25 April, 2024

Blog

යෞවනයේ පොපියන චමත්කාරය 

එම් එම් ජනප්‍රිය

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය

යොවුන් වයස කියන්නේ ළමයිනුත් නොවන වැඩිහිටියනුත් නොවන අතරමැදි සුන්දර වයසක්. මා දැන් වයෝවෘදයි. එතරම් සුඛෝපභෝගී ජීවිතයකට උරුම නූනත් මටත් ඉතා සුන්දර යොවුන්වියක් තිබුනා. මගේ අම්ම ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔව්න් දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. ඔවුන් දෙදෙනාම විනය හා නීති ගරුක දෙදෙනෙක්. 

අපේ තාත්තා ව්‍යාපාරිකයෙක් උනාට අර සම්මා ආජීව කියන අරඅටැඟි මගේ ගමන් කරපු කෙනෙක්. එනිසාම වෙන්නැති ඔහු අවුරුදු 102ක් කිසිම ආබාදයකින් තොරව ජීවත් උනේ. දැන් ඉන්න, මිනිසුන් සූරාකන බිස්නස්කාරයෝ වගේ නෙවි. කාටවත් අල්ලස් දුන්නේ නැහැ. එමනිසා ඔහු ජීවිතයෙන් ජීවිතයෙන් වැඩි කොටසක් ගතකරේ උසාවියේ. ඔහු හිතුව උසාවියෙන් යුක්තිය ඉටුවෙනවාය කියා. ඉසේ කෙස් ගානට නඩු කිව්වා. බොහෝ නඩු පැරදුනා. සුලු ගනනක් දිනුව. ඒවා ජීවිතයේ සන්ධිස්ඨාන බවට පත් උනා. නඩු නිමිත්තට වසර තිහකට පෙර වෙන්දේසියෙන් මිලදී ගන්නා ලද අක්කර දෙකක ඉඩමක් තිබුනේ එවකට නගරාධිපතිව සිටි කෙනෙකුගේ තෙල් මෝලට යාබදවයි. නගරාධිපතිට මෝල ලොකු කරගන්න තාත්තාගේ ඉඩම ඕන උනා. නමුත් තාත්ත විකුනන්නේ නැහැ කිව්වා. හොර ඔප්පු හදාගෙන මැර බලය දාගෙන මේයර් තුමා තාත්තාගේ ඉඩම උදුරා ගත්තා. දශක ගනනාවාට පසු  තාත්තා නඩුව දිනුවා. අනික් පාර්ශවය ඇපැල් ඉල්ලුවා. දැනට අවුරුදු හැටයි. නඩුව තවම යනවා.  

උසාවියෙන් දඬුවම් නොලැබුනාට තම හෘදය​ සාක්ෂියෙන් ඔවුනට දඬුවම් ලැබුනා. නඩුව පවරා වසරකින් පමණ පසු මේයර් තුමා තම වත්තේදී කුරුම්බාවක් බොමින් සිටියදී ජීවිතක්ෂයට  පත් උනා. ඊට මාස කිහිපයකට පසු පලවන විත්තිකාරයා බවට පත් වුන තිස් හැවිරිදි ඔහුගේ දෙටුපුත් ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මයකින් මිය ගියා. ඉන් පසු පළමු විත්තිකාරයා බවට පත්වූ මෝලේ ප්‍රධාන ලිපිකරුද සුළු කාලයක් ඇතලත හර්දයාබාධයකින් මෙලොවින් චුත වුනා. මුලදී තාත්තාට විරුද්ධව නඩු තීන්දුවක් දුන් නඩුකාරවරයාද තදබල හර්දයාබාධයකින් මිය ගියා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 46 යි. මොවුන් අභිබවා තවත් අවුරුදු හතළිහක් ආයු වළඳා අවුරුදු 102 දී මගේ තාත්තා මෙලොවින් සමු ගත්තා.

ඉහත නඩුනිමිත්ත පටන් ගන්න කොට තාත්තට වයස අවුරුදු 64යි. හිසකෙස් මුළුමනින්ම සුදුවෙලා. කවදාවත් ඩයි දැම්මේ නැහැ. මා දන්නා තරමින් අපේ තාත්තාට කිසිකෙනෙක් අඩෝ නාකියා කියා නැහැ. උසාවියේ පවා ඔහුට තිබුනේ අයුක්තියට එරෙහිව සටන් කරන්නෙකුට හිමි ගෞරවයක්.

