල අභියෝගයක් තිබුණා. ඒ අනුව මුළු ලෝකයෙන්ම කොන්ව පැවැති බෙදුනු රටක් අපට භාරගන්න සිදු වුණා. අපේ ආණ්ඩුව බලයට පත්වන විට මේ රට විශාල ණය උගුලක සිරවී තිබුණා. එවකට සිටි ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව මේ ප්‍රතිඵලවලට විසඳුම් සොයාගත නොහැකිව පැනගොස් තිබුණා. 

කිසිදු ආණ්ඩුවකට මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි යැයි ඔවුන් එදා කල්පනා කළා. නමුත් අපි බිය නොවී අභියෝගය භාර ගත්තා. ඒ අනුව අප මත පැටවී තිබූ ලෝකයේ විශාලම ණය බර ගෙවා දැමීම අප ආරම්භ කළා. ග්‍රීසියෙන් පසු ගෙවීමට තිබූ ලොව විශාලම ණය බර මෙයයි. ණය ගෙවීමේදී එදා ග්‍රීසිය සිදු කළ ආකාරයට වැඩකරන ජනතාවගේ වැටුප් කපා හරින්න සිදුවෙනු ඇතැයි මේ අය කල්පනා කළා. නමුත් අභියෝගය භාරගැනීමෙන් පසු අපි මුලින්ම සිදු කළේ වැටුප් වැඩි කිරීමයි. 

ලංකා ඉතිහාසයේ කිසිඳු ආණ්ඩුවකට මෙවැනි විශාල ණය බරක් ගෙවීමට සිදු වුණේ නැහැ. මේ වසරේ පමණක් අප ඩොලර් මිලියන 5600 ක් විදේශ ණය ගෙවිය යුතුයි. රාජ්‍ය අයවැයෙන් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ වැටුප් ගෙවන්නවත්, සංවර්ධන වැඩ සඳහාවත්, ගම්පෙරළිය ක්‍රියාත්මක කරන්නවත් නොවෙයි. වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ණය ගෙවීම සඳහායි. 

මේ අභියෝගයට මුහුණදීමට අපට නොහැකි වනු ඇතැයි එදා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම කල්පනා කළා. නමුත් අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණදී මේ වන විට ණය බරෙහි ස්ථාවර භාවයක් ඇති කර තිබෙනවා. 

මේ රට අපි භාරගෙන රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගුවා. මේ කාල වකවානුව තුළ ආර්ථිකයේ විවිධ ප්‍රශ්න මතු වුණා. ජනතාවගේ ජීවන වියදම ඉහළ ගියා. බඩු මිල වැඩි වුණා. ජනතාව මත විශාල බරක් පැටවුණා. එය අප පිළිගන්නවා. මෙවැනි අර්බුදයක් ඇති කළ අයගේ පව් ගෙවා දැමීමට සිදු වුණා. නමුත් අනුන් පව් කළා කියා රට වැටෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. 

අපි ආණ්ඩුව භාරගෙන පළමු අවුරුද්දේ සංවර්ධන කටයුතු සඳහා සෑම ප්‍රදේශයකටම රුපියල් ලක්‍ෂ 10 බැගින් ලබා දුන්නා. ඊළඟ අවුරුදු කිහිපය තුළ එම කටයුතු තවත් පුළුල් කරමින් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල දියුණුව සඳහා විශාල ලෙස මුදල් වෙන් කළා. 

ලෝකයේ බොහෝ රටවල රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ ලබාදෙන්නේ නැහැ. නමුත් අපි නොමිලේ ස්ටෙන්ට් ලබාදුන්නා. එපමණක් නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා විශාල වැඩකොටසක් කිරීමට ගෙවුණු කාලය තුළ අපේ ආණ්ඩුවට හැකි වුණා.

පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට අපට හැකි වුණා. හොඳම පාසල ළඟම පාසල වැඩසටහන යටතේ අලූත් ගොඩනැගිලි පාසල්වල ඉදිකළා. විදුහල්පතිවරු විභාගවලින් තෝරා පත්කර ගන්නා ක්‍රමයක් ඇති කළා. සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයක් ඇති කර පාසල් දරු දැරියන් පමණක් නොව දෙමව්පියන් වෙනුවෙන් ද රක්‍ෂණයක් ඇති කළා. මේක කිසිඳු කාලයක මෙම ක්ෂේත්‍රවල මෙවැනි දියුණුවක් ඇති කර නැහැ. 

