27 October, 2020

Blog

බොදු බල සේනා,ආගමික මූලධර්මවාදය, ම්ලේච්ඡත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

හේමන්ත වර්ණකුලසූරිය

හේමන්ත වර්ණකුලසූරිය

1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්, කොමියුනිස්ට් කඳවුරට වන්දනාමාන කරන ජාතියක් වීමු. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකි. තමාව දේශපාලනික වශයෙන් විනාශ කිරීමට කැසකැවූ විසකුරු මාධ්‍ය ඔහු ගණන් ගත්තේ නැත. ඔක්ස්ෆෝර්ඞ් සරසවියේ අධ්‍යාපනය ලැබ තිබු ඔහු, මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පෝෂණය සඳහා නැතිවම බැරි දෙයක් බව වටහාගෙන සිටි අයෙකි. ඒ නිසා ඔහු මාධ්‍යවේදීන් පස්සෙන් මැරවරයන් හෝ සුදු වෑන් එව්වේ නැත.

එදා ජනතාව දිළිඳු ය. අතමිට හිඟ ය. එහෙත්, විශාල නිදහසක් භුක්ති වින්දෝය. දේශපාලනිකව ස්වාධීන වූවෝය. 56 ට පෙර වකවානුවේ කැපී පෙනුණු ලක්ෂණය වුණේ, ආගම පෞද්ගලික කටයුත්තක් වශයෙන් සළකනු ලැබීමයි. දෙවියන්ට යාච්ඤා කිරීමෙන් ඕනෑම රෝගයක් සුව කළ හැකි යැයි දේශනා කළ ගැලවුම්කාරයන් සිටියේ අතලොස්සකි. දිළින්දන්ට අවශ්‍ය කරන ඕනෑම දෙයක් සැපයීමට හැකියාව ඇත්තේ යාච්ඤාවට පමණකැ යි කී ඇමරිකානු මිෂනාරිවරු සහ දේශීය පාදිලි උන්නාන්සේලා සිටියේ නැත. සියලූ මුස්ලිම් කාන්තාවන් ඔවුන්ගේ රූමත්, සුන්දර මුහුණු පෙන්නාගෙන උන්හ. ධනවත් මුසල්මානුවෙකු හා විවාහ වී සිටි ගුලාම්හුසේන් මහත්මිය රටේ විලාසිතා ගුරුවරිය වූවාය. පාරවල් ගානේ කරක්ගහන, මස් මඩු වසන්නැ යි පොලීසිවලට අණ කරන, බොදු බල සේනා එදා සිටියේ නැත. පාසලේ සිටි අපි, ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින් හඳේ හාවෙකු ඇඳීමේ අද්භූත කතාන්තරය ගැන, බුද්ධාගම උගන්වන ගුරුතුමාගෙන් ප‍්‍රශ්න කෙළෙමු. ඒ නිදහස කෙතෙක් ද යත්, 1977 න් පසු උපන් පරම්පරාවට එය සිතාගත නොහැකි තරමි.

එදා, නිදහස පිළිබඳ වැදගත්ම මානයක් වුණේ, භාෂණයේ නිදහසයි. එය, ආගමික විශ්වාස ගැන විවෘතව සාකච්ඡුා කිරීමට තරම් පොහොසත් විය. දේවාපහාස නීති හෝ ආගමික විශ්වාස විවේචනය කිරීම සඳහා වන දඩුවම් නොතිබුණි. බොදුබල සේනා හෝ හින්දු රාෂ්ටී‍්‍රය ස්වයංසේවක් සංඝ හෝ අල් කයිඩා වැනි සංවිධාන නොවුණි. බයිබල් සංගම් සහ වෙනත් මූලධර්මවාදී ක‍්‍රිස්තියානි නිකායවල් අද මෙන් විලාසිතාවක් වුණේ නැත. ආගම, පෞද්ගලික කටයුත්තක් විය. අද, සෑම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවකම, සුපිරි තරු භික්ෂූන්ගේ බණ ප‍්‍රචාරය කෙරේ. මේ බණ, 1960 ගණන්වල දෙසූ බණට සමාන නැත. එදා සිටි උගත් භික්ෂූහු, අභිධර්මයේ එන වඩාත් සංකීර්ණ බෞද්ධ මූලධර්ම සාකච්ඡුා කළහ.

