25 September, 2020

Blog

ජවිපෙ දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව: ‘දැක්මේ’ අභාවිතයක්

හේම සේනානායක

හේම සේනානායක

හේම සේනානායක

ආර්ථික ප‍්‍රගමනයේ ගාමක බලවේගය වන්නේ ‘මිනිස් තණ්හාව’ බව ධනවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව පිළිගනිති. ඒ ගැන, මගේ මීට පෙර ලිපියකට අදාළව ‘කලමුබ් ටෙලිග‍්‍රාෆ්’ පාඨකයෙකු පොල්ලෙන් ගැහැව්වා වැනි සටහනක් තබා තිබුණි. සිත්ගන්නා සුළු එම අදහස මෙසේය:

‘‘සෑම මනුෂ්‍යයෙකුටම මහන්සි වී වැඩ කිරීමෙන් පොහොසත් වීමට අයිතියක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා තෙක්, එම පක්ෂය දේශපාලනයේ දී සාර්ථක නොවෙනු ඇත. වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන් සහ ශූර හැකියාව හරහා පොහොසත් වීමට කෙනෙකුට සහජ අයිතියක් ඇත. ඒ නිසා එසේ වෙහෙස මහන්සියෙන් වැඩ කරන කෙනෙකුගේ ව්‍යාපාරික ලාභයට හෝ ඔහුගේ ශූර හැකියාවෙන් දියුණු වීමට ඇති අවස්ථාවට සීමා පැනවීමට, ජනතා විමුක්ති පෙරමුණට පුලූවන් කමක් නැත. රැුකියා සහ ආදායම් නිර්මාණය කරන්නේත්, සමාජ සශ‍්‍රීකවත් කරන්නේත්, එම හැකියාවන්ම ය. වෙළඳ ව්‍යාපාර, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය වනාහී, ඉගැන්වීමට කොපි කිරීමට හෝ මිළ දී ගැනීමට නොහැකි, නිපුණතා සහ කුසලතාවන් ය. ඒවා, කලා, නාට්‍ය සහ වෙනත් හැකියාවන් කෙරෙහි මෙන්ම, දිරිමත් කළ යුතුය. ඇපඋපකාර කළ යුතුය.’’ (ලසන්ත නැමැති පාඨකයෙක්)

එම අදහස සමාජවාදීන් පිළිගනී ද? මා මේ ප‍්‍රශ්නය මතු කරන්නේ, එය සමාජවාදීන් විසින් පමණක් නොව, සෑම ගුරුකුලයකම ආර්ථික විද්‍යාඥයන් විසින් ද පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්නයක් වන බැවිනි. ආර්ථික සශ‍්‍රීකත්වයට තල්ලූව සපයන වඩාත් වැදගත් කාරණය ‘මිනිස් තණ්හාව’ වශයෙන් අප පිළිගන්නේ නම්, එම ‘මිනිස් තණ්හාව’ තව තවත් තර කෙරෙන ආර්ථික යාන්ත‍්‍රණයක ඇති වලංගු භාවය ද අප පිළිගත යුතුය. ඒ යාන්ත‍්‍රණය කුමක් ද? එය, නිෂ්පාදන මාර්ග හිමිකර ගැනීමට කෙනෙකුට ඇති අයිතිය මිස වෙන දෙයක් නොවේ: වෙනත් වචනවලින් කිවහොත්, නිෂ්පාදන මාර්ගවල පුද්ගලික අයිතියයි. ධනවාදය එය පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, මා දන්නා තරමට, නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතියේ පැවතීම, කම්කරුවන්ගේ ශ‍්‍රම ශක්තිය සූරාකෑමට හේතු කාරක වන බව, කාල් මාක්ස් කීය. එය ද සැබෑවකි. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර ඒ මතය දැරුවේය. එහෙත් ඔවුන්ගේ අළුත්ම ‘දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව’ තුළ, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් තමන් දැරූ එම මතය බැහැර කොට ඇති අතර, පෞද්ගලික ව්‍යාපාරවල පැවැත්ම සහ ඒවා දිරිමත් කිරීමේ ඇති අවශ්‍යතාව දැන් පිළිගෙන ඇත.

දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ කියයි: ‘‘නිෂ්පාදනය පදනම් වන ආර්ථිකයක කොටසක් බවට පොදු සහ පෞද්ගලික අංශ පත්කෙරෙනු ඇත’’ (‘‘අපේ දැක්ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති රාමුව’’- පිටුව 15)

දැන්, සූරාකෑම පිළිබඳ සංකල්පයට කුමක් වී ද? එය අනවශ්‍ය සංකල්පයක් ද? මම එසේ නොසිතමි. උදාහරණයක් වශයෙන්, හිටපු ඇමරිකානු ජනාධිපති ක්ලින්ටන්ගේ ආර්ථික උපදේශක කමිටුවේ සිටි, නොබෙල් ත්‍යාගලාභී ධනපති ආර්ථීක විද්‍යාඥ, මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් කියන පරිදි, ‘‘බදු අයකර ගැනීම් හරහා ආදායම්වල නිසි බෙදාහැරීමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය ය. සමස්ත ඇමරිකානු පරිභෝජනය තිරසාර පදනමක් මත ස්ථාපිත කිරීමට නම්, ආදායමේ මහ පරිමාණ යළි බෙදාහැරීමක් අවශ්‍ය කරන අතර, එය සිදුවිය යුත්තේ, ඉතිරි කිරීමේ හැකියාව ඇති ඉහළම ස්ථරයෙන්, උපයන සෑම සතයක්ම වියදම් කරන පහළම ස්ථරයට ය. ප‍්‍රගාමී බදු අය කිරීම (ඉහළම ස්ථරයෙන් වැඩියෙන් බදු අය කිරීමත්, පහළම ස්ථරයෙන් අඩුවෙන් බදු අය කිරීමත්) මගින් එය සිද්ධ වෙනවා පමණක් නොව, එය ආර්ථිකයේ ස්ථායීතාවට ද තුඩුදෙන්නේය’’ (‘‘නිදහස් වැටීම’’- ජෝසප් ස්ටිග්ලිස්, 2010)

ස්ටිග්ලිස්ගේ ඉහත සඳහනෙන් පෙනෙන්නේ, සූරාකෑමක් පවතින බවත්, ඒ නිසා ආදායම්වල නැවත ව්‍යාප්තියක් අත්‍යාවශ්‍ය බවත්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ධනපති ආර්ථික විද්‍යාඥයන් පවා පිළිගන්නා බවයි. ආදායමේ ඕනෑම යළි බෙදාහැරීමක් හරහා ‘මිනිස් තණ්හාවට’ යම් සීමාවක් පැනවිය හැකි වන්නේය.

සූරාකෑම යන්නෙන්, නිෂ්පාදන ප‍්‍රාග්ධනයේ ව්‍යාප්තියක් සහ එම නිෂ්පාදන ප‍්‍රාග්ධනය ධනපති ප‍්‍රභූ පංතියක් සන්තකයේ පවතින් බවක් අදහස් නොවන බව මගේ අදහසයි. සූරාකෑම යනුවෙන් අදහස් වන්නේ, අවසාන විග‍්‍රහයේ දී, පරිභෝජනීය නිමැවුම් කෙනෙකු තමන් සඳහා වැඩි වැඩියෙන් වෙන් කරගන්නා බවයි. එසේ කිරීමට, නිෂ්පාදන මාර්ග හෝ ආණ්ඩුව හෝ ඒ දෙකම තමන් සතු කරගත යුතුය.

කර්මාන්ත ශාලා සහ බැංකුවල අයිතිය පවතින්නේ පුද්ගල අයිතිය යටතේ වේවා, සමාගම් අයිතිය යටතේ වේවා, කම්කරු අයිතිය යටතේ වේවා, වෘත්තීය සමිති අයිතිය යටතේ වේවා, ආණ්ඩුව හෝ සමූපකාර අයිතිය යටතේ වේවා, නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් පරිභෝජනීය නිමැවුම් බෙදාහැරීම වෙන් කොට තබා ගැනීම සමාජවාදයේ ඉලක්කයක් විය යුතුය. ඒ ඇයි? ආණ්ඩුවකට වුවත් සූරාකෑම කළ හැකි බැවිනි.

මුදල් මත පදනම්ව. යහතින් ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ, නිෂ්පාදනයේ අයිතියට ඇති සහසම්බන්ධතාවකින් තොරව, පරිභෝජනීය නිමැවුම් සාධාරණ අන්දමින් බෙදාහැරීම කළ හැකිය. එය තාක්ෂණික අරුතකින් සහ ආර්ථිකමය අරුතකින් කළ හැකි බව, ධනපති ප‍්‍රභූ පැලැන්තිය දනිති. එසේ කළ හැක්කේ විචල්‍යයන් තුනක් යථා ආකාරයෙන් හැසිරවීමෙනි: ඒවා නම්, වැටුප් ව්‍යුහය, බදු අයකිරීම සහ පරිභෝජන ණය මාර්ගයි. එහෙත්, ධනය යළි බෙදා හැරීම නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් සම්පූර්ණයෙන්ම හෝ ඕනෑවට වඩා ඉවත් කළොත්, එවිට ආර්ථික කාර්යක්ෂමතාව ස්ථාපිත කළ නොහැකි වන්නේය. මන්ද යත්, එවිට ‘මිනිස් තණ්හාව’ පිළිබඳ සාධකය විනාශ කෙරෙන බැවිනි.