මේ කතාව කියන්නට හේතු තුනක් තියනව. පළමුව තමයි මට මතක ඇති කාලේ සිට කෙස් පැසුණු මගේ තාත්තාට ඔහුගේ වයෝවෘදභාවය උකහා කොට කිසිකෙනෙක් කිසිදා අවමන් නොකළ එක. දෙවන කාරණය තමයි බලවතෙක් කියා මායිම් නොකොට යුක්තිය හා සාධාරණය වෙනුවෙන් යා යුතු ඕනෑම දුරක් යෑමේ ආත්ම ශක්තිය මාගේ තාත්තාට තිබුන බව පිළිබිඹු කිරීම සහ සෑම කනෙක්ම එසේ කලයුතු බව ඒත්තු ගැන්වීම. තෙවන කාරණය තමයි තමන් කරන කර්ම තමා පසුපස ලුහු බඳින එක.  

මගේ අම්මාද අයුක්තියට එරෙහිව කටයුතු කිරීමට පැකිලුනේ නැහැ. එතුමිය ගැන ලියන්නට තරම් මේ ලිපිය ඉඩ මදි. මේ දෙපොල අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ සියල්ලටම වඩා ඔවුන් දෙපොල ආදර්ශයෙන් අපගේ පෞරුෂත්වය ගොඩ නැන්ග්වීමට දායක උනා.

ඉතින් මට කියන්න බැරිඋනා ඒ මගේ සුන්දර යොවුන්විය ගැන. සොහොයුරන් පස්දෙනෙකුගෙන් මා දෙවෙනියා. කොල්ලෝ පස්දෙනෙක් ඉන්න ගෙදෙරක තත්ත්වය​ කොහොමද කියල හිතන්න පුළුවන්නේ. අපට නෑදෑයින්ටත් වඩා කිට්ටු යහළුවෝ හිටිය. ඔක්කොම කොල්ලො. වැඩිහරියක් අපේ අම්මගේ ගුරු මණ්ඩලයේ යහළුවන්ගේ පුත්තු. ඉතින් හරි හැදිච්ච ළමයි. අපේ ගෙදර තිබුනේ ගාලු නගරයට සැතපුම් හතරක් පමණ දුරින් අකුරැස්ස පාරෙ නුගදුව කියන පෙදෙසට නුදුරුව පාර අයිනේම. එනිසා අඟුළුගහ, පිලාන, කලහේ, වැනි තැන්වල ඉඳල ආපු අපේ යහළුවන්ට අපේ ගෙදර හාෆ්වේ හෞස් එකක් උනා. අපේ අම්ම ආගන්තුක සත්කාරවලට හරිම කැමති. කොල්ලො බොහෝවිට දවල් කෑම කෑවේ අපේ ගෙදරින්. ඉස්තෝප්පුවේ වාඩි උනාම යාර 150ක් විතර ඈත පේනවා. යන එන උදවිය සවිස්තරව දකින්න පුළුවන්. අපිත් ගැහැණු ළමයි දිහා බැලුව. ඔවුන්ගේ ලස්සන අගය කළා. සමහර අයට සිතින් ආලය කළා. ඔවුන් කසාද බැඳල දරුමල්ලො එක්ක ජීවත්වීමේ සිහින පවා මැව්වා. ඉන් ඔබ්බට ගියේ නැහැ. කවදාවත් ඔවුන් කන්න වගේ බලා හිටියේ නැහැ. ඔවුනට විහිලු කරලා නැහැ. දුරදි දැක්කට ලඟට ආවම බැලුවේ හොරෙන්. අපි ඒගොල්ලන්ගේ පුද්ගලික අවකාශය ආක්‍රමණය කලේ නැහැ. සමහර විට ස්කූල් බස් එකේදී හෝ අලපලාව පාරේදී හෝ පොඩි අහිංසක විහිලුවක් කරන්න පුළුවන් නමුත් ඔවුන් අසරණ කරන අකාරයේ කමෙන්ට්ස් කවදාවත් කලේ නැහැ. ගෙදර කාර් තියෙන එලවන්නට පුළුවන් අය​ හිටිය. ඔවුන් සමහරුන්ට ගර්ල් ෆ්රෙන්ඩ්ස්ලත් හිටිය. නමුත් පාර මැද්දේ කාර් නවත්තන් කාර් ඇතුලෙවත් එලියෙවත් ලව් සීන් දැම්මේ නැහැ. කෙල්ලො කොල්ලො හෝටල් කාමරවල ආලයේ අන්තිම ඵලය නෙලා ගන්න තරම් පහත මට්ටමකට වැටුනේ නැහැ.