ආගමික විශ්වාසයන්ට පක්ෂව හෝ විපක්ෂව වාද කිරීම එදා ශිෂ්‍යයන්ට තහනම් නොවුණි. එදා බොහෝ දෙනා, එක්කෝ වාම මග ගත්හ. නැත්නම් මැද මාවත ගත්හ. අධිරාජ්‍ය විරෝධී අරගලය ඉදිරියෙන්ම මාක්ස්වාදී පක්ෂ සිටියේය. මගේ බොහෝ මිතුරන් මාක්ස්වාදීන් වූ අතර, ‘ආගම යනු ජනතාවගේ අබිං’ යැයි මූලික වශයෙන් ඉගැන්වූ කාල් මාක්ස්ගේ ධර්මය ගැන ඔවුහූ අදානාග‍්‍රාහී ප‍්‍රණාමයක් දැක්වූහ. දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය එන්. එම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැන්නෝ මාක්ස්වාදයට භාවිතාවෙන් අනුගත වූහ. ඔවුන් මල් පූජා කෙළේ හෝ යාච්ඤා කෙළේ නම් ඒ ඉතා කලාතුරකිනි. එය පවා, තනිකරම පෞද්ගලික කටයුත්තක් වශයෙන් පමණි. මිනිස් වර්ගයාගේ අවසාන විමුක්තිය උදාවන්නේ කොමියුනිස්ට්වාදය හරහා යැයි ද, සෑම ආයතනයක් හා රාජ්‍යයමත් ඒ සමගම දිය වී යන්නේ යැයි ද විශ්වාස කළ විශාල පිරිසක් එදා උන්හ. මාක්ස් ලෙනින්වාදය විද්‍යාත්මක දර්ශනයක් වශයෙන් ගත් ඔවුහු ඒ නිසාම එය අභියෝගයට ලක්කළ නොහැකි ධර්මතාවක් වශයෙන් භාර ගනිමින්, වෙනත් සෑම දර්ශනයක්ම ව්‍යාජ සහ විද්‍යා=විරෝධී යැයි සළකමින් හෙළාදැක්කෝය.

ආචාර්ය ඒබ‍්‍රහම් කොවූර් සහ දොස්තර කාලෝ ෆොන්සේකා ලංකාවේ හේතුවාදී ව්‍යාපාරය ආරම්භ කළෝය. ලංකාවේ ආගමික විශ්වාස මේ ව්‍යාපාරයේ විවෘත විවේචනයට ලක්විය. මේ ව්‍යාපාරයේ රැුස්වීම් පැවැත්වුණේ, එකල කොවූර් ඉගැන්වූ තර්ස්ටන් විද්‍යාලයේ ය. රැුස්වීම් ශාලාව පිරී ඉතිරී ගොස්, බොහෝ අය දේශනවලට සවන්දුන්නේ තර්ස්ටන් විද්‍යාලයේ සියඹලා ගස් යට හෝ පොල්අතු පැල් ඇතුළේය. පත්තරවල පිටු ගණන් මේ රැුස්වීම් සඳහා වෙන් කෙරුණු අතර කොවූර්මත් තමාගේ පර්යේෂණ පදනම් කරගෙන බොහෝ ලිපි සම්පාදනය කෙළේය. ආචාර්ය කොවූර්ට හෝ දොස්තර කාලෝ ෆොන්සේකාට එරෙහිව ෆාට්වා (මුස්ලිම්* ආගමික නියෝග නිකුත් කෙරුණේ නැත. ඉස්ලාම් ආගමට එරෙහිව කතා කරන ඕනෑම කෙනෙකු ඝාතනය කිරීම සැබෑ මුසල්මානුවෙකුගේ වගකීම යැයි කිසිවෙකු කීවේ නැත. පුනරුත්පත්තිය සහ කර්මය පිළිබඳ සංකල්පවල ඇති වලංගු භාවය කොවූර් ප‍්‍රශ්න කරන විට ඔහුගේ රැුස්වීම් කඩාකප්පල් කිරීමට බොදුබල සේනා සිටියේ නැත. ශ‍්‍රී ලංකාවේ පැවති සෑම ආගමික විශ්වාසයක්ම නිරතුරුව ඔහුගේ දෝෂාරෝපණයට ලක්වුවත්, ඔහු කිසි විටෙක ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ආවේ ගියේ නැත. ඔහු සහ අනිත් අය පැවසූ දෑ කෙරෙහි විශ්වාසය තැබූ රැුඩිකල් තරුණයන් සහ බුද්ධිමත් තරුණයන් අතරේ ඔහු ජනප‍්‍රිය වීරයෙක් විය.

