
හර්ෂ ගුණසේන
වත්මන් රජය බලයට පැමිණීමට පෙර ජනතාවට ඒත්තු ගැන්වුයේ රාජ්යය මුල්ය අර් බුදයකට මුහුණ පෑවේ පෙර සිටි පාලකයන් ගේ දුෂණ ක්රියා නිසා බවත් ඔවුන් බලයට පැමිණි පසු ඒවාට වගකිවයුතු අයට දඬුවම් කරන බවත් ය. පෙර මැතිවරණ ගණනාවකදී මෙන් මෙම දඬුවම් කිරීමට ඡන්දදායකයෝ මනාප වූහ.
රාජ්යය දුෂිතව තිබුන බව සත්යයකි. ඛේදවාචකය වන්නේ රාජ්‍යය අදටත් දුෂිත වීමය. දුෂණ වලට එරෙහිව ක්රියාකරන ප්රධාන ආයතනයක් වන පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානියා ජාතික ජන බලවේගයේ දේශපාලන ක්රියාධරයකු වූ අතර අමාත්යංශයේ ලේකම් වරයාද එවැන්නෙකි. දුෂණය පිලිබඳ විමර්ශන කරන අනෙක් ආයතනය වන අල්ලස් හෝ දුෂණ විමර් ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වරයා හිටපු ජවිපෙ සාමාජිකයකු බවට එල්ලවූ චෝදනා වලට ඔහු සුදුසු පරිදි පිළිතුරු දුන්නේ නැත. සමහර පුද්ගලයන්ට එරෙහිව විමර් ශන කෙරෙන බව පෙනෙන්නට නොමැත. එබැවින් පෙර සිටි පාලකයන්ගේ දුෂිත ක්රියා පිලිබඳ වත්මන් ආණ්ඩුව ක්රියා කරන්නේ තෝරාගත් පිරිසකට එරෙහිව බව පෙනෙන්නට තිබේ.
රාජ්යය මුල්ය අර්බුදයකට මුහුණ පෑ ප්රධාන හේතුව දුෂණය නොවේ. ප්රධාන හේතු ගණනාවකි. එකක් රාජ්යයේ දිගු කාලින අයවැය හිඟයයි. ලැබෙන ආදායම වියදමට ප්රමාණවත් නොවන නිසා දිගින් දිගටම ණය ගැනීමට සිදුවිය. අපනයන අනුක්රමයෙන් දල දේශීය නිෂ්පාදිතයට අනුරූපව අඩු වූ අතර වෙළෙඳ ශේෂය ද ජංගම ගිණුමේ හිඟය ද වැඩි විය. රාජ්ය ආයතන සතුව තිබු විදුලිය සහ ඉන්ධන වීකුනන ලද්දේ ගැනුම් මිලට වඩා අඩුවෙනි. හිඟය පියවන ලද්දේ රාජ්ය බැංකු වලින් ලබාදෙන ණය මගිනි. මේවාට අමතරව තිබු රාජ්ය ආයතන අතර පාඩු ලබන බොහෝ ආයතන තිබු අතර ඒ පාඩු දරන ලද්දේ රාජ්ය අයවැය මගිනි. රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම නිසා අඩු පොලි ණය ලබා ගැනීමේ අපහසු තත්ත්වයක් උද්ගත වූ අතර ලැබුණ ණය සඳහා ඇති කොන්දේසි පිළිපැදීමට රජය අකමැති වූ නිසා 2007 දී ජාත්යන්තර වෙළෙඳ පොළේ බැඳුම්කර විකිණීම මගින් ණය ලබා ගැනීමට රජය ක්රියා කළේය. මේ ණය වල පොලිය වැඩි වූ අතර ආපසු ගෙවන කාලය කෙටි විය. ණය සඳහා කොන්දේසි නැත. එමෙන්ම මෙම ණය වැඩි වශයෙන්ම යොදවන ලද්දේ ණයේ පොලියට වැඩ අඩු ප්රතිලාභ ලැබෙන ව්යාපෘති වලය. මෙම තත්ත්වය බරපතල ප්රතිවිපාක ඇති කරන ලදී.