කෙසේ වෙතත්, මෑතක ඇති වූ ජගත් ආර්ථික අර්බුදය විසින් පැහැදිළිව පෙන්නුම් කළ එක දෙයක් තිබේ. එනම්, ආර්ථික කාර්යාක්ෂමතාව ස්ථාපිත කිරීම සහ නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතිය යටතේ පැවතීම අතර කිසි සම්බන්ධයක් නැති බවයි. බෑන්ක් ඔෆ් ඇමරිකා, සිටිබෑන්ක්, ජේ.පී.මෝර්ගන් චේස්, වෙලස් ෆාර්ගෝ, ජෙනරල් මෝටර්ස්, ක‍්‍රයිස්ලර් ආදී ඇමරිකාවේ පෞද්ගලික අයිතිය යටතේ පවතින සියලූ ප‍්‍රධාන බැංකු සහ ව්‍යාපාරික සමාගම්, ආණ්ඩුව මගින් මුක්කු ගසා ඔසවා නොතබන්නට, මේ වන විට බංකොලොත් වීමට නියමිතව තිබුණි. ඒ නිසා, ආර්ථික කාර්යක්ෂමතාවක් සහ ස්ථාවරත්වයක් එක දිගට පවත්වා ගැනීම, හුදෙක් නිෂ්පාදන මාර්ග හිමිකර ගැනීමට කෙනෙකුට ඇති අයිතිය උඩ පමණක් රඳා නොපවතින බවත්, ස්ථාවර ආර්ථික සශ‍්‍රීකත්වය නඩත්තු කිරීමට ‘මිනිස් තණ්හාවට’ පුලූවන් කමක් නැති බවත් පැහැදිළි ය. බාගෙ විට, ධනපති ක‍්‍රමය තුළදී මෙන්ම සමාජවාදී ක‍්‍රමය තුළ ද, ආර්ථික ස්ථාවරත්වය සහතික වන්නේ, ‘මිනිස් නිර්මාණශීලීත්වය’ සහ ‘පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ’ මගින් විය හැකිය.

පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ ගැන මා මෙසේ කතා කරන්නේ ඇයි? වර්තමාන ධනපති ක‍්‍රමය තුළ යම් පද්ධතිමය දෝෂයක් තිබේ ද? ඔව්, එවැන්නක් තිබේ. ෆෙඩරල් සංචිතයේ හිටපු සභාපති ග‍්‍රීන්ස්පෑන්, ක‍්‍රමය තුළ පවතින දෝෂයක් තමාට හමු වූ බව ප‍්‍රසිද්ධියේ කීවේය. තව ද, ධනපති ක‍්‍රමයේ ස්වභාවය වන්නේ, අපල=ණය (ආපසු අයකරගත නොහැකි ණය) කන්දරාවක්, සමපේක්ෂකයන්ගේ (ව්‍යාපාර අනාගතය ඔට්ටුවට තබන්නන්ගේ) ව්‍යාපාර තුළ ගොඩගැසීම නිසා, විටින් විට ආර්ථිකයේ කඩාවැටීම් සිදුවන බව, හයිමන් මින්ස්කි කීවේය. ඒ සමගම ඔහු තවත් වැදගත් නිරීක්ෂණයක් කෙළේය. එනම්, එසේ අපල-ණය ගොඩගැසීම වැළැක්විය නොහැකි බවයි. සාමාන්‍යයෙන් ධනපති ආර්ථික ක‍්‍රමයක් තුළ, සරු කාල-පරිහානි කාල චක‍්‍රයන් ඇති වීම වැළැක්විය නොහැකි බව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පිළිගනිති. මේ ප‍්‍රපංචය ඔවුන් පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ, ව්‍යාපාරික චක‍්‍ර නියාමයක් වශයෙනි. මේ සියලූ මත ප‍්‍රතික්ෂේප කරන මම මෙසේ ප‍්‍රශ්න කරමි:

