17 April, 2024

Blog

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසාන විසඳුම නොවේ

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ එම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය පතා තිබේ.  පසුගිය සැප්තැම්බර් පළමුවනදා  විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ මුදලකින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යයමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යයමණ්ඩල-මට්ටමේ එකඟතාවකට පැමිණි බව වාර්තා විය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කල යුතුය.

මෙම ඩොලර් බිලියන 2.9 ක් මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිණුම් ඒකකය වන විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.2 කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල ශ්‍රී ලංකාවේ පංගුව (Quota) SDR මිලියන 578.8 කි. ඒඅනුව මෙම ණය මුදල ශ්‍රී ලංකාවේ පංගුව මෙන් 380% කි. දැනට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ණය ශේෂය SDR මිලියන 857.49 කි. එය ශ්‍රී ලංකාවේ පංගුව මෙන් 148% කි. ඒ අනුව මෙය සැලකිය යුතු අනුග්‍රහයකි. 

කෙසේ වෙතත් ආර්ජන්ටිනාව මෙවැනිම මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය  ආර්ජන්ටිනාවේ පංගුව මෙන් 1000% ක මුදලක් එනම් ඩොලර් බිලියන 44ක් (SDR බිලියන 31.9) මෙම වසරේ මාර්තු මස අනුමත කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල ආර්ජන්ටිනාවේ පංගුව SDR බිලියන 3.1  කි ආර්ජන්ටිනාවේ දළ දේශීය නිෂ්පාදිතයට එරට ණය අනුපාතය 80% ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ එය 110% ඉක්මවා ඇත. එබැවින් ශ්‍රී ලංකාවට ලැබුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අති විශාල එකක් නොවේ.

විධායක මණ්ඩලයේ තීරණ සම්මුතිය මත ගන්නා අතර අවශ්‍ය අවස්ථාවලදී ඡන්ද විමසීමක් සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකාවට ඡන්ද 7247ක් ඇති අතර එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 0.14% කි. එක්සත් ජනපදයේ ඡන්ද ප්‍රතිශතය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 16.5% ක් වන අතර ජපානයේ එය 6.14% කි. චීනයේ එය 6.08%කි. රුසියාවේ 2.59% කි. එක්සත් ජනපදය, ජපානය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සහ ජර්මනිය යන රටවල ඡන්ද වල එකතුව සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 36.01% කි. එම රටවල් නියෝජනය කිරීමට වෙනම  අධ්‍යක්ෂවරු ද සිටිති. චීනය හැර අනෙක් රටවල් කාණ්ඩ වශයෙන් බෙදා ඇති අතර අධ්‍යක්ෂ වරු සහ විකල්ප අධ්‍යක්ෂ වරු සිටින්නේ එම කාණ්ඩ වලටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විකල්ප අධ්‍යක්ෂ වරයකු වශයෙන් මහා බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ වරයා වන චන්ද්‍රනාත් අමරසේකර කටයුතු කරයි.

 ශ්‍රී ලංකාවේ පංගුවේ (Quota) ප්‍රමාණය මුළු පංගු වල එකතුවෙන් 0.12% කි. පංගුව තීරණය කරනු ලබන්නේ එක්  එක්  රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50% ක් ද ආර්ථිකයේ විවෘත භාවයට 30% ක් ද ලැබීම් වල විචල්‍යතාවට 15% ක් ද රඳවා ගත්  ජාත්‍යන්තර සංචිත වලට 5% ක් ද වශයෙන් ගෙන ඒවායේ බර තැබූ සාමාන්‍යය ගැනීමෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉහලින්ම සිටින්නේ පාලක මණ්ඩලයයි. එහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ද විකල්ප නියෝජිතයා වශයෙන් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටක් ගොඩ දමනු ඇතැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. ණය ගෙන රටවල් ගොඩ යන්නේ කෙසේද? ණය ගෙවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් රටක් ඇති කර ගත යුතුය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදල් සපයන්නේ රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට හෙවත් රටින් පිටවන විදේශ මුදල් රටට ලැබෙන විදේශ මුදල් වලට වඩා දිගින් දිගටම වැඩි වන අවස්ථා වලදී එම හිඟය තාවකාලිකව පියවා ගැනීම සඳහාය. දීර්ඝ කාලීනව එය පියවා ගැනීම එම රටේ වගකීමකි. එනමුත් ණය දීමේදී වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයක් මෙන්   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අදාල රටට ණය ආපසු ගෙවීමට හැකියාවක් ඇති දැයි සලකා බලයි. එම මුදල් ආපසු ගෙවීමට හැකි වන්නේ අදාල රටේ මූල්‍ය ප්‍රතිපත්ති  හේතුවෙන් දීර්ඝ කාලීනව රටින් පිටවන විදේශ මුදල් රටට ලැබෙන විදේශ මුදල් වලට වඩා අඩු වීමට හැකියාවක් තිබෙන්නේ නම් පමණි. ඒ සඳහා අපනයන මුල් කරගත් ආර්ථික වැඩ පිළිවෙලක් තිබිය යුතුය.