2019 දී පත්වූ ආණ්ඩුව විසින් බදු විශාල වශයෙන් අඩු කරන ලද අතර රාජ්ය ආදායම අඩුවීම නිසා ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවිය. මේ නිසා ශ්රේණිගත කරන ආයතන විසින් ලංකාවේ ශ්රේණිය පහත දමන ලදී. කොවිඩ් පැමිණීම නිසා ආර්ථික වර්ධනය අඩාල විය. රාජ්යය විසින් දේශීය ණය කෙරෙහි වැඩි බරක් තබන ලද අතර මුදල් සැපයුම හෙවත් මුදල් අච්චු ගැසීම වැඩි කරන ලදී. මේ නිසා උද්ධමනය වැඩි විය. මේ අවස්ථාවේදී ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යාම රජය ප්රතික්ෂේප කළේය. රසායනික පොහොර ගෙන්වීමද නවත්වන ලදී. මහ බැංකුව ඩොලරයේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කළ නිසා කළු කඩයේ ඩොලරයේ මිල වැඩි විය. ඒ නිසා නිත්යානුකුල ක්රම හරහා ඩොලර් ලැබීම අඩාල විය. ප්රතිඵලයක් වශයෙන් රජයට අත්යවශ්ය ආනයනික භාන්ඩ සඳහා ගෙවීමට ඩොලර් නැති විය.
පසුව ජාත්යන්තර මුල්ය අරමුදල සමඟ එකඟතාවක් ඇතිවූ අතර ඒ අනුව බදු ද එහි ප්රතිඵලයක් ලෙස රාජ්ය ආදායමද වැඩිවිය. විදුලිය සඳහාද ඉන්ධන සඳහාද මිල නියම වුයේ ගැනුම් මිල සහ වියදම අඩු කිරීමෙන් පසුවය. රාජ්ය වියදම් බොහෝ සෙයින් සිමා කරන ලදී. ඒ අනුව ප්රාථමික ගිණුමේ (ආදායම –පොලි හැර වියදම ) අතිරික්තයක් ඇතිවිය. මුදල් අච්චු ගැසීම නවත්වන ලදී. පොලි අනුපාත වැඩි කරන ලදී. උද්ධමනය අනුක්රමයෙන් අඩුවිය. ඒ අනුව පොලි අනුපාතද අනුක්රමයෙන් අඩු කරන ලදී. විනිමය අනුපාතය කෘත්රිමව තබා නොගන්නා ලදී. මේ අනුව වෙළෙඳ ශේෂයේ හිඟයක් තිබුණද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර් තා විය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට තිබුනේ මේ තත්ත්වයයි.
ඔවුන් බලයට පැමිණීමට පෙර මුල්ය අරමුදල සමඟ ඇති ගිවිසුම සංශෝධනය කරන බව කීවත් එසේ නොකරන ලදී. ඔවුන් කරන එකම දෙය ඒ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්රියාත්මක කිරීමයි. එය හොඳ දෙයකි.
ඒ අනුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වර් තමාන දත්ත මෙසේය. 2025 දී දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස රාජ්ය ආදායම 16.7% කි (IMFසමග එකඟවූ 14.9%) ; ප්රාථමික ගිණුම 5.4% කි (IMFසමග එකඟවූ 2.3%) ; අයවැය හිඟය -2.3% කි(IMFසමග එකඟවූ -5%) ; මධ්යම රජයේ ණය 91.6% (IMFසමග එකඟවූ 103.3%); ආර්ථික වර් ධනය 5% කි (IMFසමග එකඟවූ 2.6% ); විදේශ ගිණුම් වල ජංගම ගිණුම අතිරික්තය 1.6% කි. රාජ්ය මූල්ය ස්ථාවරත්වය පැත්තෙන් මෙය ඉතා හොඳ තත්ත්වයකි. ප්රශ්නය වන්නේ එපමණක් සෑහේ ද යන්නයි.
මෙම තත්ත්වය එක් අතකින් මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවන ධුර කාලයේ මුල් භාගය (2010-2012) සිහිපත් කරවයි. ඒ යුගයේ මෙරට වැඩිම ආර්ථික වර් ධන වේගයක් විය. (8%-8.6%) යුද්ධයෙන් පසුව ඇතිවූ වර් ධනයට ප්රධාන වශයෙන් දායකත්වය සපයන ලද්දේ ඉදිකිරීම් ක්ෂේත්ර යයි. මෙය මුල්යනය කරන ලද්දේ ඉහළ පොලි අනුපාත සහිත ණය විසිනි. සමහර ඉදිකිරීම් වල ප්රතිලාභය ණය පොලියට වඩා අඩුවිය. එම යුගයේ අපනයන දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ඉතා අඩු අගයක් වාර්තා කළේය (19%-20%) රාජ්ය ණය වැඩිවූ නමුත් ආර්ථික වර් ධනය හේතුවෙන් එය දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස තරමක් අඩුවිය. විනිමය අනුපාතය මහා බැංකුව විසින් කෘත්රිමව අඩු අගයක තබා ගන්නා ලදී. මෙය බැලූ බැල්මට හොඳ තත්ත්වයක් ලෙස පෙනුනත් තිබු බරපතල තත්ත්වය එම දත්ත තුලම අඩංගුය.