අපේ යහළුවන්ගේ සොහොයුරියන්ද බොහෝවිට අපේ ගෙදරට පැමිණියා. සමහර කෙල්ලො අපේ අම්මගෙන් ඉංග්‍රීසි ටියුෂන් ගත්ත. සල්ලිවලට නෙවි. නෑකම වගේ යාලුකමට. අපි ඒගොල්ලන්ට සැලකුවේ අපේම සහෝදරියෝ වගේ. මේ කෙල්ලො කොල්ලන්ගෙන් සැහෙන කොටසක් අද වන විට විශේෂඥ වෛද්‍යවරු, අග්‍ර ගනයේ ගණකාධිකරුවන් සහ වෙනත් උසස් වෘතිකයින් හැටියට සේවයකොට විශ්‍රාම ගෙන ඇත. තවත් සමහරු තවමත් සක්‍රිය සේවයේ ඇත. මොවුන් එක්කෙනෙකුගේවත් තාත්තා කෙනෙකුට කිසිකෙනෙක් අඩෝ නාකියා කියා ආමන්ත්‍රණය කොට නැත. 

දැන් තත්ත්වය බලන්න. “අඩෝ නාකියා අයින් වෙලා පලයන්”. මෙය සිදුවුනේ මෑතකදී පැලවත්ත තලවතුගොඩ පාරේ (බී.427). වයෝවෘද පුද්ගලයෙක් හැරමිටියක උපකාරයෙන් මහමග යමින් සිටියදී ටිකක් පාරට බරව. අවුරුදු 17-18 වයස කොල්ලො දෙන්නෙක් මෝටර් සයිකලයක් වේග සීමා අභිබවා පැද යනවා. මා ඉහත කීවේ මේ තරුණයින් දෙදෙනා අර දුබල මගියා ආමන්ත්රනය කල ආකාරයයි. මොවුන් දෙදෙනා යම් දිනක වයෝවෘදයින් බවට පත් වන්නේ නැද්ද? මොවුන්ට වියපත් දෙමවුපියන් හෝ ආච්චිලා සීයල නැද්ද?  

මේ දක්ෂිණ වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්‍යවරයෙක් කියපු කතාවක්. “මා දවසක් හොස්පිටල් යනවා කාරෙකේ. සාමාන්‍යයෙන් මං ඉතින් හෙමින් නෙ එලවන්නේ. විශේෂයන් එදා පාර ටිකක් බිසී. මගේ ඕවර් ටෙකින් සෛඩ් එකෙන් ඇවිල්ල මෝටර් සයිකල් කොල්ලෙක් අහනවා, අඩෝ නාකිය උඹ අද ගෙදර යන්නේ නැත්ද? කියල. එයා මගේ කාර් එකට පයින් ඇන්න. ඔටුනු පලන්හිටි මේ කොල්ලට හිතුණ නැහැ එයා වැටේවි කියල. ඒ පහරේ ප්‍රතිවිරුද්ධ බලයට එයා වැටුන මහා පාර දඩස් ගාල. සෑහෙන්න තුවාල. මගේ වාහනේ මං එයා දාගෙන ගියේ නැහැ. ඇයි දුර්ජනයෙකුට එතරම් උදව්වක් කරන්න ඕනේ නැහැ නෙව. මං ගියා යන්න. කොහොමහරි එයා ඉස්පිරිතාලෙන් ආයේ මතුඋනා. එයාගේ අවාසනාවට එදා මගේ කැෂුවල්ටි දවස. මං එයාට හොඳට සැලකුව. තරමක ලොකු කට් එකක් තිබුන නළලෙ. ඒක ලෝකල් දීල මමම මැහුවා. මං සාමාන්‍යයෙන් යකා නගින කෙනෙක් නෙ. නමුත් මං එයාට බැන්නෙ නැහැ. ඔය ළමයාගෙ තාත්තට අඩෝ නාකිය කියල තාත්තගේ වාහනේට පයින් ඇන්න කියල හිතා ගන්න යනුවෙන් මං ඔහුට අවවාද කළා. එතකොට තමයි ඔහු දැනගත්තේ ඔහු අඩෝ නාකිය කිව්වේ කාටද කියල. ඔහු භයෙන් වෙවුලලා මට වැඳලා සමාව ඉල්ලුව. මං කිව්වා පුතා, කොන්ඩේ ඉදිච්ච නිසා සහ නීතිගරුකව වාහන පදවන නිසා මිනිසුන් අවතක්සේරු කරලා පාච්චලයට භාජනය කරන්න එපා කියල. වයෝවෘදභාවය ඔබ අගය කලයුතු දෙයක් මිස අවමාන කලයුතු දෙයක් නොවෙයි කියලත් කිව්ව. ඔය ළමයට කර්මය ක්ෂණිකව පඩිසන් දුන්න කියල මං ඔහු ඩිස්චාජ් කළා”. මේ මහාචාර්යවරයා මට කිව්වා බනිනවට වඩා අවවාද අනුශාසනා කරන එක පලදායී වේ කියල ඔහු තරයේ විශ්වාස කරන බව. 