භෞතික නිෂ්පාදන බලවේගවල සංවර්ධනය චක‍්‍රීය නැත. එහෙත්, අපට ඇති සාර්ව-ආර්ථික පද්ධතිය (පුළුල් ආර්ථික පද්ධතිය) තුළ, සරු සහ පරිහානි කාල චක‍්‍රයන් බිහි කරනු ලැබේ. භෞතික නිෂ්පාදන බලවේගයේ සංවර්ධනය හැසිරෙන්නේ, සරු කාල-පරිහානි කාල චක‍්‍රයක් තුළ නම්, සාර්ව-ආර්ථික නිමැවුමේ සහ සමස්ත ආර්ථික ක‍්‍රමයේ සරු කාල-පරිහානි කාල චක‍්‍රය ඉවසා වැදෑරීමට අපට සිදුවෙයි. එහෙත් භෞතික නිෂ්පාදන බලවේගයේ ප‍්‍රවර්ධනය හෝ භෞතික නිෂ්පාදන බලවේගයේ වෘද්ධික ශක්‍යතාව ඉදිරිගාමීව පෙරට ඇදෙන සාධකයක් නම්, සාර්ව-ආර්ථික ක‍්‍රමයේ චක‍්‍රීය හැසිරීම ඉවසා සිටීම අත්‍යාවශ්‍ය නැත.

මෙසේ කීමෙන්, ක්ෂුද්‍ර-ආර්ථික ව්‍යුහයේ (තනි ව්‍යාපාර ආයතනවල) ව්‍යාපාරික චක‍්‍රයන් (උස් පහත් වීම්) ඉවසා සිටිය යුතු නැති බවක් අදහස් නොවේ. අප භාරගත යුත්තේ එහි අනිත් පැත්තයි: එනම්, පාරිභෝගිකයන්ගේ අභිමතයන් මත පදනම් වන ව්‍යාපාරික කාර්යක්ෂමතාවක් සහතික කරනු වස්, එවැනි චක‍්‍රීය හැසිරීමක් අත්‍යාවශ්‍ය වන බවයි. එහෙත්, සාර්ව-ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකතා ඇති වන්නේ, පාරිභෝගිකයන්ගේ වරණයන් (අභිමතයන්) නිසා නොව, විටින් විට ඇති වන අපල-ණය අර්බුද හේතුවෙන් පාරිභෝගිකයන් තුළ ඇති වන සාමාන්‍ය අද්‍රවශීලතාව (වියදම් කිරීමට අතමිට හිඟ වීම) නිසා බව අප මතක තබාගත යුතුය.

පාරිභෝගිකයන්ගේ අද්‍රවශීලතාව, මූල්‍යමය සංසිද්ධියක් මිස භෞතික සංසිද්ධියක් නොවේ. ‘සැබෑ’ නොවන මුදල, අපට පාලනය කළ හැකි, වියුක්ත ප‍්‍රමාණයකි. 2007 අවසාන භාගයේ ඇමරිකාවේ සහ යුරෝපයේ සාර්ව-ආර්ථික ක‍්‍රමයන්හි බිඳ වැටීම වැළැක්විය හැකිව තිබුණු බවටත්, මූල්‍යමය සමීකරණය වෙනස් කරගත්තේ නම්, අර්බුදය ඉක්මණින් අවසන් කරගත හැකිව තිබුණු බවටත්, මා උදක්ම තර්ක කරන්නේ එබැවිනි. එසේ කිරීමට, එදා අවශ්‍ය කෙළේත්, අද අවශ්‍ය කරන්නේත්, නව සාර්ව-ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ නව ඥානයකි. ක‍්‍රමය තුළ පවතින දෝෂය, සිල්ලර පොන්සි පරිපාටීන්ට වඩා බරපතල ය.

සරු කාල-පරිහානි කාල චක‍්‍ර එක දිගටම පවතින්නේ නම්, නිදහස පිළිබඳ හැඟීමකින් ජීවත් වන ජනතාවක් සහිත අළුත් සමාජවාදී සමාජයක්වත් ධනපති සමාජයක්වත් ගොඩනැගිය නොහේ. මනුෂ්‍යයා යනු මෙවලම් තනන්නෙකි යි කී ඇපල් සමාගමේ හිටපු ප‍්‍රධානියා, වෙනත් සත්වයන්ට වඩා අප කාර්යක්ෂම වන්නේ ඒ හේතුවෙනැ යි කීය. මා සිතන විදිහට, මිනිසා විශේෂිත වන්නේ, ඒ සම්බන්ධයෙන් පමණක් නොව, කාර්යක්ෂමතාව සහතික කෙරෙන ක‍්‍රම පද්ධති ගොඩනැගීමටත්, එම කාර්යක්ෂමතාවෙන් නිපදවන නිමැවුම වඩාත් සාධාරණ ආකාරයෙන් යළි බෙදාහැරීමටත් ඔහුට හැකියාව ඇත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ලියවිල්ල තුළ සඳහන් පරිදි, මිනිසුන් වශයෙන් අප නිදහස් යැයි අපට හැෙඟනු ඇත්තේ එවිට පමණි.

*2014 අපේ‍්‍රල් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ JVP’s Vision And Policy Framework: A Lapse In The ‘Vision’! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.