එමෙන්ම රජයේ අයවැය හිඟය නිසා එය පියවීමට මුදල් ණයට ගැනීමට සිදුවේ.මේ අනුව විදේශ රට වලින් හෝ ආයතන වලින් හෝ මුදල් ණයට ගත් විට ඒවා ආපසු ගෙවීමේදී ගෙවුම් ශේෂයට බලපෑමක් සිදුවන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්බුදයට ලක්වූ රටවල අයවැය හිඟය අඩු කිරීමට උපදෙස් දෙයි.

යම් රටක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබේ නම් අයවැය හිඟය එම රටට එතරම් ප්‍රශ්ණයක් නොවේ.ජපානය එවැනි රටකි.

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කරුණු අමාත්‍ය මණ්ඩලයටද ඉදිරිපත් කර නොතිබුනත් එය අමාත්‍ය මණ්ඩලයටද විපක්ෂ නායකයාටද ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ඇත.

එකඟ වූ මූලික කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කර ඇත. වර්ෂ 2025 දී ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමටත් එම අතිරික්තය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2.3% ට අඩු නොවීමටත් එකඟ වී ඇත. ප්‍රථමික ගිණුම යනු ආණ්ඩුවේ ආදායම් සහ ණය පොලිය හැර ආණ්ඩුවේ වියදම් අතර පරතරයයි. මේ සඳහා බදු පදනම පුළුල් කිරීමට අවශ්‍යවේ. අදාල පියවර ගනිමින් තිබේ.

ඉන්ධන සහ විදුලිය සඳහා අමතර සහන නොමැති මිලක් ඉදිරිපත් කිරීමද යෝජිත අතර එය දැනටමත් ක්‍රියාත්මකයි. ජනතාවට දැරීමට සිදුවන ආර්ථික අපහසුතා හේතුවෙන් සමාජයේ ආර්ථික වශයෙන් පහල ස්ථර වලට සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කිරීම ද යෝජිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු කළමනාකර අධ්‍යක්ෂවරිය වූ ක්‍රිස්ටීන් ලෙගාඩි ගේ යුගයේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි තීරණ වල සමාජ බලපෑම පිලිබඳ වඩාත් සංවේදී විය.

රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන මහා බැංකුව ස්වාධින විය යුතු බවද  රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර විය යුතු බවටද එකඟ වී ඇත. ආණ්ඩුවේ මූල්‍ය කටයුතු පිලිබඳ විනිවිදභාවය මගින් දූෂණයට ඇති ඉඩ ඇහිරීමද ඒ සඳහා නීති සම්පාදනය කිරීමද යෝජනා අතර වේ.

මේ ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙල හරහා පළමුව ආර්ථිකය සංකෝචනය වනු ඇත. ප්‍රතිසංස්කරණ ස්ථාපිත වූ පසු ආර්ථිකයේ ප්‍රසාරණය ආරම්භවනු ඇත. බොහෝ කාලයක් තිස්සේ අතපසු කර තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි නම් එය මේ අවස්ථාවේදී රටක් වශයෙන් ගත හැකි ප්‍රශස්තම පියවරයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ගුණසේන මහතා,
    ස්තුතියි ඔබ හරි, නමුත් IMF අනුමැතිය ලබා ගැනීම පළමු පියවර වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීමට අනෙකුත් මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ මනස යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී දේශපාලනයට වඩා දූෂිත දේශපාලකයින් තම දේශපාලනය දූෂණය කරන තැනක්. එය ශ්‍රී ලාංකේය සමාජය හා සංස්කෘතිය සමඟ බොහෝ සම්බන්ධකම් ඇත.

