24 April, 2024

Blog

මානව හිමිකම් හමුවේ ආණ්ඩුව නාවන්න ගෙනියන බල්ලා වැනිය

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

එක්සත් ජාතින් ගේ මානව හිමිකම් කවුන්සිලය (මෙය මින්පසු මෙම ලිපියේ කවුන්සිලය ලෙස හඳුන්වනු ලැබේ) විසින්  කරනු ලබන සර්ව කාලාන්තර සමාලෝචනය යටතේ පරදු පාර්ශ්වයන් විසින් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඉදිරිපත් කරන ලද කරුණු වල සාරාංශගත වාර්තාවක් 2022 නොවැම්බර් 7 වන දින නිකුත් කරන ලද අතර ඒවායේ කරුණු ද විමසා බලා මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව 2022 නොවැම්බර් 14 දින නිකුත් කරන ලදී. ඒවාට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජයේ වාර්තාව 2022 දෙසැම්බර් 30 වන දින නිකුත් කරන ලදී. මෙම වාර්තා සමුළුවේ වෙබ් පිටුවේ අඩංගු වේ. මේ පිලිබඳ සමාලෝචනයක් කවුන්සිලය විසින් 2022 පෙබරවාරි පළමුවන දින පෙරවරු 9 සිට දහවල් 12.30 දක්වා සිදු කරනු ලැබේ. මෙය සිව් වැනි කාලාන්තර සමාලොචනයයි.

මෙය හුදු චාරිත්‍රයක් බවට පත් වෙමින් තිබේ. පුළුල් වශයෙන් රටේ මහජනතාවට සිය අයිතිවාසිකම් පිලිබඳ අවබෝධයක් නොමැත. ඔවුන්ගේ සංස්කෘතිය සකස් වී තිබෙන්නේ බල අධිකාරියකට අනුගත වන ආකාරයටය. කීකරු දරුවන් හොඳ දරුවන් ලෙස දෙමාපියන් සහ ගුරුවරුන් විසින් හඳුන්වනු ලබන අතර සිද්ධාර්ථ ගෞතම වැනි සම්මතයට එරෙහි වන අකීකරු දරුවන් හොඳ දරුවන් නොවේ. මොවුන් රැකියා කිරීමේදී තමාට ඉහළ නිලධාරීන්ගේ විධානයන්ට අනුව කටයුතු කරති. ඔවුන් ඉහළ නිලධාරීන්ට සිය මතය ඉදිරිපත් කරන්නේ හෝ ඉහළ නිලධාරීන් ඔවුන්ගේ මතය විමසන්නේ හෝ නැත. පුරවැසියන් බොහෝ දෙනෙක් මෙවැන්නෝ වෙති. 

රටේ ජනතාවගේ මානව හිමිකම් ගැන උනන්දු වන සක්‍රිය පුරවැසියන්ට සිය ක්‍රියාවලිය දිගටම පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන මූල්‍යාධාර බටහිර විවිධ ආයතන විසින් සපයනු ලැබේ. මෙම ආධාර බොහෝ විට පුණ්‍යාධාර ලෙස එකතුවන ඒවා වන අතර ඔවුන් විසින් එම ආධාර දෙනු ලබන්නේ තමන් අගය කරන හර පද්ධතීන් අප වැනි රටවල ද ක්‍රියාත්මක වනු දැකීමට ඔවුන් කැමති නිසාය. අපද එවැනිය. උදාහරණයක් ගත හොත් බුදු දහම බටහිර ව්‍යාප්ත වනු දැකීමට අපි කැමති වෙමු.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන වලට අත්තනෝමතික බලයක් නොලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විවිධ ප්‍රතිපාදන පනවා තිබේ. ඒවා සංවරණ සහ තුලන වශයෙන් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් ව්‍යවස්ථාදායකය විසින් පනවන පනත් නිත්‍යානුකුල බවට අධිකරණය තීන්දු කරන අතර යම් අධිකරණ තීන්දු අතික්‍රමණය කරමින් ව්‍යවස්ථාදායකයට පනත් පැනවිය හැක. රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට කවුන්සිලය විසින් ද එක්තරා ආකාරයක තිරිංග දමා තිබේ. එයද සංවරණයකි. තුලනයකි. උදාහරණයක් වශයෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ 230කින් රජය පිළිගත් නිර්දේශ 177ක් සහ ස්ව කැමැත්තෙන් දුන් පොරොන්දු 12ක් සඳහා ප්‍රගතිය ඉදිරිපත් කරන බව සඳහන් වේ. මේ අනුව කවුන්සිලය නොතිබුනේ නම් ඉහත නිර්දේශ 177ද පොරොන්දු 12ද ක්‍රියාත්මක නොවනු ඇත.