ග්‍රාමීය මට්ටමේ සිට මධ්‍යම අධිවේගී මාර්ග දක්වා රටේ මාර්ග පද්ධතිය සකස් කළා. අමාත්‍යංශ කිහිපයකින් නිවාස ඉදිකිරීම ආරම්භ කළා. ජල පහසුකම් නොමැතිව සිටි ජනතාවට ජල පහසුකම් ලබාදීමට පියවර ගත්තා. මේ ආකාරයට අප නිහඬව පුළුල් සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ජනමාධ්‍ය ඔස්සේ අපේ පින්තඣර වෙන්කර ගෙන කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරමින් අපි මේ වැඩ සිදු කළේ නැහැ. 

මට ඉහත මේ වේදිකාවේ අදහස් පළ කළ මුදල් ඇමැති මංගල සමරවීර ඇමැතිතුමා ප්‍රකාශ කළා ජනමාධ්‍යවේදීන්ට ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් ලක්‍ෂ 50 ක් ලබාදෙන බව. මේ අනුව මාධ්‍යවේදීන් මරා දැමූ යුගය අප අවසන් කළා. නමුත් අවාසනාවකට මෙන් අපේ රටේ පුද්ගලික මාධ්‍ය ආයතන කිසිවක් අප සිදු කර තිබෙන මේ සංවර්ධනය ගැන කතා කරන්නේ නැහැ. ඒ අය නැවත මාධ්‍යවේදීන් මරා දමන යුගයක් අපේක්‍ෂා කරනවා. මේ සත්‍ය ප්‍රකාශ කළා කියා මට පුද්ගලික මාධ්‍ය තවත් බනීවි. නමුත් රට වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කිරීම මගේ ප්‍රතිපත්තියයි. 

මේ රටේ අප සිදු කළ සංවර්ධනය හා සහන ලබාදීමේ වැඩපිළිවෙළ ගැන පැය ගණනක් කතා කළ හැකියි. නමුත් ඒ ගැන මා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන්නේ නැහැ. 

දිගු කළක සිට අනුන්ගේ පව් ගෙවූ ජනතාවට ප්‍රතිලාභයක් ලබාදීම සඳහා පසුගිය වසරේ යළි ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අපි ආරම්භ කළා. මේ වැඩසටහන මගින් ග්‍රාමීය ප්‍රදේශවල වැව් අමුණු, මංමාවත්, ජල යෝජනා ක්‍රම, වාරි යෝජනා ක්‍රම, ක්‍රීඩා පිට්ටනි ආදී සෑම අංශයකම සංවර්ධනයක් සිදු කරනවා පමණක් නොව ජනතාවට දැනෙන ප්‍රතිලාභයක් ලැබෙන බව කිව යුතුයි. 

අවාසනාවකට මෙන් ඔක්තෝම්බර් 26 වැනිදායි පසු දින 51 ක් තුළ මේ වැඩසටහන් සියල්ල නතර කළා. දැන් අපි යළි ඒ වැඩපිළිවෙළ අපි ආරම්භ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුලින්ම මා පත්වූ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා පළමු වසරෙම මට ලැබුණේ රුපියල් ලක්‍ෂ තුනයි. මේ වසරේ සිට මන්ත්‍රීවරයෙකුට කොපමණ මුදලක් ලැබෙනවා ද? එදා මට ලැබුණු මුදල මෙන් දස ගුණයක්ද? සිය ගුණයක් ද? දහස් ගුණයක්ද? එයයි අප ඇති කළ වෙනස. 

සංවර්ධන වැඩකටයුතු සඳහා වෙන් කරන මුදල් භාවිත කරන විට පළාත් සභා, නගර සහ හා  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සමග සාකච්ඡා කර මුදල් වැඩ කරන ලෙස අපේ මන්ත්‍රී තුමන්ලගෙන් හා සංවිධායක තුමන්ලාගෙන් මා ඉල්ලා සිටිනවා. 