මගේ පුද්ගලික අත්දැකීමත් මේ විදියමයි. මට අනන්ත අප්‍රමාන අඩෝ නාකිය කියල තියනවා. මං නෑහුනා වගේ ගිහින් තියෙනවා. තරුණ​ කාලේ මට අවමන් කලානම් මං වාහනෙන් බැහැල ඌට නෙලනවා. දැන් මසල් පවර් නැහැ නෙව. ඉතින් ඔක්කොම බහුබූත ඉවසන් ඉන්න වෙනවා. මෙන්න මේකයි දැන් රටේ සංස්කෘතිය.  (242) Man Nathida Merata Obatai By Abewardana Balasuriya – YouTube මේ ලින්ක් එක ඩබල් ක්ලික් කරලා අබේවර්දන බාලසුරිය මහතා විසින් ගායනා කරන්නට යෙදුන, මන් නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි කියන ලස්සන ගීතය අහන්න. 

මන් නැතිදා මේ රට ඔබටයි

ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි

රන් මෙව්ලු තුරින් පිරි පවුරු වළල්ලක් 

දූපත සරසන වා 

මල් බඹර බරින් රොන්සුනු අතුරා පින්කෙතට 

සුවඳ දෙනවා 

මන් නැති දා 

පා ගැටෙන තැනින් තැන පලිඟු රුවන් 

මිනිමුතුලැල් දිදුලනවා 

අද මිලින මලක් බිම සරු කරවා 

හෙට නවමල් පිබිදෙනවා 

මන් නැති දා

බලන්න මේ ලස්සන ගීතය තේරුම කෙටියෙන්. අද පරවන මලින් බිම සරු කරවා හෙට නවමල් පිබිදෙනවා. මන් නැති දා මේ රට ඔබටයි, ඔබේ යහළුවන්ටයි. දෙමවුපියන් මලපසු ඔවුන්ගේ දහඩියෙන් සරුවූ බිම නව පරපුර භාර ගෙන ඉදිරියට ගෙන යනවා.    

දැන් මොකක්ද වෙන්නේ? දෙමවුපියන් නැතිකරලා තියන සබ්බ සයුර තම අතට ගන්න හදන එක. සෑම ටී වී චැනල් එකක්ම පාහේ මේ මානසිකත්වයට අනුබල දෙනවා. මුන් ලාභය බලා තමයි වැඩ කරන්නෙ. රටට හෙන ගැහුවට නෝ ප්‍රොබ්ලම්. අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් බොහොම අල්පයි. ඇත්තෙම නෑ වගේ. එක පිට එක කොල්ලෝ කෙල්ලෝ තෙන් කෙලින ටෙලිඩ්රාම වැහි වැහැල. නිවුස් කියන්නෙත් තරුණ තරුණියො විතරයි. උන්ට හරියට කියවගන්නත් බැහැ. විශේෂයෙන් ඉංග්‍රීසි චැනල් වල එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න. චැට් ශෝස් වල කොල්ලෝ කෙල්ලෝ ගෙනැල්ල  ගස්ස ගස්ස නටවනව. මොකද්ද මේ සංස්කෘතිය? මොකක්ද අනාගත පරපුරට දෙන පණිවුඩය