ජාත්යන්තය මුල්ය අරමුදලේ කාර්ය භාරය වන්නේ රාජ්ය මූල්ය ස්ථාවරත්වයයි. ඒ අනුව රාජ්යයේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිවේ. රටේ ආර්ථිකයේ සම්පුර් න පාලනය මුල්ය අරමුදලට භාරදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. රටේ ආර්ථික වර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කල යුතුය. මේ ආණ්ඩුව එසේ කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. අප වැනි රටක ආර්ථික වර්ධනයේ ප්රධානම සංඝටකයක් විය යුත්තේ අපනයන වර්ධනයයි.අපනයන පමණක් වර්ධනය කළ නොහැක. ඒ සමගම ආනයන ද වර්ධනය වේ. එහි තේරුම නම් වෙළෙඳාම වර්ධනය විය යුතුය. මහා පරාක්රමබාහු රජුගේ කාලයේද තත්ත්වය මෙසේමයි.
මූල්‍ය අරමුදලේ නිර් දේශ මත අමතර තීරු බදු ඉදිරි වසර වලදී අඩුකරන බව පසුගිය අයවැය කථාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. එනමුත් ඉදිරි වර් ෂ වල ආදායම් ඇස්තමේන්තු අනුව අමතර තීරුබදු වලින් ලැබෙන මුදල අනුක්‍රමයෙන් වැඩිවෙයි. මෙය අයවැය කතාවට පරස්පරය. අයවැය කතාව අනුව ක්‍රියාත්මක වුවොත් 2029 දී මුළු තීරුබදු 50% කින් පමණ අඩුවිය යුතුය. මෙය හොඳ ප්‍රවණතාවයකි. මෙය යම් ප්‍රමාණයකින් ජිවන වියදම අඩු වීමටද ඉවහල්වේ. නමුත් පරස්පර ඉඟි නිසා එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සැක සහිතය.
අපනයන වර්ධනය සඳහා ආණ්ඩුව විසින් ප්රතිපත්ති තීරණ ගත යුතුව තිබේ. පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව උදාහරණයක් ලෙස දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස භාණ්ඩ සහ සේවා අපනයනය 2025 දී 25% ක් ද 2040 දී 60% ක්ද විය යුතුය. 2025 දී සාක්ෂාත් කළ මෙම අගය 19% කි. මෙම අගය 2000 දී 39% ක් විය
ආර්ථික පරිවර්තන පනත අනුව පුළුල් බලතල සහිත ආර්ථික කොමිෂන් සභාව, විවිධ ආර්ථික කලාප පාලනය සඳහා සෝන්ස් එස් එල් ආයතනය, ජාත්යන්තර වෙළෙඳාම සඳහා වූ කාර් යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, සහ ශ්රී ලංකා ආර්ථික විද්යා සහ ජාත්යන්තර වෙළෙඳ ආයතනය පිහිටු විය යුතු අතර මේවා කෙලින්ම ජාත්යන්තර වෙළෙඳාම, විදේශ ආයෝජන, අපනයනය සහ ඵලදායිතාව නැංවීම වැනි කරුණු වලට අවධානය යොමු කර ඇත.
වත්මන් ආණ්ඩුව එම පනත ක්රියාත්මක වීම අත්හිටවා ඇති අතර එම අමතර නිර් නායක ක්රියාත්මක නොකරයි. ඔවුන් ක්රියාත්මක කරන්නේ මූල්ය අරමුදල සමඟ එකඟ වූ නිර් නායක පමණක් වන අතර රටේ ආර්ථිකය පරිවර්තනය සඳහා ආණ්ඩුව කිසිම ක්රියා මාර්ගයක් නොගනී. පනතට සංශෝධන අවශ්ය නම් ඒවා කළ යුතුය.
මෙයට අමතරව රජය සතු ව්යාපාරික ආයතන ප්රතිව්යුහගත කිරීම සඳහාද ආණ්ඩුව කඩිනමින් ක්රියාත්මක නොවේ. විදුලි බල මණ්ඩලය යම් ඉදිරි පියවරක් තබා ඇති අතර එය සුමට අන්දමින් ඉදිරියට යන බවක් පෙනෙන්නට නැත. රාජ්ය ව්යාපාර ප්රතිසංවිධානය සඳහා ද පනතක් ගෙන එන බවද ප්රකාශයට පත් කර ඇත. මේවා කඩිනමින් ක්රියාත්මක කළ යුතුය.