මෙම වැඩපිළිවෙළට අමතරව පසුගිය වසරේ ප්‍රාදේශීය සභා හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට තම ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු සිදු කිරීම සඳහා මුදල් ලබාදුන්නා. නමුත් දින 51 තුළ ඒ වැඩපිළිවෙළත් නතර වුණා. දැන් කෙසේ හෝ නැවත ඒ වැඩපිළිවෙළ අපි ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙන බව සිහිපත් කිරීමට කැමැතියි. 

පසුගිය කාලයේ අප සිදුකළ සංවර්ධන ව්‍යාපෘති කොතෙක් ද කියනවා නම් නිම කළ ඒ ව්‍යාපෘති විවෘත කිරීමට අද වෙලාවක් නැහැ. දැන් අපට එකවර විශාල ප්‍රමාණයක් විවෘත කිරීමට සිදුව තිබෙනවා. ගෙවුණු කාලය තුළ අප කළ නිහඬ සංවර්ධනයේ ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට බුක්ති විඳීමට අවස්ථාව උදා වෙනවා. 

ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංවර්ධන ක්‍රියාදාමය ඇතුළත් යාන්ත්‍රණය ක්‍රියාවට නංවන්න මගේ අමාත්‍යංශයත්, මුදල්, මහාමාර්ග හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් එකට එකතු වී නව යාන්ත්‍රණයක් පිහිටු වනවා. එම අමාත්‍යංශ ලේකම්වරු, දිසා ලේකම්වරු සමග අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ අනුව සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට ඒවායෙහි ප්‍රගතිය ඉල්ලා සිටිනවා. 

ලබන අයවැය එනතෙක් බලා නොසිට දැන් සිටම ඇස්තමේන්තු සකස් කොට මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතුයි. ඒ සඳහා රජයේ චක්‍රලේඛන බාධා වෙනවා නම් චක්‍රලේඛන වෙනස් කිරීමට පියවර ගත හැකියි. 

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයට අලූතින් බදවා ගන්නා නිලධාරීන් 750 ක් යෙදවීමට අප අපේක්‍ෂා කරනවා. ඒ අනුව ගම්පෙරළිය වැඩසටහනේ සම්බන්ධීකාරකවරුන් ලෙස ඔවුන් පත් කළ හැකියි. 

මේ රටේ ජනතාව පොහොසත් කරන්න නම් අලූත් අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. එම අපනයන ආර්ථිකය ඇති කිරීම සඳහා පුළුල් වේගවත් වැඩපිළිවෙළක් අපි මේ වන විට සැලසුම් කර තිබෙනවා. 

මේ වේදිකාවේ තිරය මත පරාක්‍රම බාහු රජතුමා ගැන පෙන්නුවා. දෙවැනි බුවනකබාහු රජතුමා ගැනත් පෙන්නුවා. මේ රජවරු රට සංවර්ධනය කළේ, මහා පරිමාණ ව්‍යාපෘති සිදු කළේ අපනයන නිසයි. මඤ්ෙඤාක්කා වගා කිරීමෙන් පමණක් රුවන්වැලි සෑයවත්, පරාක්‍රම සමුද්‍රයවත් සෑදීමට නොහැකියි. අපනයන ආර්ථිකයක් පැවැති නිසා එදා එවැනි මහා පරිමාණ වැඩ කටයුතු සිදු කිරීමට හැකි වුණා. අප නැවතත් අපේ ජාතියට ඒ ශ්‍රේෂ්ඨත්වය ලබා දිය යුතු යි. 

මේ අනුව විශාල අපනයන වැඩපිළිවෙළක් දියත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවලට පහසුකම් ලබාදීමට පියවර ගන්නවා. එපමණක් නොව බදු සහන, දිරිගැන්වීම්, ශීතකරණ, ගබඩා පහසුකම් ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. මේ වැඩපිළිවෙළ තුළින් ග්‍රාමීය මට්ටමේ අපේ එළවළු, පළතුරු සහ රටේ ධීවර කර්මාන්තයට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකියි. අද විශාල ලෙස මේ නිෂ්පාදන විනාශ වෙනවා. මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සාදා ඒ අයට අපනයන කිරීමේ අවස්ථාව උදාකර දී ඊට අවශ්‍ය පහසුකම් අප ඇති කර දිය යුතුයි. 