Elephant House Cream Soda TVC 2017 – Bing video මේ ලින්ක් එක ඩබල් ක්ලික් කරල බලන්න යෞවනයේ පොපියන චමත්කාරය මොකක්ද කියල. මේ ඇඩ්වර්ට් එකේ කලබල ස්වරූපයෙන්ම පේනවා යෞවනයේ ව්‍යාකූල මානසිකත්වය. කෙල්ලො කොල්ලො අවිනීතව නටනව. පොපියන යෞවනයට රටක් ආණ්ඩුකරන්න බැහැ. වයෝවෘද අපට භෞතික වශයෙන් දුෂිත පාලකයින් පලවා හරින්නට බැහැ. ඒකට තරුණ ප්‍රජාවගේ සහභාගිත්වය අවශ්‍යයි. අරගලකාරයින් ඔවුන්ගෙ කාර්ය භාර්යය ඉටු කලා. අවාසනාවකට වගේ සමහර වෘත්තීය​ සංගම් ඔවුන්ගේ ඉලක්කය වෙනස් කලා. එමනිසා අරගලයේ නියම ප්‍රතිපල නෙලාගන්නට බැරිඋනා. තරුණයින්ට ජවය තියෙනවා. සමහර තරුණයින්ට අවශ්‍ය පොත් පත් දැනුම පවා තියෙනවා. නමුත් ජීවිතය පලදායී කරගැනීමට අවශ්‍ය  අත්දැකීම් නැහැ.

අවංක සමාජවාදී ආණ්ඩුවක් ස්ථාපිත​ උනොත් මිලියන් ගනන් තම සේවාලාභීන්ගෙන් සූරා ගන්නා මෙවැනි වෘත්තීකයින්ගේ බඩට වදීවි කියන භීතිය නිසා වෙන්නැති ඔවුන් අරගලයේ දිසාව ව්‍යාකූල කරල එය පැහැරගත්තේ. මොවුන් අතර ජ්‍යෙෂ්ටයින් හා බොහෝ තරුණයින්ද සිටියා. ඉතින් මේ කර්මයට ජ්‍යෙෂ්ටයින් විතරක් නෙවි පලි. දූෂිතයා කොල්ලෙක් උනත්, තරුණයෙක් උනත්, මැදි වියේ උනත් සහ වයෝවෘද උනත් දූෂිතයා නම් දූෂිතයාම තමයි. රජ පවුලේ රජාගේ සිට ඔටුන්න පලන්දවන්න හදන කාලකන්නියා දක්වා දූෂිතයි. තොටිල්ලේ ඉන්න බිලින්දාත් යන්තම් කරක් ගහගන්න පුළුවන් උනාම හොරෙක් වෙයි. මේක වයසේ ප්‍රශ්නයක් නෙවෙයි. ජානවල ප්‍රශ්නයක්.  

රට පාලනය කරන වයෝවෘද මනුෂ්‍යයෙක් විසින් රට විනාශයට පත්කළ බව සැබෑය. ඔහුට නාකි මයිනා කියා අවමන් කොට පන්නා දැමූ බවත් සැබෑය. නමුත් මෙවන් පුද්ගලයෙකුට පවා ඔහුගේ වයස හා රෝගී තත්ත්වය​ උකහා දක්වමින් අවමන් කිරීම උගත් සහ සුගත් සමාජයකට ඔබින්නේ නැත. වයස්ගත පුද්ගලයෙකුට ඔහුගේ වයස උකහා ගනිමින් අවමාන කිරීම ඉතා පහත ගනයේ ක්‍රියාවකි. 

මා වයෝවෘද පුද්ගලයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රැක්ටිස් නොකලත් මහා බ්‍රිතාන්‍යයේ ශල්‍ය වෛද්‍ය වරයෙක් හැටියට තවම  වැඩ කරනව. දැනට පදිංචි ලංකාවේ. මන් තවම හිනිමං උඩ  නැගල වැඩ කරනවා. වහලටත් නගිනවා. මේ රටේ ජී.එම.ඕ ඒ. එකේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයට නායකත්වය දුන් වෘත්තීය​ සමිති නායකයෙක් හැටියට මේ කාලකන්නි දේශපාලු හැතිකරය ඉවත්කිරීමට නායකත්වය දෙන්නට උනත් මා සුදානම්. නමුත් රටවැසියා මීට වඩා ආචාරශීලී වෙන්නට ඕනේ. 