    ඔවුන් එය “සිංහල බුද්ධාගම” ලෙස හැඳින්වූ නමුත් එය බුදුන් වහන්සේ අදහස් කළ පරිදි සැබෑ බුදුදහමෙන් 10% ක් වත් නොවීය. දක්ෂිණාංශික රැඩිකල් ඝණසාර හිමියන් සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස දුටු සෞදි අරාබි තානාපති කාර්යාලයේ වාර්ෂික උත්සවයේ හොඳම තේරීම ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ දිනවල ඔවුන්ගේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කර ඇත.
    .
    අපේ වර්තමාන සිංහල බෞද්ධයා දෙස බලන්න, වත්මන් අර්බුදයේ සැබෑ තක්කඩි ඔවුන්ය. මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ අය තරුණයන්ට වඩා හොඳින් තේරුම් ගත හැකි දෘශ්‍ය බලවේගවලට වඩා ඕනෑම මන්තර ගුරුකම්, මන්තර ගුරුකම් සහ වෙනත් ඕනෑම අදෘශ්‍යමාන බලවේගයක් අන්ධ විශ්වාස කරන්නන් ය. “කාලිඅම්මා” අදෘශ්‍යමාන බලවේග විසින් “කාලිඅම්මා” විසින් පාලනය කරනු ලැබීමෙන් පසු අන්ධ භින්නෝන්මාදයට පත් වූ ගෝඨා ද නොවෙනස් වන භින්නෝන්මාදයෙන් පෙළෙන්නෙකු බව විශ්වාස කෙරිණි.

    tbc

    • 1
      0

      Continuing
      මෙය මිනිසුන් තම මිනිස් පලිහ යට තබා ගැනීමට ඔවුන් දිගටම භාවිතා කරන උපක්‍රමයක් විය හැකිය. මේ රටේ බහුතරයක් මත තම කපටිකම් කළ හැකි බව ඔවුන් හොඳින්ම දනී. අවාසනාවන්ත ලෙස, මිනිසුන්ගේ උදාසීනත්වය මිස තර්කයට ගැති ක්‍රියාකාරීත්වය නොව, ඔවුන්ගේ ඉලක්කය වී ඇති අතර මිනිසුන් සදා මෝඩයන් බවට පත් කර ඇත.
      ඒ කියන්නේ ගරු කරන සියල්ලෝම රාජපක්ෂවාදීන් සහ ඔවුන්ගේ පක්ෂ ඡන්දදායකයන්ය.
      .
      IMF පළමු පියවර ගත් පසු ජපානය, EU, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ තවත් බොහෝ රටවල් අනිවාර්යයෙන්ම හොඳ මතයක් දරනු ඇත. මෙය ශ්‍රී ලාංකේය දේශපාලනයේ විෂම පක්ෂ සංයුතිය තේරුම් ගැනීමෙන් බොහෝ දුරස් ය. එම තත්ත්වය තම පක්‍ෂයේ වාසියට යොදා ගැනීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි. වාසීදේව, විමල් බුරුවන්සේ වැනි පහත් උගත්තු “වැරදි ගස් වලට බුරන බල්ලෝ” ලෙස හැසිරීම නතර කළ යුතුය. මේ ජාතික ආර්ථික අර්බුදයට කාලෝචිත විසඳුම් සෙවීමට පොදු එකඟතාවක් ගොඩනැගීමට ඔවුන් පහළ විය යුතුයි.

      • 0
        0

        එකඟයි

  • 2
    0

    ගුණසේන මහතා,
    ඔබගේ අදහස් වලට පුද්ගලයින් කිසිදු අදහසක් එක් නොකිරීම ගැන මට කණගාටුයි. අපේ පාඨකයන්ගේ ස්වභාවය එයයි. ඔවුන් තවමත් එම මට්ටමට වර්ධනය වී නැත, නමුත් මෙම ජාතිය දෙවන සිංගප්පූරු ජාතිකයන් නොවනු ඇතැයි බලාපොරොත්තු වේ. අපේ ජාතියේ ඵලදායිතාවය බිංදුවයි. ඔවුන් නිතරම බලාපොරොත්තු වන්නේ අන් අය ඔවුන්ට ආශ්චර්යයන් ගෙන එනු ඇති බවයි. ඔවුන්ගේ ජීවිත තුළ ඔවුන්ගේ ආශ්චර්යයන් සහ සිහින සැබෑ කර ගැනීමට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නැත.
    ඔවුන්ගේ ස්වයං දායකත්වය බොහෝ විට ඔවුන් විසින් නොසලකා හරිනු ලැබේ. ඔවුන් අසල්වැසියන් සමඟ ඒ ගැන කතා නොකරයි. සැබෑ වෙනසක් කිරීමට තරම් ඔවුන් කතා නොකරයි. අසාර්ථකත්වය තිබෙන්නේ මේ රටේ ජනතාව වන අප තුළයි. පසුගිය දශක 3ක පමණ කාලය තුළ මා ඒ රටේ ජීවත් නොවුණත් රට දිගින් දිගටම මංකොල්ලකෑමට ලක් වුවහොත් අපේ තරුණ තරුණියන්ගේ අනාගතය ගැන මට ඇත්තේ කනස්සල්ලකි.