ප‍්‍රධාන ආගම් හතරක් තිබුණි. සෑම ආගමකටම එරෙහි කොමියුනිස්ට්වාදය, තරුණ සිත්සතන් තුළ මුල්බැස තිබුණි. සංවර්ධනයේ ප‍්‍රගතිය සහ විද්‍යාව, ආගම මගින් අඩාල කෙරෙති යි ඔවුහූ තර්ක කළහ. හැදියාවෙන් සහ ආගමික පරිසරයෙන් පදම් වී සිටියත්, මිථ්‍යාව සහ සම්ප‍්‍රදාය මත පදනම් වූ විශ්වාස, විද්‍යාව මත පදනම් වූ සමාජවාදය වෙනුවෙන් අතහැරීමට මිනිස්සු සූදානම්ව සිටියහ.

මගේ දෙමාපියන් සෑහෙන සමෘද්ධිමත් වටපිටාවකින් පැවත ආ නිසා මම කොමියුනිස්ට්වාදයට එකහෙලාම විරුද්ධ වීමි. දේශපාලනික වේවා, ආගමික වේවා, මගේ දෙමාපියන්ගේ චින්තනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බොහෝ තර්ක, තරුණයෙකු වශයෙන් මට තිබුණි. යෝධ සෝවියට් දේශය බිඳ වැටුණු අවස්ථාවේ මා ප‍්‍රමුදිත වූ අයුරු මට මතකයි. බර්ලින් නුවර තාප්පය බිඳ වැටීම කොමියුනිස්ට් ක‍්‍රමයේ මිනි පෙට්ටියට ගැසූ අවසාන ඇණය විය. කොමියුනිස්ට්වාදය නපුරක් බව මට උගන්වා තිබුණි. මම එය විශ්වාස කෙළෙමි. බුද්ධාගමෙන් මිනිසාව ඈත් කරන ඕනෑම දේශපාලන දර්ශනයක් යක්ෂයාගේ දර්ශනයකැ යි මම ඒත්තුගෙන සිටියෙමි. සෝවියට් දේශය, දුෂ්ට අධිරාජ්‍යයක් විය.

එහෙත්, අද ආපසු හැරී බලන විට, සෝවියට් ආධිරාජ්‍යය බිඳ වැටීම ගැන මම කණගාටු වෙමි. මන්ද යත්, ඒ නිසා අප වඩ වඩාත් මූලධර්මවාදීන් සහ උග‍්‍ර ජාතිභේදවාදීන් බවට පත්ව ඇති හෙයිනි. අපේ දේශපාලන චින්තනය සහ දර්ශනවාද අද ජාතිය සහ ආගම මගින් මෙහෙයවෙන බැවිනි. බුදුන් වහන්සේගේ දේශනාවන් විවේචනය කරන කිසිවෙකු අද මට හමු නොවේ. මට හමුවන සෑම පුද්ගලයෙක්ම, බෞද්ධ වේවා, ක‍්‍රිස්තියානි වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, තමාගේ ආගම අන්ධ භක්තියෙන් අදහයි. තමා විශ්වාස කරන දෙය තුළ ඇති හරි වැරැුද්ද ගැන නිදහසේ සිතීමට ඉඩක් අද ඉතිරිව නැත.