මෙම නිර්දේශ ඉදිරිපත් වන්නේ රාජ්‍යය විසින් සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරනු ලැබීම සඳහාය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව රජය එයට එකඟ වී ඇත. යම් රජයක් බාහිර පාර්ශ්වයකගේ බලපෑම මත සිය පුරවැසියන්ට ඔවුන්ගේ මුලික අයිතිවාසිකම ලබා දෙන්නේ නම් එය නින්දා සහගත තත්ත්වයකි. බලපෑම් ඇතිවීමට පෙර රජය ක්‍රියාත්මක වී තිබිය යුතුය.

මෙම බලපෑම රාජ්‍යයේ ස්වෛරීත්වයට හානියක් නොවේ. රාජ්‍යයට ස්වයං ස්වෛරිත්වයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන ව්‍යවස්ථාව අනුව රාජ්‍යයට ස්වෛරීත්වය ලැබෙන්නේ පුරවැසියන් ගෙනි. පුරවැසියන් විසින් ස්වෛරිත්වයේ භාරකාරීත්වය තාවකාලිකව පාලකයන් වෙත පවරනු ලැබේ. මෙම පාලකයන් විසින් සිය ස්වාමිවරුන් වන ස්වෛරීත්වය හිමි පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම් රාජ්‍යය සිය එකඟත්වය දී ඇති පරිදි කවුන්සිලය විසින් මැදහත්වීමක් කර එම උල්ලංඝනය කිරීම නැවැත්වීම ස්වෛරිත්වයේ නියම හිමිකරුවන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කර දීමකි.

රාජ්‍යය යනු ආණ්ඩුව පමණක් නොවේ. රාජ්‍යය පවතින්නේ ආණ්ඩුවේ නායකත්වය යටතේය. එනමුත් රාජ්‍යයට ජනාධිපතිද ආණ්ඩුවද අගමැතිද විපක්ෂයද විපක්ෂ නායකද කතානායකද අධිකරණයද පුරවැසියන්ද ඇතුලත්ය. කවුන්සිලය විසින් මතුකරන ලද කාරනා සමස්ත රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයට අදාලය. නමුත් මේවාට උත්තර බඳින්නේ ආණ්ඩුවයි.

උදාහරණයක් වශයෙන් කවුන්සිලයේ වාර්තාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආයතනික සංවරණ සහ තුලන ඉවත් කිරීම පරදු පාර්ශ්වයන් විසින් සඳහන් කල බව දැක්වේ. මෙයින් අදහස් වන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාව මගින් කරන ලද පත්කිරීම් නාමික ව්‍යවස්ථා සභාවක අනුමැතිය යටතේ ජනාධිපති විසින් කිරීමයි. මේ සඳහා ආණ්ඩුව විසින් දෙන ලද පිළිතුරේ 21වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන කර ඇති බව වාර්තා කරයි. නමුත් ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කර නැත. එයට හේතුව වන්නේ ව්‍යවස්ථා සභාවට පත් කල යුතු සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා සම්බන්ධව අගමැතිවරයා සහ විපක්ෂ නායකයා අතර එකඟතාවක් නොමැතිවීම සහ සුළු පක්ෂ වෙනුවෙන් පත්කළ යුතු නියෝජිතයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ අතර එකඟතාවක් නොමැති වීමයි. 

මහ කොමසාරිස්ගේ වාර්තාව මගින් මතු කරන ලද විවිධ කරුණු වලට ආණ්ඩුවේ ප්‍රතිචාර දියාරු සහ තොරතුරු වසන් කිරීමේ ස්වභාවයක් ගනී. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන සඳහන් කරමින් මහා කොමසාරිස් වාර්තාව කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කරන බැවින් මෙහි ක්‍රියාකාරීත්වය අත්හිටුවා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකුල නව පනතක් ගෙන එන ලෙස පරදු පාර්ශ්වයන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම රජය නව පනතක් 2022 මාර්තු මස ඉදිරිපත් කල බවත් එහි සමහර සාධනීය වෙනස් කම් කර ඇති නමුත් මතභේදයට තුඩුදී ඇති ප්‍රතිපාදන වෙනස් කර නොමැති බවත් ආණ්ඩුව 2022 ජුනි මාසයේදී මෙම පනත ක්‍රියාත්මක වීම අත්හිටවන බව ප්‍රකාශ කළත් 2022 අගෝස්තු මාසයේදී එම පනත ක්‍රියාත්මක කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගත් බවත් මහ කොමසරිස් වාර්තාව සඳහන් කරයි.