ඉන්දියාවට කෙරෙන අපනයන වර්ධනය සඳහා ඉන්දියාව සමග ඇතිආර්ථි කසහයෝගිතා ගිවිසුම ඉක්මනින්ම අලුත් නලෙස ආසියානු සංවර්ධන බැංකුව යෝජනාකර ඇත. ජපානය ඉන්දියාව සහ ලංකාව අතර යෝජිත ආර්ථික කොරිඩෝව පිලිබඳ වැඩ කටයුතු ඉක්මන් කරන ලෙස ජපන් තානාපති වරයා පසුගියදා ඉල්ලා සිටියේය. මේ සම්බන්ධව ගිවිසුමක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2026 පෙබරවාරි මස අත්සන් කරන ලදී. අපනයන සංවර්ධනය සඳහා ආණ්ඩුවක් විසින් ක්රියාත්මක කල යුත්තේ මෙවැනි දෑය. එය සමුළු පැවැත්වීමෙන් පමණක් කළ නොහැක.
මාස ගණනාවකට පෙර ඉන්දියාව යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළේය. එය සියලු වෙළෙඳ ගිවිසුම් වල මාතාව ලෙස හඳුන්වනු ලැබිණ. එය එතරම් විශාල එකකි. ඉන්දියාව එයට පෙර එක්සත් රාජධානිය සමඟ ද ගිවිසුමක් අත්සන් කරන ලදී. වියට්නාම් ජනාධිපතිවරයා දැන් ලංකාවේ සංචාරයක යෙදේ. වියට්නාමය නිදහස් වෙළෙඳ ගිවිසුම් 19 කට එළඹ ඇත.
ආණ්ඩුවේ සහ ඔවුන්ගේ හිතවාදීන්ගේ අරක්ෂනවාදී ප්රතිපත්තිය මෙවැනි ක්රියා මාර්ග සඳහා ප්රතිරෝධයක් ලෙස ක්රියා කරයි. මෙවැනි ප්රතිසංස්කරණ ආණ්ඩුව විසින් නොකරන්නේ නම් මූල්ය අරමුදල සමඟ තවත් එකඟතාවකට යාමට සිදුවනු ඇතැයි ප්රකට ආර්ථික විද්යාඥයකු වන ගනේෂන් විග්නරාජා පසුගියදා අනතුරු ඇඟවිය.
මූල්ය අරමුදල සමඟ එකඟවූ නිර් නායක ක්රියාත්මක කරන තෙක් රාජ්යය මූල්ය අර බුදයකට මුහුණ නොපානු ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇත. එය ණය ආපසු ගෙවීම කෙරෙහිද බලපානු ඇත.
ඉක්මනින් වැඩි ආර්ථික වර්ධනය ක් ලබාගැනීම අවශ්ය වන තවත් ඉතා වැදගත් හේතුවක් තිබේ. 2022 ඇතිවූ උද්ධමනය හේතුවෙන් බඩු මිල ඉහල ගිය අතර පසුව කලින් වැඩි වූ බඩු මිල දැනෙන තරමින් අඩු වුයේ නැත. මේ නිසා රටේ විශාල පිරිසක් දරිද්ර රේඛාවෙන් පහතට වැටී තිබේ. මේ පිරිස දරිද්ර මට්ටමෙන් ඉහලට ගත හැක්කේ ඉක්මන් ආර්ථික වර්ධනයක් මගින් සහ එම වර්ධනයේ ප්රතිලාභ ජනතාවට ගලා යාමට සැලැස්වීමෙනි. ආණ්ඩුවට මේ පිළිබඳව කිසිම අවබෝධයක් තිබෙන බව පෙනෙන්නට නොමැත.
මේ බරපතල තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුව සිය මංමුලා වීමෙන් එළියට පැමිණ නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතු යයි සිතමි.
leelagemalli / May 12, 2026
Dear Mr Gunasena, Thanks for your efforts.
වත්මන් JVP-NPP පරිපාලනයේ දිශාව පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් කනස්සල්ල සහ කලකිරීම ප්‍රකාශ කරමින් සිටිති.