එංගලන්තයේ වයස හැටෙන් පසු රැකියා විශ්‍රාම වැටුපට අමතරව රාජ්‍ය විශ්‍රාම වැටුපක් ලැබෙනවා. නොමිලයේ ගමන් යාමට බස් පාස් එකක් ලබෙනව. බෙහෙත් සියල්ලම නොමිලෙ ලැබෙනවා. යාම් ඊම් අපහසුනම් බෙහෙත් ගෙදරටම එවනවා. දියුනු රටවල ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සලකන්නේ එහෙමයි. නමුත් ධර්මද්වීපයක් යන නමක් ආරූඩ කරගත් ශ්‍රී ලංකාව නමැති නොසන්ඩාලයින්ගෙන් ගහන ම්ලේච්ච රටක් තම ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සලකන්නේ මා කලින් කී විලසටයි. 

ලැජ්ජයි පුරවසියනි ලැජ්ජයි, අශෝභනයි.

ඒ විතරක් නවෙයි. චීප් පොපියුලැරිටි එකට වයස්ගත උදවිය පවා ඔවුන්ගේ යු ටියුබ් නාලිකාවල නාකි මයිනා, ලොලිපොප් නාකියා වැනි දේවල් පාවිච්චි කරනවා. මෙය හරිම ම්ලේච්චයි. අශික්ෂිතයි. මහින්දට මයිනා කියනවානම් ප්‍රශ්නයක් නැහැ. රනිල් ලොලිපොප් වලට ආස නිසා ලොලිපොප් රනිල් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔවුන් දෙදෙනාට පමණක් නොව මේ මුළු මහත් ශ්‍රී ලංකාවේ කිසිම වයෝවෘද පුද්ගලයෙකුට නාකියා කියා අවමන් කිරීම කල හැක්කේ කානුවෙන් ජනිතවුන කාණුවේ ජීවත් වෙන කානුවේම කැත කරන අයට පමණයි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    1

    Thanks, Janaps (if I may so refer to you),
    .
    I spend so much time at the computer that I get tired of reading. and reading one page of Sinhala is the equivalent of reading in ten in English.
    .
    There is a great need to communicate, but the people whom we want to talk to just don’t come here.
    .
    I don’t find a problem talking to people in Sinhala, but then that is to individuals, often unknown people.I know that it must be galling to write all this, and find nobody responding.
    .
    You and I have never agreed 100%, but we respect each other. So, let’s see.
    .
    Panini Edirisinhe of Bandarawela

    • 2
      0

      21:43
      ජනප්‍රිය මැතිදුනි ඔබගේ ලිපිය ඉතාමත්ම සිත් ආකර්ශණීයයි මොකද එක ලියල තියෙන්නෙ කටට ඒ නං ගලාගෙන යන සිංහලෙන් මම කියන්නේ මේ දෙය ඔබ කියනවා මයිනාට mina කියලා සාප කළ ගෙදර ඇරපු එක වැරදියි කියලා මටනම් හිතෙන්නේ mina කියන මිනිහට මේ රටට කරපු සාපයට පොළඟෙක් එක තැන මරල දාන විදිහට මැරුවේ නැති එක පුදුමයි ඔයි වගේ දේවල් ලිබියාවේ 3 ලිබියාවට සූරා කාපු බල පෙරේත කම් කරපු පාදඩ බල්ලා පාරේ මරලා දැම්මා එනමුත් සිංහල බුද්ධාගම කියන බුද්ධාගමේ දරුණු විදියක් අනුගමනය කරන අපේ රටේ සමාජය වෙනස් කර රාජපක්ෂ බල්ලො මිසක් වෙන කවුරුවත් නොවෙයි ඒකා