ආණ්ඩුවේ පිළිතුර අනුව මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම නව සංශෝධන පනත කියවා නොමැති යයි උපකල්පනය කරන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සිය පිළිතුරේ 2022 මාර්තු මස ඉදිරිපත් කළ පනත ගැන නැවතත් සදහන් කරන අතර මහ කොමසාරිස් වාර්තාවට ප්‍රතිපක්ෂව එම පනත මගින් විශාල වෙනස්කම් සිදුකර ඇති බව වාර්තා කරයි. වෙනස්කම් අතර මසකට වරක් මහේස්ත්‍රාත් විසින් රැඳවුම්කරු සිටින ස්ථානයට යා යුතු බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කරන ලද පුද්ගලයන්ට රැඳවුම්කරු හමුවිය හැකි බවත් රැඳවුම්කරුට සිය ඥාතීන් සමඟ සන්නිවේදනය කළ හැකි බවත් යනාදී වශයෙන් පනතේ නව ප්‍රතිපාදන ගණනාවක් ඉදිරිපත් කර සිටී.

සත්‍ය සිදුවීම් මෙයට තරමක් වෙනස්ය. පනතේ 9වන වගන්තිය අනුව ඇමතිවරයාට දින 90ක් යන තෙක් ඔහු රඳවා තබා ගත හැක. ඔහුට අවශ්‍ය නම් කාල සීමාව දික් කළ හැක. මාර්තු මස සම්මත කල සංශෝධන අනුව මහේස්ත්‍රාත්වරයකුට රැඳවුම්කරු සිටින ස්ථානයට යා හැක්කේ මේ කාල සීමාව තුලය. පනත අනුව රඳවා ගත් ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මෙම පළමු දින 90 කාල සීමාව තුල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ඔහු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. පසුව ඔහු ඇප මත නිදහස් කළත් වෙනත් චෝදනා මත නැවත නැවතත් ඔහු අත්අඩංගුවට ගනිමින් තිබේ. මෙම ක්‍රියාවලිය මහ කොමසාරිස් වාර්තාවේ සඳහන් වන අන්දමට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද සැලකිල්ලට ගනිමින් විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීමක් ලෙස සැලකිය හැක. 

මෙහි තවත් පැත්තක් ද තිබේ. මෙරටේ පවතින කල්ලිවාදී සංස්කෘතිය අනුව තමන්ගේ කල්ලියට අයත් නොවන අනෙකාගේ මානව හිමිකම් කඩවීම තමන්ට ප්‍රශ්ණයක් නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නැතිව බොහෝ දෙමළ සිරකරුවන් රඳවාගෙන ඇත. එයින් එක අයකු වන සිවලිංගම් ආරුරන්ට අදුරසේලෙයි නවකතාව රචනා කිරීම නිමිත්තෙන් හොඳම නවකතාකරුට හිමිවන සම්මානය පසුගිය ඔක්තොබරයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ලැබිණ. වසන්ත මුදලිගේට ලැබෙන අවධානය මේ දෙමළ සිරකරුවන්ට නොලැබෙන්නේ මෙම කල්ලිවාදී සංස්කෘතිය නිසාය.

අවසාන වශයෙන් කිවයුත්තේ අපේ රටේ පුරවැසියන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමය පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතු බවයි. ඒ මගින් ආණ්ඩු ලවා ජනතාවට හිතකර විවිධ කාරනා ඉටුවේ. ආණ්ඩුව ලවා මේ කටයුතු කරවා ගැනීම බල්ලකු  නාවන්නට ගෙන යනවා වැනි වැඩකි. බල්ලා නාන්නේ ඉතාම අකමැත්තෙන් වුවත් එය සාධනීය ක්‍රියාවලියකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අහෝ තක්කඩියන් විසින් කොල්ල කෑ මගේ මාතෘභූමියට මොකද වුණේ?
    .
    බොහෝ දුරට හසුරුවන ලද සහ විකෘති බුදුදහමක් වන සින්හල බුද්ධාගම ස්වයං නිර්මිත ශ්‍රී ලංකාවේ පරිහානියට ඖෂධයකි.
    ඒ අස්සේ හැංගිලා අපේ මව්බිමේ ඕන දෙයක් කරන්න පුළුවන්. ශ්‍රී ලාංකේය බුද්ධාගමේ මෙහෙවර ලෙස සැලකෙන සමීප ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා නම් ඕනෑම ආකාරයක වංචනිකයින් පහසුවෙන් බෝ විය හැක. සිංහල බුද්ධාගමේ වේශයෙන් සාහසික අපරාධ කල්තියා සිදු කරනු ලබන අතර, පසුව ඒවා “කර්ම විපාක” ලෙස අර්ථකථනය කරනු ලබන්නේ පක්ෂග්‍රාහී මාධ්‍ය විසිනි.