මැතිවරණයට පෙර භාවිතා කළ නිර්භීත පොරොන්දු (Uganda Funds, Easter sunday disaster, so called bank robbery, reduction of VAT for daily needs and educaiton etc) සහ චිත්තවේගීය වාචාල කතා බොහොමයක් බලයට පත්වීමෙන් පසු ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය වී නොමැති බවට විචාරකයින් තර්ක කරමින්, පාලනයේ ඇතැම් ප්‍රවණතා ඒකාධිපති ආකෘතීන් සමඟ සංසන්දනය කර ඇත. රට තවමත් ආර්ථික බිඳවැටීමෙන් හා බංකොලොත්භාවයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවක, සාමාන්‍ය පුරවැසියන් පවා බැංකු ගනුදෙනු සහ මූල්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටළු ඇතුළුව දෛනික ජීවිතයේ බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. දේශපාලන දොස් බොහෝ විට පෙර රජයන් වෙත යොමු වුවද, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සහ ආර්ථික පරිහානිය දශක ගණනාවක් තිස්සේ ගොඩනැගී ඇති අතර, එබැවින් නිදහසින් පසු අනුප්‍රාප්තික පරිපාලන හරහා වගකීම බෙදා ගත යුතුය.
බොහෝ පුරවැසියන් විශ්වාස කරන්නේ විපක්ෂ පුද්ගලයින්ට එරෙහිව පළිගැනීමේ දේශපාලනය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම රටේ ජීවනාලිය ලෙස පවතින ජාතියේ ආර්ථිකය නැවත ගොඩනැගීමට උපකාරී නොවන බවයි. ආර්ථික ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය නොමැතිව, ශ්‍රී ලංකාව 2022 අර්බුදයේදී දක්නට ලැබුණු තත්වයන්ට සමාන තත්වයන්ට නැවත වැටීමේ අවදානමක් ඇත. නීතියේ අසමාන යෙදීම පිළිබඳව ද කනස්සල්ල මතු වෙමින් පවතින අතර, පහළ මට්ටමේ නිලධාරීන් අත්හිටුවීමට හෝ මහජන නින්දාවට මුහුණ දෙන අතර මතභේදාත්මක මූල්‍ය තීරණවලට සම්බන්ධ බලගතු පුද්ගලයින් ස්පර්ශ නොවී සිටින බවට චෝදනා එල්ල වේ. ඒ සමඟම, වැඩිවන මානසික පීඩාවන්, සියදිවි නසාගැනීම් සහ සමාජ අස්ථාවරත්වය ජාතික අවධානයට ලක්වන කරුණු බවට පත්වෙමින් තිබේ. භීතිය, බෙදීම සහ කාංසාව පිළිබඳ වර්ධනය වන වාතාවරණය, 1989-1992 කැරලි යුගයට සම්බන්ධ නොසන්සුන්තාව ඇතුළුව ශ්‍රී ලංකාවේ අතීතයේ ප්‍රචණ්ඩකාරී කාලපරිච්ඡේදවල වේදනාකාරී මතකයන් නැවත ඇති කරන බවට සමහර නිරීක්ෂකයින් බිය වෙති.
/
leelagemalli / May 12, 2026
තමිල්නාඩුවේ නළු විජේගේ වර්ධනය වන දේශපාලන නැගීම, ඡන්දදායකයින්ට දැන් ලබා දී ඇති අහස උසට නැඟෙන පොරොන්දු සමඟ, අසල්වැසි ශ්‍රී ලංකාවෙන් උකහා ගත හැකි වැදගත් පාඩමක් ද විය යුතුය. අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය ද ඒ හා සමානව ගොඩනැගුනේ හැඟීම්, මහජන කලකිරීම සහ වෙනසක් පිළිබඳ දැවැන්ත පොරොන්දු මත ය. එහෙත් අද බොහෝ ශ්‍රී ලාංකිකයන් එම පොරොන්දු යථාර්ථවාදී ද නැතහොත් මහජන කෝපය සහ බලාපොරොත්තුව ග්‍රහණය කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද දේශපාලන සටන් පාඨ ද යන්න විවෘතව ප්‍රශ්න කරති.