      කටුනායක පොළොව ඉඹින කොට යුදෙන් ජය අරගෙන වත් නැහැ නමුත් චිත්‍රපටයක රඟපාන විදිහට පොළවයි උඹලා ලොක්කා කියලා පෙන්නුවා එක්තැන් ඉඳලා ලංකාවේ තිරිසන්නු වගේ බහුතරයක් ඉන්න රටේ හැම මිනිහම උන්ට ගරු කරන්න ඕන කියලා හදට ජනමාධ්‍ය හරහා මිනිසුන් නොමඟ හැරියා ඒ නොමඟ ඇරිල්ල දිගටම ගියා ලංකාවේ මිනිස්සුන්ට තනි තණකොළ කාපියව් කිව්වොත් උන් ගිහිල්ලා කාගෙන කාගෙන යන ජාතියක් ඔබ ඉඟ ලන්තේ ෛද්‍යවරයෙක් විදියට වැඩ කලත් ඔබ හැසිරෙන්නෙත් වෙනත් ආකාරයකට නොවේ අපි හොඳට දැනගෙන හිටියා කෝවිඩ් කාලේ ඔබේ ලිපි වලින් රටට දුන්න දෙය එතකොට ඔබ අගය කරා රාජපක්ෂවරුන්ගේ පාදඩ බලු දේශපාලනය අන්තිමට මොකක්ද උනේ දාහතක් අහිංසක මිනිසුන් එන්නත් නැතිව මැරිලා ගියා හැබැයි එකෙක්වත් රාජපක්ෂ පවුල් වල එකෙක්වත් මිය ගියේ නැහැ ඒක හින්දා මට තියනවා කර්මයට සාප කරන ගතියක් මෙය කියන්නේ ඉතා වේගවත්ව ඔබ වැනි අයත් දායක වුණා ඕයි පාදඩ බල්ලන් සමාජගත කරන්නට ඔබට සුභ අනාගතයක් 😐😌😶☹😉😐🤔🤨

  • 2
    0

    ඔබගේ වටිනා ලිපියට බොහොම ස්තුතියි. ජනතාවගේ ඇස් ඇරේවා. සමාජයේ විශාල කොටසක් විශ්‍රාම යාමේ කාලය ගත කරන නමුත් වර්තමාන තරුණ පරපුරට මග පෙන්වීමට කාලය ගත කරන්නේ ස්වල්ප දෙනකු පමණක් බව පෙනේ. ඔබ වෛද්‍යවරයෙකු සහ යහපත් පුරවැසියෙකු වූයේ කෙසේද යන්න පිළිබඳ ඔබේම දැනුම කෙරෙහි අවධානය යොමු කරන උදාහරණ ශ්‍රී ලංකාවේ වැරදි කරන තරුණයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට උපකාරී වේ.
    Thank you very much for your valuable article. Let it open the eyes of the people. A significant portion of the society spends its time in retirement, but it seems that only a few take the time to guide the youth of today. Examples that focus on your own knowledge of how you became a doctor and a good citizen will help raise the number of delinquent youth in Sri Lanka.

    • 2
      0

      Let me correct it … sorry about former text.
      .
      ඔබගේ වටිනා ලිපියට බොහොම ස්තුතියි. ජනතාවගේ ඇස් ඇරේවා. සමාජයේ විශාල කොටසක් විශ්‍රාම යාමේ කාලය ගත කරන නමුත් වර්තමාන තරුණ පරපුරට මග පෙන්වීමට කාලය ගත කරන්නේ ස්වල්ප දෙනකු පමණක් බව පෙනේ. ඔබ වෛද්‍යවරයෙකු සහ හොඳ පුරවැසියෙකු වූ ආකාරය පිළිබඳ ඔබේම දැනුම කෙරෙහි අවධානය යොමු කරන උදාහරණ ඔවුන්ගේ නරක පුරුදුවලින් මිදීමට සහ එය ඉදිරියට දැකීමට උපකාරී වේ.Thank you very much for your valuable article. Let it open the eyes of the people. A large part of the society spends its time in retirement, but it seems that only a few take the time to guide the youth of today. Examples that focus on your own knowledge of how you became a doctor and a good citizen will definitely help to get away with their bad habbits and see it forward.