    වඩාත්ම හාස්‍යජනක ක්‍රියාව වන්නේ “දන්ත ධාතූන් වහන්සේට” කිසියම් අත්තනෝමතික වචනයකින් පහර දුන්නොත් ඔබ අත්අඩංගුවට ගත හැකි නමුත් “පළිගැනීමක් සඳහා ජාතික රගර් ක්‍රීඩකයෙකු මරා දැමීම” වැනි සාහසික අපරාධයක් කළහොත් සියලුම විනිසුරුවන් විසින් ප්‍රසිද්ධියේ නොසලකා හැරීමයි. ඔවුන් බිහිරි සහ අන්ධ නම්.
    .
    සිංහල බෞද්ධ හෝ මනෝ-මත්ද්‍රව්‍ය භෞතික ශරීරය හැර වෙනත් මනෝභාවයක් ඉලක්ක කර එහි බලය නිර්වචනය කළ නොහැක්කේ මේ නිසාය.

    සෑම දෙයක්ම පරිශුද්ධ ලෙස පෙනේ, නමුත් එය තුළ බිය සහ බිය ඇත.
    .
    සමාජය තුළ ඔහුට හිමි තැන පවුල තුළ දෙමාපියන්ට දෙන තැනට වඩා බොහෝ සෙයින් වැඩි ය. තතු දැන දැනත් කවුරුත්, කවුරුත් නිහඬව සිටින්නේ ආගමික විශ්වාසයන්ට දක්වන ගෞරවය වචනයෙන් විස්තර කළ නොහැකි බැවිනි. සද්ධර්මය සිංහල-බෞද්ධ මානසිකත්වයෙන් දුරස්ය, බොහෝ එවුන් ක්‍රියා කරන්නේ සත්‍ය බුදු බණ අනුව නොවේ, නමුත් සියල්ල නිවැරදිව අවබෝධ කර ගත්තොත් මේ ජීවිතයේ බොහෝ දේ සාක්ෂාත් කරගත හැකිය.

  • 0
    0

    Dear Harsha thanks for giving the opportunity to add my thoughts.
    .
    මූලික මානව හිමිකම් සම්බන්ධයෙන් බොහෝ දේ පාහේ සුරක්ෂිත නොවන ලෝකයක, දවසේ සිදුවීම් තනිකරම පෙන්වා දීම සාධාරණද?
    2015 වන විට ජාතිය අවසන් වූ ආකාරය සිහිපත් කිරීම මූලික මානව හිමිකම් සහ එහි නඩත්තුව සමඟ වාර්තාගත බිඳවැටීමක් වූ අතර, එම නිසා ශ්‍රී ලංකාව පොදු ධනය සෙසු ජාතීන් විසින් දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී. මරා පාලනයේ දෙවැනි ධූර කාලය තුළ කිසිම විදේශ කටයුතු හොඳින් සිදු වුණේ නැහැ,… මතකද ? දිවංගත මංගල සමරවීර මහතාට සහ යහපාලන රජයට පින්සිදු වන්නට, පසුගිය පාලනයෙන් සිදු වූ බොහෝ හානි සමනය කිරීමට හැකි විය. කෙසේ වෙතත්, ඊනියා “බැංකු මංකොල්ලකෑම්” සමඟ … මම තවමත් විශ්වාස කරන්නේ එය 2008 දී ආරම්භ වූ “පෙර සැලසුම් සහගත ක්‍රියාවක්” බවයි, එය ඔවුන්ගේ බල තණ්හාව සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමස්ත විපක්ෂය විනාශ කිරීම සඳහා ය.