සෝවියට් ජනරජය නැති වී යාමත් සමග, මධ්‍යතන යුගයේ තිරශ්චීන විශ්වාස අපව වෙළාගනිමින් සිටිති යි මට හැෙඟ්. අඳුරු, මූසල වළාවන් අපව ගිල ගනිමින් සිටී. සතුට සොයා යාමේ ගවේෂණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරුෂාර්ථ ද, විද්‍යා ප‍්‍රවර්ධනය සහ මානව ශිෂ්ටාචාරය ද ගිල ගැනීමට මානබලන ප‍්‍රතිගාමී බලවේගවලින් සැදුම්ලත් ආගමික මූලධර්මවාදයේ අඳුරු යුගයකට අපි ක‍්‍රම ක‍්‍රමයෙන් පල්ලම් බසිමින් සිටිමු. ආගමික ආධානග‍්‍රාහීත්වයේ මේ මහා හිමපතනය නතර කිරීමට සමත්, අපවත් අපේ දරුවන්වත් මේ අනර්ථකාරී විශ්වාසයන්ගෙන් ගලවා ගැනීමට සමත් බලවේගයක් ඇතැ යි මට නොපෙනේ. විද්‍යාත්මක න්‍යායන් දෙවියන් වහන්සේගේ පණිවිඩයට යටත් වෙනු ඇත. අපි විපතට පත්ව ඇත්තෙමු. සුනාමියේ ප‍්‍රථම රළ පහර සේ, පුනරුදය ගිලී යාවි. අවසාන ප‍්‍රහාරය මොන තරම් මාරක විය හැකි ද යත්, ලෝකයේ වඩාත් උන්නතිකාමී ආගම තුළ අප හැඳිගෑවී යාවි.

එහෙත්, ආගමික මූලධර්මවාදයට සහ ම්ලේච්ඡත්වයට ගොදුරු වීමෙන් වැළකීම පිළිබඳ මද සැනසිල්ලක් ගෙන දෙන රිදී රේඛාවත් තිබේ. තව අවුරුදු 50 කින් වුවත් ලෝකයේ විශාලතම ජනගහනය වනු ඇත්තේ චීන ජාතිකයන්ය. චීනය, ඌරු මස් ප‍්‍රධාන ආහාරය කරගන්නා, කොමියුනිස්ට් රටකි. ආගම යනු ජනතාවගේ අබිං යැයි චීනය විශ්වාස කරනු ඇත. චීන ජාතිකයා සිය රට හඳුන්වන්නේ ‘මධ්‍යම රාජධානිය’ යනුවෙනි. ලෝකය ගිලගන්නා මේ පරිහානිය අවසානයේ දී චීනය මගින් නතර කෙරෙනු ඇත. චීන්නු ළමා කාමයට ඉඩ නොදෙනු ඇත. ගැහැනියට ගෞරව කරනු ඇත. පිරිමියාට සමාන අයිතීන් ඇයට ද පැවරෙනු ඇත.

කිසිවෙකු, දරුවෙකු වශයෙන් විවාහයට ඇතුළත් නොකෙරෙනු ඇත. සැමියා මියගියොත්, දැරිය ජීවිත කාලයට වැන්දඹුවක් නොවෙනු ඇත. එසේම, දික්කසාදයකින් තොරව කිසි පිරිමියෙකුට එක වරකට වඩා විවාහ වීමට ඉඩ නොදෙනු ඇත. තමාගේම ළදරු දියණිය ¥ෂණය කරන පියෙකුට වෙඩි තබා මරණයට පත්කරනවා මිස ‘ලේ මුදල්’ ගෙවා ඔහුට නිදහසක් ප‍්‍රදානය නොකරනු ඇත.

ශිෂ්ටාචාරයේ මූලිකම ස්වභාවය මැන බැලෙන්නේ, මිනිසුන් තම ගැහැනුන්ට සහ දරුවන්ට සළකන්නේ කෙසේ ද යන්න මත යි. ගැහැනියට හිමි සමානාත්මතාව පැවරීම සහ දරුවන්ට යහතින් සැළකීම, කොමියුනිස්ට්වාදයේ වැදගත් ධර්මතාවකි. අවසානයේ දී ආගමික අන්තවාදයට මුළු ලෝකයම යට වන අවස්ථාවේ චීන කොමියුනිස්ට් පක්ෂය පැවතුණොත්, ආගමික මර්දනයට එරෙහි ප‍්‍රබලම ප‍්‍රාකාරය වනු ඇත්තේ එය යි.

BBS, Religious Fundamentalism, Barbarism And Democracy ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.