මෙලෙස පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් අප දියත් කළත් ඇතැම් ප්‍රාදේශීය සභාවලින් එයට බාධා එල්ල වෙනවා. ඇතැම් මන්ත්‍රීවරු ඒ වැඩකටයුතු නවත්වනවා. ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණොත් අපි ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරාවී කියන බියක් ඇතැම් අය තුළ හටගෙන තිබෙනවා. අපේ ජය පරාජය තීරණය වන්නේ අපි සිදු කරන වැඩකටයුතු අනුවයි. එහිදී ජනතාවට ලැබෙන සහන නැවැත්වීමෙන් පළක් වන්නේ නැහැ. 

බෙදුන රටක් අප භාරගත්තත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අද සියලූ පාර්ශව ඒකීය රාජ්‍යයක් පිළිගත් තැනට ගෙන ඒමට අපට හැකි වුණා. අවුරුදු 70 ක් තිස්සේ මේ තීරණයට පැමිණීමට අපට හැකි වුණේ නැහැ. 

මේ රට අප භාරගන්නා අවස්ථාව වන විට යුද අධිකරණය එයි කියන බිය ජනතාව තුළ තිබුණා. එදා ජාත්‍යන්තර යුද අපරාධ ගැන කතා කළා. නමුත් අද ඒ කිසිවක් නැහැ. එදා අපිට ජී.එස්.පී ප්ලස් තිබුණේ නැහැ. අද අපට එය තිබෙනවා. එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමිය පන්නා දැමුවා. නමුත් අද අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් ශක්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණයක් අප ගොඩනඟා තිබෙනවා. 

අද අප ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබෙනවා. සෑම ජනකොටසකටම නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ගොඩනඟා තිබෙනවා. ස්වාධීන මාධ්‍යයක් ඇති කර තිබෙනවා. ඕනෑ තරම් අපට ෙදාස් කීමට විපක්‍ෂයට අවස්ථාව ලබාදී තිබෙනවා. එලෙස ෙදාස් කිව්වා කියා කිසිදු මාධ්‍යවේදියෙක් පැහැර ගෙන ගියේ නැහැ. ඝාතනය කළේ නැහැ. අතුරුදහන් කළේ නැහැ. අප ගොඩනැගඣ සමාජ පසුබිම අහිමිකර ගන්න, නැති කරගන්න ජනතාව කැමැති නැහැ. 

මෙලෙස පුළුල් වැඩපිළිවෙළක් අප ක්‍රියාවට නංවා තිබෙනවා. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් සියලූ ජන කොටස් එකට එකතු කර ගනිමින් අපි අද මේ ගමන යනවා. මෙලෙස වැඩකටයුතු කිරීමෙන් ලෝකය අපිව පිළිගත්තා. ගම්පෙරළිය පමණක් නොව සියලූ වැඩකටයුතු අපි සාර්ථක කර ගන්නවා. මැතිවරණ ගැන අපට කිසිඳු බියක් නැහැ. සියලූ මැතිවරණ අපි ජයග්‍රහණ කරනවා. එය කිසිඳු බලපෑමකට නතර කරන්න බැහැ. 

එක්සත් ජාතික පෙරමුණ නව සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව අදට වඩා බහුතර බලයක් ලබාගෙන මීට වඩා වේගයෙන් වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. එක්සත් ජාතික පෙරමුණට අයත් නොවන මන්ත්‍රීතුමන්ලට ද මේ වැඩපිළිවෙළ සමග එක් වන ලෙස මා ආරාධනා කරනවා. අපි සියලූ දෙනා එකට එකතු වී ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් ඉදිරි මාස කිහිපය තුළදී රටට ප්‍රතිඵල පෙන්වමු.

මේ වනවිට අප දිගුකාලීන හා මධ්‍ය කාලීන සංවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා. දැන් අප කළ යුත්තේ ඉදිරි මාස කිහිපය තුළ ප්‍රතිඵල ලැබෙන කෙටිකාලීන වැඩසටහන් වෙත යොමුවීමයි. අප සියලූදෙනා එකට එකතු වී එක්සත්ව ඉදිරියට ගොස් අපේ ජයග්‍රහණය තහවුරු කරමු.

*2019.02.02 දින අරලියගහ මන්දිරයේ පැවැති 2019 වර්ෂය සඳහා ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හඳුන්වාදීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභගී වෙමින් කළ කතාව

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.