  • 1
    0

    ශ්‍රී ලංකාව බලවත් ද්වේෂය, දුෂ්ටකම් සහ සියලු දුශ්චරිතයන් ආධිපත්‍යය දරන රටවල් අතරින් එකකි. බොහෝ අංශවලින් අපට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වීමට හේතුව මෙයයි. මේ සියල්ලටම වඩා සූනියම්කාරයෝ, මන්ත්‍රකාරයෝ, සූනියම්කාරයෝ, සූනියම්කාරයෝ, මන්ත්‍රකාරයෝ, මන්ත්‍රකාරයෝ වෘත්තිකයන් ලෙස සමාජයේ බහුලව සිටිති. පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය සමඟ ඔවුන්ගේ බැඳීම සිතුවිලිවලට හෝ ප්‍රවීණයන්ගේ බලයට බිඳ දැමිය නොහැකි ලාභදායී ව්‍යාපාරික සංයෝජනයකි.
    මන්තර ගුරුකම් කරන්නන්, මන්තර ගුරුකම් කරන්නන්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ වෙනත් අනාවැකි කියන්නන් නොමැතිව YouTube නිර්මාපකයින්ට ජීවිතයක් නොමැත. සමාජයේ පරිහානියට සෘජුවම දායක වීම ගැන දෙවරක් නොසිතා ඔවුන් තම ඡායාරූප ශිල්පීය කුසලතාව අපයෝජනය කරයි. කරුණු පරීක්‍ෂාවට පමණක් ගරු කිරීමට මිනිසුන් සහ සමාජය පුරුදු පුහුණු කළහොත් සෞඛ්‍ය සම්පන්න නිවැරදි ඡන්දදායකයකු බිහිවනු ඇත. නිවැරදි දේශපාලනඥයන් බිහිවන්නේ එවිටය. මෙය වැදෑමහ දාමය හරහා මව තම දරුවාට සම්බන්ධ කරන ආකාරයටම දාම ප්‍රතික්‍රියාවකි

  • 1
    0

    ඔබ කාසියක් විසි කළහොත්, එක් පැත්තකින් ඔබේ තේරීම පැවසිය හැකි අතර අනෙක් පැත්ත අනෙක් පැත්ත යැයි පැවසිය හැකිය. මෙය අහඹු සිද්ධාන්තය ලෙස හැඳින්වේ. මෙය සෑම තැනකම අදාළ වේ. සමහරු කියනු ඇත, දේශපාලනය යන ආකාරය අනුව, මුලින් සැලසුම් කර පුරෝකථනය කළ පරිදි දේවල් සිදු නොවනු ඇත. තවත් සමහරු දැඩි ලෙස ප්‍රතිචාර දක්වන අතර එක් තීරණයකට ඇලී සිටිති. කාලයාගේ ඇවෑමෙන් විවිධ ස්වභාවයේ ප්‍රතිඵලය සාකච්චා කරනු ඇත, … සමහරු නිවැරදිව අනාවැකි කීමෙන් ජයග්‍රාහකයින් බවට පත්වනු ඇත, තවත් සමහරු නිවැරදිව අනාවැකි නොකියා කොන් කරනු ඇත … අපේ ජනතාව මෙය දැනගත යුතුය, ඉන්දියාව සෑම තැනකම මේ වංචාකරුවන්ගෙන් පිරී ඇත. ඔවුන්ට. .ජ්‍යොතිෂ්‍ය, මන්ත්‍ර, උපක්‍රම පදනම් කරගත් වංචාකාරයන් සිටින මුළු ලෝකයේම දරුණුතම බලපෑම දකුණු ආසියාතික කලාපයයි.. මේ දෛවඥයන් සහ තවත් විවිධ වංචාකාරයන් වෙනුවට “කරුණු පරීක්ෂකයන්” ආදේශ කළහොත්, සියල්ල යුරෝපයේ මෙන් වනු ඇත. මේ අදෘශ්‍යමාන බලවේග මත එතරම් තැබුවේ නැති තැන. මධ්‍යතන යුගයේදී ඔවුන් එසේ කළ නමුත් ඔවුන් මිථ්‍යාව සහ සත්‍ය අතර පැහැදිලි රේඛා ඇන්දේය. ඉන්දියානු පිළිකාව අපේ අහසට ඉහළින් ඇත, නමුත් කුඩා ජාතියක් ලෙස අපට ඒවායින් මිදිය හැක්කේ මිනිසුන්ගේ උපරිම දැනුවත්භාවය සාර්ථක වුවහොත් පමණි. මන්තර ගුරුකම්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, මන්ත්‍ර ගුරුකම් ආදී විවිධ ක්‍රමවලට ඇති බැඳීම් අත්හැරිය යුතුයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.