      • 2
        0

        Mr Janapriya,
        අපගේ විශාල කොටසකට සරලව ධ්‍රැවීකරණය වන ඔබේ සිංහල භාවිතයට මම ප්‍රිය කරනවාට සැක නැත. දැන් මේ දවස උදාවන විට, අපි මේ දවස සඳහා අපගේ උදාව ආරම්භ කර ඇත, නමුත් ඔබේ ලිපියට බොහෝ දේ ලැබුණි.
        එය ආශීර්වාදයක් වන අතර ඔබ ඔබේ මාතෘකාව තෝරාගත් තරුණයින්ට හොඳ ආදර්ශයක් ලබා දී ඇත. මේ රටේ සිංහල සංස්කෘතික සංස්කෘතිය විසින් පාලනය කරනු ලබන “මහජන සංජානනයේ” නව මාරුවක් ග්‍රාමීය ජනතාවගේ පිළිගැනීමට ඉඩ සැලසීම සඳහා ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් සාමාන්‍ය ජනතාව ස්පර්ශ කරන භාෂාවක් භාවිතා කළ යුතු බව මම හරියටම කියමි.

        ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් මධ්‍යස්ථ මහා පක්ෂ එය අවබෝධ කර ගන්නේ නම්, ජවිපෙ ප්‍රමුඛ නිර්මාණයකට අනිවාර්යයෙන්ම අපේ සමාජය තුළ වෙනසක් කළ හැකිය. එය නොකර, වෙනසක් සඳහා සිහින දැකීමෙන් පියාසර කරන තෙක් බලා සිටීම හා සමානයි.

  • 2
    1

    Dear Sinnhala Man,
    .
    ඔබ ගැන සහ වයස් කාණ්ඩය ගැන මා පැවසූ දේ ගැන ඔබේ අදහස් දැක්වීමෙන් මම ඉතා අපහසුතාවයට පත් විය. ඔබ, අවාසනාවන්ත ලෙස, ඔබ වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව. එය ඔබගේ ස්වභාවය විය හැක. සමහර අය කවදාවත් තමන්ගේ වැරදි දකින්නේ නැහැ.
    .
    ඒවගේම ඔබ ඇත්තටම ඔබේ ජාතියට/රටට යමක් කිරීමට අවශ්‍ය නම් කිසිම බාධාවක් නොවිය යුතුයි. ඔබ තවත් අවුරුදු හැත්තෑවක් වයසැති මිනිසෙකි, නමුත් ඔබ හැසිරෙන්නේ වයස අවුරුදු 90 ක අයෙකු ලෙසය. අවධානය දිනා ගැනීමට ඔබේ දුක්බර ගමන එයයි. එය ශ්‍රී ලාංකිකයන්ට පොදු අවාසනාවකි. යුරෝපයේ, මගේ විශ්‍රාම වයස අවුරුදු 68. එය සාක්ෂාත් කර ගැනීමට මට දශකයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීමට සිදුවේ. මම ජීවත් වන තැන, මගේ අසල්වැසියන් වසර 45 ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේම රටක් ගොඩනඟා ඇත. ඵලදායිතාව ඉබේ සිදු නොවේ. සෑම පුරවැසියෙක්ම ඔහුගේ හෝ ඇයගේ දායකත්වය බෙදාගත යුතුය. එය ඔබට සහ ඔබේ පවුලේ අයටද උපකාර කළ හැකිය. පැහැදිලිවම ඔබට ඕනෑම අයෙකු විවේචනය කිරීමට කාලය තිබේ. ඔබ සෑම දිනකම අවසානයේ ආපසු හැරී බලන විට ඔබ කළේ කුමක්ද? වැඩි දෙයක් නෑ නේද?
    අපේ අය කතා කරනවා විතරයි, නමුත් ක්‍රියාවෙන් ඔවුන් අංක එකේ පරාජිතයන් පමණයි.

    .I was very uncomfortable with your comments about what I said about you and the age group. That you, unfortunately, have misinterpreted for yourself. It may be your nature. Some people never see their mistakes.
    .
    And if you really want to do something for your nation/country then there should be no obstacles. You are another seventy year old man, but you act like a 90 year old. That’s your sad journey to get attention. It is a common misfortune for Sri Lankans. In Europe, my retirement age is 68. I have to work a decade or more to achieve that. Where I live, my neighbors have been building their own country for 45 years or so. Productivity does not happen automatically. Every citizen must share his or her contribution. It can help you and your family too. Obviously you have time to criticize anyone. What did you do when you looked back at the end of each day? Nothing much, right?
    Our people only talk, but in action they are just number one losers

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.