පාලනයට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් ඉන්ධන සහ විදුලි මිල ඉහළ යාම, ගොවීන්ට බලපාන පොහොර හිඟය, ඖෂධ පිරිවැය වැඩිවීම සහ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සමඟ දිගටම අරගල කරති. යථාර්ථය පෙන්වා දී ඇත්තේ කථා, ජනප්‍රියත්වය සහ චිත්තවේගීය දේශපාලනයට පමණක් රටක් පාලනය කළ නොහැකි බවයි. නායකත්වය මනිනු ලබන්නේ රැලිවල අත්පොළසන් දීමෙන් හෝ සමාජ මාධ්‍ය උද්යෝගයෙන් නොව, පරිපාලන නිපුණතාවය, ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දීමේ හැකියාවෙනි. නළු නිළියන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන ව්‍යාපාර ඇතුළුව දකුණු ආසියාව පුරා නැගී එන දේශපාලන ව්‍යාපාර මිලියන සංඛ්‍යාත ජනතාවට අතිශයෝක්තියෙන් පොරොන්දු දීමට පෙර බැරෑරුම් ලෙස අධ්‍යයනය කළ යුතු පාඩම මෙයයි.
අද වන විට, බොහෝ පුරවැසියන් වැඩි වැඩියෙන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට හැඟීම්, පෞරුෂයන් හෝ වීර වන්දනාව පමණක් පදනම් කරගත් දේශපාලනය තවදුරටත් දැරිය නොහැකි බවයි. ඒ වෙනුවට, දේශපාලන පක්ෂ සහ වෘත්තීය අංශවල දක්ෂ පුද්ගලයින් එක්වී අවම වශයෙන් ඉදිරි වසර 3-4 සඳහා ප්‍රකෘතිමත් වීම සහ දිගුකාලීන පදනම් කෙරෙහි අවධානය යොමු කරන ස්ථාවර ජාතික පාලන රාමුවක් ගොඩනැගීමට එක්විය යුතුය. ජාතීන් සිනමාත්මක ජනප්‍රියත්වය හෝ බලවත් කතා මගින් පමණක් නැවත ගොඩනඟන්නේ නැත; ඒවා නැවත ගොඩනඟනු ලබන්නේ විනය, විශේෂඥතාව, වගවීම සහ ජනතාවගේ දෛනික ජීවිතය සැබවින්ම වැඩිදියුණු කරන යථාර්ථවාදී ප්‍රතිපත්ති හරහා ය.
/
leelagemalli / May 12, 2026
වියට්නාම අගමැතිගේ සංචාරය අතරතුර AKD නායකත්වයේ මෑත කාලීන හැසිරීම පුළුල් මහජන විවේචනයට තුඩු දී ඇති අතර රජයේ සූදානම සහ රාජ්‍ය තාන්ත්‍රික පරිණතභාවය පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කර තිබේ. නිරීක්ෂකයින් සඳහන් කළේ, AKD මූලික රාජ්‍ය ප්‍රොටෝකෝලය ගැන හුරුපුරුදු බවක් නොපෙනුණු බවයි, විශේෂයෙන් නිල කටයුතු අතරතුර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් නිසි ලෙස හඳුන්වා දීමට අපොහොසත් වීම නිසා.
–
https://www.youtube.com/watch?v=cjtCKS6DqII&t=778s
–
බොහෝ පුරවැසියන් සහ දේශපාලන විචාරකයින් මෙම සිදුවීම ජාත්‍යන්තර වේදිකාවක ලැජ්ජා සහගත සංදර්ශනයක් ලෙස සැලකූ අතර, ජාතික නායකත්වය විශ්වාසය, සම්බන්ධීකරණය සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඉල්ලා සිටින බවට තර්ක කළහ.
විචාරකයින් විසින් රටට අර්ථවත් ප්‍රතිඵලයක් නොලැබුණු බවට වාර්තා වූ පෙර විදේශ සංචාර සහ කටයුතු කිහිපයක් ද පෙන්වා දී ඇත. අද කතා කරන විශේෂඥයින් සහ විශ්ලේෂකයින් වත්මන් නායකත්වයට විදේශයන්හි ජාතික අවශ්‍යතා ඵලදායී ලෙස පාලනය කිරීමට සහ නියෝජනය කිරීමට අවශ්‍ය අත්දැකීම් සහ උපායමාර්ගික දිශාව තිබේද යන්න ප්‍රශ්න කර ඇත. මහජනතාව අතර වර්ධනය වන සංජානනය නම්, පරිපාලනය තවමත් අද්දැකීම් අඩු සහ නායකත්වයේ වගකීම් සඳහා සූදානම් නැති බව පෙනේ, සමහරු ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය “L-මණ්ඩල ඉගෙන ගන්නන්” සමඟ සංසන්දනය කරමින් තවමත් පාලනයේ සහ රාජ්‍ය ශිල්පයේ මූලික කරුණු ග්‍රහණය කර ගැනීමට අරගල කරති.
/