    ඔවුන් පසුපස නොගිය අනෙක් අයට වඩා “ශක්තිමත් බෞද්ධ” ලෙස පෙනී සිටිමින් අභයාරාමයේ සහ අනෙකුත් පන්සල්වල සෘජු සහාය ඇතිව මිනිසුන් නොමඟ යවන ලදී.
    .
    ජාතියේ ප්‍රගතිය, දුප්පතුන්ගේ දුක්ගැනවිලි, තරුණ තරුණියන්ගේ යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු, කලාපයට තවත් සිංගප්පූරුවක් වීමේ ප්‍රාර්ථනාව ගැන මාරා තත්පරයක් සිතුවා නම්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ජනතාව විසින් නැවත නැවතත් ලබා දුන් නිසි ජනවරම ඔහුට තිබුණි. මේ ජාතියේ යහපත් අනාගතයක් සඳහා පවතින නීතිය හා සාමය.
    :
    මගේ කෝපය නම්, MLECHCHA මාධ්‍ය ඔවුන් සමඟ වැඩ කළා මිස අපේ අපායේ අවදානමට ලක්විය හැකි මිනිසුන් ආරක්ෂා කිරීමට නොවේ. සමහර හේතු නිසා, ශ්‍රී ලංකාවේ දෘශ්‍ය මාධ්‍ය යුරෝපයේ මෙන් නොව, නරඹන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් මත සම්පූර්ණයෙන්ම රඳා පවතී. යුරෝපීය රූපවාහිනී නාලිකාවලට අපේ හිඟන රටේ මෙන් නොවරදවාම කළ හැකිය. ඊට අමතරව, එය ඉතා වගකීම් විරහිත ය

  • 0
    0

    පවුලක බූරු මනසක් ඇති පියෙකු දරුවන්ගේ යහපත් අනාගතයක් සඳහා දරුවන්ගේ ආශාවන්ට වඩා තම සැප සම්පත් මත යැපෙන පරිදි, මහින්ද රාජපක්ෂ තම බලය හා රාජ්‍ය මුදල් අයුතු ලෙස යොදා ගනිමින් තම කල්පිතය වෙනුවෙන් බලය අල්ලාගෙන සිටින ඔහුගේ සැඟවුණු ෆැන්ටසිවල ජීවත් විය.

    මම කිසිම දේශපාලන පක්ෂයකට අනුග්‍රහකයෙක් නොවන නමුත් රනිල් වික්‍රමසිංහ එය බොහෝ කලකට පෙර අතහැර දැමූ බව මම විශ්වාස කරමි, නමුත් මැදමුලන බැලිගේ පුත්‍රයෝ එය දිගටම කරගෙන යාමට ඉඩ දුන්නේ නැත. දිවංගත මංගල විසින් විශාල සේවයක් ඉටු කළ නමුත්, මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය රාජපක්ෂ නායකත්වය ගත් ලෝකයේ යහපත් දෙයක් ස්ථාපිත වීම වැළැක්වීය. යහපාලනය ලැබූ සියලු යහපත් ජයග්‍රහණ කාපට් යට වැළලී ගියේය. ජීඑස්පී ප්ලස් සහනය යලි ජාතියට විවෘත වූ අවස්ථා නැති නමුත් අද වන විට එම සහනය අද වන විට ජාතියෙන් ඈත් වූයේ නම් එය කෙසේ වේද?
    :
    “අපි රාජපක්ෂ අයියයි මල්ලියි කොහොම හරි ඒක කරනවා, අපිට ජනවරමක් දෙන්න” කියලා පොරොන්දු වුණා…… මුන් හරියට ගමේ කොනේ බෝක්කු උඩ රස්තියාදු ගහන අයට සමානයි. කෙසේ වෙතත්, රාජපක්ෂ පක්ෂග්‍රාහී මාධ්‍ය එය අතිශයෝක්තියට නැංවීය.

    https://www.youtube.com/watch?v=z5TlqMqN314

    https://www.youtube.com/watch?v=E7gY1-NUyEM

    ඉන්දීය මාධ්‍යවේදීන් ගෝඨාභයව දැඩි අසීරුතාවයට පත්කළ ඒ මාධ්‍ය සාකච්ඡාව මට තාමත් මතකයි, ඔහුටම ප්‍රතිචාරයක් දක්වන්නට නොහැකිව… ඔහුගේ සහෝදරයා ඔහු අසලින් අසුන්ගෙන… .. ආත්ම අභිමානය පිරී ඉතිරී ගියේය… මට ඒ මොහොතේම පැහැදිලි විය, අපේ මිනිසුන් කෙතරම් මෝඩ විය යුතුද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.